News & Community eLanka

eLanka

Friday, 16 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Baba Vanga and Her Predictions for 2026-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

Baba Vanga and Her Predictions for 2026-by Gamini Kariyawasam

eLanka admin
Last updated: April 9, 2026 9:25 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
1 Min Read
SHARE
Views: 377

බාබා වැන්ගා සහ 2026 වසර සඳහා ඇය ගේ අනාවැකි.-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

Contents
  • බාබා වැන්ගා සහ 2026 වසර සඳහා ඇය ගේ අනාවැකි.-by Gamini Kariyawasam
  • බාබා වැන්ගා 2026 වසරේ  නිශ්චිත ලෙසම සිදුවන බවට ප්‍රකාශ කර ඇති  අනාවැකි.
  • 2. රුසියානු නායකයාගේ ගෝලීය මතුවීම

elanka

Image Source:Thedailyjagran

බල්ගේරියාවේ ප්‍රසිද්ධ අන්ධ ගුප්ත පේන කියන්නියක  වන බාබා වැන්ගා, වසර ගණනාවකට පෙර මිය ගියද,වර්තමානය දක්වා  ගෝලීය උනන්දුවක් සහ මතභේදයට තුඩු දුන්,අනාවැකි ප්‍රකාශ කළ  චරිතයක් ලෙස,ජාත්‍යන්තරයේ වැඩි අවධානයකට යොමුවී සිටින්නීය. ලෝක යුද්ධ, ස්වාභාවික විපත් සහ තාක්ෂණික දියුණුව ඇතුළු ලෝකයේ වඩාත්ම වැදගත් සිදුවීම්,ඇය විසින් නිවැරදිව  පුරෝකථනය කර ඇත.

ලෝකයේ  තාක්ෂණික දියුණුව, භූ දේශපාලනික ගැටුම් සහ දේශගුණික අර්බුද මතුවන අවස්ථාවන් හි , බාබා වැන්ගාගේ අනාවැකි පිළිබඳ මහජනතාවගේ දැඩි අවධානයක් යොමුවේ. විද්‍යාවෙන් සනාථ කර නොමැති වුවද, මෙම අනාවැකි තවමත් සමාජයේ පුළුල් ලෙස සාකච්ඡාවට බදුන්වන්නේ,ඇයගේ   සමහර ප්‍රකාශ සැබෑ සිදුවීම් සමඟ සමපාත වීම නිසාය.

ඇය විසින් ප්‍රකාශිත අනාවැකියකට අනුව, 2026 තීරණාත්මක වසරක් වේ.ගෝලීය යුද්ධ, දේශගුණික ව්‍යසන සහ AI ආධිපත්‍යය වටා  ඇය අනතුරු ඇඟවීම් සමුදායක් ප්‍රකාශ කර ඇත.

බාබා වැන්ගා  2026 වසර පිළිබදව  කර ඇති අනාවැකි කම්පන සහගතය! ඇමරිකා එක්සත් ජනපදය,ඊශ්‍රායල,-ඉරාන යුද්ධයක් මතුවන බව දක්වන ඇය ,එම යුද්ධය  මාස 7ක පමණ දීර්ඝ කාලයක් පුරා නොනවත්වා ඇවිලෙන බව  පවසා ඇත.

elanka

Image Source:Talanoaotonga

එම    අනාවැකියෙහි  ඇය සදහන්කරන්නේ “මාස හතක් පවතින මහා යුද්ධයක් , නපුර නිසා මිනිසුන් මිය යයි… රාත්‍රියේ සැඟවී සිටින මී මැස්සන් විශාල රංචුවක් නැඟී සිටිනු ඇත.” “මී මැස්සන් රංචුව” යන යෙදුම භාවිතා කිරීමෙන් මෙම යුද්ධයේදී භාවිතා කරන ලද බහුකාර්ය යුධ ඩ්‍රෝන යානා අදහස් වන බව අනුමාන කෙරේ. 2026 වසරේදී “ලොව බලවත්  මිනිසෙකුට අකුණු සැර වදී” යනුවෙන්   ඇය විසින් කර ඇති සදහනෙන් ගම්‍ය වන්නේ ඇමෙරිකානු ජනාධිපති විය හැකිය.

බාබා වැන්ගා  කවරෙක්ද ?

1911 දී එවකට ඔටෝමන් අධිරාජ්‍යයේ උතුරු මැසිඩෝනියාවේ ස්ට්‍රුමිකා හි වැන්ජෙලියා පාණ්ඩේවා ඩිමිට්‍රෝවා ලෙස උපත ලැබූ බාබා වන්ගා, අද්භූත, දෘෂ්ටික ඖෂධවේදිනියකි. වන්ගාට වයස අවුරුදු 12 දී ඇගේ පෙනීම නැති විය. ඇය බලවත් සුළි කුණාටුවකින් ගසාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇය අන්ධ වූවාය. 1925 දී වන්ගා සර්බියානු, සෙමුන් නගරයේ අන්ධයන් සඳහා වූ පාසලකට ඇතුළත්ව බ්‍රේල් කියවීමට සහ පියානෝ වාදනය කිරීමට ඉගෙන ගත්තාය. 1927 දී ඇය දේශීය සංසිද්ධි පිළිබඳ සුළු අනාවැකි පළ කිරීමට පටන් ගත්තාය. ඇයට වයස අවුරුදු 30 ක් වූ පසු පුරෝකථනය කිරීමේ, දෘෂ්ටිකත්වයේ බලය ගැඹුරු වී පුළුල් විය. ඇඩොල්ෆ් හිට්ලර් පවා,අනාගතය අසා  දැන ගැනීමට  ඇය හමුවීමට ගිය බව වාර්තාවේ. 1942 දී වන්ගා බල්ගේරියානු සොල්දාදුවෙකු වූ ඩිමිටර් ගුෂ්ටෙරොව් සමඟ විවාහ  දිවියට ඇතුළත් වුවාය. දෙවන ලෝක යුද්ධයෙන් පසු, සෝවියට් අගමැති ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ඇතුළු විවිධ සෝවියට් නායකයින් හා බල්ගේරියානු දේශපාලනඥයින් ඇයගේ උපදෙස් පැතූහ.

ඇය විසින් පවසන ලද අනාවැකි බොහොමයක් ඉකුත් කාල වකවානු  තුළ සනාථවී ඇති බැවින්,ලොව වැඩි පිරිසක් ඇය අනාගතය පිළිබදව කර ඇතී ප්‍රකාශ දැඩි ලෙස පිළිගැනීමට පෙළැඹී ඇති සෙයක් දිස්වේ.ඊට එක උදාහරණයක් ලෙසින්,මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමතිවරයා ඛේදජනක ගුවන් අනතුරකින් මිය යන බවට කර තිබුණු ප්‍රකාශය පසු කාලයේ ඒ අයුරින් ම සිදුවීම දැක්විය හැකිය.දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයේ සිට ගාන්ධිගේ මරණය දක්වා, ඔබාමා එක්සත් ජනපදයේ ජනාධිපති වීම දක්වා ඇය  බොහෝ අනාවැකි පළ කළාය.

බාබා වැන්ගා 2026 වසරේ  නිශ්චිත ලෙසම සිදුවන බවට ප්‍රකාශ කර ඇති  අනාවැකි.

මූලාශ්‍රය: JND- The Daily Jagran

1. ප්‍රධාන ගෝලීය ගැටුමක් පිළිබඳ අනතුරු ඇඟවීම

විශේෂයෙන් බටහිර රටවලට හානි කළ හැකි

ප්‍රධාන ගැටුමක් ඇති විය හැකිය. ප්‍රධාන ජාතීන් අතර ආරවුල් ගෝලීය ස්ථාවරත්වයට බලපෑ හැකිය. මෑතකදී ඉරාකයට එල්ල වූ ඇමරිකානු ප්‍රහාර පුරෝකථනය කර ඇත.

2. රුසියානු නායකයාගේ ගෝලීය මතුවීම

2026 දී ශක්තිමත් රුසියානු නායකයෙකු ලොව පුරා ප්‍රසිද්ධ වනු ඇතැයි බාබා වැන්ගා අනාවැකි පළ කළේය. රුසියාව ජාත්‍යන්තර දේශපාලනයේ වඩාත් බලවත් විය හැකිය.

  1. ස්වභාවිකවිපත් වැඩිවීම

ගංවතුර, භූමිකම්පා සහ ආන්තික කාලගුණික තත්ත්වයන් වැඩි විය හැකිය. ඇතැම් ප්‍රදේශවල දේශගුණික අසමතුලිතතාවය බරපතල හානිවලට හේතු විය හැක. පහත් බිම් සහ වෙරළබඩ ප්‍රදේශ වඩාත් අවදානමට ලක්විය හැකිය.

2025 සිට 5079 දක්වාවූ වර්ෂයන් පිළීබදව  බාබා වැන්ගා ගේ පුරෝකථනයන් –

     මෙම කාල පරාසය තුළ තාක්ෂණික දියුණුවේ සිට ලෝක විනාශය දක්වා, බාබා වන්ගා විසින් අනාවරණය කරන ලද අනාවැකි බෙහෙවින් ම විස්මය දනවන සුළුය.

2028

නව බලශක්ති ප්‍රභවයක් නිර්මාණය වේ. මිනිසුන් සිකුරු ග්‍රහයාට ළඟා වේ.

2033

දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම.

2043

යුරෝපය ප්‍රධාන වශයෙන් ඉස්ලාමීය වෙමින් පවතී.

2046

කෘතිම අවයව මහා පරිමාණයෙන් නිපදවනු ලැබේ.

2066

එක්සත් ජනපදය “පරිසර විනාශකාරක” අවියක් සොයා ගනී.

2088 වසර

වෛරසයක් හේතුවෙන්   වයසට යාම වේගවත් වේ.

2100

කෘත්‍රිම සූර්යයෙක් පෘථිවියේ අඳුරු පැත්ත රත් කරයි.

2111

මිනිසුන් වැඩි වැඩියෙන් රොබෝවරුන් බවට පත්වීම.

2130

මුහුද යට සමාජ නිර්මාණය වන්නේ පිටසක්වල ජීවීන්ගේ සහාය ඇතිවය.

2170

පෘථිවිය වියළි වී කාන්තාර බවට පත්වේ.

2183

අඟහරු ජනපදයක් ස්වයංපෝෂිත වී ස්වෛරීභාවය ඉල්ලා සිටී.

2195

දිය යට ස්වයං පාලන ප්‍රජාවන් මතුවෙයි.

2201

සූර්යයා සිසිල් වන අතර, එය දැවැන්ත දේශගුණික විපර්යාසයන්ට තුඩු දෙයි.

2256

නැවත පැමිණෙන රොකට්ටුවක් මගින් අන්තර් මන්දාකිණි වෛරසයක් පෘථිවියට ගෙන එනු ලැබේ.

2262

අඟහරු ග්‍රහයා ග්‍රහක විනාශයේ තර්ජනයට මුහුණ දෙයි.

2271

භෞතික නියතයන් වෙනස් වෙමින්, වර්තමාන විද්‍යාත්මක සූත්‍රවලට බාධා කරයි.

2279

කළු කුහර සහ අභ්‍යවකාශ පදාර්ථ නැමීමෙන් නව ප්‍රබල ශක්තියක්  සොයා ගැනේ.

2288

කාල තරණය සොයා ගන්නා අතර, මිනිසුන් පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධතා ඇති කර ගනී.

2291

සූර්යයා තවදුරටත් සිසිල් වන අතර, මිනිසුන් එය නැවත රත් කිරීමට උත්සාහ කරයි.

2299

ප්‍රංශය ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ගරිල්ලා යුද්ධයකට නායකත්වය දෙයි.

2341

පෘථිවිය අභ්‍යවකාශයෙන් මතුවන  බරපතල අනතුරකට මුහුණ දෙයි.

2371

සාගතය ගෝලීය ගැටලුවක් බවට පත්වේ.

2480

කෘත්‍රිම සූර්යයන් දෙදෙනෙකු ගැටීම නිසා සම්පූර්ණ කළුවරක් ඇති වේ.

3005

ග්‍රහලෝක අක්ෂ වෙනස් වේ.

3010 ජූලි

ග්‍රහකයක් චන්ද්‍රයා සමඟ ගැටීමෙන් දැවැන්ත දූවිලි වලාකුළක් නිර්මාණය වේ.

3797

සියලු ජීවීන් අතුරුදහන් වේ;

වර්ෂ 5079 දී ලෝකය සම්පුර්ණයෙන් විනාශයට පත්වන බැව්  බාබා වැන්ගා  පුරෝකථනය කරන්නීය .

    මෙහිදී අපට නිතැතින් ම සිහිපත් වන්නේ, බුදුන්වහන්සේ විසින් දේශිත ,  සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන,සත්ත සුරියුග්ගමන සූත්‍රයෙන්  ලෝක විනාශය පිළිබඳව ගෙනහැර දැක්වෙන  කරුණු සමුදායයි.

බාබා වැන්ගා සතු අද්භූත බලය පිලිබදව වූ වාර්තා චිත්‍රපටයක්

බාබා වන්ගා 1996 දී වයස අවුරුදු 85 දී මිය ගියාය .

පහතින් දැක්වෙන්නේ බාබාගේ සොහොන් කොත සහ ඇය ජීවත්වූ නිවාසයයි.

Baba Vanga and Her Predictions for 2026 05

ඇගේ අවසන් කැමැත්ත පරිදි , පෙට්‍රිච් හි ඇගේ නිවස කෞතුකාගාරයක් බවට පත් කරන ලදී.

(සේයා රූ මුහුණු පොත සහ youTube අනුග්‍රහයෙන්.)

ආශ්‍රිත මුලාශ්‍ර –  psychics4u.net වෙබ් අඩවිය 




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:Baba Vanga and Her Predictions for 2026
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article World’s first concert a blind orchestra backing a recording artiste from Australia World’s first concert a blind orchestra backing a recording artiste from Australia- Derrick Junkeer
Next Article Ceasefire-Dr Harold Gunatillake Ceasefire-Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sampath Bank AI Innovation

Sampath Bank Only Sri Lankan Bank Recognised for AI Innovation at ICC Emerging Asia Banking Awards

Jaffna Bulls Next XV Rugby Tournament

Jaffna Bulls Crowned Champions of the Inaugural Next XV Rugby Tournament

Sri Lanka U17 vs Pakistan U17

Sri Lanka Under-17s Defeat Pakistan Under-17s by 99 Runs in One-Day Series Opener

Arugam Bay ranks Asia’s best beach for 2026, with Bentota, Tangalle and Negombo joining Sri Lanka’s four beaches in the top 20.

Arugam Bay Named Asia’s Best Beach for 2026, With Four Sri Lankan Beaches in the Top 20

 ASLBC 25th Anniversary - Honour Roll & Business Awards

ASLBC 25th Anniversary – Honour Roll & Business Awards

Related News
Josephians Blue & White Dinner Dance in London UK
Articles Photo Gallery

Josephians Blue & White Dinner Dance in London UK

Australia Sri Lanka Business Council (ASLBC) 25th Anniversary
Articles Photo Gallery

Australia Sri Lanka Business Council (ASLBC) 25th Anniversary – Honour Roll & Business Awards

Liverpool city Council
Articles

Liverpool faces $1.8 million funding cut as city grows

What Everyone with Diabetes Should Know-eLanka
Articles Dr Harold Gunatillake

What Everyone with Diabetes Should Know: The Truth-by Harold Gunatillake

Ashoka Colombage
Articles Dr. Gamini Kariyawasam

Ashoka Colombage-by Gamini Kariyawasam

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.