News & Community eLanka

eLanka

Friday, 30 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දැයේ මනෝභාවයන් පුබුදාලු අමරසර මිළිනව වසර 8 ක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දැයේ මනෝභාවයන් පුබුදාලු අමරසර මිළිනව වසර 8 ක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 30, 2024 11:41 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 55

දැයේ මනෝභාවයන් පුබුදාලු අමරසර මිළිනව වසර 8 ක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

“ බිම් කරුවල විත් නිම්නයෙ  වැතිරී

පාණ්ඩු පාටින් අඳුරු වෙවී

කඳු මුදුනෙන් බැස සීතල ගඟදිය

කණ කොක්  පැහැයෙන් දිගට ඇදේ 

මා  මළ   දවසේ  නිදනා තණ බිම 

ගඟ එගොඩහින් යන්නන්ට පෙනේ …..”

 ( අමරදේව ශුරීන්ගේ  අවසන් ගායනයේ පද වැල් )

සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත  අමරදේව යුග පුරුෂයාණන්, 2016 නොවැම්බර් මස 03 වන දින, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගත්තේය.මෙම මහා ගාන්ධර්වයාගේ 8 වන මරණ සංවත්සරය යෙදෙන මෙම අවස්ථාවේ, එතුමන්ට උපහාරයක් ලෙසින්, එතුමන්ගේ දිවි මංතලාවේ විසිතුරු පියසටහන්, වදන් වියමනකින්  සිත්තම් කරන්නට මා විසින් ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙසින් මෙම ලිපිය.සලකා ගැනීම යෙහෙකි. එම වදන් සිත්තම සජීවීමක් කිරීම පිණිස ,එතුමන් මියැඳීමට ආසන්න සමයේ ගැයූ, හංස ගීතය  රසාස්වාදනයෙන් අනතුරුව, මෙම අනුස්මරණ ලිපිය කියවීමට සහෘද ඔබට ඇරයුම්

W D Amaradewa - eLanka

Image Source : aiartshop

අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් , වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .

W D Amaradewa - eLanka

Image Source : soundcloud

වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්  ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා  (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ 1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට් සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත් වයලින් වාදනයට සමතෙකි. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි .මෙම සංකලනය ,කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා  ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සලසා දුන් සෙයකි..

සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ හත්වන උපන් දිනයේදී ,සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය.

ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී  සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථවිද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින්  ලද බැව් සදහනි. මොරටු විද්‍යාලයේදී  ඇල්බට් සිසුවා පද්‍ය ගායනා  තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගති. හේ  සියකුසලතා ඉදිරිපත් කිරීම පිණිස, දිවියේ මුල් වතාවට   ගුවන්විදුලි කාර්යාලට පියමන් කරයි.

දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින  තිරගතවූ “අශෝකමාලා” චිත්‍රපටයෙහි තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’යන ගී දෙක  ගායනා .කිරීමේ දුර්ලභ  අවස්ථාව හිමිකර ගනී. 

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට පසුබිම්  සංගීතය  සම්පාදනයෙන් හා ගීත ගායනයෙන් සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග්  විජය කළේය.. ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය  දරමිණි.

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන් වෙතින් ශ්‍රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත  ඥානය ද පරතෙරට උගත්තේ.1956 වසරේදී සංගීත හාවාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය.චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව අපමණය.

2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් විසින්  අචාර්ය උපාධියෙන් ද  එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්,  ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය. මෙපරිද්දෙන් දේශයේ  හා ජාත්‍යන්තරයේ යශෝරාවයට පත් වුවද ,අමරදේවයන්  දිවිපෙවෙත ඉතා සරලය.අනතිමානී ගුණයෙන් පිරිපුන්ය.ලෝකයා  එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද ,එතුමා මිහි මත පය තබා දිවිගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන්  ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ  උත්තරීතර සරල ස්වභාවයයි.

ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන් විමසත්ම,සිරුරින් කුඩා මේ සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් ,සිය භාවාත්මක මියුරු සරින්  පමණක්‌ නොව, තමවිපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව,පහත දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.

“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ..”

මෙම ගීතය ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.

1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ වසරක් වේ. අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනාව  නව ජීවනයක් ලබයි.

1960 වසරේදී මහගම සේකර ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.සේකරයන්ගේ එම  ආගමනය අප දකින්නේ අමරදේවයන්  හා බැදී පැවති පෙර සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි. සේකරයන් හා අමරදේවයන්  පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන ‘මධුවන්ති’ සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින්  නිර්මාණවේ. ‘මධුවන්ති’සංගීත දැහැන,ගුවන්විදුලි තරංග ඔස්සේ ගම්  නියං  ගම්  තරණය කරන්නේ,ශ්‍රාවක මනෝ භාවයන්   ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන්වි සිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා  වෙසෙසින් සදහන් කළ යුතුය.

amaradewa

මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි  ඈත කඳුකර හිමව්අරණේ’අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක් ලෙස නිපන් තවත්  ප්‍රශස්ත ගීතයකි.එය නිර්මාණය වන්නේ  චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.

“මධුවන්ති”ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ  අමරදේව ඔහු හා එකාත්මිකව සප්ත ස්වරයට නගාලූ ,”රත්න දීප ජන්ම භූමි“ සමස්ත ජාතියේ අභිවාදනයට ලක් වූ ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.

රත්න දීප ජන්ම භූමි 

ජනම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ..මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ.ඒ කෙසේද යත්, ජන්ම භූමිය  මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි.  ස්වර්ගය පහත හෙලමිනි.

මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්‍රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ),‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන් ගීත ඊට නිදසුන්ය.

අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය  හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන්  ගත කිරීමට ඉවහල්  වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන සෙයක් දිසේ.එතුමන්  සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින් මෙහෙයවන්නේ ,රසිකයන්  සිත් ඇදගන්නා  ආකාරයෙනි.

1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව  විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී  ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි.  විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව   විමලා යුවළ  එක් පුතෙක් (රංජන් ) සහ දියණියන්දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ..ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග,ජනගී ආර ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.

2015 වසරේදී ,අමරදේව ,විමලාවන් සමග සහභාගීවූ,

”සසර වසනතුරු සංගීත ප්‍රසංගය

Master W.D Amaradewa - eLanka

අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය රන්ජන්,සුභානි,ප්‍රියංවදා තිදෙනා සහ සිය බිරිද විමලාවන්ස සමග අමරදේව ශුරීන්

දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ….” 

ශාන්තවූ නිශා යාමයක,නිසල වැව් තලයක, සඳ රැස් පහසින් සුපිපි කුමුදු මලක සිරියාව සිත්තම් කෙරෙන මෙම ගීතය,සදාතනික සත්‍යතාවක් අප හදවත ස්පර්ශ කරවන  සම්භාව්‍ය ගී මිනක් ලෙසින් අගය කළ හැකිය.එමගින් ලොව සියල්ල අනියතය යන ජීවන සත්‍යතාවයේ ගැඹුරු අරුත ද්වනිත කරවයි.ලෞකික සුන්දරත්වයේ මිහිර ඇලීම්,බැදීම් වලින් විමුක්තව රස විඳිම යෙහෙකි. මිනිස් දිවි පෙවෙතේ  ප්‍රබෝධයට සුන්දරත්වය ඇවැසිය.එනමුදු අනවශ්‍ය ලෙස මනසින් හදවතින් එය ,බදා වැළද ග්‍රහණය කර ගැනීම නොකළ යුතුය යන සදාතනික පණිවිඩය , “ශාන්ත රෑ යාමේ.. ගීතයේ ව්‍යාංගාරථය ලෙසින් සැලකිය හැකිය.

අමරණීය මතක සටහන් 

මගේ වෘත්තීය ජීවිතයේ දී ,අමරදේව ශුරීන් ඉතා සමීපයෙන් ඇසුරු කිරීමේ භාග්‍ය මා වෙත උරුම විය. මට එතුමන් මුලින්ම හමුවන්නේ මා ජාතික ගුවන්විදුලියේ ශබ්ධ පරිපාලකවරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටි සමයෙහිය.අතීතයේ එක්තරා දිනෙක එතුමාගේ සරළ ගී වැඩසටහනක් ,ගුවන්විදුලියේ 05 වන මැදිරියේ පටිගත කිරීමේ හා හඩ හැසිරවීමේ රාජකාරිය පැවරී පැවතියේ මා වෙතය.අමරදේවයන් වැඩසටහනේ මුල් ගීතය ගායනා කර මැදිරියෙන් බැහැරව ගොස් බොහෝ වෙලා ගත විය.මධ්‍යහන 12 ට ආසන්නය. වාදක මණ්ඩලය දිවා ආහාරයට යාමට මහත් නිවසිල්ලෙන් පසුවන අයුරු ද දිටිමි. මා,ගුවන්විදුලියේ ආපන ශාලාව ඇතුළු සියලු තැන්  පීරමින් එතුමා සෙවීමෙහි උත්සාහයක යෙදිණි.අවසානයේ එතුමා ,ගුවන්විදුලියේ පළමුවන මැදිරියේ හුදකලාව, තම හිස, එහි වූ පියානෝව මත තබාගෙන නින්දේ පසුවනු දිටිමි.

“මාස්ටර් , සැප නිදක වගේ,වාදක මණ්ඩලය ගායකයා රෙකෝඩින් එකට එනකං බලා ඉන්නවා… “මම පැවසීමි.“මා නින්දක් දැම්ම නොවයි ගාමිණී ,මම අලස සුවය විදිමින් හිටියේ…” හේ පිළිවදන් දිණි.එක දිගට ගීත කිහිපයක් පටිගත කිරීමේදී ,ඒ  අතරතුර නිසල,නිහඩ තැනකටවී ,අලස සුවයක් විද ගැනීම ඔහුගේ ජීවිතයට  ආවේනික හුරුවක් බව මා පසුව අවබෝධ කර ගතිමි.

විශාරද  නන්දා මාලිණිය ,සිය ඇඳුරුතුමන් සමරිමින්

මගේ වෘත්තීය දිවියේදී දෙවන වර මට අමරදේව ශුරීන් හමුවන්නේ මා ආයුර්වේද කොමසාරිස් ලෙස නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව සිටි අවදියෙහිය. එවකට එතුමන් පදිංචිව සිටියේ,මගේ කාර්යාලය ආසන්නයේම  පිහිටි නාලන්දාරාම මාවතේය. දිනපතා උදෑසන ,නාවින්න ඔසු උයනෙහි,සුවතාව පතා  වටයක් දෙකක් ඇවිද ,මා සමග කැද  කෝප්පයක රස බලන්නට මගේ කාර්යාලට පැමිණීම සිරිතක්ව පැවතිනි.මද වේලාවක්  ඔහු හා සතුටු සාමීචියේ යෙදීමෙන් මා මහත් ආස්වාදයක් ලද අයුරු සිහිපත්වේ.

පණ්ඩිත ගුණපාල සේනාධීර ශුරීන් විසින් නිර්මාණය කළ ආයුර්වේද තේමා ගීතය ,එයට උචිත තනුවක් යොදා ,සිය භාව  පුර්ණ ස්වරයෙන් ගායනා කර පටිගත කරවා දෙන ලෙස දන්වමින් ,1999 ජුලි 6 වන දින ඩබ්.ඩී.අමරදේව දැයේ මහා ගාන්ධර්වයා වෙත මවිසින්  ලිපියක් යොමු කළෙමි.එතුමන් ඊට යහපත්ප්‍රතිචාර දක්වනු ලැබිණි.

අමරදේවයන්ගේ කලාත්මක අත් අකුරු.

ගීතය පටිගත කිරිම පිණිස අමරදේව ශූරීන් විසින් තොරාණා  ශබ්දාගාරය වෙන් කර ගත් බවත්  ,එදින අදාළ ගීතයේ පිටපතක් ද රැගෙන එන ලෙසත්  එතුමා  මවෙත දැන්වීය.නියමිත දින මා පණ්ඩිත ගුණපාල සේනාධීර ශුරීන් විසින් වසර ගණනාවකට ඉහත නිර්මාණය කරන ලද ආයුර්වේද තේමා ගී පිටපත ද රැගෙන අදාල ශබ්දාගාරය වෙත පියමන් කළෙමි. එම ගීතයට තනුවක් නිර්මාණය කිරීමට අමරදේව ශුරීන් සැහෙන උත්සහායක්  ගත්ත ද ,නිපැයූ තනුව එතරම් ආකර්ශනීය නොවීය.අමරදේවයන්ගේ වයලීනයේ ආස්වාදණීය තත් ,ඔහු ඇගිලි තුඩින් සුසර වෙයි.  ඒ සමගින් හේ සිය කට හඩ  අවදි කළේය..

“ගුණපාල සේනාධිරයන්ගේ, ගේය පදවල හරය, සුගායනීය පද මාලාවකට නගා ,ආයුර්වේදය කේන්ද්‍ර කරගනිමින් නව තනුවක ගොතමු” ඔහු සිය නළලත රැලි ගන්වමින් ප්‍රකාශ කළේය. ඔහු ඉතා සියුම් ලෙස වයලීනය සුසර කරද්දී ,මම එහි අනුනාදයට අනුගත වෙමින් පද සංයෝජනය කළෙමි. එම වදන් ආයුර්වේදයේ ප්‍රඥාවේ හරය කාලානුරූපී ගීතයකට ග්‍රහණය කරගැනීමක්  ලෙස මට පසක් විය. අපි එක්ව නව්‍ය ආයුර්වේද තේමා ගීතයක් ප්‍රති මූර්තිමත් කළෙමු.සරල ,සුමට විචිත්‍රවත් පද රචනයේ හරයට ජීවයලබා දෙමින් ,අමරදේවයන් සිය භාවපුර්ණ,ආධ්‍යාත්මික සරින් ගීතය ගායන කළේය..එම අවස්ථාවේම ,තත් ගීතය අප පටිගත කර ගතිමු.

ආයුර්වේද ගීතය

pandith W D Amaradewa

පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන් ගේ 8 වන මරණ සංවත්සරය   යෙදෙන 2024  නොවැම්බර් මස 03 වන දින,පැලවත්ත අපේගම පරිශ්‍රයේ ස්ථාපිත  අමරදේව අසපුව ආශ්‍රිත සුසාන ඝරයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතය. අනතුරුව  අපේ ගම රංග ශාලාවේදී, රන්ජන් අමරදේව, සුභානි අමරදේව,ජගත් වික්‍රමසිංහ,ජානක වික්‍රමසිංහ ප්‍රධාන යොවුන් ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් “අමර ගීතාවලී  “ සංගීත ප්‍රසංගය ආරම්භ වේ.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් ගෙනි. පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන්  වැඩිම ගීත සංඛ්‍යාවක් නිර්මාණය කළ සුනිල් සරත් පෙරේරා ශුරීන් මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තෙක් ලෙස සහභාගි වේ.ගුනානුස්මරණ දේශනය  මහාචාර්ය කෝලිත භාණු දිසානායකයන් පවත්වන අතර සහෘද ආමන්ත්‍රණය සමන් ආතාවුද හෙට්ටිගෙනි. 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

amaradewa master

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:අමර ගීතාවලීඅමරදේව ශුරීන්මහගමසේකරමහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article INTRODUCTION As of 2010, there were 45,159 Sri Lankans living in the US. Substantial immigration began in the 1990s when many fled the violence of the Sri Lankan Civil War. The majority of Sri Lankan-Americans live in the vicinity of either New York City (where there’s a Little Sri Lanka on Staten Island), central New Jersey, or Los Angeles. Sri Lanka: Embracing a Vibrant Future – By Dr Harold Gunatillake
Next Article Elanka newsletter eLanka Newsletter – 30th October 2024 -9th Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Arcare Aged Care
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Pottuvil Asmin, Pottuvil Asmin Award 2026, Eastern Province Young Artist Award, Eastern Province Literary Festival 2026, Sri Lankan Tamil Poet, Tamil Poetry, Sri Lankan Artists, Sri Lankan Lyricist, Tamil Film Songwriter, Sri Lankan Literature, Vasantham TV, Thoovanam, Pottuvil, Eastern Province Sri Lanka, Sri Lankan Cultural Awards, Sri Lankan Artists Overseas

Poet Pottuvil Asmin Receives Eastern Province Young Artiste State Award 2026

ETERNITY RESTORED NOTHING WE DESIRE COMPARES WITH YOU-eLanka

ETERNITY RESTORED NOTHING WE DESIRE COMPARES WITH YOU! SIN OF IDOLATRY-by Lakshman Navaratne

Rainforest Ecolodge Sri Lanka

The Rainforest Ecolodge Begins a New Chapter at the Edge of Sinharaja

Sri Lanka Orange Bond, Orange Movement Sri Lanka, Alliance Finance Company PLC, Sri Lanka finance sector, women-led businesses Sri Lanka, women entrepreneurs, MSME financing, microfinance Sri Lanka, climate financing, inclusive finance, Orange Capital, Impact Investment Exchange, Colombo Stock Exchange, Sri Lankan economy, sustainable investment, social impact investment

Sri Lanka Joins the Global Orange Movement with the Country’s First Orange Bond

Classic Travel, Edelweiss Air, No.1 Partner 2025/26, Classic Travel Sri Lanka, Edelweiss Air Sri Lanka, Sri Lankan travel industry, Expo Leisure, Expolanka Leisure, airline partnership, travel company Sri Lanka, Sri Lanka travel industry, international airline partnership, Sri Lankan travel company, aviation Sri Lanka, travel industry recognition, Edelweiss Air partnership, Sri Lankan business achievement

Esna Holidays Acquires 55-Year-Old Mackinnons Travels from John Keells Holdings

Related News
Sri Lanka's first surf fins made from recycled fishing nets showcase sustainable innovation through a collaboration between Lanka Upcycles and Phoenix Industries.
Articles

From Ocean Waste to Ocean-Ready: Sri Lanka’s First Surf Fins Made from Recycled Fishing Nets

Slow Death
Articles Dr Harold Gunatillake

Fast Life, Slow Death-by Harold Gunatillake

Articles Photo Gallery

Seniors Festival held by the Frankston City Council and celebrated by the CARRUM EOWNS SRI LANKAN SENIORS

Chamari Athapaththu 83
Articles

Ex-Sri Lanka Skipper’s Newfound Passion in Melbourne’s North: Shashikala Siriwardene Begins a New Chapter as Plenty Valley Coach

Discover how Lankan Square connects Sri Lankan communities in Canada through business directories, job opportunities, professional services and cultural events.
Articles

Lankan Square Strengthens Sri Lankan Communities in Canada Through Digital Innovation and Cultural Engagement

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Trevine Rodrigo
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.