News & Community eLanka

eLanka

Saturday, 5 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam

eLanka admin
Last updated: August 9, 2024 1:53 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
4 Min Read
SHARE
Views: 55

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී – By Dr Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam

ශ්‍රී ලාංකීය නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රථම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා, සුමනා නෙල්ලම්පිටිය මහත්මිය, අගෝස්තු 08 වන දින , සිය දිවියෙන් සමු ගත්තාය.

 

( දසත අනුග්‍රහයෙනි)
ඇයගේ දිවිසැරියේ විචිත්‍රවත් අවස්ථාවන් සහ ඇය වෙතින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඉටු වූ අනූපමේය මෙහෙවර පිළිබදව මෙවන් අනුස්මරණීය සටහනක් තැබීම කෙරෙහි මා සිත් යොමුවුයේ, ඇය වෙත උපහාර දැක්වීමේ පරම අධ්‍යාශයෙනි..

කොහුවල ප්‍රකට ව්‍යාපාරික යුවළක්වූ දාස නෙල්ලපිටිය දම්පතීන් ගේ වැඩිමහල් දියණිය ලෙසින් සුමනා ජන්ම ලාභය ලබන්නේ 1944 මැයි 23 වන දිනදීය. ඇය සුමති,සමරා,රංජනී,සරා,නිංගී යන සහෝදර සහෝදරියන් පිරිසගේ සෙනෙහිබර අක්කණ්ඩිය වූවාය.ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයෙහි නියුක්තව සිටි,හේමචන්ද්‍ර ගුණතිලක ඇයගේ දයාබර සැමියාය. හේ වසර ගණනාවකට පෙර කල්පා දියණිය , පුත් මහේෂ සහ සුමනාවන් තනිකර දිවියෙන් සමුගත්තේය.

පොල්ගස්ඕවිට සිරිපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අවසන්කර ඇය උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවන්නේ නුගේගොඩ සුජාතා විද්‍යාලය සහ . ගෝතමී බාලිකා විද්‍යාලයෙන් වෙතය. සුමනාවන්ට. මාධ්‍යය ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවැසි පන්නරය ලබා දෙන්නේ ගෝතමී බාලිකා .විද්‍යාලයයි. ඇය එම විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායිකාව වුවාය.උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වුව ද, සුමණා සරසවියට පිවිසීමට අදහස් නොකළාය. මව අහිමි ඇගේ බාල සහෝදර සහෝදරියන් හය දෙනා රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම ඇය මත පැවරී තිබීම ඊට මූලික හේතුව විය.

මෙහිදී මගේ මතකය නිතැතින් ම ,සුමනා නෙල්ලම්පිටිය මට මුලින් ම හමුවූ, 60 දසකයේ මැද භාගය වෙත යොමුවේ. ශ්‍රීලංකා විද්‍යාලයෙහි නිර්මාතෘ පූජ්‍ය බද්දේගම විමලවංශ මහනාහිමියන් ගේ අනුශාසකත්වයෙන්, පොදු සමාජ මෙහෙවරක් ඉටු කිරීමේ අභිලාෂයෙන් පිහිටුවා ගනු ලැබු ත්‍රී සිංහල ශිෂ්‍ය සංවිධානය නමින් ශිෂ්‍ය එකමුතුවක් විය. එවකට පාසල් දැරියක්ව සිටි සුමනා නෙල්ලම්පිටිය ,මට මුලින් ම හමුවන්නේ මෙම සංවිධානයේ ක්‍රියාකාරී ශිෂ්‍ය නියෝජ්‍යවරියක් ලෙසිනි. කොළඹ පාසල් ගණනාවක ශිෂ්‍ය නියෝජිතයින් ගෙන් සමන්විත මෙම සංවිධානයෙහි ප්‍රධාන සභාපතිවරයා ලෙසින් සංවිධානය මෙහෙයවනු ලැබුවේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි බුද්ධදාස බෝධිනායක මහතාය. සුමනා නෙල්ලම්පිටිය සහ කරුනා රාමනායක සම ලේකම් පදවි හෙබවූහ.සම භාණ්ඩාගාරික වරුන් වුයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මාය.

එම වකවානුවේ සුමණා , ත්‍රී සිංහල ශිෂ්‍ය සංවිධානයෙහි උද්යෝගීමත් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසින් අනුපම සමාජ මෙහෙවරක් ඉටු කිරීමට සිය පුර්ණ දායකත්වය ලබා දුන්නාය.. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය සායන, අධ්‍යාපන සම්මන්ත්‍රණ, පාරිසරික වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී සුමනාවන් ඉටුකළ මෙහෙවර සදානුස්මරනීයවේ.ඇය එවකට මහා රෝහලේ ගිලනුන්ට උවැටන් කිරීම පිණිස ක්‍රියාත්මකව පැවැති,ආරෝග්‍ය ශාලා සේවයෙහි සාමාජිකාවක ලෙසින් ද ඉටු කළ සමාජ මෙහෙවර ප්‍රශස්තය.

ඇය ජාතික ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් ලෙසින්ම පත්වීම ලබන්නේ 1967 වසරේදීය. සුමනාවන් ගේ භාවපූර්ණ කටහඬ පමණක් නොව,ඇය සතු වූ ආකර්ශනීය ,ප්‍රියමනාප රූ සපුව, ජාතික රූපවාහිනියට පිවිසීමට මංපෙත් හෙළි කළ සෙයකි. 1982 දී ඇය ජාතික රූපවාහිනීයේ නිවේදිකා තනතුරකින් අභිසෙස් ලබන්නීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam2

සම්ප්‍රදානයානුකූලව වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ රාමුවෙන් එපිට ගොස්, ජනතාවගේ සිතුම් පැතුම් මැනවින් හදුනා ගෙන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැඩහුරුව මාධ්‍ය ක්ෂේස්ත්රයට හදුන්වා දෙන්නට සුමනාවන් පුරෝගාමී වුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකා සුමනාවන් දිවි සැරියෙන් සමු ගනී - By Dr Gamini Kariyawasam2

සුමණා නෙල්ලම්පිටිය ,තම සමකාලීන නිවේදිකා දයා ද අල්විස්,සහ මෑතකදී අභාවප්‍රාප්ත සුමණා ජයතිලක සමග ,සම්මාන ලද අවස්තාවක්. (සේයා අනුග්‍රහය දේශය )

සුමණා සිය අතීතය ආවර්ජනය කළ මොහොතක් >

( අනුග්‍රහය YOUTUBE )

මෑතකදී පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් සුමනා නෙල්ලම්පිටිය ඉදිරිපත් කළ මෙම අදහස් සමුදාය,මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයින්ට අත්පොත් තැබීමට සුදුසු යැයි හැඟේ.

“ පළමුවෙන්ම උච්චාරණය, භාෂා ඥානය , පොතපත දැනුම, එදිනෙදා රටේ හා ලෝකයේ තොරතුරු පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. ඉස්සර අපි සම්මුඛ සාකච්ඡාවක් කරනකොට, ඒ සාකච්ඡාවට අදාළ සියලුම කරුණු කාරණා වලින් සන්නද්ධ වෙලා තමයි ඒ පුටුවේ වාඩි වෙන්නේ. සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන අමුත්තාට අමතක වුණ දෙයක් අවශ්‍ය වෙලාවට මතක් කරල නිවැරදි කරන්න අපි දැනුවත්ව ඉන්න ඕනේ.

දැනුම, පෙර සූදානම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මට හුඟක් වෙලාවට සිද්ධ වෙලා තියෙනවා

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Dr. Gamini Kariyawasam articlesFirst Sri Lankan TV news presenterSri Lanka broadcasting historySri Lankan female broadcastersSri Lankan media pioneersSri Lankan radio presentersSri Lankan TV historySri Lankan TV pioneersSri Lankan women in mediaSumana Nellampitiya 1967 careerSumana Nellampitiya biographySumana Nellampitiya funeralSumana Nellampitiya legacySumana Nellampitiya life journeySumana Nellampitiya obituarySumana Nellampitiya tributeSumana Nellampitiya TV newsTribute to Sumana Nellampitiya
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lanka cricket team lifting the series trophy Sri Lanka Squash India Comprehensively in Third ODI-by Madusha Balasuriya
Next Article International Chemistry Olympiad Ambassador of Sri Lanka to Saudi Arabia felicitates Award-Winning Students at the International Chemistry Olympiad – 2024
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The SLANSW Community Mentoring Network

The SLANSW Community Mentoring Network

Band & Kiara

The Brad & Kiara Show

HCA 1

HCA Newsletter

Bureau of Meteorology

Community Engagement Newsletter – 4 September 2026

Thomian Ball 2026 - eLanka

Thomian Ball 2026 – Another magnificent event proudly organised by STC OBA AUSTRALIA on their 175th Anniversary Celebrations.

Related News
Understanding Hindu Funerals
Articles

Understanding Hindu Funerals: Traditions, Rituals & the Final Journey – By Vin Govindan | Moksha Funerals – Specialist Hindu Funeral Director

Skipper's sensational spell puts Sri Lanka on course in the Asia Cup
Articles Trevine Rodrigo

A hat-trick and 7 for 5 puts Chamari Athapaththu in the record books against Indonesia. Skipper’s sensational spell puts Sri Lanka on course in the Asia Cup. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe

Fine Food Australia
Articles

Consulate General of Sri Lanka in Melbourne – Pleased to visit “Franklands Foods stall” @ Fine Food Australia

Articles

Consulate General of Sri Lanka, Melbourne facilitated the participation of “The Auburn”, an Australian wellness brand offering premium Alba-grade Ceylon Cinnamon @ Fine Food Australia 2026.

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.