News & Community eLanka

eLanka

Tuesday, 6 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » හඬ පෞරුෂයෙන් ,නිර්මාණශීලීත්වයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සපිරි – බණ්ඩාර කේ.විජේතුංග – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

හඬ පෞරුෂයෙන් ,නිර්මාණශීලීත්වයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සපිරි – බණ්ඩාර කේ.විජේතුංග – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 2, 2024 6:57 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 87

හඬ පෞරුෂයෙන් ,නිර්මාණශීලීත්වයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සපිරි – බණ්ඩාර කේ.විජේතුංග – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Bandara K.Wijethunga /

2024 ජනවාරි 03 දිනට, බණ්ඩාර කේ.විජේතුංග කෘතහස්ථ ගීත නිබන්ධකයා  දැයෙන් සමු ගෙන වසර 34 ක් සපිරේ.ගුවන්විදුලි මහගෙදර ,අපේ සමකාලීනයෙක්වූ  ඔහු අනුස්මරණය උදෙසා, ඔහු නිර්මාණ රසාස්වාදනය කරමින් මෙවන් සමරු සටහනක් තබන්නට මා සිත් පෙළැඹිණි.

පුංචි බණ්ඩා විජයතුංගය සහ බණ්ඩාර මැණිකේ හේරත් දෙමහල්ලන් 1939 ක් වූ ජනවාරි මස 28වැනි දින පුත් රුවනක් ලදහ.ඔහු ජන්ම ලාභය ලද්දේ  කුරුණෑගල පල්ලේගම වැලිගන්වත්ත ග්‍රාමහිය.දෙමාපියන්  සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග නමින් දරු උපත ලියා පදිංචිකරනු ලැබිණි.පියා වෘත්තීයෙන් ගුරුවරයෙකි. චින්තා පද්මිණීය,මෙම දරුවා ගේ එකම සොහොයුරිය වුවාය.

පසු කාලයේ ‘බණ්ඩාර කේ. විජයතුංග  නමින් කලා ක්ෂේස්ත්‍රයේ දිදුලන්නේ මෙම දරුවා  බව දන්නේ සමාජයේ අතලොස්සකි.

බණ්ඩාර විජයතුංග මූලික අධ්‍යාපනය ලබන්නේ ,බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙනි.1953 වසරේ මොහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනීම ආරම්භ කරන්නේ  ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

1964 වසරේ ආනන්ද විදුහලේ සිසුන් අතර පැවැත්වූ සාහිත්‍ය තරගාවලියේ කෙටිකථා,නාට්‍ය,ගීත සහ පද්‍ය යන තරග ඉසව් හතරෙන් ම හේ ප්‍රමුකයා වුයේ ඔහු සහජයෙන් ලද නිපුනතා මැනවින්ප්‍රකට කරවමිනි.මහාචාර්ය ජේ. බී.දිසානායක ,ඩී. බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විජේරත්න වරකාගොඩ ඔහුගේ සමකාලීන සිසුන්වූ  බැව්  පැවසේ. ඔහු සරසවි පිවිසුම් විභාගයෙන් අනතුරුව ශ්‍රීලංකා මහ බැංකුවේ දත්ත සැකසුම් තනතුරට පත් විය.බණ්ඩාර එම කාල වකවානුවේම,සහන නිවේදකයෙක් ලෙසින් ගුවන්විදුලියේ සේවයට එක්වේ. 60 දශකයේ ආරම්භවූ හදමාමා ළමා වැඩසටහන ,සුමනා ජයතිලක සමග එක්ව ඉදිරිපත් කරමින්හෙතෙම ළමා පරපුර නැණස පාදන්නට මහත් මෙහෙවරක්ඉටු කළේය.

Bandara K.Wijethunga /

1969 අගෝස්තු 6 වන දින ,ඔහු යුගදිවියට පත්වන්නේ ඉංග්‍රීසි ගුරුවරියකවූ කල්‍යාණි පියසොමි සමරවීර සමගය.උමා ඉන්දීවරී බණ්ඩාර මෙම යුවලගේ එකම දියණිය වීමේ  වාසනාව ලැබුවාය.බණ්ඩාර සිය දියණී උමා ඉන්දීවරී විවාහප්‍රාප්ත වීමට ආසන්න සමයේ ඇය වෙනුවෙන් මෙවන් ගීතයක් ප්‍රබන්ධ කළේ පිතු ස්නේහය කුළුගන්වමිනි.

ඉන්දීවරියේ හඩනු එපා.පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත – සනත්

බණ්ඩාර 1962 වසරේදී රන්මුතු දුව සිනිමා පටයේ ප්‍රචාරක නිලධාරී තනතුරටත්,පසු ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක නිලධාරී නිලයටත් පත්වේ.

බණ්ඩාර විජේතුංග රසික දන හදට වඩාත් සමීප වුයේ භාවාත්මක ලෙසින් මිනිස් හදවත අමතන ඔහුගේ ගීත නිර්මාණයන් ඔස්සේය.

රිදී  තිරය තුළින්  මෙන්ම   ගුවන්විදුලි තරංග ඔස්සේ ද බණ්ඩාර විජේතුංග රසපුරිත ගී පෙළහර,රසික හදවත් සනහාලීය. මුලින් ම ,සිනිමා ඉසව්වේ ඔහු ගේ නිර්මානශීලීත්වයේ ප්‍රහර්ෂණය ඔබ දෙසවනට සමීප කිරීමේ අපේක්ෂාවෙන්,සම්මාන ලද ගීත යුගලයක් ඉදිරිපත් කෙරේ.බණ්ඩාර විජේතුංග  රිදී නිම්නය චිත්‍රපටයට පැබදු  සුළග වගේ ඇවිදින්ගී තය වෙනුවෙන්,1983 වසරේදී ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

සුළග වගේ ඇවිදින්

1992 වසරේදී මධු සමය සිනමා කෘතිය සදහා ඔහු නිර්මාණය කළ ,මාද ඔබම විය ගීතය ,සරසවි සම්මාන උළෙලේ විශිෂ්ට ගීතය ලෙසින් සම්මානයට බඳුන් වේ. එම ගීතයට ස්වර්ණ සංඛ සම්මාන උළෙලේදී ද  ප්‍රථම ස්ථානය හිමි විය.

මාද ඔබම විය

ස්වප්නයක් වන් ප්‍රේමයේ සුන්දරත්වය,ප්‍රේමයෙන් පරාජිතවූවන්ගේ  සිත් තැවුල්  බණ්ඩාර විජේතුංගගේ  ගීත නිර්මාණයේ ප්‍රධාන  වස්තු බීජයන්වූ සෙයක් දිසේ.

ඔබට පමණයි..අමරදේව,වික්ටර් .. .

මිහිදුම් සළු තිර

අසම්මත පෙම්වතුන්ගේ සිතුම් පැතුම්,චර්යා රටා ,ඔවුනගේ හද ගැහෙනා රාවය,උණුසුම් සුසුම්  බණ්ඩාරයන් ඉතා සියුම් අන්දමින් සිය ගී පදවැල්හී දවටන්නේ, තත් අත්දැකීම් ශ්‍රාවක සන්තානයනයන් ප්‍රකම්පනයට පත්කරවන ලෙසිනි.තත් අත්දැකීම් සජීවීමත් කරවන විලාශයෙනි.පහත පෙළගස්වා ඇති ගීත කිහිපය ශ්‍රවනයය කිරීමේ දී  ඔබට ඒ බැව් මැනවින් පසක් වනු නිසැකි.

මගේ හද ඔබ ළග – වික්ටර් රත්නායක

ඔබයි මමයි

දිනෙන් දින ඔබ …

Bandara K.Wijethunga

බණ්ඩාර, ප්‍රේමයෙන් උද්දාමවූ යෞවනයකුගේ මනෝභාවයන් තීව්‍ර ලෙසින් මතුකර ලන්නට ,සොභා සෞන්දර්යයෙහි අනූපමේය  නිමැවුම් උපයෝගී කරගත් අයුරු ,විජය කුමාරතුංග ගායනයේ යෙදෙන මෙම ගීතයෙන් මැනවින් ප්‍රකටවේ.

මල් මුතු දාමේ …විජය

සිංහල ගීත සාහිත්‍යයේ වැඩිවශයෙන් ම ශ්‍රවණය  කරන්නට ලැබෙන්නේ ප්‍රේම සහ ප්‍රිය – විප්‍රයෝග සංකල්ප තේමා කර ගත් ගීතයන්ය.එනමුදු බණ්ඩාර සිය ගීත ප්‍රස්තුත සදහා ප්‍රේමය,විප්‍රලම්භය කෙරෙහි නැඹුරු වුවද,ඔහු ඒවා ඉදිරිපත් කරන්නේ මහත් සංයමයකින් යුතුව ,නව්‍ය දෘෂ්ටිකෝණයකිනි.


සගවා ගනු මැන ඔබ රුව

හෘදයාංගම වූ ප්‍රේම හැඟීම් ධ්වනිත කරන,සෞන්දර්යයෙන් අනූන ගීත සම්ප්‍රදායක් බිහි කරන්නට බණ්ඩාරයන් දැක්‌වූ කුසලතාවය ප්‍රශස්තය

සබඳ කමක් නැති… නීලා වික්‍රමසිංහ

ගීතයක මුඛ්‍ය අරමුණ විය යුත්තේ  ,ශ්‍රාවකයා   ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කිරීම බවට  පැරණි ඇඳුරන් පෙන්වාදී  ඇති න්‍යාය ,ගීත නිර්මානයේදී බණ්ඩාර ගුරුතන්හී  තබා කටයුතු කල සෙයක් ඔහු නිර්මාණයන් තුළින් අපට ගම්‍යවේ.ඔහු ගීත  නිර්මාණ මගින් ජීවිතය පිළිබදව  පුළුල් දැක්මක් ගොඩනගා ගන්නට ශ්‍රාවකයාට අවස්ථාව සැළසේ.

බොහෝ දෙනෙක් බණ්ඩාර විජේතුංගයන් අගයන්නේ ගැඹුරු හඬ පෞරුෂකින් යුත්නි වේදකයෙක් සහ ප්‍රතිභා  පූර්ණ ගීත නිබන්ධ කයෙක් ලෙසිනි.ඔහු අංකුර කවීන්ද්‍රයෙක් ලෙසින් පද්‍ය  සාහිත්‍යය පෝෂණයෙහිලා පුළුල් මෙහෙවරක්  ඉටුකර ඇත.නෙත් දහස මැයෙන් ඔහු පන්හිදෙන් නිපන් කාව්‍ය සංග්‍රහය , ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායේ හැඩතල ,සිංහල සාහිත්‍යයට හදුන්වා දීමට ගත්  ප්‍රථම ප්‍රයත්නය සේ සම්භාවනාවට පාත්‍රවේ.

තමන් අතින් ගෙතුණු පැදි  මිණි එකිනෙක  අමුණා, ප්‍රකාශයට පත් කළ නෙත් දහස පද්‍ය සංග්‍රහය මුල් පිටුව පෙරළද්දී ,මුලින්ම දෑස් යොමුවන්නේ ඔහුගේ අපුර්ව නිර්මානශීලී උදෘතයක්වෙතය.

බලාපොරොත්තුව නොමැති ශ්‍රමය පෙනේරයක මීපැණි එකතු කළා මෙනි,

එහි ඇතුළත් පහත දැක්වෙනපද්‍ය කිහිපය විමසීමේ දී , බණ්ඩාර විජේතුංග සාහිත්‍ය වේදියාගේ ,ද්වනි පුර්ණ පද සංයෝජනයෙහි ප්‍රතිභාව මැනවින් උද්දීපනයවේ.

Bandara K.Wijethunga /

ඔබ-මුලින් ඔබ
කටු අත්තක මලක්
අද ඔබ
මල් අත්තක කටුවක්

Happy Thai pongale -eLanka

වැතිරී ඇගේ තුරුල්ලේ

සද තැවරිණි

මගෙ මුහුණේ

සුවාසු දහසක් යොදුනෙකි

සද හා මා අතර

Bandara K.Wijethunga /

පසු වදන

ඊට පස්සෙ කීවා ඔබ
“පිස්සුද ඔයාට “
ඔබේ වදන සැබෑ බව
අදත් මම පිළිගනිමි
නමුත් ඔබ නොදන්නෙහි
මගේ ඒ පිස්සුවට මුල්වුණේ
ඔබම බව.

සිත්තරෙක් ලෙසින් ද සිය ප්‍රතිභා ප්‍රභාෂ්වර පැතිරූ බණ්ඩාර විජේතුංග නම් සොදුරු කලාකරුවාගේ දිවි මං තළාව අදුරුවීමට ඉවහල් වුයේ ,ඔහු මධුවිත කෙරෙහි  දැඩි ලෙස ලොල්  වීම බව අප දුටිමු.1980 වසරේදී ,සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට විරුද්ධතාවය දැක්වීමට එරෙහිවවූ පෙත්සමකට හේ  අත්සන් කරනු ලැබිණි.පුරවැසියෙක් සතු ප්‍රජා අයිතියක් ලෙසින් ඔහු ගත් එම   ක්‍රියා මාර්ගය එවකට සිටි ගුවන්විදුලි බලධාරීන්ගේ උදහසට හේතු විය.ඔවුහු මෙම කලාකරුවා වැඩ තහනමට ලක් කළහ. එම වැඩතහනම ඉවත් කරන ලද්දේ වසර හයකට පසුවය.මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම  බණ්ඩාරයන් වැඩිවැඩියෙන් මධු විත වෙත යොමු කිරීමට හේතුවක් වුවා විය හැකිය.එම අභාග්‍ය සම්පන්න කාලවකවානුවේ ,බීමත්ව රිය පැදවීමෙන් අනතුරුවලට මුහුණපා ඔහු අවස්ථා ගණනාවකදීම රෝහල් ගතවිය. මධු විතෙන් සැනසුම සොයා ගිය ඔහු විවිධ රෝගාබාදයන්ට ගොදුරු වුයේ නිතැතිනි.1990 ජනවාරි 03 වන දින බණ්ඩාර විජේතුංග අවසන් හුස්ම හෙළුවේ මහා රෝහලේ ගිලන් යහනක් මතය.ඒ  නවිට ඔහු 51 වන වියේ පසුවිය.

Bandara K.Wijethunga /

2024 ජනවාරි 03 දිනට බණ්ඩාර විජේතුංග දැයෙන් සමු ගෙන වසර 34 ක් සපිරේ.මෙම අසාමාන්‍ය කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ප්‍රවීන ගුවන්විදුලි මාධ්‍ය වෘත්තීය වේදී   අසෝක තිලකරත්න, බණ්ඩාර විජේතුංග සාහිත්‍යධරයා ගේ දිවිපෙවෙතේ සුවිශේෂීතා ගෙනහැර දක්වන වීඩියෝ පටයකින් මෙම ලිපිය සමාප්ත කිරීමට අදහස් කළෙමි.

TAGGED:බණ්ඩාර කේ.විජේතුංග
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Happy Thai pongale -eLanka Thai Pongal
Next Article 31st night dinner dance organised by Bertie Ekanaike and the VOC at the Grand on Princes in Mulgrave, Melbourne. Pics. By Trevine Rodrigo (eLanka) 31st night dinner dance organised by Bertie Ekanaike and the VOC at the Grand on Princes in Mulgrave, Melbourne. Pics. By Trevine Rodrigo. (eLanka)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Saudi Arabia Urged to Spare Sri Lankan Sentenced to Death over Facebook post By Dinuk Hettiarachhi and Julianna Khan/BBC

British Vet to Run 620km Across Sri Lanka For New Animal Hospital By Jim Scott/BBC

Sri Lanka Smart Boards

Sri Lanka to Teach Entrepreneurship and Financial Literacy to Grade 6 Students from 2027

25 Years of Connecting Sri Lankan and Australian Businesses 01

25 Years of Connecting Sri Lankan and Australian Businesses

LSR Colombo Marathon 2026

LSR Colombo Marathon Marks Its 20th Edition with 1,400 Runners from 33 Countries

Related News
Child Action Lanka 20th anniversary
Articles

Child Action Lanka Marks 20 Years of Serving Children in Sri Lanka

Lellama-eLanka
Articles Dr Harold Gunatillake

“Lellama” Fish Market in Negombo-by Harold Gunatillake

Is it possible to attract and retain estate women employees with Empowerment through Socio economic and Technology-eLanka
Articles Nisal Rukshan

Is it possible to attract and retain estate women employees with Empowerment through Socio economic and Technology? By Nisal Rukshan

Articles

Sinhala eBook Edition of FUTURE READY™️ Released Globally Through Google Play Books and IngramSpark

Sri Lankan athlete Ayomal Akalanka finishes fifth in the 400m hurdles at the 2026 Asian Games after setting a national record and winning Asian U23 silver.
Articles

Ayomal Akalanka Finishes 5th in Asia in the 400m Hurdles at the Asian Games 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.