News & Community eLanka

eLanka

Saturday, 18 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පතිවත වෙනුවෙන් දිවි පිදූ – රූමත් රූප්මතී දේවිය –  By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

පතිවත වෙනුවෙන් දිවි පිදූ – රූමත් රූප්මතී දේවිය –  By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 2, 2023 4:17 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 11

පතිවත වෙනුවෙන් දිවි පිදූ – රූමත් රූප්මතී දේවිය –  By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

roopmathi - eLanka

භාරත දේශයෙහි සුපතළ   රාමා සීතා – රාධා ක්‍රිෂ්ණා –  ෂා ජහාන්  මුම්ටාෂ්  වන්  ප්‍රේම වෘතාන්ත ඔබ අනන්තවත් අසා ,කියවා ඇති බව නිසැක. ඒ  අතරට එක්වන, එහෙත්  පාඨකයින්  වැඩි පිරිසක් අසා හෝ කියවා නොමැති,   ඓතිහාසික  සත්‍ය  සොඳුරු  පෙම් පුවතක්  ඔබ  හමුවේ සිත්තම්  කිරීමේ ප්‍රයත්නයකි    මෙම පෙළගැස්ම . ප්‍රේමයේ  නාමයෙන් මරණය වැළඳ ගත් රැජිනියක් සම්බන්ධ මෙම  කතා පුවත, අප  අසල්වැසි ඉන්දීය ඉතිහාසයට එක් වන්නේ පහලොස් වෙනි සියවසේ දීය.

මුලින්ම මෙහිදී අපගේ අවධානය  ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි වින්ධ්‍යා කඳුවැටියට උතුරින් පිහිටි මල්වා  ප්‍රාන්තය  වෙත යොමුවේ. මල්වා ප්‍රාන්තය, ක්‍රි. පුර්ව 6 වන සියවසේ සොළොස් මහා ජනපදයන්ගෙන් එකක්වූ අවන්ති ජනපදය ලෙස  පුරා  විද්‍යාඥයින් මේ වන විට හඳුනාගෙන ඇත.

roopmathi - eLanka

roopmathi - eLanka

වින්ධ්‍යා කඳුවැටිය

මල්වා ප්‍රාන්තය පාලනය කළ   සුල්තාන්වරයා වූයේ බයාසිඩ් බාස් බහදූර් ඛාන් ය.හේ ස්වභාව  ධර්මයට,  සෞන්දර්යයට,සංගීතයට  බෙහෙවින් ඇලුම් කළේ ය. දිනක් ඔහු නර්මදා නදිය අසබඩ වන පෙතට පිවිසියේ වන අසිරිය විඳිමින්, සිය ධනු ශිල්පීය  අභ්‍යාසයන්   මුවහත් කර ගැනීමේ  අපේක්ෂාවෙනි. වන පෙත  ඔබ මොඹ සැරි සරද්දී , වන වදුල දෙසින් නිකුත් මිහිරි සංගීත නාදයක් ඔහු සවන් වැකිණි. සුල්තාන් සෙමෙන්  සංගීත රාවය නැගුණු  දිශාවට පියමං කළේය. විසල්රුක් සෙවණක, අති සොඳුරු, නාරි ලාලිත්‍යයෙන් පිරිපුන් කිඳුරියක හා සම සුරූපිනියක්, වෙණතත්  හඬවමින්  ගීතයක් මුමුණමින් සිටියාය.  සංගීත  රාවයෙන්   මුසපත් සා, මුව වන් සිවුපාවුන් සහ වර්ණවත් සියොතුන් ඇය වටා රැඳී සිටිනු දුටු  ඔහුට ඔහුගේම දෑස් අදහාගත නොහැකි විය.මෙම රුසිරු   ළද තමාගේ භාර්යාව කරගැනීමේ  දැඩි  ආසක්ත බවක් ක්ෂණිකව  පිළිසිදුණි  ඔහු සිත.  සුල්තාන්වරයා   ඉතා සංවර ශීලීව ඇයගේ  වත ගොත විමසීය.

roopmathi - eLanka

රාණි  රූප්මතී වන තමා   සාමාන්‍ය පවුලක  යුවතියක් බවත් ,  ධර්මපුරි සහ  නර්මදාවන් දෙමාපියන් බවත් ඇය  තෙපාළාය. ගායනයෙහි , වාදනයෙහි පරතෙරට ලගාවී සිටින තමා කාව්‍ය කරණයෙහි ද  මනා නිපුනතාවයක්  ලද  තැනැත්තියක් බව ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.

roopmathi - eLanka

“ මා ශුජා ඛාන්ගේ පුත්   බයාසිඩ් බාස් බහදූර් ඛාන්. මල්වා ප්‍රාන්ත පාලක  සුල්තාන්වරයා.  මමත් ඔබ ලෙසින්ම  සංගීතයට  බෙහෙවින් ඇලුම් කරනවා … “   යනුවෙන් ඔහු පිළිවදන් දුන්නේය.

roopmathi - eLanka

සුල්තාන්වරයා රප්ති විවාහ කර ගැනීමට දැඩි   කැමැත්තකින් පසුවන  බව පැවසීය. ඇයව මාණ්ඩු හි පිහිටි තම මාළිගාවවෙත   කැඳවාගෙන යාම ඔහුගේ අපේක්ෂාව විය. නමුත් රූප්මතී ඊට එකඟ නොවූවාය. උපන් දා සිට තමන්  හැදුණු වැඩුණු නර්මදා නදිය අසබඩ පිහිටි තම  සුන්දර  ගම්මානය  අත්හැර  නගරයට  යාමේ අපහසුතාවය  ඇය සුදු  මුදු වදනින් සුල්තාන්වරයාට පැහැදිලි  කළාය.

roopmathi - eLanka

නර්මදා නදිය 

ඇය වෙනුවෙන්  නර්මදා ගං  තීරයෙහි  මන්දිරයක් ඉදි  කර තමන් ද  එහි පදිංචිය ට පැමිණෙන බව හේ  සපථ  කළේය. ඇය හා  විවාහ වී, තමන් දුන් ප්‍රතිඥාව  ඉටු කිරීමට හේ  යුහුසුළු විය.  ඔහු නර්මදා නදී  තීරයෙහි රේවා කුන්ඩ් නම් ස්ථානහි (  රේවා යනු නර්මදා නදිය  හැදින්වෙන තවත් නමක් වන අතර කුන්ඩ් යනු ජල තටාකයයි) ජල තටාකයක් සහිත   සුවිසල් මැඳුරක් නිර්මාණය කරවූයේ ,ආදරයේ  සිහිවටනයක් ලෙසිණි.

roopmathi - eLanka

තමා  සහ රූප්මතී  අතර පැවති  නොනිමි  ප්‍රේමයේ සංකේතයක් ලෙසින්  මාළිගාවේ දකුණු පස  කඳු මුදුනේ සුල්තාන්වරයා විසින්  ඉදිකළ දැකුම්කළු   රූප්මතී  මණ්ඩපය නැරඹීම පිණිස අද දවසේ පවා දේශ සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන බව  වාර්තා වේ.

roopmathi - eLanka

roopmathi - eLanka

බොහෝ බිසෝවරුන් මෙන්   රූප්මාති  මාළිගාවක උපත නොලද  හින්දු  සම්භවයක් ඇති නිහතමානී කාන්තාවක වූවාය .  රූප්මාති යන්නෙහි අරුත“ නාරි ලාලිත්‍යයෙන් පිරිපුන් යුවතිය”  යන්නවේ.ඔවුන් විවාහ වූයේ ආගම් දෙකේම චාරිත්‍ර අනුව ය.   ඇය සැමවිටම හඳුන්වනු ලැබුවේ , මුස්ලිම් පාලකයෙකුගේ බිරිඳකට  නිසගයෙන්ම  උරුම වන බෙගම් හෝ සුල්තානා යන පදවි නාමයෙන් නොවේ. ඇය සැමවිටම රැජිනියන් සදහා භාවිතවූ  හින්දු නාමයක් වන  ‘රාණි’ ලෙසිනි තමන්හ දුන්වා  දුන්නේ.ඔවුන් විවාහ වූයේ ආගම් දෙකේම චාරිත්‍රයන්ට  අනුකුළව ය.

roopmathi - eLanka

රූප්මති  හින්දු බැතිමතියක් වූ අතර සුල්තාන්වරයා මුස්ලිම් භක්තිකයෙක් විය. එනමුදු ඔවුහු තම  තමන් ගේ ආගම් නිදහසේ  අදහමින් අන්‍යෝන්‍ය  අවබෝධයෙන් යුක්ත  යුගදිවියක් ගත කළහ  රාණි රූප්මතී විශිෂ්ට කාව්‍ය රචිකාවියක් මෙන්ම නිපුණ ගායකාවක්  වූවා සේම , බාස් බහදූර් දක්ෂ ගීත රචකයෙක් සහ සංගීත වේදියෙක් වීමත් නිසා ඔවුන්ගේ  යුග දිවිය අතිශයින් සෞන්දර්යාත්මක විය. මොහොතකට හෝ ඔවුන් දෙදෙනාට වෙන්ව ජීවත්වීමට නොහැකි තත්වයක් උදා වී පැවතිණි. මෙවන් ජීවන පසුබිමක, බාස් බහදූර් සිතින්  තම රාජධානිය කෙරෙහිවූ අවධානය ගිලිහී ගිය සෙයකි.ඔහුට  සුල්තාන්වරයෙකුගේ නිල  වගකීම අමතක වූවා සේය. සංගීතයෙන්  මුසපත් වූ  හෙතෙම නිබඳවම  ඇය හා  දැඩි ලෙස පෙමින් වෙලී නැඹුරු වුයේ අතිශයින්  කෙළිලොල්  ජීවන රටාවකටය.

roopmathi - eLanka

සුල්තාන් බාස් බහදූර් කලාකරුවෙකු මිස රණශූරයෙකු නොවූ බැව් ඔහුගේ හැසිරීම් රටාවෙන්ප්‍ රකටවේ.ඔහු සංගීත භාණ්ඩ වාදනය කරන අතර ඔහුගේ රැජින ගායනයෙහි හා රැගුමන්හී  නිරත වුවාය.ඔවූනට සතුටින්  යුග දිවිය ගත  කළ හැකිවූයේ හය වසක් වන්  සුළු කාලයකි. 

roopmathi - eLanka

roopmathi - eLanka

රූප්මතිය ගේ රූපශ්‍රීයට  දැඩි ලෙස ඇලුම් කළ මහා අක්බාර් මල්වා  රාජධානිය  කෙරෙහි නිරන්තයෙන්ම දැඩි විමසිල්ලකින් සහ අවධානයකින් පසුවිය.සුල්තාන් ලෙස බාස් බහදූර් තම රාජ්‍යය රැකබලා ගැනීම අතපසු කිරීමත් , ශක්තිමත් හමුදාවක් පවත්වාගෙන නොයාමත්  මහා අක්බාර් ගේ තීක්ෂණ  නෙතට නිරීක්ෂණය විය. සුල්තාන්වරයා සංගීතයට ලොල්ව  නිරතුරුවම සිය බිරිඳ  ඇසුරේ  ගත කිරීමේ ස්වභාවය  ද මැනවින්   අවබෝධ කරගත් මහා අක්බාර්,  ඔහුගේ ජෙනරාල් සහ  සොහොයුරු ආදම් ඛාන්ට මල්වා  රාජ්‍ය  වහා  ආක්‍රමණය කිරීමට උපදෙස් දීමට පෙළඹිණි.මෙම  ප්‍රහාරයට එක් ප්‍රධාන හේතුවක් වූයේ රාණි රූප්මතිය  කෙරෙහි වූ ඔහුගේ රාගයයි .

ආදම් ඛාන්ගේ නායකත්වයෙන් යුත් මහා අක්බාර් ගේ  හමුදාව  විසින් 1561 මාර්තු 29 වන දින සාරන්ග්පූර් සටනේදී බහදූර් පරාජයට පත් කළේය. හෙතෙම  ජීවිතාරක්ෂාව සදහා කන්දේශ් ප්‍රදේශයට පලාගියේය.  මහා අක්බාර් ඔහුගේ භූමිය අල්ලා ගනු ලැබිණි. බහදූර් ඛාන් ගේ වැන්දඹුව වූ  රාණි රූප්තා  දේවිය සති පූජාව පවත්වා තම සැමියා සමඟ මරණින් මතු ජීවිතයට එක්වීමට තීරණය කළාය.නමුත් ආක්‍රමණිකයා එය වළක්වා, තමා සමග  විවාහ වන ලෙස ඇයට බල කර සිටියේය .

යුධ පිටියට යාමට  පෙර,බහදූර් ඛාන්  තමා  පරාජයට පත්වුවහොත්  තම අන්ත  පුරයේ කාන්තාවන් සතුරන් අතට පත් වීම වැළැක්වීම පිණිස මරා දමන ලෙස තම සේවකයන්ට නියෝග කර තිබුණි. තම රජුන්ගේ පරාජය පිළිබඳ පුවත සේවකයින් වෙත  සැළවූ විගස , ඔවුන් කාන්තාවන් ඝාතනය කිරීමට  පටන් ගත්හ. නමුත් ඔවුන්ට මෙම කාර්යය නිම කිරීමට පෙර මෝගල් හමුදාව මාළිගාවට ඇතුළු විය. රූපමතීගේ සේවිකාව ඇයට පහර කිහිපයක් එල්ල කළ නමුත් ඇය මරණයට පත්කිරීමට පෙර මෝගල් හමුදාව විසින් බේරා ගනු ලැබීය. ඒ අතර රූප්මතී  මල් විකුණන්නියක  ලෙස වෙස්වලාගෙන සාරංපූර් සිට කිලෝමීටර් 30 ක් පමණ දුර ගෙවා ගොස්  තම සහෝදරයන් හමුවී උපකාර අයැද සිටියාය.  මෝගල් අශ්වාරෝහකයෝ ඇය ලුහුබැඳ   ගොස්, ඇගේ  සහෝදරයන් ඝාතනය කර, ඇයව නැවත ගෙනවිත් ආදම් ඛාන් වෙත භාර කළේය.ආදම් ඛාන් ඇය වසගයට ගැනීම පිණිස විවිධ බලපෑම් කරන්නට විය. ගැළවීමක් නැති බව වටහාගත් ඇය, ආදම් ඛාන් සමඟ විවාහ වීමට තම ව්‍යාකූල සිත සන්සුන් කරගැනීම පිණිස දින තුනක කාලයක් ඉල්ලා සිටියාය  තෙවන දිනයේදී ,ආදම්ඛාන් විසින්  මහා මංගල උත්සවයක්   සංවිධානය කළේය. රූප්මති ස්නානය කොට, ඔවුන්ගේ විවාහ දිනයේදී බාස් බහදූර් ඇයට ලබා දුන් මංගල ඇඳුමින් සැරසී සිටියාය. පසුව ඇය ඇගේ වීනාව  තුරුලට ගෙන වයමින්  පෙර දිනෙක ඇගේ සැමියාගේ හදවත උණුසුම්  කළ ගීතය  ගායනා කළාය.  අවසන වීණාව පසෙක තැබූ රූප්මතිය  ඉතා සන්සුන්ව ඇය තම  සුලැගිල්ලේ පැළදි රන් මුදුවේ  දියමන්තිය ගලවා  කුඩුකර දියමන්ති කුඩු  ගිල දැමුවාය.

roopmathi - eLanka

හොඳ හැටි මත්පැනින් සප්පායම්වූ   ආදම් ඛාන් රූප්මතී  රැදී සිටි   කාමරයට ඇතුළු වූයේ නිම්හිම් නොමැති සොම්නසිනි. නමුත් ඒ වන විට රූප්මතියගේ ප්‍රාණය නිරුද්ධව ගොසිනි. රුදුරු ප්‍රචණ්ඩ පුද්ගලයෙක්වූ ආදම් ඛාන් මෙම දසුනෙන් මහත්ම සංවේගයට  පත් විය.

තම ස්වාමිපුරුෂයා කෙරෙහි පැවැති පතිභක්තිය අගය කරමින් රාණි රූපමතීගේ දේහය සාරාන්ග් පුර්හි තැන්පත් කරනු ලැබුවේ මෝගල් ජෙනරාල් ආදම් ඛාන් විසිනි. සාරන්ග්පූර්  ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජ්ගාර් දිස්ත්‍රික්කයේ කාලි සින්ද් නදී තෙර පිහිටියේය.

roopmathi - eLanka

රූප්මතී දේවියගේ සොහොන රූප්මතී දේවියගේ නමින් ඉදිකළ මුස්ලිම් පල්ලිය.

රාණි රූප්මතීගේ කාව්‍ය  නිර්මාණ. –

1599 දී  අහමඩ් උල් උම්රි තුර්කෝමන් පර්සියානු භාෂාවෙන් රචිත ‘ නෙළුම් ආර්යාව: මාණ්ඩු හිරූප්මාති රැජින ‘ යන කෘතියෙන් ඇයගේ ජීවන  වෘතාන්තය කදිමට විවරණිතය. තත්  ලේඛකයා පවසන පරිදි රූප්මාති යනු ජාදු රායිගේ දියණියයි.

රාණි රූප්මාති පබැඳූ භාවපූර්ණ පද්‍ය  26 ක් එම   කෘතියට ඇතුළත්ය.

roopmathi - eLanka

එම  කාව්‍යයන් අතර තම ස්වාමියාගේ

 වියෝගයෙන් කම්පිතව නිර්මාණය

කළ පහත දැක්වෙන පද්‍යයෙන් ඇයගේ

භාව පූර්ණ කවීත්වයේ  මහිමය මැනවින් පසක්වේ.

 

පෙර දවස

ඔබ ලබැදි  සෙනෙහසින්

හද නිබද  විකසිතව

සතුට සොම්නස

නර්මදා නදී රිද්මයෙනි

උතුරා ගියේ

අසිරිමත් පෙර දවස

අදුරු තිමිරයෙන්

වැසුනු සද

ඔබෙන් තොර මෙදියත

අරුමයකි දිවි ගමන

 කදුළු පිරි නෙතු බිඟුන්

තටු සළයි ඔබ සොයා

අදුරු තිමිරය  ගලන

සොදුරු  මිටියාවත පුරා

 

ආචාර්ය  ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

රාණි රූප්මතී වෘත්තාන්තය ආශ්‍රයෙන් නිර්මාණිත ,සුප්‍රකට හින්දි චිත්‍රපටය සහ ඇය  පිළිබදව සජීවී තොරතුරු සමුදායක්  පහත දැක්වෙන යොමු තුලින් වඩාත් සවිස්තරාත්මකව ඔබට දැකගත හැකිය.

roopmathi - eLanka

Film

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ඉන්දියාවරාණි රූප්මතීරාධා ක්‍රිෂ්ණාරාමා සීතාෂා ජහාන් මුම්ටාෂ්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Horton Plains National Park-eLanka Exploring Sri Lanka’s Breathtaking Biodiversity: A Journey Through Horton Plains National Park-by Kalani-eLanka
Next Article Dehiwala Dehiwala, Sri Lanka: Where Coastal Beauty Meets Vibrant Culture – by Bhanuka – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr Harold Gunatillake

Red Sea Blockage: Early Indications Demonstrate that President Trump’s Strategy Is Undermining Iran’s Leverage-by Harold Gunatillake

Legendary Sri Lankan Cricketers Who Made History - By Malsha - eLanka
Articles Malsha Madhuhansi

Legendary Sri Lankan Cricketers Who Made History – By Malsha – eLanka

10 Things You Should Know About Staying Connected
Articles

Looking For Sri Lankan Events in Sydney? Here Are 10 Things You Should Know About Staying Connected

Music as Therapy
Articles Bhanuka Nuwan

Music as Therapy: A Scientific Exploration of Healing Through Sound – By Bhanuka – eLanka

Articles Nadeeka Kumari

The Winding Stair Shell: A Fascinating Seashell of Sri Lanka’s Shores – By Nadeeka – eLanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.