News & Community eLanka

eLanka

Thursday, 8 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දිවංගත ජනාධිපති ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ 100 වන ජන්ම සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

දිවංගත ජනාධිපති ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ 100 වන ජන්ම සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: June 26, 2024 4:37 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 47

දිවංගත ජනාධිපති ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ 100 වන ජන්ම සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

Ranasinghe Premadasa-eLanka

Image Source : island

2024 ජුනි 23, ශ්‍රී ලංකාවේ කීර්තිමත් නායකයෙකු වන, දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 100 වැනි ජන්ම සංවත්සරය සනිටුහන් කරයි.

එතුමා  පොදු ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන්   සුවිසල් ජන මෙහෙවරක්  ඉටුකළ , මානව හිතවාදී ජන නායකයෙකි. වත්මන් පරපුරට එම ජන මෙහෙවර  සිහිපත් කිරීම පිණිස, .එතුමා සමීපයෙහි දිගු කාලයක් රාජකාරියෙහි නියැලී සිටි රාජ්‍ය නිලධාරියෙක් ලෙසින් මෙවන් සටහනක් තබන්නේ මහත් කෘතවේදීත්වයෙන් යුක්තවය.

1924 දී කොළඹ දී උපත ලද ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ  ජීවිතය ජාතියේ සංවර්ධනයට ඉටුකළ දැවැන්ත මෙහෙවර,  මෙවන්කෙ ටි  ලිපියකට සංක්ෂිප්ත කර ගැනීම පහසු කාර්යයක් නොවේ.

Ranasinghe Premadasa-eLanka

ප්‍රේමදාස ළදරුවා සිය දෙමාපියන

Image Source : wikimedia

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිහතමානීව ආරම්භයේ සිට ඉහළම තලය  දක්වා පැමිණි ගමන ඔහුගේ වීර්යය සහ සමාජ  සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම මනාව පෙන්නුම් කරයි. කොළඹ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ  හේ සමාජ සේවයට මුල් කාලයේ  උනන්දුවක් දැක්වූ අතර එය පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට පරිවර්තනය විය.සුචරිත ව්‍යාපාරය සාරධර්මවලින් පෝෂිත දිවි පෙවෙතකට  ,දරු  පරපුර යොමුකරවීමේ අධ්යාශයෙන් ස්ථාපිත වුයේ  එතුමාගේ සමීප අධීක්ෂණය යටතෙහිය.  ප්‍රාදේශීය ප්‍රජාවට, විශේෂයෙන්ම අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවලට  සම්බන්ධ වීම, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ සමානාත්මතාවය කේන්ද්‍ර කරගත් එතුමාගේ දේශපාලන සදාචාරයට අඩිතාලම දැමීය.

Ranasinghe Premadasa-eLanka

 එතුමා හේමා ප්‍රේමදාස ආර්යාව සහ දුලාංජලී ,

සජිත් දෙදරුවන් සමග

Image Source : Ziyath Gaffoor Facebook

එතුමාගේ  දේශපාලන ජීවිතය ඉතා උනන්දුවෙන් ආරම්භ වූයේ ඔහු 1940 ගණන්වල අගභාගයේදී එක්සත් ජාතික පක්ෂයට (එජාප) බැඳීමෙන් පසුවය. 1950 දී කොළඹ මහ නගර සභාවට තේරී පත් විය.. පළාත් පාලන මට්ටමින් ඔහු ලැබූ ජයග්‍රහණ ඔහුව ජාතික දේශපාලනයට යොමු කළ අතර 1960 දී  පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Ranasinghe Premadasa-eLanka

Image Source : silumina

1978 සිට 1989 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, 1989 සිට 1993 දී  ඝාතනය වන තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙසත්එ තුමන් ජාතික ආගමික සංස්කෘතික හා සමාජයීය වශයෙන් ප්‍රශස්ත මට්ටමක සේවාවක් ඉටු කළේය. තත්  ධුර කාලය ආර්ථික සංවර්ධනය සහ සමාජ සුබසාධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අයුරු  මැ නවින්  සංලක්ෂිත වේ . සමාජයේ දිළිඳු කොටස්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වූ යුගයක් ලෙස ඉතිහාසයේ සනිටුහන්වේ.එතුමාගේ  වඩාත් කැපී පෙනෙන දායකත්වයක් වූයේ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ “ගම් උදාව” (ගම පිබිදීම) වැඩසටහනයි. මෙම මුලපිරීම යටතේ නිවාස, පාසල්, සෞඛ්‍ය සායන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම්වලින්ස මන්විත නව ගම්මාන ඉදිකරන ලදී. මෙම වැඩසටහන බොහෝ ග්‍රාමීය පවුල්වල ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ අතර දුප්පතුන් නඟා සිටුවීම සඳහා  කැපවීම මනව්න් විද්‍යාමාන විය.

එතුමන් කලාකරුවන් සමීපයෙන් ඇසුරු කළේය. ඔවුනගේ අභිවෘද්ධිය ,යහපැවැත්ම වෙනුවෙන් සැලසු සහනයන් අපමණය. තට්ටු නිවාස, නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාවන්හිදී කලාකරුවන්,  මාධ්‍ය වෙදීන් වෙනුවෙන්නි වාස  කිහිපයක් වෙන්කර දීමට එතුමා  කාරුණික විය. ගල්කිස්සේ කලාපුරය නිපන්නේ ද ,එතුමාණන් තුළ,කලා ශිල්පීන්  වෙනුවෙන් පැවති අනූපමේය ලෙන්ගතුකම නිසාමය.

1978 ඔක්තෝම්බර් 10 වන දින අංක 01 දරන ටවර් හෝල් රග හල පනත පාර්ලිමේන්තු ගත කිරීම ද  එතුමා විසින්  දේශීය  ලාවන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් සේ සැලකේ. මෙමගින්  දේශීය සම්ප්‍රදායික නාට්‍ය කලාවේ උන්නතිය,පෝෂණය සහ ටවර් හෝල්  යුගයේ කලා ශිල්පීන්ගේ අභිවෘදිය සැලසීම එතුමාගේ ඒකායන අපේක්ෂාව විය.

Ranasinghe Premadasa-eLanka

Image Source : Sajith Premadasa Facebook Page

කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ව්‍යාපෘති ආරම්භ කරමින්  එමඟින් දහස්  ගණනකට දැරිය හැකි මිලකට නිවාස ලබා දුන්නේය. නාගරික නවීකරණය සහ නිවාස සඳහා එතුමන්  දැරූ උත්සාහය ඔහුට පුළුල් පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දුන්නේය.

Ranasinghe Premadasa-eLanka

Image Source : lankanewsweb

දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සමඟ සිවිල් යුද්ධය සහ ජවිපෙ දෙවන කැරැල්ල මගින් සනිටුහන් වූ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකදී හේ  පසුනොබා  රටඉදිරියට  මෙහෙයවීමට කාර්ය ශුර්ය විය.. මෙම අභියෝග මධ්‍යයේ වුවද, එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා වූ තම  දැක්මෙහි නොසැලී සිටියේය.

එතුමාගේ  ජනාධිපති ධූරය ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ උත්සාහයන් සපලමත් විය. හේ  ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත්, රටේ ආර්ථික වර්ධනයට තීරණාත්මක වූ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් උත්සාහ කළේය.

1993 මැයි 1 වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින්ඛේදජනක ලෙස,මෙතුමන්   ඝාතනය කරනු ලැබිණි.

Ranasinghe Premadasa-eLanka

Image Source : dailymirror

කෙටි ජීවිත  කාලයක් තුළ  එක් පුද්ගලයෙක් ,ජාතියක් වෙනුවෙන් මෙතරම් විසල් කාර්යභාරයක්  ඉටු කළේ කෙසේද  යන්න ඇතමෙකුට අදහා  ගැනීම පවා අසීරු වනු නිසැකි.

ප්‍රේමදාස ජනපතිඳුන්ගේ 100 වැනි ජන්ම දිනයේ දී,එතුමන් වෙතින් අප දේශයට ඉටු වූ සුවිසල් මෙහෙවර විමසා බැලීම  පිණිස සැකසූ මෙම ලිපිය,එතුමන්ගේ දුරදක්නා තීක්ෂණ නුවන විශද කරවන නිර්මාණයක් පිළිබඳව සනිටුහන් කරමින්  සමාප්ත කිරීමට අදහස් කළෙමි.

ප්‍රේමදාස ජනපතිදුන් දළදා වහන්සේ වෙත රන් වියනක් සැලසුම් කලේ හුදු භක්තිය හා  අලංකාරය සදහා පමණක් නොව දළදා වහන්සේගේ මතු ආරක්ෂාව සැලකිල්ලට ගෙනය. ත්‍රස්තවාදීන් දළදා මාලිගය වෙත දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ, වරිච්චි බිත්තියෙන් නිමවා තිබූ,දළදා වහන්සේ වැඩ සිටි කුටිය ආරක්ෂා වූයේ, රන් වියන දරා සිටි    දැවැන්ත කොන්ක්‍රීට්   කණු, බෝම්බයේ කම්පනය දරා ගෙන ආරක්ෂක පලිහක් ලෙසින් පැවතීම නිසා බැව් ආරක්ෂක අංශයන්හී නිගමනය විය

එපමණක් ද නොව රන් වියන නිර්මාණය කලේ ,දළදා  මාලිගයේ උළු වහලය උඩවත්ත වන පෙත සිට නිරන්තරයෙන්  පැමිණෙන වදුරන් ගෙන්  ආරක්ෂා කර දීමේ  වැදගත්කම ද සැලකිල්ලට ගනිමින් බව අපට  මෙහිදී සිහිපත් වේ.

ආචාර්ය ගාමිණී කාරියවසම් 

gaminee@gmail.com

 

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Ranasinghe Premadasa-eLanka Late President Hon. Ranasinghe Premadasa: Celebrating His 100th Birth Anniversary. – By Gamini Kariyawasam
Next Article Yvonne Schrader RIP
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
FLH Mapiya Kapakaru

FL Foundation Launches ‘Mapiya Kapakaru’ to Fund the Education of 100 Children from Low-Income Families

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

Indeewari Chandrasekara Wins the Global Star of WiLAT Award 2026 in Hong Kong

Circul8 Becomes Sri Lanka Tourism’s First Australian Creative Agency for a Six-Month Campaign

City of Dreams Sri Lanka World Travel Awards 2026

City of Dreams Sri Lanka Wins Asia’s Leading New Resort and Sri Lanka’s Leading Luxury Resort at the World Travel Awards 2026

Arimac CEO Chamira Jayasinghe Named Sri Lanka’s AI Leader of the Year as Company Takes Three National Honours

Related News
A snapshot of Basil D 'Oliveira
Articles

A snapshot of Basil D ‘Oliveira

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status
Articles

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status

2FORTY2 PADURA attracted around 1,000 music lovers to Crystal Grand in Slough, celebrating Sri Lankan music, culture and community in the UK.
Articles

2FORTY2 – PADURA Draws 1,000 Music Lovers for a Night of Sri Lankan Hits in Slough

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Expolanka Leisure Cluster Wins Seven Awards at the National ICT Awards NBQSA 2026

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each
Articles

Arpico Insurance Funds the Education of Grade 5 Scholarship Island First Danoj Theekshana Weerasekara

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.