News & Community eLanka

eLanka

Monday, 25 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 වසරක් සපිරේ – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 වසරක් සපිරේ – By Gamini Kariyawasam

eLanka admin
Last updated: July 15, 2023 2:56 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 24

බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 වසරක් සපිරේ – By Kariyawasam

2023 ජූලි 18 වන දිනට ,අති පූජ්‍ය අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි    අපවත්වී 25 වසරක් සපිරේ..උන්වහන්සේ මහත් බැතියෙන් අනුස්මරණය පිණිස සැකසෙන මෙම ලිපිය,උන්වහන්සේ ජීවතුන් අතර සිටියදී,තම දිවිපෙවෙත පිලිබදව,කළ විවරණයකින් ආරම්භ කිරීමට අදහස් කළෙමි. එම   ජීවමාන  වදන්  සමුච්චය,උන්වහන්සේගේ රූප    කාය, ගැඹුරු වාග් කෞශල්‍ය සජීවී සිතුවමක් ලෙසින් අප මනසේ ස්පර්ශවීමට  ඉවහල් වනු නිසැකි.


උන්වහන්සේගේ  99 වැනි ජන්ම දින ගුණ සමරුව,1994 අගෝස්තු 23 දිනට යෙදී තිබිණි. පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රේය මහානායක හිමි   ඒ වන විට වයඹ දිග ලන්ඩනයේ කිංග්ස්බරි හි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  වස්සාන විවේකය ලබමින් වැඩ  සිටිසේක.එහි පැවති  ස්වාමීන්ද්‍රයන්ගේ ජන්ම දින සැමරුම් උත්සවයේදී රැස්ව සිටි පිරිස ඇමතූ මහනා සමිදුන්,

: ‘ඔබ මගේ උපන්දිනය සමරනවා, මම මගේ 99 වන වසරට පා තබමි. ඒ කියන්නේ මගේ ආයු කාලය ඉක්මනින් අවසන් වෙමින්  පවතිනවා. මේක සමරන්න දෙයක්ද? මට මෙම සිහිපත් කිරීම තුළින් ,මම මරණයට ළං වන බව හැගී  මට සතුටක් දැනේ, මම දන්නා පරිදි මගේ මරණයට ආසන්න වීම යනු මම නව උපතක් කරා ගමන් කරන බවයි. මගේ නිහතමානී ප්‍රාර්ථනය බුද්ධ ධර්මයේ සේවය පිණිස මිනිසුන් අතර  නැවත ඉපදීමයි. මම දන්නවා මගේ ඊළඟ ජීවිතයේදී මම වඩාත් බලගතු, වඩා හොඳින් උගත්,  ලෝකයේ බුදුදහම   ප්‍රචාරණය සඳහා මගේ සේවය කරගෙන යාමට හැකියාව ඇතිව ජන්මය ලබන බව.. මා බුදු බව ලැබීම  අපේක්ෂා කරන්නේ ඉන් අනතුරුවයි.

මේ අතර ආගමික උත්සවයට සහභාගී වෙමින් සිටි ,ලන්ඩන් පුර, වැසියෙක්  නාහිමි වෙතින් පැනයක් විමසීය.

-” ඔබ”වහන්සේ  පැවිදි වීමට පෙර ඔබේ ජීවිතය ගැන යමක් දැන ගැනීමට අප  මහත්  කැමත්තෙන් සිටිනවා.”

උන්වහන්සේ සිය කුලුණුබර හඩ  අවදි කරලමින්,

-” මම ඉපදුණේ 1896 අගෝස්තු 23 වැනිදා හීන්මැණිකේ සහ මැතිස් අප්පුහාමිට දාව. මම ඉපදිලා දවස් දාහතරකට පස්සේ මගේ අම්මා මැරිලා, දුකට පත් තාත්තා ගම දාලා ගියා. මගේ තාත්තගේ සහෝදරයාවූ  ඩිංගිරිහාමි මුදලාලි සහ ඔහුගේ බිරිඳ යසෝහාමිනේ තමයි මාව හදා වඩා ගත්තේ. මට ඔවුන් මගේ දෙමාපියන් වුණා . මගේ ගිහි නම විලියම්.ඒත් වැඩි  දෙනෙක් මා ආමන්ත්‍රණය කළේ  පුංචි මහත්තයා කියල. වයස අවුරුදු 9 දී මහාබෝධි සංගමයේ කීර්තිමත් බ්‍රහ්මචාර්ය වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා  හමුවීම මගේ දිවි පෙවෙත උතුම්වූ පැවදි බිම වෙත යොමු කිරීමට ප්‍රධාන හේතුවක් වුණා.

{ මුලාශ්‍රය –

(Reproducing in electronic media in memory of his 99th birthday   anniversary on 23 August 1994 )

The 99th birthday of the Most Ven. Aggamahapanditha Balangoda Anandamaitreya Mahanayake Thera was celebrated at The Saddhatissa International Buddhist Centre, Kingsbury, North West London on 23 August 1994. The Ven. Mahanayake was observing the lent of Rainy Season (Vassna Retreat) in London at the time. Addressing the large gathering on this occasion Ven. Thera said :

‘ You are celebrating my birthday and I am reaching my 99th year. That means my life span is fast coming to an end. Is this a thing to celebrate? Well ! as for me, it is a thing for celebration, because the nearer I go towards death happier I feel, as I know nearing my death means I am moving towards a new birth. My humble wish is to be reborn over and over again among human beings for the service of the Buddha Dhamma. In this life, I could not fulfill my wish for its pristine purity. But I know in my next life I will be more influential, better learned, much stronger, and capable of carrying out my service to propagate Buddhism in the world. It is common knowledge in Sri Lanka that my aspiration is to attain Buddha hood someday in the distant future. Perhaps it will be decided when I see Lord Maitreya’.

Q. I am sure people in Sri Lanka would like to know something about your life prior to your priesthood. Would you like to talk about it?

A. I was born on 23 August 1896 to Heenmenike and Mathies Appuhamy. Fourteen days after I was born my mother had died and my saddened father had left the village altogether. It was my uncle Dingirihamy Mudalali (father’s brother) and his wife Yasohamine who brought me up. To me, they were my parents.

Q. What were you called in your childhood, and what made you enter the priesthood?

A. My (gihi) name was William ( Punchi Mahattaya). At the age of 9 an eminent figure from the Mahabodhi Society, Brahmacharya Walisinghe Harrischandra visited my school, Kumara Vidyalaya, in 1905, and delivered a speech on the Buddhist way of life. Having listened to his talk, I thought I should follow the true Buddhist path and be a model like the gentleman himself. In those days everyone respected and honored monks. At the age of 15, after a ‘ battle’ with my ‘parents’ to obtain their blessing to take up robes, I received their consent in 1911. Finally, I was ordained as a ‘Samanera’, at Nandaramaya, Balangoda Udumulla Temple, which was also built by my uncle Dingiri Mudalali.” }

 බලංගොඩ කිරිඳිගල නිජබිම කර  උපත  ලද විලියම් ළදරුවා , මූලික අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ කුමාර විද්‍යාලයෙනි.

     15 හැවිරිදි ළමා වියෙහිදී සඟ සසුනට  ඇතුළත් වීමට තීරණය කළ මෙම මානවකයා  1911 මාර්තු 02 වැනි දින බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී සාමණේර නමක් ලෙස පැවිදි බිමට පිවිසේ.  අනතුරුව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝ 1916 ජූලි 14 වැනි දින බලංගොඩ ඕලු ගංතොට උදකුඛේප සීමාවේදී උපසම්පදාව ලැබීමට භාග්‍යමත් වුහ .

    උන්වහන්සේ පැවිදි වීමෙන් පසු  ස්ව උත්සාහයෙන් අධ්‍යයන කටයුතු කරගෙන ගිය අතර පසුව බුදුදහම සහ භාෂා පිළිබඳ විශාරදයෙකු බවට පත්විය .උන්වහන්සේ 1922 දී කොළඹ ආනන්ද විද්‍යාලයයේ  ගුරුවරයකු බවට පත්වූහ . ථෙරවාදී දහම ප්‍රමඛස්ථානයේ  තබා ගෙන, මහායාන බුද්ධාගම , මන්ත්‍ර සහ ගුප්ත යෝග වැනි වෙනත් සම්ප්‍රදායන් ගැඹුරින් හැදෑරීම කෙරෙහි ද උන්වහන්සේ දැඩි ප්‍රයත්නයක යෙදිණි .

1925 දී කොළඹ නාලන්දා විද්‍යාලය ස්ථාපනය කරන විට එහි ප්‍රථම ධර්මාචාර්ය වරයා වූයේ අනද මෙත් සමිදුන්ය. පසු කාලයේ උන්වහන්සේ  ශ්‍රී ලංකාවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහායාන බුද්ධාගම පිළිබඳ මහාචාර්යවරයා බවට පත් විය . හෙතෙම 1963 දී බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති තනතුරට ද , 1966 එම විශ්වවිද්‍යාලයේම උපකුලපති තනතුරට ද  පත් කරනු ලැබිණි.

ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ප්‍රථම එතෙර ධර්ම ප්‍රචාරක  සංචාරය  1926 දී ඉන්දියාවේ කේරළයට විය .1969  වසරේදී ශ්‍රී ලංකාවේ අමරපුර සංඝ සභාවේ අධිපති තනතුරෙන් එතුමන් පිදුම් ලැබීය.

. ආනන්ද මෛත්‍රේය හිමි වෙත  ශ්‍රී ලංකා රජයෙන් “ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද රාජකීය පණ්ඩිත” ගෞරව උපාධිය පිරිනමනු ලැබිණි. නාහිමිපාණන්ගේ ජාතික,ආගමික සහ ශාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් “සාහිත්‍යසුරි” සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් “සාහිත්‍ය චක්‍රවර්ති” යන ගෞරව නාමයන් ගෙන් පිදුම් ලැබීය.

most ven balangoda-ananda maitreya at chiththe

.මියන්මාරය උන්වහන්සේ වෙත  “අග්ග මහාපණ්ඩිත” පදවි නාමය ප්‍රදානය කළේය.  පසු කාලයේදී  මියන්මාරය උන්වහන්සේ ශාසනයට සිදු කරන ලද අද්විතීය සේවයට ගෞරවයක් වශයෙන් අභිධජ මහරත්තගුරු ,සංඝරාජ යන උසස්ම සංඝ පදවිය ප්‍රදානය කළේය.

තමන් වහන්සේ නම්බු නාම සහ සම්මාන සඳහා කිසිඳු කැමැත්තක් නොමැති බවත්, නමුත් එය භාරගන්නේ ඉදිරිපත් කරන්නා තෘප්තිමත් කිරීමට බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මහා නාහිමියන් ගේ චරිතයේ නිහතමානීත්වය  මනාව පැහැදිලි වේ. සම්මාන පිළි  ගන්නා  බොහෝ අවස්ථාවන්හී නාහිමිපාණන් ප්‍රකාශ කළේ  ” සම්මාන, පදවි, තනතුරු සඳහා ඇති තෘෂ්ණාවේ නොවටිනාකම සහ නිෂ්ඵල බව පිළිබඳ අභිධම්ම පිටකයේ සංයුක්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනාවන්  මට නිතර සිහිපත් වේ ” යනුවෙනි.

ආනන්ද මෛත්‍රෙය හිමි බෞද්ධ සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව යන දෙකම බොහෝ දුරට පුරුදු  කළ යතිවරයාණන් කෙනෙකි. උන්වහන්සේ භාවනාව තුළින් ඉතා දියුණු මනසක් ලද  අයෙකු ලෙස සැලකේ .  ආනන්ද මෛත්‍රෙය හිමියෝ සූත්‍ර ,විනය, අභිධර්මය සහ පාලි සහ සංස්කෘත ව්‍යාකරණ පිළිබඳව සිංහල ඉංග්‍රීසී  ග්‍රන්ථ පනහකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇත . නාහිමිපාණන්  විසින් ලියන ලද ශාක්‍යසිංහවදනය හෙවත් බුද්ධ චරිතය ග්‍රන්ථය  පාසල් පෙළපොතක් ලෙස භාවිතාවේ.. භාවනා දීපනිය , සම්බෝධි ප්‍රාර්ථනාව , දම්සභාව , සතර පරමාර්ථය , බුද්ධ ධර්මය , විදර්ශනා භාවනාව ,    මෛත්‍රී භාවනාව , අනාපාන සති භාවනාව , ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ලිඛිත කෘතිය සමුදාය අතරින් කිහිපයකි.

අග්ගම මහා පණ්ඩිත අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමිපානන් සිය ජීවිතයේ අවසන් කාළයේ වැඩ සිටියේ , තලවතුගොඩ ,වික්‍රමසිංහ පුර චිත්ත විවේකාශ්‍රමයෙහිය.

. සෑම පුර පසළොස්වක පොහොය දිනකම හිමිදිරි උදෑසන, සිල් සමාදන් වීම පිණිස චිත්ත විවේකාශ්‍රමය වෙත පැමිණීම, දිවංගත ජනපති ප්‍රේමදාස මැතිදුන්ගේ මාසික දිනචර්යාවේ වැදගත්ම අංගයක් විය.

ශීල සමාදානයෙන් අනතුරුව අනදමෙත් හිමි වැඩ සිටි කුටිය වෙත ගොස් උන්වන්හන්සේ සුවදුක් විචාරිම පොහෝ දින වැඩසටහනේ අනිවාර්ය අංගයක් විය. එසමයෙහි ශ්‍රී සුචරිත ව්‍යාපාරයෙහි ආගමික කමිටු ලේකම් ලෙසින් සේවය කළ නිසා එම දුර්ලභ අවස්ථාවට සහභාගී වීමටත්, අනඳමෙත් හිමියන් සමීපව ඇසුරු කිරීමටත් මට අවකාශයක් සැලසිණි.

දිවංගත ජනාධිපති තුමා දිනක් අනඳමෙත් හිමි හමුවූ අවස්ථාවක උන්වහන්සේ වෙතින් විමසූ ආශ්චර්යමත් පැනයක් මේ අවස්ථාවේ මගේ මතකයට නැගේ .

“ මහනායක හාමුදුරුවනේ ඔබවහන්සේ මාර්ගඵල ලබාගත් පැවිදි උත්තමයකු බව අපි කාගේත් විශ්වසයයි . ඒ ගැන අප යමක් දැනගන්නට කැමැතියි.” හිටපු ජනපතිතුමන්ගේ එම අදහස වැරදි බව, එම අවස්ථාවේ උන්වහන්සේ නොවලහා ප්‍රකාශ කිරිමට තරම් නිහතමානී වූහ.

“ඒක වැරදි අදහසක් ජනාධිපතිතුමනි, මා සංඛාර උපේක්ෂා නැණස පහළ වන තෙක් පමණයි භාවනාව වඩා තියෙන්නේ. බොහෝ අයගේ අදහසක් තියෙනවා මෛත්‍රි බුද්ධත්වය පතා මා පාරමිතා පුරන බව. මා පාරමිතා පුරන්නේ ඊටත් එහා ලොව්තුරා බුද්ධත්වය ළඟාකර ගැනීමේ දැඩි අධිශ්ඨානයෙන්…”

ගිහි ජීවිතය ගත කරන අයකුට වුවද දිනකට විනාඩි 15ක් වත් භාවනව වැඩීමෙන්, තමන්ගේ සිරුර දෙස බලා අනිත්‍යතාව මෙනෙහි කිරීමෙන් සිතෙහි දියුණුවත් ,ආධයාත්මික සුවයත් ළඟාකර ගත හැකි බව උන්වහන්සේ බොහෝ දේශනාවන් හීදී  පළකළ අදහසකි.සිතේ ශක්තිය වැඩීමෙන් ලොකෝත්තර වශයෙන් පමණක් නොව ලෞකික වශයෙන් ද මිනිස් වර්ගයාට ලද හැකි ශාන්තිය උන්වහන්සේ නිරින්තරයෙන්ම අවධාරණය කළසේක.

විනයගරුක බුද්ධ පුත්‍රයෙක්වූ , ධර්මය සහ විනය පිළිබඳ මනා දැනුමෙන් පිරිපුන් ,දේශ දේශාන්තරයන්හී නිර්මල බුදු දහම සුපතල කිරීමට පුරෝගාමීවූ

ශ්‍රී ලාංකේය විද්වත් භික්ෂුවක පෞරුෂයක් ලොවට  මැනවින් ප්‍රකට කළ  ,අති පුජ්‍ය බලන්ගොඩ අනද මෙත් හිමිපාණන්,අදින්  25 වසරකට පෙර  1998 ජූලි 18 වන දින අපවත්වී වදාළ සේක. උන්වහන්සේගේ යහ ප්‍රාර්ථනයන් ,මතු සපත  වන්නට හේතු වසනා වේවායි ආශිංසනය කරමු.

 අචාර්ය ගාමිණී කාරියවසම්.

පහත දැක්වෙන link එක  click කිරීමෙන්,,ඔබට ආනන්ද හිමි ගේ සජීවී  සාකච්චාවක්  නැරබිය හැකිය.
අනද මෙත් හිමි ,සිය ජීවන තතු පැහැදිලි කරමින්.https://youtu.be/lXhcwKwhDUY

TAGGED:Balangoda Anandamaitreya MahanayakeMost Ven. Aggamahapanditha Balangoda Anandamaitreya Mahanayake TheraThe Saddhatissa International Buddhist Centre
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri lanka cricket team - eLanka Avishka steers Sri Lanka ‘A’ to win over Bangladesh ‘A’
Next Article Sri Lanka Some Street names in Colombo OLD and NEW – By Hemal Gurusinghe
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Free ETA , Sri Lanka Tourism , Tourist Visa , Travel Update

Sri Lanka Officially Opens Free 30-Day ETA Access to 40 Countries from May 25

Beach Clean-Up , British School Colombo, Dehiwala Beach

Young Eco-Warriors: British School Colombo Leads Dehiwala Beach Clean-Up

Ahmedabad , FitsAir launches , MICE

FitsAir Connects Ahmedabad and Colombo with New Direct Flights

Shelley Nitschke signs contact extension

Shelley Nitschke signs contact extension

Vesak 2026 Melbourne, Millennium Imports Australia, Vesak Bath Dansala Melbourne, Drive-Thru Vesak Dansala, Sri Lankan community Australia, Buddhist celebrations Melbourne, Vesak Sri Lanka Australia, Dandenong South Vesak event, Dana tradition Buddhism, Vesak almsgiving Australia, Sri Lankan Australians, Melbourne Sri Lankan events, Vesak lanterns Melbourne, Buddhist community Australia, Sri Lankan culture in Australia, Vesak Full Moon Poya Day, Sannasa Digital, community service Melbourne, Sri Lankan diaspora Australia, Buddhist charity event, Vesak rice dansala, Melbourne Buddhist events, Sri Lankan heritage Australia, eLanka news, Australian Sri Lankan community, cultural events Melbourne, Buddhist generosity tradition, Vesak food donation, Millennium Imports Dandenong, Sri Lankan Vesak celebration

Millennium Imports Serves Over 5,000 in Successful 3rd Annual Drive-Thru Vesak Almsgiving

Related News
Artificial Intelligence (AI)
Articles

Artificial Intelligence and workforce vulnerability-by Dr. Chandrika Subramaniyan

Articles Charles Schokman

Pentecost Global Day of Prayer-by Charles Schokman

The Ghosts of Mount Mary-A Forgotten Railway Legacy
Articles

The Ghosts of Mount Mary: A Forgotten Railway Legacy

Concerns regarding the occurrence of foamy urine-eLanka
Articles Dr Harold Gunatillake

Concerns regarding the occurrence of foamy urine, its causes, and Remedies-by Harold Gunatillake

The annals of Sri Lankan sporting history are punctuated by moments of profound triumph, yet few resonate with as much enduring power as the victory in the 1996 Cricket World Cup. On Saturday, 16 May 2026, the global cricket community gathered at the historic Royal Selangor
Articles

Legends Reunite: chaTax® Accountants Sponsors Sri Lanka’s 1996 World Cup 30th Anniversary Celebration in KL

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.