News & Community eLanka

eLanka

Wednesday, 23 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Late Ashoka Thilakarathna-by Gamini Kariyawasam
Articles

Late Ashoka Thilakarathna-by Gamini Kariyawasam

eLanka admin
Last updated: March 12, 2026 7:19 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 189

Late Ashoka Thilakarathna-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

                              

elanka

Image Source:Sinhala.adaderana

ජාතික ගුවන්විදුලියේ ප්‍රවීන මාධ්‍යවේදියෙක්වූ අශෝක තිලකරත්න සහෘදයා , දැයෙන් සමු ගෙන මෙම මාර්තු 13 වන දිනට දෙවසරක් ගතවේ.මානව භක්තියෙන් පිරිපුන්,සුහදශීලී, ප්‍රබුද්ධ මාධ්‍ය    වේදියෙක්වූ අශෝකයන්  පිළිබදව තැබෙන මෙම සමරු සටහන , ඔහු දිවි සැරිය නිමා  කළ 2024 මාර්තු 13 වන දින ,මවිසින් පුවත් පතකට ලියන ලද ලිපියක කොටසකින් ආරම්භ කිරීම මැනවයි හැගිණි.ඔහු වියෝව සැළවූ නිමේෂයේ,මසිත්හි නිරාසයෙන්  පිළිසිදී සන්තාපය මුසු  භාවමය හැගීම් දාමය එහි මැනවින් දැවටී පැවතිනි.

           අසෝක දිවියෙන් සමුගත් පුවත සැළවූ මොහොතේ    මට,මගේ සවන් අදහා ගත නොහැකි විය. දින කිහිපයකට පෙර  අසෝක,මා සමග දුරකථන සංවාදයක බැඳෙමින්, ගුවන් විදුලියේ රසවත් අත්දැකීම් පිළිබඳව කතා කළේ මහත් ම ප්‍රබෝධයකිනි.පැහැදිලි නිරෝගිමත් ඔහුගේ ලෙන්ගතු කටහඬ මදකුදු මිළාන වී නොතිබිණි. එවන් ආකශ්මික වාගීශ්වර හඬක් දින දෙක තුනකින් සදා නිහඬ වූයේ කෙසේදැයි  මට සිතාගත නොහැකි විය.මෙම නොතිර සසරේ නියති සෝභාවය එය  නොවේ දැයි පසුව මම  පසක් කර ගතිමි.

අසොකයන් ගේ දිවි මංතලාවේ ළමා විය පිළිබඳව අනුස්මරණයේ යෙදෙමින්,  මෙම අනුස්මරණ  සටහන ආරම්භ කිරීම මැනවෙයි හැඟිණි. එඩ්මන්ඩ් තිලකරත්න  අසෝක ගේ පියාණන්ය.ඔහු  කොළඹ නගර සභාවේ ප්‍රවාහන අංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළබව වරක් ඔහු මා හා පැවසීය   නන්දා නානායක්කාර මහත්මිය ඔහුගේ  මව වූවාය.අසෝක උපන්නේ වාද්දුව ගම්  පෙතය. හෙතෙම මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විදුහල් මාතාව වෙතිනි.

ඔහු සරසවියේ  නීතිය හැදෑරීම අත්හැර, නිවේදකයෙක් ලෙසින් ගුවන් විදුලියට පාතබන්නේ  1967 වසරේදීය. එයින් දෙවසරක ඇවෑමෙන් මා   ගුවන් විදුලියට එක්වන්නේ වැඩසටහන් ශබ්ද පරිපාලකයෙක් ලෙසිනි. එවක් පටන් අප බෙහෙවින් ලෙන්ගතු  මිතුරු දමින් සමීපව ඇසුරු කළෙමු. බොහෝ අවස්ථාවල තුන්වන සම්බන්ධතා මැදිරියේ, සිංහල ස්වදේශීය සේවා  විකාශනයේ  නිවේදකයා ලෙස ඔහු ශ්‍රාවකයන් අමතද්දී ,යාබද මැදිරියේ සිට මා   ශබ්ද පරිපාලක ලෙසින් කටයුතු කළ අවස්ථා මට සිහිපත් වේ.ශ්‍රාවකයින් හදවතට ඇමතු මෙම අද්විතීය නිවේදකයා  පසු කාලයේ නිෂ්පාදකවරයකු, ප්‍රවෘත්ති හා සජීවී විස්තර විචාරකයකු,ඉංග්‍රීසි සේවයේ වැඩ බලන අධ්‍යක්ෂ , සිංහල අංශයේ පාලක වන් තනතුරු හොඹවමින් ජාතික ගුවන් විදුලියට සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළේය. 1990 සිට ඔහු ලක්හඬ ගුවන්විදුලියේ ආරම්භක වැඩසටහන් කළමණාකරු ලෙස වසර 6ක පමණ කාලයක් කටයුතු කළේ ය.

අසෝකගේ  එකම සොහොයුරු රිජ්වේ   තිලකරත්න1973   ගුවන් විදුලියේ මුල් පුටුව හෙබ වුවද, නිවේදකයකු, වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස සිටි හේ  ,සිය සොහොයුරා ගෙන් කිසිම වරප්‍රසාදයක්, සැලකිල්ලක්, උසස්වීමක්  නොලැබූ අයුරු අප මැනවින් දුටිමු.

Late Ashoka Thilakarathna-eLanka 02

ගුවන් විදුලි ආපන ශාලාවේ සිරිල් (රාජපක්ෂ ) අයියා සහ මා අසෝ කයෙන් සමඟ තේ පානය කරමින් සිටි අවස්ථාවක ඔහු සිය අයියා පිළිබඳව අප හා පැවසූ වදන් මේ මොහොතේ මගේ මතකයට නැගේ. “අයියාට  වඩා මම අවුරැදු 11ක් වයසින්  බාලයි. ඒ නිසා මම එයාට  සැලකුවේ තාත්තෙකුට වගේ” අසෝක සිය  අයියන්ඩියගේ, අප අසා නොමැති පුවතක්ද ,වරක්  අප හා විස්තර කළේය.එනම් අසෝක සොයුරු ,රිජ්වේ  තිලකරත්න පරිපාලනවේදියා ගේ   කාව්‍ය නිපුණතාවයේ  මහිමය හුවා දක්වමිනි..

                 “ඔබ හා මෙමා අතිනත් අරන් – අපගේ ලොවේ තනි වූ එදා..”… මේ ගීතයේ රචකයා අපේ අයියා…ඒත් අප නිවේදකයන් ලෙසින් මෙම ගීතය ගුවන් විදුලියේ වාදනය කරන අවස්ථාවල හඳුන්වා දෙන්නේ ,පද රචිකාවිය  විමලා රංජනී පීරිස් කියල.අපේ  අයියගේ සම්පූර්ණ නම වාද්දුවගේ රිජ්වේ පෙරේරා තිලකරත්න… මුල් අකුරැ ඩබ්ලිව්.ආර්.පී. වෙනුවට විමලා රංජනී පීරිස් කියන  අන්වර්ථ නාමයෙන් ඔහු මෙවැනි ජනප්‍රිය ගීත ගණනාවක් ලියලා තියෙනවා…”අසෝකයන් මෙම පුවත අප හා පවසන අවස්ථාවේ, ඔහුගේ මුහුණින්  සොයුරු පෙම උතුරා යන සෙයක් දිස්විය.

 “ඔබ හා මෙමා අතිනත් අරන්….>

https://youtube.com/shorts/f2CRyHs15jw?si=xTnQ2oUsVtXyqrfS

සොඳුරු අසෝක සොයුර,

ඔබ බොරලැස්ගමුව සුසානයේ මිහිදන්වූ පසුව ,ඔබ සිරුර වියැකී ගියද, ඔබ මානව භක්තියෙන් පිරිපුන් අධ්‍යාත්මයේ සුවඳ, ජාතික ගුවන් විදුලිය වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර,යුග යුග ජන හදවත්හි දිදුලනු නිසැකි.

අශෝක සුවද

මෙම කෙටි සටහන නිමා කරන්නට පෙර, ගුවන් විදුලි සංස්ථාවේ බලධාරීන් ගේ සුවිශේෂී අවධානයට යොමු විය යුතු කරුණක් අවධාරණය කරනු  රිසීයෙමි.

ගුවන් විදුලි ශිල්පියෙක්  අභාවප්‍රාප්ත වූ අවස්ථාවලදී පවා,මෘත දේහය් මද  විරාමයකට  හෝ,ගුවන් විදුලි මහගෙදර පියසේ තබා ගෞරව කිරීම, ගුවන් විදුලියේ පෙර සිට පැවත එන , කෘතවේදී  සම්ප්‍රදායකි.මෑතකදී අභාවප්‍රාප්ත නන්දා ජයමාන්න මැතිනියට මෙන් ම , බොරලැස්ගමුවේ පෞද්ගලික මල්ශාලාවක සැතපි ,අසෝක තිලකරත්න නම් ,එදිරීවාදීන් නොමැති ,එම අහිංසක ගුවන් විදුලි යුග පුරුෂයාටද එවන් අවස්ථාවක් ලබා නොදීම, මුළු මහත් ජාතියේම දැඩි කම්පාවකට හේතුවක් නොවන්නේද ? 

අසෝක තිලකරත්න සොහොයුරාට අජරාමර නිවන් සුව පතමු.

 ( සේයා මුහුණු පොත ඇසුරෙනි)                                                                                  

 ආචාර්ය  ගාමිණී කාරියවසම්.




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:Ashoka Thilakarathna
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Women’s Month-eLanka Today – the art of spirits, life is a circus, women’s day off and more for Women’s Month!
Next Article n loving memory of Cynthia Illangakoon 19 October 1948 – 12 March 2026 loving memory of Cynthia Illangakoon 19 October 1948 – 12 March 2026
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Ruthless India destroy Sri Lanka's dream for Gold

Ruthless India destroy Sri Lanka’s dream for Gold. Final was a mismatch as Sri Lanka’s batters crumble in final. – BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Sri Lanka textile industrial park

Sri Lanka Opens Its First Dedicated Textile Industrial Park in the Eastern Province to Global Investors

Sri Lanka's Cricket Transformation Committe

Sri Lanka’s Cricket Transformation Committee have made serious recommendations for the redress of their current plight. – BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Special Tourism Development Study Visit for Heads of Foreign Missions Concluded on 21 September 2026

Special Tourism Development Study Visit for Heads of Foreign Missions Concluded on 21 September 2026

Image - Team Athletics

When Passion Meets Performance: Team CDB dominates the 41st Mercantile Athletics Federation Meet

Related News
Bang, Bang, There Goes The Ball
Articles Dodwell Keyt 

Bang, Bang, There Goes The Ball – by Dodwell Keyt

JOSH FAWAZ – DJ IN SYDNEY - Supporting Jason Derulo at Afterpay Arena, Sydney – 19 September 2026 – by eLanka 01
Articles

JOSH FAWAZ – DJ IN SYDNEY – Supporting Jason Derulo at Afterpay Arena, Sydney – 19 September 2026 – by eLanka

Articles

JASON DERULO – LIVE IN SYDNEY – 19 September 2026 | Afterpay Arena, Sydney – by eLanka

TANGERINE ANNOUNCED AS PRINCIPAL PARTNER OF THE MELBOURNE RENEGADES 04
Articles

TANGERINE ANNOUNCED AS PRINCIPAL PARTNER OF THE MELBOURNE RENEGADES 2026/27 SEASON

FUTURE OF INDIA AND NORTHERN AND EASTERN PROVINCES OF SRILANKA-by Dr. Gnana Sankaralingam
Articles

FUTURE OF INDIA AND NORTHERN AND EASTERN PROVINCES OF SRILANKA-by Dr. Gnana Sankaralingam

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.