News & Community eLanka

eLanka

Monday, 6 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අමරදේව ශුරීන්ගේ 96 වන ගුණානුස්මරණය දෙසැම්බර් 05 වන දිනට යෙදේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අමරදේව ශුරීන්ගේ 96 වන ගුණානුස්මරණය දෙසැම්බර් 05 වන දිනට යෙදේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 4, 2023 5:02 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 26

අමරදේව ශුරීන්ගේ 96 වන ගුණානුස්මරණය දෙසැම්බර් 05 වන දිනට යෙදේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

W D Amaradewa - eLanka

දේශීයේ සංගීත ක්‍ෂේත්‍රය දිග් විජය කළ ,හෙළ ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින්ගේ 96 වන ජන්ම සංවත්සරය දෙසැම්බර් 05 වන දිනට යෙදේ .

අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් , වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .

වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්  ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා   (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ 1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට්සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත් වයලින් වාදනයට සමතෙක්. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි .මෙම සංකලනය ,කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා  ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සැළසිනි.

සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ හත්වන උපන් දිනයේදී , සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය.

ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී  සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යාපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථවිද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින්  ලද බැව් සදහනි. මොරටු විද්‍යාලයේදී  ඇල්බට් සිසුවා පද්‍ය ගායනා  තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගෙන සියකුසලතා ඉදිරිපත් කිරීම පිණිස දිවියේ හාපුරා  ගුවන්විදුලි කාර්යාලට පැමිණේ.

දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින  තිරගතවූ “අශෝකමාලා” චිත්‍රපටයෙහි තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’ යන ගී දෙක ද ගායනා කළේය.

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට පසබිම්  සංගීතය  සම්පාදනයෙන් හා  ගීත  ගායනයෙන්සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග්  විජය කළේය.. ගුවන්විදුලියෙහිගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය  දරමිණි.

W D Amaradewa - eLanka

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන් වෙතින් ශ්‍රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත  ඥානය ද පරතෙරට උගත්තේය.1956 වසරේදී සංගීත හාවාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය.චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව අපමණය.

2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් විසින්  අචාර්ය පාධියෙන් ද  එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්,  ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය. මෙපරිද්දෙන් දේශයේ  හා ජාත්‍යන්තරයේ යශෝරාවයට පත් වුවද ,අමරදේවයන්  දිවිපෙවෙත ඉතා සරලය.අනතිමානී ගුණයෙන්පිරිපුන්ය.ලෝකයා  එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද ,එතුමා මිහි මත පය තබාදිවිගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන්  ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ  උත්තරීතර සරල ස්වභාවයයි.

ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන් විමසත්ම,සිරුරින් කුඩා මේ සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් ,සිය භාවාත්මක මියුරු සරින්  පමණක්‌ නොව, තමවිපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව,පහත දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.

“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ..”

මෙම ගීතය ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.

1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ වසරක් වේ. අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී  තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනාව  නව ජීවනයක් ලබයි. 1960 වසරේදී මහගම සේකර ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය. සේකරයන්ගේ එම  ආගමනය අප දකින්නේ අමරදේවයන්  හා බැදී පැවති පෙර සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි. සේකරයන් හා අමරදේවයන්  පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන  ‘මධුවන්ති’සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින්නි ර්මාණවේ. ‘මධුවන්ති’සංගීත දැහැන,ගුවන්විදුලි තරංග ඔස්සේ ගම්  නියං  ගම්  තරණය කරන්නේ,ශ්‍රාවකයින් ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා  වෙසෙසින් සදහන් කළ යුතුය.

amaradewa

මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි  ඈත කඳුකර හිමව්අරණේ’අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක් ලෙස නිපන් තවත්  ප්‍රශස්ත ගීතයකි.එය නිර්මාණය වන්නේ  චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.

“මධුවන්ති”ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ  අමරදේව ඔහු හා එකාත්මිකව සප්ත ස්වරයට ගාලූ ,”රත්න දීප ජන්ම භූමි“ සමස්ත ජාතියේ අභිවාදනයට ලක් වූ ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.

රත්න දීප ජන්ම භූමි

ජන්ම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ..මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ.ඒ කෙසේද යත්, ජන්ම භූමිය  මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි.  ස්වර්ගය පහත හෙලමිනි.

මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල  සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්‍රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ),‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන් ගීත ඊට නිදසුන්ය.

අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය  හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන්  ගත කිරීමට ඉවහල්  වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන සෙයක් දිසේ.එතුමන්  සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින් මෙහෙයවන්නේ ,රසිකයන්  සිත් ඇදගන්නා  ආකාරයෙනි.

1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව  විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී  ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි.  විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව   විමලාට යුවළ  එක් පුතෙක්  (රංජන් ) සහ දියණියන්දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ..ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග,ජනගී ආර ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.

2015 වසරේදී ,අමරදේව ,විමලාවන් සමග සහභාගීවූ,”සසර වසනතුරු  සංගීත ප්‍රසංගය

අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය රන්ජන්,සුභානි, ප්‍රියංවදා දරු තිදෙනා සහ සිය බිරිද  විමලාවන් සමග ,අමරදේව ශුරීන්.

Master W.D Amaradewa - eLanka

දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ….”

ශාන්තවූ නිශා යාමයක,නිසල වැව් තලයක, සඳ රැස් පහසින් සුපිපි කුමුදු මලක සිරියාව සිත්තම් කෙරෙන මෙම ගීතය,සදාතනික සත්‍යතාවක් අප හදවත ස්පර්ශ කරවන  සම්භාව්‍ය ගී මිනක් ලෙසින් අගය කළ හැකිය.එමගින් ලොව සියල්ල අනියතය යන ජීවන සත්‍යතාවයේ ගැඹුරු අරුත ද්වනිත කරවයි.ලෞකික සුන්දරත්වයේ මිහිර ඇලීම්,බැදීම් වලින් විමුක්තව රස විඳිම යෙහෙකි. මිනිස් දිවි පෙවෙතේ  ප්‍රබෝධයට සුන්දරත්වය ඇවැසිය.එනමුදු අනවශ්‍ය ලෙස මනසින් හදවතින් එය ,බදා වැළද ග්‍රහණය කර ගැනීම නොකළ යුතුය යන සදාතනික පණිවිඩය , “ශාන්ත රෑ යාමේ.. ගීතයේ ව්‍යාංගාරථය ලෙසින් සැලකිය හැකිය.

මගේ වෘත්තීය ජීවිතයේ දී ,අමරදේව ශුරීන් ඉතා සමීපයෙන් ඇසුරු කිරීමේ භාග්‍ය මා වෙත උරුම විය. මට එතුමන් මුලින්ම හමුවන්නේ මා ජාතික ගුවන්විදුලියේ ශබ්ධ පරිපාලකවරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටි සමයෙහිය.අතීතයේ එක්තරා දිනෙක එතුමාගේ සරළ ගී වැඩසටහනක් ,ගුවන්විදුලියේ 05 වන මැදිරියේ පටිගත කිරීමේ හාහඩ හැසිරවීමේ රාජකාරිය පැවරී පැවතියේ මා වෙතය.අමරදේවයන් වැඩසටහනේ මුල් ගීතය ගායනා කර මැදිරියෙන් බැහැරව ගොස් බොහෝ වෙලා ගත විය.මධ්‍යහන 12 ට ආසන්නය.වාදක මණ්ඩලය දිවා ආහාරයට යාමට මහත් නිවසිල්ලෙන් පසුවන අයුරු ද දිටිමි. මා,ගුවන්විදුලියේ ආපන ශාලාව ඇතුළු සියලු තැන්  පීරමින් එතුමා සෙවීමෙහි උත්සාහයක යෙදිණි.අවසානයේ එතුමා ,ගුවන්විදුලියේ පළමුවන මැදිරියේ හුදකලාව, තම හිස, එහි වූ පියානෝව මත තබාගෙන නින්දේ පසුවනු දිටිමි.

“මාස්ටර් , සැප නිදක වගේ,වාදක මණ්ඩලය ගායකයා රෙකෝඩින් එකට එනකං බලා ඉන්නවා… “ මම පැවසීමි.“මා නින්දක් දැම්ම නොවයි ගාමිණී ,මම අලස සුවය විදිමින් හිටියේ…” හේ පිළිවදන් දිණි.එක දිගට ගීත කිහිපයක් පටිගත කිරීමේදී ,ඒ  අතරතුර නිසල,නිහඩ තැනකටවී ,අලස සුවයක් විද ගැනීම ඔහුගේ ජීවිතයට  ආවේනික හුරුවක් බව මා පසුව අවබෝධ කර ගතිමි.

මගේ වෘත්තීය දිවියේදී දෙවන වර මට අමරදේව ශුරීන් හමුවන්නේ මා ආයුර්වේද කොමසාරිස් ලෙස නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව සිටි අවදියෙහිය. එවකට එතුමන් පදිංචිව සිටියේ ,මගේ කාර්යාලය ආසන්නයේම  පිහිටි නාලන්දාරාම මාවතේය. දිනපතා උදෑසන ,නාවින්න ඔසු උයනෙහි,සුවතාව පතා  වටයක් දෙකක් ඇවිද ,මා සමග කැද  කෝප්පයක රස බලන්නට මගේ කාර්යාලට පැමිණීම සිරිතක්ව පැවතිනි.මද වේලාවක්  ඔහු හා සතුටු සාමීචියේ යෙදීමෙන් මා මහත් ආස්වාදයක් ලද අයුරු සිහිපත්වේ.

පණ්ඩිත ගුණපාල සේනාධීර ශුරීන් විසින් නිර්මාණය කළ ආයුර්වේද තේමා ගීතය ,එයට උචිත තනුවක් යොදා ,සිය භාව  පුර්ණ ස්වරයෙන් ගායනා කර පටිගත කරවා දෙන ලෙස දන්වමින් ,1999 ජුලි 6 වන දින ඩබ්.ඩී.අමරදේව දැයේ මහා ගාන්ධර්වයා  වෙත මවිසින්  ලිපියක් යොමු කළෙමි.එතුමන් ඊට  යහපත් ප්‍රතිචාර දක්වනු ලැබිණි.

W. D Amaradewa

අමරදේවයන්ගේ කලාත්මක අත්  අකුරු.

ගීතය පටිගත කිරිම පිණිස අමරදේව ශූරීන් විසින් තොරාණා  ශබ්දාගාරය වෙන් කර ගත් බවත්  ,එදින අදාළ ගීතයේ පිටපතක් ද රැගෙන එන ලෙසත්  එතුමා  මවෙත දැන්වීය.නියමිත දින මා පණ්ඩිත ගුණපාල සේනාධීර ශුරීන් විසින් වසර ගණනාවකට ඉහත නිර්මාණය කරන ලද ආයුර්වේද තේමා ගී පිටපත ද රැගෙන අදාල ශබ්දාගාරය වෙත පියමන් කළෙමි. එම ගීතයට තනුවක් නිර්මාණය කිරීමට අමරදේව ශුරීන්සැ හෙන උත්සහායක්  ගත්ත ද ,නිපැයූ තනුව එතරම් ආකර්ශනීය නොවීය.අමරදේවයන්ගේ වයලීනයේ ආස්වාදණීය තත් ,ඔහු ඇගිලි තුඩින් සුසර වෙයි.  ඒ සමගින් හේ සිය කට හඩ  අවදිකරන සෙයකි.

“ගුණපාල සේනාධිරයන්ගේ, ගේය පදවල හරය, සුගායනීය පද මාලාවකට නගා ,ආයුර්වේදය කේන්ද්‍ර කරගනිමින්නව තනුවක ගොතමු” ඔහු සිය නළලත රැලි ගන්වමින් ප්‍රකාශ කළේය. ඔහු ඉතා සියුම් ලෙස වයලීනය සුසර කරද්දී ,මම එහි අනුනාදයට අනුගත වෙමින් පද සංයෝජනය කළෙමි. එම වදන් ආයුර්වේදයේ ප්‍රඥාවේ හරය කාලානුරූපී ගීතයකට ග්‍රහණය කරගැනීමක්  ලෙස මට පසක් විය. අපි එක්ව නව්‍ය ආයුර්වේද තේමා ගීතයක් ප්‍රති මූර්තිමත් කළෙමු.සරල ,සුමට විචිත්‍රවත් පද රචනයේ හරයට ජීවයලබා දෙමින් ,අමරදේවයන් සිය භාවපුර්ණ,ආධ්‍යාත්මික සරින් ගීතය ගායන කළේය..එම අවස්ථාවේ ම ,තත් ගීතය අප පටිගත කර ගතිමු.

ආයුර්වේද ගීතය

වසර 60කට අධික කාලයක් සිංහල සංගීතයේ අභිවෘද්ධියට අසමසම දායකත්වයක් ලබාදුන්,සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන් 2016 නොවැම්බර් මස 03 වන දින ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගත්තේය. එතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනය කරමු.

pandith W D Amaradewa

ලිපියට අදාළ දුර්ලභ  සේයාරූ සපයාදීම පිලිබදව ,අමරදේව පුත්,රන්ජන් අමරදේවයන්ට අපගේ මහත් කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

පණ්ඩිත අමරදේව මියුරු සර

නන්දා මාලිනිය සිය ඇදුරු තුමන්  මතකයට නංවමින්

TAGGED:W D Amaradewaආචාර්ය ගාමිණී කාරියවසම්.
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lanka Cricket team - eLanka “Minister on thy journey back to the pavilion” – By K K S Perera
Next Article Lyceum's 'The Star Story 01 Lyceum’s ‘The Star Story’ promises to be a Mesmerizing Christmas Extravaganza, Blending Tradition with a Modern Twist!
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The-Students-Visa-Earns-Navitas-UK-Recognition-A-Win-for-Sri-Lankan-Education-Consultancy-300x190

The Students Visa Earns Navitas UK Recognition: A Win for Sri Lankan Education Consultancy

LPL 2026 Opening Ceremony

LPL 2026 Kicks Off: A Spectacular 500-Drone Symphony Over Colombo

Sri Lanka cost of living

Gas Prices Drop Across Sri Lanka: Restaurant Meals Now Cheaper Too

A question that touches the hearts of many Sri Lankans living abroad is

A question that touches the hearts of many Sri Lankans living abroad is: “How do people live in Sri Lanka?”-by Harold Gunatillake

IS MEDIA A PILLAR OF DEMOCRACY ANYMORE

IS MEDIA A PILLAR OF DEMOCRACY ANYMORE ?-N.S.Venkataraman

Related News
Canada Day 2026, Canada Sri Lanka relations, Canada Sri Lanka trade, Canadian Chamber of Commerce Sri Lanka, CanCham SL, Canada Sri Lanka investment, Colombo Canada Day, Sri Lanka business news, Canada Sri Lanka business partnership, Global Affairs Canada, High Commissioner Isabelle Martin, Canada Sri Lanka diplomacy, Canada Sri Lanka economic cooperation, Canada Sri Lanka chamber, Sri Lankan diaspora Canada, Canadian business in Sri Lanka, Sri Lanka exports to Canada, bilateral trade Sri Lanka Canada, Canada investment opportunities, Toronto business, Vancouver business, Montreal business, One Global Health Initiative, Saskatchewan partnerships, Mark Carney, Scott Moe, Sri Lanka Canada education, fintech Sri Lanka Canada, tourism Sri Lanka Canada, eLanka news
Articles

Canada Day 2026 Marked in Colombo: Growing Trade and People-to-People Ties with Sri Lanka

TBS
Articles

Embedding creativity in every classroom: A regional conversation on the future of English language teaching

Eighty and still looking fabulous, Bertie Ekanaike celebrates milestone in style at the Grand on Princes
Articles Photo Gallery

Eighty and still looking fabulous, Bertie Ekanaike celebrates milestone in style at the Grand on Princes – BY TREVINE RODRIGO IN MELBOURNE

FIFA World Cup Australia
Articles

Victoria Pubs to Stay Open All Night for Socceroos World Cup Clash – Free Breakfast at AAMI Park

Sam-Athukorala
Articles

Sri Lankan-Australian Sam Atukorala Honoured with Order of Australia Medal (OAM)

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.