News & Community eLanka

eLanka

Friday, 17 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නිළි රැජින සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගනී.- ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

නිළි රැජින සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගනී.- ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: May 24, 2025 12:05 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 15

නිළි රැජින සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගනී.- ආචාර්ය ගාමිණී කාරියවසම්.

Malani Fonseka

Image source : mirrorarts

මීට ස්වල්ප මොහොතකට පෙර, මාලනී ෆොන්සේකා සිය දිවි සැරියට සමු දුන් පුවත , මා සවන් වැකිණි.එම මොහොතේ ,මම  බෙහෙවින් ම  කම්පනයට පත්වුවෙමි.මසිත්  දැඩි ශෝකයෙන්  ඇළලිණි . ඒ, මා මාලිනියගේ  සිනිමා රඟ සොබා ආස්වාදනය කළ රසිකයෙක් වීම නිසාම නොවේ. ඊට හේතුව  ඇය මගේ සමකාලීන සමීප  පාසල් මිතුරියක් වීම නිසා විය හැකිය.60 දශකයේ මුල් භාගයේ, කැලණිය ගුරුකුල විද්‍යාලයේ අප  එකට අධ්‍යාපනය ලබමින් සිටි යුගය කරා මසිත් විහඟා සරා යන්නේ මා නොදැනුවත්වමය.

එවකට ගුරුකුල විදුහල් පරිශ්‍රයේ සල්ගස් සෙවනේ ,මලල් ගුරු පියාණන් නැටුම් පුහුණුව සිදුකළ අයුරු ,මසිත්හි සිත්තම්වේ.සෙසු දරු දැරියන් අභිබවමින්,ලාලිත්‍යයෙන් බඳ ලෙලවමින් රංගනය පුහුණුවූ , සුදු  කෙසඟ සිසුවිය මතු සිංහල සිනමාවේ අභිසෙස් ලබනු ඇතැයි කිසිවෙක් අනුමාන නොකළා නිසැකි.

Malani Fonseka

Image Source : facebook

මා හද පමණක් නොව, සහසක්  සිරි ලක් දන හද  සසළ කළ,ළබැදි මාලනී සෙනෙහෙලතා සෙනෙහෙබර කලාකාරිය පියවි ලොවින් සමුගත් නිමේෂයේ ,ඇය මෙතෙක් පැමිණි ගමන් මග  අසිරිය විමංසනය  කෙරෙහි මගේ අවධානය යොමු විය.එය  ළබැඳී පාසල් මිතුරියක් වෙත කෙරෙන උපහාරයක් වනු නියති.

මාළිනිය  සිය රංගන ජීවිතය ආරම්භ කළේ වේදිකා නාට්‍යයන්ට  සිය රංගන දායකත්වය ලබා දෙමිනි. 1963 දී ඇය ගුරුකුල විද්‍යාලයේ සිසුවියක් ලෙසින්  වේදිකාවට පිවිසියේ  “නොරත රත ” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය දෙමිනි. එතැන් සිට ඇය වේදිකා නාට්‍ය 14 ක ප්‍රධාන චරිතය නිරූපණයෙහි යෙදෙමින්  රසික  නෙත රසදුන් ගැල්වුවාය. ඇය මුල් වරට  රිදී තිරය අතික්‍රමණය කරන්නේ  1968 වසරේදී පුංචි  බබා චිත්‍රපටයේ කථා නායිකාව  ලෙසිනි.

1968 වසරේ, පුංචි  බබා චිත්‍රපටයේ මාලනිය ගේ රංගනයක්

ඇයගේ පළමු චිත්‍රපටයේ සිට ඉකුත්  දශක 7 කට ආසන්න කාලයක්  මාලිනිය  චිත්‍රපට 200   කට ආසන්න සංඛ්‍යාවක රඟපාමින්,රිදී තිරය ප්‍රේක්ෂකයින් වෙත වඩ වඩාත්සමීප කිරීමට සමත් වුවාය.පාරා වලළු, ආදරවන්තයෝ,  ප්‍රවේශම්වන්න,බඹරු ඇවිත්, නිධානය, අක්කරපහ, ආරාධනා, අපේක්ෂා, හිගන කොල්ලා, පෙම්බර මධු, ආවා සොයා ආදරේ, සහනය, අහිංසා, සසර චේතනා එම චිත්‍රපට වංශාවලියේ රසික දන හද   බෙහෙවින් ආකර්ෂණය දිනා ගත් සිනිමා නිර්මාණ  ලෙසින් සැළකේ. මාලනී 1984 දී සසර චේතනා චිත්‍රපටය  අධ්‍යක්ෂණයෙහි නියැලෙමින්   නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසියාය.අහිංසා, සත්යා, අන්තිම රැය යන සිනමා පට,මාලිනිය විසින්  නිශ්පාදනය කළ සෙසු සිනමා කෘතීන්ය.

පසුව ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට යොමු වූ අතර මැනලද පුතේ  කිරි දුන්නේ , පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ වැනි ප්‍රකට ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.

ඉකුත් දශක 7 ක කාල පරාසය තුළ  නව්‍ය  නිළියන්  රැසක් සිනිමාවට පිවිසිය ද, මාළිනිය අංක එක ස්ථානයේ  අභියෝගයකින් තොරව රැඳී සිටීමට තරම් සුවිශේෂී රංග ධාරිනියක   වූවාය.

අකල් වැස්ස’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1965 වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන්  ඇය ඇගයීමට බදුන් වූවාය. ඇය හිඟන කොල්ලා  (1980), ආරාධනා (1982) සහ යස ඉසුරු (1983) චිත්‍රපට සඳහා හොඳම නිළියට හිමි සරසවිය සම්මානය ඇතුළු සම්මාන රැසකින් බුහුමන්  ලැබුවාය. ජීවිතයේ එක් වරක් පමණක් උරුම වන  රණ තිසර සම්මානය ද දිනා ගන්නට ඇය වාසනාව ලද්දීය.

1975 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ සහ 1977 නවදිල්ලි සිනමා උළෙලේ සම්මාන දිනාගත් ඇය ජාත්‍යන්තර මට්ටමට පැමිණි පළමු ශ්‍රී ලාංකික නිළිය වීමේ භාග්‍ය ද උරුම කර ගති.

මාලිනියගේ සිනිමා පෙළහර

සරසවි සම්මාන, ඕ.සී.අයි.සී සම්මාන, ජනාධිපති සම්මාන, ස්වාර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලද මාලනි ෆොන්සේකා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළක දී කුසලතා සම්මානයකින් පිදුම් ලද මුල්ම සිනමා නිළිය ද වෙයි.1985 වසරේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය වෙනුවෙන් ටෂ්කන්  ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළදී මෙම තිළිණය ඇයට පිරිනමනු ලැබිණි.

 එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ මාලනිය.

 2008 ඉන්දියාවේ මුළු දුන් 39 වැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සිංහල සිනමාවේ රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර රිදී මයුර   සම්මානයෙන්  කිරුළු පළන්දාය.

‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ මාලිනියගේ  රංගනය

1970 දශකයේ මුල් භාගය ශ්‍රී ලාංකේය සිනමාවේ ගාමිණී-මාලිනී දශකය ලෙස නම් කෙරේ.

Malani Fonseka

Image Source : themoviedb

අනතුරුව එළබෙන වසර කිහිපය ,විජය මාලනී දශකය ලෙසින් සිනිමා වංශයේ  සනිටුහන්වේ.

මෙහිදී මාලිනිය රිදි තිරයේ පෙම්වතුන් වශයෙන් රඟපෑවා සේම, සැබෑ ජීවිතයේදී ඉතා සමීප අන්‍යෝන්‍ය ඇසුරකින් පසු වූ බවද පැවසේ.

malani - wijaya

මොනර තැන්න චිත්‍රපටයේ මාලනී සහ විජය

මාලිනියගේ පවුල් පසුබිම.

ඇය 11 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන දරුවාය.එවකට  රජයේ මුද්‍රණාලයේ  සේවයෙහි නිරතව සිටි  ගිල්බට් ෆොන්සේකා මාලිනියගේ පියාණන්ය.සීලවතී  ඇගේ මවය. මෙම දැරියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක්, සහෝදරියන් හතර දෙනෙක් සහ බාල සහෝදරයන් හතර දෙනෙක් සිටියහ. එම සොහොයුරු කැළ අතරින් පද්මසිරි,රන්ජිත්,ආනන්ද,උපාලි යොවුන් වියේදීම දිවියෙන් සමු ගත්හ.දයානන්ද,  නිමල්,ශ්‍රියාණි ,රසාදරී,දමයන්ති මාලිනියගේ සෙසු සොහොයුරු සොහොයුරියන්ය.  මෙම පිරිස ජීවත්වුයේ කැලණියේ වෙදමුල්ල  ගම්පෙතය.

Malani Fonseka

Image Source : facebook

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව, මාලනී සිප් සතර හදාරන්නට කැළණිය ගුරුකුල මහා විද්‍යාලයට ඇතුළත් වුවාය. මෙම ලිපිය ලියන මා මෙන්ම,සිනිමා වේදීන් වන එච්.ඩී .ප්‍රේමරත්න,විමල් කුමාර ද කොස්තා,ඩොනල්ඩ් කරුණාරත්න,සුමේධ හේවාවිතාරණ   මාලිනිය හා ගුරුකුලයේ සිප් හදාල සමකාලීනයන්ය.  1986 ජුනි 12 වන දින ඇය ලකී ඩයස් සමග විවාහ වූවාය.2010 වසරේදී  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමේ භාග්‍ය ඇය වෙත හිමි වුයේ නිරුත්සාහයෙනි.

malani fonseka 2

මාලනිය ගුරුකුල විදුහලේ ත්‍යාගය ප්‍රදාන උත්සවයකට සහභාගී වෙමින්

මාලිනිය වෙතින් සිංහල සිනමා වංශයට ඉටුවූ අමිල මෙහෙවර වෙනුවෙන් ,කැළණිය සරසවිය   සම්මාන ආචාර්ය උපාධියකින් ඇයට  බුහුමන් දැක්වීය.

මාලිනිය වෙතින් සිංහල සිනමා වංශයට ඉටුවූ අමිල මෙහෙවර වෙනුවෙන් ,කැළණිය සරසවිය සම්මාන ආචාර්ය උපාධියකින් ඇයට බුහුමන් දැක්වීය.

ආචාර්ය උපාධියකින්   බුහුමන් ලද මාලිනිය .

එසද කැළණිය ගුරුකුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය  ද, තම සෙනෙහෙවන්ත ආදී සිසුවියට උපහාර පිණිස,”සිනිමාලිනිය” මැයෙන්  සමරු කළඹක්  ප්‍රකාශයට පත් කරමින්,කෘතවේදීත්වය පළ කළහ.

 malani fonseka

ඉකුත් අප්‍රේල් 30 වන දින, මාලිනියගේ   78 වන උපන්දින සැමරුම පැවති  අතර එහිදී ඇය හැඟුම්බරව  බෙහෙවින් ම සංවේදී වූ අවස්ථාවක් සජීවීව.

දැයෙන් සහ හිතවතුන් ගෙන්  සමුගත් ආචාර්ය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ස්නේහවත් කලාකාරිනියනි , ඔබට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාමාලනී ෆොන්සේකා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lanka Energy Crisis: The Future - By Nimal Chandrasena Sri Lanka Energy Crisis: The Future – By Nimal Chandrasena
Next Article sunday choice (3) SUNDAY CHOICE – What A Faithful God – by Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
A Cricketing Diplomat, Avurudu Chic, Markets, Reforms, Dinosaurs, Beavers & more Kaleidoscope 310
Articles Savithri Rodrigo

A Cricketing Diplomat, Avurudu Chic, Markets, Reforms, Dinosaurs, Beavers & more Kaleidoscope 310

Largest gathering ever of language teachers
Articles

Largest gathering ever of language teachers

Books
Articles

Book Review: The Historian As Bridge-by Jehan Perera

Sinhalese New year celebrations at Frolicz and Cosmo Lounge was an outstanding event
Articles Trevine Rodrigo

Sinhalese New year celebrations at Frolicz and Cosmo Lounge was an outstanding event- BY TREVINE RODRIGO IN MELBOURNE

Articles Sunil Thenabadu

Sangeeth and Kasthuri duo renowned award winning actors own Salon Prabhu in Kottawa-by Sunil Thenabadu

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.