News & Community eLanka

eLanka

Saturday, 18 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » වාත්ස්‍යායනගේ කාම සුත්‍රයේ,නිවැරැදි දර්ශනය – ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

වාත්ස්‍යායනගේ කාම සුත්‍රයේ,නිවැරැදි දර්ශනය – ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: March 8, 2025 10:38 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 110

වාත්ස්‍යායනගේ කාම සුත්‍රයේ,නිවැරැදි දර්ශනය – ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

FAITHFUL CHURCH

Image Source : bubblin

කාම සූත්‍රය….දුරාතීතයේ  සිට,වර්තමානය දක්වා  යුග යුග, මිනිස් සන්තානයෙහි  කුතුහලය දනවන සුළු,සමාජ තලයෙහි ආන්දෝලාත්මක ලෙසින් විමසුමට බඳුන් වූ කෘතියක් ලෙසින් සැළකේ.කාම සූත්‍රය පිළිබඳව සමාජගතව පවත්නා දුර් අවබෝධය පිළිබඳව විශ්ලේෂණාත්මකව විමසමින්,කාම සුත්‍රයේ නිවැරැදි දර්ශනය ප්‍රත්‍යක්ෂ කර දීමට ගන්නා ප්‍රයත්නයක් ලෙසින් මෙම ලිපිය හඳුන්වා දෙනු රිසියෙමි.

කාම සූත්‍රය කාලානුරූප මානව ප්‍රඥාව:ආදරය, සබඳතා සහ ලිංගිකත්වය පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ,මාර්ගෝපදේශය සලසන ඉපැරණි සම්භාව්‍යපුරාණ ග්‍රන්ථවලින්එකකි.

ඉන්දියානු කාම සූත්‍රය මෙන්ම,මානව ලිංගිකත්වය, සබඳතා සහ ආදරය ගැන ගැඹුරින් විමංසනය  කෙරෙන ,පැරණි  ග්‍රන්ථ කිහිපයක් විශ්ව සාහිත්‍ය වංශයට එක් වී ඇත.

අනංග රංග (Ananga Ranga ): මෙම කෘතියඉන්දියාවේදී  ලියැවුනු මෙම ග්‍රන්ථය 15 වන හෝ 16 වන සියවසේ කල්‍යාණ මල්ල විසින් රචිත පුරාණ ඉන්දියානු සංස්කෘතික ග්‍රන්ථයකි.  විවාහක සතුට සහ සමීපත්වය වැඩි දියුණු කිරීම සඳහා අත්පොතක් ලෙස භාවිතා කෙරේ. එය ලිංගික ශිල්පීය ක්‍රම සහ විවාහ ජීවිතයේ ගතිකත්වය පිළිබඳ අවබෝධයක් ලබා දෙන ග්‍රන්ථයකි.

සුවඳැති උද්‍යානය(The Perfumed Garden:) නම් වූ අරාබි කාම සුත්‍රය 15 වැනි සියවසේ Sheikh Nefzaoui විසින් රචිත අරාබි කෘතියකි. කාමුකත්වය, ලිංගික සෞඛ්‍යය සහ ප්‍රේමයේ කලාත්මක පැතිකඩ පිළිබඳව මෙම කෘතියෙන් මාර්ගෝපදේශය සපයයි.

FAITHFUL CHURCH

Image Source : articulo.mercadolibre

FAITHFUL CHURCH

Image Source : perlego

ආදරයේ කලාව ( Ars Amatoria): රෝම කවියෙකු වන ඕවිඩ් විසින්,ක්‍රි.ව.2 දී ලියන ලද්දකි. රෝමයේ සාම්ප්‍රදායික ආදර සිරිත් විරිත් පිළිබිඹු කරමින් ආදරය, රැවටීම සහ සබඳතා පිළිබඳ උපදෙස් සැපයීමේ ප්‍රයත්නයක යෙදෙයි.

FAITHFUL CHURCH

Image Source : facebook

ආදරය සහ ලිංගිකත්වය ( The Tao of Love and Sex:) පුරාණ චීන තාඕවාදී දර්ශනය තුළ මුල් බැසගත් මෙම ග්‍රන්ථය,මිනිස් දිවියේ සමබරතාවය සහ ශක්ති ප්‍රවාහය අවධාරණය කරමින් ලිංගික භාවිතයන් සහ අධ්‍යාත්මික යහපැවැත්ම අතර සමබරතාවය ගවේෂණය කරයි.

FAITHFUL CHURCH

Image Source : amazon

හෙබ්‍රෙව් ගීතිකා : (Song of Solomon): හෙබ්‍රෙව් බයිබලයේ ඇති මෙම කාව්‍ය සංවාද එකතුව ,  ආදරය , ප්‍රේමය සහ ශාරීරික ආකර්ෂණය පිළිබදව විවරණය කෙරේ.මෙහි ,ආගමික සන්දර්භය තුළ ප්‍රේමයේ ගතිකත්වය අර්ථකථනය කිරීමෙහි උත්සාහයක්  ගෙන ඇති බව ද දිස්වේ. පබැඳි ගීතිකා ආදරය,සමීපතාවය සහ ලිංගිකත්වය විවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ විවරණය කෙරේ.එදවස සමකාලීන සමාජයේ  සංස්කෘතික වටිනාකම් සහ දර්ශන පිළිබිඹු කිරීම ද මෙමගින් සිදුකෙරේ.

FAITHFUL CHURCH

Image Source : amazon

කාම සුත්‍රය පැබැඳු  මල්ලනාග වාත්ස්‍යායන .

FAITHFUL CHURCH

Image Source : wikipedia

පාඨලී පුත්‍ර (බිහාරයේ පැට්නා) දේශයේ, ක්‍රි.ව.3 සහ 5 සියවස් අතර කාලයේදී ජීවත්වූ ඉන්දියානු දාර්ශනික මල්ලනාග වාත්ස්‍යායන පඬිවරයා කාම සුත්‍රය පැබැඳු  නිර්මාපකයාය.හෙතෙම  බ්‍රහ්මචාරී දිවි පෙවෙතකට කැප වූ ආචාර්යවරයෙකි  සංස්කෘත දේවනගරී අක්ෂරයෙන් කාම සුත්‍රය ලියා ඇත්තේ තඹ පත් තීරු මතය.

කාශ්මීරයේ රඝුනාත් දේවාලයේ  සංරක්ෂණය කර ඇති කාමසූත්‍ර අත්පිටපතක් 

කාම සූත්‍රයේ ව්‍යුහය සහ තේමා පද්ධතිය.

කාම සූත්‍රය ප්‍රේමයේ සහ මිත්‍රත්වයේ විවිධ පැති ආවරණය කෙරෙන කාණ්ඩ හතකින් සමන්විත ග්‍රන්තාවලියකි. උදාහරණයක් ලෙස, පළමු කාණ්ඩය සදාචාරාත්මක, ආර්ථික, භෞතික සහ අධ්‍යාත්මික වටිනාකම් අතර සමතුලිතතාවයක් ඇති විශිෂ්ට ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට සමත්වේ. කාම සුත්‍රය ග්‍රන්ථයට ඇතුලත්ව ඇති   සප්ත  කාණ්ඩයන් පහතින් මෙසේ  පෙළ ගස්වා දැක්විය හැකිය.

  1. පොදු මූලධර්ම – කාම ආශාව සහ ඒ හා සබැඳි මිනිස් ජීවිතයේ  භූමිකාව පිළිබඳ හැඳින්වීමක්.
  2. ආදරයේ කලාව – නන්වන් මාදිලියේ ශාරීරික සමීපත්වය සහ ආශ්වාදනය පිළිබඳ සාකච්ඡාවකි.
  3. හවුල්කරුවෙකු තෝරා ගැනීම – පෙම් සබඳතා පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය සහ පරමාදර්ශී සහකරුවෙකු තෝරා ගැනීමේ මඟ පෙන්වීම.
  4. විවාහ ජීවිතය – සම්බන්ධතාවයක සහකරු හෝ සහකාරියගේ භූමිකාවන් සහ වගකීම්.
  5.  බාහිර කටයුතු – විවාහයෙන් ඔබ්බට ආදරය පිළිබඳ මතභේදාත්මක නමුත් සවිස්තරාත්මක විශ්ලේෂණයක්.
  6. ආගන්තුකයන්ගේ භූමිකාව – ආචාරශීලී අයගේ ජීවිත සහ සමාජය තුළ ඔවුන්ගේ බලපෑම දෙස බැලීම.
  7. යුවතිපතීන්ගේ භූමිකාව -ආකර්ශනය සහ ආශාව වැඩි දියුණු කිරීම සම්බන්ධ පුරාණ භාවිතයන් අදේශකර ගැනීමේ වැදගත්කම.

 

FAITHFUL CHURCH

Image Source : waterstones

වාත්ස්යායන නිර්මාණය කළ කාම සුත්‍රයේ හැඩ  තල ;
කාම සුත්‍ර යන නම ඇස ගැසුණු සැනින් අප මනසේ සිත්තම් වන්නේ ස්ත්‍රී පුරුෂ  සම්භෝගමය  ලිංගික ඉරියව් සඳහා මාර්ගෝපදේශ විධි රැසක එකතුවක් ලෙසිනි.එම සිතිවිල්ල වරදවා වටහා  ගැනීමකි. කාම සුත්‍රය ගැඹුරින් අධ්‍යයනය  කිරීමේදී සමාජ ප්‍රගමනයට  වැදගත් සාධක රාශියක් එමගින්  මූර්තිමත් වේ. එහි ස්ත්‍රී පුරුෂ සම්භෝග විධි , එහි එක් පැතිකඩක් පමණි.මිනිස් වර්ගයා තම  ප්‍රේමනීය  බැඳීම හමුවේ  මතුවන ශෘංගාරාත්මක  සිතවිලි මෝදුවී, සොබා දම් නීතියට අනුගතව රමණයට යොමු වීමත්, එහි ගැබ් වුණු අපුර්ව ආස්වාදය,කාම සූත්‍රයෙන්සජීවීමත් කෙරෙන බව සැබෑය.  ඒ අතරම කාම  සූත්‍රයෙන් යහපත් යුග දිවියක්  පවත්වාගෙන යාමට අවශ්‍ය වන ඉවසීම,තමන්ට යෝග්‍ය සහකාරියක් තෝරා ගැනීමේදී අවධානයට යොමු විය යුතු සාධක,එදිනෙදා ජීවිතයේ යහ පැවැත්ම පිණිස අවශ්‍ය වන මූලික ශිල්පීය නිපුණතා වර්ධනය කර ගැනීම, විස්තර කිරීමට වාත්ස්‍යායන පඬිවරයා දක්වා ඇති සාමාර්ථය අති මහත්ය.

කෙසේ වෙතත්, කාම සූත්‍රය යනු ජීවත්වීමේ කලාව, ආදරය, ආලය සහ සබඳතාවල ගතිකත්වය පිළිබඳ ගැඹුරින් විමංසනය කෙරෙන විස්තීර්ණ කෘතියකි.

මෙපරිද්දෙන්  කාම සූත්‍රය, ධර්ම , අර්ථ  සහ කාම ආස්වාදනය පිළිබඳ සාහිත්‍ය ඇතුළත්,පුරාණ ඉන්දියානු සම්ප්‍රදායේ  ශාස්ත්‍රීය පූජනීය ග්‍රන්ථ මාලාවේ  ප්‍රමුඛ කෘතියකි.වාත්ස්‍යායන, ඓතිහාසික මූලාශ්‍ර සහ ප්‍රඥා සම්ප්‍රදායන්ගෙන් උකහා ගත් දැනුම, ලයාන්විත ආකෘතියක දවටා  ,කාම සුත්‍රය නිර්මාණහිලා සෞන්දර්යාත්මක ප්‍රයත්නයක යෙදේ. සාමාන්‍ය දුර්මතවලට පටහැනිව, කාම සූත්‍රය හුදෙක් භෞතික සමීපත්වය ගැන පමණක් නොව,වින්දනය, දර්ශනය සහ සබඳතාවල ආචාර ධර්ම පිළිබඳව ද විවරණයක නිමග්නවේ

ධර්ම,අර්ථ,කාම  මෝක්ෂ යන ‘චතුර්විධ පුරුෂාර්ථ’ අතරෙන් “කාමය’,මිනිස් වර්ගයාගේ ප්‍රජනනයට මෙන් ම සාහිත්‍යය,සංගීතය,නාට්‍යය ආදි කලාවන්ගේ  පහළවීමට මුල් විය.

ස්ත්‍රී පුරුෂයන්ගේ කායික  සංයෝගයේ නන් විධ විචිත්‍ර රමණ විලාසයන් (Erotic Postures) පැහැදිලි කිරීම උදෙසා ‘කාම සූත්‍රය’ ,‘ආසන බන්ධ ක්‍රම’යනුවෙන්  එහි පරිච්චේදයක්  වෙන්කර ඇත. මධ්‍යම ඉන්දියාවේ පිහිටි කජුරාහෝ දේවාල සංකීර්ණයේ බිත්තිවල එකී කාමබන්ධ විලාස පිළිබිඹු කරන මූර්ති කැටයම් වර්තමානයේ පවා ජීවමානව පවතී.

FAITHFUL CHURCH

මධ්‍යම ඉන්දියාවේ පිහිටි කජුරාහෝ දේවාල සංකීර්ණය

FAITHFUL CHURCH

Image Source : outlooktraveller

දේවාල සංකීර්ණයේ බිත්තිවල,කාම සූත්‍රයේ දැක්වෙන කාමබන්ධ විලාස පිළිබිඹු කරන මූර්ති කැටයම් රාශිය.

FAITHFUL CHURCH

Image Source : metmuseum

FAITHFUL CHURCH

Image Source : oshoganga.blogspot.

ආසියාතික රටවල පමණක් නොව, අමෙරිකාව ප්‍රධාන යුරෝපීය රටවල් ගණනාවක්,කාම සුත්‍රය ඇසුරෙන්  චිත්‍රපට සිය ගණනක් නිෂ්පාදනය කර ඇත.

ප්‍රියංකා මුඛර්ජි ,කාම සූත්‍රය ආශ්‍රයෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයක රූප රාමු  කිහිපයක්

කාම සූත්‍රය අසභ්‍ය කෘතියක් ලෙස සලකා 60 දශකයට පෙර,එය මෙරට මුද්‍රණාලවල මුද්‍රණය කිරීම තහනම්ව පැවැති බැව් පැවසේ.  1963 දී සුප්‍රකට චැටර්ලී ආර්යාවගෙ පෙම්වතා කෘතිය අසභ්‍ය පොතක් නොවන බවට ලැබුණු අධිකරණ  තීන්දුව නිසා, එතුවක් කල් ප්‍රසිද්ධ මුද්‍රණාලවල මුද්‍රණය කිරීම තහනම් වුණු “කාම සූත්‍රය” මුද්‍රණය කිරීමේ හැකියාව ලද බව පැරැන්නෝ පවසති.

කාම සූත්‍රය ලොව පුරා සංස්කෘතීන්ට ප්‍රවේශ වෙමින් ශතවර්ෂ ගණනාවක් පුරා, එය විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇති.

FAITHFUL CHURCH

Image Source : promateworld

FAITHFUL CHURCH

Image Source : theconversation

සංස්කෘතික සහ උපදේශාත්මක  වැදගත්කම
කාම සූත්‍රය හුදෙක් ලිංගික උපදේශනය ඉක්මවා ගිය ,පුරාණ ඉන්දියානු සමාජ තලය  දර්ශනය කල හැකි  කවුළුවක් ලෙසින් හැදින්විය හැකිය. ප්‍රේමනීය ළබැදියාව ප්‍රඥාවෙන් හා ගෞරවයෙන් ගවේෂණය කළ යුතු ,මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයන්යයන අදහස සමාජ ගත කරලන්නට කාම සුත්‍රය ලබාදෙන්නේ  අනුපමේය දායකත්වයකි.
වාත්ස්‍ය යන කාම සූත්‍රයෙහි, කාමයේ ආදීනව පිලිබදව , කරුණු ඉදිරිපත් කිරීමට ද  උත්සුක වී ඇති සෙයක් ගම්‍යවේ .“කාම ශාස්ත්‍රය දන්නා තැනැත්තා සන්සුන් ඉඳුරන් සහිත පුද්ගලයෙක්” බවත් , කාම ශාස්ත්‍රය දන්නා කෙනෙක් කාන්තාවෝ බොහෝ දෙනෙක් ආශ්‍රය කලයුතු නැති බවත් කතුවරයා සිය කෘතියෙන් අවධාරණය කර ඇත.කාමයට අධික ලෙස ලොල් වෙන පුද්ගලයෙකු කරා විනාශය එළැඹීමේ සම්භාවිතාව වැඩි බැව් කතුවරයා පෙන්වා දී ඇත .

විද්වතුන් එහි ගැඹුරු දාර්ශනික හා සමාජ විද්‍යාත්මක පැතිකඩ  අවබෝධ කර ගැනීම  සඳහා නිරන්තර අධ්‍යයනයක යෙදී සිටිති.එම අධ්‍යයනයන්ගෙන් අනාවරණය වූ බෙහෙවින්ම වැදගත්  සාධකයක් වන්නේ, ස්ත්‍රී පුරුෂ ප්‍රේමණීය  සබඳතාවන්හිදී   කායික සතුට සහ චිත්තවේගීය හැගීම් අතර සමතුලිතතාවය තේරුම් ගැනීම උදෙසා  කාම සුත්‍රය මගින් සංවේදී මනෝවිද්‍යාත්මක උත්තේජනයක් සළසන  බවය.

වාත්ස්‍යායන,කාම සුත්‍රය ග්‍රන්ථයේ අවසානය,එනම් 7 වන  කාණ්ඩය අවසන් කරන්නේ ,මෙවන් කෘතියක් නිර්මාණය කිරීමේ පරම අභිලාශය සනිටුහන් කරමිනි.

“මෙම කාර්යය මිනිස් ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා පමණක් භාවිතයට යොදා ගත යුතු යැයි අදහස් නොකෙරේ. ධර්ම ,අර්ථ සහ මෝක්ෂය යන ජීවිතයේ අනෙකුත් පුරුෂාර්ථ ත්‍රීත්වය සමපාතීව ආරක්ෂා කරන,සමාජ  පිළිවෙත් කෙරෙහි ගෞරවයක් ඇති, ආශාවන්ට වහලෙකු නොවන  විචක්ෂණශීලී පුද්ගලයෙක් නිර්මාණය කිරීම මගේ ප්‍රයත්නයයි.”

නිගමනය

චන්දිගාර්හි පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ලලිත කලා කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ආචාර්ය අල්කා පාණ්ඩය විසින්,කාම සූත්‍රය නිසි පරිදි අධ්‍යයනය නොකළ, එහි එක් පරිච්ඡේදයක් හෝ දෙකක් කියවූ පිරිස්, එය විවිධ ලිංගික ක්‍රියාකාරකම් නිර්ලජ්ජිතව හුවා දක්වන කෘතියක් ලෙස අවතක්සේරුවට  ලක් කිරීම, අතිශයින්ම ඛේදජනක තත්ත්වයක් බව ප්‍රකාශකරන්නීය.

වාත්ස්‍යායන ගේ කාම සූත්‍රය, හුදෙක් කාමුක වින්දනය පිළිබඳ පුරාණ ග්‍රන්ථයකට වඩා ක්‍රියාශීලී යහපත් දිවිපෙවෙතකට සමාජය යොමු කරවන සුළු  ශාස්ත්‍රිය කෘතියක් වන බව ඇයගේ මතයයි. ඇය ඊට ප්‍රබල හේතු සාධක,කාම සූත්‍රය කෘතිය තුළින්  ගෙනහැර  දක්වා ඇත. ඉන්දියානු සාහිත්‍ය සහ දාර්ශනික සම්ප්‍රදායන් තුළ  මානව සබඳතා සහ හැඟීම් පිළිබඳ ගැඹුරු ගවේෂණයක ප්‍රතිඵල ලෙසින් වාත්ස්‍යායන ,කාම සූත්‍රය නිර්මාණය කර ඇති බව , ඇය පවසන අයුරුද පහත දැක්වෙන වීඩියෝ දර්ශනයෙන් පාඨක ඔබට  නැරඹිය හැකිය.

bbc.com

මෙම ලිපිය මගින්,  කාම සුත්‍රයේ නිවැරැදි දර්ශනය ප්‍රත්‍යක්ෂ කර දීමට මවිසින් ගත්   ප්‍රයත්නය, ආචාර්ය අල්කා පාණ්ඩය ගේ  යථෝක්ත සංවාදයෙන් මැනවින් තහවුරු වනු නිසැකි .

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

 

TAGGED:කාම සූත්‍රය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Gems of Sri Lanka-eLanka Gems of Sri Lanka: A Treasure Trove of Precious Stones-by Kalani-eLanka
Next Article Advertise your property in Sri Lanka Advertise your Property in Sri Lanka for a full year on eLanka –28th February 2025
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Carrying LANKA Within You-eLanka

Leaving Lanka …. Carrying LANKA Within You

Data indicates Sri Lankan’s daily electricity usage insufficient to run an AC-By Arundathie Abeysinghe

Data indicates Sri Lankan’s daily electricity usage insufficient to run an AC-By Arundathie Abeysinghe

brad & kiara show

The Brad & Kiara Show

A Taste of Thailand in Bentleigh – A Labour of Love, Served with Heart-by Trevine Rodrigo

I’m curious—what were the reasons behind the Burghers leaving the country in the 1980s and before? Understanding their story can offer us some insightful perspectives-by Dr Harold Gunatillake

Related News
Taste of the World 2024
Articles

Hornsby Shire to showcase cultures from around the world at Taste of Harmony

Sri Lanka aviation growth 2026, Bandaranaike International Airport, BIA passenger traffic 2026, Sri Lanka airport news, Colombo airport arrivals, Sri Lanka tourism recovery 2026, international flights Sri Lanka, Sri Lanka tourism growth, AASL passenger statistics, Sri Lanka travel updates, Colombo airport expansion, aviation industry Sri Lanka, Sri Lanka international connectivity, Sri Lanka tourist arrivals 2026, Katunayake airport news, Sri Lanka travel industry, BIA aircraft movements, Sri Lankan Airlines growth, South Asia aviation hub, Sri Lanka tourism sector, global Sri Lankan community, Sri Lanka economic recovery, overseas Sri Lankans returning home, Sri Lanka infrastructure development
Articles

BIA Handles 4.7 Million Passengers in Strong First Half of 2026

Resilient Waves Programme Sri Lanka, Sri Lanka coastal conservation, coastal ecosystem restoration Sri Lanka, climate resilience Sri Lanka, Batticaloa fishing communities, Mullaitivu coastal development, sustainable fishing Sri Lanka, mangrove restoration Sri Lanka, marine biodiversity Sri Lanka, climate change adaptation Sri Lanka, ocean conservation Sri Lanka, Defra OCEAN programme Sri Lanka, UK funded environmental projects Sri Lanka, sustainable livelihoods Sri Lanka, fishing communities empowerment, Blue Resources Trust Sri Lanka, Biodiversity Sri Lanka, coastal protection initiatives Sri Lanka, nature based solutions Sri Lanka, sustainable aquaculture Sri Lanka
Articles

‘Resilient Waves’ Programme Launches to Boost Climate Resilience in Sri Lanka’s Coastal Communities

Nisala Foundation meditation hall expansion in Sri Lanka
Articles

A Sanctuary of Silence in Sri Lanka Is Calling on Australia for Help

Hilton Yala Resort Agoda Luxe Recognition
Articles

Hilton Yala Becomes Sri Lanka’s First Hilton Property to Achieve Agoda Luxe Recognition

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.