News & Community eLanka

eLanka

Friday, 25 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පේරාදෙණිය සරසවියෙහි 81 වන සංවත්සරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

පේරාදෙණිය සරසවියෙහි 81 වන සංවත්සරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: June 26, 2023 9:31 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 142

පේරාදෙණිය සරසවියෙහි 81 වන සංවත්සරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

university of peradeniya- elanka

Dr. Gamini Kariyawasamලංකා වෛද්‍ය විද්‍යාලය සහ ලංකා විශ්වවිද්‍යාල විද්‍යාලය ඒකාබද්ධ කරමින් 1942 අංක 20 දරන ලංකා විශ්වවිද්‍යාල ආඥාපනත මගින් 1942 ජූලි 1 වන දින, ස්ථාපිත ලංකා විශ්වවිද්‍යාලය,  පේරාදෙණි සරසවියේ ආරම්භක අවස්ථාව සේ සැළකේ.

ඒ අනුව 2023 ජූලි  01 වන දිනට,පේරාදෙණිය සරසවිය පිහිටුවා 81  වසරක් සපිරේ.මෙම අවස්ථාවේ ශ්‍රීලංකාවේ ප්‍රථම සරසවිය සේ සැළකෙන පේරාදෙණිය සරසවිය පිලිබදව ගවේෂණාත්මක හා සෞන්දර්යාත්මක ලිපියක් සැකසීම කෙරෙහි මගේ අවධානය යොමුවිය. මෙම පුවත් පත් ලිපිය නිර්මාණය වන්නේ එහි පලයක් ලෙසිණි .

සොබා අසිරියෙන් අනුන සරසවි පිලිබදව කිසියම් අන්දමක ශ්‍රේණි ගත කිරීමක් සිදු කලහොත් ,පේරාදෙණිය සරසවියට නිතැතින් ම ප්‍රථමයා වීමේ භාග්‍ය හිමිවේ.

හරිත වන පියසින් ගැවසි, කදු ශිඛර පිස හමන සුළං රැල්ලෙන් නිරන්තරයෙන් ම ප්‍රබෝධමත් වූ, හන්තාන කඳු වළල්ලෙන් සහ මහවැලි නදියේ මනස්කාන්ත අසිරිය වැළද ගත් පේරාදෙණිය සරසවිය, සිය 80 වන වසර පියමන් කළ ද නෙතට දිස්වන්නේ නව යෞවනීය පෙනුමකිනි.. මධ්‍යම කඳුකරයේ මහනුවර නගරාසන්නය දක්වා පැතිරී සොඳුරු හන්තාන කඳු පෙළ බටහිර බෑවුම සහ මහවැලි නදියට මායිම්ව පේරාදෙණිය දිසාපාමොක් පියස පිහිටියේය. මහවැලි නදියෙන් දියවර ගත් මහ ඔය, ගැරඩි ඔය, දොඩම්ගොල්ල ඔය, කුඩා ඔය සහ මැද ඔය යන පංච දිය කදුරු හාත්පස පරිසරයට සජීවීමත් චමත්කාරයක් එක් කරමින් ගලා බසින්නීය.

සොබා දහම දායාද කළ, මනෝරම්‍ය වූ අපූර්වත්වය තුරුළු කර ගත් මිටියාවතක්, පේරාදෙණිය සරසවිය ඉදිකිරීමට තෝරා ගැනීමට පෙළඹුනු එහි පුරෝගාමීන්, ජාතියේ නොමඳ සම්භාවනාවට පාත්‍ර විය යුත්තෝ වෙති.

මෙම සොදුරු , සංහිදියාත්මක පරිසරය, අධ්‍යයනයට, නිර්මාණකරණයට, සංවාදශීලී බවට, ගවේෂණයට සහ නිරීක්ෂණයට පමණක් නොව මානවක මානවිකාවන්ගේ ප්‍රේමණීය මනෝභාවයන් පුබුදාලීමටද ලබාදෙන්නේ අනුපමේය වූ අනුකූලතාවයකි.

university of peradeniya- elanka

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තේමාව ‘‘සර්වාස්ව ලෝක නම් ශාස්ත්‍රම්“ යන සංස්කෘත පාඨයයි. ‘‘සර්ව ලෝකයම දැකීමේ ඇස ශාස්ත්‍රයයි“. යන අදහස එමඟින් ධ්වනිතය.

දැයේ අභිමානය තහවුරු කරලන්නට, නිවහල් චින්තනයෙන්, විදුහුරු දැක්මෙන් සමානාත්මතාවයෙන් පිරිපුන් ප්‍රාඥයින් බිහිකර ලන්නට පේරාදෙණිය සරසවියෙන් මෙතෙක් සැලසී ඇති අනුපමේය මෙහෙවර මෙම අවස්ථාවේ අප සිහිපත් කරන්නේ අසීමිත භක්ති ප්‍රණාමයෙනි.

පේරාදෙණිය සරසවිය තුළින් විවිධ යුගවලදී පැතිරී නිර්මාණාත්මක හා ශාස්ත්‍රිය ප්‍රබෝධය, සංස්කෘතික පුනර්ජීවනය, ජාතික හා දේශපාලනික මඟපෙන්වීම ද අපට අමතක කළ නොහේ. මහාචාර්ය දයානන්ද ඒකනාථ ( ඩී.ඊ.) හෙට්ටිආරච්චි, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, එම්.බී. ආරියපාල, ආනන්ද කුලසූරිය, ඒ.ඩී.පී. කලංසූරිය වැනි යුග පුරුෂයෝ මෙම සරසවිය ආලෝකමත් කළ රුවන්මය ප්‍රදීපයන් ලෙසින් ඉතිහාසයට එක් වෙති.

‘‘පෞරාණික අනුරාධපුර යුග ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන මල්කම්, ලියකම්වලින්අ ලංකෘත ගොඩනැගිලිවලින් යුක්ත හන්තාන කඳු වළල්ලෙන් හා මහවැලි නදියෙන් වට, හරිත තුරුලියෙන් ගැවසී, මලින් සුසැදි පේරාදෙණිය සරසවිය සතු මනබන්ධනීය, ආශ්චර්යාත්මක පරිසරයක් ලෝකයේ අන් කිසිදු සරසවියකට උරුමව නොමැත‘‘ යනුවෙන් මෙම සරසවියේ ප්‍රථම කුලපති ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් කළ සුපතළ ප්‍රකාශය මෙහිදී අප සිහියට නැඟේ.

පේරාදෙණිය සරසවියේ අසිරිමත් තොරතුරු පෙළ ගැස්සීමේදී මුලින්ම එහි ඉතිහාසය පිළිබඳව විමසුමක් කිරීම මැනැවයි හැඟේ.

පෙර මෙරට විශ්ව විද්‍යාල පද්ධතියක් ස්ථාපිතව නොපැවති යුගයේ ආර්ථික ශක්තියෙන් පිරිපුන්ප වුල්වල දරුවන් එතර ගොස් උපාධි ලද අතර රටේ වැඩි පිරිසකට එම වරම අහිමිව පැවතිණි. මෙවන්ප සුබිමක් යටතේ ඇති වූ ජනතා උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙසින් පේරාදෙණිය සරසවියක්පි හිටුවීමේ පිඹුරුපත් සැකසිනි.

university of peradeniya- elanka

පේරාදෙණිය සරසවිය වෙනුවෙන් මුලින්ම වෙන් වූ අක්කර 363 ක භූමි ප්‍රමාණය තුළ සැලසුම් සැකසීමට පුරෝගාමී වූයේ ශ්‍රීමත් පැට්රික් ඇබර්ක්‍රෝම්බි සහ ක්ලිෆඩ් හොල්ලිඩේ නම් වූ සුදු ජාතිකයින් දෙදෙනාය. ඉදිකිරීම් ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව වෙත පැවරිණි. විශ්ව විද්‍යාලයීය ගොඩනැගිලි නිර්මාණ ශිල්පියා වශයෙන් ෂර්ලි ද අල්විස් මහතා බුහුමනට බදුන් වේ.

පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනික කටයුතු 40 දශකයේ මුල් භාගයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වුවද, එය නිල වශයෙන් මහත් උත්සවශ්‍රී‍යෙන් විවෘත වන්නේ 1954 අප්‍රේල් 20 වැනි දිනදීය. දෙවැනි එළිසබත් මහා රැජිණිය සහ එඩින්බරෝ ආදිපාදවරයා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන්ලෙ සින් සහභාගි වූහ. විද්‍යා හා ඉංජිනේරු පීඨ ඇරඹෙන්නේ 1961 ජූලි මාසයේ දීය. 1962 ජනවාරී මස ශිෂ්‍යයින් 103 දෙනෙක් ඇතුළත් කරගනිමින් පේරාදෙණියේ වෛද්‍ය පීඨය ඇරඹේ.

පේරාදෙණීය සරසවිය මුළුමනින්ම සැලසුම් කලේ දහසකට ආසන්නන සිසු පිරිසක් වෙනුවෙනි.පසු කලෙක ශිෂ්‍ය ප්‍රජාව සංඛ්‍යාවෙන් හාර දහසක්ද ඉක්මවා යාම නිසා, ඉදිකිරීම් සඳහා විශ්ව විද්‍යාලයට අළුතින් ඉඩම් පවරා ගැනීමෙන් විශ්ව විද්‍යාලයීය භූමි ප්‍රමාණය හෙ.යා. 700ක් දක්වා පුළුල් කරගනු ලැබීය. මෙම මුළු බිම් ප්‍රමාණයෙන් හරි අඩක්ම වන වගාව සහිත ජල පෝෂණ ප්‍රදේශ වශයෙන් වෙන්කර තිබීම වැදගත් සාධනීය ලක්ෂණයකි.

වර්තමානයේ පේරාදෙණිය සරසවිය ප්‍රධාන පීඨ 09 කින් සමන්විතය. එම පීඨ ඉංජිනේරු, වෛද්‍ය, දන්ත, පශු, විද්‍යා, ශාස්ත්‍ර කෘෂි, සම සෞඛ්‍ය, කළමනාකරණ යන විෂයන් ඉගැන්වීමේ කාර්ය පරිපාටියෙහි නිමග්නව සිටී. තවත් පීඨ ආශ්‍රිතව අධයයන අංශ 72 ක් ක්‍රියාත්මකය. 

university of peradeniya- elanka

පේරාදෙණිය සරසවියේ අතිශයින්ම වැදගත් අංශයක් ලෙසින් ප්‍රධාන පුස්තකාලය හැදින්විය හැකිය. 1952 දී ස්ථාපිත මෙම පුස්තකාලයට අනුබද්ධ ශාඛා පුස්තකාල 07 කි. කෘෂි, විද්‍යා, වෛද්‍ය,ඉංජිනේරු, පශු, සෞඛ්‍ය විද්‍යා, දන්ත යන පීඨ ආශ්‍රිතව මෙම ශාඛා ක්‍රියාත්මක වේ.

සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාර ඉදිකිරීමේදී අදාළ ගෘහ නිර්මාණ ශිල්පීන් ඒ සඳහා වඩාත් උචිත භෞතික පිහිටීම් සැලකිල්ලට ගත් සෙයක් අපට හැඟේ. ඒ මන්ද යත්, ඔවුන් නේවාසිකාගාර ඉදි කිරීමට තෝරා ගෙන ඇත්තේ සරසවි උයනේ තන්හි තන්හි පැතිරුණු කුඩා කඳු ශිඛරයන් වීමයි.

අරුණාචලම්, අක්බාර්, ජයතිලක, මාර්ස්, මාකර්ස් ප්‍රනාන්දු, නව අක්බාර්, සරසවි උයන, හිඳගල, ජේම්ස් පීරිස් යන පිරිමි නේවාසිකාගාර 09 කි. රාමනාදන්, සංඝමිත්තා, හිල්ඩා ඔබේසේකර, විජයවර්ධන, අයිවර් ජෙනිංස් යන නේවාසිකාගාර පහ ශිෂ්‍ය මානවිකාවන් වෙනුවෙනි.කෙහෙල්පන්නල සංඝාරාමය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නේවාසික පහසුකම් සලසා ඇත. මෙම ශාලාවන් වෙන් වෙන් වශයෙන් ඒවාටම ආවේණික වූ සම්ප්‍රදායන් සමුදායක් හා බැඳී පවතී.

පේරාදෙණිය පුරාවත විමසීමේදී එම සරසවිය හා සබැඳි උප සංස්කෘතිය පිළිබඳව විමසා බැලීම ද අතිශයින් වැදගත් වෙතැයි හැඟේ. සමාජ ස්ථරයෙහි භාවිත පොදු සංස්කෘතික ප්‍රවාහයට වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් සරසවි මානවක ප්‍රජාව තුළින් විද්‍යාමානීතය. ඒ ආශ්‍රිත ආකස්මිකව නිපන් හැසිරීම් රටා, වදන් භාවිතය හා විවිධ ක්‍රියාශීලී දගකාරකම් උරුම කර ගත් විලාශයන් උප සංස්කෘතියක් ලෙස නිර්වචන කළ හැකිය. සරසවි සිසුන් බාහිර ලොවින් වෙන්ව, එකම පරිසරයක එකම වයස් කණ්ඩායමක සමාන අධ්‍යාපන සුදුසුකම් සහිතව සමාන ආකාරයේ ක්‍රියාකාරකම්හී නිරත, එක හා සමාන ගැටළු සම්භාරයකට මුහුණ දෙන සුවිශේෂී පිරිසකි. එවන් චිත්ත ස්වභාවයකින් යුත් ඔවුන් තුළ, ඔවුනට ආවේණික උප සංස්කෘතියක් බිහිව ඇත්තේ නිරායාසයෙනි. බොහෝ දුරට සිය අනන්‍යතාව රැක ගැනීමටත්, බාහිර සමාජයෙන් දුරස්ව සිටීමේ මානසික අවශ්‍යතාවත් නිසා විශ්ව විද්‍යාලයටම ආවේණික වූ භාෂා විලාශයන් පිළිසිඳ එය අවිච්චින්නව විකාශනයට පත් වේ.

සරසවි උප සංස්කෘතියේ වදන් මාලාවට අනුව මහාචාර්යවරයා “ප්‍රොසා “ ය. දේශකයා ‘‘ලෙචා“ ලෙසත්, නවක සිසුවා ‘‘ප්‍රෙෂා“ ලෙසත්, ‍ජෙෂ්‍ය්ඨ සිසුවා ‘‘සින්නා“ ලෙසත් ව්‍යවහාරිතය. විරූපි වුවද සිරියාවන්ත යුවතිය ‘‘සොමි යකා“ ලෙස ද අති විරූපි එකිය ‘‘සිරා යකා“ ලෙසින්ද හැඳින්වේ. සරසවි උප සංස්කෘතියේ සිනාසීම ‘‘පනාව“ දානවා යනුවෙන් ද මළ ගෙදරක යෑම ‘‘කපකට යනවා“ යනුවෙන්ද  අර්ථ ගැන්වේ. සරසවි සිසුන් දෙදෙනෙකු අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇරඹීම හැඳින්වෙන්නේ ‘‘හිච්“ යනුවෙනි. කොක්ක ලෙසින් භාවිතා වන්නේ ‘‘‍පෙම්වතිය“ ටය. දමිළ සිසුවා අමතන්නේ ‘‘තලයා“ යන සුහද නාමයෙනි. මෙනයින් සරසවි සිසුන්ගේ වාග් කෝෂය, පද නිර්මාණය, උච්චාරණය ඔවුනටම ආවේණික වූ ස්වරූපයක් දරයි.

පේරාදෙණිය සරසවි ශිෂ්‍ය ප්‍රජාව, විවිධ අවස්ථාවල සිය මනෝභාවයන් ප්‍රකට කිරීම පිණිස සටහන්ක ළ කුරුටු ගී සරසවි උප සංස්කෘතියේ කැඩපතක් ලෙස සැලකිය හැකිය. සම්භාව්‍ය කාව්‍ය රටාවේ සහ ජන ගී ආරේ සම්මිශ්‍රිත ප්‍රකාශන ශෛලීයක් ලෙසින් මෙම කුරුටු ගී නිර්මාණය වී ඇති සෙයකි.

‘‘නැත යන්නට සිතක්

දමා ඔබ සරසවියේ

අද ඔබට සහ මට

සෙවණ දුන් හන්තාන

සිහිල දුන් මහවැලිය

මා ඔබ දමා ගිය පසු පවුරක් වේවි හන්තාන

ඔබේ දුක් මගෙන් සඟවන්නට බැරි……“

ජ්‍යෙෂ්ඨ මානවකයකු සිය සිවු වසර අවසානයේ සිය පෙම්වතිය හැර සරසවියෙන් සමු ගනිද්දී ඔහු තුළ පිළිසිද සන්තාපය තත් කුරුටු ගීයෙන් අපූර්වත්වයෙන් යුතුව සනිටුහන් කර ඇත.

ගැමි මනස තුළින් නිසඟයෙන්ම උරුම ප්‍රඥාව මුහුකුරා ගිය සරසවි සිසුවකු සිය මව පිළිබඳව තම සන්තානයෙහි උපන් සෙනෙහස අව්‍යාජව පළ කළ කුරුටු ගීයක් ද අපේ අවධානයට යොමු විය.

university of peradeniya- elanka

‘‘අව පස ඝන තිමිර ඉරා

පුර පස සඳ නැඟෙන තුරා

මහ පෝ ගණනක් යන තුරා

මා වෙනුවෙන් වින්ද දුකට

වන්දි ගෙවන්නට ගෙවා දින

උපාධි ලෝගුව පොරවන්

මං එනතුරා ලොවම දිනා 

බලං ඉන්න අම්මේ

ඉදිකඩ ළඟට වෙලා.“

පුස්තකාලයෙන් නැනස වඩවා ගැනීමට නොව සිය රහස්‍ය ප්‍රේමය ලොවෙන් වසන් කරලන්නට ලද අනුග්‍රහය අගයමින් සිසුවකු පුස්තකාලයේ මේසයක් මත කුරුටු ගා තිබූ අපූර්ව සංකල්පනාවක් ද අප විමසුමට යොමු වෙයි..

‘‘පොත් කඳු මැදින් වට වූ මේ මේස පුටු

අප දෙදෙනාට සෙනෙහස පෑවා නිබඳ

දහසක් නෙතුවලින් අප සඟවා ගන්ට

ඔබ කළ මෙහෙය අප හට අමතක වේද? “

සරසවි කුරුටු ගී ලිවීමට සිසුන් යොදා ගත් උපයුක්ත භාෂා විලාශය සහ කර්තෘ අඥාත ප්‍රකාශන ස්වරූපය ඔවුන් තුළ පැවති නිසඟ කුසලතාව ඉස්මතු කර පෙන්වන සුළුය. මෙහිදී මහාචාර්ය සිරි ගුණසිංහ වැනි වියතුන්ගේ පුරෝගාමීත්වයෙන් නිසදැස් කාව්‍ය සම්ප්‍රදායක් පේරාදෙණි සරසවියෙන් සිංහල සාහිත්‍ය වංශයට එක් වූ අයුරු අපගේ මතකයට නැඟේ. පේරාදෙණිය සරසවියේ සොඳූරු ඉසව් සහ සරසවි ප්‍රේම වෘතාන්ත පාදක කර ගනිමින් බිහි වූ ගීත සමුදාය සුභාවිත ගීත සාහිත්‍යට ලබා දෙන්නේ නොමඳ ආලෝකයකි. නීල හරිත ලතා මඩුළු පෙමින් බැඳුනු මානවක මානවිකාවන් ඒ සෙවනට කැඳවන සෙයකි. හන්තාන වන පියස වන මල් සුඟන්දය පිස හමා එවන සුළඟ ප්‍රේමනීය සිතුවිලි විකසිත කරවන සුළුය. පරිසරයේ එම මනෝරම්‍යතාවය සහ සරසවි පෙම්වතුන්ගේ මනෝභාවයෙන් මැනවින් ස්පර්ශ කිරීමට සමත් වූ ප්‍රබන්ධකයින් රාශියකි.

‘‘බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ

අරා නෙත් අඟ දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ

සංසාර සිහිනේ“

යොවුන් සරසවි සිසුවියක සහ පරිනත සරසවි ඇඳුරෙකු සිත් පිළිසිදි ප්‍රේමය, පණ්ඩිත් අමරදේවයන් උමාරි සමඟ ගයන මෙම ගීතයෙන් මූර්තිමත්ය. මෙහි මානවිකාවිය සරසවි ඇඳුරෙකුගේ ප්‍රේමය ප්‍රාර්ථනා කළද ඇයට එය නෙළා ගත නොහේ. විප්‍රයෝගයෙන් කම්පිත ඇය වැලපෙන්නේය. පේරාදෙණිය සරසවියේ පරිසරය ශිෂ්‍ය ප්‍රජාව හා සබැඳි ප්‍රේම වෘතාන්ත පිළිබඳව අප දක්නා සෞන්දර්යාත්මක පැති කඩට ඔබ්බෙන් කඩතුරාවකින් වැසී ගිය ශෝකාලාපයක් ද දුට හැකිය.ඒ  ශිෂ්‍ය මානවක මාවිකාවන් මුහුණ දෙන  දහසක් කම්කටොළු දුක්ඛ දෝමනස්සයන් සමුදායක් ඇති බැව් ඔබ නොසිතුවා විය හැකිය.

‘‘හන්තාන අඩවියේ

මැදුරු කුළුණු සුදු සඳළු තලාපිස – මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ.

කුසින් අඩක් දළ අහරින් සකසා –    කෙසඟ සිරුර සුව යහනේ සතපා

අනියත හෙට ගැන සිතමින්

විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා

මානව මානවිකාවන්ගේ

නලියන රුධිරේ උණුසුම් සුසුමයි

ප්‍රේමයේ සුවඳ නොවේ.“

university of peradeniya- elanka

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණය නන්දා මාලනියගේ තීව්‍ර හැඟීම් බර ස්වරයෙන්ගු වනට මුසුවන්නේ, සරසවි විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකුගේ අත්දැකීම් සමුදායක් බව අපට අමතක කළ නොහැකිය.මීට සති කිහිපයකට පෙර ,දිනපතා පුවත් පතක මුල් පිටුවේ පළවූ වාර්තාවකින් අවධාරණය කර තිබුනේ ,මෑතකදී සරසවි සිසුන් 06 දෙනෙක් ජීවිත කලකිරීමෙන් දිවි නසාගෙන තිබෙන බවය.එය ද සැලකිල්ලට ගෙන  දැඩි දරිද්‍රතාවයෙන් පීඩිත ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ විධිමත් සමීක්ෂණයක් පවත්වා , ඔවුනට ලබාදෙන ශිෂ්‍යාධාර වර්තමානයට ගැලපෙන අයුරින් වැඩිකර දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අතිශයින් ම වැදගත්ය. පේරාදෙණිය තක්සලාව සිය 81 වන සංවත්සරය සමරණ අවස්ථාව වඩාත් අර්ථාන්විත වීම පිණිස , මෙම අභිමානවත් මොහොත සනිටුහන් කරනු වස්, ඉහත කරුණු පිළිබඳව, බලධාරීන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙහිලා ඏෙලෙඹතැයි අප තරයේ විශ්වාස කරමු. 

 ආචාර්ය ගාමිණී කාරියවසම්. 

gaminee@gmail.com

පේරාදෙණි සරසවි තේමා ගීතය
TAGGED:ආනන්ද කුලසූරියඑම්.බී. ආරියපාලඒ.ඩී.පී. කලංසූරියපේරාදෙණියපේරාදෙණිය පුරාවතපේරාදෙණිය සරසවියමහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රමහාචාර්ය දයානන්ද ඒකනාථ ( ඩී.ඊ.) හෙට්ටිආරච්චිසරසවි උයන
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Adelaide Sri Lanka Buddhist Vihara ඇඩිලේඩ් ශ්_රී ලංකා බෞද්ධ විහාරය - elanka Adelaide Sri Lanka Buddhist Vihara ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය
Next Article Elanka newsletter eLanka Newsletter – 25th June 2023 – 7th Edition – Sri Lankans In Australia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Welcoming the World to Colombo-by Harold Gunatillake

Sri Lanka aims mine-free status by 2032 By Arundathie Abeysinghe

Sri Lanka aims mine-free status by 2032 By Arundathie Abeysinghe

Sri Lanka defend 322 and square three match series in Headingley thriller Kusal with bat and Wellalage with ball

Sri Lanka defend 322 and square three match series in Headingley thriller Kusal with bat and Wellalage with ball-by Sunil Thenabadu

Kusal Mendis fireworks ignite Sri Lanka's remarkable fightback to level series 01

Kusal Mendis fireworks ignite Sri Lanka’s remarkable fightback to level series. Sri Lanka skipper leads his team to a pulsating win over England. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Lahiru Jayakody plastic-to-protein research

Sri Lankan-Born Scientist Lahiru Jayakody Leads Research Turning Waste Plastic into Protein-Rich µBites Cookies

Related News
Colombo International Book Fair 2026
Articles

Colombo International Book Fair 2026 Opens Today: Shehan Karunatilaka Inspires Young Writers, and Bring Your Own Bag

Sri Lanka Fitch upgrade
Articles

Central Bank Governor: Fitch Upgrade Reflects Sri Lanka’s Progress and a Shift to Sustainable Investment

Sri Lanka Welcomes 107,000 Tourists in Three Weeks as Australia Ranks Third Source Market
Articles

Sri Lanka Welcomes 107,000 Tourists in Three Weeks as Australia Ranks Third Source Market

Yohani Ziro Festival
Articles

Yohani Takes Sinhala Music to the Himalayas: Sri Lankan Star Set for Historic Ziro Festival Debut

Kaleidoscope-eLanka
Articles Savithri Rodrigo

Kaleidoscope 333 – Fitch Upgrades, Inflation, HYROX, Markets, Breakaways, Viet Nam Yums & more

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.