News & Community eLanka

eLanka

Sunday, 6 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කැළණිය ගුරුකුල විද්‍යාලීය 77 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesCharmaine CandappaDr. Gamini Kariyawasam

කැළණිය ගුරුකුල විද්‍යාලීය 77 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: July 2, 2025 9:59 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 90

කැළණිය ගුරුකුල විද්‍යාලීය 77 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

gurukula college

Image Source : facebook

කැළණිය ගුරුකුල විද්‍යාලීය 2

කලාපයේ අධ්‍යාපනික හා සංස්කෘතික උරුමයන් මුල් කර ගත් සාඩම්බර ඉතිහාසයකට හිමිකම්  කියන,කැළණිය ගුරුකුල විද්‍යාලයයේ 77 වන සංවත්සරය මේ වසරේ ජුලි 01 වැනි දිනට යෙදේ .

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව,ගුරුකුල විදුහල් මාතාව උපත ලබන්නේ  1948 වසරේදී,. ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහහතර දෙනෙකුගෙන් යුක්ත  සුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මහාචාර්ය,යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි  ගුරුකුලය ස්ථාපිත කරන්නට පුරෝගාමි වූ යතිවරයාණන්ය.

කැළණිය ගුරුකුල විද්‍යාලීය 2

Image Source : sinhalasangha

මුලින්ම විදුහල ආරම් වුයේ  ඉංග්‍රීසි පාසලක් ලෙසිනි. පසුව ජාතික සංස්කෘතියට  අනුගත වෙමින්   සිංහල භාෂා මාධ්‍ය කෙරෙහි  නැඹුරු විය. අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීම ,විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය.විද්‍යාලීය ආදර්ශ පාඨය ලෙස යොදාගෙන ඇත්තේ  “:පඤ්ඤා උදපාදී “ යන උත්තරීතර පාඨයයි.එනම්, ප්‍රඥාව පිළිබඳ අපගේ දැනුම දියුණු කර ගැනීමේ  අභිලාෂයයි.

කුඩා ශිල්ප ආයතනයක් ලෙස ආරම්භ වූ නමුත් අධ්‍යයන විශිෂ්ටත්වය සහ සදාචාරාත්මක සංවර්ධනය වෙනුවෙන් කැපවීම නිසා  කෙටි කලකින්,ගුරුකුලය  දේශයේ ඉමහත් පිළිගැනීමක් ලද විද්‍යස්ථානයක්  බවට පත්විය. බෞද්ධ ඉගැන්වීම් සමඟ සමපාත වන ජීවන රටාවක් ප්‍රවර්ධනය කරමින් තම සිසුන් තුළ සදාචාරාත්මක හා අධ්‍යාත්මික වටිනාකම් ඇති කිරීමට ගුරුකුල විද්‍යාලය ගෙන ඇති ප්‍රයත්නය සුළුපටු නොවේ. මෙම ස්වරුපීතාවය  ,කලාපයේ අනෙකුත් අධ්‍යාපන ආයතනවලින් එය වෙන්කර හඳුනා ගැනීමට උපකාරීවේ .

පාසල වර්ධනය වන විට එහි යටිතල පහසුකම් ද වර්ධනය විය. වැඩිවන ශිෂ්‍ය ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව ගොඩනැගිලි, පන්ති කාමර සහ පහසුකම් ඉදිකරන ලදී.මනා  අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසල පුස්තකාල, විද්‍යාගාර සහ ක්‍රීඩා පහසුකම් සඳහා ද ආයෝජනය කළේය.

දශක ගණනාවක් පුරා කැළණිය ගුරුකුල විද්‍යාලය පරිපාලන,වෛද්‍ය, ඉංජිනේරු, නීති, කලා ආදී විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක්වූ කැපී පෙනෙන ආදි සිසුන් රැසක් බිහිකර ඇත.උසස් අධ්‍යයන ප්‍රමිතීන් සඳහා පාසලේ කැපවීම,විදුහල  කලාපයේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් ලෙසින් නමක් දිනා ගැනීමට හේතු සාධකයක් විය.

ඉහත සඳහන් කළ පරිදි , ගුරුකුලයෙන් ශිල්ප හදාරා,නැණස මුවහත්  කර ගත් විද්වතුන්, ජාතික හා ජාත්‍යන්තර  තලයට නැගී බුද්ධිමතුන් බොහෝය. ඒ අතරේ  සිනමා සහ මාධ්‍ය ක්ෂේස්ත්‍රයේ  සුදිළි  මාලනී ෆොන්සේකා,විමල් කුමාර ද කොස්තා,එච්.ඩී.ප්‍රේමරත්න, ඩොනල්ඩ් කරුණාරත්න,කුසුම් පීරිස්  වැනි අප සමකාලීනයන් මෙහිදී අපට නිතැතින් ම  සිහිපත් වේ.

malani fonseka 2

මාලනි ෆොන්සේකා ආදී සිසුවිය,ගුරුකුල විද්‍යාලයේ ත්‍යාගය ප්‍රදාන උත්සවයකට සහභාගීවූ අවස්ථාව.

මීට අමතරව ,පතිරාජ එල්. එස්. දයානන්ද, ප්‍රේමවීර ගුණසේකර,නෙතලි නානායක්කාර, ආදි සිනමා ශිල්පීන් මෙන්ම,මියුලන් පෙරේරා, කුසුම් රේණු, රත්නා ලාලනි, නිල්මණි සිගේරා, ගිරිරාජ් කෞෂල්‍ය, මහේෂ් නිෂ්ශංක, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, වැනි ප්‍රකට ගුවන් විදුලි හා රූපවාහිනි ශිල්පීන්, මෙම විද්‍යාලයෙන් රටට දායාද කළ සෙසු  කලා ශිල්පීන් අතරින් කිහිප දෙනෙකි.  විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සේවය කළ  එඩ්වඩ් ජයකොඩි, මර්වින් පෙරේරා, ප්‍රියා සූරියසේන වැනි ගායකයන්ගෙන් හා ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ, නිවේදක සීලරත්න සෙනරත්  වැනි ප්‍රවීනයන්ගේ  නොමඳ ආභාෂය ලැබීමට,පෙර දවස්හි  ගුරුකුල සිසු පරපුර භාග්‍යමත් වූහ.ගුරුකුල විද්‍යාලයෙන් බිහිවූ  දැවැන්ත ව්‍යාපාරිකයින් අතාරින්  කරු හීනටිගල හා  තුසිත විජේසේන මහතුන්   දෙපළ අපට සිහිපත් වේ. නියෝජ්‍ය පොලිස්පති පදවි දැරූ සරත් ලුගොඩ මහතා ද ගුරුකුල ආදී ශිෂ්‍යයෙකි.

පාසල ප්‍රාදේශීය ප්‍රජාව තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කර ඇත. ජාතික ආගමික සමාජයීය සහ  සංස්කෘතික ක්‍රියාකාරකම් සංවිධානයෙහි ලා, ගුරුකුල  විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කරයි.. මෙම නියැලීම නිසා  ප්‍රජාව සමඟ සවිමත්  සබඳතාවක් ගොඩනගා ගැනීමට ගුරුකුල විදුහල් මෑණියන් ප්‍රශස්ත සමර්ථතාවයක් ප්‍රකට කරවන්නට සමත් වුවාය.

මෑත වසරවලදී කැළණිය ගුරුකුල විද්‍යාලය වෙනස් වන අධ්‍යාපනික පරිසරයට අනුගත වෙමින් පවතී. සිසු දරුවන්ගේ ඉගෙනීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නවීන ඉගැන්වීම් ක්‍රම සහ තාක්ෂණයන් උපයෝගී  කර ගැනේ. මෙම වෙනස්කම් තිබියදීත්, පාසල එහි ආරම්භක මූලධර්මවලට අනුකූලව බෞද්ධ සාරධර්ම සහ සාකල්‍ය අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයකින් පසුවන බැව් විද්‍යාමානිතය..

සංස්කෘතික හා ආගමික වටිනාකම් මුල්කරගත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට කැළණිය ගුරුකුල විද්‍යාලයේ අඛණ්ඩ කැපවීම පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරයි.එය කුඩා පාසලක සිට ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් දක්වා විකාශනය වීම අධ්‍යයන විශිෂ්ටත්වය සහ සදාචාර සංවර්ධනය සඳහා එහි කැපවීම පිළිබිඹු කරවන සුළුය.

ගුරුකුල විදුහලේ භෞතික විකාශනය පිළිබඳව ද, මෙහිදී  සලකා බැලීම වැදගත්ය. ගුරුකුල විද්‍යායතනය වර්ෂ 1961දී රජයේ පාසලක් බවට පත්වේ.වසර 16 ක් පුරා ,විද්‍යාලංකාර පිරිවෙන්  පරිශ්‍රයෙහි  පවත්වාගෙන ගිය ගුරුකුල විද්‍යාලය,1964 මැයි මස 04 වන දින  කෑළණිය් දුම්රිය පළ පාරේ පිහිටි පත්තායම් වත්ත බිම්පෙත  වෙත ගෙන යන ලදී. විද්‍යාලය වර්ෂ 1996 ජූලි 26 වැනිදා ජාතික පාසලක් ලෙස නම් කරනු ලැබීය.

සිසුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වැඩිදියුණු කිරීම පිණිස, මයුරපාද-රතු,  විජයබා-කොළ ,සුනේත්‍රා දේවී -කහ,ප්‍රතිරාජ –නිල් යනුවෙන් නිවාස හතරකට පාසල් සිසුන් ඒකරාශී කර ඇත.

පාසැල ආරම්භ කළ 1848 වසරේ මුල්ම විදුහල්පතිවරයා ලෙසින් කටයුතු කළේ බර්ටි ප්‍රනාන්දු මහතාය.අනතුරුව 2024 වසර දක්වා විදුහල්පතිවරු 14 දෙනෙක් ගුරුකුරු විදුහලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී  කටයුතු කළහ. ටි.ජී පියදාස, අමරදාස වීරසිංහ . එස්.එන්.ඩී.ජේ.පී මායාදුන්න ,. එච් ධර්මවර්ධන ,. ඩබ්. ජේ මැන්දිස් , ඊ.එම්.බී ද සේරම් , උඩුවාවල චන්දානන්ද ස්ථවිර , ඩී.ඒ රාමනායක ,. එච්. ඤාණතිලක . ආර්.පී.එම්.එම් රාජපක්ෂ . විමල් ගුණරත්න . අනිල් ගීතලාල් අබේගුණවර්ධන යන  විදු හල්පතිවරුන් ,ගුරුකුල විද්‍යාලයේ ගමන් මග ආලෝකමත් කළහ.

ගුරුකුල විද්‍යාලයේ සිය 77 වන  සාංවත්සරය සමරන මොහොතේ,එහි විදුහල්පති ධුරය දරනු ලබන්නේ ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා විසිනි.

ගුරුකුල විදුහල් මෑණියන් සිය 77 වන ජන්ම දිනය සමරන මොහොතේ,එතුමියට කෘතවේදීත්වය දැක්වීම උදෙසා, දානමය පුණ්‍ය කර්මයන්  ඇතුළු ක්‍රියාකාරකම් රැසක්,ජුලි 1 වන දින විදුහල් පරිශ්‍රයෙහි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව ඇත.

ගුරුකුල විද්‍යාලයෙන් බිහිවූ  සිනමා කලා ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන්ගේ  අඩි පාරේ පියමන් කරවීම දිරිමත් කිරීම උදෙසා ,කලා විෂය හදාරන වත්මන්  සිසුන් යොමු කිරීම ද අතිශයින් වැදගත් වේ.,එම අපේක්ෂාව සාධනය පිණිස,විද්‍යාලීය පුස්තකාලය  ආශ්‍රිතව,සිනමා ග්‍රන්ථ ඒකකයක් , පසුගිය වසරේ ජුලි 01 වන දිනට යෙදුනු 76 වන ගුරුකුල සංවත්සර දිනයේදී  ස්ථාපිත කරනු ලැබිණි. 

කැළණිය ගුරුකුල විද්‍යාලීය

සිනමාව පිළිබඳව සිංහල සාහිත්‍ය වංශයට මෙතෙක්  එක් වී ඇති සියලුම ශාස්ත්‍රීය කෘතීන්,යෝජිත සිනමා ග්‍රන්ථ ඒකකය වෙත  පිරිනමනු ලැබුවේ මවිසිනි. එදින  විද්‍යාලීය පුස්තකාලයේ එම ඒකකය,   මාලනී ෆොන්සේකා සිනමා ග්‍රන්ථ ඒකකය යනුවෙන් නම් කෙරිණි.

ගුරුකුල ශිල්ප ශාලිකාවේ කීර්තිමත්  යශෝරාව දසත පතුරුවන   වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමියන්  විසින් ප්‍රබන්ධ කළ, ප්‍රේමසිරි කේමදාස ශූරින් තනු නිර්මාණය කළ, ගුරුකුල විද්‍යාලීය තේමා ගීතයේ කොටසකින් මෙම ලිපිය අවසන් කිරීම මැනවැයි  හැඟිණි..

“ගුරුකුල විදුහල් මාතා සැරදේ

බැතිනී ගයමු ඔබේ ගුණ නිබදේ //

විකසිත පියුමාකරයක බිඟු කෑළ

ගුරුකුල රන්දද කොඩි නංවන්නට

පිබිදී එන ඔබේ සිසු දරු කැළ

අපට සවිය බල වර දෙනු මැනවි….”

ගුරුකුල විද්‍යාලීය තේමා ගීතය ඔබ සවනට

ගුරුකුල විද්‍යාලීය  ආදි ශිෂ්‍ය  –  ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:කැළණිය ගුරුකුල විද්‍යාලය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article degree Sri Lanka’s Struggles: Are We Doomed to Repeat History? – By Tass (Camer) Thassim, Guest Writer
Next Article Finding Your Footing: Understanding and Addressing Unsteady Walking in Older Age – By Dr Harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Charles Allen Schokman Father’s Day Tribute

SUNDAY CHOICE – A Tribute to my Father – A Final Father’s Day Tribute to Charles Allen Schokman – by Fiona

eLanka Newsletter

eLanka Newsletter – 6th September 2026 – 1st Edition – Sri Lankans In Australia

Sri Lanka Beyond Your Dreams 2” organised by the Consulate General in Dubai.

Sri Lanka Beyond Your Dreams 2” organised by the Consulate General in Dubai.

The Grand Launch of Central Park Boulevard, Port City Colombo In Melbourne at The Crown Palladium

The Grand Launch of Central Park Boulevard, Port City Colombo In Melbourne at The Crown Palladium (write up by Johann Dias Jayasinha )

Visakhians of NSW present 'Sea & Sway' - Gala Dinner Cruise aboard the spectacular Clearview Glass Boat - Sydney - elanka

Visakhians of NSW present ‘Sea & Sway’ – Gala Dinner Cruise aboard the spectacular Clearview Glass Boat – Sydney

Related News
Guava health benefits
Articles

Guava: The Nutrient-Dense Tropical Fruit Packed with Vitamin C and Health Benefits

Robert Kiyosaki $1.2 billion debt
Articles

Robert Kiyosaki’s US$1.2 Billion Debt Strategy: What Rich Dad Poor Dad Teaches About Leverage

Prathibha Liyanarachchi, Miss World Sri Lanka 2026, Sri Lanka at Miss World 2026, 73rd Miss World, Miss World Festival 2026, Prathibha Liyanarachchi Miss World, Sri Lankan beauty queen, Sri Lankan fashion designer, Hoop The Label, Beauty With a Purpose, Sri Lankan artisans, women empowerment Sri Lanka, Sri Lankan talent, Top Model Miss World, Miss World Sports Challenge, Sri Lankan representation, Miss World Vietnam 2026
Articles

Prathibha Liyanarachchi Secures Multiple Top Placements at the 73rd Miss World

UNDP Sri Lanka, Visa Sri Lanka, financial inclusion Sri Lanka, women empowerment Sri Lanka, youth empowerment Sri Lanka, Hewaheta, Nuwara Eliya, Hope Estate, estate communities Sri Lanka, digital finance, digital payments Sri Lanka, financial literacy, sustainable agriculture Sri Lanka, young farmers Sri Lanka, women farmers, agricultural communities, rural development Sri Lanka, backyard farming, polytunnel farming, economic empowerment, Sri Lankan agriculture, UNDP Visa partnership
Articles

UNDP and Visa Empower Women and Youth in Hewaheta’s Estate Communities Through Digital Finance

Asiri Central Hospital paediatric heart surgery
Articles

Asiri Central Hospital Completes 100 Paediatric Heart Surgeries Under Sri Lanka’s Suraksha Scheme

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.