News & Community eLanka

eLanka

Tuesday, 21 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: June 23, 2023 6:00 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 41

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

“කේ.ජයතිලක ලෙසින් පාඨකයින් වඩාත් හොඳින් හඳුනන,කළුඅච්චිගමගේ ජයතිලක, වර්තමානයේ පහළවූ ඉහළම නිර්මාණශීලී ලේඛකයන් සහ බුද්ධිමතුන් අතරට ශ්‍රේණිගත කළහැකිය. ඔහු දෙවෙනිවන්නේ මාර්ටින් වික්‍රමසිංහට පමණි.” – මහාචාර්ය සරච්චන්ද්‍ර

 

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr. Gamini Kariyawasamකේ ජයතිලක ශුරීන් උපත ලබන්නේ 1926 ජුනි 27 වැනිදා රඳාවාන, කන්නිමර නැමති ගම්  පියසෙහිය.

කළු ආච්චිගමගේ අරනෝලිස් අප්පුහාමි සහ මද්දුමගේ පොඩි නෝනා ගෘහපති යුවළ සෙනෙහසින් හැදූ වැඩු  දරුවන් නම දෙනා අතරින් කේ.ජයතිලක  පවුලේ තුන් වැන්නා  විය.

 මහගම සේකර මහා විද්‍යාලය ලෙස වර්තමානයේ  හඳුන්වන රදාවාන පිරිමි පාසල වෙතින් ජයතිලක ශුරීන් සිප් සතර හදාළේය. ඔහුගේ පාසලේ  සමීපතම මිතුරා වූයේ මහගම සේකර  කවීන්ද්‍රයාය. මතු දිනෙක මෙම සුමිතුරන් දෙදෙනා එක්ව  . ඔවුන්ගේ පළමු  සාහිත්‍ය නිර්මාණය  ‘ව්‍යාංගා’   නමින් එළි දැක්වුහ.සේකර, කේ.ජයතිලක මහතාගේ සමීප  ඥාතියෙකි. 

ඔහු ඉංග්‍රීසි දැනුම මුවහත් කර ගන්නේ  මරදාන  ලෝරන්ස් විද්‍යාලයෙනි.  ඉංග්‍රීසිඅධ්‍යාපනය නිම කිරීමෙන් පසුව ,පවුලේ ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම උදෙසා හෙතෙම  වෙළද සැල්  කිහිපයක ගිණුම් තබන්නෙක් ලෙසින් සේවය කළ බව සදහනි. පසුව ඔහු ස්ව උත්සාහයෙන්  ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගැනීමට සමත්වේ. ජයතිලක යොවුන් වියේදී ම පාලි හා සංස්කෘත  ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ද ප්‍රගුණ කර ගැනීමට යුහුසුළුවිය .ජයතිලක පසුකලෙක ප්‍රදීප නමින්  ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරන්නේ ලේඛන කලාවේ නිරත් පිරිස දිරිමත්  කිරීමේ යහ චේතනාවෙනි.

ඔහු විවාහ දිවියට පිවිසියේ  ප්‍රවීන ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමණා ජයතිලක ( කුරේ) සමගය. කේ. ජයතිලකගේ පිය  සෙනෙහස ලබන්නට අවන්ති, කර්ණිකා,සරලා ,ප්‍රබෝධ යන දූ දරුවන් සිව් දෙනා භාග්‍යමත් වුහ. ඔහු ගේ  වැඩිමහල් පුත් අවන්ති ශ්‍රීලංකා පරිපාලන සේවයේ සිටි ජ්‍යේෂ්ඨ වෘත්තීය වේදියෙකි . 

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

කේ.ජයතිලක සුමනාවන් හා විවාහ ප්‍රාප්ත වීම.

කේ.ජයතිලක නවකතා  18ක්. කෙටි කතා සංග්‍රහ 8ක් ද සිංහල සාහිත්‍ය වංශයට දායාද කර ඇත1955 වසරේදී  ජයතිලකයන් අතින් නිර්මිත .‘පුනරුත්පත්තිය’ ප්‍රථම කෙටිකතා සංග්‍රහය ලෙස සැළකේ . කටු සහ මල්, වජිර පබ්බත, අතීරණය, එකගෙයි අවුරුද්ද, නොනිමි සිත්තම සහ වෙනත් කතා, දියණිය ආපසු එයි යන කෙටිකතා සංග්‍රහ රාශියක් ඔහු පෑන් තුඩගින් ලියැවිනි.“”මතක හා සිතුවිලි,” සාහිත්‍යධර කේ. ජයතිලක විසින් ලියන ලද අවසාන ග්‍රන්ථය ලෙස සැළකේ.  

කේ.ජයතිලක කෙටි කතා ගත්   සමුහය.

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

 ‘පරාජිතයෝ’ඔහු ගේ පළමු නවකතාව දොරට වඩින්නේ 1960 වසරේදීය. අනතුරුව ඔහු නව කතා විෂයයෙහි ඉමහත් පෙළහරක් පානු දිස්වේ. හේ සිංහල  පාඨකයන්ගේ  සාහිත්‍ය රසඥතාවය උද්දීපනය උදෙසා     චරිත තුනක්, දෙලොවට නැති අය, අධිෂ්ඨාන, රාජපක්ෂ වලව්ව, කාලේ අයංතෙ, මායා මාලිගාව, පිතා මහ, පුංචි රාල, පුංචි රාලගේ මරණය, අප්‍රසන්න කතාවක්, මතු සම්බන්ධයි, පියා සහ පුත්තු, මහල්ලකුගේ ප්‍රේම කතාව හා ‘වරණය, ඡන්දය හා මනාපය’ යන නවකතා ,සිංහල සාහිත්‍ය වංශයට දායාද කළේය.

කේ.ජයතිලක නවකතා සමුහය.-

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

ජයතිලක ශුරීන් බිහි කළ සාහිත්‍ය විචාර ග්‍රන්ථ කිහිපය ඔහුගේ පුළුල්  විචාර බුද්ධි මහිමය මොනවට ප්‍රකට කරවන සුළුය.කතා කලාවේ විකාශනය,සාහිත්‍ය විචාර සටහන්, සිංහල නවකතා කලාවේ සංස්කෘතික පදනම, දෛවයෝගය විචාරය, නව කතාව හා සමාජය, නූතන සිංහල ව්‍යාකරණයේ මුල්පොත,සාහිත්‍ය විචාර චින්තාවලි,ජාතක සාහිත්‍ය හා වෙස්සන්තර, සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත,සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය යන විමසුම් ග්‍රන්ථාවලිය ,පාසල් දරුවන්ගේ  මෙන්ම සරසවි විද්යාර්ථීන්ගේ විචාර බුද්ධිය මුවහත් කරලන්නට බෙහෙවින් උපස්ථම්භක විය.ඔහු අප සම්භාවනීය සාහිත්‍ය කෘතීන් ලෙස සැළකෙන කව්සිළුමිණ,සිදත් සඟරාව,පරෙවි සන්දේශය ,මයුර සන්දේශය,යන ග්‍රන්ථයන් ශිෂ්‍ය මානවකයන්ට වඩාත් සමීප කිරීම පිණිස,එම ග්‍රන්ථ සදහා විමර්ෂණ කිහිපයක්ද නිර්මාණය කළේය.ඔහු විසින් නිර්මාණය කරන ලද ග්‍රන්ථ රාශිය අතරින් ග්‍රන්ථ හතකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. 

ඔහුගේ විශිෂ්ඨතම  කෘතිය ලෙසින් සම්භාවනාවට පාත්‍ර වන්නේ 1963 දී ප්‍රකාශයට පත් කරන ලද චරිත තුනක් කෘතියයි. එය  සියලු පාඨක හදවත් සියුම් ලෙසින්  ස්පර්ශ කළ නිර්මාණයකි.මෙම නිර්මාණයෙන් කේ.ජයතිලක හැටේ දශකයේ  කොළඹට තදාසන්න සියනෑ කෝරළයේ මෝදු  වෙමින් පැවැති සමාජ විපර්යාසයේ ගතිකත්වය හෙළිදරව් කිරීමේ ප්‍රයත්නයක යෙදෙයි. චරිත තුනක් විවිධ චරිත ස්වභාවයන්  දරා සිටි ඉසා, සනා, රංජිත් යන   සහෝදරයන් තිදෙනා ගේ ජීවන ප්‍රවාහය ,සියුම් ලෙස  විශ්ලේෂණය කරයි. 

 සරච්චන්ද්‍ර මහාචාර්යතුමා   විස්තර කරන පරිදි, මෙම කෘතිය පිළිබදව  හෙතෙම  කෙතෙක්  පැහැදුනා ද යත් “ජපානයේ සිටියදී,සොබා සෞන්දර්ය ආශ්වාදනයෙහි ලා  දැඩි ආශාවෙන් මඩලන ලද මා නිවසින් බ හැරට ගිය ද , ම සිත්හී නිපන් තත්  ආශාව  යටපත් කර ගෙන , නැවත නිවසට පැමිණීයේ චරිත තුන කෘතිය යළි  කියවීමේ රුචිය  මා සිත්හී මෝදු වීම නිසාවෙනි…” මහාචාර්ය සරච්චන්ද්‍ර මෙම කෘතිය The Grain and the Chaff නමින් ඉංග්‍රීසි බසට  පරිවර්තනය කළේය.

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

චරිතතුනක් නවකතාවේ ප්‍රධාන චරිතය වන ඊසා, චීන නවකතාකාරිණී  පර්ල් එස් බක් විසින් රචිත සාර භුමි”  නවකතාවේ ප්‍රධාන චරිතය වන වැන්ග් ලුං පාඨකයාට සිහි ගන්වන සුළුය. ඊසා සහ වැන්ග්ලුං කෘෂි දිවිය හා  බැඳුණු,උදැල්ල දෑත දැරමින් දහදිය හෙළූ  වෙහෙස මහන්සි වී වැඩ කළ ගොවීන් ය. ජයතිලක,ප්‍රථම පුද්ගල දෘෂ්ඨිකෝණයෙන් ,තමන්  නිර්මාණය කළ  චරිතයන්  දෙස සිය විචාරාත්මක දෘෂ්ඨිය  යොමු කරන සෙයක් ,කෘතිය පරිශීලනයේදී අපට දැනේ.මෙම නිර්මාණයෙන්  කාලීන යථාර්ථය විනිවිද දැකීමට  ජයතිලක  මහතා දක්වා ඇත්තේ අනුපමේය කුසලතාවයකි.

කේ ජයතිලක මහතා ගේ මීළඟ ප්‍රධාන නවකතාව පුංචිරාල ය. මෙය  ද ගම්මානයක් පසුබිම් කරගෙන,ගැමි  මානව සබඳතාවන්හී තත්‍ය ස්වරුපය  තීව්ර ලෙස මතු කරන නිර්මාණයකි.. පුංචිරාලගේ ගම, චරිත තුනේ ගමට වඩා මෑත යුගයකට අයිති ගම් පෙතකි. නාගරීකරණයේ ප්‍රතිඵලයක් ලෙස එහි ප්‍රාථමික ස්වභාවය සහ එහි ගැමි  චර්යාවන් කඩිනම්  වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී.

පුංචිරාලගේ දරුවෝ රැකියා සොයා දුර පළාත්වලට සංක්‍රමණය වෙති. ගම සමඟ ඔවුන්ගේ බැඳීම් කාලයාගේ ඇවෑමෙන් ලිහිල් වීමට පටන් ගනී. පුංචිරාල ඔහුගේ අවසන් කාලයේ කිසිවකුගේ හව්හරණක් නොමැති තනිවූ මහලු මිනිසෙකු ලෙසින් දිවි සටන ජය ගැනීමෙහි ලා උත්සුක වෙයි. 

ඔහු හැම විටම ළමා සාහිත්‍යය කෙරෙහි යොමු වුයේ ළමා මනස  ගැඹුරින් අවබෝධ කර ගෙනය. ඔහුගේ විශ්ලේෂණ කුසලතාව සහ ළමා සාහිත්‍යය පිළිබඳ ඔහුගේ පුළුල් අවබෝධය ඔහුගේ ළමා සාහිත්‍ය කෘති තුළින් අපට  මැනවින් දැකගත හැකිය.    ජයතිලක මහතා තමන් සාහිත්‍ය කෙරෙහි  යොමුවූයේ සිය මෑණියන් ගේ මග පෙන්වීම නිසා බැව් ,සිය  ස්වයං ලිඛිත චරිතාපදානය වන ‘පුංචි පැළේ ගස වෙනා” ග්‍රන්ථයෙහි මෙසේ සනිටුහන් කර ඇත.

“පුංචි කාලයේ රෑට බත් උයන අතර හැමදාම අපට කතන්දර කීම ඈ පුරුද්දක් කරගෙන සිටියාය.ඈට විශාල ජන කවි සංඛ්‍යාවක්ද කට පාඩම් වී තිබුණා”යැයි ඔහු අවධාරණය කරයි.

ඔහු ළමා පරපුර උදෙසා සරල බස් වහරකින් රචනා කළ මිහිපිට සුරපුර, පුංචි වලාකුළ සහ පුංචි පුතා, කතන්දර පොත, ඔරලෝසුව හා ලස්සන ළමයි, වන සටන,ඉරුණු බළලා, ඩිංගිරි, රුවන් කුමාරි, ඩුං ඩුං ඩුඩුං ඩුං, ඉස්සරහ බලන්නෝ හා අයියයි නංගියි කෘතීන්, ළමා පරපුර  මානසික සංවර්ධනය උදෙසා ලබා දෙන්නේ අපරිමිත  දායකත්වයකි.

කේ.ජයතිලක ළමා කතා සමුහය.-

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

කේ ජයතිලකගේ නවකතාවක් වන රාජපක්ෂ වලව්ව ග්‍රාමීය කුල ක්‍රමයෙන් පීඩාවට පත් වූ පරිපාලන නිලධාරියෙකුගේ හීනමානය සියුම් අන්දමින් විශ්ලේෂණයට බදුන් කෙරේ.

ජයතිලකගේ රාජපක්ෂ වලව්ව ප්‍රධාන චරිතයට අනුව – කමල්සිරි ගමේ අසල්වාසීන් විසින් පිටුදකින  ලද සුළු චරිතයකි. පහත්  කුලයක ජන්මය ලද නිසා ඔහුගේ පවුලට සිදුවන හිරිහැර ඔහු වේදනාවෙන් යුතුව විද දරා ගත්තේය. ගම වැසියන් ගේ තාඩන පීඩන නිසා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය කඩාකප්පල් විය. මෙම සිදුවීම ඔහුට කොළඹ කතෝලික පාසලකට ඇතුළත් වීමට මග හෙළි කළේය.කොළඹ පාසැලේදී ඔහුට කිසිදු කුල ප්‍රශ්නයක් නොමැති නමුත් දුප්පත්කම වැනි වෙනත් සමාජ ප්‍රශ්නයන්ට ඔහුට මුහුණ දීමට සිදු විය. කමල්සිරිගේ කුල  ප්‍රශ්නය නැවතත් මතු වූයේ ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසුවය. ඔහුගේ පවුල් පසුබිම ඔහුගේ පෙම්වතියට දැනගැනීමත් සමඟ ඔහුගේ පළමු ආදරය අනපේක්ෂිත ලෙස අවසන් විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු කමලසිරි පරිපාලන සේවයට පිවිසෙයි. ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වුවද, ඔහුගේ මුළු වෘත්තීය ජීවිතය තුළම ඔහු මෙම කුල  ප්‍රශ්නය සමඟ අරගල කළේය.රාජපක්ෂ වලව්ව ලාංකීය සමාජ ඉතිහාසයේ තත්‍ය පැතිකඩකි.අර්ධ වැඩවසම් වාදයේ අවසානය, දේශපාලන බලය හා සම්බන්ධ නව ව්‍යාපාරික ප්‍රජාවගේ  නැගීම සහ නිදහස් අධ්‍යාපනයේ අරුනැල්ලෙන් පෝෂිතව රටේ පරිපාලන පද්ධතියට  පිවිසි  මානවකයින් යන සමාජ තලයන්ගේ ගතිකත්වය මෙම නව කතාවෙන් කදිමට විග්‍රහ කෙරේ. 

බොදු ගැමි සමාජයේ  ලිංගිකත්ව ලැදියාවන් කෙරෙහි,වික්ටෝරියානු හර පද්ධතියේ  බලපෑම්  පිලිබදව විමසුමක් ,1968 දී ප්‍රකාශයට පත් කරන ලද “කාලෝ අයන්තේ” කෘතියෙන් කදිමට විග්‍රහ කෙරේ.  කේ ජයතිලක ලියු, “ මහල්ලකුගේ ප්‍රේම කතාවක්”  නව කතාව,තරුණ ගැහැණු ළමයෙකු සමඟ අසම්මත පෙම් සබඳතාවයක පැටලුණු     මහලු මිනිසකු වටා ගෙතුණු  වෘතාන්තයකි. ලේඛකයා වයෝවෘද්ධ මිනිසෙකුගේ  මානසික ගැටුම හා  අභ්‍යන්තර අධ්‍යාත්මය පාඨකයා ඉදිරියේ විචිත්‍රණය කරන්නේ ,මනා  සංයමයකින් යුක්තවය. 

 පොත්පත් නිර්මාණයෙහි ලා තිබූ පරිකල්පන ශක්තිය   සේම මිනිසුන්ද මැනවින්  කියවිය හැකි,මිනිස් චර්යාවන් මැනවින් අවබෝධ කරගත හැකි  විසල් වැටහෙන නැණසක් ජයතිලකයන් උපතින් ම උරුමකර ගත්  ලේඛකයෙකි.  ඔහුගේ සමකාලීනයන් ,මෙම ලේඛකයාගේ සමරණ ශක්තිය පිලිබදව කතා කරන්නේ  පැසසුම් මුඛයෙනි. ඔහුට සීගිරි ගී හයසිය අසූ පහම කට පාඩමින් කියවීමේ හැකියාව පැවතිණි.

එතුමන් ජීවතුන් අතර සිටියදී, තමා පදිංචිව  සිටි නිවස ,ගම්වැසියන් ගේ පරිහරණය සදහා පුස්තක ලයක් බවට පත් කර, පවත්වා ගෙන යාමට පියවර ගති.එතුමන්ගේ අභාවයෙන් පසුව එම පුස්තකාලය පවත්වා ගෙන යනු ලබන්නේ, එතුමන්ගේ බාල  සොහොයුරු  කේ.ජී.ප්‍රේමරත්න මහතා විසිනි.

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

සිංහල සාහිත්‍යයට නොමැකෙන සුළු මෙහෙවරක නිරතව සිටි  මෙම මහා ගත්කරුවා,2011 සැප්තැම්බර් 14 වැනි දින දැයෙන් සමු ගන්නා විට 85 හැවිරිදි වියේ පසුවිය. මෙතුමාගේ 97 වන ජන්ම සංවත්සරය වෙනුවෙන්,ජයතිලක පදනමේ අනුග්‍රහයෙන් ,ගුණානුස්මරණ උත්සවයක්,ජුනි 27 වන දින ප.ව.3.00,පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. මෙහිදී සම්මානිත ලේඛිකා සුමිත්‍රා රාහුබද්ද විසින්  , කේ.ජයතිලක සාහිත්‍ය මෙහෙවර ඇගයීමේ විශේෂ සමරු දේශනයක් පැවැත්වීමට නියමිතය.

 

  ආචාර්ය ගාමිණී කාරියවසම්.   

   gaminee@gmail.com

TAGGED:කේ.ජයතිලක කෙටි කතාකේ.ජයතිලක නවකතාකේ ජයතිලකමහාචාර්ය සරච්චන්ද්‍මාර්ටින් වික්‍රමසිංහසිංහල සාහිත්‍යසුමණා ජයතිලක
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Obituary Alistair Gonsal - elanka Obituary: Alistair Gonsal
Next Article NSW HEALTH CARE SYSTEM INFORMATION BOOKLET NSW HEALTH CARE SYSTEM INFORMATION BOOKLET
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
TBS

The Body Shop Sri Lanka Brings Back Its Highly Anticipated Mid-Season Sale with Upto 50% Off on Customer Favourites

Evolution towards the Sinhala language, transitioning from an English-based educational system in our homeland-by Harold Gunatillake

eLanka Newsletter

eLanka Newsletter – 19th July 2026 – 3rd Edition – Sri Lankans In Australia

sanjiiwa-wirawansha

Dr. Sanjiva Weerawarana , The Sri Lankan Tech Pioneer Behind WSO2, Trusted by Global Giants

Buddhi Wickramanayake Executive of the Year

Mahanama Old Boy Buddhi Wickramanayake Named Executive of the Year at Capital Maharaja Group Convention 2026

Related News
Madura-Ratnayake-300x190
Articles

Madura Ratnayake Wins Double Gold for Sri Lanka at Maldives Masters Athletics Championship

Gateway Students IESO 2026
Articles

Gateway Students to Represent Sri Lanka at International Earth Science Olympiad 2026

SLASSCOM Ingenuity Awards 2026
Articles

Zahira and Trinity College Students Win National Awards for AI and Healthcare Innovation

Parakum Legacy Tourism Village Launched in Polonnaruwa
Articles

Rs. 100 Mn ‘Parakum Legacy’ Tourism Village Project Launched in Polonnaruwa

Korean Delegation Arrives in Sri Lanka to Support Dengue Prevention Efforts
Articles

Korean Delegation Arrives in Sri Lanka to Support Dengue Prevention Efforts

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.