News & Community eLanka

eLanka

Friday, 5 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දැයෙන් සමු ගත් සුමියුරු සදවතිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දැයෙන් සමු ගත් සුමියුරු සදවතිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 11, 2025 6:08 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 28

දැයෙන් සමු ගත් සුමියුරු සදවතිය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Chandrani Gunawardena

Image Source : vigasa.lk

” ආයුබෝවන් ආ.. වාසනාවන්

වාසනාවන් ආ… ආයුබෝවන්

ප්‍රීතිමත් සුබ උපන් දිනයක් හිමිවේවා..

ආසිරී වාදයෙන් දිගුකල් වැඦබේවා ..”

මංගලම් …

වසර හැත්තෑවකට ආසන්න කාලයක සිට , ළමා ලපටින් සිය උපන්දින ආසිරි ලබන්නට,සන්ධ්‍යා භාගයේ ගුවන් විදුලි යන්ත්‍ර වටා රොක්වූ අයුරු වත්මන් වියපත් පරපුරට මෙන්ම යෞවනයන්ට ද ඉහත ගීතය ශ්‍රවණයේ දී නිතැතින්ම සිහිපත් වනු නිසැකි. එම ළමා උපන් දින ආසිරි තේමා  ගීතය ගැයූ,චන්ද්‍රානි ගුණවර්ධනයන්ගේ උපන් දිනය, ඉකුත් ඔක්තෝම්බර් 07 වන දිනට යෙදීතිබිණි.ඇය සිය උපන්දිනයේදී ම ,සිය දිවියට සමු දීම දෛවෝපගත සිදුවීමකි.ඇය වෙනුවෙන් තබන මෙම සමරු සටහන, චන්ද්‍රාණි ගැයූ මුල්ම ගුවන්විදුලි  තේමා  ගීතය  ලෙස සැලකෙන, ඉහත දැක්වූ ජන්මදින ආසිරි ගීතයෙන් ආරම්භ කිරීම මැනවැයි හැඟිණි.

          chandrani rodrigo

චන්ද්‍රාණී රුද්‍රිගු ජන්ම ලාභය ලබන්නේ,බණ්ඩාරවෙල. අමුණුදෝව  නම්  සොදුරු ගම් පියසෙහි ය.ඇගේ පවුලේ හත්දෙනෙක් ගෙන් යුක්ත විය. අක්කලා තිදෙනෙක්, අයියලා දෙදෙනෙක් , සහ නැගණියකගේ උණුසුම ලබන්නට ඇය භාග්‍යමත් වූවාය.  ආතර් ඇලෙක්සැන්ඩර් රොද්‍රිගෝ සහ ඩේසි රොද්‍රිගෝ චන්ද්‍රානියගේ  දෙමාපියන් වූහ.

ඇය ප්‍රාතමික අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවෙල කුඩා කුසුම් කන්‍යාරාම සෙවණෙහිය. කිතුණු කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබුවද ඇය සැදැහැවත් බෞද්ධ යුවතියක් වූවාය.

චන්ද්‍රාණී බණ්ඩාරවෙල කුඩා කුසුම් කන්‍යාරාමයේ ශිෂ්‍යාවක ලෙසින්.

චන්ද්‍රාණී රුද්‍රිගු

බාල අවදියේ දී තම නිවසේ තිබු  ග්‍රැමෆෝනයෙන් ,පැරැණි ගීත ශ්‍රවණය කෙරෙහි ඇය තුළ දැඩි රුචියක්  පැවැති බැව්  පැවසේ.  ගායන හැකියාවෙන් පිරිපුන්  ඇයගේ  පියා  ගේ අභාෂය සහ නිවසේ ග්‍රැමෆෝනයෙන් වාදිත  පරණී  සින්දු ශ්‍රවණය,කුඩා අවධියේ සිට තම සිත ගායනය  කෙරෙහි යොමුවීමට හේතුවූ  බැව්  වරක් ඇය ප්‍රකාශ කළාය. අගේ පියාගේ  ගම දෙහිවල වීම හේතුවෙන්,වැඩිදුර අධ්‍යාපනය සදහා ගල්කිස්සට  සේන්දු වීමේ අවස්ථාව ඇයට හිමි විය. මෙහිදී ඇය ,වැඩිදුර අධ්‍යාපනය සඳහා ගල්කිස්ස උසස් බාලිකාවට ඇතුළත් කරනු ලැබිණි.පාසල් වියේ දී ගායනයට පමණක් නොව රංගනයට  ද, ඇය තුළ පැවැති සහජ කුසලතාවන් මැනවින් ඉස්මතු විය.

 චන්ද්‍රානිය මුල් වරට ගුවන් විදුලි මහ ගෙදර වෙත පිය නග න්නේද,ගල්කිස්ස උසස් බාලිකාවේ ඉගෙනීම ලබමින් සිටි  කාල වකවානුවෙහිය. කරුණාරත්න අබේසේකර, මඩවල එස්. රත්නායක, සරත් විමලවීර,ප්‍රභා රණතුංග මෙහෙයවූ   ළමා පිටිය වැඩ සටහන්හි  නිරතුරු ළමා ගී ගායනයේ යෙදෙන්නට ඇයට අවකාශය සැලසිණි.

“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ…”ළමා පිටියේදී ඇය   ගායනා කළ කුලුදුල් ගීතය ලෙසින් සැළකේ.

අනතුරුව ,ගුවන් විදුලි ළමා  ගීත  රාශියක් ගායනයෙහි නියැලෙමින් , ළමා  මනසේ සෞන්දර්ය පෝෂණහි ලා ,චන්ද්‍රානි ගුණවර්ධනයන් ඉටුකර ඇති කලා   මෙහෙවර සුළුප ටු නොවේ.

   වාසනාවේ…

             

වැඩිවිය පත්ව ළමා පිටියෙන් ඉවත්වූ චන්ද්‍රානිය,ගුවන්විදුලියේ “A ශ්‍රේණියේ ගායිකාවක් ලෙස  උසස් ලෙසින් සමත්වුවාය.එදා මෙදා  තුර ඇය  විසින් සිංහල ගීත සාහිත්‍යය ගඟුලැල්ලට  එක් කර ඇති ගී   සමුදාය දහස ද ඉක්මවයි.

ගායිකාවක් ලෙසින්  පමණක් නොව,  වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙසින්ද චන්ද්‍රාණි සිය රංගන කුසලතා මැනවින් ප්‍රකට කළ ශිල්පිනියකි.  පාසලේ   රාමායනය නාට්‍යය වේදිකා ගත කළ අවස්ථාවේ සීතාගේ චරිතය රඟපා ඇත්තේ  ඇයයි. දයානන්ද ගුණවර්ධන ශුරීන්ගේ “පත්මාවතී* නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ පත්මාවතීගේ චරිතය රඟපෑමේ අවස්තාව ද ඇය හිමිකර ගත්තාය. ඇය සිය වෘත්තීය  ජීවිතය අරඹන්නේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ නර්තනය ගුරුතුමියක ලෙසිනි.

කෙටි ඇසුරකින් හදුනාගත් ක්ලිෆඩ් ගුනවර්ධනයන් සමග චන්ද්‍රාණි 1966 අගෝස්තු 18 වන දින  යුග දිවි ගමන් ඇරඹුවාය. 

චන්ද්‍රානි ,එදවස ළයෙහි නිපන්   ප්‍රේමණීය හැඟුමන්  ගීතයකින් කුළුගැන්වූ   අයුරු.….

                                             

චන්ද්‍රාණි ගුණවර්ධන ගී  කෝකිලාවියගේ 70 දශකයේ මතක සටහන්.

            

චන්ද්‍රානි, එච්.ආර්.ජෝතිපාල සමග  යුග ගීතයක් ගායනා කළ අවස්ථාව.

Image Source :facebook

1978 වසරේදී  ටවර් හෝල් රඟහල විවෘත කිරීමත් සමග වේදිකා ගත කළ සිරිසඟබෝ නාට්‍යයේ බිසවගේ චරිතය නිරුපනය කළ චන්ද්‍රානි ,එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා  ගේ නොමද  ප්‍රශංසාවට බදුන් විය.

සිරිසඟබෝ වේදිකා නාට්‍යයයේ රගපෑ  චන්ද්‍රානි ගුණවර්ධන  ඇතුළු ශිල්පීන් සියලු දෙනා දිරිමත් කිරීමසහ ,එම  නාට්‍යයට  ජාත්‍යන්තර  ආකර්ශනය ලබා දීමේ යහ  අපේක්ෂාවෙන්   චීනයට යැවීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කෘතවේදී විය.

ඇයට වැල්ලවත්තේ වේළුවනාරාම මහල් නිවාස සංකීර්ණයෙන්  නිවසක් ලබා දීමට පවා එතුමා කාරුණික වු බැව් පැවසේ.

2018 වසරේ මා  ටවර් රංගශාලා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් රාජකාරී කළ සමයේ, චන්ද්‍රාණි ගුණවර්ධන කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ සේවාව ඇගයීම පිණිස,එල්ෆිනිස්ටන් රංග ශාලාවේ  උපහාර උළෙලක් පැවැත්වීමට කටයුතු කළෙමි.නාට්‍ය ශිල්පිනියක ලෙසින් ඇයගේ රංගනයන් සහ ගායනයන් නූතන පරපුර වෙත හඳුන්වාදීම පිණිස මෙම උපහාර උළෙල අතිශයින් වැදගත් විය. 

  

හැඩකාරී මං පොඩි කාලේ ….             

හඬෙහි රසාලිප්ත ද්වනි  මාධුර්ය නිසා ,චන්ද්‍රාණි  ගායනා කරන ලද සෑම ගීතයක් ම, රසික හදවත් ආකර්ෂණය කර  ගැනීමට සමත් විය.

රාං කුරුල්ලා රූං කියාගෙන කන්ද උඩින් වඩිතෙයි,විහාර මහ දේවී – සෝමා දේවී දුවේ නුඹේ නෑදෑයෝ,මල් කෙල්ලෙක් මං – මල් දෙන්නම් මං”අත්තන මල් අත්තන මල්”, “මලක සුවඳ සිව්සිය ගව්”,මේ ආදී වශයෙන් ඇය සුසර කළ ගීතා වලිය,යුගයුග රසික හදවත් අමන්දානන්දයට පත් කරවන සුළුය.  තත් ගී   ඇගේ ගී ගමන් මග  ස්වර්ණමය සලකුණු තැබීමට හේතු වාසනා සැලසීය. 

ලතා මඩුල්ලක්… එඩ්වර්ඩ් ජයකොඩි සමග.

චන්ද්‍රානි ගුණවර්ධන ,මෑතකදී සිය  මතකය අවදි කළ අවස්ථාවක්   

ඇය සිය ගායන දිවිය තුළ රසික ආකර්ශනය දිනාගත් ගීත අතරින් . 

“තුන් තුඹ මල් තුඹ මල්”, ගීතය ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ.

1996 වසරේදී ඇය මුහුණ දුන්  මාරාන්තික රිය අනතුරකින් පසුව ගායන දිවියෙන් මදක්  දුරස් වීමට ඇයට සිදු විය.

 මෑතකදී  මා ඇයගේ සුවදුක් දැනගැනීමේ අභිලාෂයෙන්  දුරකථන මගින් ඇය ඇමතු අවස්ථාවේ ,ඇය දැඩි ලෙස ගිලන්ව  සිටි බැව් දැනගන්නට ලැබිණි. තම සහෝදර සහෝදරියන් හත් දෙනා  අතරින්,දැනට සුජීවත්ව සිටින්නේ ඩග්ලස්, හේමා සහ ලක්ෂ්මි යන තිදෙනා බව ඇය සඳහන් කළේ ශෝකී ස්වරයෙනි.තම  දුව  ඉන්දිකා සහ පුත්  සුරාජ්  විදේශගතව සිටින  බැවින් , වසර  ගණනාවක සිට හුදකලාව සිටින තමන් හොඳින් රැක බලා ගන්නේ මාලනී අමරසේකර නමැත්තියක් බව  ඇය පැවසුවේ  කෘතවෙදීත්වයෙන් යුතුවය. කුරුල්ලෙක් වෙලා ලස්සන තටු සලන්නෙමි යන   ගීතය ඇය ගයන්නේ ,ඇයගේ නැගණිය වන ලක්ෂ්මී සමගය.

චන්ද්‍රානි ගුණවර්ධන සුනිල් එදිරිසිංහ සමග හඩා වැටෙන  හදවතින්…

චන්ද්‍රාණි ගුණවර්ධන  කලාකාරියගේ  රුප කාය ,දැවුම් සෑයේ දැවී, දුම් රොටු ලෙසින්, වා ගැබට  මුසුව වියැකී ගියද ,ඇය  සිය මියුරු හඩින් සිංහල ගීත සාහිත්‍යයට එක්කළ ගීත සමුදායේ රසාස්වාදය ,කප්  සුවහසක්  රසික ජන සන්තානයේ නීති  නින්නාද වනු නියති.

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:චන්ද්‍රාණී රුද්‍රිගු
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article CLASSIFIED ADVERTS – SEPTEMBER 2025
Next Article NOEL NEWS 01 NOEL NEWS
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
elanka printing

eLanka Printing

Great News for Aussies: Sri Lanka Waives Visa Fees for 30-Day Trips!

Australia Sri Lanka , Sri Lanka Tourism , Tourism Records , Sri Lankan Tourism Records , Travel News 2026

Sri Lanka Smashes Tourism Records: Best-Ever May with 145,745 Arrivals

Amal Silva , St. Peter’s College Colombo,OBSC, Roy Dias , Rumesh Ratnayake ,

Blue, White & Gold St. Peter’s College Cricketing Legends Shine on the Global Stage

Ceylon Masters 2026 , International Badminton Championship, AIR Sports Club

Veterans Take the Court Ceylon Masters 2026 to Boost Sports Tourism

Related News
Tarushi Abhisheka , Ransini Perera, Sri Lanka Athletics, Asian U20 Championship
Articles

Golden Return Sri Lankan Youth Athletes Shine with 8 Medals in Hong Kong!

GYPSIES WITH SUNIL
Articles Lawrence Machado

The Gypsies An Enduring Musical Legacy of Sri Lanka Piyal Carries On The Family Torch – By Lawrence Machado

The Next Chapter of Pal Buddhist School
Articles

The Next Chapter of Pal Buddhist School

Sri Lanka a winning start in the Caribbean
Articles Trevine Rodrigo

Pathum Nissanka, Kusal Mendis and Dushmantha Chameera give Sri Lanka a winning start in the Caribbean. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Dedicated to girls & women facing SGBV daily – Kaleidoscope 317
Articles Savithri Rodrigo

Today – paint for the soul, take a chill pill and bedtimes repealed!

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.