News & Community eLanka

eLanka

Friday, 21 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අසිරිමත් ලුම්බිණිය සහ කපිලවස්තුපුරයේ අනාරක්ෂිත අමිල බෞද්ධ -by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

අසිරිමත් ලුම්බිණිය සහ කපිලවස්තුපුරයේ අනාරක්ෂිත අමිල බෞද්ධ -by Gamini Kariyawasam

eLanka admin
Last updated: May 30, 2026 7:31 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 211

අසිරිමත් ලුම්බිණිය සහ කපිලවස්තුපුරයේ අනාරක්ෂිත අමිල බෞද්ධ -by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

Contents
  • අසිරිමත් ලුම්බිණිය සහ කපිලවස්තුපුරයේ අනාරක්ෂිත අමිල බෞද්ධ -by Gamini Kariyawasam
  • නටබුන්

elanka

Image Source:wikipedia

නටබුන්

මෙවරද වෙසක් මංගල්‍යය උදාවන්නේ, සිදුහත් කුමරුන් ජන්ම ලාභය ලද අසිරිමත් ලුම්බිනිය පිළිබඳව බැතිබර මතකය බොදුණු සිත් සතන්හි කුළුගන්වමිනි.
“…..ආනන්ද, ලුම්බිනිය තථාගතයන් ජනිත වූ ස්ථානයයි. එය සැදැහැතියන් විසින් දැකිය යුතු අනිත්‍ය ස්වභාවය පිළිබඳව සම්ප්‍රජානනය හා වටහා ගැනීම ඇති කර ගත යුතු ස්ථානයකි. මෙම ස්ථානය පැදකුණු කරන අයෙකු මරණින් මතු යහපත් ආත්ම භාවයක දෙව් ලොව උපත ලබනු ඇත….” –  මහා පරිනිර්වාණ සූත්‍රය
මෙනයින් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් පරිදි ගෞතම සිදුහත් කුමරු උපත ලද ලුම්බිනිය, බුද්ධත්වය ලද බුද්ධගයාව, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ඉසිපතනාරාමය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව බෞද්ධයින් විසින් දැකිය යුතු, පැදකුණු කළ යුතු අති පූජනීය ස්ථානයන්ය.

 යථෝක්ත බෞද්ධ කේන්ද්‍රස්ථාන අතුරින් බුදු උපත සිදු වූ නේපාලයෙහි ලුම්බිනිය බොදු ජනතාවගේ පමණක් නොව ඉතිහාසඥයින්ගේ සහ විද්වතුන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වූ, පරම පිවිතුරු පුද බිමකි. නේපාලනයේ දකුණු දිශාගතව සීවලින් කඳුකරය පාමුල ටෙරායි ප්‍රදේශයෙහි රුමෙන්දාහි පිහිටි සිදුහත් උපත සිදු වූ පිවිතුරු ලුම්බිනිය වෙත සැපත්වීම බොදුනුවෙකුට ලද හැකි පරම භාග්‍යයකි.

elanka

Image Source:Dailymirror

ලුම්බිණිය පිහිටියේ ,නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළෙහි සිට කිලෝ මීටර් හාරසීයක පමණ දුරිනි. එබැවින් ලුම්බිනිය ආසන්නයේ පිහිටි ගෞතම බුද්ධ ප්‍රාදේශීය ගුවන් තොටුපළට යා හැක්කේ කුඩා ප්‍රාදේශීය ගුවන් යානයකින් පමණි. ගොඩබිම් මාර්ගයෙන් ලුම්බිනිය වෙත ළඟාවීමේදී යා යුතුව ඇත්තේ හිමාලය පාමුල බෑවුම් ගංගා, මිටියාවත්, ඝන වනාන්තර පසු කරමිනි. ගිරි දුර්ග, ජල දුර්ග පසු කරමින් යායුතු වූ මෙම ගමන් මග අති දුෂ්කරය. එහෙත් මග දෙපස හරිත වන පරිසරය එහි වසන වන සතුන් හා සියොතුන්ගේ නින්නාදය ගමන පුරාවමට අප අවදියෙන් තබන සුළුය. හිමාලය ගිරි පවුරු මුදුනින් ඇදහැළෙනා දැවැන්ත හිම කැටි සහිත ගංගාවන් වෙතින් වහනය වන සිසිලස වන්දනාකරුවන්ගේ ගත තැවරෙන්නේ ඔවුන්ගේ සරතැස නිවාලමිනි.
අතිවන්දනීය වූ ලුම්බිනි පුදබිම වෙත සැබවින්ම පියමන් කර හද බැතියෙන් වන්දනා මාන කරන්නෙකුගේ මනස, මෙයින් සියවස් කිහිපයකට පෙර බුදු උපත සිදු වූ අතිශය හැඟුම්බර අවස්ථාව සිය මනසෙහි චිත්‍රණය වන ආකාරය අපට මෙසේ උපකල්පනය කළ හැකිය.
මනසින්, එදවස ඈත අතීතය කරා.

“ක්‍රිස්තු පූර්ව 563 හි පැහැබර දිනයකි. පෙරදිග අහසේ වෙසක් පසළොස්වක සඳ මෝදු වෙමින් පැවතිනි. කිඹුල්වත් පුර සිට මහ පෙරහරින් වඩනා පින්වත් මාතාවකි. ඕ මාමායාවෝය. මහා මායාවන් ගමන් විඩාව දුරකර ගැනීමේ රිසියෙන් ලුම්බිනි සාල වනයට පිවිසියාය. සිහිල් නිල් දිය පිස හැමූ සුළඟ ඇයගේ විඩාව නිවන්නට සමත් වූවා සේය. තුරු හිස් නෙක මලින් ගැවසිනි. මල් සුගන්ධයෙන් මහා මායා මාතාවන්ගේ සිත් තුළ පහළ වූයේ ප්‍රබෝධමත් සිතිවිල්ලකි. මලින් බරව තිබූ සල් අත්තකින් මලක් නෙළා ගැනීමට ඇය සිත ඇයට බළ කළේය. නිමේෂයකින් මහා මායා කුසින් සිදුහත් කුමරු උපත සිදු වූයේ දෙරණ සලිත කරළමිනි.

elanka

Image Source:Americanmonk

එසඳ සතර වරම් දෙව්වරු බෝසතුනට හිස නමා, “මහා මායාවනි, ඔබට භාග්‍යවත් පුතකු උපන, තුටුවනු මැනවැයි. තෙපුළහ….”

“අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ….
මම ලොවට අග වෙමි
මම මුළු ලොවට දෙටු වෙමි
මම ලොවට උතුම් වෙමි
මෙය අවසන් උපත වෙයි. මෙයින් මතු උපතක් නැත…..”

අශෝක නිරිඳුන් ගේ  ලුම්බිණි සම්ප්‍රාප්තිය.
සිදුහත් උපතින් පසුව ලෝකයාට ලුම්බිනිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ක්‍රි.පු. 249 න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජයා සිය රාජාභිෂේකයෙන් විසි වන වස ලුම්බිනියට පැමිණ පූජනීය අඩවිය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය.

අශෝක නිරිඳුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ විසින්  සිය ඍද්ධි බලය මෙහෙයවා සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිණි. අනතුරුව එම ස්ථානයෙහි ස්මාරක ස්ථම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පියවර ගත්තේය.ඒ ,මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි.

elanka

Image Source:Facebook

ලුම්බිනි සංකේතය ලෙස සැලකෙන මෙම ප්‍රකට ස්මාරකයෙහි මුදුන සතුරු උවදුරුවලින් කැඩී ගොසිනි. එහි වත්මන් උස අඩි 13 1/2 ක් පමණය. සෙල්ලිපියෙහි ‘හිඳ බුද ජානේ’ ශාක්‍ය මුණි මෙහි උපත ලැබීය යන වැකිය සඳහන්ය.
ධර්මාශෝක අධිරාජයාගේ ලුම්බිනි සම්ප්‍රාප්තියට අනතුරුව ලොවේ නන්දෙසින් විවිධ දේශ සංචාරකයින් මෙම පුදබිම වෙත පැමිණි බව ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි.
සෙංග් සායි (ක්‍රි.ව. 3 වන සියවස), ෆාහියන් (ක්‍රි.ව. 4 වන සියවස) හා හියුං සාංග් (ක්‍රි.ව. 6 වන සියවස) යන ප්‍රසිද්ධ චීන ජාතික දේශ සංචාරකයින් තිදෙනා විසින් ද ලුම්බිනිය නරඹා ඇත. ඒ අතරින් හියුං සාංගේ දේශාඨන වාර්තාවේ ලුම්බිනිය පිළිබඳව දීර්ඝ විස්තරයක් හමුවේ. සල් ගසේ අක් කොටස, චෛත්‍යයක්, අශෝක කුලුන, පුෂ්කරණ පොකුණ, තෙලර් ගංගාව හා ශීත හා උණුසුම් උල්පත්වල ප්‍රභව ස්ථාන ද ඔව්හු දැක ගත් බව සටහන්ව ඇත.

කත්මණ්ඩුහි මල්ල රාජධානියෙහි බටහිර නේපාල කර්ණාලිහි රිපු මල්ල රජු (ක්‍රි.ව. 1312) ලුම්බිනිය නරඹා අශෝක කුලුන මුදුනෙහි ‘ඕම්මණි පද්මෙ  හූම් රපු මල්ල චිරං ජයතු’ යනුවෙන් සිය පැමිණීම ගැන සනිටුහන් කළේය.

පුරාවිද්‍යා ගවේශනාත්මක අනාවරණයන්.

     කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් වන ගතව පැවති ලුම්බිනිය 1896 සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ එවකට පල්පාහි ආණ්ඩුකාර තැන වූ ජෙනරාල් බඩ්ගා ෂම්ෂර් හා බ්‍රිටිෂ් ඉන්දියා පුරාවිද්‍යා ගවේෂකයෙකු වන ආචාර්ය අැලෝයිස් ෆර්හර් යන විද්වතුන් දෙපළටය.

පුෂ්කර පොකුණ සහ අරාමයන්ගේ නටබුන්.

1956 දී මහේන්ද්‍ර රජතුමා ලුම්බිනිය වැඳපුදා ගැනීමට පැමිණීම, මෙම පූජා භූමියේ නවෝදයක් ඇති වීමට හේතුවක් විය. එතුමා එයින් ලුම්බිනිය සංවර්ධනය උදෙසා යෝජනාවක් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයට ඉදිරිපත් කළේය. 1967 අප්‍රේල් මාසයේ දී මෙම පුදබිමට පැමිණි එක්සත් ජාතික සංවිධානයේ මහ ලේකම් යූතාන්, ලුම්බිනිය සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර අනුග්‍රහය ලබා දීමට කටයුතු කළේය.
ඩෙවෙලා මිත්‍රා බාබු, ක්‍රිෂ්ණා රිජාල් ආදී පුරා විද්‍යාඥ ගවේෂකයින් රාශියක් ලුම්බිනිය පුදබිම කැණීම් කර වැළලී ගොස් තිබූ නටබුන් සොයා එය තහවුරු කිරීමට ක්‍රියා කළහ.
පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මයා දේවි ආරාමය, සම්බුදු උපතේ 2547 වන සංවත්සරය යෙදුණු 2003 මැයි මස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබිණි. එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුළ අශෝක ස්ථම්භයට සමාන්තරව පොළොවෙන් මතු කර ගන්නා ලද, පින්වත් කුමරු මව් කුසින් බිහි වන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය.

elanka

Image Source:Lankadeepa

මෙහි ආරක්ෂාව සඳහා  තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත.

1978 දී කොන්සෙන්ටැංගෝ ලුම්බිනි, මූලික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම ඇරඹිණි. එම සංවර්ධන සැලැස්මට අනුකූළව ලුම්බිනිය පූජා භූමිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන කලාප 3ට වෙන් කරනු ලැබිණි. ලුම්බිනි ග්‍රාමය, ආරාමික කලාපය හා පූජනීය උද්‍යානය වශයෙන් එම කලාප 3 නම් කෙරිණි. තෙලර් ගංගාව අසබඩ පිහිටි පූජනීය උද්‍යානයට අශෝක ස්ථම්භය මැදිකරගෙන මායා දේවි ආරාමය, පුෂ්කර පොකුණ හා ඒ අවට පිහිටි නටබුන් සහිත ප්‍රදේශය ඇතුළත්ය. පූජනීය උද්‍යාන වූ කලාපය හා ලුම්බිනි ග්‍රාමීය කලාපය මධ්‍යයේ ආරාමික කලාපය පිහිටියේය. විවිධ ජාතීන් ලුම්බිනිය වන්දනා කිරීමට පැමිණි විට ඔවුනට නවාතැන් ගැනීම හා තම රටට ආවේණික අන්දමින් ආරාම පිහිටුවා ගැනීම පිණිස බිම් කැබලි 41ක් වෙන්කර ඇත.  මෙහි නැගෙනහිර තීරුවෙහි පිහිටි බිම්කොටස් ථෙරවාදී ආරාම සඳහා ද, බටහිර තීරුව මහායාන ආරාම සඳහා ද වෙන් වී ඇත.
ථෙරවාදී ආරාම පිහිටි නැගෙනහිර තීරුවෙහි ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ මනරම් ශ්‍රී ලංකාරාමය පිහිටියේය.

ලුම්බිණි පුදබිම ස්ථාපිත ශ්‍රී ලංකාරාමය.

    ලුම්බිනියට සැපත් වන වන්දනාකරුවන්ට ලැගුම් ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමේ  දුෂ්කරතාව අවබෝධ කර ගත් දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිඳුන් විසින් දුටුගැමුණු වන්දනා නිකේතනය ඉදි කළ ද, කාලයාගේ ඇවෑමෙන් එම ගොඩනැගිල්ල කැඩී බිඳී වල් බිහිව පැවතිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත අබලන් ව පැවති දුටුගැමුණු වන්දනා නිකේතනය 2009 වසරේදී මැනවින් ප්‍රතිසංස්කරණයට බඳුන් විය. මෙය කාමර 40 කින්,  ශාලා කිහිපයකින්, ආපන ශාලාවකින් හා සදහම් පුස්තකාලයකින් සමන්විතය.

elanka

Image Source:aed

දුටුගැමුණු වන්දනා නිකේතනය

මෙමගින් ලුම්බිනිය පැදකුණු කිරීමට එහි සැපත් වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අභිනව ශ්‍රී ලංකාරාමය ද වන්දනා කර දුටුගැමුණු වන්දනා නිකේතනයෙහි ලැගුම් ගෙන විඩාව නිවා ගැනීමට අවස්ථාව සැලසේ.

කාලයේ  වැලිතලාවෙන් වැසී ගිය අනාරක්ෂිත  කපිලවස්තු පුර.
ලුම්බිනි වන්දනයෙන් අනතුරුව,ඒ  ආසන්නයේ පිහිටි  කපිලවස්තු පුර පිහිටි අතිශයින්ම වැදගත් ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දැක බලා වැඳපුදා ගැනීමට යාම ද අමතක කළ යුතු නොවේ. ඒ මන්ද යත් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි නිග්‍රෝධාරාමය, රාහුල කුමරුන් පැවිදි කළ කුටිය, බුදුන් වහන්සේ ගේ  පැන් පවස නිවාලු සරකුප ළිඳ ,  සිදුහත් කුමරුන් මහබිනික්මන කළ රජවාසල නැගෙනහිර ප්‍රකාරය ආශ්‍රිත බිහිදොර, සුදොවුන් මාළිගාවේ නටබුන්, සුදොවුන් නිරිඳුන්ගේ හා මහාමායා දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ දාගැබ් යුග්මය,ආදී බුදු සිරිත හා සබැඳි ස්මාරක රාශියක් කපිලවස්තු පුරවරයෙහි ජීවමානව දක්නට ලැබීමයි.

 බුදුන් වහන්සේ වැඩ සිටි් නිග්‍රෝධාරාමයේ කැටයම් විනාශයට පත්වෙමින් පවත්නා අයු

elanka

Image Source:Lankadeepa

The Remarkable Lumbini and the Priceless Yet Vulnerable Buddhist Heritage of Kapilavastu 09

බුදුන් වහන්සේ ගේ පැන් පවස නිවාලු සරකුප ළිඳ වල් බිහිව විනාශ මුඛයේ පවතින අයුරු.

The Remarkable Lumbini and the Priceless Yet Vulnerable Buddhist Heritage of Kapilavastu 10

elanka

elanka

Source:Inde

මහා මායා දේවියගේ සහ ශුද්ධෝදන රජුගේ භශ්මාවශේෂ තැන්පත් කළ ස්තූපයන්හි නටබුන්

elanka

Image Source:Nameastay

සිද්ධාර්ථ කුමරු මහා අබිනික්මන්  කළ බිහි දොර නටබුන්

    ලු‍ම්බිණිය මැනවින් සංරක්ෂණය කර තිබුණ ද, කපිල වස්තු පුරයෙහි පිහිටි බුදු සිරිපා පහස ලද ඉහත සඳහන් කළ ස්ථාන කිසිසේත් සංරක්ෂණය කර නොමැත. නීග්‍රෝධාරාමය ඇතුළු සම්බුදු පහස ලද අතිශයින්ම වටිනා සෙසු පුරා වස්තු, අව්වට සහ වැස්සට නිරාවරණයව විනාශ වෙමින් පවතින අයුරු අපට සියැසින් දැක බලා ගැනීමට හැකි විය.
එම පුරා වස්තු අවුරුදු දශකයක් වැනි සුළු කාලයකදී සහමුලින්ම විනාශ වී යාමට ඉඩ ඇති බැව් මෙහිදී සංවේගයෙන් සිහිපත් කළ යුතුව ඇත.      යථෝක්ත ඓතිහාසික ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් මැනවින් සංරක්ෂණය කිරීම ,ඉතා හදිසි ,ප්‍රමුඛත්වය දිය යුතු කාලීන  යුග අවශ්‍යතාවයකි.

මෙම කාර්ය භාරය සඳහා ශ්‍රීලංකාවේ ප්‍රධාන මැදිහත් වීම මත, යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහය සහිතව,ජපානය ප්‍රමුඛ සෙසු සියලුම බෞද්ධ රටවල් සම්බන්ධ කරගෙන,නිසි සංරක්ෂණ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීම ජාතික වගකීමකි. මෙම කාර්යයෙහිලා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳුන්ගේ කාරුණික මැදිහත්වීමේ කාලින අවශ්‍යතාව මෙහිදී සනිටුහන් කරනු රිසියෙමි.

නේපාලයේ ලේඛනාගාර ආශ්‍රිත තොරතුරු අධ්‍යනය කර,ලුම්බිණිය සහ ඒ ආශ්‍රිත නටබුන් සියැසින්  දැක,ඒවා ඡායාරූප ගත කරමින් ලද දැනුම මෙම ලිපිය සකස් කිරීමේදී ඉවහල් කර ගත් බැව් සැලකුව මැනවි.මෙම ගමන් වාර සංවිධානයෙන් අනුග්‍රහය ලබා දෙමින් සංචාරයට සහභාහි වූ  ,ලුම්බිණිය සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය අනුරාධ වික්‍රමසිංහ මහතා මෙන්ම,ඓතිහාසිකත් තොරතුරු එක් රැස් කර ගැනීමට සහාය වූ  සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා,මහාචාර්ය එච්.එම්.ඩී හේරත්  යන මහතුන් තෙපළ, මෙහිදී කෘතවෙදීත්වයෙන් යුතුව  සිහිපත් කරමි.

ලුම්බිණි සංචාරයන් සඳහා මා සමග එක් වූ, ප්‍රවීණ ගීත රචක, සුනිල් සරත් පෙරේරා මහතා, කපිලවස්තුපුර වන පියසේදී ,එහි අසිරිය  සටහන් කළ ගීතමය සංකල්පයකින් මෙම ලිපිය අවසන් කිරීමට සිත් විය.

නිදි ගත්විට මුළු නුවරු

සිරි  සිද්ධත් රජ කුමරු

අභිනික්මන්  කළ අයුරු

පෙන්වයි නටබුන් පව්රු

පසෙක පෙනේ  හිමව් කුළු

විසල්  සාල   වන      මඩුළු

ගලන   නදී   දිය       කඳුරු

කපිලවස්තු සිරි          මියුරු
ලුම්බිණිය පිලිබදව ගැඹුරින් ශාස්ත්‍රීය කරුණු හැදෑරීමට අපේක්ෂා කරන පාඨකයින්ට , “ලුම්බිණි වංශය” නම් වූ , පහතින් සංගෘහිත  කෙරෙන ග්‍රන්ථය පරිශීලනයෙන් විපුල පල ලද හැකිය.

මවිසින් ලියන ලද මෙම කෘතිය ,2018 වසරේ විශිෂ්ඨ තම ආගමික කෘතිය ලෙසින් අභිසෙස් ලැබීය.  >

ආචාර්ය ගාමිණී කාරියවසම්.

ලුම්බිණි වංශය – ගාමිණී කාරියවසම්




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:The Remarkable Lumbini and the Priceless Yet Vulnerable Buddhist Heritage of Kapilavastu
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Alex Pandian Tamil Movie Alex Pandian Tamil Movie
Next Article Hidden wealth in Puttalam Aruwakkalu limestone deposit By Arundathie Abeysinghe
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka most positively viewed South Asian country

Sri Lanka Emerges as South Asia’s Most Positively Viewed Country in New Pew Research Study

nanda malani

Nanda Malini: Sri Lanka Remembers a Golden Voice and an Enduring Musical Legacy

Proton enters Sri Lanka

Malaysian Auto Brand Proton Enters Sri Lanka’s Automotive Marke

Sathis Abeywickrama Flexo Avenger

Sri Lankan Printer Sathis Abeywickrama Honoured as a ‘Flexo Avenger’ at Flexo Summit Asia 2026

Blue Ocean Group Strengthens Sri Lanka’s Investment Landscape with Four BOI-Approved Developments 01

Blue Ocean Group Strengthens Sri Lanka’s Investment Landscape with Four BOI-Approved Developments

Related News
Lankans Around the World-eLanka
Articles Dr Harold Gunatillake

Lankans Around the World: Celebrating Sri Lankan Community in Sydney-by Harold Gunatillake

Kaleidoscope with Savithri Rodrigo-eLanka
Articles Savithri Rodrigo

Today – Casting the First Stone, the ultimate supper, space exploration and more!

Medicine safety ‘lost in translation’ for many Australians-eLanka
Articles

Medicine safety ‘lost in translation’ for many Australians

Get Ready Weekend 2025
Articles

MEDIA RELEASE: Residents urged to get bush fire ready this spring

Articles Dr. Gamini Kariyawasam

Nandaa Malani-by Gamini Kariyawasam

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.