News & Community eLanka

eLanka

Tuesday, 21 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ප්‍රේමදාස ජනාධිපතිතුමන් දීවංගතවී 32 වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr Gamini GoonetillekeMalsha Madhuhansi

ප්‍රේමදාස ජනාධිපතිතුමන් දීවංගතවී 32 වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: April 29, 2025 5:48 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
20 Min Read
SHARE
Views: 55

ප්‍රේමදාස ජනාධිපතිතුමන් දීවංගතවී 32 වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

President Ranasinghe Premadasa

Image Source : srilankaguardian

2025 මැයි 01 දිනට, ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්  දිවංගතවී  32 වසරක් සපිරේ. එතුමා  තැලෙන පොඩිවන  ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන්   සුවිසල් ජන මෙහෙවරක්  ඉටුකළ ,මානව   හිතවාදී ජන නායකයෙකි. වත්මන් පරපුරට එම ජන මෙහෙවර  සිහිපත් කිරීම පිණිස, එතුමා සමීපයෙහි දිගු කාලයක් රාජකාරියෙහි නියැළි  සිටි රාජ්‍ය නිලධාරියෙක් ලෙසින් මෙවන් සටහනක් තබන්නේ මහත් කෘතවේදීත්වයෙන් යුක්තවය.

මට එතුමානන් මගේ රාජකාරි දිවියේදී මුලින්ම හඳුනා  ගන්නට ලැබෙන්නේ,අහඹු  සිදුවීමක් පාදක කරගෙනය.ඒ ,1988 වසරේ  මා,කොළඹ මහ නගර සභාවේ පුණ්‍ය කොමසාරිස් ලෙසින් සේවය කරමින් සිටි අවධියෙහිය.එම වසරේ පෙබරවාරි පළමුවැනි දින සිට,

කොළඹ නගරයේ සියළුම පාසල් සිසුන්  සඳහා නොමිලයේ දිවා ආහාර වේලක් සැපයීමේ කාර්යභාරය ඉටු කරන ලෙසට, ප්‍රේමදාස ජනපතිඳුන් ගෙන්,කොළඹ එවකට සිටි නගරාධිපති සිරිසේන  කුරේ මහතා වෙත ජනවාරි 15 දින  ඉල්ලීමක් යොමුවේ. එය අනිවාර්යෙන්ම පෙබරවාරි 01 වන දින සිට ආරම්භ කළ යුතු බව ද අවධාරණය කර  තිබිණි.දෙසතියක් වැනි සුළු කාලයක්තුළ, එම කාර්ය සංවිධානය කර ගත නොහැකි බව, නගර සභා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලු දෙනාගේම අදහස විය. මම එම අභියෝගය භාරගතිමි.

1988 පෙබරවාරි 01 දින , මරදාන සංඝරාජ් මහා විද්‍යාලයේදී පැවැති උත්සවයේදී,පෙරවරු 11.00 ට   එහි එක්  සිසු දරුවෙක් වෙත, ජනාධිපතිතුමන් විසින් ,සංකේතාත්මකව ප්‍රථම දිවා ආහාර වේල පිරිනමනු ලැබිණි.එම මොහොතේම , කොළඹ නාගරිකය තුළ  පිහිටි පාසල් 134 හි සිසු දරු දැරියන් 134,154 ට දිවා අහාර වේල සැපයීම ඉතාමත් කාර්යක්ෂම අන්දමින් සිදුකිරීම මෙහෙයවීමට  මම සමත්වීමි. සිරිසේන කුරේ  නගරාධිපතිතුමා , මා උත්සව සභාවේ වේදිකාවට කැඳවා, දෙසතියක් වැනි සුළු කාලයක් තුළ, මෙම කාර්යය ඉටු කරන ලද්දේ පුණ්‍ය කොමසාරිත් ලෙසින් රාජකාරි කරන ම විසින් බැව් ජනපතිඳුන් වෙත සැළකර සිටියේය. එම අවස්ථාවේදී එතුමා  මගේ කාර්යක්ෂමතාවය බෙහෙවින් අගය කිරීමට තරම් නිහතමානී  විය.

එවක් පටන්, ප්‍රේමදාස ජනපතිඳුන් විවිධ රාජකාරි කටයුතු සඳහා මා කැඳවා ගැනීමට තරම් කෘතවේදී විය. 1989 මහියංගනය,1990 මහනුවර පල්ලෙකැලේ,1991 කඹුරුපිටිය,1992 බුත්තල පැවැති  ගම්උදා වැඩසටහන්හි,”මාපිය දුදරු රැකවරණ”ව්‍යාපෘතිය වන්  විවිධ ක්‍රියාකාරී සේවාවන් සඳහා නියුක්ත වීමට අවකාශය සැලසිණි.

එතුමන් බිහිකළ ශ්‍රී සුචරිත ව්‍යාපාරය. 
ප්‍රේමදාස මහතා සුචරිත ළමා සංගමය ආරම්භ කරන්නේ ,සිය පහළොස් වන  වියේදීය. එය පසුව ශ්‍රී  සුචරිත ව්‍යාපාරය බවට පත් විය.ශ්‍රී සුචරිත ව්‍යාපාරය මගින්, ප්‍රේමදාස ජනපතිඳුන් ,යහපත් ගුණ දහමින් සපිරි සමාජයක් බිහිකිරීම උදෙසා  ලබා දුන්ම ඟපෙන්වීම අති ප්‍රශස්තය.  මෙම ව්‍යාපාරයට ඇතුළත් වූ තරුණයින් මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටි අතර දුම්පානය සහ සූදුව අත්හැරියහ.චිත්ත විවේකාරාමය,ශ්‍රී  සම්බෝධි විහාරය සහ හින්දුකොවිල් කිහිපයක් මැනවින් නඩත්තු කරමින් ,ඒවායේ අඛණ්ඩව ආගමික වැඩසටහන් මෙහෙයවන්නට සුචරිත ව්‍යාපාරය මූලිකත්වය ගෙන කටයුතු කළේය.එතුමාගේ එම වැඩපිළිවෙල සාර්ථක කරලන්නට , ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ ආගමික කමිටුවේ ලේකම් ලෙසින්,මට ද කිසියම් දායකත්වය ලබා දීමේ භාග්‍ය හිමි විය.

එතුමා ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ,විජමු ලොකුබණ්ඩාර මහතා ප්‍රධාන සාමාජිකයින් සමග,චිත්ත විවෙකාශ්‍රමයේ ආගමික වැඩසටහනකට සහභාගී වෙමින්.

ranasinghe premadasa

එතුමා ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ,විජමු ලොකුබණ්ඩාර මහතා ප්‍රධාන සාමාජිකයින් සමග, චිත්ත විවෙකාශ්‍රමයේ ආගමික වැඩසටහනකට සහභාගී වෙමින්.

නාගරික වැඩිහිටි නිවාසය ,තලවතුගොඩ චිත්ත විවේකාශ්‍රම අරණ අද්දරට.

පුණ්‍ය කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ, නාගරික වැඩිහිටි නිවාසය පිහිටියේ වනාතමුල්ලේ,පැල්පත් සහ  මුඩුක්කු පැතිරී , ඉතා ඝෝෂාකාරී පරිසරයක්  මැදි කර ගනිමිනි.එම කලබලකාරී පරිසරය, වියපත් මාපියන්ගේ නිසල නිහඬ දිවිපෙවෙතට කිසිසේත් උචිත නොවීය. ජනාධිපතිතුමා පුන් පොහෝ දිනක, චිත්ත විවේකාශ්‍රමයෙහි ,සිල් සමාදන්ව සිටි අවස්ථාවක, ඉහත පුවත එතුමාණන්ගේ අවධානයට යොමු කළෙමි. අක්කර තිහකට ආසන්න භුමි  භාගයක, වැවක් අද්දර කමනීය පරිසරයක  පිහිටි චිත්ත විවේකාශ්‍රම පරිශ්‍රයෙන් ,සුළු ඉඩම් කොටසක් නාගරික වැඩිහිටි නිවාසය වෙනුවෙන් වෙන්කර දීමේ යෝග්‍යතාව එතුමන්ට පැහැදිලි කර දීමට අවස්ථාවක් සැලසිණි. එතුමා,ඒ සඳහා  ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ  ඉමහත්  කැමැත්තෙනි.එහි ප්‍රතිඵලයක් වශයෙන්,නාගරික වැඩිහිටි නිවාසය,චිත්ත  විවේකාශ්‍රම යාබද භූමි භාග්‍යයේ කඩිනමින් ගොඩනැගිණි.එහි නිවැසි  වියපත් මාපියවරුන්ට,යාබදව පිහිටි චිත්ත විවේකාශ්‍රම ආරාමයට පිවිස ,නිති ආගමික වතාවත්හි  නිරතවන්නට  මහඟු අවස්ථාවක්  සැලසිණි.

චිත්ත විවේකාශ්‍රම

චිත්ත  විවේකාශ්‍රම යාබද භූමි භාග්‍යයේ ස්ථාපිත  නාගරික වැඩිහිටි නිවාසය

කලින් නාගරික වැඩිහිටි නිවාසය පිහිටි වනාතමුල්ලෙහි අක්කර තුනක පමණ භූමි භාගයෙහි,’සහස්පුර’  නමින්  මහල් 14ක,නාගරික දුප්පතුන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීමට යෝධ නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීමට ප්‍රේමදාස ජනපතිඳුන් පියවර ගත් අයුරුද,මෙහිදී සිහිපත්වේ.

සහස්පුර

ප්‍රේමදාස ජනපතිඳුන්, වනාතමුල්ලේ නාගරික වැඩිහිටි නිවාසය පැවති භුමි භාගයේ ඉදිකරවූ’සහස්පුර’ මහල් නිවාස සංකීර්ණ.

බහිරව කඳු මුදුනේ, සමාධි පිළිම වහන්සේ ඉදිකරලන්නට, ප්‍රේමදාස ජනපතිඳුන් ලබා දුන් දායකත්වය. 

සහස්පුර

image Source : budupilima

90 දශකයේ මුල් භාගයේ ,මම රාජකාරියෙහි නියුක්තව සිටියේ මහනුවර නාගරික කොමසාරිස් ලෙසිනි. මගේ රාජකාරි දිනපොතේ දිස්වන සටහන පරිදි,නිශ්චිත දිනය,1992 මැයි 16 වන දිනය. එදින සැඳෑ යාමයේ මා,නුවර   වැවු ඉස්මත්තේ රජ පිහිල්ල මාවත කදු සිරසක පිහිටි   රජයේ නිවාඩු නිකේතනය වෙත පියමන් කළෙමි. ඒ ,එම සති අන්තයේ එහි පැමිණ සිටි ජනාධිපතිතුමා හමුවීම පිණිස එතුමාගේ ආරාධනයෙනි.  නිවාඩු නිකේතනයේ සදළුතලයේ අසුන්ගෙන,එතුමන් සමඟ තේ පානය කළේ, නාගරිකයෙහි තොරතුරු පිළිබඳව එතුමන් විමසූ තොරතුරු වලට පිළිවදන් දෙමිනි. 

ඒ වනවිට බහිරව කන්ද බටහිර දෙසින් වියපත් හිරු රැස් මහනුවර පුරවරය සිප ගනිමින් පැතිරෙමින් පැවතිණි. ජනපතිතුමන්ගේ අවධානය යොමු කිරීම පිණිස කලක සිට මා සිතේ තෙරපමින් පැවති කරුණක්  එතුමාට සැළ  කිරීමට මෙය  සුදුසුම අවස්ථාව බව මට හැඟිණි.හරිත වන පියස අතරින් බහිරව කදු මස්තකයෙහි, අහසට නැගී සිටි කිසියම් ඉදිකිරීමක් කෙරෙහි මා ජනපතිදුන් ගේ අවධානය යොමු කළෙමි.

“සර්, බහිරව කදු මුදුනේ අර පේන  බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අතර මග නැවතිලා…” ජනාධිපතිතුමා සිය දැස් වෙත  යොමු වන හිරු රැස් දෑත් වලින් ආවරණය කර ගනිමින් බහිරව කදු මුදුනේ දිස් වන නව ඉදිකිරීම මොහොතකට  නිරීක්ෂණය  කිරීමට  දැක්වුයේ  දැඩි  උනන්දුවකි.  අනතුරුව මා දෙසට හැරුණු ජනාධිපතිතුමා,  “  ඇයි එකේ වැඩ නතර වෙලා තියෙන්නේ…”  “ අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අපහසුව..” මම නොවළහා  පිළිවදන් දුනිමි.  “ ගාමිණී  අපි හෙට උදේ වරුවේ එතෙන්ට ගිහින් බලලා අවශ්‍ය  උදව්වක් පදව්වක් කරමු….” මා සිතට දැනුනු සතුට අපමණය.

ජනාධිපති තුමා ගෙන් සමුගත් මා, බහිරව කදු  මුදුනේ පිහිටි ශ්‍රී  මහා බෝධි මහා විහාරය වෙත සමීප වුයේ ,පසු දින පෙරවරු ජනාධිපතිතුමා මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණෙන බැව් , එහි විහාරාධිපති ධම්මාරාම හිමියන්ට සැළ කිරීම පිණිසය. උන් වහන්සේ  මහත් සතුටට පත්වූ සෙයක් දැනිණි. ආපසු ඒමට පෙර පිළිම වහන්සේ පිලිබදව  තොරතුරු නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා සටහන් කරගතිමි.

පසු දින උදැසනම, මවිසින් බහිරව කන්ද බුදු පිළිම වහන්සේ පිලිබදව සැකසු සංක්ෂිප්ත  වාර්තාව ජනපතිදුන් අතට  පත් කළෙමි.එතුමා එය අධ්‍යනය කර , ඒහා සබැදි වැඩිදුර තොරතුරු විමසන ලද්දේ ,එම කාර්ය සදහා තමන්ව යොමු කිරීම පිළිබදව  සිය කෘතවේදීත්වය ද   පලකරලමිනි.

90 දශකයේ මුල් භාගයේ ,මම රාජකාරියෙහි නියුක්තව සිටියේ මහනුවර නාගරික කොමසාරිස් ලෙසිනි. මගේ රාජකාරි දිනපොතේ දිස්වන සටහන පරිදි,නිශ්චිත දිනය,1992 මැයි 16 වන දිනය. එදින සැඳෑ යාමයේ මා,නුවර වැවු ඉස්මත්තේ රජ පිහිල්ල මාවත කදු සිරසක පිහිටි රජයේ නිවාඩු නිකේතනය වෙත පියමන් කළෙමි. ඒ ,එම සති අන්තයේ එහි පැමිණ සිටි ජනාධිපතිතුමා හමුවීම පිණිස එතුමාගේ ආරාධනයෙනි. නිවාඩු නිකේතනයේ සදළුතලයේ අසුන්ගෙන,එතුමන් සමඟ තේ පානය කළේ, නාගරිකයෙහි තොරතුරු පිළිබඳව එතුමන් විමසූ තොරතුරු වලට පිළිවදන් දෙමිනි. ඒ වනවිට බහිරව කන්ද බටහිර දෙසින් වියපත් හිරු රැස් මහනුවර පුරවරය සිප ගනිමින් පැතිරෙමින් පැවතිණි. ජනපතිතුමන්ගේ අවධානය යොමු කිරීම පිණිස කලක සිට මා සිතේ තෙරපමින් පැවති කරුණක් එතුමාට සැළ කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව මට හැඟිණි.හරිත වන පියස අතරින් බහිරව කදු මස්තකයෙහි, අහසට නැගී සිටි කිසියම් ඉදිකිරීමක් කෙරෙහි මා ජනපතිදුන් ගේ අවධානය යොමු කළෙමි. “ සර්, බහිරව කදු මුදුනේ අර පේන බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අතර මග නැවතිලා...” ජනාධිපතිතුමා සිය දැස් වෙත යොමු වන හිරු රැස් දෑත් වලින් ආවරණය කර ගනිමින් බහිරව කදු මුදුනේ දිස් වන නව ඉදිකිරීම මොහොතකට නිරීක්ෂණය කිරීමට දැක්වුයේ දැඩි උනන්දුවකි. අනතුරුව මා දෙසට හැරුණු ජනාධිපතිතුමා, “ ඇයි එකේ වැඩ නතර වෙලා තියෙන්නේ...” “ අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අපහසුව..” මම නොවළහා පිළිවදන් දුනිමි. “ ගාමිණී අපි හෙට උදේ වරුවේ එතෙන්ට ගිහින් බලලා අවශ්‍ය උදව්වක් පදව්වක් කරමු....” මා සිතට දැනුනු සතුට අපමණය. ජනාධිපති තුමා ගෙන් සමුගත් මා, බහිරව කදු මුදුනේ පිහිටි ශ්‍රී මහා බෝධි මහා විහාරය වෙත සමීප වුයේ ,පසු දින පෙරවරු ජනාධිපතිතුමා මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණෙන බැව් , එහි විහාරාධිපති ධම්මාරාම හිමියන්ට සැළ කිරීම පිණිසය. උන් වහන්සේ මහත් සතුටට පත්වූ සෙයක් දැනිණි. ආපසු ඒමට පෙර පිළිම වහන්සේ පිලිබදව තොරතුරු නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා සටහන් කරගතිමි. පසු දින උදැසනම, මවිසින් බහිරව කන්ද බුදු පිළිම වහන්සේ පිලිබදව සැකසු සංක්ෂිප්ත වාර්තාව ජනපතිදුන් අතට පත් කළෙමි. එතුමා එය අධ්‍යනය කර , ඒහා සබැදි වැඩිදුර තොරතුරු විමසන ලද්දේ ,එම කාර්ය සදහා තමන්ව යොමු කිරීම පිළිබදව සිය කෘතවේදීත්වය ද පලකරලමිනි.

බහිරව කන්ද බුදු පිළිම වහන්සේ පිලිබදව සැකසු සංක්ෂිප්ත වාර්තාව,මවිසින්  ජනපතිදුන් අතට පත් කළ අවස්ථාව.

පහත දැක්වෙන සංවේදී  තොරතුරු තත් සංක්ෂිප්ත වාර්තාවට ඇතුළත් කිරීමට මම සැලකිලිමත් වූවෙමි. 

බහිරව කන්ද මස්තකයෙහි , මුළු නගරයටම දර්ශනය වන ආකාරයට සමාධි පිළිම වහන්සේ නමක් මෙහි ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ  1978 වර්ෂයේදී ය. අඩි 650 ක උන්නතාන්ශයකින් යුත් කදු මුදුන්හි , අඩි 88 ක් පමණ උසකින් මෙම පිළිමය නිර්මාණය කෙරේ ප්‍රතිමා වහන්සේ .සමාධි මුද්‍රාවෙන්, වීරාසනයෙහි වැඩහිදිනා අයුරින් නිර්මාණය කිරීමට අපේක්ෂිතය. මෙහි නිර්මාණය ,  විජේසේකර නමැති ප්‍රවීන ප්‍රතිමා ශිල්පියකු අතින් සිදුවේ.  ඉදිකිරීම් නිමැවූ විට , බහිරව කදු මුදුනේ හරිත  තුරු හිස් අතරින්  මතුව, රන් වියනින් සෙවනිත ශ්‍රී දළදා සමිදුන් දිශා ගතව  සමාධි මුද්‍රාවෙන්  වැඩහිදිනා මෙම ප්‍රතිමා වහන්සේ ,කන්ද උඩරටට පමණක් නොව ,මුළු මහත් දේශයටම ශාන්තියක් වනු නිසැකය.  මේ වනවිට පිළිමයේ වැඩ අවසන්  කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර ඇති අතර පිළිමයේ සෙසු කටයුතු අවසන් කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ . අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ අසීරූ තාවය නිසා , මේ වන විට ඉදිකිරීම් කටයුතු නතරවී අති බව ද නිරීක්ෂනයවේ….” 

ජනාධිපතිතුමා,පසු දින පෙරවරුවේ ,මා සමඟ බහිරවකන්ද පන්සල වෙත ගොස්, ස්ථානීය පරීක්ෂාවකින්, මුල්‍ය අවශ්‍යතාව සනාථ කරගති. සමාධි ප්‍රතිමාවේ ඉදිරි වැඩ අවසන් කිරීමට අවශ්‍ය වන සම්පූර්ණ මුදල, ඊට පසුදිනම ලබා දීමට එතුමා කාරුණික විය.

 රන් වියනින් දළදා වහන්සේ පුදනු ලැබූ ,එතුමාගේ දුර දක්නා නුවණැස.

90 දශකයේ මුල් භාගයේ ,මම රාජකාරියෙහි නියුක්තව සිටියේ මහනුවර නාගරික කොමසාරිස් ලෙසිනි. මගේ රාජකාරි දිනපොතේ දිස්වන සටහන පරිදි,නිශ්චිත දිනය,1992 මැයි 16 වන දිනය. එදින සැඳෑ යාමයේ මා,නුවර වැවු ඉස්මත්තේ රජ පිහිල්ල මාවත කදු සිරසක පිහිටි රජයේ නිවාඩු නිකේතනය වෙත පියමන් කළෙමි. ඒ ,එම සති අන්තයේ එහි පැමිණ සිටි ජනාධිපතිතුමා හමුවීම පිණිස එතුමාගේ ආරාධනයෙනි. නිවාඩු නිකේතනයේ සදළුතලයේ අසුන්ගෙන,එතුමන් සමඟ තේ පානය කළේ, නාගරිකයෙහි තොරතුරු පිළිබඳව එතුමන් විමසූ තොරතුරු වලට පිළිවදන් දෙමිනි. ඒ වනවිට බහිරව කන්ද බටහිර දෙසින් වියපත් හිරු රැස් මහනුවර පුරවරය සිප ගනිමින් පැතිරෙමින් පැවතිණි. ජනපතිතුමන්ගේ අවධානය යොමු කිරීම පිණිස කලක සිට මා සිතේ තෙරපමින් පැවති කරුණක් එතුමාට සැළ කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව මට හැඟිණි.හරිත වන පියස අතරින් බහිරව කදු මස්තකයෙහි, අහසට නැගී සිටි කිසියම් ඉදිකිරීමක් කෙරෙහි මා ජනපතිදුන් ගේ අවධානය යොමු කළෙමි. “ සර්, බහිරව කදු මුදුනේ අර පේන බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අතර මග නැවතිලා...” ජනාධිපතිතුමා සිය දැස් වෙත යොමු වන හිරු රැස් දෑත් වලින් ආවරණය කර ගනිමින් බහිරව කදු මුදුනේ දිස් වන නව ඉදිකිරීම මොහොතකට නිරීක්ෂණය කිරීමට දැක්වුයේ දැඩි උනන්දුවකි. අනතුරුව මා දෙසට හැරුණු ජනාධිපතිතුමා, “ ඇයි එකේ වැඩ නතර වෙලා තියෙන්නේ...” “ අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අපහසුව..” මම නොවළහා පිළිවදන් දුනිමි. “ ගාමිණී අපි හෙට උදේ වරුවේ එතෙන්ට ගිහින් බලලා අවශ්‍ය උදව්වක් පදව්වක් කරමු....” මා සිතට දැනුනු සතුට අපමණය. ජනාධිපති තුමා ගෙන් සමුගත් මා, බහිරව කදු මුදුනේ පිහිටි ශ්‍රී මහා බෝධි මහා විහාරය වෙත සමීප වුයේ ,පසු දින පෙරවරු ජනාධිපතිතුමා මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණෙන බැව් , එහි විහාරාධිපති ධම්මාරාම හිමියන්ට සැළ කිරීම පිණිසය. උන් වහන්සේ මහත් සතුටට පත්වූ සෙයක් දැනිණි. ආපසු ඒමට පෙර පිළිම වහන්සේ පිලිබදව තොරතුරු නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා සටහන් කරගතිමි. පසු දින උදැසනම, මවිසින් බහිරව කන්ද බුදු පිළිම වහන්සේ පිලිබදව සැකසු සංක්ෂිප්ත වාර්තාව ජනපතිදුන් අතට පත් කළෙමි. එතුමා එය අධ්‍යනය කර , ඒහා සබැදි වැඩිදුර තොරතුරු විමසන ලද්දේ ,එම කාර්ය සදහා තමන්ව යොමු කිරීම පිළිබදව සිය කෘතවේදීත්වය ද පලකරලමිනි.

Image Source : sridaladamaligawa.lk

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන

President Ranasinghe Premadasa

Image Source : sundaytimes

1998 වසරේ ජනවාරි 28 වන දින  එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්  දළදා මැදුරට එල්ල කරන ලද  දැවැන්ත බෝම්බ ප්‍රහාරයෙන් , වරිච්චි බිත්තියෙන් නිම කර තිබු දළදා වහන්සේ තැන්පත් කර තිබූ කුටිය ,දළදා වහන්සේ ද සමඟින් විනාශයට පත් වීමට පුළුල්  අවකාශයක් පැවැතිණි. එනමුදු එය  ආරක්ෂා වුයේ ,දිවංගත රණසින ප්‍රේමදාස ශ්‍රීමතුන් තම දුර දක්නා සුළු දැක්මෙන් ඉදිකරවූ  රන් වියන නිසා බව විද්වත් මතයයි.

එතුමන් ගේ උපදෙස් මත ,රන් වියන සහ එය රැදවීමට ශක්තිමත් ලෙස පොළවේ  සවි කර තිබු දැවැන්ත කොන්ක්‍රීට් කණු, ඒ රුදුරු මහා දෙදරුම දැරීමට තරම් ශක්තිමත් වූ නිසා,දළදා වහන්සේ ආරක්ෂා වූ බැව් විද්‍යාත්මක  පරීක්ෂණ වලදී අනාවරණය විය.

කිසියම් අවාසනාවකට එදින අති වන්දනීයා දළදා වහන්සේ හානියට පත්වුයේ නම්,එම සිදුවීම මුල් කරගෙන සිංහල දෙමළ ජාතීන් අතර දරුණු  යුද්ධයක් ආරම්භ වීමට බෙහෙවින් ඉඩ තිබිණි.

මෙම රන් වියන ඉදිකිරීම පිණිස මුලින්ම රුපියල් ලක්ෂ 30 ක් පරිත්‍යාග කල ජපානයේ පුජ්‍ය පැල්පොල විපස්සි හිමියන් ද මෙහිදී කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුතුවේ..

දළදා වහන්සේට සෙවණ,රැකවරණය  සලසන්නට, රන් වියනක් ඉදිකිරීමට තමන් මැදිහත් වූයේ,දළදා සමිදුන්වෙත වූභාරයක් ඔප්පු කිරීමට බැව් ප්‍රේමදාස ශ්‍රීමතුන් විසින්  අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබිණි.

1987 වසර ජාත්‍යන්තර නිවාස වර්ෂය සේ පිළිගන්නා ලෙසට , එතුමන් ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කලේ ,එය ඒකමතිව සම්මත කර ගැනීමේ අභිලාෂයෙනි. අපේක්ෂාවන් සපලමත් විය.එතුමා විසින්  තමන් වූ භාරය ඒ අයුරින්ම ඉෂ්ඨ කිරීමට  යුහුසුළු වෙමින්,1987 දෙසැම්බර් 31 වන දින, රන් වියන නිර්මාණය කරවා සසුනට පුජා  කරනු ලැබිණි. දළදා වහන්සේ වෙත ඔප්පු කළ මෙම භාරය නිසා, තමන්ට 1987 න් පසු එළබි වසර දෙක තුන තුළ නිවාස දස ලක්ෂය ඉක්මවා යමින් තම ඉලක්ක සපුරා ගැනීමට හැකිවූ බැව්,  එතුමා ගම් උදා උත්සවයකදී ප්‍රකාශ කළේය.

එතුමා,නන්දා මාලිනිය ට  ස්වාධීන රූපවාහිනී සේවයේ ළමා වැඩසටහනක් අඛණ්ඩව ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දීම.

President Ranasinghe Premadasa

Image Source : youtube

නන්දා මාලිනියට විවිධ රජයන්ගෙන් නන්විධ ගැටළුවලට  මුහුණ දීමට සිදු වූයේ,ඇය වාමාංශික අදහස්දරමින් ,අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ  ස්ථාවරය නිසාය.

ඇයට  එල්ල වූ  එවැනි එක් විරෝධතාවයක්  මගේ මතකයට නැගේ . ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන සමයේදී මම  ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවයෙහි නිරතව සිටියෙමි. එවකට ප්‍රචාරය වෙමින් පැවති ඉංග්‍රීසි ළමා වැඩසටහනක්  වන “Seymour Street” වෙනුවට සතිපතා “සුවද පද්ම” නමින් සිංහල ළමා වැඩසටහනක් හඳුන්වා දුනිමු.. මවිසින් එම වැඩසටහන නන්දා මාලිණියට පවරනු  ලැබිණි.

ළමුන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට ඇය සමත් වූවාය. මේ අතර මවෙත  නියෝගයක් ලැබුණේ, එවකට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිව සිටි ඒ.ජේ. රණසිංහ මහතා වෙතිනි. එවකට පැවති  ආණ්ඩු විරෝධී  පක්‍ෂයකට ලැදිව සිටි  නන්දා මාලිනී,වහාම එම වැඩසටහන නිෂ්පාදනයෙන් ඉවත් කරන ලෙස මා වෙත දැන්වීය.

මම ගරු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා හමුවී කරුණු ඇති සැටියෙන් පැහැදිළි කළෙමි. නන්දා මාලිනී වාමාංශික අදහස් දැරුව ද , ඇය එම ළමා  වැඩසටහන ළමුන්ගේ දැනුම,අවබෝධය,රසවින්දනය වර්ධනය වන පරිද්දෙන් , ඉතා ආකර්ශනීය ලෙස  මෙහෙයවන බව,වැඩිදුරටත්  සැළ කර සිටියෙමි. ගරු ප්‍රේමදාස ජනාධිපතිතුමන්  ඇයගේ සේවය දිගටම ලබා ගන්නා ලෙස මවෙත උපදෙස් ලබා දීමට කාරුණික විය.

එතුමාගේ දිවි මංතලාවේ සංවේදී පිය සටහන්. 

ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ  ජීවන තොරතුරු සහ  දේශයේ සංවර්ධනයට ඉටුකළ දැවැන්ත මෙහෙවර, මෙවන් කෙටි  ලිපියකට සංක්ෂිප්ත කර ගැනීම පහසු කාර්යයක් නොවේ.

එතුමාගේ වියෝගයෙන් ,වසර 32 ක් සපිරෙන මෙම අවස්ථාවේ එතුමාගේ දිවි මංතලාවේ  පිය සටහන් සහ ඉටුකළ සෙසු ජාතික මෙහෙවර  විමසා බැලීම ද  වැදගති.

1924 ජුනි 23 වන දින කොළඹ කෙසෙල්වත්තේ  ඩයස් පෙදෙසේ දී ජන්ම ලාභය ලබන ප්‍රේමදාස බිළින්දාගේ දෙමාපියන් වන්නේ කොස්ගොඩ රිචඩ් රණසිංහ සහ හොරණ බටුවිට ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාමිනේ යන දෙමහල්ලන්ය.දේශයේ  නායකත්වය ඉහළ කුලයේ, ඉඩම් හිමි වංශාධිපති ප්‍රභූ පවුල් වෙත උරුමවීමේ සම්ප්‍රදාය බිඳ දැමීමට, සාමාන්‍ය පවුලකින් බිහිවූ මෙම දරුවා සමත් වෙතැයි එදවස කිසිවෙක් නොසිතුවා විය හැකිය.  මෙම බිළිදා සහෝදරියන් තිදෙනෙකුගෙන් සහ එක් සහෝදරයෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ඔහු තම මූලික අධ්‍යාපනය වැලිතර ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් යටතේ පූර්වාරාම විහාරස්ථානයෙන් සහ  මරදානේ ලොරෙන්ස් විද්‍යාලයෙන්  ද ලබා ගත්තේය.

President Ranasinghe Premadasa

Image Source : lankaweb.com

ප්‍රේමදාස ළදරුවා සිය දෙමාපියන් සමග.

ප්‍රේමදාස මැතිතුමා  1964 ජුනි 23 වන දින, බණ්ඩාරවෙල වික්‍රමතුංග ආරච්චිගේ චාල්ස් අප්පුහාමි මහතා සහ එම මහත්මියගේ එකම දියණියවූ  හේමා 

President Ranasinghe Premadasa

Image Source : facebook

වික්‍රමතුංග මෙනෙවිය සමඟ විවාහ ප්‍රාප්ත විය

ගරු ඩඩ්ලි සේනානායක මහතා,ගරු ආර්. ප්‍රේමදාස මහතාගේ විවාහ මංගල්‍යයේදී සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි අත්සන් කරමින්.

President Ranasinghe Premadasa

Image Source : transyl2014.blogspot.

President Ranasinghe Premadasa

Image Source : facebook

එතුමා හේමා ප්‍රේමදාස ආර්යාව සහ සජිත් දුලංජලී දෙදරුවන් සමග.

1955 දී කොළඹ මහනගර සභාවට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතාට මුල් අවස්ථාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමිවිය. ඔහු ජාතික දේශාපාලනයට පිවිසෙන්නේ අභියෝගාත්මක අවස්ථාවකය. 1978 දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පළමු විධායක ජනපති පදවියට පත්වන අවස්ථාවේ ,රණසිංහ ප්‍රේමදාස ශුරීන් රටේ අගමැති ධුරයට පත්විය.අගමැති ධුරයට නව මුහුණුවරක් ලබාදුන් එතුමා ,රටේ ජනතාව වෙනුවෙන්සුවිශේෂී වැඩ සටහන් ගනනාවක් හඳුන්වා දුන්නේ ය.රණසිංහ ප්‍රේමදාස මැතිතුමා  1988 දෙසැම්බර් 21 වනදා විශිෂ්ට ජනතා ජයග්‍රහණයකින් දෙවන විධායක ජනාධිපති ධුරයට පත්විය.ජනාධිපතිවරණයේදී දුන් මූලික පොරොන්දුවක්වූ ඉන්දීය සාම සාධක හමුදා ආපසු යැවීමට එතුමා ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් පසුව පසුබට නොවී ය.රටේ ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සඳහා ජනසවිය වැඩ සටහන හඳුන්වා දුන්නේ ය.

ඇගලුම් කම්හල් 200 ක් ගමට ගෙන යන සංකල්පය ඔස්සේ ආරම්භවූ කර්මාණ්ත ශාලාවන්හී ,වර්තමානයේ පවා දහස් ගණනක් සේවයේ නිරතව සිටිති.

1978 සිට 1989 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, 1989 සිට 1993 දී  ඝාතනය වන තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙසත් එතුමන් ජාතික ආගමික සංස්කෘතික හා සමාජයීය වශයෙන් ප්‍රශස්ත මට්ටමක සේවාවක් ඉටු කළේය. තත්  ධුර කාලය ආර්ථික සංවර්ධනය සහ සමාජ සුබසාධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අයුරු  මැනවින්  සංලක්ෂිත වේ . සමාජයේ දිළිඳු කොටස්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වූ යුගයක් ලෙස ඉතිහාසයේ සනිටුහන්වේ.

එතුමන් කලාකරුවන් සමීපයෙන් ඇසුරු කළේය. ඔවුනගේ අභිවෘද්ධිය ,යහපැවැත්ම වෙනුවෙන් සැලසු සහනයන් අපමණය. තට්ටු නිවාස, නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාවන්හිදී කලාකරුවන්, මාධ්‍ය වෙදීන් වෙනුවෙන් නිවාස  කිහිපයක් වෙන්කර දීමට එතුමා  කාරුණික විය. ගල්කිස්සේ කලාපුරය නිපන්නේ ද ,එතුමාණන් තුළ,කලා ශිල්පීන්  වෙනුවෙන් පැවති අනූපමේය ලෙන්ගතුකම නිසාමය. 

1978 ඔක්තෝම්බර් 10 වන දින අංක 01 දරන ටවර් හෝල් රග හල පනත පාර්ලිමේන්තු ගත කිරීම ද  එතුමා විසින්  දේශීය කලාවන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් සේ සැලකේ. මෙමගින්  දේශීය සම්ප්‍රදායික නාට්‍ය කලාවේ උන්නතිය,පෝෂණය සහ ටවර් හෝල්  යුගයේ කලා ශිල්පීන්ගේ අභිවෘදිය සැලසීම එතුමාගේ ඒකායන අපේක්ෂාව විය.

Image Source : facebook

පොදු ජනතාව සමග පාපැදියෙන් .

සාමයික සේවාවන්

බිම පතිතව,කැලැවෙන් වැසී තිබු  මාළිගාවිල බුදු පිළිමය,පිළිසකර කරවා ඔසවා තැබීමට පියවර ගැනීම  මෙන්ම අනුරාධපුර මිරිසවැටි සෑය පිළිසකර කිරීම, අනුරාධපුර පූජනීය නගර සංවර්ධනය, හලාවත මුන්නේශ්වරම දේවාලය, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර, මන්නාරම මඩු පල්ලිය පිළිසකර කිරීම ප්‍රේමදාස මහතා විසින් සිදුකළ සාමයික සේවාවන් කිහිපයකි.

90 දශකයේ මුල් භාගයේ ,මම රාජකාරියෙහි නියුක්තව සිටියේ මහනුවර නාගරික කොමසාරිස් ලෙසිනි. මගේ රාජකාරි දිනපොතේ දිස්වන සටහන පරිදි,නිශ්චිත දිනය,1992 මැයි 16 වන දිනය. එදින සැඳෑ යාමයේ මා,නුවර වැවු ඉස්මත්තේ රජ පිහිල්ල මාවත කදු සිරසක පිහිටි රජයේ නිවාඩු නිකේතනය වෙත පියමන් කළෙමි. ඒ ,එම සති අන්තයේ එහි පැමිණ සිටි ජනාධිපතිතුමා හමුවීම පිණිස එතුමාගේ ආරාධනයෙනි. නිවාඩු නිකේතනයේ සදළුතලයේ අසුන්ගෙන,එතුමන් සමඟ තේ පානය කළේ, නාගරිකයෙහි තොරතුරු පිළිබඳව එතුමන් විමසූ තොරතුරු වලට පිළිවදන් දෙමිනි. ඒ වනවිට බහිරව කන්ද බටහිර දෙසින් වියපත් හිරු රැස් මහනුවර පුරවරය සිප ගනිමින් පැතිරෙමින් පැවතිණි. ජනපතිතුමන්ගේ අවධානය යොමු කිරීම පිණිස කලක සිට මා සිතේ තෙරපමින් පැවති කරුණක් එතුමාට සැළ කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව මට හැඟිණි.හරිත වන පියස අතරින් බහිරව කදු මස්තකයෙහි, අහසට නැගී සිටි කිසියම් ඉදිකිරීමක් කෙරෙහි මා ජනපතිදුන් ගේ අවධානය යොමු කළෙමි. “ සර්, බහිරව කදු මුදුනේ අර පේන බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අතර මග නැවතිලා...” ජනාධිපතිතුමා සිය දැස් වෙත යොමු වන හිරු රැස් දෑත් වලින් ආවරණය කර ගනිමින් බහිරව කදු මුදුනේ දිස් වන නව ඉදිකිරීම මොහොතකට නිරීක්ෂණය කිරීමට දැක්වුයේ දැඩි උනන්දුවකි. අනතුරුව මා දෙසට හැරුණු ජනාධිපතිතුමා, “ ඇයි එකේ වැඩ නතර වෙලා තියෙන්නේ...” “ අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අපහසුව..” මම නොවළහා පිළිවදන් දුනිමි. “ ගාමිණී අපි හෙට උදේ වරුවේ එතෙන්ට ගිහින් බලලා අවශ්‍ය උදව්වක් පදව්වක් කරමු....” මා සිතට දැනුනු සතුට අපමණය. ජනාධිපති තුමා ගෙන් සමුගත් මා, බහිරව කදු මුදුනේ පිහිටි ශ්‍රී මහා බෝධි මහා විහාරය වෙත සමීප වුයේ ,පසු දින පෙරවරු ජනාධිපතිතුමා මෙම ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණෙන බැව් , එහි විහාරාධිපති ධම්මාරාම හිමියන්ට සැළ කිරීම පිණිසය. උන් වහන්සේ මහත් සතුටට පත්වූ සෙයක් දැනිණි. ආපසු ඒමට පෙර පිළිම වහන්සේ පිලිබදව තොරතුරු නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා සටහන් කරගතිමි. පසු දින උදැසනම, මවිසින් බහිරව කන්ද බුදු පිළිම වහන්සේ පිලිබදව සැකසු සංක්ෂිප්ත වාර්තාව ජනපතිදුන් අතට පත් කළෙමි. එතුමා එය අධ්‍යනය කර , ඒහා සබැදි වැඩිදුර තොරතුරු විමසන ලද්දේ ,එම කාර්ය සදහා තමන්ව යොමු කිරීම පිළිබදව සිය කෘතවේදීත්වය ද පලකරලමිනි.

එතුමාගේ  වඩාත් කැපී පෙනෙන දායකත්වයක් වූයේ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ   “ගම් උදාව” (ගම පිබිදීම) වැඩසටහනයි. මෙම මුලපිරීම යටතේ නිවාස, පාසල්, සෞඛ්‍ය සායන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විත නව ගම්මාන ඉදිකරන ලදී. මෙම වැඩසටහන බොහෝ ග්‍රාමීය පවුල්වල ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ අතර දුප්පතුන් නඟා සිටුවීම සඳහා  කැපවීම මැනවින් විද්‍යාමාන විය.

සමාජ සුබසාධන සහ දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන්.

එතුමාගේ  වඩාත් කැපී පෙනෙන දායකත්වයක් වූයේ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ   “ගම් උදාව” (ගම පිබිදීම) වැඩසටහනයි. මෙම මුලපිරීම යටතේ නිවාස, පාසල්, සෞඛ්‍ය සායන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විත නව ගම්මාන ඉදිකරන ලදී. මෙම වැඩසටහන බොහෝ ග්‍රාමීය පවුල්වල ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ අතර දුප්පතුන් නඟා සිටුවීම සඳහා  කැපවීම මැනවින් විද්‍යාමාන විය.

President Ranasinghe Premadasa

Image Source : sinhala.lankanewsweb

1992 වසරේදී බුත්තල පැවැත්වූ ගම් උදාව ,එතුමා සංවිධානය කළ අවසන් ගම්උදාව වැඩසටහන ලෙස සැලකේ.එම අවස්ථාවෙදී විශාල ඇඟලුම් කම්හලක් හා ක්‍රීඩාංගනයක් ඉදිවීම ඒ අතරින් ප්‍රධාන වේ. මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්මාන රාශියක   සංවර්ධනයටද එම ගම් උදාව පාදක විය.

ප්‍රේමදාස මැතිතුමා වීවාහ ප්‍රාප්ත වන අවස්ථාවේ,එතුමන්ගේ දෙවන මනාලයා ලෙසින් පෙනී සිටි බී.ඒ.සුගතපාල මහතා මගේ සමීපතම මිතුරෙක් විය. සිසුවෙක් ලෙසින් ගතකළ සමයේ සිට, සුගතපාල මහතා ප්‍රේමදාස ශූරීන් සමඟ එකට හැදී වැඩුණු පුද්ගලයෙකි. සුගතපාල මහතා වෙතින්, ප්‍රේමදාස මැතිතුමා පිළිබඳ, අසා දැනගත් ඉතා අප්‍රකට තොරතුරු සමුදායක් ද, මෙම ලිපියට ඇතුළත් කිරීමට අදහස් කළෙමි.

රාජ්‍ය නායකයාට ලබා දී තිබූ සියලු සුඛෝපභෝගී දේ අතහැර,එතුමන් සිය පදිංචිය සදහා තෝරා ගත්තේ පවුලේ නිවහනවූ  ” සැනසුම ” පියසයි.

ඔහු නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බවට පත් වූ අවස්ථාවේ,  ජනතාව මුදල් එකතු   කර  මොරිස් මයිනර් මෝටර් රථයක් මිලදීගෙන පරිත්‍යාග කළහ. අගමැති පදවිය හෙබවූ කාලපරිච්ඡේදයේදී ,එතුමා  හිමිදිරි පාන්දර සාමාන්‍ය ඇඳුමකින් සැරසී, තනිවම තම මොරිස් මයිනරය පදවාගෙන අවශ්‍ය ගමනක යෙදීමේ පුරුද්දක් විය. එසේ ගමන් ගන්නා විට ජටාවක් හිසේ පටලවාගෙන යන පුරුද්දක් පැවති බව දුටුවන් පවසති.

ජනාධිපතිවරයා ලෙස පවා ඔහු තම පුරුදු අනුව ඇදහිය නොහැකි තරම් සරල විය. ඔහු නිතිපතා තම නිවසට ආසන්නව පිහිටි ඩයස් පෙදෙසේ පොදු ළිදෙන්  ස්නානය කිරීමට පුරුදුව සිටියේය. ඇතැම් අවස්ථාවන්හි ,එතුමා සිය උඩු කය මත තුවායක් දවටාගෙන ,  අඟුරු කැබැල්ලකින් දත් මදිනු තමන් සියසින් දුටු බැව් සුගතපාල මහතා වරක්  මා හා පැවසීය.රාජ්‍ය උත්සව සඳහා අධික වියදම් කිරීම ඔහු හෙළා දුටු අතර අමාත්‍යවරුන් දැඩි පාලනයකට යටත් විය. රාජ්‍ය නායකයා ලෙස තම නිල තත්ත්වය තුළ කිසිදා විදේශගත නොවූ එකම ජනාධිපතිවරයා ඔහු විය .

පළාත් පාලන ක්ෂේත්‍රයේ පියා ලෙසින් ද   ප්‍රේමදාස මැතිතුමා  ජනතාවගේ මහත්  ඇගයීමකට බඳුන්වේ. පළාත් පාලන ක්ෂේත්‍රයේ අභිවර්ධනයට  වැඩි දායකත්වයක් ලබා දී ඇති ඔහු , සෑම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවීම හරහා රාජ්‍ය පරිපාලනය ජනතාවට සමීප කළේය .උප දිසාපති තනතුර වෙනුවට, ප්‍රාදේශීය ලේකම් තනතුර හඳුන්වා දුන්නේ එතුමාය. ඔහු   දුප්පතුන් සඳහා වූ ස්වයං ආධාර  වැඩසටහනට පුරෝගාමී වූ අතර එය ” ජනසවිය ” ලෙස නම් කරන ලදී.

එතුමා  පාපන්දු ක්‍රීඩකයෙක් සහ  ක්‍රීඩා ලෝලියෙක්  විය.  සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි ස්ථානය  මුලින් පැවතියේ  කුණු කන්දක් ලෙසිනි. එය ප්‍රේමදාස මැතිතුමා විසින්  ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට මුල්විය .  රාජ්‍ය  මුදලින්  ඉදිකරන ලද ව්‍යුහයන් කිසි විටෙකත් තම  නමින් නම් නොකළ යුතු  බවට ,දැඩි ලෙස උපදෙස් දීමෙන් එතුමාගේ නිහතමානීත්වය  මැනවින්  පෙන්නුම් කෙරේ. බොහෝ දෙනෙක් නොදන්නා තවත් කරුණක් නම්,ඡායාරූප ශිල්පය කෙරෙහි එතුමා දැක්වූ සුවිශේෂී ලෝලීත්වයයි.

President Ranasinghe Premadasa

Image Source : srilanka.factcrescendo

තම ප්‍රධාන ඡායාරූප ශිල්පී,සුදත් සිල්වා මහතා වෙතින් ,එම ශිල්පය පිලිබදව, ප්‍රේමදාස මැතිදුන් නිහතමානීව උපදෙස් ලබා ගත් අවස්ථාවක් . අභාවප්‍රාප්ත වීමට දෙසතියකට පෙර.

අභාවප්‍රාප්ත වීමට දෙසතියකට පෙර, ජනාධිපතිතුමා සිංහල අලුත් අවුරුදු සමයේ සිරි දළදා සමිඳුන් වැද පුදා ගැනීම පිණිස මහනුවරට සම්ප්‍රාප්ත විය.එම අවස්ථාවේදී බුලත් හුරුල්ලක් පිරිනමා , එතුමන්ට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරන්නට මවෙත අවස්ථාවක් උදාවිය. අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතා මෙන්ම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.සී. ඉබුලාන මහතාද ඒ අතර විය.

1993 මැයි 1 වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඛේදජනක ලෙස,මෙතුමන්  ඝාතනය කරනු ලැබිණි.

Image Source : dailymirror.l

ඝාතනය වීමට මොහොතකට පෙර

කෙටි ජීවිත  කාලයක් තුළ  එක් පුද්ගලයෙක් ,ජාතියක් වෙනුවෙන් මෙතරම් විසල් කාර්යභාරයක්  ඉටු කළේ කෙසේද  යන්න ඇතමෙකුට අදහා  ගැනීම පවා අසීරු වනු නිසැකි.

ප්‍රේමදාස ජනපතිඳුන්ගේ 32 වැනි මරණ අනුස්මරණ දිනයේ දී,එතුමන් වෙතින් අප දේශයට ඉටු වූ සුවිසල් මෙහෙවර ගෞරව පූර්වකව අනුස්මරණයේ යෙදෙමින් ,මෙම ලිපය සමාප්ත කරන්නේ  එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනය කරමිනි.                                                      

ආචාර්ය ගාමිණී කාරියවසම් 

gaminee@gmail.com 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:රණසිංහ ප්‍රේමදාස
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Bogambara Prison-eLanka Bogambara Prison: A Historic Landmark in Sri Lanka-by Kalani-eLanka
Next Article Rest in peace Pope Francis  The Great Pope Francis: A Personal Reflection-by Avishka Mario Senewiratne
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lankan mixed martial arts

Sri Lanka’s Januka Ranawira Defeats Nepal’s Arjun KC at Karma Fight League 008

WHO Sri Lanka

Sri Lanka Strengthens Palliative Care Services Across the National Health System with WHO Support

Divya Peiris

Sri Lanka’s Divya Peiris Shines at South Asian Karate Championship with Two Medals

Sri Lanka Vietnam flight route

Vietjet Launches Direct Colombo–Ho Chi Minh City Flights with Special Introductory Fares

First Capital Startup Nation 2026

First Capital Startup Nation Returns , Up to USD 1 Million in Funding for South Asian Innovators

Related News
AI banking Sri Lanka
Articles

Sri Lanka Deploys AI-Powered ‘Horizontal Lending Rail’ to Democratise Credit Access

Sea cucumber aquaculture Sri Lanka
Articles

New Sea Cucumber Farming Project Launches in Jaffna to Boost Northern Fishing Communities

Sri Lanka Medical Association of North America Western Region Community Webinar (on line) Sunday, 26th July, 2026 5.00 pm to 7.00 pm (Click on link below to join
Articles Events

Sri Lanka Medical Association of North America Western Region Community Webinar (on line) Sunday, 26th July, 2026 5.00 pm to 7.00 pm (Click on link below to join)

TBS
Articles

The Body Shop Sri Lanka Brings Back Its Highly Anticipated Mid-Season Sale with Upto 50% Off on Customer Favourites

Articles Dr Harold Gunatillake

Evolution towards the Sinhala language, transitioning from an English-based educational system in our homeland-by Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.