News & Community eLanka

eLanka

Saturday, 25 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 3, 2023 1:53 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 22

දේශය හා ආත්මීයව බැදුණු මහා ගාන්ධර්වයා නික්ම ගොස් සත් වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

W D Amaradewa - eLanka

දේශීයේ සංගීත ක්‍ෂේත්‍රය දිග්  විජය කළ , හෙළ  ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින්ගේ 07  වන ගුණානුස්මරණය  නොවැම්බර් 03 වන දිනට  යෙදේ .

අඩ සියවසකට අධික කාලයක්  ගායන මාධුර්යයෙන් ,  වාද්‍ය  මිහිරියාවෙන්  මෙන්ම අරුත් බර , නිර්මාණශීලී පද සංයෝජනයෙන් රසික මනෝභාවයන් උද්දීපනය කළ ඔහු සිය සංගීත දිවිය ආරම්භ කලේ වයලීන් වාදකයෙකු ලෙසිණි .

වඩු කාර්මිකයෙකු වූ වන්නකුවත්තවඩුගේ දොන්        ජිනෝරිස් පෙරේරා සහ ඔහුගේ භාර්යාව වූ බලපුවාවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස් දෙමහල්ලන්ගේ බාල පුතනුවන් ලෙසින් ,   වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා   (අමරදේව )  ජන්ම ලාභය ලබන්නේ  1927 දෙසැම්බර් මස 05 වැනිදාය. ඒ මොරටුවේ කොරලවැල්ල නම්  ගම්පියසෙහිය.ඔහු හැදී වැඩුනේ   සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ගේ ඇසුරෙහිය.  ඇල්බට්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඩබ්ලිව්. ඩී. චාල්ස් පෙරේරා සංගීතය ප්‍රගුණ කළ  අයෙකි..ඔහු ඇසුරින්,කුඩා ඇල්බට්  සරිගම අත්පොත් තැබීය. ඔහුගේ පියා ,ජිනෝරිස්  වඩු බාස් උන්නැහේත්  වයලින් වාදනයට සමතෙක්. මෙතෝදිස්ත බැතිමතියක් වු මව  මෙතෝදිස්ත පල්ලියේ ලයාන්විතව ගීතිකා ගායනා කළ කාන්තාවකි  . මෙම සංකලනය ,කුඩා අවදියේ ඔහුට විහාරස්ථානයේ මෙන් ම පල්ලියේ සස්කෘතිය හා  ගායනා විලාශයන් හා සබැදි අත්දැකීම් වලින් පෝෂණය ලබන්නට අවස්ථාව සැළසිනි.

සිය බාල පුතනුවන්ගේ සංගීත හැකියාවන් මැනවින් හදුනා ගෙන සිටි පියා,ඔහුගේ  හත්වන උපන් දිනයේදී , සියතින් තැනූ වයලීනයක්, ඔහුට ජන්ම දින තිලිණය ලෙස පිරිනැමුවේය

අතිශයින් ව්‍යක්ත ,ආකස්මික ලේඛන රීතියකින්, අමරදේවයන් සිය ළමා විය තොරතුරු සංක්ෂිප්තව  හකුළුවා දක්වන්නේ මෙසේය.

“වෙණ නදින් ගී සරින් නිබඳ ගුම්ගත් ගෙදරත්, හදට දැනෙන මන්ද සරින් කවි ගී සිලෝ ගාථා ගැයූ ධම්මතිලක හිමිපාණන් වැඩ විසූ ගමේ පන්සලත්, මහ පඬි කුමරතුඟු මුනිදසුන් අනුශය, කේ . ජේ . පෙරේරා ගුරු පිය සෙවණ ලැබූ ගමේ ශ්‍රී සද්ධර්මෝදය පාසැලත් මගේ ජීවන ප්‍රණිධාන සෑදූ ආශ්‍රම විණි. වයසින්, නුවණින් මුහුකුරා යත් ම ගායනය, වාදනය, භාෂණය මතු නොව ලේඛනය ද මට මහත් සොම්නසක් ගෙනදුනි.” – (නාද සිත්තම් – අමරදේව)

W D Amaradewa - eLanka

ඇල්බට් සිය ප්‍රාථමික අධ්‍යාපනය කොරළවැල්ලේ ශ්‍රී  සද්ධර්මෝදය විද්‍යාලයෙන් නිමා කර,වැඩිදුර අධ්‍යාපනය , පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුව විද්‍යාලය ආදී පාසල් ගණනාවකින්  ලද බැව් සදහනි.  මොරටු විද්‍යාලයේදී  ඇල්බට් සිසුවා  පද්‍ය ගායනා  තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගෙන සිය කුසලතා ඉදිරිපත් කිරීම පිණිස දිවියේ හාපුරා  ගුවන්විදුලි කාර්යාලට පැමිණේ.

දාහත් හැවිරිදි ගැටවර ඇල්බට්, ගවුස් මාස්ටර් ගේ,1947 අප්‍රේල් 09 වැනි දින  තිරගතවූ “අශෝකමාලා” චිත්‍රපටයෙහි  තාපසයාගේ චරිතය රඟපාමින් ‘ඇයි කරේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැර දේශිත තිලොනා’ යන ගී දෙක ද ගායනා කළේය.

‘ඇයි කරේ යමෙක් ආලේ’…ගීතය

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයට  පසබිම්  සංගීතය  සම්පාදනයෙන්  හා  ගීත  ගායනයෙන් සිංහල නාට්‍ය ක්ෂේස්ත්‍රය ද හේ දිග්  විජය කළේය.. ගුවන්විදුලියෙහි ගායන ශිල්පී වර්ගීකර්ණය සඳහා සපැමිණි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී රතන්ජංකර් පඬිතුමා විසින්, ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස නම් කරන ලදී.

W D Amaradewa - eLanka

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර , ලයනල් එදිරිසිංහ,ඩී. බී. ධනපාල යන වියතුන්ගෙන් ලද අනුග්‍රහයෙන් හෙතෙම ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළත්වුයේ අමරදේව යන කීර්තිමත් අමරණීය නාමය  දරමිණි.

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේදී  අමරදේව ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන් වැනි ශ්‍රේෂ්ඨ සංගීතාචාර්යවරුන්වෙ තින් ශ්‍රැති ,රාග ,තාල , ළය යන සිවු සංගීත  ඥානය ද පරතෙරට උගත්තේය. 1956 වසරේදී සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගන්නට ඔහු සමත් විය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ද, චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ද අමරදේවයන් දිනාගත් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන සංඛ්‍යාව  අපමණය.

2001 දී පිලිපීනයේ Ramon Magsaysay සම්මානය ද , 2002 වසරේදී ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය ද ,පේරාදෙණි, කැළණි,රුහුණු සරසවි ත්‍රීත්වයන් විසින්  අචාර්ය උපාධියෙන් ද  එතුමන්ට ගෞරව දක්වනු ලැබිණි. අමරදේවයන්ගේ අභාවයෙන් පසුව ,2017 දී ශ්‍රී ලංකා රජය විසින්,  ශ්‍රී ලංකාභිමාන්‍ය ඉහළම ජාතික ගෞරව සම්මානය පුද කරමින්, එතුමන්ගේ ශ්‍රීනාමය අගය කළේය. මෙපරිද්දෙන් දේශයේ  හා ජාත්‍යන්තරයේ   යශෝරාවයට පත් වුවද ,අමරදේවයන්  දිවිපෙවෙත  ඉතා සරලය.අනතිමානී ගුණයෙන් පිරිපුන්ය.ලෝකයා  එතුමන් දෙපාමුල සම්මාන ,ආචාර්ය පට්ටම් සහසක් ඇතිරුවද , එතුමා මිහි මත පය තබා දිවි ගෙවූ සාමාන්‍ය පුද්ගලයෙක් විය.බුද්ධිමත් මිනිසුන්,රසිකයන්  ප්‍රිය කලේ ඒ සරලකමටය. අමරදේවයන්ගේ මුළු දිවිපෙවෙත පුරා විද්‍යාමානවූයේද අව්‍යාජ්‍ය වූ ඒ  උත්තරීතර සරල ස්වභාවයයි.

ගායන ක්ෂේස්ත්‍රයෙහි ඔහු පෑ අභිමන් විකුමන්  විමසත්ම,සිරුරින් කුඩා මේ  සොදුරු මිනිසාගේ ,යෝධ සංගීත විශාරදත්වයේ මහිමය මෙතෙකැයි කියා නිම කළ නොහැකි සෙයක් හැගේ.

චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භාව පුර්ණ පද සංයෝජනයක් , සිය භාවාත්මක මියුරු සරින්  පමණක්‌ නොව, තම  විපුල සංගීත ඥානයෙන් වර්ණවත් කර,මනෝරම්‍ය  හැගුම්බර ගීතයක් බවට පත්කළ අපුර්වතාව ,පහත

දැක්වෙන ගීතයෙන් තීව්ර ලෙස ගම්‍ය වේ.

“ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ….”

මෙම ගීතය ,යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරවන සුළුය.

ප්‍රේම තටාකේ

W D Amaradewa - eLanka

w.d amaradewa

 

1959 අමරදේවයන්ගේ සෞන්ධර්ය චාරිකාවේ හැරවුම් ලක්ෂය සනිටුහන්වූ   වසරක් වේ.   අමරදේවයන් ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධානී  තනතුරින් පිදුම් ලබන්නේ එම වර්ෂයේ දීය. එහිදී තවත් දෛවෝපගත සිදුවීමකින් ඔහුගේ සංගීත වන්දනාව  නව ජීවනයක් ලබයි. 1960 වසරේදී මහගම සේකර  ගුරු වෘත්තිය හැරදා , නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය. සේකරයන්ගේ එම  ආගමනය අප දකින්නේ    අමරදේවයන්  හා බැදී පැවති පෙර   සසර සැරූ හුරුවේ ප්‍රතිපලයක් ලෙසිනි.   සේකරයන් හා   අමරදේවයන්  පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලි මහගෙදරදීය.  මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මග පෙන්වීම යටතේ ,ගුවන්විදුලි ඉතිහාසයේ නොමියෙන  ‘මධුවන්ති’සංගීත දැහැන අමරදේව සේකර යුග පුරුෂයින් අතින් නිර්මාණවේ.  ‘මධුවන්ති’සංගීත දැහැන,  ගුවන්විදුලි තරංග ඔස්සේ ගම්  නියං  ගම්  තරණය කරන්නේ,ශ්‍රාවකයින් ඒකාත්මික කරමිනි.‘‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා  වෙසෙසින් සදහන් කළ යුතුය.

’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව – සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි   ‘ඈත කඳුකර හිමව්අරණේ’  අමරදේව, සේකර නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලයක්  ලෙස නිපන් ප්‍රශස්ත ගීතයකි. එය නිර්මාණය වන්නේ  චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ ඉඟි නළුවේ තේමා ගීතය ලෙසිනි.

“මධුවන්ති”.ගුවන්විදුලි වැඩසටහනට ,සේකර නිර්මාණය කළ  අමරදේව ඔහු හා  එකාත්මිකව සප්ත ස්වරයට නගාලූ ,”රත්න දීප ජන්ම භූමි “ සමස්ත ජාතියේ අභිවාදනයට ලක් වූ ,දේශ වාත්සල්‍ය කුළුගන්වන සුළුවූ හැගුම්බර ගීතයකි.

රත්න දීප ජන්ම භූමි

ජන්ම භූමිය රත්න දීපයකැයි රූපකාර්ථයෙන් ගෙන ඇත්තේ ඒ සියලු ගුණ ජන්ම භූමියේ ඇති බැවිනැයි ශ්‍රාවක සිතට ග්‍රහනයවේ .. මෙහිදී සංස්කෘත සාහිත්‍යයෙහි  ජන්ම භූමිය හදුන්වා ඇති ස්වරූපය නිතැතින් ම අප සිහියට නැගේ. ඒ කෙසේද යත්, ජන්ම භූමිය  මවට සමාන කරමිනි. ස්වර්ගයට අසමාන කරමිනි.  ස්වර්ගය පහත හෙලමිනි.

”පිලේ පැදුර හේනට අරගෙන   එනවා

එලා පැදුර මැස්සේ එහි   සැතපෙනවා”

ගෙපැලේ,ගොම පිරිමැදි  පිලේ එලා එහි සැතපෙන ගැමි තරුණයා  ඉර අවරට යමින් බිම්  කළුවර ගම පියස වසා ගන්නා  නිමේෂයේ  එම පැදුරම හකුළා තුරුළු කරන් හේන රැකගන්නට  පැලට යයි.තම ජීවිතයට අරුතක් එක් කළ  නෑනා අද ඔහුගෙන් වෙන්ව ගොසිනි. තරුණයා තනිවී සිටී.සේකරයන් එය අපට හගවන්නේ ”රටා වියපු අත්දෙක මට සිහිවෙනවා” යන  දෙපදයෙනි. තරුණයා නිදා සිටින්නේ තම පෙම්වතිය පෙර දිනක ඇගේ ඇගිලි තුඩින් වියන ලද පැදුරේය. මහගම සේකරයන් පැබදු එම පදමාලාව ,අමරදේව ශුරීන් ජන සංගීතමය ද්වනියකින් භාවාත්මක සරින් ගයන්නේ, ශ්‍රාවකයා එම අත්දැකීම තත්‍ය ලෙසින් ම  විදින්නේකුගේ ස්වභාවයට පමුනුවාලමිණි.

“පිලේ පැදුර හේනට අරගෙන යනවා .” හිරිමල් යොවුන් වියේ  අමරදේවයන්  එම ගීය ගයමින්

මහගමසේකර, අමරදේව සුසංයෝගය,සිංහල  සිනිමා වංශය වෙත ද ලබාදුන්නේ ප්‍රාතිහාර්යාත්මක ආලෝකයකි. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ)වන්  ගීත ඊට නිදසුන්ය.

අමරදේවයන් සතුවූ හඬ පෞරුෂය  හා බැදි ප්‍රතිභාව අසන්නන් දැහැන්  ගත කිරීමට ඉවහල්  වන සුවිශේෂී ඉරියවු පද්ධතියක් ද ,ඔහුගේ ගායන විලාශයේ දී මතුවන සෙයක් දිසේ.එතුමන්  සිය හිස , දෑත සහ සිරුර ගීතයේ භාවයන් අනුව නම්‍යශීලී ලෙසින්  මෙහෙයවන්නේ ,රසිකයන්  සිත් ඇදගන්නා  ආකාරයෙනි.

1963 වසරේ අගෝස්තු 27 වැනිදා,අමරදේවයන්,දිගුකාලීන පෙම් සබැදියාවකින් පසුව  විමලා සමග යුග දිවියට පිවිසේ.ඇය දක්ෂ ජන ගී  ගායිකාවක් සහ නර්තන ශිල්පිනියකි.  විවාහයේ සාක්ෂිකරුවන් වුයේ එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි. එම විවාහයෙන් අමරදේව   විමලාට යුවළ  එක් පුතෙක්  (රංජන්  ) සහ දියණියන්දෙ දෙනෙක් (සුභානි, ප්‍රියංවදා) ලදහ..ඔවුහු ද දක්ෂ ගායන ශිල්පින්ය .

W D Amaradewa - eLanka

අමරදේවයන් සිය බිරින්දෑ විමලාවන් සමග ,ජනගී ආර  ඇසුරින් නිර්මාණිත යුග ගී රාශියක් ගීත සාහිත්‍යයට දායාද කර ඇත.

W,D amaradewa family - eLanka

W. D Amaradewa with his family - eLanka

අමරදේව සංගීත වාද්‍ය වෘන්ධය – අමරදේව යුවල සිය දරු තිදෙනා සමග.

1993 වසරේ  දෙසැම්බර් මස 5 වන දින, අමරදේව ශුරීන්ගේ 66 වන ජන්ම දිනය වෙනුවෙන් , මා   ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් සේවයෙහි නිරතව සිටි යුගයේ , ,හය වන මැදිරියෙහි උපහාර උත්සවයක්, මවිසින් සංවිධානය කළෙමි.එම අවස්ථාවේ කරන ලද ගුවන්විදුලි පටිගත කිරීමක් මට මෑතකදී  ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ලැබිණි. එහිදී ඊට සහභාගීවූ එක්  රසිකයෙක්,වේදිකාවේ සිටි අමරදේව ශූරීන් ගෙන් මෙබදු පැනයක් විමසීය.

“ඔබතුමා ගැයූ ගීත අතරින් ,මුලින් ම ඔබම  ප්‍රබන්ධය කර  මුලින්ම ගුවන්විදුලියට  ගායනය කළ ගීතය කුමක්ද ?

එතුමන්  අති  නිහතමානී කලාකරුවෙක් බව පසක් කරමින්,

“ ප්‍රිය රසිකය ,”ශාන්ත මේ රෑ යාමේ” මා ලියූ ,මගේම සංගීතය යොදා   ගැයූ මුල්ම ගුවන්විදුලි  ගීතයයි.”

පිළිවදන් දෙමින්,  ප්‍රේක්ෂකයන් ඉදිරියේ එම ගීතය සුගානය කලේ,රසිකයින්ගේ ගිගුම් දෙන අත්පොලසන් හඩ මධ්‍යයේය.ගායනය අවසානයේ , එතුමන් “ශාන්ත මේ රෑ යාමේ” ගීතයේ පදවැල  සහ  තනුව පිළිබදව ද අපුර්ව ශාස්ත්‍රීය පුර්විකාවක් ඉදිරිපත් කළේය.

“ මා එම අමරණීය ගීතය ලියන්න අත්දැකීමක් ලද අයුරුත්, තනුව පිලිබදවත්  අපුර්ව රහසක් ඔබ සැම හමුවේ හෙළි කරන්නම්.මම කළුතර විද්‍යාලයේ  ඉගෙනගන්නා කාලයේ දුටු  කළු ගඟත්, කළුතර බෝධියත්, හරිම අපූරු සිතුවමක් මගේ හිතේ ඇන්දා. ඒක කවදාවත් මැකෙන්නෙ නැති තරමට මා සිත් තුළ සැගවී  තිබුණා. වෙසක් පොහොයත් ඊට සම්මිශ‍්‍ර කරගෙන හිතේ ඇඳුණු අදහස කේන්ද්‍ර කරගෙන තමයි මා අතින් මේ    ගීතය නිර්මාණය වන්නේ.

මේ ගීතයේ සංගීත නිර්මාණයෙනුත්  අපුර්වතාවයක් මතුවෙනවා.

1939 පන්කාජ් මලික් ගායනා කළ   “පියා මිලන කෝ ජානා” හින්දි ගීතයේ   ස්වර දැහැනේ  අනුකරණයෙන් තොරව දැවැටී, එහි භාවමය මුඛ්‍ය  රසය, අලංකාරය පමණක් ගෙන ,ගීතයේ මුඛ්‍ය අදහස කුළු ගන්වන ලෙසින් මා  සංගීත ද්වනිය   නිර්මාණය කළා.…” .

‘ශාන්ත මේ රෑ යාමේ

දේ කුමුදු මලේ සිරියා

සඳ කාන්ති වැදී සෞම්‍යා

එයි නැගී හද ප්‍රේම තරංගා

මේ අමා දහරේ

නෙක තුරුලිය නැළැවෙන්නේ

මේ සීතල මඳ පවනේ….”;

ශාන්තවූ නිශා යාමයක,  නිසල වැව් තලයක, සඳ රැස් පහසින් සුපිපි කුමුදු මලක සිරියාව සිත්තම් කෙරෙන  මෙම ගීතය,සදාතනික සත්‍යතාවක් අප හදවත ස්පර්ශ කරවන  සම්භාව්‍ය ගී මිනක් ලෙසින් අගය කළ හැකිය.එමගින් ලොව  සියල්ල අනියතය යන  ජීවන සත්‍යතාවයේ ගැඹුරු අරුත ද්වනිත කරවයි. ලෞකික සුන්දරත්වයේ මිහිර ඇලීම්,බැදීම් වලින් විමුක්තව රස   විඳිම යෙහෙකි. මිනිස් දිවි පෙවෙතේ  ප්‍රබෝධයට සුන්දරත්වය ඇවැසිය.එනමුදු  අනවශ්‍ය ලෙස මනසින් හදවතින් එය ,බදා වැළද  ග්‍රහණය කර ගැනීම නොකළ යුතුය යන සදාතනික පණිවිඩය , “ශාන්ත රෑ යාමේ.. ගීතයේ ව්‍යාංගාරථය ලෙසින් සැලකිය හැකිය.

වසර 60කට අධික කාලයක් සිංහල සංගීතයේ අභිවෘද්ධියට අසමසම දායකත්වයක් ලබාදුන්,සිංහල සංගීතයේ,ගීත සාහිත්‍යයේ නව ගමන් මගක් නිර්මාණය කළ  පණ්ඩිත අමරදේව යුග පුරුෂයාණන්   2016 නොවැම්බර් මස 03 වන දින ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරියෙන් සමු ගත්තේය. එතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනය කරමු..

මා මළ පසු සොහොන් කොතේ

pandith W D Amaradewa

W D Amaradewa - eLanka

ලිපියට අදාළ දුර්ලභ  සේයාරූ සපයාදීම පිලිබදව ,අමරදේව පුත්,රන්ජන් අමරදේවයන්ට අපගේ මහත් කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

2015 වසරේදී ,අමරදේව ,විමලාවන් සමග සහභාගීවූ,”සසර වසනතුරු  සංගීත ප්‍රසංගය

TAGGED:Masterඑදිරවීර සරච්චන්ද්‍රපබාවතී
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Saira Jabeen, An emerging female talent from Pakistan lands cricket contract in Australia SYDNEY:
Next Article JEHAN RAHEEM OBITUARY : JEHAN RAHEEM – By Hugh Karunanayake
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
The Brad & Kiara Show

The Brad & Kiara Show

Omar Hazari: Excellence in Eloquence

Sri Lanka’s Steady Rise-A Small Island Delivering Big Progress-by Harold Gunatillake

Sri Lanka’s Steady Rise: A Small Island Delivering Big Progress-by Harold Gunatillake

A Sri Lankan Expat’s Perspective from Canada-by Harold Gunatillake

US tariff reduction Sri Lanka

Sri Lanka Wins Major Trade Relief as US Slashes Tariffs from 44% to 10%

Related News
Mullaitivu mangrove restoration
Articles

Communities Drive Mangrove Restoration in Mullaitivu to Boost Climate Resilience

Articles

Community Engagement Newsletter – 24 July 2026

Colombo Literary Festival 2026
Articles

Colombo Literary Festival 2026 Opens at Independence Square with Shashi Tharoor as Chief Guest

Pali Language Studies in Sri Lanka
Articles

India and Sri Lanka Join Hands to Strengthen Pali Language Studies in Colombo Symposium

Pugoda Magistrate Court
Articles

New Pugoda Court Complex Inaugurated , A Boost for Justice Infrastructure in Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.