News & Community eLanka

eLanka

Saturday, 26 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ මුල්ම පෙම්වතා: ලයනල් එදිරිසිංහ ශූරීන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ මුල්ම පෙම්වතා: ලයනල් එදිරිසිංහ ශූරීන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: May 22, 2025 2:45 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 88

ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ මුල්ම පෙම්වතා: ලයනල් එදිරිසිංහ ශූරීන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Lionel Edirisinghe

Image Source : famousfix.com

Lionel Edirisinghe

ඉන්දිරා  ගාන්ධි මැතිනිය යොවුන් වියේ.

ජාතියේ සංගීත අනන්‍යතාවය හැඩගැස්වීමේ සුවිසල් කාර්යභාරයකට උරදුන් අනුස්මරණීය චරිතයක් දැයෙන් සමු ගෙන ,මෙම මැයි 22 වන දිනට 27 වසක් සපිරේ.

ඒ අනුස්මරණීය චරිතය  ලයනල් එදිරිසිංහ ශූරීන්ය.

එතුමාගේ ආකර්ශනීය ජීවන චරිතය සහ දේශීය සංගීත පුනරුදය උදෙසා ලැබ  දුන් අනූපමේය දායකත්වය විමසා බැලීම මෙම ලිපියේ මූලික අභිප්‍රාය වේ.

ශ්‍රී ලාංකික යොවුන් සිසුවෙක් සහ ඉන්දීය ජාතික යොවුන් සිසුවියක අතර ඇති වූ ප්‍රේමණීය ඇසුරක්‌ මූර්තිමත් කෙරෙන සිදුවීම් දාමයකින් , ලයනල්    එදිරිසිංහ ශූරීන් අනුස්මරණය උදෙසා ලියැවෙන මෙම ලිපිය ආරම්භ කිරීම වඩාත් උචිත යැයි මට හැඟීණි.

lionel edirisinghe

lionel edirisinghe

ඉන්දිරා ගාන්ධි, ශාන්ති නිකේතනයේ ශිෂ්‍ය මානවිකාවියක ලෙසින්.

Image Source facebook

ශ්‍රී ලාංකික  මානවකයා,එවකට  විසි වන යොවුන් වියේ පසුවූ  ලයනල් එදිරිසිංහයන්ය.  භාරත සිසුවිය   පහලොස් හැවිරිදි  ඉංදිරා ප්‍රියදර්ශණී  නේරුය.ඇය  සංගීත  කොදෙව්වට පිවිසෙන්නේ  නර්තනය සහ සංගීතය හැදෑරීමේ අපේක්ෂාවෙනි.

ශ්‍රී ජවහර්ලාල් නේරු,සංගීතයට බෙහෙවින් ඇලුම් කළ දේශපාලන චරිතයක් විය.හෙතෙම    සිය දියණිය වූ ඉන්දිරාවන් ද සංගීත අධ්‍යයනය කෙරෙහි යොමු කරලන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින්, ඇයට ශාන්ති නිකේතනයට පිවිසීමේ අවස්ථාව උදා විය.

Lionel Edirisinghe

Image Source : news18

shanthi nikethanaya

ශාන්ති නිකේතනය.

බෙංගාලයේ  ශාන්ත පරිසරයක පිහිටි තාගෝර් ශුරීන්ගේ  ශාන්ති නිකේතනය,   උදා මුදු   රිවි කිරණ සිප ගනිමින් මැවූ චමත්කාරී සොදුරු දසුන්,යොවුන්  ශිෂ්‍ය මානවක මානවිකාවන්ගේ සිත් අතරට,ප්‍රේමණීය හැඟීම්, දළුලා වැඩෙන්නට අති සොඳුරු පසුබිමක් මතු කළ සෙයකි. ශාන්ති නිකේතනය හාත්පස ,උද්‍යානයේ සුපිපි  මල් සිප හැමූ මද පවන , ලයනල්, ඉන්දිරා  ශිෂ්‍ය මානවකයන් දෙපල වෙත ගෙනාවේ මහත්  සොම්නසකි.

ලයනල්, ඉන්දියාවේ සම්භාව්‍ය සංගීත  රාග තාල ආශ්‍රිතව ගැඹුරු අධ්‍යයනයක  නියැළෙමින්, තම මව්බිමේ සම්ප්‍රදායික සංගීතය  පෝෂණය සදහා එමගින් ලද හැකි ආභාෂය පිළීබදව පර්යේෂණයන් මෙහෙයවීය.

ඔහුගේ  දැක්ම වුයේ, සංගීතය සංස්කෘතීන් දෙකක් එකට බද්ධ කරන සවිමත් රැහැනක් ලෙසිනි.

ශාන්ති නිකේතන ආශ්‍රමය අසල,රුක් සෙවනක, නිසංසල සැදෑ යාමයක ලයනල් සිය සිතාරය වාදනය කරමින් සිටි නිමේෂයකි.  සිහින් ශිෂ්‍ය මානවිකාවියකගේ තියුණු  දෑස් මෙම වාදක මානවකයා වෙත යොමු වුයේ නිතැතිනි.

lionel edirisinghe

Image Source : gulfnews

සවන් පිනවන ඔහුගේ සංගීතයේ ආකස්මිකතාව , ඇය ඔහු වෙත සමීප කිරීමට හේතු වූවා විය හැකිය. සිතාර් වාදනය නිමා වන තුරා ,ඇය ගාන්ධර්වයා අසල රැඳී සිටියාය.ඇය  සිය මුදු කටහඬ අවදි කලේ ,ගාන්ධර්වයාගේ දෑගිලි,සිතාරයේ  තත් අතරින් ඉවතට ගත් මොහොතේය.

“ඔබේ  වාදනය මා සිත් මන්මත් කළා…” ඇය හින්දි බසින් තෙපළේ ,වාදකයා වෙත වඩාත්   සමීප වෙමිනි.

ලයනල් විශ්මයෙන්  හිස ඔසවා බැලීය.

ඇය සිනාසුණාය.

“මම ඉන්දිරා. ඉන්දිරා නේරු.”

ඔවුන් දෙදෙනාගේ මෙම මුල් හමුව ,ඉතා සමීප පෙම් සබදතාවයක ඇරඹුම වුවා සේ සැළකේ.

ඉන්දිරා, තාගෝර් කවීන්ද්‍රයාගේ  බෙංගාලි පද්‍ය   නිර්මාණයන් මිහිරි සරින් ගයද්දී, ලයනල් ගායනයට අනුගතව සිතාරයේ තත් සුසර කරමින් ඇයගේ අධ්‍යාත්මයට වඩ වඩා සමීප වීමට සමත් විය. ලයනල් වීණාව  වයද්දී,වෙණ නදට   පාද තබමින් ඇය රංගනයෙහි යෙදුණාය.

lionel edirisinghe

Image Source : facebook

ඔවුන් දෙදෙනා , ශාන්ති නිකේතනයේ  සංගීත සහ භාරතීය දර්ශනය පිළිබඳ  දේශනවලට  සහභාගිවීමට  පිය මැන්නේ,  දෑඟිලි බැඳගෙනය.

ලයනල් ඉන්දිරා ආදර අන්දරය

ඉන්දිරාගේ  පියාවූ  නේරු අග්‍රාමාත්‍ය වරයාගේ කොංග්‍රස් ව්‍යාපාරයේ කටයුතු ඇතුළු දේශපාලන ප්‍රවෘත්ති ඇතුළත් ලිපි දිල්ලියේ සිට නිතර ඉන්දිරා වෙත ලැබිණි.ඒඅතර ඉන්දිරාගේ මව කමලා කෞල් රෝගීව අසාධ්‍ය  තත්ත්වයට පත්ව ඇති බව සැළවේ.ඇය අධ්‍යාපන කටයුතු නතර කර, වහා භාරතය වෙත යාමට සුදානම්වේ.

ඔවුන් දෙදෙනා,ශාන්ති නිකේතනයේ නුග රුක් සෙවනේ  එක්ව සිටි අවසන් සැන්දෑවේ, ඉන්දිරා ලයනල්ට සටහන් පොතක් දුන් බව පැවසේ.එය අතට ගනිමින් එහි පිටු පෙරලූ ලයනල්ට ,එය අදහා  ගත නොහැකි විය.

පොතේ පිටු සියල්ල  හිස් ය. ඔහු ඒ බැව් ඇයට  පැවසීය.

“ඔබට මෙතෙක් මට   කියන්නට නොලැබුණු දේවලින් හිස් පිටු  පුරවා,   මා වෙත එවන්න…” ඇය මිමිණුවාය.

ඇය ශාන්ති නිකේතනයෙන් නික්ම ගොස් දින,සති, මාස,අවුරුදු ගණනාවක් ගෙවී ගියේය.ඉන්දීරා  සිය ප්‍රාණය හා සම මෑණියන් සුවපත් කරගැනීමට ගත්  වෙහෙස අපමණය. මව බරපතළ ලෙසම අසනීප වී සිටි බැවින් තමන්ට ඇයව දමා යෑමට නොහැකි වීමෙන්, ඇයට අකැමැත්තෙන් වුවත් ශාන්ති නිකේතනයට ආයුබෝවන් කීමට සිදුවූවාය.

ඒ අතරම  ඉන්දිරා වෙත , තම පියා නායකත්වය දුන් කොන්ග්‍රසයේ නායකත්වය පිරිනැමිණි.කෙටි කලකින් මහා භාරතයේ  අග්‍රාමාත්‍ය ධුරය ද ඇය වෙත හිමිවේ.එනමුදු,කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද , ඇය දුරකථනයෙන් සිය පෙම්වතා ඇමතුවාය.ලිපි මඟින් සිය හැඟුම්බර ආදරය ඔහු වෙත සමීප කළාය .

සිය පෙම්වතිය ගෙන්  තොර ශාන්ති නිකේතනයේ තවදුරටත් රැඳී සිටීමට ඔහුට සිත් එකඟ කරගැනීම අසීරු විය.තැවුලට පත් ලයනල් එදිරිසිංහ ශාන්ති නිකේතනයෙන් ඉවත්වී, උස්තාද් අලව්දීන් ඛාන් යටතේ සිතාර් වාදනය ඉගෙන ගැනීමට  යොමු විය.රවී ශංකර්ද එකල අලව්දින් ඛාන් යටතේ සිතාර වාදනය හදාරමින් සිටි බැව් වාර්තාවේ.

අනතුරුව ලයනල් ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත නිකේතනයෙන් ඉගෙනුම ලබා සංගීත විශාරද උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට වාර්තාවක් තැබීමට සමත් විය.

1953 ඔක්තෝම්බර් මාසයේදී එදිරිසිංහ රජයේ ලලිත කලා විද්‍යාලයේ (සංගීත) ආරම්භක විදුහල්පතිවරයා බවට පත් විය.

කල්ගත වීමේදී ඉන්දිරාට පාර්සි ජාතිකයකු වූ පෙරොස් ගාන්ධිගේ අත ගැනීමට සිදුවූවාය.අනතුරුව  ලයනල් එදිරිසිංහ ශුරීන් ද, සිය අතීත පෙම්වතිය අමතක කර , ශ්‍රී ලංකාවේ නාලිනී නැමැත්තියක සමග විවාහ ප්‍රාප්ත විය.

lional

ලයනල් එදිරිසිංහ ,ඉන්දිරා ගාන්ධි  ප්‍රේමය සඵල වුයේ නම් ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද දේශපාලන ඉරණම,වර්තමානයට වඩා බෙහෙවින්ම වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ පැවතිණි .

ඉන්දිරා ගාන්ධි ලංකාවේ සංචාරය සඳහා පැමිණි සෑම අවස්ථාවකදීම ඇය ලයනල් එදිරිසිංහ මුණ ගැසී අල්ලාප සල්ලාපයෙහි යෙදීමට කිසිවිටක අමතක නොකළාය.එසේම ඔහුගේ සෑම ඉන්දීය සංචාරයකදීම සියලු කටයුතු සම්පාදනය කිරීමට මැදිහත් වන ලෙස ලංකාවේ ඉන්දීය තානාපති කාර්‍යාලයට ඇය විසින් උපදෙස් ලබා දී තිබුනි.දුරකථනයෙන් කතා කර ඉන්දිරා ගාන්ධි ලයනල් එදිරිසිංහ ගෙන් එක ඉල්ලීමක් කළාය.ඒ සිය පවුල සමග සමග ඉන්දියාවේ පදිංචියට පැමිණෙන ලෙසත්,  සංගීතය පිළිබඳ ව ඉන්දීය රජයේ ඉහළ තනතුරක් තමන් විසින් ඔහුට පිරිනැමීමට සූදානම් බවත් ඇය පැවසුවා. නමුත් ලයනල් එදිරිසිංහ එම ඉල්ලීම සෑම අවස්ථාවකදීම මගහරියේ කිසියම් කලකිරීමක් නිසා විය හැකිය.

lional

ලයනල් එදිරිසිංහ යුවළ ඉන්ද්‍රා ගාන්ධි මැතිනිය සමග 

ශ්‍රී ලාංකික යුවතියක්  වූ නාලිනිය හා  විවාහයෙන් ඔවුන් දෙපළ   දරුවන් අට දෙනකුගේ සෙනෙහස ලැබීමට භාග්‍යමත් වූහ. ලයනල් එදිරිසිංහයන් සිත්හි භාරතය කෙරෙහි පැවැති ලෙන්ගතුකම කෙතෙක් ද යත්,ඔහු සිය  දරු කැළට,හින්දු ආභාෂය සහිත  නම් තැබීමට විශේෂ උනන්දුවක් දැක්විය. සර්ධා ප්‍රසාරණී, ඉන්දිරා,දුර්ගා,පුර්නිමා,තන්සෙන්අරවින්ද ( තන්සෙන් යනු  භාරතයේ සංගීත භාණ්ඩයකට ව්‍යවහාරිත  නමකි), මාධව ,ශිවේන්ද්‍ර, නාගාසෙන් යන එම දරුවන් අට දෙනාගේ නම්වලින් ඔහුගේ ලැදියාව මොනවට පැහැදිලි වේ. ලයනල් එදිරිසිංහ, තමාගේ දෙවන  දියනියට, ඉංදිරා ලෙස නම තබන්නේ,ඔහු හද පත්ලේ නොනැසී රැඳී  ඉංදිරාවන්  සිහිපත් වීමට බැව් සදහනි.              

ලයනල් එදිරිසිංහ ශුරීන් ජන්ම ලාභය ලබන්නේ  1913 ජනවාරි 17 වැනි දින ගාල්ලේදීය . ගඟබඩ සිංහයා යනුවෙන් එවකට ප්‍රකටව සිටි ගිල්බට් එදිරිසිංහ අතපත්තු ආරච්චි රාළහාමි  සහ අනුලා එළිසා යුවළගේ වැඩිමහල් පුතණුවන් ලෙසින්  උපත ලද ලයනල්, ගාල්ල ඕපාවල බෞද්ධ මිශ්‍ර පාසලින්  අධ්‍යාපනයේ අත්  පොත් තැබීය.උසස් අධ්‍යාපනය ලද්දේ  ගාල්ලේ රිච්මන්ඩ් හා මහින්ද යන විද්‍යාලයන්  වෙතිනි.හෙතෙම දීප්තිමත් ශිෂ්‍යයෙකු වූවා පමණක් නොව ක්‍රීඩා සහ මල්ලව පොර ඉසව්වලදී ඉමහත් දස්කම් දැක්වූ බව පැවසේ.

ලයනල් එදිරිසිංහ ශුරීන්ගේ දිවියේ වැදගත් අවස්ථා නිරූපිත රූප රාමු කිහිපයක්

1925 ගාල්ලේ මහින්ද විදුහලට සැපත් රවිද්‍රනාත් තාගෝර් පඬිතුමාගේ අහඹු හමුවීම, ජීවිතයේ ඔහු යා යුතු ඉසව්ව තීරණය කිරීමට පාදක විය. ලයනල් සිසුවාගේ සංගීත නිපුණතාව මැනවින් අවබෝධ කරගත් තාගෝර් පඬිතුමා,”ජන ගණ මන…”යන භාරතීය  ජාතික ගීය ගායනයට  මෙම ශිෂ්‍ය මානවකයා හුරු කරළී ය.

ද්විතීය පාසල්  යුගය නිමා කළ ලයනල් එදිරිසිහ තරුණයා වෙත ,1932 වසරේදී “සයිට්‍රස්”වතු යායේ සහකාර වතු අධිකාරී ධුරයේ රාජකාරි භාර ගැනීමට අවස්ථාවක් උදාවිය. මෙම තරුණයා ,ලද රැකියාව ප්‍රතික්ෂේප කළේ,වාණිජ ක්ෂේත්‍රයට වඩා, සංගීතය කෙරෙහි ඔහු තුළ වර්ධනය වෙමින් පැවැති නොමද  ඇල්ම නිසාය.

ලයනල් ,සංගීතය කෙරෙහි සිය සන්තානයෙහි ලියලමින් පැවති ලැදියාවන් සාර්ථක කර ගැනීම උදෙසා 1933 වසරේදී භාරත දේශය බලා පිටත් වුයේ ශාන්ති නිකේතනයට ඇතුළුවීම පිණිසය.

Lionel Edirisinghe

Image Source : wikimedia

ශාන්ති නිකේතනයේදී එතුමාට රවීන්ද්‍රනාත් තාගෝර්  පඬිතුමා සෙවනේ ශිල්ප හැදෑරීමේ අවස්ථාව උදා විය.කෙටි කාලයක් ඇතුළත හින්දි භාෂාව චතුර ලෙසින්  හසුරුවන්නට සමත් වු මොහු අඳින්න පළඳින්න හුරු වූයේ ද ඉන්දියානු සංස්කෘතියට අනුකූලවය.

ලයනල් එදිරිසිංහ ශුරීන් භාරතයේදී ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයක් සජීවී ලෙසින්.

ප්‍රායෝගික හින්දුස්තානි සංගීතයක් ලංකාවේ ප්‍රචලිත වුයේ එදිරිසිංහ මහතාගේ ඉමහත්  පරිශ්‍රමයේ ප්‍රතිඵලයක්  වශයෙනි. එදිරිසිංහ මහතා රජයේ ලලිත කළා ආයතනයේ ,පළමු විදුහල්පතිවරයා ලෙසින්,එහි ශිෂ්‍ය පරම්පරාවට සංගීතය පිළිබඳ පුළුල් දැනුම් සම්භාරයක් ලබාදීම පිණිස අමරණීය සේවාවත් ඉටු කළේය. භාරතයට ගොස් සංගීතය වැඩිදුර හැදෑරීම පිණිස ලාංකික සිසුන් දැනුවත් කර ඔවුනට ඒ අවස්ථාවන් උදා කර දෙන්නට උත්සුක වූ පුද්ගලයෙක් ලෙසින් ද ගෞරවයට පාත්‍රවේ . 

හෙතෙම  පෞද්ගලිකවම තම නිවසේ පවා සිසුන්ට නවාතැන් පහසුකම් ලබාදෙම්න් ඔවුන්ට අධ්‍යාපනය ලබා දී දේශයට, දේශය අනන්‍යතාව ප්‍රකට කළ හැකි සංගීතඥයන් හා ශිල්පීන් බිහිකර දෙන්නට පුරෝගාමීව කටයුතු කල අයෙකි. 

බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ උත්සවයක් සඳහා සාමාජිකයින් 40 කින් පමණ යුත් වාද්‍ය වෘන්දයක් පුහුණු කර ඉදිරිපත් කල එදිරිසිංහ මහතා උත්තර භාරතයේ හින්දුස්තානි සංගීතය විධිමත්ව මෙරට ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන නියමුවෙකු ලෙස කටයුතු කර ඇත. 

1948 පෙබරවාරි මස 04 වන දීන එළැඹි ප්‍රථම නිදහස් දින උත්සවයේ දී ගායනා වූයේ“ ලංකා මාතා පාලා යස මහිමා ජය” යන ජාතික ගීතයයි.වර්තමානයේ භාවිත  ජාතික ගීය ඒ වන විට නිර්මාණය වී නොතිබිණි.පී.බී. ඉලංගසිංහ මහතා විසින් රචනා කළ, එම ගීතයට,දේශාභිමානය ඉස්මතු කරන සුළු තනුවකින් රසාලිප්ත කිරීමේ ගෞරවය හිමි වන්නේ ද  ලයනල් එදිරිසිංහ ශුරීන්  වෙතය.

lional

රතන්ජන්කර් පඬිතුමා සමඟ එදිරිසිහ  යුවළ සහ,ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනෙක්

ඔහු 1984 වසරේ  හදවත් රෝගියෙකු ලෙසින් ප්‍රතිකාර ගැනීම පිණිස රෝහල් ගත විය.ඉන්දිරා ගාන්ධි මැතිනිය තම ප්‍රථම පෙම්වතා වෙත ,මල් කළඹක් එවමින් ඉක්මන් සුවය පැතීමට තරම්  කෘතවේදී වූවාය.වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉංදියාවට පැමිණෙන ලෙස ද  ඇය, සිය ප්‍රථම පෙම්වතාට  ආරාධනා කරනු ලැබුවාය. 

හදවත් රෝගය උත්සන්න වීමෙන්, 1988 මැයි22 වන දින ආචාර්ය ලයනල් එදිරිසිහ ශූරීන් අභාවප්‍රාප්ත විය.එතුමා මිය  යාමට සිවු වසරකට පෙර ,එනම් 1984 වසරේ ඔක්තෝබර් මස 31දින ඉන්දිරා ගාන්ධි මැතිනිය වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී අවසන් හුස්ම හෙළුවාය.ඉන්දිරා ගාන්ධි මැතිනිය භාවප්‍රාප්ත වූ පුවත,කාලයක්  දැඩි රෝගී තත්ත්වයෙන් පසු වූ ලයනල් එදිරිසිංහයන්ට නොදන්වා සිටීමට පවුලේ පිරිස වගබලා ගත්හ.

 

lional

ලයනල් එදිරිසිංහ මැතිනිය සහ ඇයගේ බෑණනුවන් නිමලසිරි කුරේ.ඔහු ජාතික ගුවන්විදුලියේ සේවය කළ ප්‍රවීන සිතාර් වාදන ශිල්පියෙකි.

මෙම ලිපිය සැකසීමේදී ,දුර්ලභ තොරතුරු සහ චායා රූප රාශියක්  ලබා දුන් ලයනල් එදිරිසිහ ශුරීන්ගේ බාල පුත් නාගාසෙන් එදිරිසිංහ  සහ  නිමලසිරි කුරේ යන මහතුන් දෙපළට මගේ නොමද කෘතවේදීත්වය හිමිවේ.

  ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ඉන්දිරා ගාන්ධිලයනල් එදිරිසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article REVISED OBIT OF HAMID MOULANA DEMISE OF HAMID MOULANA FORMERLY OF COMMERCIAL COMPANY LTD DEARLY BELOVED SPOUSE OF SITHY KUREISHA MOULANA REVISED OBIT OF HAMID MOULANA DEMISE OF HAMID MOULANA FORMERLY OF COMMERCIAL COMPANY LTD DEARLY BELOVED SPOUSE OF SITHY KUREISHA MOULANA
Next Article IS IT APPROPRIATE TO USE RICE AS FEEDSTOCK FOR ETHANOL PRODUCTION IN INDIA - By N.S.Venkataraman IS IT APPROPRIATE TO USE RICE AS FEEDSTOCK FOR ETHANOL PRODUCTION IN INDIA – By N.S.Venkataraman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

A Tribute to a Prince – September 25 2026 Marks the Third Month of the Demise of Glen Hillery Ragell – by Perry (Canada)

HCA Newsletter

England v Sri Lanka

Watch Sri Lanka vs England ODi highlights – September 2026

Sri Lanka Customs to enter paperless era from October 1-by Chaturanga Pradeep Samarawickrama

Sri Lanka targets stronger position in global supply chains

Sri Lanka targets stronger position in global supply chains

Related News
Thousand Little Journeys-by Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Eighty Years, and a Thousand Little Journeys-by Harold Gunatillake

Articles Dr Harold Gunatillake

KOOL: The Northern Soul in a cosy bowl of soup!-by Harold Gunatillake

The Brad & Kiara Show
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

Let’s Flee Beyond feels Good Enough With Regional Beta Paradox-by Nisal Rukshan
Articles Nisal Rukshan

Let’s Flee Beyond feels “Good Enough” With Regional Beta Paradox-by Nisal Rukshan

Articles Dr Harold Gunatillake

Welcoming the World to Colombo-by Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.