News & Community eLanka

eLanka

Thursday, 30 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » චිරං ජයතු , සින-මාලිනියේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

චිරං ජයතු , සින-මාලිනියේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: April 29, 2025 12:06 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
4 Min Read
SHARE
Views: 41

චිරං ජයතු , සින-මාලිනියේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Malani Fonseka

Image source : mirrorarts

හෙළ සිනමාවේ නිළි රැජිණිය ලෙසින් අබිසෙස් ලද, මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, මෙම  අප්‍රේල් 30 වන දින , සිය දිවි මංතලාවේ 78 වන වියට පා තබන්නීය. ඒ නිමිත්තෙන්,මෙවන් සමරු සටහනක් තබන්නට උදක්ම මා සිත් යොමු වන්නට  සුවිශේෂී හේතුවක් විය.ඒ,ඇය කැලණිය  ගුරුකුළ විද්‍යාලයේ මගේ  සමකාලීන සමීප  පාසල් මිතුරියක් වීම නිසාය.පාසල් වියේ සිට වත්මන දක්වා  ඇයගේ දිවි පෙවෙත ,බාධක,වැට කඩොලු බිඳගෙන ඉදිරියට ගලනා ගංගාවකට සම කළ හැකිය.

malani fonseka 2

මාලනිය ගුරුකුල විදුහලේ ත්‍යාගය ප්‍රදාන උත්සවයකට සහභාගීවූ අවස්තාවක්.

මාළිනිය  සිය රංගන ජීවිතය ආරම්භ කළේ වේදිකා නාට්‍යයන්ට  සිය රංගන දායකත්වය ලබා දෙමිනි. 1963 දී ඇය ගුරුකුල විද්‍යාලයේ සිසුවියක් ලෙසින් සිටි අවධියේ  වේදිකාවට පිවිසියේ  “නොරත රත ” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය දෙමිනි. එතැන් සිට ඇය වේදිකා නාට්‍ය 14 ක ප්‍රධාන චරිතය නිරූපණයෙහි යෙදෙමින්  රසික  නෙත රසදුන් ගැල්වුවාය. ඇය මුල් වරට  රිදී තිරය අතික්‍රමණය කරන්නේ  1968 වසරේදී පුංචි  බබා චිත්‍රපටයේ කථා නායිකාව  ලෙසිනි.

1968 වසරේ, පුංචි  බබා චිත්‍රපටයේ මාලනිය ගේ රංගනයක්

ඇයගේ පළමු චිත්‍රපටයේ සිට ඉකුත්  දශක 7 ක් පුරා ඇය චිත්‍රපට 170   කට ආසන්න සංඛ්‍යාවක රඟපෑමේ භාග්‍ය ලද්දීය.ඇය රිදී තිරයෙන්  ප්‍රේක්ෂකයින් වෙත වඩ වඩාත්  සමීප වෙමින් රසික දන හද  ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූවාය.

තත් කාල පරාසය තුළ  නව්‍ය  නිළියන්  රැසක් සිනිමාවට පිවිසිය ද ,මාළිනිය අංක එකේ ස්ථානයේ  අභියෝගයකින් තොරව රැඳී සිටීමට තරම් සුවිශේෂී රංග ධාරිනියක   වූවාය.

ඇය 11 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන දරුවාය.එවකට  රජයේ මුද්‍රණාලයේ  සේවයෙහි නිරතව සිටි  ගිල්බට් ෆොන්සේකා මාලිනියගේ පියාණන්ය.සීලවතී  ඇගේ මවය. මෙම දැරියට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක්, සහෝදරියන්හ තර දෙනෙක් සහ බාල සහෝදරයන් හතර දෙනෙක් සිටියහ. එම සොහොයුරු   කැළ අතරින් පද්මසිරි,රන්ජිත්,ආනන්ද,උපාලි යොවුන් වියේදීම දිවියෙන් සමු ගත්හ.දයානන්ද,  නිමල්,ශ්‍රියාණි ,රසාදරී,දමයන්ති මාලිනියගේ සෙසු සොහොයුරු සොහොයුරියන්ය.  මෙම පිරිස ජීවත්වුයේ කැලණියේ වෙදමුල්ල  ගම්පෙතය.

Malani Fonseka

Image Source : facebook

Malani Fonseka

Image Source : facebook

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව, මාලනී සිප් සතර හදාරන්නට කැළණිය ගුරුකුල මහා විද්‍යාලයට ඇතුළත් වුවාය. සිනිමා වේදීන් වන එච්.ඩී .ප්‍රේමරත්න,විමල් කුමාර ද කොස්තා,ඩොනල්ඩ් කරුණාරත්න,කරු හීනටිගල මාලිනිය හා ගුරුකුලයේ සිප් හදාල සමකාලීනයන්ය.

මාලිනිය වෙතින් සිංහල සිනමා වංශයට ඉටුවූ අමිල මෙහෙවර වෙනුවෙන් ,කැළණිය සරසවිය   සම්මාන ආචාර්ය උපාධියකින් ඇයට  බුහුමන් දැක්වීය.කැළණිය ගුරුකුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය  ද, තම සෙනෙහෙවන්ත ආදී සිසුවියට උපහාර පිණිස,  ,”සිනිමාලිනිය” මැයෙන්  සමරු කළඹක්  ප්‍රකාශයට පත් කරමින්, කෘතවේදීත්වය පළ කළහ.

malani fonseka

අකල් වැස්ස’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1965 වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන්  ඇය ඇගයීමට බදුන් වූවාය. ඇය හිඟන කොල්ල (1980), ආරාධනා (1982) සහ යස ඉසුරු (1983) චිත්‍රපට සඳහා හොඳම නිළියට හිමි සරසවිය සම්මානය ඇතුළු සම්මාන රැසකින් බුහුමන්  ලැබුවාය. ජීවිතයේ එක් වරක් පමණක් උරුම වන  රණ තිසර සම්මානය ද දිනා ගන්නට ඇය වාසනාව ලද්දීය.

මාලිනියගේ සිනිමා පෙළහර 

1975 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ සහ 1977 නවදිල්ලි සිනමා උළෙලේ සම්මාන දිනාගත් ඇය ජාත්‍යන්තර මට්ටමට පැමිණි පළමු ශ්‍රී ලාංකික නිළිය වීමේ භාග්‍ය ද උරුම කර ගති.

2008 ඉන්දියාවේ  මුළු දුන් 39 වැනි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සිංහල සිනමාවේ රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා  ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර රිදී මයුර   සම්මානයෙන්  කිරුළු දැරීය.

‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ මාලිනියගේ  රංගනය

malani fonseka

1970 දශකයේ මුල් භාගය ශ්‍රී ලාංකේය සිනමාවේ ගාමිණී-මාලිනී දශකය ලෙස නම් කෙරේ.

Malani Fonseka

Image Source : themoviedb

අනතුරුව එළබෙන වසර කිහිපය ,විජය මාලනී දශකය ලෙසින් සිනිමා වංශයේ  සනිටුහන්වේ.

malani - wijaya

මාලනී 1984 දී සසර චේතනා චිත්‍රපටය  අධ්‍යක්ෂණයෙහි නියැලෙමින්   නිෂ්පාදන ක්ෂේශ්ත්‍රයට පිවිසියාය.පසුව ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට යොමු වූ අතර මැනලද පුතේ  කිරි දුන්නේ , පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ වැනි ප්‍රකට ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළාය.

Malani Fonseka

Image Source : sarasaviya.lk

රංගධාරණියක ලෙස ප්‍රකට මාලිනිය, ගායන කුසලතාවයෙන් ද පිරිපුන් කලාකාරියක්  වන බැව් දන්නේ රසිකයින් අතලොස්සක් පමණි.

ඇය සිය ගායන චාතුර්ය ප්‍රකට කළ අවස්ථාවක්

සිය ජන්ම දිනය සමරන  ආචාර්ය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ස්නේහවත් කලාකාරිනියට නිදුක්,නිරෝගී සියල් ප්‍රාර්ථනා සපත වන චිර ජීවනයට  ආසිරි පතමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාමාලනී ෆොන්සේකා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Rest in peace Pope Francis  The Great Pope Francis: A Personal Reflection-by Avishka Mario Senewiratne
Next Article The Genesis of Richmond, Galle still shrouded in a controversy The Genesis of Richmond, Galle still shrouded in a controversy? – BY RANJAN DIAS JAYASINH
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Sunil Thenabadu

SALUTING STANLEY PERIES A TRUE MUSIC LEGEND IN MUSIC MELODIES CUM ARRANGEMENTS TWENTY FIVE YEARS AFTER DEMISE-by Sunil Thenabadu

Articles Victor Melder

SRI LANKA NEWS – APRIL 2026

Today – a lesson in reforestation
Articles Savithri Rodrigo

Today – a lesson in reforestation, a memory in art, a snapshot of jazz and more!

Daehaena-eLanka
Articles

Qld Sri Lankan Newsletter – Dæhæna – May 2026

Articles Victor Melder

LIBRARY ACQUISITIONS – APRIL 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.