News & Community eLanka

eLanka

Tuesday, 8 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගිරි කුළු මහිම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගිරි කුළු මහිම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: December 11, 2023 5:19 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 27

ගිරි කුළු මහිම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

11 වන දිනට යෙදෙන   ජාත්‍යන්තර කදුකර දිනය නිමිත්තෙන් තබන සටහනකි .

mountains day

වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් , සෑම වසරකම දෙසැම්බර් 11 වන දින ජාත්‍යන්තර කදුකර දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිණි. ජාත්‍යන්තර කදුකර දිනය සංකේතවත් කිරීම උදෙසා සුවිශේශී ලාංඡනයක්ද නිර්මිතය. එකිනෙක හා යාවූ කළු පැහැ ත්‍රීකෝණ තුනකින්, කදු වැටී සංකේතවත් වන අතර ,පළමු කදු සිරස නීල දියමන්තිය පිරිසිදු දිය උල්පත් සංකේතවත් කරයි.දෙවැනි කදු සිරස තැබිලි පැහැය බල ශක්තිය සහ ඛනිජ සම්පත් නියෝජනය කෙරේ. තෙවන කදු වැටියේ කොල පැහැය අහර සහ සමතුලිත දේශගුණයක් සපත කරවයි.

mountains day

මෙම දිනය සැමරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කඳුවැටිවල තිරසාර සංවර්ධනය උදෙසා, වසරින් වසර කිසියම් නව තේමාවක් ප්‍රකාශයට පත් කිරීම ද සම්ප්‍රදායක් ව පවතී.

“කඳුකර පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම” යන්න 2023 වසරේ ජාත්‍යන්තර කදුවැටි දින තේමාව ලෙසින් ප්‍රකාශිතය.

විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කදු මතුපිට වන වැස්ම විනාශයට පත් වීමෙන්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුවේ. මෙමගින් අහිතකර දේශගුණික විපර්යාසයන්ට මග සැලසේ. නායයාම වන් විවිධ ස්වභාවික ව්‍යසනයන් සිදුවේ. පර්වත කොටස්,පස්, කදු පාමුල දක්වා විසිර යාමෙන් ,මානව ජනාවාස සහමුලින් ම විනාශයට පත්වේ. මානව වර්ගයා ගේ තිර පැවැත්මට අත්‍යවශ්‍ය ජලය, ආහාර සහ බලශක්ති ප්‍රභවයේ මූලික කේන්ද්‍රස්ථානය වන්නේ කඳුවැටි පද්ධතියයි. කදුකර පරිසරය සංචාරක ව්‍යාපාරයන්ගේ තෝතැන්නක් ලෙසින් ද සැලකිය හැකිය. කදු වැටී ,විවිධ විනෝදාස්වාදයන් සලසන සුවිශේෂී ස්වභාවික භූවිෂමතා අඩවියක් ලෙසින් ද ජනතාව ගේ නොමද සම්භාවනාවට පාත්‍රවේ.

ජාත්‍යන්තර කඳුකර දිනයේදී, කඳු සංස්කෘතියේ විවිධත්වය සහ සශ්‍රීක බව අවධාරණය කිරීම , ඔවුන්ගේ අනන්‍යතාව පුළුල් පරාසයක් තුළ ප්‍රචලිත කර ඒවාට පිළිගැනීමක් ලබා දීම ආදී පරමාර්ථ සපුරා ගැනීමේ අභිප්‍රායෙන් ලොව පුරා විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන දීර්ඝකාලීන භූ චලනයන ගේ බලපෑමෙන් , කඳු පන්ති නිර්මාණය වන බව භූවිද්‍යාත්මක මතයයි. පෘථිවියෙහි මුළු බිම් ප්‍රමාණයෙන් 27 % ක් පමණ ප්‍රදේශයක් පුරා කඳු ව්‍යාප්තව පවතී. කඳු ආශ්‍රිත ප්‍රදේශවල මිලියන 720 ට ආසන්න ජන සංඛ්‍යාවක් වාසය කරන බවද හෙළිවේ. ගිරිකුළු, ගගනත නිදැල්ලේ පාවී යන වලාවන් නිතැතින්ම තමන් වෙත ආකර්ශනය කර ගැනීමට සමත් වේ

මේඝයන් තුළ ගැබ් වූ සියුම් ජල අංශු , කඳු ශිඛර මත පැතිරී තුරු හිස් මත ස්පර්ශ වීමෙන් වැහෙන ජල බින්දු මිහිමත ඇද හැලෙන්නේ වර්ෂාවක් විලාශයෙනි. මේ කඳු පද්ධතියේ පවතින දැඩි ශීතල ස්වභාවය, සුළං කපොලු ඔස්සේ මිටියාවත වෙත රැගෙන එන්නේ අති සෞම්‍ය දේශගුණික තත්වයකි.

කඳු එසෙත් නැත්නම් ගිරිකුළු මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය උදෙසා සැලසු,සලසන මෙහෙවර අතිමහත්ය. ලංකාවේ මුල්ම ආර්ය ජනාවාස පැතිර යන්නේ චිත්ත පබ්බත නොහොත් රිටිගල කඳු පියස ජන්ම කොට ගලා බස්නා මල්වතු ඔය ගංගාධාරය ඔස්සේය. මීටර් 766 ක උන්නතාංශයකින් යුත් රිටිගල කඳු පද්ධතිය පිරිවරා පිහිටි වැද්දාකන්ද, ඖෂධ කන්ද, කොඩිගල කන්ද උන කන්ද ,ආඬියාකන්ද , අමරපති කන්ද ,උල්පත් කන්ද යන සප්ත කඳු ශිඛර මතින් පැනනැගී දිය උල්පත්, මල් වතුඔය පෝෂණය කරනු ලබන්නීය. කඳුවැටි කපොල්ලක් තුළින් ගලා බස්නා ඇල දොල අවුරා , කපොල්ල වසා වේල්ලක් බැඳ, කඳුවැටි නෙරු දෙක එකට යා කර අප මුතුන් මිත්තෝ වැව් නිර්මාණය කළහ. සිංහල වාරි ශිෂ්ටාචාරයේ ප්‍රමුඛ වැව් පද්ධතිය බිහි වන්නේද මල්වතු ඔය ආශ්‍රයෙනි. නාච්චදුව , නුවර වැව, තිසාවැව, මහකනදරා වැව,අකතිමුරුප්පු වැව හා යෝධ වැව වෙත ජලය ගෙන යන්නේ මල්වතු ඔය මගිනි. අතීතයේදී කදම්බ නදී නමින් ද ව්‍යවහාරිත මල්වතු ඔය කි.මී.164 ක දිගු ගමන් මග අවසන් කරන්නේ ශිලාවතුරෙන් මහා සමුදුර වෙත සමීප වීමෙනි.

mountains day

මල්වතු ඔයට උපත දෙන රිටිගල කඳු පියස.

අපේ සමීපතම රට ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිහිවුයේ ද හිමාලය කඳු පියස ජීවය ලබා දුන් ඉන්දු ගංගා දෙගම්බඩය. බැබිලෝනියානු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පැතිරී යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දිය පෝෂණය කෙරෙන්නේද නැගෙනහිර තුර්කි කඳු ආශ්‍රිතව පැනනැගී උල්පත් මඟිනි.

mountains day

හිමාල කඳු පියසින් ගලා බස්නා ගංගානම් නදිය.

ප්‍රාග් ෙඑතිහාසික ශිෂ්ටාචාර මෙන් ම බෞද්ධ ,හින්දු ආගම්හි ප්‍රභවය ද හිමාල කදු පද්ධතිය ඇසුරෙන් නිපන් ගංගා යමුනා නදී නිම්න ආශ්‍රිත රාජධානි මුල් කර ගෙන සිදු විය.

ශ්‍රී ලංකාව තුළ විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ කඳු ශිඛර සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. මෙරට උසම කඳු ශිඛරය ලෙස සැලකෙන මීටර් 2524 ක උන්නතාංශයකින් යුත් පිදුරු තලාගල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටියේය. ශ්‍රී ලංකාවේ වැඩි උන්නතාන්ශයකින් යුත්, ප්‍රසිද්ධ කදුවැටි සමුදායක් දිස්ත්‍රික්ක 11ක් පුරා පැතිරී පවතී. රත්නපුර දිස්තික්කය මීටර් 2243 ක උසින් යුත් සමණල කන්ද ,බදුල්ල දිස්ත්‍රික්කයේ මීටර් 2033 කඋසින් යුත් නමුණුකුල කඳු වැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ මීටර් 1862 ක උසින් යුත් හුන්නස්ගිරි කඳු පද්ධතිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මීටර් 798 ක උන්නතාංශ කින් යුත් බතලේගල කඳු වැටිය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මීටර් 766 ක උසින් යුත් රිටිගල කන්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි මීටර් 478 ක් උසැති ගල්ගීරිය කන්ද ,මොණරාගල දිස්ත්‍රික්කයේ මීටර් 666 ක් උසැති වඩිනා හෙළ කන්ද, ගාල්ල මීටර් 661ක් උසැති රූමස්සල කන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීටර් 424 ක් උසැති වැඩිහිටි කන්ද , අම්පාර දිස්ත්‍රික්කයේ මීටර් 1038 ක් උසැති රාස්සගල කන්ද මෙරට ව්‍යාප්තව පවත්නා කදු අතරින් ප්‍රමුඛත්වයක් ගනී. මහවැලි,කැළණි,කළු,වලවේ සිවු මහා ගංගාවන් සමණල කදු සිරසින් තම ගමන් ආරම්භ කරත්. මීටර් 263 ක් උසැති,මෙරට උසම දිය ඇල්ල ලෙසින් සම්මානිත බබර කන්ද ජීවය ලබන්නේ හපුතල කදු පද්ධතිය ඇසුරිනි. මෙම කදු ආශ්‍රිතව විවිධ ජන ඇදහිළි,ජන විශ්වාස, ජන කතා හා ජන කවි සාහිත්‍යයක් ගොඩ නැගී පවත්නා බැව් නිරීක්ෂනයවේ.

mountains day

බඹර ඇල්ල

mountains day

සමනළ කන්ද

කිසියම් රටක දේශීය ජනතාවට ම ආවේණික වූ සංස්කෘතික උරුමයන් ,ස්වාධීනත්වය සුරක්ෂනයෙහි ලා ද කඳු පවුරු බලපා ඇති අයුරු ඉතිහාසය අපට පෙන්වා දෙයි. මලය රටේ කදු වළල්ල දුටු ගැමුණු කුමරු ට රැකවරණය සැලසීය.වළගම්බා, කාශ්‍යප වන් නිරිදුනට රැකවරණය ලබා දුන්නේ ද මෙරට ගිරි දුර්ගය. ලංකාවේ වෙරළබඩ තීරය ඉතා පහසුවෙන් විදේශ ආධිපත්‍යයට නතුවෙද්දී ,මධ්‍යම කඳුකරයේ කඳු වළල්ල ආරක්ෂක පවුරක් සේ විරාජමාන වෙමින් උඩරට රාජධානිය රැක ගත් අයුරු මෙහිදී නිදසුනක් ලෙස දැක් විය හැකිය.

මධ්‍යම කඳුකරයේ කඳු වළල්ල

mountains day

බුද්ධ චරිතය හා සබැඳි , බුදු සිරිතේ අසිරිමත් සිදුවීම් රාශියක් සිදුවූ  මගධ රට, ගිරිබ්බජ නොහොත්  රජගහ නුවර , වේපුල්ල, වේභාර, ඉසිගිලි, ගිජ්ජකූට, පණ්ඩව යන  පංච මහා කඳු පද්ධතියෙන් වටවූ දේශයකි. මජ්ඣිමනිකාය, උපරිපණ්ණාසපාළි, අනුපදවග්ගො, ඉසිගිලි සූත්‍රයේ එන විස්තරයට අනුව සම්බුදු පියාණන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයේ වැඩ සිට සදහම් දේශනයන් කිහිපයක් සිදුකර ඇත. පවත්වන ලද දේශනයන්හී  වේපුල්ල, වේභාර, ඉසිගිලි, ගිජ්ජකූට, පණ්ඩව යන පර්වත පහ පිළිබඳ විස්තර ද සදහනි.

mountains day

 රජගහ නුවර පංච මහා කඳු  පද්ධතිය

කඳු ශිකර සෞන්දර්ය, නික්ලේශී උතුමන් ගේ විප්පසන්නවූ චේතනාවලට ආරම්මණයක් වූ අයුරු පෙළ දහම අපට සිහිගන්වයි. බුදු සිරිතේ විශේෂ අවස්ථා බොහොමයක් සිදුව ඇත්තේ සොඳුරු කඳුකරය ආශ්‍රිතව ය. බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි, කඳුකරයේ අසිරිය සිත් කාවදින අයුරින් දේශනා කළ සේක “ආනන්ද , වේහාර පර්වතයෙහි සප්තපර්ණි ගුහාව සිත්කලුය එසේම ඉසිගිලි පර්වත පාර්ශවයෙහි වූ කාළ ශිලාව ද එබඳු ම ය. ……” මහා කාශ්‍යප තෙරුන් ගේ උදාන ගාථාවල, පර්වත විෂයෙහි සෞන්දර්යාත්මක භාවය මැනවින් මතුකොට දක්වයි “බොහෝ සෙයින් වට ඇති රම්‍යවූ තලා ඇති, මොනරුන් විසින් මයුර ලෙස රැව් දෙන්නා වූ ,ඍෂිවරුන් විසින් ප්‍රිය කරන ලද’ නග ‘ නම් පර්වතය මා සිත් ඇද බැද ගත්තේය ………” උත්තරීතර බුදු දහම අප දැයට දායාද කෙරුණේ ද මිහින්තලා කඳු පියස මත බව අපට මෙහිදී සිහිපත් වේ. භාග්‍යවතුන් වහන්සේ ,උන්වහන්සේ ගේ සිරි පතුල පිහිටුවා ලන්නට සමනල මුහුල තොරා ගැනීමෙන් ම, කදු පාර්ශවයෙහි පවත්නා අති පාරිශුද්ධත්වය , නික්ලේශී ස්වභාවය මැනවින් සනාථවේ.

mountains day

මිහින්තලා කඳු සිරස.

ක්‍රිස්තු පූර්ව යුගවල මිනිසා හා පරිසරය අතර පවතින අන්තර් සබඳතාව, ඍග්වේදයේ දිව්‍යමය ප්‍රවේශයක් ඔස්සේ විග්‍රහ කළහ. ෛවදික යුගයේ ජනතාව, ස්වභාවික වස්තූන්ට ජීවයක් ආරෝපණය කර, ඒවාට වන්දනාමාන කළ අයුරු ඍග් වේද පාඨවලින් මැනවින් නිරූපිතය.

“පර්වත තිර ලෙස මිහි මත වැජබේවා…

ගංගා හා ජලාශ අප ජීවනය පෝෂණය කෙරේවා….”

ඍග් වේදයේ ,කදුකරය මිනිස් සිත් සංයමයට පමුණුවමින් ,සන්සුන් කරමින් , විශ්වයේ නිහඩ, නිසසල,සත්‍යයේ ගැබුරු ඉසව්වකට යොමු කරලන බැව් පැවසේ.

ගිරි කුළු මානව සිත් සතන්හි සෞන්දර්යාත්මක හැගුම් පුබුදුවලීමෙහි ලා ද මුලිඛ වී ඇති සෙයක් හැගේ.

අපේ පැරණි ජන කවියා , සංදේශ කාව්‍ය රචකයා, මෙන් ම නුතන සාහිත්‍ය ධරයන්ද ගිරි කුළු,කදු හෙල් ආශ්‍රිත සෞන්දර්ය, ප්‍රතිභා පුර්ණ අන්දමින් ඉස්මතු කර දැක් වීමට සමත් වුහ. කදු හෙල් සිප රූරා ගලා බස්නා දිය ධාරාවන් සේම , කදු හෙල් ආශ්‍රයෙන් නිපන් සෞන්දර්ය මිනිස් සිත් සතන් සනහාලන සුළුය.

ප්‍රවීන ගීත රචක සුනිල් සරත් , නිසොල්මනේ විමසිල්ලෙන් ගම දෙස නෙත් අයා සිටින රඹුක්කන කදු ශිකරය දකින්නේ  ජීවමානිත පුද්ගලයෙක් විලසිනි.

“ඔබ මා සමග අතිනත ගන්නා දවස

මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස

ඔබ මා අතැර වෙන නුවරක ගිය දවස

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස …”

සජීවීමත්,සංවේදිශීලී ඒ කදු සිරස, මිනිස් දිවියේ අනුස්මරණීය අවස්ථා උපේක්ෂා ශීලිත්වයෙන්

ග්‍රහණය කර ගන්නා අපුර්වත්වය මෙමගින් කදිමට විචිත්‍රනය වේ.

කදු පරිසරය අප දිවි පෙවෙතට කෙතරම් සමීප ද ,ආස්වාදනීය ද ?

මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස…පණ්ඩිත් අමරදේව

සමතුලිත පරිසරයක් සහතික කිරීමේ ප්‍රබල දේශගුණික සාධකයක් ලෙසින් කදු වැටී ඉටු කරන භූමිකාව කුමක්ද ? කදුකරය වසා ගත් වැසි වනාන්තර රැක ගැනීම උදෙසා ,මිනිස් වර්ගයා වෙත පැවරී ඇති වගකීම කවරේද ? මෙම විමසීම්, ජගත්  කඳු වැටී දිනයේදී අප අවධානයට,සාකච්ඡාවට බදුන් කිරීම අතිශයින් ම වැදගත් වනු නිසැකි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.    

gaminee@gmail.com

   ජගත් කදුකර දිනය       

TAGGED:ගිරි කුළු මහිම. ආචාර්ය ගාමිණී කාරියවසම්.
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Tourism Sri Lanka Why This Spectacular Asian Island Is Setting All-Time Tourism Records-by Sam Sears
Next Article King Jaffna’s very own Irishman: Fr. Charles Henry Lytton OMI-by Avishka Mario Senewiratne
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Rajnath Singh’s Visit and the Shifting Geometry of India–Sri Lanka Relations-by Harold Gunatillake

Rajnath Singh’s Visit and the Shifting Geometry of India–Sri Lanka Relations-by Harold Gunatillake

The National Selection Panel (NSP) has today announced a men’s squad for the Qantas Test Tour of South Africa

The National Selection Panel (NSP) has today announced a men’s squad for the Qantas Test Tour of South Africa.

Sands of Home

Sands of Home – Vocal: Siera Keyt Studio Producer: Dodwell Keyt

Sri Lankan nurses in Australia

Australia Is Calling Sri Lankan Nurses: IIHS Welisara Launches Nursing Australia Programme

Donald Bastiampillai Memorial Trophy

St. Benedict’s College Alumni Association in Canada Honours Old Ben Donald Bastiampillai with Memorial Trophy

Related News
Noel News 01
Articles

Noel News

Port City Colombo-eLanka
Articles Dr Harold Gunatillake

Port City Colombo: Sri Lanka’s Bold Leap into the Future-by Harold Gunatillake

Hayleys Fentons Wins 18 Awards at NPMEA 2026
Articles

Hayleys Fentons Named Best Managed Project Organisation of the Year with 18 NPMEA Awards

INSEE Cement vocational training partnership
Articles

INSEE Cement Renews Landmark Vocational Training Partnership with NAITA and IETI Until 2031

Serendib mentoring network Sri Lankans in Australia
Articles

SLANSW Launches Serendib Mentoring Network to Empower Sri Lankans Across Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.