Egoda Kelaniya Kithsirimevan Rajamaha Viharaya-by Gamini Kariyawasam


කැලණිය රජ මහා විහාරය ඓතිහාසික වටිනාකමක් සහිත පූජනීය ස්ථානයක් ලෙසින් බොදුනුවන් අතර ප්‍රකටය.එනමුදු කැළණි විහාරය අසළින් ගලා බස්නා කැළණි නදියේ එගොඩහ ගං තීරයේ පිහිටි කිත්සිරිමෙවන් කැළණි විහාරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව තොරතුරු ,කාලයේ වැල්ලෙන් වැසීගොස් ඇති සෙයක් හැඟීයයි. කැළණි රජ මහා විහාරය ඉදිරිපිට පාලමෙන් එතරවූ සැනින් ,පාරේ වම් පස ,කැළණි නදී තෙර දක්වා ව්‍යාප්ත බිම් තීරයෙහි මෙම පුජනීය ස්ථානය පිහිටියේය.
බුද්
මෙකී නාග ගෝත්‍රික දෙපිරිස සබැඳිව අදහස් දක්වන දීපවංස කතුවරයා ඔවුන් ඉතා බලසම්පන්න, මහත් ඍද්ධියෙන් යුක්ත පිරිසක් බව දක්වා ඇත. එසේම ක්ලේෂයන්ගෙන් ගහන වූ චණ්ඩ පරුෂ ගතිවලින් යුක්ත වූ ද්වේෂයෙන් අගතැන්පත් වූවන් ලෙස දක්වා ඇත. මහෝදර හා චූලෝදර දෙදෙනා යුද්ධයට එළඹෙන්නේ ද ඔවුනොවුන් තුළ පැවති අධික මානය නිසා බව දීපවංස කතුවරයා අවධාරණය කරයි.
ධර්ම දේශනාව අවසානයේ කලහය සන්සිදවීමෙන් අනතුරුව බුදුන් වහන්සේ කැලණි ගඟෙන් ස්නානය කළ බව සඳහනි. ස්නානය පිණිස උන්වහන්සේ පරිහරණය කළ නානකඩය හෙවත් ‘ජලසාටිකාව‘ නිධන් කොට මණිඅක්ඛික නා රජු කිත්සිරිමෙවන් කැලණිය රජමහා විහාරයේ දාගබ තැනවීය යන පුවත ජනප්‍රවාද ගතව පවතී.
Image Source:Amazinglanka
බුදුන්වහන්සේ පරිහරණය කළ නානකඩය හෙවත් ‘ජලසාටිකාව‘ නිධන් ගත මෙම දාගැබේ මල් පුදසුනට පහතින් , ස්ථුපයේ පාදමට සමීපව කුඩා කුටියක් දැකිය හැකිය.එම කුටියේ රන්මුවා පැහැයෙන් සුදිලෙන,ඉපැරණි කලාත්මක ලියවැලින් අලංකෘත බිත්ති හතර මධ්‍යයේ, රුවන්මය ශ්‍රීපාද පද්ම යුග්මය පිහිටියේය.

දාගැබේ මල් පුදසුන සහ යටින් දිස්වන ශ්‍රීපාද යුග්මය ස්ථාපිත කුටිය. නාග ගෝත්‍රික ලාංජනය ද මෙහි පසුබිමෙන් දිස්වේ
මෙම වෙහෙරට කිත්සිරිමෙවන් යන නාමය ව්‍යවහාර වන්නට වුයේ, අනුරාධපුරයේ රාජ්‍ය විචාළ කිත්සිරිමෙවන් ( 303- 331) රජු විසින්,තත් වෙහෙර පිළිසකර කරවූ හෙයින් බැව් පැවසේ. එනමුදු කිත්සිරිමෙවන් නාමය ,මෙම විහාරයට ව්‍යවහාර කිරීමට වෙනත් හේතුන් පාදකවූ බැව් අසන්නට ලැබේ. පොළොන්නරුවේ දෙවන ගජබාහු රජ දවස ( 1131–1153) දක්ඛිණ දේශය පාලනය කළ මානාභරණ කුමරුන්ගේ සහෝදර කීර්ති ශ්‍රී මේඝ මාහිමිපාණන් මේ විහාරය පිළිසකර කරවූ නිසා එම නම, මෙම වෙහෙරට භාවිතා වන්නටවූ ලැබුණු බවටද ජනප්‍රවාදයක් පවතී.
විල්ගම්මුල නාහිමියන් විසින් ක්‍රිස්තු වර්ෂ 1333 දී ස්ථාපිත කළ පුවරු ලිපියක ,ගම්පොළ යුගයේදී ජරාවාස ව පැවති දාගබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රකාරය අලගක්කෝණාර නම් අමාත්‍යවරයා තම අනුශාසනා පරිදි පිළිසකර කරවූ බැව් පැවසෙන

Image Source:Budusarana
පුවත පහත දැක්වෙන සෙල්ලිපියෙන් අනාවරණය කෙරේ.මෙම විහාර භූමියෙහි ඓතිහාසික වටිනාකම අනාවරණය කෙරෙන පැරණි සෙල්ලිපි සහ නෂ්ඨාවශේෂ කිහිපයක් අද දවසේ පවා දැකගත හැකිය.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, සිය දූත සැලලිහිණියාට කිත්සිරිමෙවන් වෙහෙරට ගොස් සිවුරු දාගබ වැඳ පුදා ගන්නා ලෙස,සැලලිහිණි සංදේශයේ මෙවන් කමනීය පද්‍යයකින් උපදෙස් දෙයි.කෝට්ටේ යුගයේදී , මෙම විහාරස්ථානය ජනතාව අතර බෙහෙවින් ම ගෞරවාදරයට පත්ව පැවැති බව එමගින් සනාතවේ.
“සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි “
ක්‍රි.ව. 1575 දී පෘතුගීසීන් විසින් මෙම පුදබිම සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. පසුව මහනුවර යුගයේදී වැලිවිට සරණංකර හිමියන් සහ ශ්‍රී රාහුල හිමියන්ගේ මැදිහත්වීමෙන් මෙය නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබිණි.
විහාරස්ථානයේ සජීවී රූප රාමු කිහිපයක්.>පසු කාලයේදී ඉදිකරන් ලද විහාර මන්දිරයේ පිහිටි හිඳි බුදු පිළිමය උඩරට සම්ප්‍රදායට අනුව නිර්මාණය කරන ලද්දකි. නෙළුම් මල් ගෙන බුදු පුදට යන රහත් හිමිවරුන්ගේ වර්ණවත් සිතුවම් පෙළක් බිත්තිවල ඇඳ ඇත.
Image Source:Buddhistplacesinsrilanka
විහාරස්ථ දාන ශාලාවේ , මෑත කාලයේදී නිර්මාණය කරන ලද ,යසෝදරා දේවියගේ ප්‍රතිමාව තුළින්, එම උත්තමාවියගේ කුලුණුබර ස්වරූපය කදිමට උද්දීපනය වේ .







