News & Community eLanka

eLanka

Friday, 4 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මළ මුහුද ආශ්‍රිත ආගමික පුරාවෘත්ත-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

මළ මුහුද ආශ්‍රිත ආගමික පුරාවෘත්ත-by Gamini Kariyawasam

eLanka admin
Last updated: March 5, 2026 6:11 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 86

මළ මුහුද ආශ්‍රිත ආගමික පුරාවෘත්ත-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

elanka

Source:Lankadeepa

ළානිල් අහස් කුස මුහුද හා යාවන ඉමේ, ජෙරුසම දෙසින් පිහිටි කඳු වළල්ල හිරු රැස් පතිත වීමෙන් ඈතට දිස්වන්නේ රන් පැහැයෙනි. එම රුවන්මුවා ප්‍රදේශය වසා පැතිරී මහ සයුර, මීදුමින් වැසුණු නිසල තැනිතලාවක් විලසින් මිනිස් සිත සොම්නස දල්වනසුලුය. සයුර ඉම තැනින් තැන උස්ව නැගුණු කිරි පැහැ ගල් තලාවක් වඩාත් සමීපව පරික්ෂා කරන්නකුට ඒ ලුණුවලින් සුසැදි ජල තලාවක් බව දිස්වේ.   

කලකට ඉහත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සේවයෙහි නිරතව සිටි කාලයේ මට කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ජෝර්දානයට යාමට සිදුවිය. එහිදී දැකගන්නට ලැබුණු ස්වභාව ධර්මයාගේ ආශ්චර්යමත් නිමැයුමක් වූ මළ මුහුද එදවස මා සිතේ සිත්තම් වූයේ එපරිද්දෙනි.   

එහිදී මා නෙත් ගැටුණු දසුන්, අසා දැන ගත් තොරතුරු සහ ශාස්ත්‍රීය ලේඛන පරිශීලනයෙන් උකහා ගනු ලැබු දැනුම් සම්භාරය උපයෝගීත්වයෙන් මෙම ලිපිය සැකසිණි.   

ජලජ ජීවීන්ගෙන් හා පැළෑටීන්ගෙන් තොරවීම නිසා මළ මුහුදට එම නම ව්‍යාවහාරිත ය. මළ මුහුද පිහිටියේ ජෝර්දානයේ අගනුවර වූ අම්මාන් හී සිට කි.මී. 70ක පමණ දුරින් වූ මැසඩා ප්‍රදේශයෙහිය. පෘථිවි පෘෂ්ඨයේ පහළම ස්ථානය ලෙසින් සැලකෙන මළ මුහුද, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පහළින් නිර්මාණය වී ඇත. මෙම සුවිසල් ජල තටාකය බටහිරින් ජුඩියස් කඳුපෙළ දක්වාද නැගෙනහිරින් මෝබ් කඳුයාය දක්වාද පැතිරී පවතී.   

ක්‍රි. පූර්ව 3 වන සියවසේ පෞරාණික ජුඩියාවේ (වත්මන් පලස්තීනයේ) රාජ්‍යත්වයට පත් මහා හොරොඩ් සිය කඳුකර බළකොටුව ඉදිකළේද මළ මුහුදට ඔබ්බෙන් වූ මසාදා උස් බිමෙහිය. අනාගත වක්තෲන් අතින් පරණ තෙස්තමේන්තුව ලියවිල්ලක් බවට පත් වන්නෙත් ඉපැරණි නෙබ්යුලා කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයෙහිය. මළ මුහුද ආසන්නයෙහිම පිහිටි උණුදිය උල්පත් පහසින් සිය රන් පැහැ සිරුර ඔපවත් කර ගැනීම හා මළ මුහුදේ සෞන්දර්යකාමී උන්මාදනීය අසිරියත් වින්දනයත් උදෙසා ක්ලියෝපැට්රාවන් අතීතයේ දී මෙම පෙදෙසට නිරන්තරයෙන් පැමිණි බව ද වාර්තා වේ.   

මළ මුහුද එහා ඉම පැතිරී දැවැන්ත කඳු යාය, ජෝර්දාන ගමනේදී දුර සිට දැක බලා ගැනීමට මට අවස්ථාව උදාවිය. ඓතිහාසික පුරාවිද්‍යා වැදගත්කමකින් යුත් ලේඛන සුරැකුණු ගල්ලෙන් සමූහයක් එම කඳු පව්වෙහි පිහිටි බැව් ඒ අවස්ථාවේ මා සමග සිටි මගේ සගයා මා හා පැවසීය.  ඒ මෙම ගමනට මා සමග සහභාගි වූ එවකට ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් සේවය කළ කේ. මාරිමුත්තු මහතාය. එම ඉපැරණි ගල්ලෙන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම පිණිස, මම පසු කලෙක මළ මුහුද පිළිබඳව රචිත ග්‍රන්ථ මෙන්ම අන්තර්ජාල ලිපි ද අධ්‍යයනය කළෙමි.   

එම කරුණු සොයා බැලීමේදී හසළ විද්වතෙක් වන ඩබ්. ඒ. එස්. පෙරේරා මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ පර්ෙ‌ය්ෂණාත්මක ලිපියක් මගේ දැඩි අවධානයට යොමුවිය. මළ මුහුද ආශ්‍රිතව පිහිටි සුණාපරන්ත දේශයෙහි බුදු දහම ප්‍රචලිතව පැවති බවත් භාග්‍යවතුන් වහන්සේ පුන්න භික්ෂූන් වහන්සේගේ ආරාධනයෙන් එහි වැඩි බවත් සූත්‍ර පිටකයෙන් කරුණු ගෙන හැර දක්වමින් හේ තත් නිගමනය තහවුරු කිරීමට විශ්වසනීය ප්‍රයත්නයක යෙදෙයි.   

පුන්න භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අවසර ගෙන ධර්ම ප්‍රචාර කටයුතු සඳහා සුණාපරන්තයට වැඩම කළ බව මජ්ඣිම නිකායේ පුන්නෝවාද සූත්‍රයෙහි සඳහන් වන බව හේ වැඩිදුරටත් අවධාරණය කරයි.
උන්වහන්සේගේ ආරාධනයෙන්, පසුකලෙක භාග්‍යවතුන් වහන්සේ මළ මුහුද ආසන්නයේ පිහිටි වර්තමානයේ මක්කම ලෙසින් සැලකෙන ස්ථානයේ ඉදිකර තිබූ සුණාපරන්ත දේශයේ මකුලකාරාමයට වැඩම කළ බව ක්‍රි. පූ. 5 වන සියවසේ බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද පපංචසුදණිය ග්‍රන්ථයෙහි සඳහන් බව ද ඩබ්. ඒ. එස්. පෙරේරා මහතා පෙන්වා දෙයි.   

බුද්ධඝෝෂ තෙරුන් විසින් පපඤ්චසුදනිය රචනා කරනු ලැබුවේ මහම්මත්තුමා ලොව උපත ලැබීමට සියවස් එකහමාරකට පමණ පෙර බවද මහමද්තුමා මක්කම උපත ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ මකුලකාරමයට වැඩීමෙන් වසර 1100ට පසුව බවද මෙහිදී අපගේ සුවිශේෂී අවධානය යොමු කිරීම වැදගත් වේ. මහම්මත් යන යෙදුමෙහි අරුත, මහාමති නොහොත් ප්‍රඥාවෙන්, බුද්ධියෙන් අගතැන්පත් තැනැත්තා යනුවෙන් පාලි ග්‍රන්ථයන්හි අර්ථකථනය කෙරෙන බව ද එම ලිපියෙන් හුවා දැක්වෙයි.   

බෞද්ධ ග්‍රන්ථවල ‘සුන’ සුනාපරන්තය, පුරාණ බයිබලානුකුල ‘සනයි’ යන ස්ථාන නාමය සමග ගැළපෙන ස්වභාවය මෙහිදී සංසන්දනය කර බැලීම යෝග්‍ය වේ. මළ මුහුදට වයඹ දෙසින්, ජෙරුසලමට සැතපුම් 20 පමණ දුරින් පිහිටි කුම්රාන් නම් ගම්මානයෙහි කඳුවැටි ආශ්‍රිතව, කිසිවකුගේ අවධානයට යොමු නොවූ ගල් ගුහා කිහිපයක් සැඟවී පැවතිණි.

elanka

එක්තරා අහඹු සිදුවීමක් නිසා එම ගල්ලෙන් ලෝකයාගේ අවධානයට බඳුන් විය. කාන්තාරවාසී බෙඩුවින් ජාතික එඬේරෙක්, කඳු බෑවුම් ඔස්සේ මංමුළාවූ බැටළුවෙකු පසුපස යමින් සිටියදී මෙම එක් ගුහාවක ද්වාරයට ගලකින් දමා ගැසීය. ඒ දෙසින් කිසියම් දෝංකාර ශබ්දයක් කොලුවාට ශ්‍රවණය විය. කුතුහලයට පත් ඔහු ගුහාවට ඇතුළු වීමට පෙළඹිණි. එතුළ පෙළට, පියන්වලින් මුද්‍රා තබා වසා තිබූ මැටි බඳුන් දුටු ඔහු මවිතයට පත්විය. මැටි බඳුන් තුළ නිදන් ඇතැයි සිතූ එඬේරා, එක් මැටි බඳුනක මුද්‍රා කඩා පියනක් විවර කළේය. ඝනකම සත්ව සම්, රෝල් කර මැටි භාජන තුළ බහා තිබෙනු ඔහුට දැක ගන්නට ලැබිණි. එඬේරා අපේක්ෂිත නිධාන කිසිවක් එහි නොවූවද මෙම සොයා ගැනීම මෙම සියවසේ විශාලතම පුරාවිද්‍යාත්මක සංවේදනය සනාථ කිරීමට ඉවහල් විය.   

මෙම පුවත කටින් කට පැතිරිම ඉතිහාසඥයින් මෙම පෙදෙසට කැඳවන සුළු විය. 1947 දී ආචාර්ය ජෝන් ට්‍රේවර් නම් පුරාවිද්‍යාඥයා මුල්වරට මෙහි පර්​ෙ‌ය්ෂණ කටයුතු අරඹනු ලැබිණි. මෙම මැටි බඳුන්වල ආරක්ෂිතව පැවතියේ සතුන්ගේ පදම් කළ සම්මත ලියා රෝල් කරන ලද අතිපෞරාණික ලේඛන විශේෂයක් බව ඔහු නිරීක්ෂණය විය. මළ මුහුද ආශ්‍රිත ගුහා එකොළසකින් ලේඛන ඛණ්ඩයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.   

පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට් මහතා පවසන පරිදි මෙම ලේඛන නිමැවුම ක්‍රිස්තු පූර්ව 1 වන සියවස දක්වා දුරාතීතයට විහිදේ. මෙම පත්‍රිකා හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවෙන් ලියා ඇති යුදෙව් පැරණි ගිවිසුමේ ලේඛන එකතුවක් සේ සැලකේ.   

ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා මහතා සිය පර්​ෙ‌ය්ෂණාත්මක ශාස්ත්‍රීය ලිපියෙන් අවධාරණය කොට ඇත්තේ මළ මුහුද ආශ්‍රිත රටවල එවකට බුදුදහම ව්‍යාප්තව පැවති බවය. මළ මුහුද වෙරළ ඉම කඳුකරයේ ගල්ලෙන්වලින් සොයා ගනු ලැබූ පත්‍රිකාවල සඳහන් ඇතැම් බෞද්ධ ඉගැන්වීම්, සිරිත් විරිත් සහ සාරධර්ම පිළිබඳ තොරතුරු එම මතය සනාථ කරනසුලුය. මළ මුහුදු ගල් ලෙන්හි තිබී හමුවූ පත්‍රිකාවක සඳහන් එවන් එක් පාඨයකින් පහත දැක්වෙන අරුත විද්‍යමානිත බව පැවසේ.   

‘සියලු නපුරු ක්‍රියාවලින් වළකින්න – සියලු යහපත් ක්‍රියාවල නිරතවන්න’   

වසර දෙදහස් ගණනකට පෙර කාන්තාර තරණය කරන්නෝ විවේකයක් ලැබීම පිණිස, මළ මුහුදු තීරයට සේන්දු වූහ. ප්‍රකට ආගමික ආරාම එකල මෙහි බිහිවිය. පේසුතුමන් බෞතිස්ම ලැබූ ශුද්ධ වූ පොකුණ පිහිටියේ ද මෙහිය. අතිශයින් කුතුහලය දනවන, අතිපෞරාණික තොරතුරු මළ මුහුද අවට නිම්නයේ කාලයාගේ වැල්ලෙන් වැසී ගොස් ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී ඇත. මළ මුහුද අද්දර ලෙන් තුළින් සොයා ගනු ලැබූ පැරණි පත්‍රිකා සියල්ල මෙතෙක් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර නොමැත. 

 
මතු ඒ සියල්ල ප්‍රකාශයට පත්වූ පසුව මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ බුදු දහමේ ව්‍යාප්තිය මෙන්ම කිතු දහමේ සහ මුස්ලිම් දහමේ මූලාරම්භය පිළිබඳවද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වනු නිසැකය. එම තොරතුරුවලින් එවකට තත් ත්‍රිවිධ ආගම් අදහන්නන් තුළ තහවුරුව පැවතී ආගමික සංහිදියාව මහිමය ද ලොවට හෙළිවනු ඇත.   

මළ මුහුදේ නිර්මාණය පිළිබඳව නිරීක්ෂණය කළ භූ විද්‍යාඥයෝ මයෝසීන යුගයේ දී ආසියානු මහද්වීපය නැගෙනහිර දෙසට හා අප්‍රිකානු මහද්වීපීය බටහිර දෙසට ඇදීයාමේදී පෘථිවි පෘෂ්ඨය ගිලා බැස ස්ථානයෙහි මළ මුහුද උපත ලද බව ප්‍රකාශ කර ඇත.   

මළ මුහුදු පතුල නිරතුරුවම ගිලා බැසීමේ තත්ත්වයකට මුහුණපා සිටී. විද්‍යාඥයින් ගණනය කර ඇති අන්දමට වසරකට අඟල් 13කින් මෙම ගිලා බැසීම අඛණ්ඩව ක්‍රියාත්මකය.  

මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සල්පර්, ක්ලෝරින්, අයඩින්, කැල්සියම් ආදි මිනිසාට ඉතා වැදගත් වන ඛණිජ ද්‍රව්‍ය රාශියක් මළ මුහුද ජලයෙහි සම්මිශ්‍රණය වී ඇත.   

බෙහෙවින් එරෙන සුළු මළ මුහුද රසායනික සංයුතියකින් යුත් මඩ විශේෂයක් මුහුදු පතුලෙහි දැකිය හැකිය.   
රෝග සුවකිරීමේ සුවිශේෂ ශක්තියක් මෙම මඩවල අන්තර්ගත බව විද්‍යා පර්​ෙ‌ය්ෂණ මගින් අනාවරණය වී ඇත.   

මිනිස් සමෙහි ක්ෂය වන සෛල වර්ධනය, සිරුරේ පැහැය රැක ගැනීම මෙන්ම විවිධ චර්ම රෝග සුව කිරීමෙහිලාත් සොයා ගත හැකි කදිම ස්වභාවික ඖෂධයක් ලෙසින්ද මළ මුහුදේ මඩ වැදගත්ය.   
ප්‍රතිශක්තිකරණය සඳහාත් මාංශ පේශිවල වේදනාව දුරු කිරීමටත් මළ මුහුදු ජලය හා මඩ ප්‍රකට රෝග නිවාරණය ක්‍රමයක් සේ භාවිත වේ.   

මුහුදේ සිට හමන සුළඟෙහි බ්‍රෝමියම් විශාල ප්‍රමාණයක් අන්තර්ගතය.   

මානසික ආතතිය දුරු කිරීමට හා ස්නායු පද්ධතිය ප්‍රබෝධමත් කිරීමට මෙම බ්‍රෝමියම් මුසුවූ මුහුදු සුළඟ අතිශයින් උපස්ථම්භක වේ.   

මළ මුහුදේ මඩවලින් විවිධ රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කරන කම්හල් කිහිපයක් ද අපට දැක ගන්නට ලැබිණ. විශාල වශයෙන් මෙම ප්‍රදේශයට ඇදී එන සංචාරකයින් මළ මුහුද මඩෙහි අඩංගු රෝග සුව කිරීමේ ශක්තිය උරගා බැලීම පිණිස තද කාළවර්ණ මඩ සිරුර පුරා තවරාගෙන හිරු තපිනු දැකීම මෙහි සුලභ දසුනකි.   

ඇතැම්හු මළ මුහුදේ ස්නානය කරන අතර තවත් පිරිස් මළ මුහුදු ජල කඳ මත පාවෙමින් පොතක් පතක් කියවති. දේශ සංචාරකයින් වැඩි පිරිසක් ඔටුවන් පිට නැගී මුහුදු සුළං විඳිමින් ඔබ මොබ ගමන් කරනු මෙහි දැකිය හැකිය.  

වසර මුළුල්ලේ පවත්නා හිරු රැස් ප්‍රභාව, මුහුදින් හමනා වියළි සුළඟ, මි.මි. 50ට අඩු වූ වාර්ෂික වැසිපතනය. ගිම්හානයේ පවත්නා සෙ. ග්‍රේඩ් අංශක 32-39ක් පමණ වූ උෂ්ණත්වය ශීත සෘතුවේදී අවම උෂ්ණත්වය 23-23ද උපරිම උෂ්ණත්වය 11-14ක්ද වූ සුවිශේෂිත උෂ්ණත්ව රටාව. සිරුරට අහිතකර අල්ට්‍රා වයලට් කිරණවල බලපෑම් මෙම ප්‍රදේශයේදී තුනීවීම මිනිස් පැවැත්මට හිතකර ඔක්සිජන් වායුවෙන් පරිසරය පරිපූර්ණවීම යන සාධක මෙම ප්‍රදේශය නුදුරු අනාගතයේදී ප්‍රධාන දේශ සංචාරක වෙරළ තීරයක් බවට පත්වීමට හේතු වනු නොඅනුමාන ය.




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:මළ මුහුද ආශ්‍රිත ආගමික පුරාවෘත්ත
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article International Women,s Day-eLanka Women in Prison, Women on Wheels, Market & Economic News, Carnival Dogs + more – Kaleidoscope 304
Next Article Finn Smashes & Smothers South Africa via Six-eLanka Finn Smashes & Smothers South Africa via Six-Hitting Spree-by Deivarayan Muthu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
University of Surrey IIHS Multiversity partnership

Surrey and IIHS Multiversity Partnership Expands Access to British Healthcare Education in Sri Lanka

Fusion Performance Atlas Angel 2026

Sri Lanka and U.S. Air Forces Unite for Free Atlas Angel 2026 Fusion Concert in Colombo

Ratnapura international gem exhibition

Gem City Ratnapura 2026 Concludes as Sri Lanka Eyes Global Gem Hub Status

Technocity Rebuilding Sri Lanka initiative

Technocity’s ‘Rebuilding Sri Lanka’ Initiative Empowers More Than 18,000 Students

Elektrateq ETX electric three-wheeler

Elektrateq’s ETX: Sri Lankan Engineers Redesign the Tuktuk for a Cleaner Future

Related News
Sri Lanka National Food Safety Policy
Articles

Sri Lanka Launches First National Food Safety Policy to Protect Public Health

Articles

The Sri Lanka Cricket Men’s National ODI and T20I Squads for the Upcoming Sri Lanka Tour of England 2026

Let’s explore the wonderful benefits of B vitamins together!-by Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Let’s explore the wonderful benefits of B vitamins together!-by Harold Gunatillake

Daehaena 20 anniversary group photo
Articles

20th Anniversary of Daehaena

Sri Lankan Dance Academy of Sydney - Duwarna
Articles

Sri Lankan Dance Academy of Sydney – Duwarna

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.