News & Community eLanka

eLanka

Saturday, 16 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » තමාගේ ම දියණියගේ පයෝදර තුඩඟ මුව තබා තන කිරි ඉරූ පියෙකුගේ අනුවේදනීය වෘතාන්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

තමාගේ ම දියණියගේ පයෝදර තුඩඟ මුව තබා තන කිරි ඉරූ පියෙකුගේ අනුවේදනීය වෘතාන්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 10, 2024 3:01 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE
Views: 14

තමාගේ ම දියණියගේ පයෝදර තුඩඟ මුව තබා තන කිරි ඉරූ පියෙකුගේ අනුවේදනීය වෘතාන්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

painting

Image Source : wikipedia

තම පියා කෙරෙහි දියණියක තුළ පැවති

අසීමිත පිතෘ  ධාරක  ප්‍රේමයක මහිම.-

තරුණ කාන්තාවක් තම දරුවා සමඟ සිර මැදිරියක සිටින වැඩිහිටි පුරුෂයෙකුට කිරි දෙන මෙම සිතුවම යුරෝ මිලියන 30 කට අලෙවි විය. බැලූ බැල්මට විකෘති බවක් පෙනෙන්නට තිබුණත්, එහි පිටුපස ඇති කතාව ඉතා අනුවේදනීය ජනකය.

ප්‍රංශයේ XIV වන ලුවීගේ පාලන සමයේදී පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට  මෙම දුගී  මිනිසාට ” කුසගින්නේ තබා  මරණයට පත් කිරීමේ “දණ්ඩනය නියම කරන ලදී . කාන්තාව ඔහුගේ එකම දියණිය වූ අතර ඔහුගේ කුටියට පැමිණීමට අවසර ලද  එකම අමුත්තා ඇය  වුවාය. ඇයට දිනපතා තම පියා  බැලීමට යාමට අවසර දී ඇතත් ආහාර රැගෙන යාමට ඇයට අවසර ලැබුණේ නැත. ඇය තම පියා  සිර ගත කර සිටි කුටිය පිහිටි පරිශ්‍රයට පිවිසීමට පෙර , රැකවලුන් ඇය ඉන ඉහ අතගා,ඇය තම පියා වෙත කිසිදු ආහාරයක් ගෙන නොයන බව තහවුරු  කර ගැනීම නිරන්තරයෙන් සිදු විය.

මාස 4 කට පසුව පවා, මිනිසා තවමත් ජීවතුන් අතරය. කිසිදු ආහාරයක් නොලබන ඔහුගේ  බරෙහි කිසිදු  අඩු වීමක්  දිස් නොවීය. විමතියට පත්  බලධාරීන් සිර මැදිරිය අසල සැගවී  ඔහු  ගැන ඔත්තු බැලීමට පටන් ගති. ඔත්තුකරුවන් මවිතයට පත් කරමින්, අමුත්තිය  වටපිට බලා, සිය හැට්ටයෙන් පිටතට ගත්  පයෝදර යුග්මයෙන් තම දරුවා වෙනුවෙන් තන පුඩු අගට එරුණු  කිරි උපරිමයෙන් තම පියාට උරා ගැනීමට ඉඩ හළේය. ඔත්තුකරුවන් මෙම අපුර්ව පුවත රජු වෙත සැළ කළේය. තම පියා කෙරෙහි කාන්තාව තුළ පැවති  දයාව හා සෙනෙහස  තේරුම් ගත් රජු ,ඇගේ පියා නිදහස් කිරීමට වහා පියවර ගත්තේය.එම තීරණයෙන් සෑහීමකට පත් නොවූ රජු, මුළු ජීවිත කාලය පුරාවටම එම මිනිසා සහ පවුලේ සියලු දෙනටම නොමිලේ ආහාර පාන සැපයීමට  කටයුතු කළ බව දැක්වේ.

පසු කාලයේ මෙම අනුවේදනීය සිදුවීම,බෙල්ගියම,ජර්මනිය,ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල කලාකරුවන් ලෝකඩ පදක්කම්, බිතුසිතුවම්, කැටයම්, චිත්‍ර, තෙල් සිතුවම්, පිඟන් මැටි, කැටයම් කළ ලී සැරසිලි සහ ප්‍රතිමා ඇතුළු පුළුල් පරාසයක ප්‍රතිනිර්මාණය කිරීමට පෙළඹුණහ.

painting

Image Source : artprice

painting

Image Source : wikiart

මෙම  සිතුවම්හි , ඒ නිහඬ අත්පාවල රූප සටහන්  සජීවී හා හුස්ම ගන්නා සජීවී ස්වභාවයකින්දිස්වේ.පියාගේ දෑත්,දඬුවමක් ලෙසින් පිටුපසට බැඳ ඇති අතර ඔහුගේ උරහිස් සහ යටි සිරුර රෙදි කැබැල්ලකින් ආවරණය කර ඇත,ඔහුගේ මාංශපේශී මතුවූ  පපුව සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය වේ. පෙරෝ තම පියා සිමන්ගේ  සමීපයට වී,  ඇගේ වම් පියයුරු ඔහුට පිරිනමයි. 

painting

Image Source : wikipedia

painting

Image Source : vagabondimages

මෙම පිතෘ ස්නයෙහි ප්‍රතිමාව 1741 දී ඉදිකරන ලද්දකි. එය බෙල්ජියමේ බන්ධනාගාරයට ඇතුළු වන දොරටුව මුදුනේ ඇති සම්භාව්‍ය මූර්තියකි. ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ David’t KIndt විසිනි.

painting

Image Source : facebook

1625  රූබන්ස් විසින් ලියන ලද  Cimon and Pero නම් කෘතියේ,පියා සහ දියණිය සිමොන් සහ පෙරෝ ලෙසින් දක්වා ඇත. 

පුරාණ රෝම ඉතිහාසඥ Valerius Maximus විසින් Factorum ac Dictorum Memorabilium Libri IX හි මෙම කථාව වාර්තා කර ඇති අතර එය pietas (පීතෘ  භක්තිය) සහ රෝමානු මහා ක්‍රියාන්විතයක්  ලෙස හුවා දක්වයි .

දියණියක සිය පියාණන් මරණයෙන් මුදවා  ගැනීම උදෙසා කළ මෙම උත්තරීතර පරිත්‍යාගය මුර්තිමත් කෙරෙන මුල් සිතුවම ආශ්‍රයෙන් ප්‍රතිනිර්මානිත සිතුවම්  ,ලොව පුරා කලාගාරයන් හි පමණක් නොව කෞතුකාගාරයන්හී ද ප්‍රදර්ශනය කෙරේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:කුසගින්නේ තබා මරණයට පත් කිරීමේ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Michael Roberts The Burgher Exodus from Sri Lanka: A Reading in 1988 – By Michael Roberts
Next Article Elanka newsletter eLanka Newsletter – 10th November 2024 – 3rd Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles

Into the Sunset: Some Burgher Names in Sri Lanka-by Michael Roberts

Trump’s 3-day visit—what interesting developments might emerge from it-eLanka
Articles Dr Harold Gunatillake

Trump’s 3-day visit—what interesting developments might emerge from it?-by Harold Gunatillake

The Nisala Foundation Appeals for Support to Expand the Meditation Hall in Sri Lanka
Articles

The Nisala Foundation Appeals for Support to Expand the Meditation Hall in Sri Lanka

Visita Leelaratna with MPP Karen McCrimmon (Kanata–Carleton)
Articles

Buddhist Heritage Month in Ontario: A Historic Milestone for the Community

T20 World Cup 03
Articles

Australia name squad for ICC Women’s T20 World Cup

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.