News & Community eLanka

eLanka

Saturday, 23 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) – By Dr. Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) – By Dr. Gamini Kariyawasam

eLanka admin
Last updated: May 23, 2023 11:06 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 26

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) – By Dr. Gamini Kariyawasam

Dr. Gamini Kariyawasam

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) - By Dr. Gamini Kariyawasam - elanka

නාගොයා සයුරේ

මුතු මුතු නෙළුමට 

රළ මත පාවෙන

දියෙඹ් කිමිදෙන 

සොඳුරු කිඳුරු මීන නයන සරි

යුවති අමා වන්

කිඳුරු අමා වන්

උවන සදිසි මිහිරිය

යළි යළි ඔබ  සිහි වේ

තනිවා රජ මැඳුර ඔබ පා යුග

කවුළුව අසළම ගැටෙනා සද 

මනරම් ඔබ රුව අභිමුව 

නිරිඳකු විලසින

ඔබ නෙත් දැහැනෙ දැවටෙන්නට

පෙරුම්පුරමි  මිහිරිය

ඉහත නිසඳැස් පද්‍ය 8 වන සියවසේ රචිත ජපන් සාහිත්‍යයේ දෘෂ්‍ය අංශයට නැඹුරු වූ මන් යොෂු උදන කාව්‍යයේ ඇතුළත් පද්‍ය පංතියක ඡායානුවාදයකි. එය මිනිස් මනසේ  අහ්ලාදජනක මනෝභාවයන්උ ද්දීපනය කරන සුලුය.

සිය පෙම්වතිය පැමිණෙන තුරා වෙරළ ඉම පෙර මඟ බලා සිටින ජපන් තරුණයාට නිතැතින්ම සිහිත් වන්නේ මුතු සොයා සමුදුර කිමිදෙනා සොඳුරු කිඳුරු ළඳුන්ය. සිය පෙම්වතියගේ උවන සොඳුරු අමා යුවතියන්ගේ උවන හා සමාන බව ද හෙතෙම උපකල්පනය කරයි.

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) - By Dr. Gamini Kariyawasam - elanka
මුතු කිමිදෙන අමා ළදුන් අදහනු ලබන අමාතෙරසු දෙවගන

මෙම පැදි පෙළෙහි උපමා රූපකයක් ලෙසින් මතුවන සොඳුරු කිඳුරු අමා යුවතියන් කාල්පනික ලෝකයෙහි සැරිසරන්නියන් විය හැකි යැයි සහෘදයන් සිත්හි කුකුසක් ඇති වනු නිසැකි. එනමුදු එහි නිරූපත අමා නම් වූ යුවතියන් ජපානයෙන් පාරම්පරික මුතු කිමිදීම වෘත්තියෙහි නිරත ජන කොට්ඨාසයක් බැව්, කරුණු අධ්‍යයනයේ දී අනාවරණය වේ. ජපන් බසින් උමි අමා යන වදනේ අරුත මුහුදේ මුතු සොයා කිමිදෙන යුවතිය යන්නය. අමා තෙරසු නම් ජපන් හිරු දෙවඟනගේ නමෙහි මුල් කොටස වූ අමා එරට මුතු කිමිදීමේ යුවතියන් හැඳින්වීමට වසර දෙදහසකට පෙර සිටම ව්‍යවහාර කර ඇති බව ජපන් ජනප්‍රවාදයන් තහවුරු කරයි. අමා තෙරාසු හිරු දෙවඟනගේ හාස්කම් සහිත පිළිරුවක් හොන්ෂු දිවයිනේ කණ්සායි පළාතේ පිහිටියේය. ජපානයෙන් මුතු කිමිදීමේ නිරත අමා ළඳුන් නිරන්තරයෙන් එම දෙවොල වෙත පැමිණ හිරු දෙවඟනගේ ආශීර්වාදය ලබන බව ද වාර්තා වේ.

ජපන් සාහිත්‍යය තුළ පමණක් නොව එරට චිත්‍ර සම්ප්‍රදාය තුළින් ද මුතු සොයා සමුදුර සරණා අමා යුතියන් පිළිබඳව අපූර්වතව නිර්මාණ රාශියක් බිහිව ඇත. ඒ අතින් ෂුන්ගා ජපන් චිත්‍ර සම්ප්‍රදායට අනුව ප්‍රකට සිත්තරකු වූ කත් සුෂිකා පොක සායිගේ තෙළි තුඩින් නකනො අමා (බූවල්ලාට නතු වූ අමා මුතු කිමිදෙන්නිය.) නම් චිත්‍රය ලොව කලාකාමීන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වූ උසස්නි ර්මාණයක් සේ සැලකේ. මුතු කිමිදීමේ නිරතව සිටි තම නෝරි නමැති සුරූපී අමා යුවතියක් මුහුදේ දැවැන්ත බූවල්ලකුගේ ග්‍රහණයට හසුව සිටින අයුරු එම චිත්‍රයෙන් නිරූපිතය.

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) - By Dr. Gamini Kariyawasam - elanka
නකනො අමා (බූවල්ලාට නතු වූ අමා මුතු කිමිදෙන්නිය.) නම් ලෝකප්‍රකට චිත්‍රය

ජපන් ජන කතා රාශියක් මුතු කිමිදෙන අමා ළඳුන් කේන්ද්‍ර කරගෙන නිර්මිතය. එවන් ජන කථා අතරන් තමනෝරි නම් වූ ජපන් කතාව කෙතරම් ජනප්‍රිය වී ද යත් භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇත. මෙය ජපානයෙන් මුතු කිමිදීමේ වෘත්තියෙහි නිරත තමනෝරි නම් කාන්තාවක් මූලික කරගෙන පබැඳි ජන  කථාවකි. සමුරායි වරයෙක් තම ජපන් පෙම්වතියට පරිත්‍යාග කළ අගනා මුතු ඇටයක් රියුරින් නම් මුහුදට අරක්ගත් රක්ෂයා විසින් පැහැර ගනු ලැබීය. නැති වූ මුතු ඇටය සොයා යන සමුරායිවරයාට වෙරළ අද්දර දී තමනෝරි නම් සුරූපී අමා තරුණිය හමුවෙයි. එහිදී ඔවුන්දෙ දෙනා අතර ඇති වූ පෙම් සබඳතාව තත් ජන කථාවෙහි රසාලිප්ත ලෙස ගෙන හැර දක්වයි.

නැති වූ අගනා මුතු ඇටය සොයා දීමට තමනෝරි මුතු කිමිදෙන්නිය සමුරායිවරයාට සහය ලබා දෙයි. ඇය මුහුදු පතුලේදී මුහුණ දුන් ත්‍රාසජනක අභියෝග ජයගෙන මුතු ඇටය සොයා ගෙනැවිත්ස මුරායිවරයාට පිළිගන්වයි. ජපන් සංස්කෘතියෙහි ගද්‍යයෙන් පද්‍යයෙන් මෙන්ම සිතුවමින් ද සජිවී වන අමා යුවතියන් වර්තමානයෙහි සිය ජිවනෝපාය උදෙසා මුතු පර සොයා මුහුදේ කිමිදෙන අපූර්වතාව සිත් ගන්නා සුලුය.

අමා ළඳුන්ගේ මුතුපර සොයා කිමිදීමේ වෘත්තිය වසර දෙදහසකට වැඩි ඈත ඉතිහාසයකට උරුමකම  කියයි. වර්තමානයේ පවා ඔව්හු මුහුදේ කිමිඳුම් කටයුතුවල යෙදෙනුයේ පාරම්පරික ක්‍රමවේදයට අනුකූලවය. කිසි විටක නවීන තාක්ෂණික උපකරණ භාවිත නොකෙරේ. මුතුපර කැඩීම සඳහා ටෙගානේ නම් වූ තියුණු ලී පත්තක් සහ මුතු අස්වැන්න බහාලීම පිණිස සැහැල්ලු ලී බඳුනක්ඔ ව්හු භාවිත කරති. ඔවුනගේ කිමිඳුම් ඇඳුම් කට්ටලය වන්නේ ඉන වටා දැවටී කෙටි රෙදි කඩක් සහ සිරස පැළඳි හිස් වැස්ම පමණි. ළමැඳි විවෘතව නග්නව පවතී.

එක් කිමිඳුම් කණ්ඩායමක් 17 වන වියේ සිට 75 වන විය දක්වා වූ විවිධ වයස්හි අමා ළඳුන් 15 ක පමණ පිරිසකගෙන් සමන්විතය. ඔවුුහු උදෑසනින්ම වෙරළ ඉම පිහිටි අමගයාස් නමින් ප්‍රචලිත කූඩාරම්වෙ ත පිය නගති. එම පිරිසෙන් කොටසක් බෝට්ටු මගින් ගෙන ගොස් ගැඹුරු මුහුදේ  මුතු පර ආසන්නයේ මුදා හැරේ. ගැඹුරු මුහුදේ මුතු කිමිදෙන අමා ළදුන් ඔයගිඩෝ යන නමින් හැඳින්වේ. වෙරළ ආසන්නයේ මුතු නෙළන්නියන් හැඳින්වෙන්නේ කච්ඩෝ යන නමිනි.

ඔවුහු දියෙහි කිමිදී මඳ විරාමයකින් සයුරු රළ අතරින් හුස්ම පොදක් ගන්නට විටින් විට දිය මතු පිටට පැමිණෙති. රළ අතරින් මතුවන නිරුවත් පියයුරු සහිත මෙම අමා යුවතියන් ඈතට දිස් වන්නේ දිය කිඳුරියන් සමූහයක් විලසිනි. අමා ළඳුන් පිරිස දිය මතු පිටට මතුවී එක්වර ප්‍රාශ්වාස කරන රිද්මය වාතලයට එක් වන්නේ,මුහුදු රළ වෙත කිසියම් ලයාන්විත මියුරු  රිද්මයක් කොදුරන්නා සේය.

 ජපන් බසින් එම මිමුණුම ඉසොබු නම් වේ. ඔවුනගේ මෙම ආවේණික සරළ, ක්‍රියාශීලී දිවි පෙවෙත දුටු දුටුවන් ආකර්ෂණය කරන සුලුය. මුතු කිමිදෙන්නියන් අතර එකිනෙකා හා සබැඳි දැඩි එකමුතු භාවයක් විද්‍යාමානිතය. ඔව්හු සියලුදෙනා සෑම වසරකම ටෝබා ප්‍රාන්තයේ සමුද්‍රාසන්නයේ පිහිටි ඉෂගම් සන් නම් දෙවොල වෙත ගොස් පුද පිළිවෙත් ඉටු කර ආරක්ෂාව ප්‍රාර්ථනා කරති.

ජපානයේ මුතු කිමිදෙන අමා ළඳුන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මුතුපර බහුලව පිහිටි නැගනහිර ජපානයේ අගෝ මුහුදු බොක්ක ටෝබාහි මිකි මොටෝ මුතු දූපත ශිමා අර්ධද්වීපය ඉෂිකාවා දිස්ත්‍රික්කය සෙතෝ සහ ඔකිනාවා දූපත ආදී ප්‍රදේශයන්හිය.

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) - By Dr. Gamini Kariyawasam - elanka

ජපානයෙන් මුතු කිමිදීමේ වෘත්තියෙහි නිරත අමා ළඳුන්ගේ දිවි පෙවත කෙතරම් ආශ්චර්මයත් ද යත් ඔවුන් පිළිබඳව ජපන් සහ වෙනත් භාෂාවලින් ග්‍රන්ථ රාශියක් ලියැවී ඇත. 1957 දී මිෂීමා නම් ජපන් ගත් කරුවා විසින් ලියන ලද රළ පහරේ රිද්මය (The Sound Of Waves) 1962 දී ෆොස්කෝ මරාණි ලේඛකයා විසින් රචිත ධීවර කාන්තාවන්ගේ දූපත (The Inland at Fisher Women) 1942 දී සෙගවා ක්‍යුකෝ විසින් ලියන ලද අමා කතුන් පිළිබඳ ග්‍රන්ථය (The Book of the Ama Women) තුළින් පාරම්පරික අමා ළඳුන්ගේ ඉතිහාස, ඇදහිලි, විශ්වාස සහ ඔවුනටම ආවේණික වූ සුවිශේෂී සංස්කෘතික ලක්ෂණ කදිමට විග්‍රහ කර ඇත.

හෘදයාංගම ගති සිරිත් විරිත්වලින් බැඳුණු අමිල හර පද්ධති සමුදායකින් සුසැදි ජපන් සංස්කෘතියට මුතු නෙළීමේ පාරම්පරික වෘත්තියෙහි නිරත අමා ළඳුන් ලබා දෙන්නේ මනෝරම්‍ය වූ විසිතුරකි.

අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) - By Dr. Gamini Kariyawasam - elanka

 

Dr Gamini Kariyawasam

gamini kariyawasam - elanka

TAGGED:අමා ළදුන්ජපන් සමුදුරේ මුතු සොයන කිඳුරියෝ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Rajeev Abeysekara bags Sony World Photography Awards 2023 national award for his scintillating capture-elanka (1) Rajeev Abeysekara bags Sony World Photography Awards 2023 national award for his scintillating capture
Next Article Wassanaye sanda film වස්සානයේ සද සිංහල චිත්‍රපටය| Wassanaye sanda film
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Alcaraz to Miss Wimbledon

Alcaraz to Miss Wimbledon

Home for Brave Sailors Wounded in Action

Anchorage: Home for Brave Sailors Wounded in Action-by Ravindra C Wijegunaratne

Kehel mala-eLanka

Kehel mala: A Sinhala slang phrase that rubbishes what’s nonsense-by By Jeremy De Lima, Melbourne Australia

International Tea Day-eLanka

International Tea Day-by Kalani-eLanka

SUNDAY CHOICE - TEARS ARE A LANGUAGE GOD UNDERSTANDS – by Charles Schokman

SUNDAY CHOICE – TEARS ARE A LANGUAGE GOD UNDERSTANDS – by Charles Schokman

Related News
Articles Dr Harold Gunatillake

Symptoms of the Dawn Phenomenon-by Harold Gunatillake

The Brad & Kiara Show
Articles

The Brad & Kiara Show

Articles

Newsletter – Hindu Council of Australia

Sri Lanka Remitly 2026 Report
Articles

Sri Lanka Ranked 4th Best Country Globally for Families to Relocate: Remitly 2026 Report

Negombo
Articles

Educators Meet in Negombo to Transform International Education for a Dynamic Sri Lanka on 24th May

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.