News & Community eLanka

eLanka

Thursday, 8 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පරිකල්පනයෙන් හා මානව භක්තියෙන් පිරිපුන් ලීල් ගුණසේකර – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

පරිකල්පනයෙන් හා මානව භක්තියෙන් පිරිපුන් ලීල් ගුණසේකර – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 7, 2023 5:33 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 68

පරිකල්පනයෙන් හා මානව භක්තියෙන් පිරිපුන් ලීල් ගුණසේකර – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

දෙසැම්බර් 09 වන දින සිය 91 වන ජන්ම දිනය සමරණ ලීල් ගුණසේකර ශුරීන්ගේ දිවි මං තලාවේ පියසටහන් ආවර්ජණයට බඳුන් කෙරෙන විශේෂ සටහනකි.

ලීල් ගුණසේකර

විසිවන සියවස මැද භාගයේදී  පළාත් නවයේ පරිපාලනය  දිසාපති නිලය  දැරූ සිවිල් සේවකයන් නව දෙනෙකු වෙත පැවරී පැවතිණි. ඒ යුගයේ  රජරට අගනුවර වූ අනුරාධපුරයෙහි මහා දිසාපති ධුරය හොබවන ලද්දේ  ලීල් ගුණසේකර මහතාය. යොවුන් , කඩවසම් දිසාපති වරයා , තම ජීප් රිය  කලාවැව බැම්ම දිගේ පදවාගෙන යමින් සිටියදී , දිය රෙද්දෙන් සැරසී සුරූපී  ගැමි ළදක් වැවේ නිල් දියේ තනිවම නාමින් සිටිනු ඔහු නෙත් ගැටිණි. එම දසුන  තරුණ නිලධාරියාගේ සිත කුල්මත් කරනා සුළු විය.  තාරුණ්‍යයේ  හදවත නිපන්  ස්වභාවික ආවේගය පාලනය කර ගැනීමට හේ  සමත් විය, පරිපාලකයාගේ පරිකල්පන ශක්තිය පුබුදුවා ලීමට මෙම දසුන සමත්වූ සෙයකි. අපුර්ව කාව්‍යමය සංකල්පනාවක්  ඔහු සිය දින පොතේ  සටහන් කළේය.

Leel Gunasekara

Leel Gunasekara

පනහ හැට  දශකයන්හී  සිවිල් සේවා සංස්කෘතියේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට පුරෝගාමීවූ නව සිවිල් සේවකයන් අතරෙන් ලීල් ගුනසේකරයන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.ලංකා සිවිල් සේවයේ පැරණි බළකාය ඉංග්‍රීසි පන්නයෙහි ගැලී සිටියහ. කථාව,ලිවීම කලේ ඉංග්‍රීසි බසිනි.ඔවුහු නිති  ඇසුරු කලේ ඉහල පැලැන්තියේ පුද්ගලයින්ය.

පැරණි සිවිල් සේවකයින්  පොදු ගැමි සේවා ලාභීන් ගේ  ගැටළු,පොදු අවශ්‍යතා සපුරා දීමේ කාර්ය ඉටු කළේ ,තමයටත් ශ්‍රේණිවල නිලධාරීන් හරහාය. මහජනතාව සමඟ ඍජුව ගනුදෙනු කළේ කලාතුරකිනි. ඔවුන් තම ශීත නිල කාමර වසා තබාගති. ඇතුල්වන ස්ථානයේ මහත් තේජසින් පොදු මිනිසුන් හමුවුයේ  ආරච්චි නම් නිල ඇඳුමින් සැරසී සිටි සේවකයක්  විසිනි. එවකට ආරච්චිලා,පියන්ලා වන් සුළු සේවකයින්කච්චේරියට එන ගැමි ජනයා හමුවේ තේජස විහිදුවමින් ඔවුන් අපහසු තාවයට පත් කළ අයුරු ලීල් ගුණසේකර  දිසාපති වරයා ට නිරීක්ෂනයවූ සෙයකි.

ලීල් ගුණසේකර මහතා කෑගල්ලට මාරුවක් ලබා පැමිණ, නව දිසාපතිවරයා ලෙස කච්චේරියේ වැඩ භාර ගන්නා විට ඔහුට අවශ්‍ය වූයේ තම නිල කාමරයේ දොර ජනෙල් සියල්ල විවෘතව තැබීමටය. ඒ  නැවුම් වාතය ඇතුළු වීමට පමණක් නොව, පොදු මහා ජනතාවගේ අදහස්, අවශ්‍යතා කෙලින් ම තමා වෙත ලබා ගැනීමට නිසි අවකාශයක්මෙ මගින්  සැලසුනු  බැව් හේ වරක් පැවසීය.හතර කෝරළයේ ඉපැරණි සම්මතය වූ ‘ඉර හද කොඩිය’ නිල කාමරය ඇතුළත බිත්තියක එල්ලා කෑගල්ලේ අනන්‍යතාව සේවා ලාභීන්ට සිහිපත් කර දුන්නේය. ඉංග්‍රීසියෙන්ලි යා  තිබුනාමපුවරු සහ සමරු ඵලක නැවත සිංහලයෙන් ලියවීමට හේ පියවර ගති.අනාදිමත් කාලයක්.  රෙසිඩන්සි ය ල සින් හැදින්වූ දිසාපති නිල නිවස  දිසාපති මන්දිරය බවට පත් වන්නේ නව දිසාපති වරයාගේ නියමයෙනි.

සල්පිටි කෝරළයේ  ජඹුරලිය ලීල් ගුනසේකරයන්  ජන්මය ලද ගම පියස සේ සැලකේ. 1932 දෙසැම්බර් 9 වන දින ලීල් උපත ලබන්නේ  හපුතන්ත්‍රීගේ දොන් සරනේලිස් ගුණසේකර මහතා සහ තලගල ආරච්චිගේ දෝන පොඩිනෝනා දෙමහල්ලන් ගේ දූ දරුවන් අට දෙනෙකුගේ පවුලේ හත් වැන්නා ලෙසිනි.ජඹුරලිය මිශ්‍ර පාසලින් මෙම මානවකයා 5 වන ශ්‍රේණිය උසස් අන්දමින් සමත්ව ඩෙන්හැම් ශිෂ්‍යත්වය ලැබ 1943 දී පාණදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයට පිවිසීමේ භාග්‍ය හිමිකර ගැනේ.එම වසරේදී  පියා ගේ අකල් වියොව නිසා , පියාගේ සහෝදරයා ලීල් ඇතුළු දරු කැළ මාතලේ තමන් පදිංචි විඩ්මෝර් කොටේජ් නිවහන වෙත ගෙන්වා ගති. පදිංචියේ වෙනස් වීම මත,ලීල්  මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත්වේ. එහිදී ඔහු ජේෂ්ඨ විභාගය සමත්වී,1950 දී උසස් පෙළ හැදෑරීම පිණිසඇතුළත් වන්නේ   මහනුවර ශාන්ත සිල්වෙස්තර් විදුහල්  සෙවණ වෙතය. 1952 සරසවි පිවිසුම සමත් ලීල් තරුණයාට  පේරාදෙණිය සරසවි වරම් හිමිවේ.1955 දී හේ ශාස්ත්‍රවේදී උපාධිය සමත්වේ.1956 වසරේදී උපාධිධාරී ගුරුවරයෙක් ලෙසින්,මාතලේ විජය විද්‍යාලයෙන් ඔහු සිය වෘත්තීය ජීවිතය අරඹයි.

Leel Gunasekara

1957 වසරේදී ඔහු තමන් යායුතු ගමන් මග නිවැරදිව තෝරා ගත යුතු   වෘත්තීමය කඩඉමකට ලගාවේ.එවකට පැවති ඉතා තරගකාරී සහ කීර්තිමත් ලංකා සිවිල් සේවා විභාගයෙන් ඔහු උසස් ලෙස සමත්වේ. ඒ සමඟම ඔහු පෙනී සිටි විදේශ සේවා විභාගයේ ප්‍රතිපල නිකුත් වන්නේ ද ඔහුගේ ජයග්‍රහණය සනිටුහන් කරමිනි. ඔහු හද නිදන්ව පැවති දේශප්‍රේමීත්වය, තම මව්බිමට සේවය කිරීම සඳහා ලංකා සිවිල් සේවයට බැඳීමට ඔහු සිත මෙහෙයවීය. 1957 අප්‍රේල් 25 වන දින සිවිල් සේවා කැඩෙට් නිලධාරියෙක් ලෙසින් මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පුහුණුවට කැදවනු ලැබිණි.1957 අගෝස්තු මාසයේදී මන්නාරම කච්චේරියේ සිවිල් සේවා කෙඩෙට් නිලධාරී තනතුරට ඔහු අනුයුක්ත කෙරේ. අනතුරුව ඔහු දිස්ත්‍රික් පරිපාලනයේ මන්නාරම, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ජනප්‍රිය දිසාපතිවරයෙකු ලෙස සේවය කළේය. ඔහු රත්නපුර දිසාපති ලෙසින් රාජකාරියේ නියුක්තව සිටිඅවදියේ ,1967 ජුනි 29 වන දින විවහප්‍රප්ත විය. ඔහු අතිනත ගත් මනාලිය  ඉන්දුමතී වික්‍රමසිංහ මෙනෙවියයි.

Leel Gunasekara

“මගෙ  පුතු ලීල්  ගුණසේකර දිසාපති
අතිනත ගත් මනාලිය ප්‍රිය ඉන්දුමති
ගෙදරට එන දවස හවසට   යෙදී ඇතී
උළෙලට ඇරයුමයි ඔබ හට සිතින් බැතී “

තම විවාහ මංගල්‍යයේදී ,නිවසට  ඇරයුම් කිරීමේ ඉහත සදහන් ආරාධනා පත්‍රය සැකසුවේ තම මෑණියන් විසින් බව එතුමා වරක් අප හා පැවසීය. විපුලී සහ මංජුලා නමින්වූ සෙනෙහෙබර දියණියන්  දෙදෙනා, ඔවුනගේ යුග දිවිය ආලෝකමත් කළහ.

leel gunasekara

සිය වැඩිමහල්   දියණිය සමග

Leel Gunasekara

සිවිල් සේවය තුළ ඔහුගේ විශේෂීකරණ ක්ෂේත්‍ර වූයේ පරිපාලනය, සමාජ සංවර්ධනය,ප්‍රතිපත්ති සම්පාදනය,සාහිත්‍ය හා සංස්කෘතික කටයුතු සැලසුම් කිරීම,සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්හී ප්‍රජා සංවර්ධනයයි.

ලංකා සිවිල් සේවයේ පළමු පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ලීල් ගුණසේකර මහතා ආරක්ෂක, විදේශ කටයුතු, යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා වැනි ඉතා වැදගත් අමාත්‍යාංශ කිහිපයක ඉහළ මට්ටමේ තනතුරු දරා ඇත.  ශ්‍රී ලංකාව තුළ ගුණසේකර මහතාට පැවරී ඉහළම වගකීම වුයේ,අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයයි. එහිදී 1971 කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් 20,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කිරීම පිණිස  ඔහු.අද්විතීය දායකත්වයක් ලබා දුන් අයුරු අපට සිහිපත්වේ.

leel gunasekara

රටේ නීතිය හා සාමය නැති වූ අවස්ථාවක, එවකට පොලිස්පතිව සිටි ස්ටැන්ලි සේනානායක මහතා විදේශ ගතවසිටි කාලය තුළ ,සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, ලීල් ගුණසේකර මහතා  පොලිස්පතිවරයා ලෙස පත් කළාය.ලීල් ගුණසේකර හුදු  විශිෂ්ට රාජ්‍ය සේවකයෙකු  පමණක් නොවේ. ඔහු සාහිත්‍ය, සංස්කෘතික,සමාජ සේවා නවෝදයක් උදෙසා මෙන් ම ජන  වාර්ගික සංහිදියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ ජාතික ප්‍රතිමූර්තියක් සේ ඇගයුමට බදුන්වේ.

1967 සිට ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක එක්සත් කිරීම සඳහා දෙමළ ලේඛකයින්=ද ඇතුළත් සිංහල ලේඛක සංවිධානය පිහිටුවා සිංහල හා දෙමළ ප්‍රජාවන් අතර වාර්ගික ධ්‍රැවීයතාව යම් දුරකට සමනය කිරීමට ඔහුට හැකි විය.සමාජ සේවා අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලීල් ගුණසේකර මහතා 1982 වසරේ වියානානුවර පැවති එක්සත් ජාතීන්ගේ වයස්ගත වීම පිළිබඳ ලෝක සමුළුවට සහභාගී විය. ඔහු උත්කෘෂ්ට කථිකයෙක් ලෙසින් දේශීය හා ජාත්‍යන්තරව මහත් සම්භාවනාවට පාත්‍රවූ වියතෙකි. ගැටලුවක් විශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයකින් බැලීමට සහ පැහැදිලි කිරීමට අපුර්වතම කුසලතාවයක් නිසගයෙන් ම ඔහු සතුව පැවතිණි.

වසර 50 ක අඛණ්ඩ සංස්කෘතික සේවය වෙනුවෙන් දේශනේත්‍රු රාජ්‍ය සම්මානය,ක්‍රියාකාරී ජ්‍යෙෂ්ට පුරවැසියා සඳහා වූ ජනාධිපති සම්මානය, සර්වෝදය ජාතික සම්මානය වැනි සම්මාන කිහිපයකින් ඔහු ගෞරවයපාත්‍ර වී ඇත.

කීර්තිමත් ලේඛකයෙක් ලෙස ඔහු නවකතා තුනක්, කෙටිකතා එකතුවක්, කාව්‍ය සංග්‍රහයක් සහ ළමා පොත් හතක්,පර්යේෂණ අධ්‍යයන වාර්තා රාශියක්  රචනා කර ඇත.උතුරු මැද පළාතේ ගැමි ජනතාව පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් වන ‘පෙත්සම’ නවකතාව ඔහුගේ ප්‍රථම ප්‍රබන්ධ කෘතියවේ.

“රජ රට වැසියාට සොබා දහම සැපට වඩා දුක ගෙනදේ, වතුර ලැබුනොත් ඔවුන්ගේ කෙත් සරුවේ. පරිසරය පාලනය කර ගැනීමට ශක්තියක් ඔවුන්ට නොමැත.සොබා දහමෙන් මෙන්ම  සමාජයෙන් ද ඔවුන්ට නොයෙක් ගැහටවිදින්නට සිදුවේ ඒ සමාජයේ ගැමි දරුවකු මගින් පොදු චරිතයක් ඇසුරෙන් මේ කතාව කියවේ.” පෙත්සම පෙර වදනින් ලීල් මෙසේ  කතාවේ තේමාව හකුළුවා දක්වයි. පෙත්සම කතාව අවසානයේ ලීල් විසින් ජන කවි ආරට සමීප වෙමින් පබැදු  කව්‍යාවලියෙන් ඔහු හද පෙළූ ගැමියාගේ අනන්ත අසරණ  දුගී දිවි පෙවෙත ද කදිමට  මුර්තිමත්වේ.

‘වැස්සක් ආවත් දුක පැමිණෙනවා
නියගක් ආවත් දුක පැමිණෙනවා
අලියෙක් පැන්නත් දුක පැමිණෙනවා
දුප්පත් අපටම දුක පැමිණෙනවා
උඩ බැලුවොත් නිල් අහස පෙනෙන්නේ
බිම බැලුවොත් මහා පොළව තිබෙන්නේ
මේ දෙක අතරෙය අප තෙරපෙන්නේ
අයියන  දෙවියනි ඇයි නොබලන්නේ

මෙවන් අනන්ත අසරණ දිවි පෙවෙතකට උරුමකම් පෑ  ගැමියන්ට ලීල් ගුණසේකර මානව හිතවාදී දිසාපතිවරයා,ඔවුනගේ ලතැවුල් පිස දමන සිහිල් පවනක් වන්නට ඇතැයි  උපකල්පනයවේ.  1962 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළෙලේදී පෙත්සම  නව කතාව ගෞරවනීය ජාතික රාජ්‍ය සම්මානය දිනා ගැනීමට සමත් විය.

Leel Gunasekara

ලීල් ගේ දෙවන නව කතාව “ අත්සනට” කේන්ද්‍රීය වන්නේ ගොවි ජනතාව මුහුණ දෙන භුමියේ ඉඩම් හා සබැදි ගැටලුය. මෙම කතාවේ සන්දර්භය සරළ ස්වරුපයෙන් විකාශනයවේ. මෙම නව කතාවේ එන, වියලි කලාපයේ ගැමියන්ගේ වහරින්  ආභාෂය ලත් යෙදුම් හා උපමා සහෘදයාට සිහි ගන්වන්නේ සද්ධර්ම රතනාවලියේ  කතුවරයාගේ උපමා උපමේයන්ය. මං නැතිදා ඔහු අතින් නිර්මාණිත තෙවන නව කතාවයි. අනතුරුව ඔහු සාහිත්‍ය මං තලාවට එක් කරන්නේ කෙටි කතා සංග්‍රහයකි. “ඉර හද කොඩියට අධිපති පෙදෙසේ “නම්වූ එම කෙටිකථා සංග්‍රහයෙහි එනකථා වලින්, ගැමි සමාජයෙහි විවිධ පුද්ගලයින්ගේ සංකීර්ණ චරිත ලක්ෂණ කදිමට නිරූපිතය.ඔහු විසින් ලියනලද“බුහුටිගේ නෑයෝ “ළමා සිත් තුළ කරුණාව,දයාව වඩන  සුළු , ළමුන් වෙනුවෙන් ම නිර්මිත කෘතියක් ලෙසින් අගය කළ හැකිය. ”ත්‍රීකෝණ අරගලය “  ලීල් ගුණසේකර ශුරීන් අතින් නිර්මිත, ඔහුගේ  ප්‍රතිභාපුර්ණ  කවීත්වය මැනවින් ඉස්මතු වන කාව්‍ය  සංග්‍රහයකි.

Leel Gunasekara

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දැරූ කීර්තිමත් තනතුරු රැසක් අතරින් හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ ඔහු දැරූ ජාතික අධ්‍යක්ෂ තනතුර පිළිබදව විශේෂයෙන් සඳහන් කළ යුතුය.හෙල්ප්ඒජ් ආයතනය ඵලදායී ලෙස ක්‍රියාත්මක වන සේවා නැඹුරු ගෞරවනීය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය.
ඔහු සිවිල් සේවයට ඇතුළත්වූ මුල් යුගයේ දිසාපති තනතුර හෙබවූ අනුරාධපුරයට සිය විශ්‍රාමික දිවියේදී යළි  පා තබන්නට ඔහුට දෛවය  විසින් යළි අවස්ථාවක්  ලබාදුන් සෙයක් හැගේ.ඒ  රජ රට  විශ්වවිද්‍යාලයේ  කුලපති ධුරයෙන් ඔහු පිදුම් ලැබීම නිසාය.මහලු විය හා වයස්ගත වීම හා සම්බන්ධ අධ්‍යයනය සේ සැලකෙන වයෝවෘද්ධ විද්‍යාව ඔහු වඩාත්ම ඇළුම් කළ  විෂය ක්ෂේස්ත්‍රය සේ සැලකේ.ඔහු සිය 73 හැවිරිදි වියේ දී (2005 දී )ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  වයෝවෘද්ධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තේ ,ඉගෙනීමට වියපත් බව බාධාවක් නොවන බැව් සනාථ කරවමිණි.

කාර්ය කෞශල්‍යය සහ ජන මෙහෙවර තුළින්  තම තනතුර බැබලවූ, පරිකල්පන ප්‍රතිභාවයෙන් සිංහල සාහිත්‍ය වංශයේ  නොමියෙන සලකුණු තැබූ ලීල් ගුණසේකර ජේෂ්ඨ වියතාණන්ට දිගාසිරි පැතුම්.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee@gmail.com

 

ලීල් ගුණසේකර වත 

ආචාර්ය ලීල් ගුනසේකරයන් ශිල්ප හැදෑරූ පේරාදෙණි සරසවිය පිලිබදව මතකය අවදිකරමින්

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ලීල් ගුණසේකර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article St Lucia Cathedral St Lucia’s Cathedral at Kotahena, Colombo: History….. & ….. Facets-by Vernon Davidson via Keith Bennett
Next Article Hai Hoyi Christmas in sri lanka-eLanka Hai Hoyi Christmas in Sri Lanka-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
FLH Mapiya Kapakaru

FL Foundation Launches ‘Mapiya Kapakaru’ to Fund the Education of 100 Children from Low-Income Families

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

Indeewari Chandrasekara Wins the Global Star of WiLAT Award 2026 in Hong Kong

Circul8 Becomes Sri Lanka Tourism’s First Australian Creative Agency for a Six-Month Campaign

City of Dreams Sri Lanka World Travel Awards 2026

City of Dreams Sri Lanka Wins Asia’s Leading New Resort and Sri Lanka’s Leading Luxury Resort at the World Travel Awards 2026

Arimac CEO Chamira Jayasinghe Named Sri Lanka’s AI Leader of the Year as Company Takes Three National Honours

Related News
A snapshot of Basil D 'Oliveira
Articles

A snapshot of Basil D ‘Oliveira

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status
Articles

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status

2FORTY2 PADURA attracted around 1,000 music lovers to Crystal Grand in Slough, celebrating Sri Lankan music, culture and community in the UK.
Articles

2FORTY2 – PADURA Draws 1,000 Music Lovers for a Night of Sri Lankan Hits in Slough

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Expolanka Leisure Cluster Wins Seven Awards at the National ICT Awards NBQSA 2026

President’s Fund to Recognise Nearly 3,000 Top A/L Students with Rs. 100,000 Each
Articles

Arpico Insurance Funds the Education of Grade 5 Scholarship Island First Danoj Theekshana Weerasekara

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.