News & Community eLanka

eLanka

Friday, 14 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සුභාවිත සුනිල ගීත උල්පත – සුනිල් සරත් පෙරේරා. – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

සුභාවිත සුනිල ගීත උල්පත – සුනිල් සරත් පෙරේරා. – By Gamini Kariyawasam

eLanka admin
Last updated: March 1, 2025 3:11 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
16 Min Read
SHARE
Views: 59

lh top

සුභාවිත සුනිල ගීත උල්පත – සුනිල් සරත් පෙරේරා – By Gamini Kariyawasam 

Dr.Gamini Kariyawasam.

Sunil Sarath Perera

සරා සද සැරදේ…..

ප‍්‍රසාද ගුණයෙන් අනූන, අරුත්බර සුභාවිත ගී සමුදායකින් දැයේ අධ්‍යාත්මය භාව පුර්ණ රසඥතාවයෙන්  පුබුදු කළ සුනිල් සරත් පෙරේරා ශූරීන්  මාර්තු 05  දින  සිය ජීවන වන්දනාවේ 82 වන    අනුස්මරණීය ඉසව්ව වෙත සේන්දු වේ .1943 මාර්තු 5 වන දින සුනිල් සරත් ජන්ම ලාභය ලබන්නේ ඇල්බට් පෙරේරා, සුසියන් විද්‍යාරත්න යුවල ගේ වැඩිමහල් පුතනුවන් ලෙසිනි. පද්මිණිය හා නන්දනිය ඔහුගේ බාල සොහොයුරියන් දෙදෙනාය.

                             අප  මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ,විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියේ එකට  සිප්  සතර හැදෑරූ සමීපතම මිතුරන් වූවෙමු. හෙතෙම රුපවාහිණී අධ්‍යක්ෂ ජනරාල් ධුරය  හෙබවූයේත්, මා ඊට යාබදව පිහිටි ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ රාජකාරි කළේත් එකම කාල වකවානුවකය. මේ පරිද්දෙන් පාසල් වියේත්,රාජකාරි දිවි පෙවෙතේත්  මගේ සමීපතම මිතුරෙක්වූ සුනිලුන් ගේ ජීවනයේ  අධ්‍යාත්මීය රිද්මය  ,නිර්මාණනීය කුසලතා හැඩතල ,මම මැනවින් පසක් කරගෙන සිටියෙමි.ඒ අනුසරින් , සුනිල් සරත් පෙරේරා  නම් වූ ඒ  සෞන්දර්යකාමී  මිනිසා පිළිබඳව , ඔහුගේ ජන්ම දිනයේ  මෙවන් ආවර්ජනයක යෙදෙන්නට මා සිත්  මෙහෙයවනු ලැබිණි.

               ගීත  සාහිත්‍ය ක්ෂේත‍්‍රයට සහ විද්‍යුත් මාධ්‍ය ධාරාවට, ඔහු    වෙතින්  සිදු වූ, අමිල   යුග මෙහෙවර සුළුපටු නොවේ.

   ළබැඳි සුනිල් සරත් පෙරේරා, ඉසව් රැසක වෙසෙසි ප‍්‍රතිභාපූර්ණ කුසලතා පැතිර වූ අද්විතීය විද්වතකු ලෙසින් ජන ඇගැයුමට, ජන සම්භාවනාවට පාත‍්‍ර වේ. මෙතෙක් ඔහු වෙතින් අප දේශයට ඉටු වූ සුවිසල් මෙහෙවර මෙබඳු කෙටි ලිපියකින් හකුළුවා දැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දිග් විජය කරමින් ඔහු පෑ අසිරිමත් පෙළෙහර මෙහිදී සංක්ෂිප්ත ව විමසා බැලීමට අදහස් කළෙමි. ඔහු කේන්ද්‍රීය ගමන් මග සාහිත්‍යය, විද්‍යුත් මාධ්‍ය හා පරිපාලනය යන තුංමංසල ඔස්සේ විහිදී පැතිරී පවතී.

සාහිත්‍යවේදී සුනිල්

                       සුනිල්ගේ  සාහිත්‍ය මෙහෙවරේ  ප‍්‍රමුඛතාව හිමිවන්නේ ගීත නිබන්ධන විෂය ක්ෂේත‍්‍රය කෙරෙහිය. විවිධ අනුභූතීන් සහ තේමා ඔස්සේ සුභාවිත ගීත රාශියක් හෙතෙම සිංහල ගීත සාහිත්‍යයට දායාද කළේය. සුනිල් සරත් ගීතාවලියේ සුවිශේෂී තැනක් හිමි වන්නේප්‍රේමනීය  විරහව පාදක කොට ගත් විප‍්‍රලම්භ ශෘංගාර රස නිශ්පත්තිය දනවන ගී සමුදාය වෙතය. ප්‍රේමය වැනි අති සුලභ වස්තු විෂයයක් වින්දනීය මුලය කර ගනිමින් ගී පද නිර්මාණය කිරීමේදී, ඒකාකාරීත්වයෙන් තොරව මධුරතාව හා කාව්‍යමය ගුණ ලාවණ්‍යයෙන් සුසැදි නිර්මාණයක් ගෙත්තම් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එනමුදු සුනිල් සරත් තමන්ට නිසඟයෙන් උරුම වූ කුසලතා පූර්ණ අත්දැකීම් තුළින් සොදුරු ප්‍රේමයේ ගතික වූ මනෝභාවයන් මැනවින් පසක් කර ගෙන, මහත්ම වූ සංයමයකින් එහි උත්තරීතර ගතික ස්වභාවය මූර්තිමත් කිරීමට දක්වා ඇති සාමාර්ථය විශ්මය දනවනසුලූය. ගීතයක ආකෘතිය වින්දන මූලයකින් නිපන් ශබ්ද රටාවක් බව වරක් සුනිල් අප සමග පැවසීය. හෙතෙම ගීත නිර්මාණය යථාර්ථවත් සුගායනීය, රස නිෂ්පත්තිය කුළු ගන්වනසුළු  භාෂණයක් බවට පත් කළේය. ගීත නිර්මාණයේ දී නාම හා ක‍්‍රියා එකතුවෙන් රූපක අලංකාරය හඳුන්වා දීමේ ගෞරවය නිතැතින් ම ඔහු වෙත හිමිවේ.

 ළබැඳි සිත් මල් මිලිනව යන සඳ, ලොව අනියතතාව, වෙනස්වන සුලූ බව තිව්ර ලෙසින් හදවතට ස්පර්ශ වේ. සිතට  හැඟේ.  එම සනාතන දහම මැනවින් පසක් කරගත් සුනිල් සරත් පෑන් තුඩින් යථාර්ථය මහත් සංයමයකින් සිත්තම් වන අපූර්වතාව කෙතරම් අසිරිමත් ද?

 ”ඇය යන්න ගියා මැකිලා

 වන සිරසක තුරු සෙවණැලි අතරේ

 ගී ගයමින් හිඳ මා තුරුලේ

 ඇය යන්න ගියා මැකිලා”

                ප්‍රේමයේ ආත්මීය උණුසුමින් ප‍්‍රමුදිත ව ඔවුන් ගත කළ ඒ සොඳුරු නිමේෂය දෘශ්‍ය ගෝචර ආකෘතියකින් කාව්‍යමය පරිකල්පනයකින් ඉදිරිපත් කිරීමට රචකයා දක්වා ඇති සමාර්ථය අති වෙසෙසි. ගීතයේ අර්ථය උද්දීපනය පිණිස ස්වර රචනයෙන් එච්. එම්. ජයවර්ධන සංගීතඥයා සහ සුගායනයෙන් අමරසිරි පීරිස් ගාන්ධර්වයා දක්වා ඇති ප‍්‍රශංසාර්භ උත්සාහය අගනේය.

  ”පිනි කඳුළක් මල් පෙති අග තවරා

 මීදුම සළුවෙන් මුහුණ වසා”

                          සිය සොඳුරියගේ සදාතනික වියෝව මූර්තිමත් කරන්නට රචකයා අවැසි සංකේත ඉතා තීක්ෂණ අන්දමින් සොබා පරිසරයෙන් උකහා ගනී.

 යළිි කවදාවත් හමු නොවනා බව

 මඳ පවනින් හිස අතගා කීවද

 අදහා ගන්නට නොහැකිය කිසි දින

 ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර”

                 ප්‍රේමවන්තයා සිය හිස පිස හමා ගිය මඳ පවන දකින්නේ සිය ප‍්‍රියාදරිය යළි කිසිදා හමු නොවන බව සිය හිස ස්පර්ශ කරමින්  සපථ කළ බවය. ගිම්හානය යුග දිවියේ සැඳෑ සමය සිහි ගන්වයි. දිවියේ සැඳෑව එළඹෙන වියපත් සමය, යුවතිපති දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි කාල වකවානුවකි. එනමුදු ඇය ගිම්හානයට කළින් තමා වෙත සපැමිණෙතැයි අදහා ගනු අසීරුය. ගීතයේ අවසන් පද කීපය විප‍්‍රලම්භ ශෘංගාරයෙන්  සහෘදයා සිත්  ප‍්‍රබල ලෙස ප‍්‍රකම්පනයට පත් කරවන සුළුය. ගීතය හා දැවටුණු සංගීතය පාළුව විරහව වේදනාව උද්දීපනය කිරීමට සමත් ය. සංකල්ප රූප රූපක භාවිතයෙහි ලා මෙහිදී රචකයා දක්වා  අති සියුම් ප‍්‍රාගුණ්‍යතාව ප්‍රශස්තය.

මැතක දී  මහාචාර්ය විමල් දිසානායක මහතා  “ඇය යන්න ගියා මැකිලා…..” ගීතය තුළින්  රචකයා   කදිම භාෂාත්මක වික්‍රමයක් දක්වා ඇති බැව් පැහැදිළි  කළ අයුරු මගේ මතකයට නැගේ

    එක් වචන මාලාවක් තුළින් එකිනෙකට වෙනස්  අර්ථ දෙකක්    අර්ථ තල දෙකක උද්දීපනය වීම මෙහි වෙසෙසි භාෂාත්මක ප්‍රයෝගයක් ලෙස ඔහු  හුවා දක්වයි.  ඔහු එම ප්‍රයත්නය  හදුන්වන්නේ  ශ්ලේශාර්ථ ලක්ෂණය ලෙසිනි.  ස්නේහවන්තිය සහ  සොබාදහම පිළිබදව  එක් වර එකවිට වින්දනයක් ගෙන දීම මෙම පද රචනයේ සුවිශේෂත්වයයි.

ඇය යන්න ගියා මැකිලා

“  සෙනෙහස විලෙන් දිය දෝතක් පෙව්වාය

  ළඟ හිඳ    ලෙඩ දුකට   උවැටන් කෙරුවාය

  දරුවන්    රැක බලා    යහ  මග    යැව්වාය

  අම්මා    මළ  පසුව  ඔබ     මට       අම්මාය

සුනිල් සරෝජිනිය හා අතිනත් ගත් දිනයේ

සුනිල් සරෝජිනිය හා අතිනත් ගත්  දිනයේ.

2012 වසර එළඹියේ සුනිලූන් හදවත  තත්‍ය  ලෙසින් ම වියෝ දුක්ඛ දෝමනස්සයන් ස්පර්ශ කරවමිනි. ඔහු ප‍්‍රියාදර බිරින්දෑ සරෝජිනිය ගිලන්ව රෝහල් ගතවෙයි. රෝගී සරෝජනිය අසල රැඳි සුනිලූන් මනසෙහි සිය දයාවන්තිය වෙනුවෙන් පිළිසිඳී හෘදයාංගම ලෙන්ගතුත්වය පාදකව තත් ගීතය ඔහු අතින් නිර්මාණයවේ. 2012 පෙබරවාරි 15 වන දින සරෝජිනිය මෙලොවින් සමු ගන්නේ සුනිල් සහ සංජීවී – උවිණි – උදාරා – සුසංගතා දෝණියන් සිවු දෙනා තනි කරමිනි. ඔවුන් සියලුදෙනා   දුක්ඛ දෝමනස්ස  පත්ලෙහි ගිල්වමිනි .

 ඉතාමත් සංවේදී කලාකරුවකු වූ සුනිල්, සිය බිරිඳ ගේ වියෝවින් සිය හදවතෙහි ඇතිවූ කම්පනය ඇසුරෙන් භාව පූර්ණ කාව්‍යයෝක්ති රැසක් ගීත සාහිත්‍යයට දායාද කළේය.

 අවදිව ඇසැර     ලොව           දකිනා වෙලාවේ

 උදයෙම මවෙත තේ            උගුරක් ගෙනාවේ

 ඔබ      ගැන නිබඳ            සිහිවන කල්පනාවේ

 මොහොතින් මොහොත ළතැවෙමි   හුදකලාවේ

  සුනිල් තත්‍ය ජීවිතයේදී අනපේක්ෂිත මොහොතක මුහුණ දුන් වේදනීය විරහ දුක්ඛ දෝමනස්සය ආශ‍්‍රයෙන් මෙම භාවාත්මක ගීතය නිපන්නේය.

 පුන් සඳානෙනි  රාත‍්‍රියේ

 මන්ද ළතැවුල මට පෙනෙන්නේ

             පූර්ණ චන්ද්‍රයා මිනිස් සිත චමත්කාරයෙන් ආලෝලනය කෙරෙන සොඳුරු සොබා දසුනකි. පැරණි කවීන් බොහෝ විට නිලබර මෝදුවන පුන්සඳ පියකරු යුවතියක ගේ මුව කමලට උපමා කළහ.

           එනමුදු නිසා යාමයේ නැගෙන පුන්සඳ සුනිල් සරත් නමැති ප‍්‍රතිභාපූර්ණ කවියාගේ සිතට ගෙන එන්නේ ළතැවුලකි.ඔහු පුන්සඳ දකින්නේ,තම   සිත් පාරවන , පාළුව සාංකාව විරහව සුනිශ‍්‍රිත මනෝභාවයන් ඇසුරෙනි.

 ගීතයෙහි ප‍්‍රවේශයේදී ම ඔහු සිය සෙනෙහෙවන්තියගේ වියෝව නිසා සිය සන්තානයෙහි තෙරෙපෙමින් පවත්නා ශෝක සාංකාවන් තීව්ර ලෙස සිතුවම් කරන්නට ගත් ප්‍රයත්නය , කුසලතාව කෙතරම් සංවේදීශීලීද ?

 ශුන්‍ය වූ හිස් වූ  ප්‍රේමයේ අවසන් ඵලය විරහව වේදනාව බව සුනිර්මිත ගීතයෙන්  කදිමට ගම්‍යවේ . ප්‍රේමය කෙතරම් සුරම්‍යතර වුවද සොබා දහම කෙතරම් මිහිරිමය  වුවද ඒ සියල්ල සදාකාලික නොවන බව, වෙනස්වන සුළු බව අවබෝධ කර ගත යුතුය. තත්  සනාතනික දහම ඔහු ලොවට සිහිපත් කරවන්නේ දැහැන්  ගත  මුනිවරයෙක් විලසිනි.

සුනිල් සරත් පෙරේරා ගේ නිර්මාණ හැදෑරීමෙන්,  මීළඟ පරපුරට තමන්  යා යුතු නිවැරදි  මග පසක් කරගැනීමට ලද හැකි ආලෝකය ඉමහති.

සුනිල් සරත් මතකාවර්ජන >

”පෙර දිනයක මා පෙම් කළ යුවතිය” අමරදේව අමර ස්වරයෙන් අප සන්තානයෙහි සිත්තම් කළ සුනිල් , ඇය වෙතින් ”නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙන” සෙයක් දකින්නේ භව සසර අනියතතාව වෙනස් වන සුළු බව ප‍්‍රත්‍යක්ෂ කරලමිනි. සියුම් ප‍්‍රකම්පනයකින් අප හදවත් සසල කරලමිනි. මෙම ගීත දැහැනින් කාලය හා අනිත්‍යතාව ඒකාත්මිකව, සුන්දරත්වය මිලින කරලන අයුරු ද්වනිත කරන්නට ඔහු උපයෝගී කරගන්නේ සුගම සුමට පද සංයෝජන රටාවකි. එමගින් ඔහුගේ පරිකල්පන ශක්තියේ තීව්රතාවය හා අපූර්වත්වය මොනවට විශදවේ.

පෙරදිනයක මා පෙම් කළ යුවතිය ..සුනිල් ගේ සත්‍ය ජීවන අත්දකීමක්දැ යි ,අප ඔහුගෙන් ම විමසමු.>

අමරදේවයන්ගේ ගායනය වෙනුවෙන් ගීත වැඩිම සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ අභිමානය  හිමිවන්නේ ද සුනිල් සරත් ශූරීන් වෙතය. සුනිල් සරත් සහ  අමරදේව ශූරීන් අතර,  තරුණ වියේ සිටම   සමීප සබඳතාවයක් පැවතිනි.සුනිල් අමරදේව ද්වීත්ව  මියුරු සංයෝගයෙන් නිපන් සුභාවිත ගීත සාහිත්‍යය නිරතුරු සහෘදයන් සන්තානයෙහි යුග යුග රාව ප‍්‍රතිරාව නංවනු නිසැකි.

 ගීත නිර්මානනීය වපසරිය තුළ  පරිසර ගීත  සාහිත්‍යයක් බිහිකර ලන්නට සුනිලුන් පුරෝගාමීවූ සෙයකි.පරිසරය වෙනුවෙන් සුනිල් සරත් පෙරේරා කළ නිර්මාණ මෙහෙවර මෙතෙක් ප්‍රමාණාත්මකව  ඇගයුමට බදුන්වූ සෙයක් දිස් නොවේ. ඔහුගේ පරිසර  සබැදි ගීතාවලිය  ඇගයීම සංස්කෘතික අධ්‍යයනයක් ද වනවා මෙන්ම සුනිල් සරත් පෙරේරා කියවීමක් ලෙසින් ද හැගේ. පහතින් උපුටා දැක්වෙන,ඔහු නිර්මාණය කළ කඩොලාන තේමා  ගීතය ශ්‍රවණය කරන ශ්‍රාවකයින්ට, පරිසර ගීත  සාහිත්‍යය පෝෂණය පිණිස ඔහු ලබා දී ඇති දායකත්වය මැනවින් පසක්වේ.

කඩොලාන තේමා ගීතය  >

දුටුගැමුණු නිරිඳුන්ගේ ඇතුට,කඩොල් ඇතු යන නම ව්‍යවහාරයට පත්වූයේ, එම ඇතුගේ නිජබිම,  මාගම්පුර කඩොල් වන පෙතක්  වීම නිසා බැව් ,සුනිල් සරත් මෙම ගීතයේ පද වැලකින් අපුර්ව  ලෙස මතුකොට දක්වයි.  ඔහු තුළ පවත්නා දේශීය ජන ශ්‍රුතිය පිළිබදවවූ   පුළුල් දැනුම සම්භාරය මෙමගින්  ප්‍රකටවේ .

                  සුනිල් සරත් පෙරේරා පරිසර සාහිත්‍යයට  සෘජුවම  කළ   දායකත්වයට අමතරව ඔහු කළ ගීත නිර්මාණ තුළින් වක්‍රව පරිසර වින්දනීය සහ ,සංරක්ෂණීය  උපාය මාර්ගයන් දුට හැකිය. පරිසරය යන්න දේශානුරාගය සහ භාෂානුරාගය දැනවීමටද උපයෝගී කරගැනීම ඔහුගේ නිර්මාණ කෞශල්‍යයේ   හෘදයාංගම ගති  ලක්ෂණයකි

අමරද්ව ශූරින් ගායනා කරන

“පියාසර කර ආමි  දේශයෙන් දේශයට

 මගේ රට මට අගෙයි මට තව්තිසාවට වැඩිය …”

“ සුමුදු සුදු වලාවෙන් මිදෙත දළදා මැදුැර

ඇසෙයි අළුයම් දුරේ තේවාවේ හේවිසිය…”

 ගීතයන්ගෙන් , දේශානුරාගය, භාෂානුරාගය මෙන්ම පරිසර සංවේදීතාව ගැනද ඔහුගේ කුසලතා මොනවට ඉස්මතු කෙරේ..

                                                   “   කන්දෙන් ලන්දෙන්බැස දිව එන්නේ

                                                        මාදංබෝවිටියා රස දන්නේ

                                                       නින්දේ දුටු  සිහිනය එළිවෙන්නේ …”‍

සුනිල් ගේ  පෑන් තුඩින් සිත්තම්වූ තත් ගීතයෙන් , දඟකාර යුවතියකගේ ගමන් විලාශය මෙන්ම පරිසර චමත්කාරය ද සජීවීමත් කෙරේ.

සුනිල් සරත් නම්වූ    සාහිත්‍ය මුනිවරයා >

ගීත විචාර කලාව නැවුම් මගකට යොමු කරලීමේ මූලික ප්‍රයත්නයක් දැරූ සාහිත්‍යධරයෙක් ලෙසින් ද සුනිලුන් ගමන් මග ඇගයුමට බදුන්වේ., ඔහු ලියූ “ගීත රචනා විමර්ශන “ග්‍රන්ථය මීට කදිම නිදසුන්ය ඉන් අනතුරුව කලාත්මක ගීතයේ  මුහුණුවර හඳුන්වා පුවත්පත් වලට ලියා ඇති ලිපි සංඛ්‍යාවද මෙහිලා සිහිපත්  කිරීම වැදගති. සුනිල් ගීත රචනා විමර්ශනය පිලිබදව චතුර දේශකයෙකි.  මටසිළිටු   ලගන්නාසුළු , ඔහුගේ දේශනා ව්ලාශය ශ්‍රාවකයින්ආකර්ෂණය  කරන සුළුය.

සිංහල සාහිත්‍ය වංශයට සුනිල්  එක් කළ ග‍්‍රන්ථ රාශියකි. හුදකලා මතකය, තුන්පත් රටා, මායා මාවත, සඳකත් මිණ ඒ අතරින් පාඨක ප‍්‍රජාව ආකර්ෂණය කිරීමට සමත් විය. 1996 දී ඔහු පෑන් තුඩින් ලියැවුණු ”මහ කන්ද” කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමිණි. සුනිල් රූපවාහිනී නිල සඟරාවේ නිර්මාතෘවරයා ලෙසින් ද එම ආයතනයේ  කාර්ය භාරය ජනතාව අතරට ගෙන යෑමට ගනු ලැබූ ප‍්‍රයත්නය පැසසුම් කටයුතුය.  මේ රටේ පළමු  පරිසර සඟරාව.”සොබා” යන නමින් දොරට වැඩමවීමට හේ පුරෝගාමී විය ,  පරිසර සාහිත්‍ය පතපොත රාශියක් ඔහු දැය හමුවේ තැබුවේ ,ඔහු තුළ නිසගයෙන් ම පැවති  පරිසර ලෝලීත්වය නිසා බව හැගේ.

Sunil Sarath Perera 03

පරිපාලන සහ  විද්‍යුත් වේදී සුනිල්.

  සාහිත්‍යධරයකු පමණක් නොව සුනිල් පරිපාලනවේදියෙකු සහ විද්‍යුත් විශාරදයෙක්  ලෙසින් පෑ විකුම් අසිරිමත්ය.පරිපාලනය සහ පරිකල්පනය එක්තැන්ව ඵල ලද අවස්ථාවක් ලෙස එම යුගය  හුවා දැක්විය හැකිය.

 ඔහු අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙසින් ද ඉටු කළ මෙහෙවර ජනතා ඇගැයුමට බඳුන්වේ. වරක් හේ මැද පෙරදිග තානාපති කාර්යාලයක සේවයෙහි නිරතව සිටිමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය එරට නංවාලීම පිණිස ඉටු කළ සේවය ප‍්‍රශස්ථය.

    විසි  වසරකට පෙර සුනිල් සරත් නිවහනට කලාකරුවන්  රැසක් එක්වූ අසිරිමත් පැදුරු සාදය >

https://www.facebook.com/GeeRawe/videos/1737478362929048/

මුලදී සඳහන් කළ පරිදි,1993 ජුලි මස සුනිල් සරත් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් ධුරය භාර ගත් අවදියේ මම ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවමින් සිටියෙමි. පුද්ගලයින් වශයෙන් අප දෙදෙනා අතර පැවති දැඩි සුහදතාව ආයතන දෙක අතර ද ගොඩනැංවීමට සුනිල් මූලිකව ක‍්‍රියා කළ අයුරු මෙම අවස්ථාවේදී මට සිහිපත් වේ. රූපවාහිනී ගුවන් විදුලි ආයතන දෙක අතර සේතුවක් නිර්මාණය කිරීමට හේ  සමත් විය. අප දෙදෙනා  ආයතන ද්වයෙහි වැඩසටහන්, ශිල්පීන් මෙන්ම කාර්ය මණ්ඩල අතර සුහදතාව ගොඩ නැංවීමට උරෙනුර ගැටෙමින්  නව්‍ය උපාය මාර්ග සැලසුම් කළෙමු. එහි එක් පියවරක් ලෙසින් ඔහු දෛනික ගුවන් විදුලි වැඩසටහන් පිළිබඳව පූර්ව ප‍්‍රචාරයක් රූපවාහිනියෙන් ලබා දීමට මඟ සැලසීය. ඇතැම් ජනප‍්‍රිය වැඩසටහන් රූපවාහිනියෙන් විකාශනය වන අවස්ථාවල ඊට සමගාමීව එම වැඩසටහන් ගුවන් විදුලි තරංග ඔස්සේ ද විකාශනය කිරීමට මම පියවර ගතිමි. වර්තමානයේ මෙන් ඈත එපිට ගම්මානවල එවකට රූපවාහිනී යන්ත‍්‍ර බහුල නොවීය. එබැවින්  ග‍්‍රාමීය ජනතාව වෙත රූපවාහිනී වැඩසටහන් හා සබැදි දෙබස්,ගී සහ සංගීතය  සවන් පත් වෙත ගුවන් තරංග ඔස්සේ  සමීප  කිරීමට ගුවන් විදුලියට මෙනයින් කදිම  අවස්ථාවක් සැලසිණි.

රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සුනිල් සරත් රූපවාහිනී  ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළ ජනප‍්‍රිය වැඩසටහන් සමුදාය අතරින් ”මනෝහාරී” ගී ප‍්‍රසංගයට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. දඹදිව බුදුන් වහන්සේ උපන් බිම සිට වෙසක් උත්සව දිනයේ සජීවී ලෙස ප‍්‍රචාරය කළ ”බුද්ධ පූර්ණිමා’’ වැඩසටහන සුනිල් සරත් ශූරීන් ගේ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

 2005 නොවැම්බර් මස 24 වන දින සුනිල් සරත් වෙත ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය හිමි වන්නේ දෛවෝපගත සිදුවීමක් ලෙසිනි. ඔහු සිය ධූර කාලය තුළ ගුවන් විදුලිය ප‍්‍රතිඵලදායි නව දිශානතියකට යොමු කිරීමේ මෙහෙවරක නිරත  විය. එම කාල වකවානුව තුළ සුනිල් ළමා පරපුර වෙනුවෙන් විදුළ ළමා ගුවන් විදුලිය ළමා පරපුරට දායාද කළේය. ළමා සාහිත්‍යයක් ගොඩනගන්නට පුරෝගාමීවූ . සුනිල්  නිර්මාණය කළ ”රටට පිපෙන මල්” ගුවන් විදුලි ළමා මණ්ඩපයේ තේමා ගීතය සවන් වැකෙන සඳ නිරතුරුවම අප සිහියට නැගෙන්නේ ළමා සාහිත්‍ය පෝෂණය උදෙසා ඔහු  වෙතින් ඉටුවූ අමර මෙහෙවරයි.

                ”රටට පිපෙන මල්… >

විවිධ රාජ්‍ය ආයතන සහ පාසල් කිහිපයක,අභිමානය , අනන්‍යතාවය ඉස්මතු කොට දැක්වෙන තේමා  ගීත රාශියක් නිර්මාණයේ දී සුනිල් සරත් දක්වා ඇති සූක්ෂම දක්ෂතාව ද අප ඇගයුමට බඳුන්වේ.ටවර් හෝල් රඟහල පදනම වෙනුවෙන්, මගේ ඇරයුම පරිදි සුනිල්, තේමා ගීතයක් නිර්මාණය කලේ, ටවර්  නූර්ති යුගයේ යශෝරාවය තීව්‍ර ලෙසින්  මුර්තිමත් කරමිනි. >

 සුනිල් සරත් පෙරේරා ළබැදි සාහිත්‍ය ධරයාණන්  ,සිය   82 වන ජන්ම  දිනය සමරණ මොහොතේ, ඔහු ඉටුකළ  සුවිසල්  සාහිත මෙහෙවර, කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමින්   ඔහුට    චිර ජීවනය ප්‍රාර්ථනා   කරමු.

                                   .-    ආචාර්ය ගාමිණි කාරියවසම්.

gaminee@gmail.com

   (සියලු සේයා සහ වීඩියෝ මුහුණු පොත අනුග්‍රහයෙනි.)


Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:ශ‍්‍රී ලංකා රූපවාහිනීසුනිල් සරත් පෙරේරාසුභාවිත සුනිල ගීත උල්පත
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article God's faithfulness SUNDAY CHOICE – What God’s Faithfulness Doesn’t Mean By Charles Schokman
Next Article DIAS JAYASINGHE LEGENDARY DOUGLAS DIAS JAYASINGHE (DD) REMINISCED PRIOR TO THE 119th ANNUAL BIG MATCH BETWEEN RICHMOND AND MAHINDA COLLEGES “ LOVERS QUARREL” – Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka digital analytics, MeasureCamp Sri Lanka 2026, MeasureCamp Sri Lanka, Digital Marketing Association of Sri Lanka, DMASL, digital marketing Sri Lanka, digital analytics Sri Lanka, data analytics Sri Lanka, Sri Lankan technology community, digital marketing professionals, data-driven marketing, artificial intelligence marketing, SEO Sri Lanka, search engine optimisation, marketing technology, People’s Tower Colombo, Sri Lanka technology, analytics professionals, digital economy Sri Lanka, MeasureCamp 199th event

Sri Lanka’s Digital Analytics Community Hosts 199th Global MeasureCamp at People’s Tower

ISF Industries, Sri Lankan Engineering, Coconut Processing, Coconut Industry, Automation, Artificial Intelligence, Food Processing Technology, Sri Lankan Innovation, Manufacturing Sri Lanka, Coconut Machinery, Industrial Automation, Engineering Technology, Export Technology, Anjula Sivakumaran

Sri Lankan Engineering Excellence: ISF Launches World’s First Fully Automated Coconut Dewatering System

Sri Lanka, Australia, Sri Lankan Australians, Dineth Fernando, World Youth Scrabble Championship, World Youth Scrabble Championship 2026, Scrabble Australia, Australian Youth Scrabble Championship, Scrabble champion, Sri Lankan origin Australian, young Scrabble champion, Nairobi Kenya, Melbourne Sri Lankan community, Sri Lankan community Australia, youth achievement, Sri Lankan talent, competitive Scrabble, youth Scrabble, Australian Scrabble, Sri Lankan youth, Dr Prasanna Fernando

Melbourne Teen Dineth Fernando Crowned World Youth Scrabble Champion for Australia

Sri Lankan Cricket, Sri Lanka vs India, India vs Sri Lanka, Test Cricket, Galle Test, ICC World Test Championship, Dhananjaya De Silva, Kamindu Mendis, Niroshan Dickwella, Dilshan Madushanka, Sri Lanka Test Squad

Sri Lanka Announce 16-Member Squad for First Test Against India in Galle

Isso Prawn Crazy, Isso Prawn Crazy London, Sri Lankan restaurant London, Sri Lankan food London, Sri Lankan restaurant Canary Wharf, Canary Wharf restaurants, Sri Lankan cuisine UK, Sri Lankan prawns, Sri Lankan seafood, Sri Lankan culinary entrepreneurs, Apinash Sivagumaaran, Sri Lankan business in London, Sri Lankan food abroad, Sri Lankan restaurants UK, Sri Lankan entrepreneurs, Sri Lankan seafood London, Prawn Crazy Canary Wharf, 25 Cabot Square, Canary Wharf Sri Lankan restaurant, Sri Lankan cuisine international expansion

Sri Lanka’s Isso Prawn Crazy Makes International Debut in London’s Canary Wharf

Related News
The Coconut Tree Bristol
Articles

Popular Sri Lankan Restaurant Chain ‘The Coconut Tree’ Announces Opening Date for New Bristol Branch

Articles Dr Harold Gunatillake

Lakshman Kadirgamar: A Life of Intellect, Service, and Quiet Greatness-by Harold Gunatillake

Little Japan-eLanka
Articles Savithri Rodrigo

Today – It’s about Japan, Indigo, Zero-Emission Tourism & More!

Dr Devi Prasad Shetty and Narayana Health have helped Sri Lankan heart patients through affordable cardiac care, medical training, humanitarian support and telemedicine.
Articles

Dr. Devi Prasad Shetty: The Heart Surgeon Who Has Saved Thousands of Sri Lankan Lives

Sri Lanka UNDP, Expert Support Unit Sri Lanka, Sri Lanka industrial reforms, UNDP Sri Lanka, Ministry of Industry and Entrepreneurship Development, Sri Lankan SMEs, entrepreneurship development Sri Lanka, industrial development Sri Lanka, industrial policy Sri Lanka, digital transformation Sri Lanka, SME development Sri Lanka, industrial zones Sri Lanka, Sri Lanka economic development, trade policy Sri Lanka, business development Sri Lanka, Sri Lankan entrepreneurs, UNDP industrial reforms, Sri Lanka business news, Sri Lanka economic reforms, industrial competitiveness Sri Lanka
Articles

Industry Ministry and UNDP Launch Expert Unit to Drive Sri Lanka’s Industrial and Entrepreneurship Reforms

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.