News & Community eLanka

eLanka

Tuesday, 2 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි- වින්දනාත්මක දෘෂ්ටිකෝණයකින්- By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි- වින්දනාත්මක දෘෂ්ටිකෝණයකින්- By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: April 3, 2025 2:28 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 25

සත්‍යජිත් රායි ගේ පාතර් පංචාලි- වින්දනාත්මක දෘෂ්ටිකෝණයකින්- By ආචාර්ය ගාමිණී කාරියවසම්.

පාතර් පංචාලි

Image Source : mathrubhumi

පාතර් පංචාලි

Image Source : catchnews

පාතර් පංචාලි චිත්‍රපටය ,පිටිසර බෙංගාලි ගම්මානයක කුඩා පිරිමි ළමයෙකු වන අපුගේ ජීවන වෘතාන්තය වටා ගෙතී  ඇති අනු වේදනීය කතාවකි.කුඩා අපුට  ළමා  වියේදී  විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ. විධිමත්  අධ්‍යාපනයක් ලබා ගැනීමට ඔහු දරන්නේ අප්‍රතිහත උත්සාහයකි.යෝවූන්වි යේදී ,ඔහුගේ ජීවනයට මිහිර ගෙනා පෙම්වතිය අහිමි වීමේ ප්‍රවණතාවයක් මෝදු වේ. අපූ ජීවිතයේදී මුහුණ දුන් දුක් ගැහැට ,ප්‍රියවිප්පයෝගයෙන් ඔහු විඳී වේදනාව, මෙම චිත්‍රපටයෙන් මතුකොට දක්වන්නේ, එම වින්දනයන්  ප්‍රේක්ෂකයාගේ ජීවිතයටද බද්ධව ඇති ලෙසක් විෂද කරවමිනි.

පාතර් පංචාලි චිත්‍රපටියට පෙරවදනක්

පාතර් පංචාලි, සත්‍යජිත් රායි ගේ  සම්භාවනීය සිනමා ගෙත්තමකි.එය   රවි සංකර් ගේ භාව  පූර්ණ, රසාලිප්ත   සංගීතයෙන්,සිත් , දෙසවන් මෝහනයට පත් කරවන සුළුය.  පාතර් පංචාලි,වරක් නැරඹූ ප්‍රේක්ෂකයෙකු සිත්හි  ,මුළු ජීවිත කාලයටම මතකයෙන් බැහැරව නොයන සුළු   සිනමා ආශ්චර්යයකි.තත් සිනිමා ගෙත්තම ජාත්‍යන්තර කීර්තිය දිනා  ගත්,අමරණීය නිර්මාණයක්   ලෙස ඉතිහාසගතය.

”ගුරු පාරේ ගීතය “

සිනමා කෘතීන්ට පාදක වූ පාතර් පංචාලි,අපරාජිතෝ,අපූර් සන්සාර් යන තුන් ඈඳුතු නවකතාවන් හි කතුවරයා වන්නේ , බිභූතිභූෂන් බන්ඩියෝපාධ්‍යා නම් නම් ප්‍රකට බෙංගාලි ලේඛකයාය.පාතර් පංචාලි යන්නෙහි සිංහල අරුත ,”ගුරු පාරේ ගීතය “යනුවෙන් ගම්‍ය වේ.

මෙම ජගත් සිනමා කෘතීන් ත්‍රිත්වය අතරින්,සත්‍යජිත් රායි ගේ පාතර් පන්චාලි සිනමා සිත්තම පිළිබඳව,වින්දනාත්මක දෘෂ්ටිකෝණයකින් විමසා බැලීම කෙරෙහි මගේ අවධානය යොමුවිය. පාතර් පංචාලි සිනිමා පටය නැරඹීමේදී, මසිත් හි නිපන් ආස්වාදනීය හැඟුම් සමුදාය,පාඨක ඔබ සිත්හී ද උද්දීපනය කිරීමේ     අධ්‍යාශය,මෙවන් ලිපියක් ලිවීම පිණිස මා මෙහෙයවූ සෙයකි.

පාතර් පන්චාලි සිනමා සිත්තමේ මුල් ම රූප රාමු, පෙළ ගැසෙන්නේ ,  බෙංගාලයේ  ග්‍රාමීය  දිළිඳු පවුලක,පිරිමි දරු  අපු  ඔහුගේ සොහොයුරිය වන දුර්ගා, ඔහුගේ මව සර්බජයා සහ ඔහුගේ පියා හරිහර් සමඟ ඇති අවියෝජනීය බැඳීම් කෙරෙහි අවධානය යොමු කරවමිනි . ගැමි ජීවිතයේ සරල,සුගම ජීවන රිද්මය  ලයාන්විත ලෙස සිනිමා පටය සඳහා ග්‍රහණය කර ගැනීමට සත්‍යජිත් රායි දක්වන්නේ අපූර්ව කුසලතාවයකි.

පාතර් පංචාලි

Image Source : .flickr

මව සර්බජයා සිය දියණිය දුර්ගා සමග

පාතර් පංචාලි

Image Source : chinadaily

ධුර්ගා ලෙසින් රංගනයෙහි යෙදෙන උමා දාස් ගුප්ත.

පාතර් පංචාලි

Image Source : wikipedia

තියුණු දෑසින් ලෝකය දෙස විමසිලිමත් අපු .

අපුගේ ළමා කාලය සහ ගැමි ජීවිතය.

අපු ළමා වියේ , සිය වැඩි මහල් සොහොයුරිය දුර්ගා සමඟ ගැමි බෙංගාලයේ සුන්දරත්වය ගවේෂණයේ යෙදෙයි. ඔවුහු,මලින් ගැවසි,අතු අග පලතුරු දැරූ සශ්‍රීක කෙත්වතු හරහා පියමං තබමින්, දුම්රිය පසුකර යන ආකාරය නරඹමින්, සොබාදහමේ සරල ප්‍රීතිය අත්විඳිති. කෙසේවෙතත්, ඔවුන්ගේ සතුට දිළිඳුකම හමුවේ දිය වෙමින් පැවැතිණි.කථානායක අපුගේ මව   සර්බජය, තම දරුවන් පෝෂණය කිරීමට වෙර දරන අතර පවුලේ ආර්ථික තත්ත්වය කෙමෙන්  නරක අතට හැරේ.

https://www.imdb.com/video/vi3114774553/

අසල්වැසියාගේ වත්තෙන් පලතුරු සොරකම් කිරීම පිළිබදව  දුර්ගා බොහෝ විට දෝෂ දර්ශනයට බඳුන් වූ අතර, එය ගම්වැසියන් සමඟ ගැටුම් ඇති කරවන්නක් ද විය. හදවතින් අහිංසක වූ ඇය යහපත් ජීවිතයක් අපේක්ෂාවේ   සිහිනයන්හි ගැළී ,අති කටුක ජීවිතයක් ගත කළාය.

ඔවුන්ගේ පවුලේ ආර්ථිකය නගාලීමේ අභිප්‍රායෙන්,අපුගේ පියා  හරිහර් රැකියාවක් සොයා නගරයට පිටත් වේ. ඔහු නොමැති කල  පවුලේ තත්වය තවත්  නරක අතට හැරේ. අපුගේ මව  සර්බජය තනිවම ජීවන සටන ජය ගැනීමේ උත්සාහයක  යෙදෙන අතර ඔවුන්ගේ පැල්පත,තද වර්ෂාවක් හමුවේ කඩාවැටේ. වයෝවෘද්ධ නැන්දා වන ඉන්දිර් නමැත්තිය  මිය යන්නේ පවුලේ ශෝකය තවත් ගැඹුරු කරමිනි.

දිනක්, අධික වර්ෂාවේ තෙමී දුර්ගාට උණ වැළඳ, නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් පිරිහේ.මව  සර්බජය, දියණියගේ දිවි රැක ගැනීමේ දැඩි උත්සාහයක් නියැළිය ද, දුර්ගා කුණාටු සහිත රාත්‍රියක මියැ දෙන්නීය. දුර්ගාගේ මරණ දර්ශන රුප රාමු, නරඹන්නන් සිත් සතන්හි  දැඩි ශෝකයක් දල්වන සුළුය. එහි  ආලෝකය, සෙවනැලි  සහ වැස්සේ අන්තර් ක්‍රියාකාරිත්වය, ශෝකය සහ  ජීවිතයේ නොතිර ස්වභාවය මොනවට  පිළිබිඹු කෙරෙන ලෙසින් , කලාත්මක කෝණයකින් කැමරාව හසුරුවා ඇත. දර්ශනයන්හි  සංයමයෙන් යුත් සංයුතිය, එහි චිත්තවේගීය බලපෑම වැඩි කිරීමට සමත්වේ.

තම දියණිය දුර්ගාගේ මරණය නොදැන,ඇයගේ පියා වන හරිහර්,තමා උපයා ගත්  මුදල් සහ තෑගි රැගෙන ආපසු නිවසට පැමිණේ.දුවනියගේ අකල් වියෝව දැනගත් විට ඔහු ඉමහත් කම්පනයට පත් වේ. සිය දියණිය තුරුළු කරගෙන,කුසට අහරක් නොමැතිව,නිරහාරව  සිටි අතීත යුගය ඔහුට සිහිපත්වේ.  වේදනාව දරාගත නොහැකි වූ ඔවුහු ,  යහපත් අනාගතයක් සොයා ගම හැර යාමට තීරණය කරති.

ඔවුන් ගම හැරයාමට පෙර, අපු සිය අක්කන්ඩිය දුර්ගා පරිහරණය කළ  පැරණි බඩු බාහිරාදිය ගඟට විසි කරන්නේ කඳුළින් පිරි දෙනෙතිනි. ඇයගේ  ළමා කාලය හා අහිංසකත්වයට සමුදීම එමගින්  සංකේතවත් කෙරේ . නව ආරම්භයක් බලාපොරොත්තුවෙන් පවුල ගමෙන්  පිටත් වේ.

පවුලේ අය තම ගමෙන් පිටව යන අවසන් දර්ශන, නිහඬ නිසසළ ශෝකයෙන් පිරී, ඔවුන්ගේ ඉදිරි ගමනේ අවිනිශ්චිතතාවය අවධාරණය වන පරිද්දෙන් සිනමාවට නගා ඇත.

පන්තර්  පංචාලි, මිනිසුන්ගේ   දරිද්‍රතාවය, මනෝමය ප්‍රාර්ථනා සහ ඒවාට  ඔරොත්තු දීමේ හැකියාව නිරූපිත  සංවේදී කතාවක් ලෙසින් අර්ථ ගැන්විය හැකිය. එය රවී ශංකර්ගේ සිත් ඇදගන්නාසුළු ආත්මීය සංගීතය හරහා ග්‍රාමීය බෙංගාලයේ සාරය සහ මානුෂීය හැඟීම් මනාව ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සලසයි. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ අතර ලෝක සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස සැළකේ .

1956 කෑන්ස් චිත්‍රපට උළෙලේදී,මෙම සිනමා කෘතිය විශිෂ්ට සම්මාන දිනාගත් අතර, එය ගෝලීය කලාත්මක සිනමාවට ඉන්දියාවේ ප්‍රවේශය සනිටුහන් කළේය.

චිත්‍රපටයේ චිත්තවේගීය ස්වරය හැඩගැස්වීමේදී ස්වභාවධර්මය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.ගස් කොලන්,මලින් ගැවසී  උද්‍යාන, මෝසම් වැසි සහ පුළුල් කෙත්වතු මගින් ජීවිතයේ සුන්දරත්වය සහ අනපේක්ෂිත බව සංකේතවත් කරයි. අපු සහ දුර්ගා සුවිසල් භූ දර්ශනය හරහා දුම්රියක් ගමන් කරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් , සංකේතාත්මක ලෙස  දුම්රිය මැදිරි අනුපිළිවෙලින් ඉදිරියට ගමන් කිරීම, ප්‍රගතියේ ආකර්ෂණය සහ වෙනස් වීමේ නොවැළැක්විය හැකි බව ව්‍යංගයෙන් දක්වාලන සෙයකි.

කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ පරිත්‍යාගශීලීත්වය අපුගේ මව වන සර්බජයාගේ  සංකීර්ණ චරිතයෙන් ගම්‍යවේ. ඇයගේ නිහඬ දුක් වේදනා, ඔරොත්තු දීමේ හැකියාව සහ ඇය තම පවුල වෙනුවෙන් කරන කැපකිරීම් මගින් කාන්තාවන් බොහෝ විට දරන බර ඉස්මතු කර දක්වයි . ඇය දරිද්‍රතාවය, හුදකලාව සහ සමාජයෙන් ලැබෙන විනිශ්චයන් විඳදරාගන්නා පවුලේ චිත්තවේගීය කොඳු නාරටිය ලෙසින් දිස්වේ .

චිත්‍රපටයේ කාව්‍යමය  යථාර්ථවාදය

සත්‍යජිත් ,සත්‍යතම මානව ක්‍රියාකාරකම් මාලාවක් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය නොවන නළුවන්, ස්වාභාවික සැකසුම් සහ අවම කෘතිම ආලෝකකරණය භාවිතා කර ඇති බැව් චිත්‍රපටය නැරඹීමේදී මැනවින් පසක් වේ. ඔහුගේ ප්‍රවේශය ග්‍රාමීය ජීවිතයේ දෛනික රිද්මයන් ,කාව්‍යමය කාචයකින් ග්‍රහණය කර ඇති සෙයක් සිතට දැනේ.

සංගීතය සහ පසුබිම් ශබ්ද නිර්මාණයෙදී ,රවි ශංකර්ගේ සිත් ඇදගන්නා සිතාර් වාදනය  චිත්‍රපටයේ චිත්තවේගීය ගැඹුර තීව්ර කිරීමට සමත් වේ. සොබාදහමේ මද පවන , මාරුතය, වර්ෂාව,ගහ කොළ – යථාර්ථවාදී ලෙස චිත්තජ  රූප මැවීමට රවි ශංකර් දක්වා ඇති නිපුණතාවය විශ්මිතය.

 

පාතර් පංචාලි

Image Source : barryphillipsmusic.com

රවී ශංකර් ගාන්ධර්වයා,සිතාර් වාදනයෙන් චිත්‍රපටයට ලබා දෙන අර්ථකථනය

පාතර් පංචාලි යනු ජීවිතයේ අස්ථාවරත්වය සහ සුන්දරත්වය පිළිබඳ කාලානුරූප ගවේෂණයකි. එහි ගැඹුරු මානුෂීය තේමා සහ ගීතමය සිනමාකරණය හරහා, සත්‍යජිත් රායි ජීවන  අරගලය,දුක් ගැහැට වලට ඔරොත්තු දීමේ හැකියාව සහ වෙනස්වීම් පිළිබඳ මනසට සමීප  විශ්වීය කතාවක් නිර්මාණය කරයි. චිත්‍රපටයේ බලපෑම ඉන්දියානු සිනමාවෙන් ඔබ්බට විහිදෙන අතර, එහි නිහඬ නමුත් ගැඹුරු වෘත්තාන්තයෙන් ලොව පුරා සිටින සිනමාලෝලීන්  දැඩි ලෙස ආකර්ෂණය කර ගැනීමට සමත් වේ.

1955 වසරේදී සුදු කළු පැහැ  චිත්‍රපටයක් ලෙසින් නිෂ්පාදනය කළ  පාතර් පංචලී සිනිමා කෘතිය පසු කාලයේ වර්ණ චිත්‍රපටියක් ලෙසින් ද සිනිමා ලෝලීන් අතරට පැමිණියේය.

 ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com

TAGGED:පාතර් පංචාලිසත්‍යජිත් රායි
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article  NOW ARCHITECTURE COFFEE TABLE BOOK NOW ARCHITECTURE COFFEE TABLE BOOK
Next Article SRI LANKA SOCIETY OF QUEENSLAND Inc. NEWSLETTER Sri Lanka Society of Queensland Newsletter 2025
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Qld Sri Lankan Newsletter - Dæhæna - June 2026

Qld Sri Lankan Newsletter – Dæhæna – June 2026

WHY ELDERLY PERSONS FEEL LONELY - By N.S.Venkataraman

WHY ELDERLY PERSONS FEEL LONELY ? – By N.S.Venkataraman

ABSC Inc. Hosts Annual Gala Dinner and Launches EKONOMOS Issue 7, 2026

ABSC Inc. Hosts Annual Gala Dinner and Launches EKONOMOS Issue 7, 2026

Ministry of Foreign Affairs, Ministry of Foreign Affairs

Pure Ceylon Tea Shines Globally: Celebrating International Tea Day 2026

Asian Junior Athletics, Asian U20 Athletics Championship 2026, Athletics in Sri Lanka, Dilanma Ransini Gold Medal, Dilanma Ransini Perera,

History Made! Dilanma Ransini Perera Sprints to Gold at 2026 Asian U20 Athletics

Related News
Alzarri Joseph, Sabina Park Jamaica, Shai Hope, Shimron Hetmyer, Sri Lanka Cricket Team, Sri Lanka Tour of West Indies 2026
Articles

Cricket Update: West Indies Name Strong Squad for ODI Series Against Sri Lanka

Households urged to test life-saving devices on Smoke Alarm Action Day
Articles

Households urged to test life-saving devices on Smoke Alarm Action Day | NSW

Sri Lanka Visa Fee Waiver
Articles

Travel Just Got Easier! Sri Lanka Scraps Visa Fees for Australians

Sri Lanka Open 2026
Articles

Golfing Greatness: N. Thangaraja Dominates to Win Sri Lanka Open 2026

Articles Michael Roberts

Vihares & Verandahs: Sansoni Book on the Market in UK-by Michael Roberts

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.