ජපානයේ මරණයේ වන පෙත- මතක සටහන්. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ජපානයේ හොන්ෂු දිවයිනේ මිසාකා කදුකරයෙහි පිහිටි ඔකිගහරා ජුකායි වනාන්තරය ජපානයේ සිය දිවි නසා ගන්නන්ගේ වන පියස ලෙසින් ලොව ප්‍රචලිතය.එහි පිවිසුම් ද්වාරයෙහි ,ජපන් රජය විසින් ස්ථාපිත කර ඇති දැවැන්ත දැන්වීම් පුවරුවෙහි දක්වා ඇති සටහන කෙරෙහි ඔබ අවධානය යොමු කරලමින් මෙම ලිපිය ආරම්භ කිරීමට අදහස් කළෙමි .
“ජීවිතය ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා දායාදයක් .
දි
මෙම වන පෙ
ආයාචනය. වන වදුලේ සි
දැඩි ආත්ම විශ්වාසයක් වඩවා ගෙන නො
යළි නිවසට පියමන් කරනු මැන දරුව.
”මෙම වන පියස වෙත පියමං කරන්නන්ගේ මානසික අපේක්ෂාවන්හි ස්වභාවය,මෙම දැන්වීම් පුවරුවෙන් මැනැවින් ප්‍රකටවේ.
ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල සමීපයේ පිහිටි ඔකිගහරා වනය.රුක් සයුර ලෙසින් ද හැදන්වෙන,අක්කර 7400ක්පුරාපැතිරි මෙම වනාන්තරය පිහිටියේ ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල ආසන්නයෙහිය.
විද්වතුන් පෙන්වා දෙන්නේ සියදිවි නසා ගැනීම “ගෞරවනීය” යැයි සැලකෙන ජපානයේ ඉපැරණි සමුරායි සංස්කෘතිය, ඔකිගහරා වනාන්තරය වෙත ජපන් ජාතිකයින් ආකර්ෂණය කර ගැනීමට අනියම් වශයෙන් බලපෑම් සිදු කර ඇති බවයි.
වසර කිහිපයකට ඉහත,ශීත ර්තුවේමැද භාගයේ දී ජපානයේ සංචාරයක නිරත අවස්ථාවක, දිවි තොරකර ගන්නන්ගේ වනාන්තරයට පිවිස, එහි තථ්‍ය ස්වරූපය රිසි සේ දැක බලා ගැනීමට මාවෙත අවස්ථාවක් උදා විය. එම මතකයන් ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි. එම අවස්ථාවට මගේ මිත්‍ර ජපන් විශ්වවිද්‍යාලයීය මහා චාර්යවරයක් ද සහභාගි වීම නිසා ,වන පියස තැන තැන සවි කර තිබු ජපන් බසින් සැකසුණු විවිධ නාම පුවරු වල අරුත් මැනැවින් වටහා ගන්නට මෙන්ම,වනය පිලිබදව අප්‍රකට ඓතිහාසික තොරතුරු සමුදායක් දැනගන්නට අවකාශයක් සැලසිණි.
වන අසිරිය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන ගාල් කිරීම සඳහා වෙන්කර තිබූ රථගාලේ සුවිශේශීතාවක් ද අප දුටිමු. ඒ දිරාපත් වෙමින් පැවති මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ පාපැදි රාශියයි. ඒ සියල්ල සිය අපේක්ෂාවන් සපුරා ගැනීමට මෙම වනයට පිවිස,යළි පිටතට නොපැමිණි සිය දිවි තොර කර ගත් පුද්ගලයින්ගේ බව අපට දැන ගන්නට ලැබිණි.
2022 දී මෙහි සියදිවි නසාගැනීම් අනුපාතය සියයට 2.7 කින් වැඩි වූ අතර එය වයස අවුරුදු 20 ත් 44 ත් අතර පිරිමින්ගේ සහ වයස අවුරුදු 15 ත් 34 ත් අතර කාන්තාවන්ගේ බැව් සංඛ්‍යා ලේඛනයන් ගෙන් අනාවරණයවේ. ඔකිගහරා ජුකායි වනාන්තරය, සැන්ෆ්‍රැන්සිස්කෝහි ගෝල්ඩන්ගේට්පාල මෙන්පසුලෝකයේ දෙවන ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතය ඇති ප්‍රදේශය ලෙස සැළකේ .
ප්‍රධාන ද්වාරයෙන් වන පියසට ඇතුල්වූ විගස,විසල් ගස් වටා දිවිනසා ගත්තවුන් විසින් කාඩ්බෝඩ් වල ලියා එල්ලන ලද සිය උද්වේගකර මානසික විප්‍රයෝගයන් සටහන් කළ පුවරු නෙත් ගැටේ.තම උද්වේග ප්‍රකාශයන් මෙහි පැමිණෙන ජනතාවට කියවා ගත හැකි, පරිදි වැස්සෙන් ආරක්ෂා වීම පිණිස ඒවා පොලිතීන කවර වලින් ආවරණය කිරීමටද ඔවුහු සැළකිලිමත් වූ බව හැගේ.
“මා ප්‍රේමනීය හිමරි-
මාවත දිගේ
දෑ ගිලි බැද
පියමන් කළ
අප දෙදෙනාට
නිබදව ම
දෑලේ සුපිපි
සකුරා මල් කිනිති
සුළගේ දැවටී
සුබ පැතුම් මිමිණු විලස
දෝංකාර දෙවයි දෙසවන
ඔබ මා අතැර
වෙනතක වෙළුණු සඳ
මාවත පතිත-
මිලින සකුරා
මල් පෙති
පාවාඩ මතින්
පිය නගමි වන පෙතට
වැළද ගන්නට
මරණයේ දෙව් දුව
මහද බැදි ඔබ ද
මුළු ලොවද සදහට
හැරපියා යන්නෙමි
පිය සොදුර.”
– චිබා නගරයේ සිට පැමිණි මිනාතෝ
ඉහත ජපන් හයිකු පද්‍යය , ප්‍රේම විප්‍රයෝගය දරාගත නොහැකිවූ තරුණ පෙම්වතෙක්, වනපෙත තුළ දිවි නසා ගැනීමට පෙර ජපන් බසින් තැබූ සමරු සටහනක සිංහල අනුවාදයකි.
මෙම වන පියසේම සිය දිවි හානි කර ගත් ජපන් තරුණයෙක්, මරණයට පෙර තබන ලද මෙවන් අපූර්ව සටහනක් කෙරෙහි ද අප අවධානය යොමු විය.
කලක් මා දිවිය
එකලු කළ
මා පළමු පෙම්වතිය
මට පිටුපෑ විලසින් ම
“යුමේ “
සොදුරිය ඔබ ද
දිවි මග අදුරු කර
මා හැර ගියේ
කිනම් හිතකින් ද?
ඇගෙන් සහ ඔබෙන් ද
මුළු ලොවින් ද
සමු ගනිමි මම
නාගොයා ප්‍රදේශයෙන් පැමිණි –කයිතෝ
මිනිස් සන්තානයෙහි සියුම් උද්වේගයක් ජනිත කරවන සුළු මෙවන් ප්‍රතිභා පුර්ණ, ශෝකී ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායට ගැණෙන පද්‍ය ලියූ ,පොලිතීන්වලින් ආවරණිත කාඩ් බෝර්ඩ් සිය ගණනක් , වන පෙත ගස් කදන් වටා දවටා තිබෙනු අප දැක ගතිමු.
දෑසින් දකින දෑ චායා රූප ගත කරමින්, සටහන් තබා ගනිමින් අප ක්‍රමයෙන් වනය තුළට පියමන් කළෙමු.
වනාන්තර භූමිභාගය, ෆුජි ගිණි කන්දෙන් විධාරනයවූ ලාවා පාෂාණවලින් නිර්මිත ගැටිතිවලින් ගහන භූ විෂමතා ලක්ෂණයන් ගෙන් යුක්ත විය. එම ගැටිති මත ලිස්සන සුළු පාසි ඝනව බැදී තිබීම නිසා අපට ඇවිදීමට සිදුවුයේ ඉතා සීරුවෙණි. සයිප්‍රස් සහ පයින් රුක් වියන් නිසා වනය තුළට හිරු රැස් පතිත නොවීමෙන් මුළු මහත් වන පරිසරයම අදුරු ස්වභාවයක් ඉසිලීය.
ඇසිල්ලකින් වනයේ නිහඩතාවය පලවා හරිමින් සමුදුරු රළ පෙරලෙන හඩට සම ඝෝෂාවක් ද අප සවන් වැකිණි . ඒ ෆුජි කදුකරය පිසගෙන හමනා වේගවත් ශීත සුළං කෝඩය, වන පියසේ රුක් මුදුන් කළඹවන ඝෝෂාව බව, අප සමග සිටි ජපන් මහාචාර්යවරයා පැහැදිලි කළේය. මෙම වනාන්තරයට ජපානයේ මුතුන් මිත්තන් රුක් සමුදුර යන අර්ථය ගෙනෙන ජුකායි යන අන්වර්ථ නාමය භාවිතා කිරීමට හේතුවක් වන්නට ඇත්තේ වන මැදියමේ මෙම ඝෝෂාව සැලකිල්ලට ගෙන විය හැකිය. විටින් විට හඩන පක්ෂියෙකුගේ නාදයෙන් නිහඩ පරිසරයට කිසියම් ගුප්ත බියක් මුසුවූ සෙයක් ද අපට හැගිණි. එම කුරුළු නද,මෙරට උල ලේනාගේ වැළපීමට බෙහෙවින්ම සමීපය.වනාන්තරය තුළ, නරුසාවා අයිස් ගුහාව සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ඉසව්වකි .
මග සලකුණු ලෙසින් ගස් වල බැඳ ඇති වර්ණවත් පීත්ත පටි සංචාරකයින්ට සහ නිලධාරීන්ට අතරමං නොවී වනාන්තරයේ සැරිසැරීම සඳහා ලබා දෙන්නේ බලවත් පිටුවහලකි.වනයේ අතරමං නො වීම සඳහා ,වර්ණවත් පීත්ත පටි බැදි මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපට ද උපදෙස් ලැබිණි. වනාන්තරය අභ්‍යන්තරයට පියමන් කළ අප තුළ, එහි පැවති ශුන්‍ය නිහඬ ස්වභාවය සියුම් තැති ගැන්මක් ඇතිකරවන සුළු විය. ඒ අතර දැවැන්ත ගසක අත්තක එල්ලෙමින් තිබූ මිනිස් ඇටසැකිල්ල අප හදවත් කම්පනයට පත් කළේය. ගස පාමුල, එහි සියදිවි හානි කරගත් පුද්ගලයාගේ පාවහන් යුවල සහ දිරාපත් වූ ඇඳුම් ද විසිරී පැවතිණි. ඒ අසලින්ම දැකගත හැකි වූ, බියර් කෑන් සහ සකේ මත්පැන් බෝතලය, අදාළ පුද්ගලයා ගෙල වැලලා ගැනීමට පෙර සිය සිත දැඩි කර ගැනීමේ උත්සාහක යෙදී ඇති බවද සනාථ කරවන්නක් විය.අපට වනාන්තර තුළ දී මෙබඳු අතිශය ඛේදජනක දර්ශන රාශියක් දැකගන්නට ලැබිණි.
ජපන් ජනප්‍රවාදයන් ට අනුව,වන පියස තුළ සියදිවි නසාගත් අයගේ අවතාර වනාන්තරයේ නිරන්තරයෙන් සැරිසරන අතර,එහි ඇතුළු වන අයකිසි විටෙකත් පිටතට නොපැමිණීමේ අවදානමට ලක්වන බවත් පැවසේ. ජනප්‍රවාදයේ පවතින ජපන් කතාවල විශ්වාසයන් ට අනුව,මෙම භූතාත්මයන්ගේ ප්‍රධානියා වන්නේ ‘යූරී’හෙවත් කුපිතවූ කාන්තා භූතාත්මයයි. මියගිය ජපන් කාන්තාවන් ට අන්දවනු ලබන ධවලමය කිමෝනාවට සමාන ඇදුමකින් සැරසුණු ,කේශ කලාපය විහිදා ගත් මෙම අවතාරය රාත්‍රී කාලයේ මෙම වන පියස කඳවුරු බැඳ ගත් ඇතැම් දේශීය සංචාරකයන්ට දැක ගැනීමට හැකි වූ බව ද වාර්තා වේ.1 750 වසරේදී මරුයාමා ඕකායෝ නම් ජපන්ජා තික සම්ප්‍රදායික චිත්‍ර ශිල්පියා විසින්චි ත්‍රයකට නැගූ යුරී භූතාත්මය ජපානයේ ටෝකියෝ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ.
දිවි නසාගන්නන් ගේ මෙම භයංකර වනාන්තරය තුළ මාලිමා යන්ත්‍ර හෝ වෙනත් කිසිදු ඉලෙක්ට්‍රෝනික උපකරණනයක් ක්‍රියාත්මක නොවීම මෙහි පවත්නා තවත් විශේෂත්වයකි.
ජපාන රජයේ මෙන්ම විවිධ ස්වෙච්ඡා සංවිධානයන්හී නියෝජිතයින් ද , ප්‍රදේශවාසීන් ද නිරන්තරයෙන් වනාන්තරයේ මුර සංචාරයේ යෙදෙමින් සිටි අයුරු මෙම සංචාරයේදී අපට දැකගන්නට ලැබිණි. වනයේ තනිව සරන පුද්ගලයින් සමඟ සුහදශීලීව සංවාදයේ යෙදී, මානසික අවපීඩනය දුරුකොට සියදිවි නසාගැනීමේ මානසිකත්වයෙන් මුදාගැන්මට ඔවුන්ග න්නා උත්සාහය ප්‍රශංසනීයවේ.
ස්වෙච්ඡා සේවිකාවන් තිදෙනෙක්.
වසර මුළුල්ලේ ජපාන පොලිසිය ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව වනාන්තරයේ ඇවිද දිවිනසා ගත් පුද්ගලයින්ගේ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුමක යෙදී. සිටිති . මෙහි සියදිවි නසා ගත් තම ආදරණීයයන් සිහිපත් කිරීම පිණිස ඔවුන්ගේ උපන් දිනයන්හි නෑ හිතවතුන් මෙහි පැමිණ සුවිශේෂී පීඨිකාවක පහන් දල්වන බව ද අපට අසන්නට ලැබිණි. කලකිරුණු සිතින් දිවි අහිමි කර ගැනීමේ අපේක්ෂාවෙන් වනගත වන්නන්ට උපදේශනය සහ උපකාර සැලසීමට අදාල විවිධ ප්‍රචාරක දැන්වීම්, පෝස්ටර් වනාන්තර මාවත්වල විවිධ තැන්හි දක්නට ඇත.
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදීමට සිදුවීම නිසා ජපානයේ සියදිවි නසාගැනීම්සං ඛ්‍යාව ඉහළ ගියේය. 2009 වසරේ සියදිවි නසා ගැනීමේ අනුපාතය එක් ලක්ෂයකට මරණ 25.7 ක් දක්වා ඉහළ ගිය බව පැවසේ.. 2019 දී ජපන් වැසියන් එක් ලක්ෂයකට සියදිවි නසාගැනීම් 16 ක් වාර්තා විය. ආර්ථික ප්‍රශ්න වලට අමතරව පෙම් සබඳතා දෙදරා යාම, සෞඛ්‍යමය හේතු සහ රාජකාරි ස්ථානයෙහි අධික ආතතිය වන් හේතූන් නිසා ජපානයේ වැඩි වශයෙන්ම දිවි නසා ගැනීමට නැඹුරු වන්නේ පිරිමි පුද්ගලයින් ය.
මෙම වනාන්තරය තුළ සියදිවි නසා ගත් පෙම් යුවලක වෘත්තාන්තය පසුබිම් කරගෙන 1960 වසරේදී, ජපානයේ ප්‍රසිද්ධ ලේඛකයෙකු වන සීචෝ මැට්සුමෝටෝ ( Seichō Matsumoto ) විසින් ලියන ලද “ටවර් ඔෆ් වේව්ස්” ( “ Nami no Tō ) නවකතාව ප්‍රකාශයට පත්වීමත් සමග ම පෙර අපරදිග රූපවාහිනි සහ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ වැඩි අවධානයක් ඔකිගහරා වනාන්තරය වෙත යොමු වන්නට විය. මෙම නවකතාවේ ,අපකීර්තිමත් ප්‍රේම සම්බන්ධයක සිරවී සිටි තරුණියක් අකිහාරා වනාන්තරයට ගොස් සියදිවිනසා ගැනීමට තීරණය කරයි.මෙම වනාන්තරය ඇයගේ ජීවිතයේ සුන්දර හා සාමකාමී අවසානයක් වන අයුරු මෙමගින් කදිමට නිරූපිතය .
සාමාන්‍යයෙන් වනාන්තරයක් මිනිස් සිතට සෞන්දර්යාත්මක හැඟීම් ජනනය කෙරෙන සොබා දහමේ අනුපමේය නිර්මාණයකි. එනමුදු ඔකිගහරා වන පියස මිනිස් සිතට ගෙනෙන්නේ බියකරු හැඟුම් සමුදා කි.
ආ
ඔකිගහරා ජුකායි වනාන්තරය ,සජීවීව ඔබට දැකගත හැකි වීඩියෝ පට දෙකක්