News & Community eLanka

eLanka

Tuesday, 19 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

නත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 25, 2025 6:20 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
4 Min Read
SHARE
Views: 20

නත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Contents
  • නත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
  • එංගලන්තයේ නත්තල්  සැමරුම්

Image Source : facebook

නත්තලට ක්‍රිස්තියානි මූලයන් පැවතිය ද,එය ලොව පුරා පිළිගත් සංස්කෘතිමය උත්සවයක් බවට පත්ව ඇත.

නත්තල යනු ජේසුස් වහන්සේගේ උපත සමරනු ලබන උත්තරීතර දිනයක් ලෙසින් ඉතිහාසගතය.නමුත් ජේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් වාර්ෂිකව එතුමන්ගේ  උපත සැමරීමට උනන්දු නොවූ බැව්, ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ.

නත්තලේ ඉතිහාසය, විශ්වාසයන් සහ පරිණාමය 

යේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් වාර්ෂිකව උන්වහන්සේගේ උපත සැමරීම වෙනුවට, පාස්කු ඉරිදා උන්වහන්සේගේ නැවත නැඟිටීම පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය සැමරීම කෙරෙහි අවධානය යොමු කළහ.

ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ කතාව නව ගිවිසුමේ-මතෙව් සහ ලූක්-  ශුභාරංචි පොත් හතරෙන් දෙකක පමණක් දක්නට ලැබේ: ඔවුන් විවිධ තොරතුරු සපයන නමුත්, ග්‍රන්ථ දෙකම පවසන්නේ ජේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ උපත ලැබූ බවයි.

ජේසුස් වහන්සේගේ උපන් දිනය, මාසය සහ වර්ෂය පවා නිශ්චිතව නොදන්නා බව මුල් ක්‍රිස්තියානි ධර්මය අධ්‍යයනය කරන ටෙනසි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටීන් ෂෙපර්ඩ්සන් පවසන්නීය . දෙසැම්බර් 25 වන දින ජේසුස් වහන්සේගේ උපත සැමරීමේ සම්ප්‍රදාය මතු වූයේ හතරවන සියවසේදී පමණ වන බැව් ඇය  සිය පර්යේෂණයන් මගින් තහවුරු කර ඇත.කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා යටතේ, කිතුනුවන් නිවෙස්වල රැස්වීම වෙනුවට පල්ලිවල රැස්වීමේ පුරුද්ද ආරම්භ කළේ එවකටය.

සමහර විද්වතුන් ගේ මතය ,  දෙසැම්බර් 25 වන දිනය  රෝම –  solstice festivals-ශීත ඍතුවේ සුර්ය සැමරුම් සැණකෙළිය  සමඟ සමපාත වන බවයි.

බොහෝ කිතුනුවන් දෙසැම්බර් 25 වන දින නත්තල සමරන අතර, සමහර නැගෙනහිර ඕතඩොක්ස් සම්ප්‍රදායන් – Eastern Orthodox traditions –  ජනවාරි 7 වන දින ශුද්ධ දිනය සමරති. ඒ ඔවුන් කතෝලික සහ රෙපරමාදු පල්ලි මෙන්ම ලෞකික ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන ග්‍රෙගෝරියානු දින දර්ශනයට වඩා දින 13 ක් පසුපසින් දිවෙන පුරාණ ජූලියන් Julian calendar – දින දර්ශනය අනුගමනය කරන බැවිනි. 20 වන සියවසේ මුල් භාගයේ සිට, නත්තල ආගමික නිවාඩු දිනයක සිට ලොව පුරා කිතුනු ජනතාව විසින් නිරීක්ෂණය කරනු ලබන අතිශය ජනප්‍රිය සංස්කෘතික නිවාඩු දිනයක් දක්වා පරිණාමය වී ඇත.  ඔවුහු  පවුලේ ඥාතීන් සමඟ එක්රැස්වී , තෑගි සහ කාඩ්පත් හුවමාරු කර ගන්නා අතර  නිවෙස් නත්තල් ගස් සිටුවා අලංකාර කර ගණිත් .

එංගලන්තයේ නත්තල්  සැමරුම්

ශතවර්ෂ ගණනාවක් තිස්සේ, විශේෂයෙන් මධ්‍යතන යුගයේදී, නත්තල මංගල්‍යයන් සහ මත්පැන් පානය කිරීමේ වීදි සැමරුම් සමඟ සම්බන්ධ වූ අතර, බොහෝ කිතුනුවන්ට එය විනෝදකාමී දිනයක්වූ බැව් එංගලන්තයේ නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ ඇමරිකානු සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය තෝමස් රූයිස් ස්මිත් පෙන්වා දෙයි.

වසරකට වරක් එළඹෙන නත්තල් දින උත්සවය බ්‍රිතාන්‍ය ජාතකයින් ගේ ජීවිතයට එහෙවින්ම බද්ධව පවතී. නත්තල් උත්සවය තහනම් කළ පාලකයෙකු,බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ,බලයෙන් පහකළ අවස්ථාවක් ඉතිහාසයෙන් මතුකොට දක්වයි.

1600 වසරේ මැද භාගයේදී, එංගලන්තයේ රජු මරා අරගලයකින් පාලනය අතට ගත් ඔලිවර් ක්‍රොම්වෙල් සහ ඇංග්ලිකන් සභාවේ කොටසක් වන පියුරිටන් පාර්ලිමේන්තුව, නත්තල සැමරීම තහනම් කළහ.

ඔවුන් දෙසැම්බර් 25 වන දින මංගල්‍යයන්, කැරොල්, සැරසිලි සහ පල්ලියේ සේවාවන් සපුරා තහනම් කළහ.

 සැමරුම් නැවැත්වීමට සොල්දාදුවන් වීදිවල මුර සංචාරයේ යෙදවුහ.




නත්තල  වැඩ කරන දිනයක් බව ප්‍රකාශයට පත්කර රාජ්‍ය සහ පෞද්ගලිකව සියළුම ආයතන එදින විවෘතව තැබීමට  නියෝග කරනු ලැබිණි.

නමුත් ජනතාව එම නියෝග ප්‍රතික්ෂේප කළහ.  දොරින් දොර  රහසිගතව රැස් වූ ජනතාව  කැරොල් ගී මුමුණනු ලැබීය.ප්‍රණීත ආහාරයෙන්  ප්‍රමුදිත වුහ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ ප්‍රීතිය නීති හෝ සොල්දාදුවන්ට මකා දැමිය නොහැකි බැව් ඔවුහු සනාත කළහ .1660 දී නව  රාජාණ්ඩුවක් බලයට පත්ව ,වාර්ෂිකව නත්තල වෙන කවරදාටත් වඩා දීප්තිමත්ව පැවැත්වීමට ජනතාවට ඉඩ ප්‍රස්ථාව සලසනු ලැබීය.ඒ සමගම ක්‍රොම්වෙල්ගේ දුක්ඛිත අවසානය ලගා විය.

ඔලිවර් ක්‍රොම්වෙල් 59 වියේදී , 1658 වසරේ  මිය ගියේය. 1661 දී, රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, ඔහුගේ ප්‍රාණ නිරුද්ධ  දේහය ගොඩගනු ලැබිණි. අජීවී සිරුර  දම්වැල්වලින් එල්ලා,  කපා දැමූ හිස වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටත උලක් මත ප්‍රදර්ශනය කරන ලද බව පැවසේ.මෙම සිද්ධියෙන් මූර්තිමත් වන්නේ, බ්‍රිතාන්‍ය ජාතිකයින් තුළ කිතු  දහම සහ නත්තල් උත්සවය පිළිබඳව පවත්නා දැඩි  අවියෝජනීය බැඳීම නොවන්නේද?

ඇමරිකාවේ නත්තල සැමරීම.

පරිකල්පනීය කුසලතාවයෙන් පිරිපුන් අර්වින් යුලේටයිඩ් ලේඛකයා,  ඇමරිකාවේ නත්තල නිර්මාණය කිරීමේ ගෞරවය හිමිකර ගන්නා පුද්ගලයා ලෙසින් සම්මානයට පාත්‍රවේ.හැලොවීන් දිනය ජනතාව අතරට ගෙන යාමට ද, මෙම ලේඛකයා,”The Legend of Sleepy Hollow” නම් තම සාහිත්‍ය කෘතියෙන් ලබා දී ඇති අනුපමේය  මෙහෙවර ද ,අපට මෙහිදී  නිතැතින්ම සිහිපත් වේ.

මෙම ලේඛකයා, සමාජයේ මුල් බැසගත්  සම්ප්‍රදායික  සාමාන්‍ය සිරිත් විරිත් ප්‍රධාන සිරිත් විරිත් බවට පත් කිරීමට , ඒවා පවුලේ සහ සමාජීය එකමුතුවේ දැවැන්ත සංකල්පයම  සලකුණු බවට පත් කිරීමට ප්‍රබල ප්‍රයත්නයක නියැළිනි. ඒ බැව් ඔහුගේ කෘතියෙන් මොනවට පැහැදිළිවේ. ඇමරිකාවේ නත්තල සමාජ ගත කරලන්නට ,ලේඛක  අර්වින් ලබා දුන්  මඟ පෙන්වීම් අතර ශාන්ත නිකලස් තුමා   කැපී පෙනෙන චරිතයක් ලෙසින් ජන සන්තානයෙහි රදවන්නට හෙතෙම  ගෙන ඇත්තේ නොමද උත්සාහයකි.වර්තමානයේ  මුළු ලොවම -Santa Claus –  සැන්ටා ක්ලවුස්- නත්තල් පප්පා  ලෙස වැළඳ ගන්නා චරිතය සඳහා අඩිතාලම දැමීමේ ගෞරවය ලේඛක,අර්වින් යුලේටයිඩ් වෙත හිමිවේ.

මෙම නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් විසින් 1880 වසරේදීය. නූතන නත්තලේ මූලයන් ජර්මනිය දක්වා දිව යයි.

Image Source : wikimedia

19 වන සියවසේ අගභාගයේදී, නත්තල් ගස් සහ තෑගි දීම පිළිබඳ වාර්තා ඇති අතර, ඒවා පසුව බ්‍රිතාන්‍යයට , ඇමරිකාව සහ අත්ලාන්තික් සාගරය ආශ්‍රිත රටවල  ව්‍යාප්ත වූ බැව් පැවසේ.  1843 දී චාල්ස් ඩිකන්ස් විසින් රචිත “A Christmas Carol” නම් කෘතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ,ඒ ආශ්‍රිත  කැරොල් ගීතිකා  ජර්මනියේ ද ජනප්‍රිය විය. 

ජර්මනියේ නත්තල සමරනු ලබන්නේ ජර්මනියට අනන්‍ය වූ බොහෝ සම්ප්‍රදායන් සමඟිනි.

නත්තල් සැමරුම් ආරම්භ වන්නේ දෙසැම්බර් 24 වන දින නත්තල් තෑගි හුවමාරු කර ගැනීමත් සමඟය.

දෙසැම්බර් 25 නත්තල් දිනය සහ දෙසැම්බර් 26 යන දිනවල සාමාන්‍යයෙන් පවුලේ අය සැමරුම් සඳහා එක්රැස්ව  නත්තල් දේව මෙහෙයට සහභාගී වෙති. ජර්මානු උත්සව සමය නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුලදී ආගමික  සැමරුම් සමඟ ආරම්භ වේ.

උත්සව සමයේදී, බොහෝ නගරහි නත්තල් වෙළඳපොළවල් පැවැත්වෙන අතර ඒවා සාමාන්‍යයෙන් දෙසැම්බර් මස ආරම්භයේ සිට නත්තල් සැන්දෑව දක්වා විවෘතව පවතී.

බොහෝ නගර චතුරශ්‍රවල නගර නිවස හෝ නගර ශාලාව ඉදිරිපිට තමන්ගේම උස නත්තල් ගසක් ඇත, ඒවා වර්ණවත් විදුලි පහන් වලින් අලංකාර ලෙස සරසනු ලැබේ.

බර්ලිනයේ බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව ඉදිරිපිට සෑම විටම තේජාන්විත නත්තල් ගසක් තබා ඇති අතර එය ඔබට පහත රූපයේ දැකිය හැකිය.

නත්තල් සීයාගේ ආගමනය       

Image Source: thechristmasexperience

නත්තල් සීයා , නත්තල් සමයේ බැලූ බැලූ අත දිස්වන ,නත්තලේ ඉතා ආකර්ශනීය සංකේතයවේ.  නත්තල් සීයා ජාත්‍යන්තරයේ සංස්කෘතික පද්ධතිට එක්වන්නේ ,හතරවන සියවසේ ක්‍රිස්තියානි සාන්තුවරයෙකුගේ කුළුණු බර ක්‍රියාවන්ගෙන් ආභාෂය ලැබීම මුල්කරගෙනය.

නත්තල් සීයා ලෙස බොහෝ දෙනා හදුන්වන්නේ 14 වන සියවසේ ටර්කි හි ජීවත් වූ සාන්ත නිකලස්   නම් ශාන්තුවරයෙකි. මොහු නත්තල් කාලයේදී තමාගේ පෞද්ගලික මුදල් වියදම් කර තෑගි බෝග ගෙන අසරණ දුගී දුප්පත් පවුල් වල ලමයින්ට බෙදා දීමට මැදිහත් විය. ඔහු මෙය සිදුකලේ රහසිගතවය. එනම් රාත්‍රී කාලයේදී එම නිවෙස්වල දුම් කවුළුවලින් රහසින්ම නිවස වෙත ගොස් තෑගි බෝග තබා යාමයි. නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය මෙයයි.

නත්තල් සීයාගේ ඉතිහාසය

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:නත්තල් අසිරියනත්තල් අසිරියේ ඓතිහාසික යටගියාව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Aid Flows to Sri Lanka For Flood Recovery
Next Article royal summit 8TH WCH ROYAL SUMMIT 2025, BALI INDONESIA
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Sri Lanka Cricket World Cup 1996 - 30th Anniversary Celebrations in KL Malaysia Exhibition game played at Royal Selangor Cricket Club Date: Saturday 16th May 2026

Sri Lanka Cricket World Cup 1996 – 30th Anniversary Celebrations in KL Malaysia Exhibition game played at Royal Selangor Cricket Club Date: Saturday 16th May 2026

Philomena Mather's 70th 01

Philomena Mather’s 70th was a spectacular night befitting the occasion BY TREVINE RODRIGO IN MELBOURNE

VETERAN JOURNALIST D.B.S. JEYARAJ PASSES AWAY BY DIRK TISSERA

VETERAN JOURNALIST D.B.S. JEYARAJ PASSES AWAY BY DIRK TISSERA

Bridal Factory Australia

Bridal Factory Australia – Exquisite Wedding Dresses & Custom Tailoring in Wetherill Park

Aria Wedding Venue Sydney1

Aria Wedding Venue Sydney – Premier Wedding & Event Space in Wetherill Park

Related News
excellent jewellers
Articles

Excellent Jewellers – Jeweller in Wentworthville – Sydney – New South Wales

Talking to Professor Bruce Kapferer-eLanka
Articles

Talking to Professor Bruce Kapferer ….

Matheesha Pathirana
Articles

Pathirana Hamstrung and OUT of the IPL

eLanka Newsletter -17th May- 3rd Edition 2026
Articles eLanka Newsletters

eLanka Newsletter -17th May- 3rd Edition 2026 – Sri Lankans In Australia

Sri Lanka rural education, Sinharaja Rainforest Community Association, Dr Niluka Weerasooriya, Kalawana North Veddagala School, Sri Lankan diaspora philanthropy, Sinharaja Forest Reserve, Sri Lanka education support, school supplies donation Sri Lanka, rural school development, Sri Lankan students support, educational charity Sri Lanka, Sinharaja community projects, Sri Lanka village schools, financial literacy for students, student savings accounts Sri Lanka, UK Sri Lankan community, Sri Lankan charitable initiatives, UNESCO Sinharaja Forest, education and environment Sri Lanka, empowering rural children, community development Sri Lanka, eLanka education news, Sri Lankan overseas support, Kalawana education programme, student welfare Sri Lanka, Sinharaja conservation community, educational empowerment Sri Lanka, school stationery donations, children’s education Sri Lanka, rural youth empowerment
Articles

Bridging Borders for Education: UK Residents and Sinharaja Community Empower Kalawana Students

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.