News & Community eLanka

eLanka

Monday, 13 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr Gamini Goonetilleke

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: May 27, 2023 10:57 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 21

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr. Gamini Kariyawasamපොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවයවූ වල්කනාලියා සැමරුමට පසු දින,ක්‍රි.ව.79 අගෝස්තු 24 වන දින, ලෝ දිය උතුරන නිරය නේපල්ස් බොක්ක වෙත ඩා වැදුනේ අනපේක්ෂිත මොහොතකය . ලෝදිය ගලා ආවේ වෙසුවියස් ගිනි කන්ද පුපුරා යාමෙනි. පොම්පෙයි නගරය විසුවියස් ගිනි කදු වැටිය සහ ඉතාලියේ නේපල්ස්නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යට අයත් නගරයකි. පොම්පෙයි දේශයට සුන්දරත්වය,සෞම්‍ය දේශගුණය, සරතැස නිවන සිහිලැල් සුළග ගෙන දුන් විසුවියස් කදු පියස ,මෙන්ඛේ දාන්තයක් තමන් වෙත රැගෙන එතැයි එරට වැසියන් කිසි දිනෙක අපේක්ෂා නොකළහ.

මහා විනාශයක පෙර නිමිති ලෙසින් , විසුවියස් ගිණි ශිඛරය වෙතින් සියුම් ධුමාරයන් නිකුත් වන්නට වුයේ , පුපුරා යාමට සති ගනනාවකට පෙර සිටය. නිරන්තරයෙන් ම ස්ත්‍රිය සහ මීවිත ඇසුරෙන්වි න්දනීය දිවි පෙවෙතකට අනුගතව සිටි පොම්පෙයි ජනතාවට,තම ගම් පියස ඉස්මත්තේ පිහිටි විසුවියස් කදු ශිඛරයෙන්අහසට නිකුත් සියුම් ධුමාරය , මරණයේ සෙවනැල්ල දැක ගැනීමට තරම්වි රාමයක්  නොවූ සෙයකි.මහා විනාශයේ පෙරනිමිති ඔවුන් ඇස ගැසුනේ නම් ඔවුනට ආරක්ෂක ප්‍රදේශයක් කරා යාමට ප්‍රමාණවත් කාලයක් තිබිණි .ක්‍රි.ව. 79 පුපුරා ගිය විසුවියස් කන්ද, ඊට පෙර සි වස් ගණනාවක් පුරා උදාසීනව පැවතීම නිසා,ඒ අවට ජනතාව තුළ මෙම කන්ද  තමන්ට තර්ජනයක්නොවන බවට විශ්වාසයක් පැවතීම ද,ඔවුනගේ මෙම අකර්මන්‍ය තාවයට,නොසැලකිල්ලට හේතුවක් වූවා විය හැකිය.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

මෙම ප්‍රාග් ඓතිහාසික ව්‍යසනයෙන් විසුවියස් කන්දෙන් සැතපුම් 15 ක් ඇතුළත සෑම ගමක්, නිවසක් හා ගොවිපලක්ම පාහේ විනාශ විය. සරුසාර පොම්පෙයි සහ හර්කියුලේනියම්යන සමෘද්ධිමත් රෝමානු නගර විසුවියස් ශිඛරයේ පිපිරීමෙන් ටොන් දහස් ගණනක අළු හා ගිනියම්වූ ලාවා තට්ටු වලින් වැසී ගියේ ඇසිල්ලකිනි. පොම්පේ හී මිනිස් සංහතිය සහ  ගොඩනැගිලි,මංමාවත් ඇතුළු සියලුම භෞතික වස්තූන් අඩි 19 සිට 23 දක්වා ගැඹුරු ලාවා තට්ටුවක් හා අළු තට්ටුවක් යට වැළලී ,සැඟවී ගොස් තිබූ බව අනාවරණ වූයේ පසුකාලීන පුරා විද්‍යාත්මක කැණීම් තුළිනි.

නේපල්ස් ආසන්න මුහුදේ නැවක යාත්‍රා කරමින් සිටි ප්ලිනි නම් ලේඛකයා මෙම පිපිරීම සියැ සින්දුටුවෙකි.පසු කලෙක මෙම අති බිහිසුණු අත්දැකීම ඔහු සටහන් කළේ ,” දිවියේ කිසි දිනෙක අසානොමැති,දැක නොමැති බියකරු හෙන පිපිරුම් හඩට වඩාදහස් ගුණයක් ප්‍රබල පිපුරුම් හඩක්ස මග විසුවියස් කදු මුදුනින් යොදුන් ගණන් උසට දැවැන්ත ගිනිදල් වේගවත්ව අහස තරණය කරනු දුටිමි.චණ්ඩ මාරුතයෙන් එම ගිනිදැල් සමග උතුරන ලාවා,අළු සහ සුවිසල් පාෂාණ කොටස්ගොඩබිම දෙසට වීසිවුයේ කාලතුවක්කු උණ්ඩ නිකුත්වන සුළු ඇදහිය නොහැකි වේගයකිණි…..” .

මහා මග ගමන් කරමින් සිටි පිරිස්, නිවාසයන්හි විවිධ කටයුතුවල නියැළී සිටි පවුල්,  විවිධ වෘත්තීන්හී යෙදෙමින් සිටි ජනතාව ගිනියම් ලාවා ස්කන්ධයන් තුළ සැගව ගියේ ඔවුන් විපතට පත්වන අවස්ථාවේ ක්‍රියාකාරීව සිටි ඉරියව් හැඩ තල වලින්ම නිර්මිත පාෂානයන් බවට පත්වෙමිනි.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

නේපල්ස් මුහුදු බොක්ක ආශ්‍රිත මිටියාවතෙහි ඉතාලියෙහි දකුණු දිශාන්තයේ කැම්පනියා ප්‍රදේශය වසා පැතිරී විසුවියස් ශිඛරයේ කේතුවක උස අඩි 4,203 ක් වූ නමුත් සෑම විශාල පිපිරීමකින් පසු එය සැලකිය යුතු ලෙස වෙනස්වීමකට බදුන්වේ. මිලියන දෙකකට අධික ජනතාවක් වෙසුවියස් අවට සහ එහි පහළ බෑවුම්වල ජීවත් වුහ. නේපල්ස් බොක්ක වෙරළ තීරයේ කාර්මික නගර සහ උතුරු බෑවුම්වල කුඩා කෘෂිකාර්මික මධ්‍යස්ථාන රාශියක් පිහිටා තිබිණි. .

මිදි වතු සහ පළතුරු වතු වලින් වැසී ගිය විසුවියස් කදු බෑවුම් ප්‍රදේශය සාරවත් බවින් අනුනව පැවතිණි ..එහි වගා කෙරෙන මිදී වලින් ලබා ගන්නා යුෂයෙන්  ලැක්‍රීමා ක්‍රිස්ටි නමින් ලොව සුපතල වයින් නිෂ්පාදනය සිදු විය.. ලැක්‍රීමා ක්‍රිස්ටි  යන ලතින් වදනේ අරුත “ක්‍රිස්තුස්ගේ කඳුළු” යන්නයි.

විසුවියස් ගිනි කන්දෙන විදාරනයවූ තට්ටු වලින් ශතවර්ෂ ගණනාවක් වැසී පැවති පොම්පෙයි දේශය නිවැරදි ලෙසින් හදුනා ගැනීමට හැකිවුයේ 1763 දී සොයා ගත් “රී පබ්ලී පොම්පියානෝරම්” නම්වූ ඓතිහාසික සෙල්ලිපියේ තොරතුරු ආශ්‍රයෙනි.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

නෙපල්ස්හි රාජ්‍යත්වයට පත් දොන් කාලෝස්ගේ අනුග්‍රහය යටතේ හමුදා ඉංජිනේරු කාල් වෙබර් 170සිට 1764 දක්වා ක්‍රමානුකූල අධ්‍යයනයන් සිදු  කර කැනීම් ආරම්භ කරනු ලැබිණි. නගරය ගිනිකඳු අළු වලින් වළලනු ලැබූ බැවින්, වසර දහස් ගණ කට පෙර මුළු නගරයක්ම ගිනි කන්දකින් අතුගා දැමූ බව කිසිවෙකු දැන සිටියේ නැත.වසර දහස්ග ණනක් තිස්සේ පොම්පෙයි මුළු නගරයම තද නින්දක නිමග්නව සිටි සෙයකි.

කැණීම් කිරීමට පටන් ගන්නා තෙක් පොම්පෙයි බොහෝ දුරට මිනිස් ස්පර්ශයන් තොරව පැවතිනි.ලාවා අළු විශ්මිත ලෙස භෞතික දෑ කල්ත බා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කර ඇති බව පර්යේෂකයින්ට අවබෝධ විය. එම ලාවා දූවිලි සියල්ලටම යටින්, පොම්පෙයි නිශ්චිතවම අවුරුදු 2,000කට පෙර තිබූ ආකාරයටම දැකගත හැකි විය. එහි ගොඩනැගිලි නොවෙනස්ව පැවතුනි.මිනිස්ම ළ කදන් වැටී තිබූ තැන්වල්මය. ඔවුන් එදිනෙදා භාවිතා කළ භාණ්ඩ ද ඒ අයුරින්ම විය.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

හර්කියුලේනියම් ප්‍රදේශයෙන් හමුවූ මෙම කිරිගරුඬ ප්‍රතිමාවෙන් නිරූපිත වුයේ ග්‍රීක සහ රෝම දෙවිය‍ෙකු වූ පෑන්, එළු දෙනක සමග මෛථුන්‍යයේ  යෙදෙන දර්ශනයකි.. චාර්ල්ස් රජු මෙම ප්‍රතිමාව පොදු මහජනතාව ගෙන්  සඟවා තබන්නටත්, කැණීම් කටයුතු නවතා දමන්නටත් නියෝග කළේය.

පුරාවිද්‍යා කැනීම් මගින් මතු කර ගත් දෑ නිරීක්ෂණයෙන් , ඉපැරණි පොම්පෙයි  සමාජයේ ලැදියාවන්, දෛනික ජීවන රටාවන් පිලිබදව චර්යාත්මක පුරාවිද්‍යාව ආශ්‍රයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. චර්යාත්මක පුරාවිද්‍යාව (Behavioral archaeology) යනු ආදී මානවයන්  ගේ කලා ශිල්ප,ඔවුන්  පරිහරණය කළ, පාරිභෝජනය කළ භෞතික භාණ්ඩයන් ආශ්‍රයෙන් ඔවුන්ගේ හැසිරීම්  රටාව විශ්ලේෂණය කර හදුනාගැනීමේ ක්‍රම වේදයයි.. නිවාස , විලා ,විනොදාගාර ,  ආගමික ස්ථාන සහ එම ස්ථානයන්හි දැකගන්නට ලැබුණු භාණ්ඩ, චිත්‍ර මුර්ති විශ්ලේෂණය කිරීමෙන් පසුව පුරාවිද්‍යාඥයින් අදහස් දක්වා ඇත්තේ, ඈත අතීතයෙහි පොම්පෙයි නාගරිකයන් දැඩි කාමසුඛල්ලිකානුයෝගී දිවිපෙවෙතකට අනුගත වී සිටි බවකි.පොම්පෙයිහී දැඩි පුරුෂාධිපත්‍යයක් තිබූ බවත්,පුරුෂ ශිෂ්ණය සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සැලකු බවත් සනාථ කෙරෙන නටඹුන් විශාල  සංඛ්‍යාවක් සොයා ගෙන ඇත, මේ හේතු නිසාම ඔව්හු එදිනෙදා භාවිතා  කෙරෙන පිඟන් , පහන් ආවරණ වන් භාණ්ඩයන්හී ද එම සංකේතය යොදා ගත්  අවස්ථා බහුල වශයෙන් දක්නට ඇත. පොම්පෙයිහි රාගික සන්තර්පණය ලද හැකි කේන්ද්‍රස්ථාන ලූපනාරේ ග්‍රෑන්ඩ් ය . එහි අරුත ‘විනෝදජනක නිවහන ‘යන්නයි.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

මෙම නිවාසයන්හි හාත්පස බිත්ති ස්ත්‍රීන්ගේ නිරුවත් සිතුවම් වලින් වැසී තිබිණි මෙම නිවාසවල දිශාව දැක්වීම සදහා ඊතල ලෙස නගරයේ වීදිවල යොදා තිබු  පුරුෂ ශිස්නයන් ගේ ස්වරුපයේ කැටයම් ද පුරාවිද්‍යාඥයින්ට හමුවිය. තරුණ වහල් කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන ද පොම්පෙයිහි පැවති බව තහවුරු කෙරෙන, බිත්තිවල සිතුවම් කළ ඉපැරණි චිත්‍ර ගණනාවක් ද හමුවී ඇත. බොහෝ කාමරවල භූ දර්ශන සහ වෙනත් පුරාවෘත්ත කලාවන් අතර ස්ත්‍රී පුරුෂ සම්භෝගය දැක්වෙන චිත්‍ර දක්නට ලැබුණි. පොම්පෙයිහි ගොඩනැගිලිවල චිත්‍ර ඇඳීම යුගයේ වාස්තු විද්‍යාත්මක ප්‍රවණතා හැඩ ගැස්වීමට බෙහෙවින් උපකාරීවූ බව ද සැලකේ.

යුරෝපා සමාජය , ‍බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ රාජ්‍ය සමයේ සමා ගතව පැවති කාන්තාවකගේ නිරුවත් දෙපතුල් ප්‍රදර්ශනය පවා සදාචාර විරෝධී යැ යි සැලකූ සුචරිත වාදී වික්ටෝරියානු හර පද්ධතීන් ට අනුගත.දිවි පෙවෙතකට නැඹුරුව සිටියහ. ඔවුහු පොම්පෙයි හි කැනීම් වලින් මතුවූ මෙවන් ශෘංගාරාත්මක ප්‍රතිමා ,චිත්‍ර,සංකේත දර්ශනයෙන් ඉමහත් කම්පනයකට පත් වුහ.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

පුරාවිද්‍යා කැනීම් කරගෙන යාමේදී මතුවූ පොම්පෙයිහි අයිසිස් දේවාලය මැනවින් ආරක්ෂාවී තිබිණි. අයිසිස් ඇදහීම ආරම්භ වූයේ පුරාණ ඊජිප්තුවේ දේවතාවියක් ලෙසිනි .ඇය නයිල් ගඟේ ඩෙල්ටාවේ කෘෂිකාර්මික දේවතාවිය ලෙස වන්දනාමානයට පාත්‍ර වූ අතර පොම්පෙ ජනතාව ඇය සොබාදහමේ  දේවතාවී ලෙස සලකා පුද පූජා පැවැත්වූහ.

විසුවියස් ගිනි කන්ද .පුපුරා යන අවස්ථාවේදී පූජකවරු අයිසිස් දේවමාළිගාවේ නිධන් බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ මළ සිරුර සහ ඔහු අත රැදී රන් භාණ්ඩ ඇසිරූ මල්ලක් දක්නට ලැබිණි.

අයිසිස් දෙවගනට අමතරව පොම්පියානුවන් බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළහ මූලික වශයෙන් ග්‍රීක -රෝම දෙවිවරුන් වන බ්‍රහස්පති (ග්‍රීක සියුස්), ජූනෝ (හේරා), මිනර්වා (ඇතීනා) සහ ඇපලෝ ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.

1930 දශකයේ පොම්පෙයි නටබුන් අතුරින් ඉන්දියානු ලක්ෂ්මි දෙවගනගේ ප්‍රතිමාවට සමාන කුඩා ඇත් දළ ප්‍රතිමාවක් සොයා ගැනිණි.. මෙමගින් නිරූපණය වන්නේ සශ්‍රීකත්වය සංකේතවත් කෙරෙන වෘක්ෂ දේවතාවියක බව පුරාවිද්‍යාඥයින්ගේ  මතයයි මෙම ප්‍රතිමාවේ පැළද ඇති ආභරණ රාශිය නොසලකා නිරීක්ෂණය කිරීමේදී ,  එය බොහෝදුරට නිරුවත් ස්වභාවයක් ගනියි. . ක්‍රි.ව. 79දී විසුවියස් කන්ද විදාරණය වී නගරය වැළලී ගිය අවස්ථාවේ ද මෙම ප්‍රතිමාව  පොම්පෙයිහි පැවතීම තුළින් ක්‍රි.ව. 1වන සියවසේ ඉන්දු -රෝම වෙළද සබදතා පැවති බැව් තහවුරුවේ.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

ජුලියස් සීසර්ගේ මාමණ්ඩියවූ ලුසියස් කැල්පර්නියස් පිසෝ සීසොනිනස්වි සින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන ගිනිකන්දේ බෑවුමෙන් අඩක් පමණ  ඉහළින් පිහිටි නිවසක්ව න විලා ඩී පැපිරි කැනීම් වලදී හමුවූ ආකර්ෂණීය ගොඩනැගිල්ලකි. මෙහි ස්ථාපිතව පැවති පුස්තකාලයෙහි සුරැකී පැවති  පැපිරස් ලියවිලි 2000 කට ආසන්න ප්‍රමාණයක් ද හමු විය.

පෞරාණික රෝමයේ සමාජ, ආර්ථික, ආගමික මෙන් ම විශේෂයෙන්ම මිනිස්  වර්ගයාගේ සැගවුණු චර්යාත්මක හැසිරීම් රටා පිළිබඳව ද අද්විතීය තොරතුරු හැදෑරීමේ මූලාශ්‍රයක් ලෙසින් ,පොම්පෙයි හී කැනීම් මගින් අනාවරණය  කරගත් තොරතුරැ මානව විද්‍යාඥයින්ට අතිශයින් ම වැදගත්වේ.

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

TAGGED:පොම්පෙයිරාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය.විසුවියස්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article SUNDAY CHOICE  SUNDAY CHOICE – Therefore, if anyone is in Christ, he is a new creation – by Charles Schokman
Next Article Cricket Match Sri Lanka prepared to host Asia Cup if asked to, decision expected on Sunday-by Shehan Daniel
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
LPL

LPL 2026 Gears Up for Biggest Season Yet , Star Sports to Broadcast Live Globally

Sri Lanka AI data platform

LankaData Adds Official Cabinet Decisions to Sri Lanka’s Open Data Platform

Sri Lanka Tourism 2026

Sri Lanka Tourism Surpasses US$1.5 Billion , 1.2 Million Visitors and Counting

Industrial Battery Energy Storage System , BESS Sri Lanka , Solar Battery Storage Sri Lanka , Renewable Energy Sri Lanka

Sri Lanka’s First Industrial Battery Energy Storage System with Solar Power Launched in Horana

Shameful Bellies Sri Lankans Carry-by Harold Gunatillake

Shameful Bellies Sri Lankans Carry-by Harold Gunatillake

Related News
Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together
Articles

Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together

Sri Lanka’s first industrial-scale Battery Energy Storage System launched in Horana with rooftop solar integration
Articles

A major leap for Sri Lanka’s energy future!

Articles

STRENGTHENING THE PRIDE OF CEYLON TEA

Articles

A gentle voice falls silent – By Maithri Panagoda

Economy
Articles

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.