News & Community eLanka

eLanka

Sunday, 12 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මහාචාර්ය දයා ඉදිරිසිංහ ශුරීන් – ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මහාචාර්ය දයා ඉදිරිසිංහ ශුරීන් – ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: February 11, 2025 2:34 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 27

මහාචාර්ය දයා ඉදිරිසිංහ ශුරීන් – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Prof. Dayaratne Edirisinghe,

Image Source : facebook

දැයෙන් සමුගෙන සිවු වසරක් සපිරේ. අඩ සියවසකට ආසන්න කාලයක්, විශ්වවිද්‍යාලයන් කිහිපයක විද්‍යාර්ථීන් ගේ නැණස දල්වන්නට සුවිසල් මෙහෙවරක් ඉටු කළ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා එදිරිසිංහ මහතා අභාවප්‍රාප්තවී ,2025  පෙබරවාරි 12  වන දිනට සිව්  වසරක් සපිරේ. මා සමග එකම පංතියේ පාසල් අධ්‍යාපනය නිමාකොට , එකටම විදුදය සරසවියට (ජයවර්ධනපුර) පිවිසි මෙම විද්වත් සුමිතුරා ගේ ගුණ  සුවඳ, මානව හිතවාදී ගති ලක්ෂණ, කුෂාග්‍ර බුද්ධි මහිමය  පිළිබඳව සුවිසල් අවබෝධයක් මගේ  සන්තානයෙහි නිබදවම  නිධන්ගතව පවතී.

දයා ඉදිරිසිංහයන් සිය කුඩා අවධිය පිළිබඳව,සරසවි සෙවනේදී ,සිය  ජීවන තොරතුරු සමුදායක් මා හමුවේ හෙළිදරව් කළ අයුරු මෙහිදී මට නිතැතින්ම සිහිපත් වේ. දකුණු වෙරළබඩ තීරයේ,තලල්ල දයා උපත ලද ගම්පෙතය.1947 ඔක්තෝම්බර් 23 වන දින , සරාලිස් එදිරිසිංහ සහ ප්‍රේමවතී ද සිල්වා දෙමහල්ලන්ගේ සිව් වන දරුවා ලෙසින් හෙතෙම ජන්ම ලාභය ලැබීය. සහෝදරයින්  හය දෙනෙකුගේ සහ සහෝදරියන් දෙදෙනෙකුගේ සෙනෙහස ඔහුට උරුම විය.ගන්දර මහා විද්‍යාලය දයා ශිල්පග්‍රහණය කළ මුල්ම  පාසලයි. 

පාසැල් විය මතක සටහන්.

වැඩි දුර අධ්‍යාපනය සඳහා ඔහු යොමු  වන්නේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය වෙතය. එවකට එහි අධිපති ධූරය හෙබවූ, රාමඤ්ඤ මහානිකායේ අනු නායක පූජ්‍ය බද්දේගම විමල වංශ හිමි වෙතින් ලද මඟපෙන්වීම,ඔහු  අවස්ථා කිහිපයකදීම මහත් කෘවේදීත්වයෙන්  යුක්තව සිහිපත් කළේය.

1965 වසරේ ශ්‍රී ලංකා  ගුවන්විදුලි සංස්ථාව මගින්,දිවයිනේ සියලුම පාසැල් පද්ධතියේ සහභාගීත්වයෙන් ඇට්ලස්හෝල් දැනුම මිනුම නමින් තරගයක් පැවැත්වූ අවස්ථාව මෙහිදී මගේ මතකයට නැගේ. ලලිත් එස්.මෛත්‍රීපාල ප්‍රවීන නිවේදක මෙහෙයවූ එම තරගයේදී,ශ්‍රී ලංකා විද්‍යාලය ප්‍රථම ස්ථානයට තෝරාගනු  ලැබිණි. එම තරගය සඳහා ශ්‍රී  ලංකා විද්‍යාලය  නියෝජනය කරනු ලැබුවේ,මා සමග  දයා එදිරිසිංහ සහබුද්ධි ගලප්පත්ති ය.

1966 වසරේ පවත්වන ලද  විශ්ව විද්‍යාල ප්‍රවේශ  විභාගයෙන් මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ සිසුන්101 සමත් වූහ. එම පිරිසට දයා එදිරිසිංහයන් සහ පසුව මහාචාර්ය ධුරයට පත් අභය බණ්ඩාරනායකයන් ද ඇතුළත් විය. 1966 ඔක්තෝම්බර් 01 දින හා පුරා කියා ඔහු  විදුදය සරසවියට පිය  නැගීය.
යොවුන් වියේ පෑපෙළහර.

දයා විදුදය සරසවියේදී  බටහිර දර්ශනය, ඉන්දියානු ඉතිහාසය හා ආර්ථික විද්‍යාව යන  විෂයයන් සිය ප්‍රථම උපාධිය  සඳහා තෝරා ගැනීමට උත්සුක විය. උපාධි අවසන් පරීක්ෂණයේදී,දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් හිමිකර ගැනීමෙන් , එම සරසවියෙහිම දර්ශනය පිළිබඳ බාහිර කථිකාචාර්ය ධුරයකින් පිදුම් ලැබීමට හේ  භාග්‍යමත් විය.ඒ වන විට ඔහු විසිතුන් හැවිරිදි හිරිමල් යොවුන් වියේ පසුවිය.

හෙතෙම,  කාන්ති සොයිසා යුවතිය සමග 1976 නොවැම්බර් 25 වන දින,යුග  දිවියට පිවිසියේය.

මහාචාර්ය දයා ඉදිරිසිංහ

පසු කාලයේ දයා එදිරිසිංහ යුවළ, දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ දරු සෙනෙහස ලැබීමේ භාග්‍ය හිමිකර

 ගැනීමට සමත් වුහ.

දයා එදිරිසිංහ

  දයා එදිරිසිංහ යුවතිපතීන්  වත්සලා මල්මි දියණිය සහ චාමර භාග්‍ය, දයාන් ජනිත දෙපුතුන්  සමග.

විද්‍යාලයෙන්  සහ ඩොන්ගුක් බෞද්ධ විශ්වවිද්‍යාලයෙන්  ශාස්ත්‍රපති උපාධිය ඔහු වෙත පිරිනැමිණි. දයා,ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කළ, ”මහායාන සහ ථෙරවාදී ආචාර්ය ධර්ම පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් “මැයෙන් ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධනය ජාත්‍යන්තර විද්වතුන්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර විය. එම කොරියන් විශ්වවිද්‍යාලයන්හි,වැඩිදුරටත් පර්යේෂණයන්හි නිරත වෙමින්, දර්ශන ආචාර්ය උපාධිය ද ලබමින් සිය සහජ කුසලතාවයන් මැනවින්  ප්‍රකට කළේය. ඔහු,කොරියන් භාෂාව පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුක්ත, ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා ලෙසින් ඉතිහාසයට එක්වේ,

මහාචාර්ය දයා එදිරිසිංහ

මහාචාර්ය දයා එදිරිසිංහ පිලිබදව සජීවී කෙටි හැදින්වීමක් සහ ,එතුමාගේ හරවත්

 දේශනයක්. 

ජේෂ්ඨ මහාචාර්ය දයා එදිරිසිංහයන්,2014 වසරේදී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති (D.Litt ) උපාධිය ද හිමිකර ගති. 2017 වසරේදී , කැලණිය විශ්ව විද්‍යාලීය සනාතන සභාව, දර්ශණය  පිළිබඳව සම්මානිත ආචාර්ය පදවිය පිරිනමින් මෙම විද්වතාන්නට බුහුමන් දැක්වීය.දර්ශන අංශයේ අංශාධිපති වරයා ලෙස දහතුන් වසරක් ක්‍රියා කරමින්,හෙතෙම  විෂය ක්ෂේස්ත්‍රය පුළුල් කිරීම පිණිස  වෙහෙස විය. එමෙන්ම කැලණිය දර්ශන අංශයෙන් මනෝවිද්‍යා හා සාමය සහ ගැටුම් නිරාකරණය විෂය ද ඉගැන්වීම ආරම්භ කිරීමට මුල්වුයේ මෙතුමාය. මහාචාර්ය එදිරිසිංහ, ශ්‍රී ලංකාවේ ප්‍රථම දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙසින් මෙන්ම , කොළඹ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසින් දෙවරක් පත්වීම් ලැබීමට ,ඔහුගේ කාර්යක්ෂමතාව හේතු පාදක වුවා විය හැකිය.

මහාචාර්ය දයා එදිරිසිංහ

අඩ  සියවසකට ආසන්න විශ්වවිද්‍යාලීය  ජීවිතය තුළ ඔහු  සිංහල, ඉංග්‍රීසි සහ කොරියානු  භාෂා ත්‍රීත්වයෙන් ග්‍රන්ථ 30ක් සහ පර්යේෂණාත්මක  ලිපි 60කට  අසන්න සංඛ්‍යාවක්   රචනා කර ඇත.තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය, දාර්ශනික ආකල්ප,කොරියාවේ බුදු දහම,මාදම්පේ  තනිවැල්ල දේවාලය,දහම් ලොව මෙහෙවර, සී.පී. ද සිල්වා චරිතය එම ග්‍රන්ථ සමූහයෙන්අතලොස්සකි .දයා,  රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ  සභාපති සහ ශ්‍රී ලංකාවේ ජාතික ජලජ පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) සභාපති ලෙසින් ඉටුකරන ලද ජාතික මෙහෙවර ජනතා බුහුමනට බදුන්වේ.

මහාචාර්ය දයා එදිරිසිංහ

අඩ සියවසකට ආසන්න කාලයක්  විශ්වවිද්‍යාලීය විද්‍යාර්තීන් වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර උදෙසා,  මහාචාර්ය සාහිත්‍යසූරී දයා එදිරිසිංහ මහතාට  උපහාර පිණිස,  “දර්ශනය සහ මනෝවිද්‍යා ලිපි” නමින්  උපහාර ග්‍රන්ථයක් 2019 අගෝස්තෝ 7 වන දින  කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබිණි.

දයා එදිරිසිංහ

මහාචාර්ය දයා එදිරිසිහ සුමිතුරා දිවි සැරියෙන් සමු ගෙන සිවු වසරක් සපිරෙන මොහොතේ, එතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනය කිරීමේ දානමය පුන්‍යකර්මයක් ,පෙබරවාරි 15 දින එතුමන් පදිංචිව සිටි දෙහිවල නිවසේ පැවැත්වීමට නියමිතය.

( සේයා රූ ,කාන්ති එදිරිසිංහ මැතිනියගේ අනුග්‍රහයනි. )

 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

If you missed Gaminis’  last Article – here it is! – ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා…. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්මහාචාර්ය දයා ඉදිරිසිංහ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Nationwide power outage in Sri Lanka , Sri Lanka , monkey blamed in Sri Lanka Nationwide power outage in Sri Lanka blamed on a monkey
Next Article How Family Traditions Strengthen Emotional Bonds - By Malsha - eLanka How Family Traditions Strengthen Emotional Bonds – By Malsha – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Economy

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

BOC Lanka QR , Bank of Ceylon , Dambana indigenous community

Bank of Ceylon Brings Digital Payments to Dambana’s Indigenous Community

Paddy Storage Sri Lanka

Paddy Marketing Board Ramps Up: Storage Capacity Leaps from 3,500 to 50,000 Metric Tons

Beira Lake restoration

A Greener Heart for Colombo: Private Donor Pledges Full Funding for Beira Lake Clean-Up

meerigama hospital

New Kidney Stone Treatment Centre Opens in Mirigama to Tackle National Waiting List

Related News
United Nations praises Sri Lanka for climate action, renewable energy, blue economy and environmental conservation initiatives.
Articles

United Nations Praises Sri Lanka’s Green Initiatives , Opens Doors for New Climate Financing

FitsAir Colombo Ahmedabad direct flight, Colombo to Ahmedabad flights, Ahmedabad to Colombo flights, Sri Lanka to Gujarat flights, FitsAir Sri Lanka, direct Sri Lanka India flights, Gujarat tourism, Sri Lanka tourism, Walkers Tours Sri Lanka, Cinnamon Life City of Dreams, Ahmedabad travel, Colombo travel, Sri Lanka business travel, India Sri Lanka connectivity, South Asia aviation, budget airline Sri Lanka, FitsAir international routes, UNESCO World Heritage Ahmedabad, Sri Lanka travel news, eLanka
Articles

FitsAir Launches Historic Non-Stop Colombo–Ahmedabad Flights

Conjoined twins successfully separated at Peradeniya, Peradeniya Teaching Hospital, Sri Lanka healthcare, Sri Lanka medical breakthrough, conjoined twins surgery, Linuli Tharulya, Lithuli Manulya, Sirimavo Bandaranaike Specialist Children's Hospital, University of Peradeniya, paediatric surgery Sri Lanka, kidney transplant Sri Lanka, paediatric kidney transplant, Dr Mathula Hettiarachchi, Dr Chaminda Kandauda, Dr Ashani Ratnayake, Sri Lankan doctors, medical innovation Sri Lanka, children's hospital Sri Lanka, public healthcare Sri Lanka, medical success story, Sri Lankan medical news, healthcare innovation, multidisciplinary surgery, Sri Lanka hospitals, eLanka health news
Articles

Sri Lankan Doctors Make History: Conjoined Twins Successfully Separated at Peradeniya

The Brad & Kiara Show
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

Mariazelle Goonetilleke
Articles Trevine Rodrigo

‘Vale,’ Mariazelle Goonetilleke. A Sri Lankan music icon snatched away too soon. BY TREVINE RODRIGO IN MELBOURNE

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.