News & Community eLanka

eLanka

Tuesday, 28 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සිනිමාව දිග් විජය කළ එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සිනිමාව දිග් විජය කළ එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 26, 2023 7:12 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 14

සිනිමාව දිග් විජය කළ එච්.ඩී.ප්‍රේමරත්න. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

H D Pemarthna - eLanka

H.D Pemartna

එච්.ඩී.ප්‍රේමරත්න-හපුආරච්චිගේ දොන් ප්‍රේමරත්න – දිවි සිනිමාවෙන් නික්ම ගොස් මෙම දෙසැම්බර් 26 වන දිනට 18 වසරක් සපිරේ. හෙතෙම  කැලණිය ගුරුකුල විද්‍යාලයේ එකම පන්තියේ මා සමග එකට සිප් සතර හැදෑරීය. ඔහු පිළිබදව මෙවන් සටහනක් තැබීම කෙරෙහි මා සිත් නිරායාසයෙන් ම යොමුවූයේ ,හෙතෙම මගේ පාසල් මිතුරෙක්වූ නිසාම නොවේ.  ඔහු වෙතින් ලංකේය සිනිමාවට ඉටුවූ අනල්පවූ මෙහෙවර ඇගයීම උදෙසාය.ගුරුකුලයේ  මාලණී ෆොන්සේකා ,විමල් කුමාර් ද කොස්තා, පතිරාජ දයානන්ඳ ,ඩොනල්ඩ් කරුණාරත්න වන් සිංහල සිනිමාව එකළු කළ ශිල්පීන් එච්.ඩී.ප්‍රේමරත්න සිනිමා වේදියාගේ සමකාලීන සගයන්ය.

එච්.ඩී. ප්‍රේමරත්නයන් කදුළු අතරින් සිනාසුනු කලාකරුවෙකි.

H.D Pemartna

1944 ජනවාරි 27  දින ප්‍රේමරත්න ජන්ම ලාභය ලබන්නේ වත්තල තෙලගපාත ගම් පියසෙ හිය. එච්.ඩී. එලෝසිඤ්ඤෝ සහ ඩබ්.කේ. මැඩ්ලින් නෝනා  ඔහු දෙමාපියන්ය.

H.D Pemartna

H D Pemarthna - eLanka

කුඩා විය

ගුරුකුල විදුහලට සමු දෙන  ඔහු උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නේ මරදාන ශ්‍රීලංකා විද්‍යාලය වෙතය.උසස්පෙළ  සමත්වීමෙන් පසුව හේ ,සිය ප්‍රථම වෘත්තීය දිවිය ටයිම්ස් පත්තර කන්තෝරුවෙන් ආරම්භ කරයි.

H.D Pemartna

විවාහ දිනයේ 

H.D Pemartna

එච්.ඩී ,සිය භාර්යාව පද්මිණි,දෙදරුවන් වන රේඛා දිලානි සහ රංග ලක්මාල් සමග.

1965 වසරේදී ලුම්බිණි රංග ශාලාවේ වේදිකාගතවූ ,යකාගේ කම්මල නාට්‍යයේ දෙබස් රචකයා ලෙසින් හේ  කලා ක්ෂේස්ත්‍රයට සම්බන්ධවේ.ඔහු සිනිමාවේ අත්පොත් තබන්නේ 1966 වසරේ දීය.ඒ,දරු දුක චිත්‍රපටයේ ක්ලැපර් බෝයි නොහොත් අත් උදව්කරුවෙක්  ලෙසිනි.එම අවස්ථාව ඔහුට උදාවුයේ ඩොමී ජයවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් බැව් ,හේ වරක් මා සමග පැවසීය.චිත්‍රපට  අධ්‍යක්ෂණයට පිවිසීමට පෙර පූජිතයෝ චිත්‍රපටයෙහි   අධ්‍යක්ෂණයට   සහය වීමට අවස්ථාවක් සැළසේ.

1975 දී  තිරගතවූ ,ඔහුගේ මුල්ම  චිත්‍රපටය  “සිකුරුලියා ” දේශීය සිනමාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.එහි කතාව, දෙබස්,තිර නාටකය සහ අධ්‍යක්ෂණය යන සිව් ඉසව්වෙහිම නිර්මාපකයා වුයේ ප්‍රේමරත්නයන්ය.පාසල් වියේදී කියැවූ උම්මග්ග ජාතකයේ එන දික්තලා,දික්පිටියා සහ කාල ගෝල යන චරිත ත්‍රීත්වයට නව්‍ය අර්ථනිරූපණයක් දෙමින්, ප්‍රේම් සිකුරුළියා කතා පිටපත රචනා කළේය. මෙහිදී විජය, සුවිනීතා ප්‍රධාන චරිතවලට යොදා ගන්නා ඔහු අසාමාන්‍යය ලෙස  මිටි  පුද්ගලයෙකු වන බන්දුල ගලගෙදර   කාල ගෝල හා සම  චරිතය සදහා යොදා ගැනිම ප්‍රේම්  ගේ නිර්මාණශීලී නිපුණතාව ප්‍රකට කරවන්නකි.

H.D Pemartna

සිකුරුළියා තේමා ගීතය

සමාජයට කිසියම් ධනාත්මක පණිවිඩයක් ගෙනෙමින්,කලාත්මක අගයට හානියක් නොවන පරිද්දෙන්   වාණිජමය අරමුණු ද සපුරා ගත්  චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ලෙසින් එච්,ඩී.ප්‍රේමරත්නයන් බුහුමනට බදුන්වේ. ඔහු ගේ සිනිමා කෘතීන්  මැද මාවතක රැඳුණු දෘෂ්ටිකෝණයකින් නිපන් බව, චිත්‍රපට විචාරකයින් වැඩි දෙනෙක් ගේ මතයවේ.ඕනෑම සාමාන්‍ය කතා වස්තුවක සමාජමය  හා දේශපාලනමය හරවත්  දැක්මක්, කලාත්මකව සිනිමා පටයට  පරිවර්තනය කිරීමේ අපූර්ව  කුසලතාවක් ඔහු ජන්මයෙන් ම උරුම කරගෙන සිටි සෙයකි.

H.D Pemartna

සිකුරුළියා අධ්‍යක්ෂණයෙන් අනතුරුව , ඔහු අපේක්ෂා,සසරක පැතුම්, පරිත්‍යාග,හස්ති වියරුව,දෙවෙනි ගමන,ආදර හසුන, මංගල තෑග්ග, සහරාවේ සිහිනය සිංහල සිනිමා වංශයට දායාද කළේය.

 අපේක්ෂා චිත්‍රපටියෙන්

1981 OCIC උළෙලේදී පරිත්‍යාගය චිත්‍රපටයේ හොදම පිටපත් රචකයා ලෙසින් ඔහු පුදනු ලැබිණි.

මංගල තෑග්ග චිත්‍රපටය

ප්‍රේමරත්න සිනිමා මං තලාවේ සනිටුහන් වන පාලම යට,කුලගෙය,  සප්ත කන්‍යා, සෙයිලම,විසිදැල, අපේක්ෂා, වැනි චිත්‍රපට පරිනත සිනිමා නිර්මාපකයෙකුගේ අත්දකීම්  මොනවට ප්‍රදර්ශනය කරවන සුළුය. එම සිනිමා දාමය වෙත   සරසවිය, ජනාධිපති, OCIC ඇතුළු ඉහළම සම්මානයන්ට පාත්‍ර විය.ඔහුගේ බොහෝ නිර්මාණ ටෂ්කන්ට්, හවායි, කයිරෝ, මැනිලා, සිංගප්පූරුව ඉන්දියාව සහජපානය  වන්  රටවල පැවති   ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළේය.

දෙවැනි ගමන චිත්‍රපටයයේ හොඳම පිටපත් රචකයා ලෙසින්  1985 දී සරසවිය සම්මානය ඔහු වෙත  හිමිවේ .

H D Pemarthna - eLanka

දෙවැනි ගමන 

 පාලම යට

H D Pemarthna - eLanka

ඔහුගේ කුල ගෙය චිත්‍රපටය  සරසවි සම්මානයට පාත්‍ර වන්නේ 1993 හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනි.

කුලගෙය 

H D Pemarthna - eLanka

1993  දී, සප්ත කන්‍යා චිත්‍රපටයේ ,හොඳම පිටපත් රචකයා ලෙසින්, ජනාධිපති සම්මානයෙන් ඔහු  බුහුමන් ලැබීය.

H D Pemarthna - eLanka

සප්ත කන්‍යා 

සෙයිලම චිත්‍රපටයටයේ  හොදම පිටපත් රචකයා ලෙසින් ඔහු සම්මාන ලබන්නේ , 1996 වසරේ  24 වන සරසවි සම්මාන උළෙලේදීය.

සෙයිලම චිත්‍රපටයෙන්

ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ ,වැඩිහිටියන්ට පමණක් සීමාවූ විසිදැල චිත්‍රපටය ,රසිකයින්ගේ නොමද සම්භාවනාවට  පාත්‍රවේ.

H D Pemarthna - eLanka

විසිදැල

ප්‍රේමරත්න සිනිමා වේදියෙක් ලෙසින් මෙන්ම, රුපවාහිනී වේදියෙක් ලෙසින් ද ඇගයුමට බඳුන් වෙයි. සඳුන්ගිර ගිනි ගනී, සිහින දනව්ව, දුලාරි ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රුපවාහිනී ගතවූ, රසිකයින් මතකයේ රැඳි ටෙලිනාට්‍යය කිහිපයකි.ඔහු ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ සහ උපදේශකයෙක්  ලෙසින් ද සැලකිය යුතු කාලයක් සේවයෙහි නිරතව සිටියේය.

 එච්.ඩී ,ප්‍රේමරත්න දශක හතරක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 18 ක් නිර්මාණය කළේය. එම  සෑම චිත්‍රපටයකින්ම ,ප්‍රේක්ෂකයින් රසඥතා පුබුදුවාලීය. සිනිමාවේ නව තේමා  මංපෙත් විවර කරමින්,  සමාජ ගැටළු සියුම් ලෙස  විශ්ලේෂණයට බදුන් කළේය. හෙළ සිනිමා වංශ කතාවේ දිදුලන පහන් ස්ථම්භයක් වන් , මෙම කෘතහස්ථ සිනිමා වේදියා දිවි සිනිමාවෙන් සමු ගෙන 2023 දෙසැම්බර් 26 වන දිනට 18 වසරක් සපිරේ. අප ඔහුට අජරාමර නිවන් සුව පතමු.

මෙම ලිපිය සදහා සේයාරූ සපයා දුන්,එච්.ඩී . ප්‍රේමරත්න සිනිමා වේදියාගේ දියණිය රේඛා  දිලානි සහ සොහොයුරු එච්.ඩී, සුනිල් වෙත අප නොමද  කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:H.D PemarathnaH.D Pemarathneආචාර්ය ගාමිණී කාරියවසම්ආදර හසුනදෙවෙනි ගමනපරිත්‍යාගමංගල තෑග්ගසසරක පැතුම්සහරාවේ සිහිනයසිංහල සිනමාවසිකුරුළියාහස්ති වියරුව
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article OBITUARY - PRASANNA NIMAL WIKRAMANAYAKE. KC (11 August 1933 - 20 December 2023) OBITUARY – PRASANNA NIMAL WIKRAMANAYAKE. KC (11 August 1933 – 20 December 2023) – By Hugh Karunanayake
Next Article High Commissioner-designate Admiral Ravindra Chandrasiri Wijegunaratna (Rtd.) Presents Credentials to the President of Pakistan High Commissioner-designate Admiral Ravindra Chandrasiri Wijegunaratna (Rtd.) Presents Credentials to the President of Pakistan
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
A Delightful Sri Lankan Brunch Experience at Cafe Ayubowan
Articles Trevine Rodrigo

A Delightful Sri Lankan Brunch Experience at Cafe Ayubowan-by Trevine Rodrigo

Inside the Sri Dalada MaligaWA 987-eLanka
Articles

Inside the Sri Dalada MaligaWA 987-By L.B.Senaratne

Alston Koch, always shining brightly, is a talented Sri Lankan prodigy-by Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Alston Koch, always shining brightly, is a talented Sri Lankan prodigy-by Harold Gunatillake

Honoring the ANZAC Spirit A Tribute from the Sri Lankan Community1
Articles eLanka Newsletters

eLanka Newsletter – 26th April 2026 – 4th Edition – Sri Lankans In Australia

Articles Dr Harold Gunatillake

Enough magnesium in your body is really important and can truly help you prioritise your health. Magnesium plays a vital role in many bodily functions-by Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.