චිරං ජයතු , සින-මාලිනියේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
Image source : mirrorarts
හෙළ සිනමාවේ නිළි රැජිණිය ලෙසින් අබිසෙස් ලද, මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, මෙම අප්‍රේල් 30 වන දින , සිය දිවි මංතලාවේ 78 වන වියට පා තබන්නීය. ඒ නිමිත්තෙන්,මෙවන් සමරු සටහනක් තබන්නට උදක්ම මා සිත් යොමු වන්නට සුවිශේෂී හේතුවක් විය.ඒ,ඇය කැලණිය ගුරුකුළ විද්‍යාලයේ මගේ සමකාලීන සමීප පාසල් මිතුරියක් වීම නිසාය.පාසල් වියේ සිට වත්මන දක්වා ඇයගේ දිවි පෙවෙත ,බාධක,වැට කඩොලු බිඳගෙන ඉදිරියට ගලනා ගංගාවකට සම කළ හැකිය.
මාලනිය ගුරුකුල විදුහලේ ත්‍යාගය ප්‍රදාන උත්සවයකට සහභාගීවූ අවස්තාවක්.
මාළිනි
1968 වසරේ, පුංචි බබා චිත්‍රපටයේ මාලනිය ගේ රංගනයක්
ඇයගේ පළමු චිත්‍රපටයේ සිට ඉකුත් දශක 7 ක් පුරා ඇය චිත්‍රපට 170 කට ආසන්න සංඛ්‍යාවක රඟපෑමේ භාග්‍ය ලද්දීය.ඇය රිදී තිරයෙන් ප්‍රේක්ෂකයින් වෙත වඩ වඩාත් සමීප වෙමින් රසික දන හද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූවාය.
තත් කාල පරාසය තුළ නව්‍ය නිළියන් රැසක් සිනිමාවට පිවිසිය ද ,මාළිනිය අංක එකේ ස්ථානයේ අභියෝගයකින් තොරව රැඳී සිටීමට තරම් සුවිශේෂී රංග ධාරිනියක වූවාය.
ඇය 11 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන දරුවාය.එවකට රජයේ මුද්‍රණාලයේ සේවයෙහි නිරතව සිටි ගිල්බට් ෆොන්සේකා මාලිනියගේ පියාණන්ය.සීලවතී ඇගේ මවය. මෙම දැරියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක්, සහෝදරියන්හ තර දෙනෙක් සහ බාල සහෝදරයන් හතර දෙනෙක් සිටියහ. එම සොහොයුරු කැළ අතරින් පද්මසිරි,රන්ජිත්,ආනන්ද,උපාලි යොවුන් වියේදීම දිවියෙන් සමු ගත්හ.දයානන්ද, නිමල්,ශ්‍රියාණි ,රසාදරී,දමයන්ති මාලිනියගේ සෙසු සොහොයුරු සොහොයුරියන්ය. මෙම පිරිස ජීවත්වුයේ කැලණියේ වෙදමුල්ල ගම්පෙතය.
Image Source : facebook
Image Source : facebook
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව, මාලනී සිප් සතර හදාරන්නට කැළණිය ගුරුකුල මහා විද්‍යාලයට ඇතුළත් වුවාය. සිනිමා වේදීන් වන එච්.ඩී .ප්‍රේමරත්න,විමල් කුමාර ද කොස්තා,ඩොනල්ඩ් කරුණාරත්න,කරු හීනටිගල මාලිනිය හා ගුරුකුලයේ සිප් හදාල සමකාලීනයන්ය.
මාලිනිය වෙතින් සිංහල සිනමා වංශයට ඉටුවූ අමිල මෙහෙවර වෙනුවෙන් ,කැළණිය සරසවිය සම්මාන ආචාර්ය උපාධියකින් ඇයට බුහුමන් දැක්වීය.කැළණිය ගුරුකුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ද, තම සෙනෙහෙවන්ත ආදී සිසුවියට උපහාර පිණිස, ,”සිනිමාලිනිය” මැයෙන් සමරු කළඹක් ප්‍රකාශයට පත් කරමින්, කෘතවේදීත්වය පළ කළහ.
අකල් වැස්ස’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1965 වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් ඇය ඇගයීමට බදුන් වූවාය. ඇය හිඟන කොල්ල (1980), ආරාධනා (1982) සහ යස ඉසුරු (1983) චිත්‍රපට සඳහා හොඳම නිළියට හිමි සරසවිය සම්මානය ඇතුළු සම්මාන රැසකින් බුහුමන් ලැබුවාය. ජීවිතයේ එක් වරක් පමණක් උරුම වන රණ තිසර සම්මානය ද දිනා ගන්නට ඇය වාසනාව ලද්දීය.
මාලිනියගේ සිනිමා පෙළහර
1975 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ සහ 1977 නවදිල්ලි සිනමා උළෙලේ සම්මාන දිනාගත් ඇය ජාත්‍යන්තර මට්ටමට පැමිණි පළමු ශ්‍රී ලාංකික නිළිය වීමේ භාග්‍ය ද උරුම කර ගති.
2008 ඉන්දියාවේ මුළු දුන් 39 වැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සිංහල සිනමාවේ රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර රිදී මයුර සම්මානයෙන් කිරුළු දැරීය.
‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ මාලිනියගේ රංගනය
1970 දශකයේ මුල් භාගය ශ්‍රී ලාංකේය සිනමාවේ ගාමිණී-මාලිනී දශකය ලෙස නම් කෙරේ.
Image Source : themoviedb
අනතුරුව එළබෙන වසර කිහිපය ,විජය මාලනී දශකය ලෙසින් සිනිමා වංශයේ සනිටුහන්වේ.
මාලනී 1984 දී සසර චේතනා චිත්‍රපටය අධ්‍යක්ෂණයෙහි නියැලෙමින් නිෂ්පාදන ක්ෂේශ්ත්‍රයට පිවිසියාය.පසුව ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්රයට යොමු වූ අතර මැනලද පුතේ කිරි දුන්නේ , පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ වැනි ප්‍රකට ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.
Image Source : sarasaviya.lk
රංගධාරණියක ලෙස ප්‍රකට මාලිනිය, ගායන කුසලතාවයෙන් ද පිරිපුන් කලාකාරියක් වන බැව් දන්නේ රසිකයින් අතලොස්සක් පමණි.
ඇය සිය ගායන චාතුර්ය ප්‍රකට කළ අවස්ථාවක්
සිය ජන්ම දිනය සමරන ආචාර්ය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ස්නේහවත් කලාකාරිනියට නිදුක්,නිරෝගී සියල් ප්‍රාර්ථනා සපත වන චිර ජීවනයට ආසිරි පතමු.
ආචාර්ය ගාමිණී කාරියවසම්.