eLanka

Saturday, 25 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » පිරුණු කුසක්- පිරුණු හිසක්. – By Kiloshini Hendawitharana
Articles

පිරුණු කුසක්- පිරුණු හිසක්. – By Kiloshini Hendawitharana

eLanka admin
Last updated: December 19, 2023 7:05 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
4 Min Read
SHARE

පිරුණු කුසක්- පිරුණු හිසක්. – By Kiloshini Hendawitharana

 

මහගල්කන්දේගම තියෙන්නෙ කහටගස්දිගිලිය ටවුම චුට්ටක් පහුවෙනකොට හොරොව්පොතාන පාරෙන් හැරිලා ඇතුලට යනතැන කෙලවරම .

ලමයි 50ක් ඉන්නවා ඒකෙ. මෙයාලටත් කරන්ට් නෑ.ඉතින් එයාලත් අපේ කරන්ට් නැති ගොඩට එකතු වෙනවා.

එයාලා එනවා.

More Read

The Brad & Kiara Show
The Brad & Kiara Show
Japan Unveils Revolutionary Ocean-Dissolving Plastic That Enriches the Earth – By Ivo van Breukelen
Sri Lanka Ranked 7th Best Food Destination in the World by Condé Nast Traveler 2025

අදුරෙන් එලියට කියන්නෙ ලොකු අරමුණකින් කරන වැඩක්.

ගිය වතාවෙ සෝලාර් ලයිට් දීපු ගාන වගේ දෙගුනයක් පවුල් මේ වතාවෙ ප්‍රතිලාබ ගත්තා. මීට කලින් දෙවතාවෙ සෝලාර් ලාම්පු දීපු පවුල් 75 ක කතාවලට වඩා ටිකක් වෙනස් නිසා මේක මම කියන්න ඕන.

පුලුවන් නම් මේ වීඩියෝ එක අහන්න.

ලයිට් නැත්නම් මෙයාලා පාඩම් කරේ කොහොමද?

ගේ ඇතුලෙ ගිනි මැලයක් ගහගෙන!

ඇයි කුප්පි ලාම්පු වලින් කරතෑකිනෙ.

කටුමැටි ගෙවල් ඩොක්ටර්! සුලගට නිවෙනව.

කුප්පි ලාම්පුව නිවන්න මේකෙන් පුලුවන් වෙයි කියලා හිතුවට එයාලා කුප්පි ලාම්පුව පත්තු කරගෙන නෑ. කටුමැටි බිත්ති, ඒ හරහා එන හුලග මේ මින්ස්සුන්ට කුප්පිය වත් පත්තු කරගන්න ඉඩක් දීලා නෑ.

අද එයාලා එන්නෙ එයාලගෙ සෝලාර් ලයිට් අරන් යන්න.

මන් මෙච්චර කල් හිතාන උන්නෙ කරන්ට් නැති හැමෝම පාඩම් කරන්නෙ කුප්පි ලාම්පුවෙන් කියලා.

නෑ මේ දරුවො මැටි පොලවෙ තහඩු කෑල්ලක් දාගෙන දර කොට ගෙනැල්ලා ගිනි මැලයක් ගහලා ඒකෙ එලියෙන් පාඩම් කරන්නෙ.

ඒක මන් දැකලවත් අහලවත් නොතිබ්බ පාඩම් කරන්න එලිය හොයන ක්‍රමයක්.

ඉතින් අහන්න එපා ඒ ගම්වල ටීනේජ් ප්‍රෙග්නනසි වැඩි ඇයි

අද්‍යාපන සාක්ශරතාව අඩු ඇයි

More Read

Dennis Andre Rutnam , Lupe Rutnam, Happy Diwali 2025
Good News From Jayam – By Jayam Rutnam
The Colombo Academy of Hospitality Management (CAHM) celebrates Australian qualification achievements at its 13th Graduation Ceremony
LCC MEDIA RELEASE – Liverpool Young Achiever wins state award

ලමයි ශිශ්‍යතත්වෙ පාස් වෙනව අඩු ඇයි

කොටින්ම දොස්තරලා ඒ ගම් වලින් බිහිවෙනව අඩු ඇයි කියලා

බලන් යද්දි අපි දුක් විදලා විදලා ආවා කීවාට සැප විදලයි මෙතනට ඇවිල්ල තියෙන්නෙ.

මේ දරුවොන්ගෙන් යද්දි මන් ඇහුවා. සතුටුද කියලා

හේතු කීපයක් නිසා සතුටුයි.

  1. අද ඉදන් එයාලට ලයිට් තියනවා.
  2. එයාලට තෑගි හම්බ වෙලා
  3. පලවෙනි වතාවට අනුරාධපුර ඇවිල්ලා.

අනුරාධපුර කොමද?

හෙන ලොකුයි.

එයාලව අනුරාධපුරෙන් එහාට අරන් යන්නම ඕන. වෙන මාර්ගයක් නෑ.

මේක කියවන බහුතරේකට අනුරාධපුර බොහොම පොඩි ඇති. ඒත් ඒකත් ලොකුවට පේන දරුවො කහටගස්දිලියෙන් එහා ඉන්නවා.

ලොකු ටීචර් කෝල් කරනවා.

ඩොක්ටර්ලා ඉස්කෝලෙට කන්න දුන්නෙ නැත්නම් ඔය ලමයි ඉස්කෝලෙ එන්නෙත් නෑ. කන්න දෙන නිසා තමයි යන්තම් අකුරක්වත් උගන්වන්නෙ.

දැන් මහන්සියි කියලා නවත්තන්න හදන හැම වෙලේම තව මාසයක් මේක ඇදෙන්නෙ ඒකයි.

පිකු පිහි කියන්නෙ අනේ මන්දා මොන මගුලක්ද කියලා හිතෙනවා එකාතකට.

කන්න දෙන ගමන් අටෝරාසියක් වැඩ මැවෙන තැනක්. පිකු පිහි කියන්නෙ ලස්සන වැඩක් වෙන්නෙ හැමදාම බඩ ගෙඩි 4800ක් පුරවන නිසාම නෙවේ, ඒ අස්සෙ හීනියට ඔලුගෙඩිත් පුරෝන නිසා.

වතුර නැතිව, කරන්ට් නැතිව, කන්න බොන්න නැතිව, කුබුරක් හේනක් නැතිව, හරි හමන් පවුලක් නැතිව මේ ම්නිස්සු කන කට්ට කොච්චර අසාදාරනද?

ඒ අස්සෙ අරක්කු ටික සිගර්ට් ටික විතරක් කොහොමින් හරි ලග කඩේට යවලා උන්ව නැති බංගස්තාන කරන එක කොච්චර නින්දිතද? රට හදන එක ගැන මගෙ කියවීම වෙනයි. රටේ ලොකු ප්‍රතිපත්තිමය වෙනසක්නැතිව තැන් තැන්වල කරන මේ වගේ පුන්චි පුන්චි ඒවායින් රට ගොඩ ගන්න අමාරුයි. ඒත් එතකන් බලන් උන්නොත් මේ දරුවොත් එයාලගෙ අම්මලා වගේ දහහතරෙන් බැදලා විසි හතර වෙනකොට ලමයි හතරක් හදාගෙන කුලියක් හොයාගන්න වලි කන එකවත් කල දාන්න ඕන.

මූලික අයිතිවාසිකම්වත් මේ මිනිස්සුන්ට සමානව නැතත් සාදාරනව ලැබෙන්න ඕන නැද්ද?

අද පලවෙනි වතාවට මෙයාලගෙ ගෙවල්වල ලයිට් එකක් පත්තුවේවි.

දොරක්වත් නැති කටුමැටි පැලක සතා සරුපයගෙන් ඇතා අලියගෙන් බේරිලා ඉන්න ගමන් මිනිහගෙනුත් බේරෙන්න දගලන්න මෙයාලට බැරිව ඇති.

ඒ නිසා තාමත් මේ ගම්වල ලමයින්ට දහයෙ ශිශ්‍යත්වෙ පැත්තක දාලා දාහතරෙන් කසාද බදින්න වෙනවා.

අලියාගෙන් බේරෙන්න මුලු රෑම නිදි මරන්න වෙනවා.

කොටින්ම වහගන්න බැරි දොර පලුවෙන් මුලු දවසක් ආරක්ශාවෙන්න දත කන්න වෙනවා.

පිකු පිහි කියන්නෙ දරාගන්න පුලුවන් මිනිස්සු එකතු වෙන තැනක් විතරයි.

ජොයින් වෙන්න අහන අයට https://chat.whatsapp.com/Ew4Xoas3TmwLvDcYQPxpcF

2023.09.29

දැන් මගෙ ඔලුව කන්න එන්න එපා අඤී මේ ඩොක්ටර් මේ ලමයින්ගෙ ජීවිත අදුරු කරේ ඇයි මූනු දාලා කියලා. ඒ හිනා මට හංගල තියන්න අමාරුයි.

ස්තුතියි.

  1. ශාන්ති අක්කාට මේ ඉස්කෝලෙ දිනපතා කන්න දීලා බලා කියා ගන්නවට
  2. සෝලාර් ලාම්පු දීපු චන්ද්‍රසිරි යුවලට

පිරුණු කුසක්- පිරුණු හිසක්.

පිරුණු කුසක්- පිරුණු හිසක්.

TAGGED:පිරුණු කුසක්- පිරුණු හිසක්.
Share This Article
Email Copy Link Print
Previous Article Foundation of Goodness - special vegan cookbook - eLanka Foundation of Goodness – special vegan cookbook
Next Article Hanthana Exploring the Enchanting Beauty of Hanthana, Sri Lanka – by Bhanuka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr Harold Gunatillake

Why Does Russia Want Ukraine?- Dr Harold Gunatillake

Kaleidoscope with Savithri Rodrigo
Articles Savithri Rodrigo

Nature Betrayed, Checkpoint Charlie & Market News on Kaleidoscope 285 + Escaped Nuns, Diyas Alight

Gotu Kola
Articles

Gotu Kola: Sri Lanka’s Ancient Herb of Healing and Rejuvenation – By Jayadeva de Silva

Most of the prisons we live in are invisible - By Vincentius Liong/Leong
Articles

Most of the prisons we live in are invisible – By Vincentius Liong/Leong

Anselm Perera , , Anselm Perera milestone celebration, 50 years in Oman tribute, Anselm Perera 2025 anniversary, RecoCard for Anselm Perera, Anselm Perera Oman journey, celebrating Anselm Perera, 50 years of dedication in Oman, Anselm Perera achievements,
Articles

Anselm Perera Completes Fifty Years in Oman on October 25 2025

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.