News & Community eLanka

eLanka

Monday, 15 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගොළු හදවතින් යොවුන් සිත් විරහවෙන් මුසපත් කළ ජයලත් ( කරුණාසේන ජයලත් 96 වන ජන්ම සංවත්සරය ජනවාරි 10 දිනට යෙදේ ) – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගොළු හදවතින් යොවුන් සිත් විරහවෙන් මුසපත් කළ ජයලත් ( කරුණාසේන ජයලත් 96 වන ජන්ම සංවත්සරය ජනවාරි 10 දිනට යෙදේ ) – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 12, 2024 3:25 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 10

ගොළු හදවතින් යොවුන් සිත් විරහවෙන් මුසපත් කළ ජයලත් ( කරුණාසේන ජයලත් 96 වන ජන්ම සංවත්සරය ජනවාරි 10 දිනට යෙදේ ) – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

karunasena jayalath

Image Source : songhub

ළමා වියත් යොවුන් වියත් අතර එළඹෙන පරිවර්තනශීලී කාල පරාසය අප හැම දෙනෙක්ම අත්විඳ ඇති සොඳුරුතම යුගයකි. මෙම අසිරිමත් අවධිය පෑන් තුඩින් කදිමට චිත්‍රණය කරමින්, ජන හදවත්හි සදාතනික සොඳුරු සමරුවක් සටහන් කළ ලේඛකයෙකු ලෙසින් කරුණාසේන ජයලත්ට සිංහල සාහිත්‍ය මංතලාවේ අද්විතීය ස්ථානයක් හිමිවේ. හෙතෙම අප තෙවන පරම්පරාව දක්වා වූ සුවහසක් පාඨකයන්ගේ අප්‍රමාණ භක්තියට ප්‍රසාදයට පත් වූ ලේඛකයෙකි. ඔහුගේ දිවි පෙවෙත පිළිබඳවත්, ඔහුගේ ළබැඳි නිර්මාණයන් පිළිබඳවත් ස්මරණයක නිමග්න වෙන්නට මා පොළඹවනු ලැබීම ඔහු කෙරෙහි මා හද උපන් අප්‍රමාණ භක්තියයි.

karunasena jayalath

Image Source : facebook

නුහුරු නුපුරුදු රහස පිළිබද මිහිර ආදරයයි කියා …

කරුණාසේන ජයලත් නාමය පාඨකයින් අතර විශේෂයෙන්ම යොවුන් පරපුර අතර බෙහෙවින් ජනාදරයට පත් වූයේ 1962 වසරේදී ගොළු හදවත  මුද්‍රණ ද්වාරයෙන් බිහිවීමත් සමඟය. සුවහසක් පාඨක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ගොළු හදවත රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ඇගයුමට බඳුන් විය. එම කෘතිය බිහි වී ඉකුත් අඩසියවසක කාලය තුළ සමාජීය වශයෙන් ඇතිවූ ආර්ථික, සංස්කෘතික හා සමාජීය පරිවර්තනයන්ට ඔරොත්තු දෙමින් වත්මන් තෙවැනි පරම්පරාව දක්වා පාඨකයින්ගේ සිත් සතන්හි නිම්නාද වීමට හේතුව, කරුණාසේන ජයලත් විසින්ම සිය පෑන් තුඩින් මෙසේ කදිමට විචිත්‍රණය කළේය.

රසබර වූත්, විචිත්‍රවත් වූත් වර්ණවත් වූත් ජීෟවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයන්ද අනුරාගයෙන් ද පෝෂිත වූ ළපටි සිතක පහළ වන රසවත්හැඟීම්, මුළු ජීවිත කාලයෙන්ම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත්ව හා ස්ථිරව පැළපදියම් වීම ස්වභාවික න්‍යායකි.

karunasena jayalath

Image Source : chanizahira

ගොළු හදවත කතා පුවත,හොරණ තක්‍ෂිලාවේ සැබෑ චරිත කිහිපයක අභ්‍යන්තර චිත්ත ස්වභාවය මැනවින් නිරූපිත ජනප්‍රිය සජීවිමත් නව කථාවකි.කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත කතා පුවතට පාදක වී ඇත්තේ ත්‍රිකෝණාකාරී සත්‍ය ප්‍රේම වෘත්තාන්තයකි.

ගොළු හදවත සුගත් ගේ චරිතය තුළ සැඟවී සිටින්නේ තක්‍ෂිලාවේ ධම්මිගේම පන්තියේ උගත් කරුණාසේන ජයලත්ය. ධම්මිගේ චරිතය ගොඩනැගෙන්නේ ඉහත දෙදෙනා සිටි එකම පන්තියේ ශිෂ්‍යාවක වූ පදුමා ලාලනී නම් යුවතියකගේ සැබෑ චරිතය ආශ්‍රයෙනි.

කරුණාසේන ජයලත් කලාකරු සාහිත්‍ය අම්බරේ සිත්තම් කළ තරු කැට වන් වූ නිර්මාණාත්මක කෘති රාශියකි. ගොළු හදවතින් ඇරඹි මෙම නිර්මාණාත්මක සිත්තම් පෙළ මුව දඩයම, ලස්සන ඇස්ථ බඹා කෙටූ හැටි ˜ 1967 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද, ගැහැණු ළමයි, පිරුණු හඳක් 1969 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වූ යහළු යෙහෙළි, මව සහ දුව, ඇවැස්ස නෑයෝ, හතුරු හිතක් 1972 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සම්මානිත රිදී නිම්නය, සතීගේ කථාව, කුල කුමරියෝ, මානවිකාවක්, පෙම් පුවතක් යන කෘති වලින් සමන්විතය. මෙම නවකතා සමුච්චය සිංහල නව කතා ශෛලියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කළේය.

karunasena jayalath

Image Source : ceybooks

karunasena jayalath

Image Source : bookfair

karunasena jayalath

Image Source : sampathbay

karunasena jayalath

Image Source : bookfair

ජයලත්  ග්‍රන්ථ නිර්මාණ පෙළහර

එතෙක් යොවුන් මනස ත්‍රාසයට යොමු කළ අභව්‍ය සිද්ධීන්ගෙන් ගහන ඩීමන් ආනන්දයන්ගේ නව කතාවන්ට ආසක්තව සිටි පාසල් සිසුන් එම අභාව්‍ය මනෝමය ලොවින් මුදා ගන්නට කරුණාසේනයන්ගේ ඉහත නව කතා මාලාව බෙහෙවින්ම උපස්තම්භ වූ බැව් අප පිළිගත යුතුය. ඔහු තමන්ට ආවේණික වූ සරළ සුගම භාෂා විලාශයකින් යොවුන් පාඨක සමාජය ආකර්ශනය කර ලන්නට සමත්විය

ජයලත් උපහාර

විචාර කලාව, කාව්‍ය හා සිංහල ගීත සාහිත්‍ය පෝෂණය උදෙසා මෙන්ම සිංහල සිනමාවේ උන්නතිය උදෙසාද ඔහු සිය නිර්මාණාත්මක හැකියාව මෙහෙය වූ වියතෙකි. සාහිත්‍ය කලාව, කාන්තා විමුක්තිය ඔහු විසින් රචිත විචාර  කෘතීන්ය. ධම්මි තවමත් ආදරෙයි, ජීවන විල මැද වැනි අතිශය ජනප්‍රිය වූ ගීත සමුදායක නිර්මාපකයාද ඔහුම විය.නංගී, පෙම් හැඟුම්, රූපය යන කාව්‍ය සංග්‍රහ ද නිරිමාණය වූයේ ඔහු අතිනි. ඔහු විනාශයේ මායා නැමැති වෙුදිකා නාට්‍යයේ ප්‍රධාන නළුවා වශයෙන්ද රඟපා ඇති බව දන්නෝ විරලය.

1928 ජනවාර් 10 වන දින කුඹුක ග්‍රාමයේ දී කරුණාසේනයන් ගේ උපත සිදු විය.1933 කුඹුක රජයේ පාසලින්මුලින්ම අධ්‍යාපනයට පිවිසි හෙතෙම 1944 දී හොරණ තක්‍ෂිලාවේ සිප් හදාරන්නට ඇතුළත් වූයේ 16 හැවිරිදි ගැටවරයෙනු වශයෙනි. තක්‍ෂිලාවෙන් සිය නැණ නුවණ වඩවා ගත් ඔහු 1947 දී සිංහල ජාතිය පුවත්පතේ කතුවරයෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු සතු සහජ කුසලතාව හේතුවෙන් සරසවි සඳරැස පත්‍රයේ කතෘ මණ්ඩලයට බැඳීමට ඔහුට අවස්ථාව හිමි විය. 1951 දී ලංකාදීප පුවත්පතේ කතුවරයෙකු වශයෙන් හෙතෙම කටයුතු කළේය.

karunasena jayalath

Image Source : facebook

1971 පැවති ත්‍රස්තවාදී කලබල සමයෙහිදී කරුණාසේන ජයලත් ද කැරැල්ලේ සැකකරුවෙකු ලෙස විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කඳවුරක රැඳවුම්කරුවෙකු ලෙස ගත කළේය. ජයලත් සිරිලක් පත්‍රයේ කතුවරයා ලෙසින් සේවයේ යෙදෙමින් සිටියදී, එම පත්‍රයේ චේගුවේරාගේ දින පොත පළ කිරීම ඔහු අත්අඩංගුවට පත්වීමට ආසන්නම හේතුව වූ බව සැලකේ. තමන් රැදී සිටි සරසවි පරිසරය තුළදී ඔහු නිර්මාණශීලී සිත්හි පිළිසිදී සරස්වති මානවඩු නම් විශ්ව විද්‍යාලීය සිසුවියගේ චරිතය වටා ගෙතුණු සතීගේ කථාව පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

කරුණාසේනයන් සිය තීර්ථ යාත්‍රාවේ අවසන් ඉම සනිටුහන් කරමින් පෙම් පුවතක්  නමින් වූ සිය අවසාක නව කථාව පාඨකයින් අතට පත් කළේ 1987 සැප්තැම්බර් 15 වන දිනය. වැඩි පාඨක පිරිසක් මෙතෙක් කියවා නැතැයි අනුමාන කළ හැකි පෙම් පුවතක් නව කථාවේ කතා නායිකාව පුල්සරාය. ඇය යොවුන් වියේදීම රුදුරු රෝගයකට ගොදුරු වූවාය. දොස්තර සිරිමෙවන් ඇයට හමුවන්නේ මෙම රෝහලේදීය. රෝගී යෞවනිය හා වෛද්‍යවරයා අතර ඇතිවන ආත්මීය බැඳීම මෙම කථාවෙන් කදිමට විවරණය වේ. පුල්සරා තමනට වැළඳුණු රුදුරු රෝගයෙන් අකාලයේ මියැදුනද, දොස්තර සිරිමෙවන් නිසාවෙන් ඇය සිතෙහි ජනිත සතුට, සිත තනිව විඳි සුඛ වේදනාවන් සිය රුදුරු රෝග ලක්‍ෂණ කලකට හෝ යටපත් කර ගන්නට ඇයට දිරියක් වූ අයුරු ලේඛකයා මෙහි නිරූපනය කරන්නේ පාඨක සිත් සියුම් කම්පනයට බඳුන් වන ලෙසිනි.

මම ඔහු දැකීමට ආශා කළෙමි. ඔහු සමඟ කථා කිරීමට ආශා කළෙමි. කතා බහකින් තොරව වුවද ඔහු සමීපයෙහි ගත කිරීමට ආශා කළෙමි. ඔහුගේ දර්ශනයෙහි  සංවාදයෙහි සමාගමයෙහි අන් කිසිවකු වෙතින් නොලැබූ, නොලැබෙන තෘප්තියක්  සහනයක් අත් වින්දෙමි. මා ඔහු දකින තුරු සිටියේ ඉමහත් බලාපොරොත්තුවෙනි. නොසන්සුන්කමිනි. ඔහු දක්නට නොලැබෙන කළ මා තුළ හට ගන්නේ පාළුවකි.බලාපොරොත්තු කඩවීමේ වේදනාවකි. ස්ත්‍රි පුරුෂ සම්බන්ධයකදී ප්‍රේමයක හැර මෙවැනි ස්වභාවයක් පහළ වන්නේද? පෙම් පුවතක් නව කථාවේ පුල්සරාගේ යොවුන් චිත්ත සන්තානයෙහි පිළිසිදී හෘදයාංගම සිතිවිලි ළයාන්විතව විචිත්‍රණය කරන්නට කරුණාසේනයන් සිය භාෂාව හසුරුවා ඇති මන බන්දනීය ආකාරය ඉහත ඡේදයෙන් මොනවට විෂද වේ.

එවකට පැවති සමාජ ක්‍රමය, සමාජ විෂමතාව පිළිබඳව ඔහු තුළ පැවතියේ දැඩි කලකිරීමකි. පේරාදෙණි ගුරු කුලය ඔහුගේ කෘතීන් බොළඳ අරුත්සුන් කථා ලෙස බැහැර කිරීමද ඔහුගේ සිත පාරවන්නක් විය. සිංහල නව කථාවේ භාෂා ශෛලියේ ඔහු විසින් ඇති කරන ලද වෙනස මිනිස් සිතෙහි සනාතන ධර්මතාවක් වූ ආදරය, සෙනහස අභිමුවේ ඔවුන්ගේ හැසිරීම් රටා ගැඹුරින් විවරණය කළ අයුරු පේරාදෙණි බමුණු කුළයට වටහා ගැනීමට අසීරු වීම මහත්ම අවාසනාවකි.ඔහුගේ නවකථා ගණනාවකට රාජ්‍ය සම්මාන හිමිවූයේද එම කෘතිවල ගුණාත්මකභාවය ඇගයීමට බඳුන් වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මට කරුණාසේන ජයලත් අවසන් වතාවට හමුවූයේ ඔහුගේ අභාවය සිදුවීමට වසරකට පෙරය. ඒ 1993 අගෝස්තු මැද භාගයෙහි දිනයකි. එවකට මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරය හොබවමින් සිටියෙමි. මගේ විශේෂ ආරාධනයෙන් ගුවන් විදුලි සජීවී වැඩසටහනකට එතුමා පැමිණ සහභාගී විය. ගුවන් විදුලි වැඩසටහන අවසන් කර මගේ කාර්යාලයට පැමිණි ඔහු පළ කර  වදන් අදත් මගේ මතකයෙහි රැදී පවතී.

මට හරි පුදුමයි. මං වගේ සමාජවාදී අදහස් දරන ලේඛකයෙකුට රාජ්‍ය ගුවන් විදුලියෙන් මෙහෙම අවස්ථාවක් ලබා දීම. ˜ ඔහු එසේ පවසන්නට ඇත්තේ දක්‍ෂිණාංශික රජයක් එවකට පාලන බලයේ සිටීම නිසා බැව් ක්‍ෂණිකව මම වටහා ගතිමි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com.

TAGGED:කරුණාසේන ජයලත්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Australian women's T20I and ODI squads announced for CommBank International series; Governor-General's XI confirmed (2) Australian women’s T20I and ODI squads announced for CommBank International series; Governor-General’s XI confirmed
Next Article Zimbabwe Tour of Sri Lanka 2024 Watch Sri Lanka vs Zimbabwe ODI highlights – Sri Lanka 2024
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Shamar Joseph and Windies middle order destroy Sri Lanka's dream of a series sweep in the Caribbean  02

Shamar Joseph and Windies middle order destroy Sri Lanka’s dream of a series sweep in the Caribbean . BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor)

Celebrating 175 years of S Thomas’ College at the Thomian Family Night in Sydney

Celebrating 175 years of S. Thomas’ College at the Thomian Family Night in Sydney (photos thanks to MC Duke)

Hilton Yala Resort Agoda Luxe ,Hilton Yala Sri Lanka awards,Agoda Luxe hotels Sri Lanka , luxury resorts in Yala National Park , Yala safari luxury hotel , Hilton Hotels & Resorts Sri Lanka , best luxury safari resorts Asia , FGASA certified safari guides Sri Lanka

Hilton Yala Becomes Sri Lanka’s First Hilton Property to Achieve Agoda Luxe Recognition

Hilton Yala Resort

Hilton Yala Resort Honoured with Dual Global Titles at the 2026 REVE Luxury Awards

Hilton Yala Resort Named Tripadvisor Travelers’ Choice Awards Winner for 2026

Hilton Yala Resort Named Tripadvisor Travelers’ Choice Awards Winner for 2026

Related News
Articles

Hilton Yala Rangers Earn Prestigious CyberTracker Track & Sign Certifications Following International Evaluation Programme

Cricket Australia and State Chairs meeting.
Articles

Cricket Australia and State Chairs meeting.

Sri Lanka climate change, El Niño Sri Lanka 2026, Sri Lanka weather forecast, Sri Lanka climate resilience, El Niño impact on Sri Lanka, Climate Change Secretariat Sri Lanka, Leel Randeniya, Sri Lanka environment news, Sri Lanka monsoon season, Southwest monsoon Sri Lanka, Northeast monsoon Sri Lanka, Sri Lanka rainfall forecast, Sri Lanka water conservation, climate adaptation Sri Lanka, Sri Lanka geography, Indian Ocean climate, Sri Lanka central highlands, Sri Lanka agriculture and climate, ENSO Sri Lanka, Sri Lanka weather patterns, climate resilience island nations, Sri Lanka environmental sustainability, Sri Lanka food security, Sri Lanka water management, climate science Sri Lanka, Department of Meteorology Sri Lanka, Sri Lanka natural resilience, global climate change, Sri Lanka ecosystem, sustainable Sri Lanka, eLanka environmental news, Sri Lankan diaspora, Sri Lanka climate outlook 2026, Indian Ocean weather systems, Sri Lanka hydropower, climate preparedness Sri Lanka, Sri Lankan agriculture, climate adaptation strategies, environmental conservation Sri Lanka
Articles

Sri Lanka Set to Stay Resilient Against El Niño Minimal Impact Forecasted

Sumri Fatima Suda, Sri Lankan student achievement, International Abacus Mathematics Competition, ABACUS L1B winner, Malaysia abacus competition, Sri Lanka education news, Medawachchiya student success, Al-Madina Muslim Maha Vidyalaya, abacus mathematics Sri Lanka, STEM education Sri Lanka, young mathematicians Sri Lanka, global academic success Sri Lanka, mental arithmetic champion, Sri Lankan youth achievements, rural education Sri Lanka, international competition winner, mathematics prodigy Sri Lanka, abacus training benefits, North Central Province Sri Lanka, Sri Lankan school achievements, educational excellence Sri Lanka, cognitive development through abacus, student success stories Sri Lanka, eLanka news, inspiring Sri Lankan stories
Articles

Medawachchiya Student Sumri Fatima Wins International Abacus Math Competition in Malaysia

HayWind Mannar , President Anura Kumara Dissanayake , HayWind project in Mannar,Mannar, Sri Lankan News Australia
Articles

Powering the Future: President Launches 50MW HayWind Project in Mannar

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.