News & Community eLanka

eLanka

Saturday, 25 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්ගේ – (ඕල්කොට් ගුණසේකර )- 9o වන ජන්ම සංවත්සරය සැමරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්ගේ – (ඕල්කොට් ගුණසේකර )- 9o වන ජන්ම සංවත්සරය සැමරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: February 16, 2025 6:55 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 8

වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්ගේ – (ඕල්කොට් ගුණසේකර )- 9o වන ජන්ම සංවත්සරය සැමරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්

ඥානසීහ හිමිපාණන්

ඕල්කට් ගුණසේකර මහතා

Image Source : fctc.org

වසර 1957 වසරේ පැවති සිවිල් සේවා විභාගයෙන් සමත් වූ තරුණ මානවකයින් හය දෙනෙකි. සිවිල් සේවයේ  කීර්තිමත් නිලධාරියකු වූ ඕල්කට්  ගුණසේකර මහතා එම දක්ෂයින් අතර සුදක්ෂයෙකි.

මෙම සුදක්ෂයා 2025 පෙබ.18 දින ,  සිය  9o වන ජන්ම දිනය සමරන්නේ ඕල්කට්  ගුණසේකර ලෙසින් නොව, වජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන් ලෙසිනි.

මෙම උත්තරීතර ජීවන කියවීම,ගිහි දිවියෙන්  පැවිදි දිවියට පියමං කිරීමේ මග සලකුණු වලින් ආරම්භ කිරීම වඩාත් අර්ථාන්විතවේ යැයි හැඟේ.

දිනය 2015 පෙබරවාරි 18.ශාන්ත  පෙනුමෙන් අනූන,සන්සුන් ඉරියව් ඇති ප්‍රඥාවන්ත,පුද්ගලයෙක් මා මනසෙහි සිත්තම්වේ. හෙතෙම  සුදු වතින් සැරසී,සියල්ල අත්හැර ,හිස් අතින්,එනමුදු සැහැල්ලු සිතින් මෙම අභිනිෂ්ක්‍රමණය කරන්නේ බම්බලපිටියේ වජිරාරාමය වෙතය.සෙනෙහෙබර  බිරින්දෑ අනුලාවන්,ලබැඳි පුත් අශෝක් සහ දියණි ඖෂධී ඇතුළු පවුලේ  සියලු දෙන, එතුමා  පෙරටු කොට ගමන් ගත්හ.

ඕල්කට් ගුණසේකර මහතා

ඒ, එතුමාගේ ජීවිතයට අතිශයින්ම වැදගත්වූ  දිනයකි.එතුමන් ගේ   දිවි ගමනේ  80 වන ඉසව්ව සනිටුහන් වන්නේත්, එතුමන් පැවිදි දිවියට  එළඹෙන්නේත් එදිනය. බම්බලපිටිය වජිරාරාමස්ථ දායක සභාව සහ මහා සංඝරත්නය,චාරිත්‍ර අනුකූල වතාවත් සපුරාලීම  පිණිස සැදී පැහැදී සිටියහ.අතිපූජ්‍ය ත්‍රීකුණානාමලයේ ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින්,මෙම ප්‍රඥාවන්තයාගේ හිස මුඩු කොට ,ශ්‍රමණ  භූමියට  ඇතුළත් කරගනු ලැබිණි . මෙනයනින් , රජගල්ගොඩ ගමගේ ගෝෂක ඕල්කට් ගුණසේකර ගිහි ප්‍රාඥයා, සිරි ඥානසීහ හිමිපාණන්  නමින් සසුන් කෙත වෙත පිවිසියේ,දිවියේ අනියතතාව  මැනවින් පසක් කර ගනිමිනි.

ඕල්කට් ගුණසේකර මහතා

ඕල්කට් ගුණසේකර මහතා

1935 පෙබරවාරි 18 වන දින,රජගල්ගොඩ ගමගේ ගෝෂක ඕල්කට් ගුණසේකර කුමරු ජන්ම ලාභය ලබන්නේ,අවිස්සාවේල්ල ග්‍රායේ ජේම්ස් ගුණසේකර සහ සීලා විජේසිංහ දම්පතීන්ගේ,පස් දෙනෙකුගෙන් යුත් පවුලක තෙවන දරුවා ලෙසිනි.

ගෝෂක ඕල්කට් බිළිඳු වියේදී

ඔහුගේ පියා ,ජේම්ස් ගුණසේකර ස්ථාන  මාරු සහිත රාජ්‍ය සේවයෙහි නියුක්තව සිටි නිලධාරියෙකි.ඒ හේතුවෙන්, ස්ථානමාරු ලද සෑම අවස්ථාවකම  ඔහුට සිය පවුලේ පිරිස   සමග පදිංචිය  වෙනස් කිරීමේ ප්‍රවනතාවයට අනුගත වීමට සිදු විය. ඒ අනුව ඕල්කොට් දරුවා පාසල් ගණනාවක සිප් සතර හැදෑරීමට යොමු විය.ගාල්ලේ සවුත්ලන්ඩ්ස් ;හැටන්හි  ශ්‍රී පාද; මහනුවර  යහපත් එඬේරා කන්‍යාරාමය; ධර්මරාජ ;පන්නිපිටිය  ධර්මපාල;කොළඹ ශාන්ත ජෝසප් යන ශිල්ප ශාලිකා රැස ඔහු ප්‍රාථමික අධ්‍යාපනයෙන් පෝෂණය කළහ.  1946-52 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හේ සිය  ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට සමත් විය.

එතුමන්ගේ  දැක්ම සහ ආභාෂය තම දෙමව්පියන්ගෙන් සහ පන්සල සමඟ පැවති සමීප සම්බන්ධතාවය මත නිපන්නකි. එතුමා ගේ  පවුලේ උරුමය වුයේ , ඉකුත් පරම්පරා තුන හතරක් තිස්සේ භක්තිමත් බුද්ධ ඇදහීම  සහ නිර්මාංශිකත්වයයි.

ගෝෂක ඕල්කට්

තුරුණු ඕල්කොට් , පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී පළමු පන්ති   උපාධිය ලබා ගති.අනතුරුව  කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට සමත් වේ . ඔහුට  1975 දී ඇමරිකා එක්සත් ජනපදයේ පැලෝ ඇල්ටෝ හි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විධායක  පාඨ මාලාවක් හැදෑරීමේ අවස්ථාව ද උදාවිය. ඕල්කොට් ශූරීන්ගේ භාර්යාව අනුලා, පුත් අශෝක් සහ දියණි ඖෂධී කුඩා අවධියේ.

ලංකා විශ්ව විද්‍යාලයේ 1957 ඉන්දියානු ඉතිහාසය සඳහා වූ අශෝක් ත්‍යාගය; 1993 දී පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක ත්‍යාගය ඔහු දිනාගත් ශාස්ත්‍රීය සම්මාන කිහිපය අතරින් අතලොස්සකි

ඕල්කොට් ශූරීන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ 1958 වසරේ ,කීර්තිමත් ලංකා සිවිල් සේවයට  (CCS)  සම්බන්ධ වීමත් සමගය .එතුමා  රාජ්‍ය  සිවිල් සේවයට පිවිසීමෙන් පසුව,1973 දක්වා ,දිසාපති,අමාත්‍යංශ ලේකම්, තානාපති වන් උසස් නිලතල දරමින් දැය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළේය.

ඕල්කොට් ශූරීන්ගේ

ඕල්කොට් ශූරීන්ගේ

ඔල්කොට් ගුණසේකර මහතා තුරුණු වියේදී සිය භාර්යා අනුලාවන් , පුතු හා දියණිය සමග.

එතුමා  රජයේ සේවයේ , එක් අවස්ථාවක දී, දිස්ත්‍රික්කයේ ඉහළම තනතුර වන මුළු නැගෙනහිර පළාතේම (1964-65) රජයේ නියෝජිතයා විය; එම කාල වකවානුවේ ,එම ප්‍රදේශයේ ගැටළු පිළිබඳව,ජනතාව තෘප්තිමත් වන අන්දමේ විශේෂ වැදගත් තීරණ ගණනාවක් ලබා දීමට මූලික විය.

හෙතෙම  1973 දී ලංකා සිවිල් සේවය අහෝසි කිරීමත් සමඟ විශ්‍රාම ලබා ගති. විශ්‍රාම ගිය වහාම අලුතින් පිහිටුවන ලද සමුපකාර කළමනාකරණ සේවා මධ්‍යස්ථානයේ සභාපති ලෙස රජය විසින් එතුමන්  පත් කළේය.1980 වසර දක්වා  එම තනතුරේ සේවහි යෙදෙමින්,එවකට පිරිහෙමින් පැවැති සමුපකාර  ක්ෂේත්‍රය සංවර්ධනය  පිණිස එතුමාගෙන් අනූපමේය මෙහෙවරක් ඉටුවිය.

එතුමා  1980 – 1991 දී බැංකොක්හි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (RAPA) ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සමුපකාර, ණය සහ අලෙවිකරණයේ කලාපීය උපදේශක ලෙසින් ,එම සංවිධානය යහපත් දිශානතියකට මෙහෙයවීය.  අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙසින්ද, මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික කිටුවේ සභාපති ලෙසින් ද  උදාර  සේවාවක නිමග්න වෙමින්,එතුමා සිය විශ්‍රාමක දිවිය ද සමාජ මෙහෙවර වෙනුවෙන් කැප කළේය.

 ධර්ම විජය පදනම බිහිවන්නේ එතුමාගේ සංකල්පයක් පදනම් කර ගනිමිනි.ධර්මවිජය පදනමේ මූලික මූලධර්ම පදනම් වී ඇත්තේ, සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පරිදි සියලු ආගමික සම්ප්‍රදායන්ට පිළිගත හැකි බුද්ධාගමේ අඩංගු ශික්ෂා පද පහ මත ය.

රතුකුරුස සංවිධානයෙහි අන්‍යාගමික මුහුණුවර නිසා,එහි ව්‍යුහයට සමාන බෞද්ධ ප්‍රථමාධාර සේවාවක්  රතු පියුම් සංවිධානය නමින් ස්ථාපනය කෙරෙහි  මුල්වුයේ ද  මෙතුමාය.අසරණ සරණ රෝහල් සේවය,සම්මා සංජීව සමාජය  වන් ජාතික ආගමික ප්‍රබෝධයක් ඇතිකළ සංවිධාන කිහිපයක නිර්මාතෘ ලෙසින් ද එතුමන් මහත් ඇගයීමකට බඳුන්වේ. එතුමන් අතින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන්  ශාස්ත්‍රීය සදහම්   කෘති කිහිපයක් ද ලියැවී ඇත.

එතුමා රජයේ සේවයේ , එක් අවස්ථාවක දී, දිස්ත්‍රික්කයේ ඉහළම තනතුර වන මුළු නැගෙනහිර පළාතේම (1964-65) රජයේ නියෝජිතයා විය; එම කාල වකවානුවේ ,එම ප්‍රදේශයේ ගැටළු පිළිබඳව,ජනතාව තෘප්තිමත් වන අන්දමේ විශේෂ වැදගත් තීරණ ගණනාවක් ලබා දීමට මූලික විය. හෙතෙම 1973 දී ලංකා සිවිල් සේවය අහෝසි කිරීමත් සමඟ විශ්‍රාම ලබා ගති. විශ්‍රාම ගිය වහාම අලුතින් පිහිටුවන ලද සමුපකාර කළමනාකරණ සේවා මධ්‍යස්ථානයේ සභාපති ලෙස රජය විසින් එතුමන් පත් කළේය.1980 වසර දක්වා එම තනතුරේ සේවහි යෙදෙමින්,එවකට පිරිහෙමින් පැවැති සමුපකාර ක්ෂේත්‍රය සංවර්ධනය පිණිස එතුමාගෙන් අනූපමේය මෙහෙවරක් ඉටුවිය. එතුමා 1980 - 1991 දී බැංකොක්හි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (RAPA) ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සමුපකාර, ණය සහ අලෙවිකරණයේ කලාපීය උපදේශක ලෙසින් ,එම සංවිධානය යහපත් දිශානතියකට මෙහෙයවීය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙසින්ද, මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික කිටුවේ සභාපති ලෙසින් ද උදාර සේවාවක නිමග්න වෙමින්,එතුමා සිය විශ්‍රාමක දිවිය ද සමාජ මෙහෙවර වෙනුවෙන් කැප කළේය. ධර්ම විජය පදනම බිහිවන්නේ එතුමාගේ සංකල්පයක් පදනම් කර ගනිමිනි.ධර්මවිජය පදනමේ මූලික මූලධර්ම පදනම් වී ඇත්තේ, සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පරිදි සියලු ආගමික සම්ප්‍රදායන්ට පිළිගත හැකි බුද්ධාගමේ අඩංගු ශික්ෂා පද පහ මත ය. buddhist books

මෑතකදී ප්‍රකාශයට පත් “නිස්සරණ යාත්‍රා “ නම් වූ ශාස්ත්‍රීය කෘතීය,  උන්වහන්සේගේ චරිතාපදානය ප්‍රකට කෙරෙන කැඩපතක් බඳුය.තම දෙමාපියන්,තමන් හැදුනු වැඩුන නිවසේ ආදර්ශනාත්මක පරිසරය,තම බිළිඳු සහ පාසැල් විය, විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය, රාජ්‍ය සේවයෙහි ඉටු කළ සුවිසල් මෙහෙවර, දේශීය සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ ප්‍රශංසනීය විලාශය, “නිස්සරණ යාත්‍රා “ කෘතියෙන් වර්ණවත්  කෙරෙන්නේ හෘදයාංගම භාෂා ශෛලියකිනි. පරිපාලන ව්‍යුහයෙහි නිර්මාණාත්මක වෙනස්කම් වලට  සක්‍රීය දායකත්වය ලබා දුන් අයුරු, විශ්‍රාම යාමෙන් පසුව සිදු කළ  ජාතික ආගමික සහ සමාජයීය මෙහෙවර,ශ්‍රමණ භූමියට  පිවිසීමට හේතු වූ පසුබිම ද මෙම කෘතියෙන් විවරණය කෙරෙන්නේ පාඨකයා ආකර්ෂණය කර ගන්නා සුළු ගද්‍යමය ස්වරූපයෙනි.

නිස්සරණ යාත්‍රා

  මෑතකදී ප්‍රකාශයට පත් “නිස්සරණ යාත්‍රා “ නම් වූ ශාස්ත්‍රීය කෘතීය,

රට දැය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ,සිරි ඥානසීහ හිමිපාණන් වෙනුවෙන් ආශිර්වාදාත්මක පුණ්‍ය උත්සවයක් 2025 පෙබරවාරි 18 වන දින පස්වරු 5 ට බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානයෙහි පැවැත්වීමට නියමිතය.මෙහිදී , “Buddhism in Practice “ ලිපි සමුච්චය ඇතුළත් ග්‍රන්ථාවලිය සැදැහැවතුනට ප්‍රදානය   කිරීම ද සිදුවේ.

සිය උත්තරීතර පැවිදි දිවියේ ප්‍රථම දශකය සහ සිය ජීවන  මංතලාවේ 90 වන විය සපුරන ආදර්ශ්නාත්මක චරිතයකින්ශෝ භමාන වූ මෙම  යතිවරයාණන් වහන්සේට අප නිරෝගී, සුවපත් චිර ජීවනයක් ප්‍රාර්ථනා කරමු. ( සේයා රූ “නිස්සරණ යාත්‍රා “ කෘතියෙනි.)

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

  gaminee@gmail.com

 

If you missed Gaminis’  last Article – here it is ! මහාචාර්ය දයා ඉදිරිසිංහ ශුරීන් – ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ඕල්කට් ගුණසේකරවජිරාරාම වාසී ඥානසීහ හිමිපාණන්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Angela Kadirgamar In Loving Memory of Angela Malik Kadirgamar (22.06.1930 – 17.11.2024)
Next Article There was plenty of love in the air at a fabulous Valentine's Day celebration at Springvale RSL. - By TREVINE RODRIGO IN MELBOURNE. There was plenty of love in the air at a fabulous Valentine’s Day celebration at Springvale RSL. – By TREVINE RODRIGO IN MELBOURNE.
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
The History of Volleyball in Sri Lanka
Articles Malsha Madhuhansi

The History of Volleyball in Sri Lanka: A Journey Since 1916 – By Malsha – eLanka

Tuskers Clash in 2026 , NZ Under 85kg rugby tour in Sri Lanka , Tuskers' clash in Colombo , Sir Graham Henry Trophy
Articles

Rugby Fever Returns: NZ Under 85kg Tuskers Clash in 2026 Sri Lanka Tour!

ANZAC Day 2026, Anzac Day Sri Lanka, Sri Lankan diaspora Australia, Colombo Dawn Service, Jawatte Cemetery ANZAC, Ceylon Planters Rifle Corps, Gallipoli campaign history, Sri Lanka Australia relations, ANZAC Cove history, Sri Lankan soldiers WW1, Melbourne Shrine of Remembrance, Sydney ANZAC march, Sri Lankan community Melbourne, Sri Lankan community Sydney, Commonwealth War Graves Sri Lanka, ANZAC remembrance Sri Lanka, Australia New Zealand Sri Lanka ties, WW1 Gallipoli Sri Lanka connection, ANZAC Day commemorations 2026, Sri Lankan heritage Australia, eLanka community news, Sri Lankan war history, ANZAC legacy Sri Lanka, remembrance ceremonies Colombo, Sri Lankan Australians culture, global Sri Lankan community, ANZAC spirit values, military history Sri Lanka, Sri Lanka New Zealand relations, dawn service Colombo
Articles

Lest We Forget: Sri Lankan Community Honours ANZAC Day 2026 in Australia and Colombo

O Thou Great Redeemer
Articles Charles Schokman

SUNDAY CHOICE-by Charles Schokman

The Brad & Kiara Show-eLanka
The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.