News & Community eLanka

eLanka

Sunday, 7 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: July 26, 2023 7:03 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 15

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්

Gamini Kariyawasam - elanka

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්

මුළු මහත් පරිසරය වසා බිම් කරුවල පැතිරෙමින් පැවැති නිමේෂයකි. ගං තෙර, තරමක් උස බිම්පෙ තක,මා   අහස වෙත  දෙනෙත් රඳවා සිටියේ කිසියම් කුසීත හැඟීමකිනි.  නදී  තොමෝ මොහොතින් මොහොත,නෙතට හසු නොවන  සෙයින්  වෙනස් වෙමින් ,ඉදිරියට ගලා යනු දිස්වේ.

 එම අපූර්වතම දසුන  ,කාලය අපට නොදැනීම,අප වියපත් කරමින් ඈතින් ඈතට ගලා යන සදාතනික සත්‍යතාව පසක් කරවන සුළු විය . 

“කොළොම්තොට නැත මහලු වී  
අවන්හල නැත පැරැණි වී  
එදා හඳමයි අදත් යෞවනයේ  
එහෙත් අප දෙන්නා  
බලන් කැඩපත සොඳුරියේ – පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා  
පෙරුම් පුරමින් හමුවෙලා – උනුන් රහසින් බැන්ද ආදර පෙම්  
බලන් කැඩපත සොඳුරියේ – කුමන අරුමද  
නර කෙසක් නැගිලා…” ( පහත දැක්වෙන උපුටනය Click කිරීමෙන් ,ඔබට මෙම ගීතය ශ්‍රවණය කල හැකිය.)

එම මොහොතේ ,නිහඬ නිසල පරිසරයේ ශෝකාකූලතාවය අර්ථවත් ලෙසින් තීව්‍ර කරවන තත් ගී පදවැල ,මගේ මතකයට නැගිණි. කාලය විසින් අනුකම්පා විරහිතව මිනිස් දිවිපෙවෙත ශෝචනීය විප්‍රයෝගයකට බඳුන් කර ඇත. එම විප්‍රයෝගය සජීවිමත් කරන්නට ලූෂන් බුලත්සිංහලයන් පබැඳූ ගී පදවැල්, අමරදේවයන් ගයන්නේ මිනිස් හදවත ගැඹුරෙහිම ස්පර්ශ වනසුළු පිරිපුන් ශබ්ද මාධූර්යයකිනි. මනසෙහි විචිත්‍රවත්වූ තත් ගීතය මා හදවත්හී  ජනනනය කළේ වදනින් දැක්විය නොහැකි තරම් වූ සියුම් කම්පනයකි. ඒ මන්දයත් අප ද ගීතයෙන් ද්වනිත වන වියපත් පෙම්වතාගේ සමකාලීන වියේ පසුවන්නන් වීම නිසා විය යුතු යැයි හැඟේ. කාලය අප ජීවිතය කෙරෙහි කෙතරම් අති ප්‍රබල, එහෙත් අපට නොදැනෙන ලෙසින් බලපෑමක නිමග්නව සිටී ද?  

මැදි විය පියමන් කරන ඕනෑම අයෙක් නෙතග, කැඩපත හමුවේ කඳුළක් සුසුමක් නොනැගෙන්නේ නම් එය මහත්ම අරුමයකි. ඇහි බැමෙහි මෙන්ම හිස කෙස්හි මුල් තැනින් තැන රිදී පැහැය ලැගුම්ගෙ නය. පිරී පැවැති දෙකොපුල් වළ ගැසීමේ ප්‍රයත්නයකට සූදානමක් දිසෙයි. මුහුණත ඉරි තැලුණු විලසින් සියුම් රැලි එක දෙක මතුවෙමින් පවතී. මුවෙහි පෙර පැවැති සජීවිමත් ප්‍රබෝධවත් සෙයියාව, ඔබටත් හොරා ගිලිහී ගොසිනි. කාලය කෙතරම් නපුරුදැයි ඔබ ඔබේම ඇතුළු හදින් විමසන්නට ඇතුවා නිසැක.   

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්

“කොළොම්තොට නැත මහලු වී  
අවන්හල නැත පැරැණි වී  
එදා හඳමයි අදත් යෞවනයේ  
එහෙත් අප දෙන්නා…” 

නිතර නෙත ගැටි කොළොම්පුර – සුපුරුදු අවන්හල වන් භෞතික වස්තූන්ට වඩා මිනිස් දිවිය කෙරෙහි කාලය කෙතරම් ප්‍රබල ලෙස සිය ආධිපත්‍යය පතුරුවා ඇද්ද? 

 අහම්බෙන්  මනසෙහි වැකුණු අමරදේවයන්ගේ එම ගීතයෙන් මූර්තිමත් වූ කාලයේ අරුමය, කාලයේ ස්වරූපය කෙරෙහි විමංශනයක නියැළෙන්නට නිරායාශයෙන් මසිත මා මෙහෙයවීය. මෙම ලිපිය පෙළගැසුණේ එහි පලයක් ලෙසිනි.   

කාලය යනු අනුක්‍රමයෙන් සිදුවෙමින් පවතින අඛණ්ඩ ක්‍රියාදාමයකි. අතීතය, වර්තමානය සහ අනාගතය, කාලය පිළිබඳ මූලික ඒකකයන් සේ සැලකේ. ගහ කොළ, ඇළ දොළ, කඳු මිටියාවත් ආදී සමස්ත පරිසර පද්ධතිය මෙන්ම සතා සිවුපාවාවන් මිනිමත ජීවී අජීවී සෑම වස්තුවක්ම කාලයේ මෙහෙයුමට නතුය. කාලය යන වදන පවා අප අපගේ එදිනෙදා ජීවිතයේදී නිරන්තරයෙන්ම බහුල වශයෙන් භාවිත කෙරෙන වදනක් බවට පත්ව ඇත. මෙහිදී අප දෛනික දිවි පෙවෙත කෙරෙහි කාලය කිනම් අයුරකින් බලපාන්නේ ද යන්න විමසුමට බඳුන් කිරීම වැදගති. මව් කුස කලලයක්ලෙ සින් ප්‍රතිසන්ධිය ලබන මිනිසා එවක් පටන් මරණය දක්වාම කාලීනව වෙනස් වෙමින් ක්‍රමිකව පරිණාමය වන බව සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයේ පෙන්වා දී තිබේ.   බුදු දහමට අනුව විසුද්ධිමග්ගයෙහි මිනිස් දිවි පෙවෙත දශක දහයක කාල අදියරයන්ට වෙන් කර දක්වා ඇත.   

01. මන්ද දසකය – අවුරුදු 01 සිට 10 අතර කාලය – බොළඳ දරුවකු ලෙස ක්‍රියා කරයි. 
02. ක්‍රීඩා දසකය – අවුරුදු 11 සිට 20 අතර කාලය – ක්‍රීඩාවට නැඹුරු වෙයි. 
03. වණ්ණ දසකය – 21 සිට 30 අතර කාලය – කායික වර්ණය පිළිබඳ සැලකිලිමත් වෙයි.  
04. බල දසකය – 31 සිට 40 අතර කාලය – ශාරීරික වශයෙන් ශක්තිමත් වෙයි. 
05. පඤ්ඤා දසකය – 41 සිට 50 අතර කාලය – සෑම දෙයක් පිළිබඳවම ප්‍රඥාවෙන් ක්‍රියා කරයි. 
06. හායන දසකය – 51 සිට 60 අතර කාලය – කායික පරිහානිය ආරම්භ වෙයි. 
07. පබ්භාර දසකය – 61 සිට 70 අතර කාලය – කය ඉදිරියට නැමෙයි. 
08. පවංක දසකය – 71 සිට 80 දක්වා කාලය – කය වක් වෙයි. 
09. මෝමූහ දසකය – 81 සිට 90 අතර කාලය – සිහි කල්පනාව අඩු වෙයි. 
10. සයන දසකය – 91 සිට 100 අතර කාලය – වැඩි කාලයක් නිදි යහනෙහි ගත කරයි. 

මෙම වර්ගීකරණයන්ට අනුව අපට නොදැනීම අපේ දිවිය වෙනස් කිරීම පිණිස කාලය නිරුත්සාහයෙන්ම දක්වා ඇත්තේ සිතිය නොහැකි, ඇදහිය නොහැකි අති සියුම් මෙහෙයුමකි. අදෘශ්‍යමාන ක්‍රියාන්විතයකි. 

බල දශකය ලෙසින් සැලකෙන යොවුන් වියේ පසු වූ අයියා, අක්කා ලෙසින් ඇමතුම් ලද පුද්ගලයන් පඤ්ඤා දශකයේදී හැඳින්වෙන්නේ මාමා, නැන්දා ලෙසිණි. ජීවිතයේ ‘ප්‍රඤ්ඤා දශකය’ එළඹෙනුයේ නැන්දලා මාමලා ආච්චිලා සීයලා බවට පත් කරවමිනි. මෙනයින් කාලයේ ක්‍රියාකාරීත්වය දිවි පෙවෙතට සමීප කරන්නේ ශෝකාන්තයකි.  

කාලය පිළිබඳව නිවැරැදිව නිර්වචනයක් සොයා ගැනීම අපහසු වේ. ආගම්, දර්ශනය, විද්‍යාව සහ කලාවන් කාලය පිළිබඳව විවිධ අර්ථකථන දක්වති. දාර්ශනිකයන් කාලය දුටුවේ සදාකාලික අඛණ්ඩ සිද්ධිදාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරැවිය නොහැකි සිදුවීම් සහිත සිද්ධිදාමයක් ලෙසිනි. ඈත පුරාණයේ තේරුම්ගත නොහෙන කාලයට දේවත්වය ආරෝපණය කළ සෙයක් ද දැකිය හැකිය. පැරැණි ඉන්දියාවේ කාලි දෙවඟන කාලයට අධිපති දේවතාවිය ලෙසින් ගරුත්වයට පාත්‍ර වූවාය. ග්‍රීක ජාතිකයන් අයෝන් දෙවඟන ද රෝමන්වරු ජානුස්, ඊජිප්තුවේ කොහොත්සු, ජපානයේ සෙල්ඩා යන දේව පිරිස කාලයට අධිපති දෙවිවරුන් සේ සලකා පැරැන්නන්ගෙන් පූජෝපහාර ලදහ.  

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්ඉන්දියාවේ කාලි දෙවඟන කාලයට අධිපති දේවතාවිය ලෙසින් පුදනු ලැබිණි.

කාලය පිළිබඳව විද්‍යාත්මක අර්ථකථනයට අනුව, කාලය යනු සිදුවීම්වල ප්‍රගතිය මැනීමකි. අතීතයේ සිට වර්තමානය දක්වා සිදුවීම්වල ප්‍රගතිය ලෙසින් භෞතික විද්‍යාඥයින් විසින් කාලය තීරණය කරනු ලැබේ. කාලය අපට දැකිය නොහැකි නමුත් එමගින් සිදුකර ඇති වෙනස්කම් පියවි ඇසට දුට හැකිය.  ස්පර්ශ කළ නොහැකි නමුත් අපට එය මැනගත හැකිය.  

කාලයෙහි ඊතලය යනු කාලය අතීතයේ සිට වෙනත් දිශාවට නොව අනාගතය කරා ගමන් කරයි. කාලය ආපසු හැරැවිය නොහැකි වන්නේ මන්ද? එය විද්‍යාව හමුවේ පවත්නා විශාලතම නොවිසඳුණු ප්‍රශ්නයකි.  1905 වසරේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳව වූ මූලධර්මය ලොවට හෙළි කළේය. ඒ අනුව කාලය හා අවකාශය අත්‍යන්තයෙන් ම  එකිනෙකා හා බැඳී පවතී. අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවැතිය නොහැකිය. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම ත්‍රිවිධ මානයන්ය. කාලය සිව්වැනි මානය සේ සැලකේ. මෙයින් ප්‍රථම ත්‍රී මානය හරහාම මිනිසාට ගමන් කළ හැකිය. එනමුදු සිව්වන මානය වන කාලය හරහා මිනිසාට ගමන් කළ නොහේ. ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයකින් ගමන් කිරීමෙන් කාලය ගතවීමේ වේගය, පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් පෙන්වා දුන්නේය. අපට එම ප්‍රකාශය වඩා සරල උදාහරණයකින් අවබෝධ කරගැනීම පහසු වනු ඇත. වයස අවුරුදු 25ක තරුණයෙක් ආලෝකයේ වේගය ඉක්මවන වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක සඳ තරණය ආරම්භ කළේ යැයි උපකල්පනය කරමු. ඔහු අතෙහි රැඳි අත් ඔරලෝසුව භාවිතයෙන් කාලය නිරීක්ෂණය කරමින් ඔහු නිශ්චිතව වසර 5කට පසුව නැවතත් පෘථිවිය වෙත පා තබයි. එවිට ඔහුගේ වයස අවුරුදු 30ක් වන අතර ඔහු ගමන් ආරම්භ රකන විට ඔහුගේ සම වයසේ සිටියකු ඔහු නැවත පෘථිවියට පැමිණෙන විට ඉතා වයෝවෘද්ධ පුද්ගලයකු බවට පත්ව හෝ ඔහු මියගොස් පරම්පරා ගණනාවක්ග තවී තිබෙන්නට ද පුළුවන. සිද්ධාන්තයක් ලෙස මෙය පිළිගනු ලැබුව ද මසින් ලෙයින් සැදි මිනිසකුට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බව වරක් අයින්ස්ටයින් විසින්ම ප්‍රකාශ කර තිබිණි.  

මෙහිදී බුදු සමයෙහි දිව්‍ය ලෝකයන්හි එක දවස, මිනිස් ලොව වසර ගණනාවකට සම බවට දක්වා ඇති තොරතුරු නිතැතින්ම සිහිපත් වේ.  

බුදු රජාණන්වහන්සේ මජ්ජිමනිකායේ ධනඤජානි සූත්‍රයෙහි දේශනා කර ඇති පරිදි ප්‍රධාන දිව්‍ය ලෝක හයකි. චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරති හා පරනිම්මිත වසවර්තිය ඒ දිව්‍ය ලෝක හය සේ සැලකේ. එහි විස්තර කෙරෙන පරිදි අඩුම ආයුෂ පවත්නේ චාතුර්මහාරාජිකයේය. මනුෂ්‍ය ලෝකයේ අවුරුද්ද චාතුර්මහාරාජිකයේ අවුරුදු අනූ ලක්ෂයකට සම වේ.  

ඊජිප්තුවේ කාලයට අධිපති දෙවගන  කොහොත්සු 

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්

කොන්ටම් විද්‍යාවේ සඳහන්, අවකාශ-කාල තත්ව ද්විත්වය සම්බන්ධ කරන උමං සේ සැලකෙන කළු කුහර ඔස්සේ ද කාලය හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී.

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්

කාලය මනින පැය, දින, සති, මාස ක්‍රමය හඳුන්වාදීමේ ගෞරවය බැබිලෝනියානු ජාතිකයන්ට හිමි වේ. තාරකා විද්‍යා දැනුම උපයෝගි කරගනිමින් බැබිලෝනියන්වරු ග්‍රහලෝකවල නමින් සඳු, අඟහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු, ශනි ආදී වශයෙන් දින නම් කිරීමට පෙලඹුණහ. ඔවුහු චන්ද්‍රයාට මුල් තැනක් දුන්හ. ඔවුන්ගේ වර්ෂය දින තිහක චන්ද්‍ර මාස දොළහකින් යුත් දින 360කින් සමන්විත විය. සහස්‍ර ගණනාවක් තිස්සේ මිනිසුන් විවිධාකාරයෙන් කාලය මැන ඇත. සූර්යාලෝක පෑ තැටිය, සූර්යයාගේ චලනයන් නිරීක්‍ෂණය කිරීම, ජල ඔරලෝසු භාවිතය, ඉටිපන්දම් ඔරලෝසු සහ පැය කණ්ණාඩි ඒ අතර වේ.  

කාලයෙහි යථාර්ථය

කාලය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී නිරීක්‍ෂණය වන්නේ අතීතය සහ අනාගතය යනු වර්තමානයෙහි දෘශ්‍යමාන නොවන හුදෙක් අපගේ මනසෙහි නර්මාණිත හුදු පරිකල්පනයක් පමණක් බවය. මේ මොහොතේ අප හමුවට සමීප වූ වර්තමානය සුළු විරාමයකින් අප අභිමුවෙන් ඉවත්වන්නේ අතීතය යන ලේබලය හිමි කරගනිමිනි. අපේක්‍ෂිත අනාගතය අප හමුවට එළැඹෙන්නේ වර්තමානය නමැති ලේබලය ද සහිතවය.

අතීතය මිගොසිනි. අනාගතය එළැඹී නොමැත. අතීතය යනු හුදෙක් මතකයන් එක්රැස් කිරීමක් වන අතර එම මතකයන් මත පදනම්ව අප අපගේ අනාගතය සැලසුම් කරගැනීම වැදගත් වේ. අතීතය නොමැතිව අනාගතය පුරෝකථනය කළ නොහැකි බව ද අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය.

වර්තමානය නොහොත් දැන්, එළැඹී සැනින් නිසි කාල කළමනාකරණයෙන් යුතුව තම දෛනික කටයුතු ඉටුකරගැනීමට වග බලා ගැනීම අතිශයින්ම වැදගත් වේ. එසේ නොවුණහොත් වර්තමානය ඔබ අතැර අතීතය කරා පියඹා යනු නිසැකය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී හිඳ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අමතා අන්තිමටම කළ පහත දැක්වෙන අවවාදයෙන් ද ගම්‍ය වන්නේ ලොව සියල්ල නැසෙන ස්වභාවයෙන්ම යුක්ත බැවින් ප්‍රමාදයෙන් තොරව (කාලයට අපතේ යා නොදී) සියලු කෘත්‍යයන් සම්පාදනය කරගැනීම අත්‍යවශ්‍ය බවය

“හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” කාලය වැදගත් සමාජීය වැදගත්කමකින් මෙන්ම ඉහළ ආර්ථිකමය වටිනාකමකින් යුක්තය. කාලය රන් හා සමානය යන පොදු විශ්වාසය තුළින්ම එය සනාථ වේ.

එනමුදු මිනිස් ජීවනය ලුහුබඳින කාලය මිනිස් සිතට සන්තාපය, දෙනෙත් අගට කඳුළු, හදවතට සුසුම ඉකිබිඳුම් නිරායාසයෙන්ම උරුම කරනු නිරීක්ෂණය වේ. කාලයේ එම අනුකම්පා විරහිත ස්වරූපය සියුම් ලෙස කුළුගන්වමින් සමන්ත හේරත් නිර්මාණය කළ, භාව පූර්ණ පද ලාලිත්‍යය අමරසිරි පීරිස්ස හෘද හදවත ප්‍රකම්පනය කරවමින් ගැයූ අසිරිය ඔබ මතකයට සමීප කරවමින් කාලය තේමා කරගත්මෙ ම ලිපිය අවසන් කිරීම යෝග්‍ය වෙතැයි මම අදහස් කළෙමි.  

“දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන 
රැකගත් ආලය උදුරාගෙන ගිය 
කාලය කොතරම්… 
නපුරුද සොඳුරිය… 
පෙරුම් පුරා දුක සේ ගළපාගත් 
කවිය ඔබම වී නැළවුණු යුගයක 
හද රැඳි ඒ රුව සිහිනෙකවත් නැත 
ඒ රුව කොතරම්… 
මිහිරි ද සොඳුරිය…”    ( පහත දැක්වෙන උපුටනය Click කිරීමෙන් ,ඔබට මෙම ගීතය ශ්‍රවණය කල හැකිය.)

භෞතිකව  වෙන්වුණ ද අධ්‍යාත්මිකව ඒකාත්මිකව, හදවත සඟවා දරා සිටි ප්‍රේමණීය මතකයන් පවා කාලය නම් වූ නියත මහා ප්‍රවේගය යළි කිසි දිනෙක හමු නොවනා මානයකට ගෙන ගොස් ඇති අයුරු මෙම ගීතයෙන් ධ්වනිත වේ.

ආචාර්ය ගාමිණී කාරියවසම් 
gaminee@gmail.com

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්කාලය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Xmas in July for Old Girls of Ladies College and friends by OG Sh - elanka Xmas in July for Old Girls of Ladies College and friends by OG Shanali Gomes and friends on 23rd July at Berowra Community Centre
Next Article Sri Lankan Kiwi becomes the youngest-ever winner of Mountbatten medal
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read

The Remarkable Life of Hilda Kularatne: Educator, Reformer and Trailblazer-by Rehan Kularatne

SUNDAY CHOICE – HEN MY SPIRIT IS WEAK - by Charles Schokman

SUNDAY CHOICE – WHEN MY SPIRIT IS WEAK – by Charles Schokman

The Brad & Kiara Show

The Brad & Kiara Show

Book

Analysing The Kandyan Kingdom’s Last Stand against the Might of Great Britain

Windies Cricketers-eLanka

Riveting Test Cricket at Lord’s as Wickets Crumble

Related News
Articles Dr Harold Gunatillake

Reflections on the wonderful visit of Hon. Vijitha Herath to Australia-by Harold Gunatillake

RAJAGALA - THE LOST LEGACY OF ROYALTY – by Bernard VanCuylenburg
Articles Bernard VanCuylenburg

RAJAGALA – THE LOST LEGACY OF ROYALTY – by Bernard VanCuylenburg

Articles

Newsletter of Hindu Council of Australia

VACD Australia & Sri Lanka June 2026 Newsletter 01
Articles

VACD Australia & Sri Lanka June 2026 Newsletter

Articles

Stories Behind the Names of Places in Sri Lanka: Badulla – By Nimal Sedera

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.