News & Community eLanka

eLanka

Tuesday, 18 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කොළඹ කනත්තේ සැගවුණු මහා යුග පුරුෂයකුගේ පුරාවෘත්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

කොළඹ කනත්තේ සැගවුණු මහා යුග පුරුෂයකුගේ පුරාවෘත්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 13, 2023 3:06 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 41

කොළඹ කනත්තේ සැගවුණු මහා යුග පුරුෂයකුගේ පුරාවෘත්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Anagarika dharmapala - eLanka

හිතවත් මිතුරෙකුගේ අවසන් කටයුතු සදහා සහභාගී වීම පිණිස කොළඹ කනත්තට පිවිසි අවස්ථාවක ,චිතකයට ගිණි දැල්වීමෙන් අනතුරුව,සුසාන භුමියෙහි ඔබ මොබ ඇවිදීම කෙරෙහි මසිත කිසියම් ගුප්ත ලැදියාවක් පිළිසිදිණි.එහිදී ,එවකට කොළඹ කනත්ත භාරකරු චානක පෙරේරා මහතා වෙතින්,කිසියම් සුවිශේෂ පුද්ගලයකුගේ භෂ්මාවශේෂ ද කොළඹ කනත්තේ තැන්පත් කර ඇති බව දැනගන්නට ලැබිණි. ඒ අන්කවරෙකුගේවත්නොව,මුළු මහත් බෞද්ධ ලෝකයම නිද්‍රාවෙන්  අවදි කළ අභිමානවත් ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂයි. 

anagarika dharmapala

anagarika dharmapala

ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් ,

කොළඹ කනත්තේ හුදකලාවූ  දම්පල් 

වෙහෙර  ගෙය.

මෙම ඓතිහාසික ස්මාරකය පිහිටියේ කොළඹ කනත්තේ හින්දු භක්තිකයන්ගේ සුසානයට යාබද ය. ඉන්දියාවේ සාංචි සම්ප්‍රදායට අනුකූලව කළු ගලින් එය නිමවා තිබුණි. ඉතා අලංකාර, ප්‍රතාපවත් නිමැවුමක් වූ දම්පල් වෙහෙර  ගෙය  අප යන අවස්ථාවේ ලදු කැලෑ වලින් වැසි තිබිණි. සොහොන් කොත පාදමෙන් ඓශ්චර්යයක් ලෙස කුඩා බෝ අංකුරයක් මතු වී තිබිණි. සොහොන් කොත මධ්‍යයේ වූ පීඨීකාව මත දම්පල්තුමන් ගේ භෂ්මාවශේෂ තැන්පත් මංජුසාව සහිත  කුඩා දාගැබක් දැකගන්නට ලැබිණි.

මෙවන් යුග පුරුෂයකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ වෙහෙරගෙය අතිශය හුදකලා වූ කොළඹ කනත්තේ , වල් බිහි වී තිබෙන්නට හැරීම ජාතික අපරාධයක් ලෙස අපට හැගිනි. එතුමා ජාතියට, බෞද්ධ ලෝකයට ඉගැන්වූ බෞද්ධ ගමන් මග, අප වත්මන්  පරපුරේ චිත්ත සන්තානයෙහි නිරතුරුවම නින්නාදවනු දැක්ම ජාතියේ සුප්‍රාර්තනයයි. ඒ සදහා  එතුමාගේ භෂ්මාවශේෂ ඇතුළත්වෙ හෙරගෙය නිරතුරුවම ජනතා ඇස ගැටෙන ස්ථානයක ප්‍රතිෂ්ඨාපණයය කළ යුතුය යන අදිටන අප සිත් තුළ ඇති වේ.ඒ සදහා සුදුසුම ස්ථානය , එතුමාගේ නම ජීවමානිත   කොළඹ ධර්මපාල මාවත, විහාරමහාදේවි උද්‍යානය (සතුටු උයන ඉදිරිපිට අර්ධ කවාකාර හිස් බිම් කඩ) හෝ එතුමා කලක් වැඩවිසූ කොළඹ මාලිගාකන්ද මහාබෝධි විහාරය විය යුතු බැව්  වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කරවනු කැමැත්තෙමි.

දම්පල් වෙහෙර ගෙය අසල සිටි අපට, මේ උදාරතර පුරුෂයාගේ යුග මෙහෙවර  සිහිපත්වුයේ නිතැතිණි .මෙතුමන් , සමාජ හා ආගමික ප්‍රතිසංස්කරණවාදියෙකු, නිදහස් සටන්කාමියෙකු සහ මානුෂීය ගුණාංගයන්ගෙන් යුත් බුද්ධිමත්  නායකයෙකු ලෙස ඉහළම  ගෞරවයට පාත්‍රවේ. අනගාරික ධර්මපාලතුමා ජාතික නායකයෙකු ලෙස,රටේ    දැයේ අභිවෘද්ධිය උදෙසා සමාජ ගත කළ දෑ බොහෝය.  දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා  ධර්මගුණවර්ධන ව්‍යාපාරික,ධනවත්  දෙමහල්ලන්ට දාව, ධර්මපාල තුමන් ජන්ම ලාභය ලබන්නේ, 1864 සැප්තැම්බර් 17  වන දින   මාතර හිත්තැටිය ග්‍රාමයේය.

Anagarika dharmapala - eLanka

Anagarika dharmapala - eLanka

දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා  ධර්මගුණවර්ධන දෙමාපිය යුවළ 

අනගාරික ධර්මපාල තුමාට චාර්ල්ස් අල්විස් , එඩ්මන්ඩ් යන නම්වලින්  සොහොයුරන් දෙදෙනෙක්  සහ  සොහොයුරියක් ද   වුහ.

චාර්ල්ස් අල්විස් සහ එඩ්මන්ඩ් හේවාවිතාරණ දෙසොහොයුරෝ

චාර්ල්ස් අල්විස් සහ එඩ්මන්ඩ් හේවාවිතාරණ දෙසොහොයුරෝ

චාර්ල්ස් අල්විස් සහ එඩ්මන්ඩ් හේවාවිතාරණ දෙසොහොයුරෝඅනගාරික ධර්මපාල  එකම සොහොයුරිය 

එන්ගල්තිනා හේවාවිතාරණ 

දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා අනගාරික ධර්මපාල බවට පත්වූයේ සිය යෞවනය පමණක් නොව තම ගත සිත සිංහල බෞද්ධකම වෙනුවෙන් කැප කරමිණි. ශ්‍රී ලංකාවේ ගම් නියම් ගම් වල ස රිසරමින් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව මව්බිමේ නිදහස පතා එක් අතකින් ජනතා මනස  සන්නිත කළ අතර, අනෙක් අතින් සිංහල බෞද්ධකම මතු කිරීමට උත්සාහවත් විය. ඇමරිකාවේ දෘෂ්ටි සම්මේලනය අමතමින් අනාගතයේදී විද්‍යාවට ද බුදු සමය මඟ පෙන්වනු ඇතැයි එතුමා කළ ප්‍රකාශය අද සනාථ වෙමින් පවතී. ගතික  විද්‍යාව යනු අනන්‍යතාව මිස අන් කවරක්ද? පරමාණුවේ අවසාන අංශුවේ පවා ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන අංගයන් මිස වෙනත් දෙයක් නොවේ. චිත්ත පාරි  ශුද්ධිය මිනිසාගේ විමුක්ති මාර්ගය බව අද බටහිර පිළි ගනිමින් පවතී. පුනර්භවය පිළිබඳ පර්යේෂණ සිදු කෙරේ. කර්මය පිළිබදව ලොව නියත  විශ්වාසයක් හට ගෙන ඇත. අපරදිග බුදු සමය ව්‍යාප්ත වූයේ ධර්මපාලතුමා නැඟූ  අභීත සිහ නාදයෙනි.

ජපානයේ බෞද්ධ සම්මේලනය දින සවණක් රැස් විහිදුවන බෞද්ධ ධජය නිල් ගුවන් තල ලෙලදෙන්ට පටන් ගත්තේ ධර්මපාල තුමන්  සුරතිනි. භාරතයේ බෞද්ධ වන්දනාවට ගිය එතුමා මහන්තාවරුන් බුදුන් වහන්සේගේ පිළිරූ හින්දු දේවවාදී ක්‍රමයට සරසවා තිබෙනු දැක “බෞද්ධයෙනි නැගිටියව්,බුද්ධ ගයාව බේරා ගනිව්“ හඬ නගමින් ලෝක බෞද්ධ මතයක් ඇති කරමින් බුද්ධගයාව බෞද්ධයන්අ තටම ලබාගත්තේය.

buddhagaya viharaya

තමාගේ කාර්ය භාර්ය ස්ථාපිත කරනු පිණිස මහා බෝධි සංගමය පිහිට වූ එතුමා “සිංහල බෞද්ධය“ පුවත්පත ද ආරම්භ කළේය.

sinhala baudhdhaya

කෙටි කාලයක් තුළ  එතුමා කල මහත්ම සේවය විශ්මිතය. එය කළ හැක්කක්දැයි කෙනෙකුට සිතන්නට පුළුවන. නැතහොත් එම කාර්යය කරන්නට තවත් ජීවිත කාල දෙක තුනක් කවර නම් පුද්ගලයකුට වුවද ගත කරන්නට සිදුවනු ඇතැයි හැගේ  එතුමා කෙටි කලක් තුල විශාල කාර්යභාර්යයක් සිදු කළේ කිසියම් ධ්‍යානයකට සම වැදුණු සමාධිගත පුද්ගලයකු ලෙසින් සිත, කය, වචනය ද හික්මවා සිටි බැවිනි.

dharmapala

ගම්  නියං  ගම් සරමින් බොදු දැහැමි පිළිවෙත සුපතළ කරන්නට ,ධර්මපාල තුමා චාරිකාවේ නිරතවූ ප්‍රචාරක රථය.

භාරත මහා දේශයේ මුලගන්දි කුටි විහාරය ඉදිකළ එතුමා සිරි දේව මිත්ත ධර්මපාල බවට පත්වූයේ තමන් පමණක් නොව, සියලු සත්වග නිවන් දක්වන රිසියෙනි . එතුමා මෙලෙසින්  පැවිදි බව ලබා ගත්තේ මතු අත් භවයක බුදු බව ලබන අදහසින් විය හැතිය. එසේ නම් මේ අත් බවයේදී එතුමා පුරන්නට ඇත්තේ සත්‍ය පාරමිතාව වන්නට ඇත.

පුද්ගලයකු වටා සමාජ බලවේගයක් ගොඩ නැඟිනි නම් එයට කදිම උදාහරණය අනගාරික ධර්මපා තුමා සහ අද අප තවමත් භුක්ති විඳින එතුමා ගොඩ නැගූ නූතන ජාතික හා බෞද්ධාගමික පුනරුදයයි. එහෙත් ඒ මහා යුග පුරුෂයාණන් මොහොතකට ජාතිය අමතක තළ සේය. ඉන්දියාවේ සිට රැගෙන ආ ධර්මපාල ස්වාමීන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් කොළඹ කනත්තේ ඉඳිකරන  ලද දම්පල් සැමරුම් වෙහෙර ගෙය අද ස්වාභාව දහමේ සත්‍යතාවය වන අනිත්‍ය පසක්ක රමින් සිටී. ගමින් ගම දම්පල් පිළිරු ඉදි කරමින් මාවත් නම් කරමින් ධර්පාල මෙහෙය ගැන කතා කරමින් සිටින අද වන් දිනක මෙම දම්පල්තුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සැමරුම කටු කොහොල් හරවා පිළිසකර කරවා අතපැන් වත්කර ජාතියට භාර දීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි.

ධර්මපාල තුමාගේ අත් අකුරු සහිත අත්සන 

ධර්මපාල තුමාගේ අත් අකුරු සහිත අත්සන

ධර්මපාළ චරිතයේ වැදගත් අවස්ථා

ඡන්ම දිනය  – 1864 සැප්තැම්බර් 17

පැවිදිවීම  –  1 931 ජූලි 13

මහා බෝධි සමාගම ඇරඹීම –  1891  මැයි 31

අභාවය   –  1933 අප්‍රේල් 29

2024  වසරේ සැප්තැම්බර්  මස 17 වන දිනට යෙදෙන 160  වන දම්පල් ජන්ම සංවත්සරයට පෙර දම්පල් වෙහෙර ගෙය ජනතාවට බුහුමන් කළ හැකි සුදුසු ස්ථානයක ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩපිළි‍වෙලට ගරු බුද්ධශාසන අමාත්‍යතුමන්ගේ සහ මහාබෝධි සමාගමේ මැදිහත් වීම මුළු මහත් ජාතියම උපේක්ෂාවෙන් බලා සිටිනු නිසැක.

අනගාරික ධර්මපාල තුමා වෙතින් ඉටු වූ සේවාව සංක්ෂිප්තව දක්වා මෙම ලිපිය අවසාන කිරීමට යෝග්‍ය  යැයි හැඟේ.

01 අධ්‍යාපනික නව චින්තනයක් ගොඩ නැංවීම.

02  ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ බෞද්ධ 

සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය.

03  බුදුදහම යළි ඉන්දියාවේ ස්ථාවර කිරීම 

හා බුදුදහම ලොව පුරා ප්‍රචාරය කිරීම.

04 ජාතික නිදහස උදෙසා ජනතාව පෙළ 

ගැස්වීම.

05 ජාතික නායකත්වයක් ගොඩනඟා ගැනිම

 පිණිස මඟ පෙන්වීම.

රටේ යහ පැවැත්ම උදෙසා මහාවංශය මාර්ගෝපදේශයක් කරගන්නා ලෙසද එතුමා අවස්ථා කිහිප කදීම ප්‍රකාශ කර ඇත. ඉතිහාසය පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීම තුළින් රටේ ඉදිරි දිශානතිය  කෙසේ සකස් කර ගත යුතුද යන්න පිළිබඳව දූර දර්ශි තීරණ ගැනීමට දේශීය නායකත්වයට කදිම මඟ පෙන්වීමක් ලබා දෙන බවද ධර්මපාල තුමානන් අවධාරණය කර ඇත.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

මෙහි  දැක්වෙන යොමුවට පිවිසීමෙන් ඔබට ,එතුමන් පිළිබදවවූ,නන්දා මාලිනියගේ  අභිනන්දණීය  ගීතයට සවන් දිය හැකිය.

ධර්මපාල තුමාගේ සජීවී කටහඩ ,ඉදිරි  යොමුවට පිවිසීමෙන් ඔබට ශ්‍රවනය කළ හැකිය.

TAGGED:අනගාරික ධර්මපාලතුමා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Photos from the Good Shepherd Convent Past Pupils’ Association NSW – Shepherdian Spring Luncheon held on 9 September 2023 - eLanka Photos from the Good Shepherd Convent Past Pupils’ Association NSW – Shepherdian Spring Luncheon held on 9 September 2023
Next Article Gem and Jewelry Attending the Gem and Jewelry fair in Bangkok-6-10th Sept.2023 – By Dr harold Gunatillake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Hilton Colombo Residences, Hilton Colombo Residences Sri Lanka, luxury residences Colombo, luxury apartments Colombo, three bedroom suite Colombo, three bedroom deluxe suite, serviced apartments Colombo, luxury accommodation Colombo, Colombo city accommodation, family accommodation Colombo, Hilton Colombo, Colombo 02 accommodation, luxury hotel Colombo, premium apartments Colombo, Colombo skyline views, business accommodation Colombo, holiday accommodation Colombo, Sri Lanka luxury accommodation

Hilton Colombo Residences – Three Bedroom Deluxe Suite

Kandy National Hospital, Kandy National Hospital medical equipment, Kandy hospital, Sri Lanka healthcare, Central Province healthcare, advanced medical equipment Sri Lanka, CT scanner Kandy, Cardiac Catheterisation Lab Kandy, Cath Lab Sri Lanka, digital mammography Sri Lanka, breast cancer detection Sri Lanka, cancer treatment Kandy, cardiac care Sri Lanka, specialist healthcare Sri Lanka, Ministry of Health Sri Lanka, ADB Health System Enhancement Project, Sri Lanka hospitals, healthcare development Sri Lanka, Kandy healthcare services, medical technology Sri Lanka

Kandy National Hospital Receives LKR 570M in Advanced Medical Equipment to Boost Central Province Healthcare

Hayleys Group, Hayleys PLC, Hayleys Sri Lanka, Hayleys annual revenue 2026, Hayleys revenue Rs 585.02 billion, Hayleys financial results 2025/26, Sri Lankan business success story, Sri Lankan corporate groups, largest companies in Sri Lanka, Sri Lankan multinational companies, Sri Lankan exporters, Hayleys history, Hayleys Galle 1878, Sri Lankan business diaspora, Sri Lankan companies UK,

From a Trading House in Galle to a Global Conglomerate: The Remarkable Success Story of Hayleys

Sri Lankan Vocational Students Use Their Skills to Support 33 Hospitals

Sri Lankan Vocational Students Use Their Skills to Support 33 Hospitals

OxfordAQA

OxfordAQA Introduces International GCSE Digital and Information Technology in Sri Lanka

Related News
Tokyo Cement Plants 100,000 Mangroves Along Sri Lanka’s Coastline
Articles

Tokyo Cement Plants 100,000 Mangroves Along Sri Lanka’s Coastline

Invest Sri Lanka - Investor Forum - Sydney - eLanka
Articles Photo Gallery

Invest Sri Lanka – Investor Forum – Sydney

Winter Social Gathering – One Community One Beat-eLanka
Articles

Winter Social Gathering – One Community, One Beat

Articles Jayam Rutnam

Good News From Jayam – By Jayam Rutnam

Articles Dr Harold Gunatillake

Why not consider keeping a symbol that has deeply shaped a nation? The discussion around Sri Lanka’s Lion, the Elephant, and what truly defines national identity reflects a heartfelt connection to heritage and pride.-by Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.