News & Community eLanka

eLanka

Sunday, 3 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව -මන්දෝදරී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව -මන්දෝදරී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: May 14, 2025 4:27 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 19

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව – මන්දෝදරී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : fox13.id

රාමායණයෙහි රාම සහ ඔහුගේ බිරිඳ සීතා ලක්ෂ්මණ,හනුමාන් යන ප්‍රධාන චරිත සමූහය අතරේ, ඉතාමත් ආකර්ශනීය භූමිකාවක් නිරූපණය කරන සොදුරු රජිණකි , මන්දෝදරී.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : grantha.lk

රාමායනය සහ   මහා භාරතය  පුරාණ ඉන්දියාවේ සංස්කෘත මහා  වීර කාව්‍ය ද්වයකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දුනීසියාව ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ගැඹුරු අධ්‍යාත්මික, සදාචාරාත්මක සහ සංස්කෘතික වැදගත්කමක් දරන ග්‍රන්ථයන් ලෙසින්,මෙම කෘතීන් ද්වය  මහත් ඇඟයීමකට බඳුන්වේ.

සංස්කෘත භාෂාවෙන් රචිත රාමායණයෙහි කතුවරයා

වාල්මිකී මුනිවරයාය.ග්‍රන්ථය

කාණ්ඩ 7 කින් සමන්විතවේ.

බලවත් යක් නිරිඳෙක් වන රාවණා රුදුරු ගති ඇති සටන්කාමියෙකි.  ඔහු ගේ බිරිඳ ලෙසින්   මන්දෝදරි,ස්වාමියා යහපතේ පිහිටුවාලීමට ගන්නා උත්සාහය,රාමායනය ග්‍රන්ථයෙන්, කදිමට නිරූපිතය. මන්දෝදරී අති ප්‍රසන්නය.  ප්‍රඥාවන්තය. ගුණවත්ය. ඇගේ බුද්ධි මහිමය,ස්වාමි භක්තිය  සහ සදාචාරාත්මක ජීවන රටාව,රාමායන ග්‍රන්ථයේ සෙසු චරිත යටපත් කරමින් නිරුපනයවේ.

මන්දෝදරි, නපුර මැද සාමයේ දිදුලන  සංකේතයක් ලෙස ඉන්දියානු පුරාවෘත්තයන්හි  අද්විතීය ස්ථානයක් හිමිකර  ගනී.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : facebook

වාල්මීකී සිය  රාමායන ග්‍රන්ථයෙහි මන්දෝදරියගේ චරිතය සිත්තම් කරන්නේ,       ඇයගේ  උත්තරීතර මනෝභාවයන් ඉතා සියුම් ලෙස ඉස්මතු වන පරිද්දෙනි.

මන්දෝදරිය සිය ස්වාමියා රාවණ අමතමින්,

‘ආදරණීය ස්වාමියාණෙනි, රාම සමග ඇතිකර ගත් ගැටුමෙහි ප්‍රතිපල  ගැන මෙනෙහි කර, වැන්දඹු සාටකය  පැළඳීමට මට සිදු නොවන පරිදි රාම  සමඟ ඇති ඔබේ සතුරුකම අත්හරින්න.’  යනුවෙන් කෙරෙන  ආයාචනය තුළින් මන්දොදරියගේ නිසග  මානුෂීය  මනෝ භාවයන් මැනවින් ප්‍රකටවේ.

බොහෝ ආසියාතික සංස්කෘතීන් තුළ සදාචාරාත්මක සාරධර්ම, පරමාදර්ශ සහ පවුල් ආචාර ධර්ම හැඩගැස්වීමේලා මන්දෝදරියගේ ජීවන රටාව බෙහෙවින්ම හේතු පාදකවූ  බැව් සමාජ විද්‍යාඥයින් තහවුරු කර ඇත.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : .india.com

මන්දොදරියගේ පියා  මායාසුර වන අතර ,අප්සරා හේමාවන් මව ලෙස සැළකේ .මායාවි, දුන්දුභි සහ ව්‍යෝමසුර ඇයගේ  සහෝදර සහෝදරියන්ය. මේඝනාද , අති කාය සහ අක්ෂයකුමාර ඇයගේ තෙදරුවන්ය.

කුඩා කල සිටම මන්දෝදරී සුවිශේෂී ප්‍රඥාව, දයානුකම්පාව සහ බුද්ධිය පෙන්නුම් කළාය. ඇය වේද, ආගමික ග්‍රන්ථ සහ කලාවන් පිළිබඳ මනා දැනුමකින් යුක්ත දැරියක් වුවාය. රාවණා සමඟ විවාහ වීමට පෙර සිටම ඇය ඉතා ගෞරවනීය චරිතයකට උරුමකම් කීවාය.

මන්දෝදරිගේ කතාව සාහිත්‍යය, කලාව සහ ජනප්‍රිය සංස්කෘතිය තුළ පුළුල් ලෙස නිරූපණය කර ඇත. පුරාණ සංස්කෘත ග්‍රන්ථවල සිට සමකාලීන අනුවර්තනයන් දක්වා ඇගේ චරිතය විවිධ ස්වරූපවලින් නිරූපණය කර ඇත. මන්දෝදරිගේ කලාත්මක නිරූපණයන් ඇගේ සුන්දරත්වය, උදාරත්වය සහ ඇගේ හැඟීම්වල ගැඹුර විදහා දක්වයි.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : indiamart

මෙපරිද්දෙන් සාහිත්‍යය,රැගුම්,ගැයුම්, වැයුම්, සහ සිනිමා කෘතීන් අසංඛ්‍යාත සංඛ්‍යාවක් තුළින් මන්දෝදරීය වත්මනේ පවා ජනමනසේ සජීවීමත්වේ.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : amazon

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : grantha.lk

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : grantha.lk

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : religion.fandom.com

කරුණාවේ සහ ශක්තියේ ප්‍රතිමූර්තිය-  මන්දෝදරි

ඇගේ සැමියා තුළ  අනන්තවත් වැරදි තිබියදීත්, මන්දෝදරි ඔහුට දිවි හිමියෙන් ස්නේහවන්ත වුවාය.රාවණා  ධර්මිෂ්ඨ මාවත වෙත යොමු කරවා ගැනීම පිණිස ඇය ඉමහත් පරිශ්‍රමයක් දැරුවාය. සීතා රාම වෙත ආපසු ලබා දෙන ලෙස ඇය රාවණාට පුන පුනා උපදෙස් දුන්  නමුත්,රාවණා  ඇගේ උපදෙස් පිළිගැනීමට තරම් කාරුණික නොවීය.එනමුදු , සීතාවන්  දිවි තොර කිරීමේ උත්සාහයෙන් රාවණා   වළක්වා ගැනීමට මන්දෝදරී සමත් වුවාය.

සීතා තමා හා  විවාහ නොව  න්නේ නම් ඇය මරා දමන බවට  රාවණා තර්ජනය කළේය.සීතාවන්   එම ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ සැනින් ,ඇයගේ හිස ගසා දැමීමට රාවණා තම කඩුව එසවීය. රාවණා අත රැඳී අසිපත ඉවතට ඇද  මන්දෝදරි සීතාව බේරා ගැනීමට සමත් වුවාය .කාන්තාවක් ඝාතනය කිරීම දරුණු පාපයක් බැවින් සීතාව මරා,එම දරුණු සාපයට  ගොදුරු නොවන ලෙස මන්දෝදරි සිය සැමියාගෙන් අයැද සිටියාය.

භාරතයේ අධ්‍යාත්මීය සදාචාරායේ පිළිබිඹුව - මන්දෝදරී. - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Image Source : detechter

ඇය රාවණාගෙන් ඉල්ලා සිටියේ, අන්තඃපුරේ රාවණාගේ විනෝදය  පිණිස කැප වූ අනෙකුත් භාර්යාවන් සමඟ විනෝද වී, සීතාව තම බිරිඳ ලෙස ලබා ගැනීමේ උමතු  අදහස අත්හරින ලෙසයි.මන්දෝදරියගේ බලවත් උත්සාහයෙන් , රාවණා සීතාගේ හිස ගසා දැමීමෙන් වැළකිණි.

සීතාව තමා වෙත ලබා ගැනීමට නොහැකිවීමෙන්, රාම රාවණාගේ ලංකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට පෙළැඹීනි. රාමට එරෙහි අවසාන සටනට පෙර, මන්දෝදරි රාවණා අධෛර්යමත් කිරීමට අවසාන උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය. අවසාන වශයෙන්, මන්දෝදරි තම සැමියාට කීකරු සහ විශ්වාසවන්ත බිරිඳක් මෙන් සහාය දක්වයි. නමුත් ඇය තම පුත් මේඝනාද ට රාම සමඟ සටන් නොකරන ලෙස උපදෙස් දුන්නාය.

රාම තම සාමාන්‍ය ඊතලවලින් රාවණා මරා දැමීමට අසමත් වුවද, අවසානයේ මායා ඊතලයකින් මරා දමයි. යුද්ධ කාලය තුළ රාවණාගේ යහපැවැත්ම සඳහා මන්දෝදරී   නිති පාර්වතී දේවතාවිය වන්දනාමාන කළ බැව් පැවසේ.

යුද්ධයෙන් පසු, මන්දෝදරී ජයග්‍රාහකයා වූ රාම හමුවිය. ශෝකයෙන් පිරී ගිය නමුත් සන්සුන්ව සිටි ඇය, සීතාගේ දුක්ඛිත අත්දැකීම ගැන සිය ශෝකය ප්‍රකාශ කළාය. ඇගේ උදාරත්වය ගැන සංවේගයට පත් රාම, ඇගේ ගුණවත්කම සහ නොසැලෙන බව පිළිගත්තේය. ගැටුම පුරාම රාමට පක්ෂපාතීව සිටි මන්දෝදරී ට ඔහු ආරක්ෂාව ලබා දුන්නේය.

මන්දෝදරිය බිරිඳ ලෙස පාවා ගන්නා ලෙස,රාම  විභීෂණ ගෙන් ඉල්ලා සිටි බැව් සදහනි. එම ඉල්වීම රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයක් පමණක් නොව වැන්දඹු මන්දෝදරිය ගේ සියදිවි නසා ගැනීම වැළැක්වීමට ඉදිරිපත් කළ විකල්පයක් ලෙස ද සැලකිය හැකිය.

රාම රාවණ යුද්ධයෙන් පසු, මන්දෝදරී ලෞකික කටයුතු අත්හැර භක්තිමත් ජීවිතයක් වැළඳ ගත්තාය.

කරුණාව සහ නොසැලෙන පක්ෂපාතිත්වය සංකේතවත් කෙරෙන මන්දෝදරීගේ චරිතය ,  කාන්තා පරපුරට  පරම්පරා ගණනාවකට ආස්වාදයක් හා ආදර්ශයක් ලබාදෙන සුළුය. විපත්තියට මුහුණ දීමේදී ඇයගේ ධෛර්යය, අන් අය කෙරෙහි ඇයගේ අනුකම්පාව සහ අහිමිවීම් හමුවේ ඇයගේ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පෙන්නුම් කෙරේ.

මන්දෝදරීගේ කතාව කාලය ඉක්මවා යන අතර එය  අදටත් පාඨකයන් සහ ප්‍රේක්ෂකයින් සිත් සතන්හි දෝංකාර දෙන සුළුය.

රාම සහ රාවණා අතර ගැටුම මධ්‍යයේ මන්දෝදරී රාමායණයේ තර්කයේ හඬක් සහ ගුණධර්මයේ සංකේතයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. රාම සහ රාවණා යන දෙදෙනා සමඟම ඇයගේ අන්තර්ක්‍රියා වීර කාව්‍යයේ සංකීර්ණතා සහ පක්ෂපාතිත්වයේ සහ අනුකම්පාවේ කල් පවතින බලය ඉස්මතු කරයි.

මන්දෝදරීගේ චරිතය කාන්තා ගුණධර්මවල ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව  සහ ගුණධර්මයේ සහ අනුකම්පාවේ බල මහිමය, යුග යුග  පරම්පරා ගණනාවකට  ආස්වාදයක් ලබා දීමට සමත්වනු  නිසැකි .

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්මන්දෝදරී
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lankan Leopard Ghosts of the Jungle: The Untamed Majesty of the Sri Lankan Leopard – By Nadeeka – eLanka
Next Article Galle-eLanka Galle Fort: A Historic Jewel of Sri Lanka-by Kalani-eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Cholesterol Gets the Attention — But High Triglycerides Are Sri Lanka’s Silent Killer
Articles Dr Harold Gunatillake

Cholesterol Gets the Attention — But High Triglycerides Are Sri Lanka’s Silent Killer-by Harold Gunatillake

Ehipassiko and Sati-eLanka
Articles

Ehipassiko and Sati: Rethinking humanity through Laika and Aloka-by K.K.S Perera

Muscateers Gathering in the Land of the Royals on Friday May 1 2026
Articles

Muscateers Gathering in the Land of the Royals on Friday May 1 2026

Articles N.S.Venkataraman

DOES GOD PUNISH THE WRONG DOERS ?- by N.S.Venkataraman

Articles Sunil Thenabadu

NAVEESHA- A STAR IS BORN AFTER HER SEMI FINAL TRIUMPH AT VOICE SRI LANKA SEASON ONE IS SOUGHT AFTER TO SING IN TELIVISION-by Sunil Thenabadu

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.