News & Community eLanka

eLanka

Friday, 3 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සදහම් අරුණැල්ලෙන් ලොව එකලු කළ චන්දිම මහ ඇඳුරු ,දැයෙන් සමුගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සදහම් අරුණැල්ලෙන් ලොව එකලු කළ චන්දිම මහ ඇඳුරු ,දැයෙන් සමුගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 5, 2024 1:56 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE
Views: 21

සදහම් අරුණැල්ලෙන් ලොව එකලු කළ චන්දිම මහ ඇඳුරු ,දැයෙන් සමුගනී. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Prof Chandima Wijebandara

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  නොවැම්බර් 03 දින  අභාවප්‍රාප්ත විය.

බෞද්ධ භාවනා ක්‍රම ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ එතුමා  දෙස් විදෙස්හි  දේශන පවත්වා ඉමහත් කීර්තියක් හිමි කරගත්  විද්වතෙකි.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසෙන එතුමා   1994 දී මහාචාර්යවරයකු ලෙස  පිදුම් ලැබීය. පශ්චාත් උපාධි මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, පාලි හා බෞද්ධ අධ්‍යයන පීඨයේ  අංශ ප්‍රධානී ලෙසත්   ප්‍රබුද්ධ විද්‍යාර්ථීන් රැසක්  බිහිකරලන්නට එතුමා දැරූ   අනුපමේය ජාතික මෙහෙවර ,මුලු  මහත් ජාතියේම සම්භාවනාවට පාත්‍ර වේ.

එතුමන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට සහභාගි වෙමින්, කළ දේශනයන් විදේශීය විද්වතුන්ගේ ඉමහත් ප්‍රසාදයට  නිතැතින්ම බඳුන්විය.

මහාචාර්යතුමා ,2022 වසරේ දලයි ලාමා උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත දේශකයා ලෙසින් සහභාගී වෙමින්

බුදුදහමේ සර්වකාලීන අගය මතුකරන සුළු ශාස්ත්‍රීය ලිපි හා ,සමාජ මනෝවිද්‍යාත්මක ලිපි රැසක් හේ පුවත්පත් වෙත සම්පාදනය කළේය.බෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්ම,බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, බෞද්ධ චින්තනය, චීන ධම්මපද කතා,බුදු සමය හා සමාජය, Early Buddhism, its religious and intellectual milieu වන්  සාර ගර්භ බෞද්ධ ග්‍රන්ථ රාශියක් එතුමා අතින් නිර්මාණය විය.

Prof Chandima Wijebandara

Image Source : amazon

මහාචාර්ය චන්දීම විජේබණ්ඩාර ශූරීන් බුද්ධ ධර්මය සම්බන්ධ විෂය පමණක් නොව, මනෝ විද්‍යාව ,සංස්කෘතිය, සාහිත්‍ය, ඉතිහාසය වන් විෂය ධාරාවන් සමූහයක හසළ  දැනුමක්  උරුම කොටගත් ප්‍රාඥයෙකි. 

ප්‍රීතිමත් සහ සාර්ථක ජීවිතයක් උදෙසා….

මැයෙන් එතුමා කළ දේශනයක්

1944 අප්‍රේල් මස 23 වන දින චන්දිම විජයබණ්ඩාර ශුරීන් ජන්ම ලාභය ලබන්නේ, වරකාපොල ,කැකිරදෙනි කන්දේ මංගෙදර ග්‍රාමයේය. යොවුන් වියේදී තමන්  ජනිත  මහ ගෙදර, නින්දානේ චන්දිවිමල නාහිමියන් වෙත ත්‍යාග ඔප්පුවකින් පිරිනමන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා එතුමානන් තුළ පැවැති  භක්තිය මොනවට ප්‍රකට කරවමිනි.වර්තමානයේ වරකාපොළ,මං  ගෙදර ග්‍රාමයේ, මෙත්මුනි විහාරය ස්ථාපිතකර ඇත්තේ එතුමා ජන්ම  ලාභය ලද  මහ ගෙදර පිහිටි බිම් පෙතෙහිය.

එතුමා සිය මූලික අධ්‍යාපනය හදාරන්නේ පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙනේ සිසු දරුවෙක් ලෙසිනි.

පාසල් වියේ  සිට ම සිසු පරපුරට  ආදර්ශයක් ලෙසින් දිවි ගෙවූ  එතුමා,  මහාචාර්ය වන් නිලතල ලැබීමෙන් පසුව වුවද ,එදා මෙන් ම  සුහද සෙනෙහසින් ඕනෑම කුඩා දරුවකුට වුවද සමීප විය හැකි නිහතමානී පැවතුම  පවත්වා ගන්නට  සමත් වීම දුර්ලභ ගුණාංගයක් සේ හැඟෙයි.

“කවුරු වෙන්නද පුංචි කාලෙ ඉඳල හිතාගෙන හිටියේ?”එතුමාගේ සමීප මිතුරෙක් එදවස එතුමාගෙන් විමසා ඇති බව වාර්තා වේ.“මුලදී නම් ආසාව තිබුණෙ මාධ්‍යවේදියෙක් වෙන්න. හරියට ම කියනව නම් දිනමිණ කර්තෘ වෙන්න හරි ආසාවක් තිබුණා. අපේ ගෙදර පුංචි කාලෙ ගත්තේ දිනමිණ”.

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා තාරක සහ චානිමා යන  දරුවන් දෙදෙනා ගේ පියාණන්ය.තාරක  වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ආයතනයක් පවත්වාගෙන යන අතර චානිමා දියණිය කඩුවෙල අධිකරණයේ විනිසුරුවරියක ලෙස සේවයෙහි නිරතව සිටින්නීය.

එතුමාගේ මැතිණිය,මල්ලිකා කෝදාගොඩ 2019 අගෝස්තු 20 වන දින අභාවප්‍රාප්ත වුවාය. අභාවප්‍රාප්ත වූ දිනම , ඇයගේ අවසන් කටයුතු නිහඩව නිම කිරීමෙන්, මෙම ඇඳුරුතුමන් තුළ නිසගයෙන්ම පැවැති  නිහතමානීත්වය පැහැදිලිවේ.මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාගේ අවසන් මනාපය පරිදි, එම දේහය වෛද්‍ය සිසුන්ගේ පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනීම පිණිස, ශ්‍රී ජයවර්ධනපුර   විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතය.

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා පිලිබදව තොරතුරු සපයා දුන්, එතුමාගේ සමීප සරසවි ආදී  ශිෂ්‍යාවක වන,ආචාර්ය ඉන්ද්‍රානි පෙරේරා මියට අපගේ කෘතවේදීත්වය හිමිවේ.

දැයෙන් සමු ගන්නා  චන්දිම විජේබණ්ඩාර  මහාචාර්යතුමන්ට,අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com

TAGGED:චීන ධම්මපද කතාබුදු සමය හා සමාජයබුදුදහමේ සර්වකාලීන අගයබෞද්ධ චින්තනයබෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසයබෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්මමහාචාර්ය චන්දීම විජේබණ්ඩාරශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article  An Inspirational Message for the Month of November 2024 - The Way of Mercy – by Charles Schokman An Inspirational Message for the Month of November 2024 – The Way of Mercy – by Charles Schokman
Next Article Kos Malluma-eLanka Kos Mallum: A Sri Lankan Jackfruit Delight-by Kalani-eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

From Village Tanks to Modern Crises: Why D.S. Senanayake’s Rural Vision Still Echoes Across Sri Lanka-by Harold Gunatillake

Cannes Lions-eLanka

Today – Ad Oscars, Bengal Bandits, medical breakthroughs and more!

Stars align for Australian Canadian Co-production now filming in Melbourne

Kokgala (Koggala)

Stories Behind the Names of Places in Sri Lanka: Kokgala (Koggala) – By Nimal Sedera

Black July 1983, Sri Lanka riots 1983, Colombo violence, Niranjan Selvadurai poem, May We Pass Brother poem, Sri Lankan civil unrest poetry, ethnic violence Sri Lanka, 1983 riots eyewitness account, Sri Lankan English poetry, historical poems Sri Lanka, mob violence Colombo, identity and survival Sri Lanka, cultural identity conflict, language and ethnicity Sri Lanka, road to safety poem, Sri Lankan diaspora literature, trauma poetry Sri Lanka, social commentary poetry, Sri Lankan history literature, Black July reflections, Colombo 1983 events

May We Pass Brother? – By Niranjan Selvadurai

Related News
Articles

National NAIDOC Week

Articles

Convenor’s Message – By Dr. Himaya S.W.A

Good News from Jayam, Sri Lanka, Sri Lankan news, Sri Lankan community, Sri Lankan diaspora, Eric Meyer, US Ambassador to Sri Lanka, Lower Malwathu Oya Project, St Joseph Hospital Negombo, Vice Admiral Damian Fernando, Podi Menike, Warsha Karasinghe, UCLA, Zori Dassanayake, Arun Rajkumar, Mercedes F1, Sri Lankan engineer, Youth Affairs Sri Lanka, Anura Kumara Dissanayake, Sri Lanka development, Sri Lankan achievements, Michigan State University, Professor Asgi Fazleabas, Jayam Rutnam, Sri Lanka Foundation, recipes, Roma's Kitchen, Tangy Crab Salad Sandwiches, eLanka, positive news, community newsletter
Articles Jayam Rutnam

Good News From Jayam – By Jayam Rutnam

Ravi Gamage
Articles

Ravi Gamage appointed to the Main Board of Capital Maharaja Group

Qld Sri Lankan Newsletter
Articles

Qld Sri Lankan Newsletter – Dæhæna – July 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.