News & Community eLanka

eLanka

Thursday, 24 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » 2026 වසරේ , කාලය ඔබ වසගයට ගැනීමේ – ප්‍රශස්ථ කාල කළමනාකරණ සිද්ධාන්තයක් . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

2026 වසරේ , කාලය ඔබ වසගයට ගැනීමේ – ප්‍රශස්ථ කාල කළමනාකරණ සිද්ධාන්තයක් . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 31, 2025 3:31 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 60

2026 වසරේ , කාලය ඔබ වසගයට ගැනීමේ – ප්‍රශස්ථ කාල කළමනාකරණ සිද්ධාන්තයක් . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Happy New Year!

මේ මුළු මහත් විශ්වයේ ම පැවැත්මේ මුලිඛ සාධකය කාලයයි.අපට කාලය අතිශයින් නිවැරදිව මැනිය හැකි නමුත්, කාලය යනු කුමක්ද යන්න නිවැරදිව නිර්වචනය කිරීම සහ පැහැදිලි කිරීම ඉතා අපහසුය.අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා සිදුවන අනුපිළිවෙලක සිදුවීම් ,අඛණ්ඩ මැනිය හැකි ප්‍රමාණය කාලය ලෙසින් හැදින්විය හැකිය.විද්‍යාව,දර්ශනය, ආගම සහ සාහිත්‍ය  තුළ කාලය පිළිබඳ විවිධ නිර්වචන දැකිය හැකිය.නමුත්  කාලය  මැනීමේ දී භාවිතා  කෙරෙන්නේ  තප්පර,විනාඩි,පැය යන සම්මත ඒකීය මිනුම් ක්‍රමයවේ.

ඔබේ කාලය ,ඔබට නොදැනීම  වේගයෙන් ගලා යාම නතර කළ නොහේ. එනමුදු  කාලය  සැලසුම් සහගත රාමුවක්  තුළ ,නිසි ලෙස  භාවිතා කිරීමේ ක්‍රම වේදයකට අනුගත වීමෙන්, ඔබට නිසැක ලෙසින් ම කාලය ජය ගත හැකිය. කාලය දිනීම යනු දිවියේ සාර්ථකත්වය වෙත එළඹීමයි. වැඩ කටයුතු නිමවා ගැනීමට,දවසේ කාලය  ප්‍රමාණවත් නො බැ ව් බොහෝ දෙනා නගන සුලබ මැසිවිල්ලකි. මෙදියත   සැමට හිමි වන්නේ දිනකට 24 පැයක් පමණි. එසේ වුවද  සමහර අය ,සෙසු පුද්ගලයින්ට  වඩා තමන්ගේ කාලයෙන් වැඩි පලදායිතාවක් භුක්ති විදිනු  දක්නට ලැබේ. ඒ  මන්ද යත්  :ඔවුනගේ  ජීවන  සාර්ථකත්වයේ පදනම , කාලය  සැලසුම් සහගතව සකසා ගැනීමට  සමත් වීමය. 

මිනිස් දිවියේ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් ,  කාලය බෙදා ගන්නේ කෙසේද යන්න බුද්ධිමත්ව  සංවිධානය කිරීමේ සහ සැලසුම් කිරීමේ  ක්‍රියාවලිය කාල කළමනාකරණය ලෙසින් හැදින්වේ. යහපත්  කාල කළමනාකරණයෙන් සැලසෙන  ප්‍රතිලාභ පහත දැක්වෙන අයුරින් පෙළ ගැස්විය හැකිය.

වැඩි ඵලදායිතාව සහ  කාර්යක්ෂමතාව,අඩු  මානසික ආතතිය,වඩා හොඳ වෘත්තීය පිළි ගැනීම ,දියුණු වීමේ අවස්ථා පුළුල් වීම,ඔබේ ජීවිතය සහ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට විවිධ අවස්ථා හිමි වීම,සතුටින් පිරිපුන් සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසීම.ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

ඔබට වැදගත්, වැදගත් නොවන, හදිසි සහ හදිසි නොවන කාර්යයන් අතර වෙනස හඳුනා ගැනීම තුළින්,එදිනෙදා ජීවිතයේ  කර්යයන් සාර්ථක කර ගැනීමට උපකාර වන සරල තීරණ ගැනීමේ  ක්‍රම වේදයක් ජාත්‍යන්තරව  ජනප්‍රියත්වයට පත්ව ඇත.කාලය ඔබ වසගයට ගැනීමක් ලෙසින් ද අර්ථ කථනය කළ හැකි මෙම ක්‍රම වේදය ,  අයිසන්හවර්  සිද්ධාන්තය  (Eisenhower Matrix ) ලෙසින්  හැදින්වේ.

මෙම සිද්ධාන්තය  ඵලදායිතාව, ප්‍රමුඛතාකරණය සහ කාල කළමනාකරණ රාමුවක්  ලෙසින් ද සැළකිය හැකිය. අයිසන්හවර් මැට්‍රික්ස් කාල  කළමනාකරණ   සිද්ධාන්තය නම් කර ඇත්තේ 1953 සිට 1961 දක්වා එක්සත් ජනපදයේ 34 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඇමරිකානු හමුදා ජෙනරාල්වරයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ , ඩ්වයිට් ඩේවිඩ් අයිසන්හවර්ගේ නමිනි.

Time Management

Image Source : pbs.org

සෑම දිනකම ඔහු අවධානය යොමු කළ යුතු බොහෝ කාර්යයන් අතරින් ප්‍රමුඛතාවය ලැබිය යුතු අවශ්‍යතා හදුනා ගෙන, ඒවා යථාර්තයන්  බවට පමුණුවා ගැනීම පිණිස  දෛනිකව දැඩි තීරණ ගත්තේය. අපේක්ෂිත පරිදිම එම පියවර සාධනීය ප්‍රතිපල ලබා දුන්නේ ,සිය සගයන් විමතියට පත් කරලමිනි.සැලසුම් කිරීම, ප්‍රමුඛත්වය දීම, පැවරීම සහ උපලේඛනගත කිරීම යන අයිසන්හවර් මූලධර්ම, ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ වඩාත් ඵලදායී ප්‍රතිපල නෙලා ගැනීමට ඔබ දෛනික ජීවිතයට ආදේශ කර ගැනීම යෝග්‍යවේ.

අයිසන්හවර්  සිද්ධාන්තය  ඔබ දෛනික ජීවිතයට ගලපා ගැනීම පිණිස  පහසු,ඉතා සරල කාල රාමුවක් සකසා ගත යුතුය. එහි මුල් පියවර ලෙසින්  කොටු හතරක චතුරස්‍රයක් ඇඳ ගැනීම වැදගත් වේ.   ඔබ දෛනිකව  ඉටුකළ යුතුව ඇති  කාර්යයන්  අනු පිළිවෙල ,එම රාමුවේ ඒවායේ හදිසිතාව සහ වැදගත්කම අනුව වර්ගීකරණය කර කොටු තුළ සදහන් කළ යුතුය.

අනතුරුව  එම ප්‍රමුඛතා න්‍යාය පත්‍රයට අනුකූලව ඔබ වෙත එළඹෙන අවශ්‍යතා ඉටු කිරීමෙන් ,ඔබට ඔබේ වටිනා කාලය අර්ථවත් ලෙස පරිහරණය කිරීමට අවකාශයක් උදාවේ. ඉහළ වම්පස ඇති හදිසි සහ වැදගත් කොටුවේ සටහන් කළ අවශ්‍යතා සපුරා ගැනීමට , ඔබ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අවැසිවේ.

ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයා ලෙස ඔහු මුහුණ දුන් බොහෝ සංකීර්ණ  ප්‍රශ්න  සාර්ථකව විසදා ගැනීම පිණිස මෙම ක්‍රමවේදය උපස්තම්භක විය.

පහත දැක්වෙන්නේ අයිසන්හවර් ක්‍රමවේදයෙහි සැලසුම් සහගත ලෙස ප්‍රමුඛතා පෙළ ගස්වා ගැනීමේ ආකෘතියයි. :




                                     

හදිසි  කාර්යයන්  ඉතා වැදගත්

 

1-

2-

3-

4-

 

හදිසි නොවන කාර්යයන් ඉතා වැදගත්

 

1-

2-

3-

4-

 

වැදගත් නමුත් හදිසි නොවේ.

1-

2-

3-

4-

 

 

ඉතා වැදගත්  හෝ හදිසි නොවන

 

1-

2-

3-

4-

 

 

1 -“වැදගත්” සහ “හදිසි” කාර්යයන්.  මේවාට ඉහළම ප්‍රමුඛතා මට්ටම ලබා දිය යුතු අතර හැකි ඉක්මනින් (බොහෝ විට එදිනම ) සම්පූර්ණ කිරීමට ඔබේ මූලික අවධානය යොමු විය යුතුය. මෙම කාර්යයන් ඉතා වැදගත් වන අතර වඩාත් සුදුසු වන්නේ එකම දිනයේ මිස පසු දිනට පසුව නොවන බැවින් පළමු චතුරශ්‍රය “කරන්න ” යන විධානය  ඔබ මනසට  යොමු කෙරේ.

2 -“වැදගත්”, නමුත් “හදිසි නොවන” කාර්යයන්.  මේවා වැදගත් වන නමුත් ඒ වනවිටත්  ස්ථිර කාල සීමාවක් නොමැති දිගුකාලීන ඉලක්ක සහ කාර්යයන් වේ. ඔබ ඒවා නියමිත වේලාවට කාලසටහන් ගත කර ගෙන අවකාශයක් ලැබෙන පරිදි ඉටු  කළ යුතුය,

3 -“වැදගත් නොවේ”, නමුත් “හදිසි” කාර්යයන්.  මෙම කාර්යයන් ඔබට වෙනත් වෘත්තිකයෙක්  වෙත පැවරිය හැකි හෝ ඔබම සම්පූර්ණ කිරීමටයොමු විය හැකිය. නමුත් ඊට යොමු විය යුත්තේ , ඔබේ පළමු  කොටුවේ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණි.පසුව ඒවායේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ඔබ විසින් පවරන ලද කාර්යයන් දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ සිහි කැදවීම් මගින් . ලුහුබැඳීමේ විකල්පයක් නොමැතිව පැවරීම, කාර්යය කිසිසේත්ම නොකිරීම තරම්ම වැදගැම්මකට නැති දෙයක් වන්නේ අවසානයේ කිසිවෙකුට වග කිව නොහැකි බැවිනි.

4 -“වැදගත් නොවේ” සහ “හදිසි නොවේ” කාර්යයන්. ඉටු කිරීමෙන් වැලකී සිටිය හැකිය. මෙම කාර්යයන් ඉටු කිරීමට යොමු වීම,සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කිරීමක් ලෙස සැලකේ.

ඉහතින් සාකච්චා කළ පරිදි,2026 වසර ආරම්භයේ පටන් , ඔබගේ අගනා කාලය මැනවින් කළමණා කරණය පිණිස අනුගත වීමෙන් ,ඔබට නිසැක වශයෙන් ම ජීවිතය ජයගැනුමට අවකාශයක් සැලසෙනු නියති .

 

ආචාර්ය  ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

පහත දැක්වෙන වීඩියෝව මගින් මෙම කාල කලමනාකරන සිද්ධාන්තය ඔබට වැඩි දුරටත් අවබෝධ කර ගැනීම පහසු කරනු ඇත.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

>

TAGGED:කාල කළමනාකරණ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Tim David Australian Squad Injury Update Ahead of ICC Men’s T20 World Cup
Next Article Preliminary Australian squad for the ICC Men's T20 World Cup in Sri Lanka and India Preliminary Australian squad for the ICC Men’s T20 World Cup in Sri Lanka and India
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Aisha Karunatilleke Wins best radio presenter in the 4th Calin awards 2026 Being herself, A Sought After Radio Presenter-by Sunil Thenabadu

Sri Lanka plantation communities education

From ‘Pulle Madu’ to Medical School: Record University Intake Signals a Turning Point for Sri Lanka’s Plantation Communities

SLIIT Honours Its Largest Ever Graduating Cohort of Over 3,500 and Opens Sri Lanka’s First Dedicated LJMU Learning Facility

SLIIT Honours Its Largest Ever Graduating Cohort of Over 3,500 and Opens Sri Lanka’s First Dedicated LJMU Learning Facility

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each

The brilliance of digital publishing, reducing printing costs while bringing the writer’s creative genius vividly to the reader’s mind-by Gamini Kariyawasam

Related News
How A St. Benedict's College Student Became A Buddhist Monk – by Thomas Pavey
Articles

How A St. Benedict’s College Student Became A Buddhist Monk – by Thomas Pavey

England's dominance over Sri Lanka flows on to the one-dayers 01
Articles Trevine Rodrigo

England’s dominance over Sri Lanka flows on to the one-dayers. Sri Lanka batting inconsistency continues in worrying fashion-by Trevine Rodrigo

Regenerative Coconut Farming in Sri Lanka
Articles

Nestlé Lanka and the Coconut Cultivation Board Train Farmers in Regenerative Coconut Farming for a Third Year

Sri Lanka National Business Facilitation Centre
Articles

Sri Lanka Opens ‘ViYASA’ National Business Facilitation Centre to Clear Bottlenecks for Investors

Tavi De Silva Crowned 2026 IFBB Australian National Champion
Articles

Tavi De Silva Crowned 2026 IFBB Australian National Champion – Sri Lankan-born athlete earns coveted Pro Card in outstanding Men’s Physique victory

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.