News & Community eLanka

eLanka

Sunday, 19 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සොඳුරු සාහිත්‍යධර,මඩවල එස්.රත්නායක – 27 වන ගුණානුස්මරණය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සොඳුරු සාහිත්‍යධර,මඩවල එස්.රත්නායක – 27 වන ගුණානුස්මරණය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 6, 2024 6:31 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 35

සොඳුරු සාහිත්‍යධර,මඩවල එස්.රත්නායක – 27 වන ගුණානුස්මරණය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

සොඳුරු සාහිත්‍යධර,මඩවල එස්.රත්නායක - 27 වන ගුණානුස්මරණය . - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

 

තණ්හා ආශා ඔලොගු කරේ ලා

මඟ තොට නොබලා වගතුග නොසොයා

එළිය දකින්නද මේ යන්නේ

ඒ… සැපත සොයන්නද මේ…

පණ්ඩිත්  අමරදේව ශුරීන්ගේ භාවාත්මක සර ඔබ මතකයට නංවමින් මෙම සමරු සටහන ආරම්භ කිරීම මැනවයි මට  හැඟීණි .

සසර සරණ පුහුදුන් මිනිසුන්ගෙන් තත් පැනය විමසූ ,එවන් අර්ථ පුර්ණ ,හෘදයාංගම ගීත රැසකින්  ගීත සාහිත්‍යය පැහැසර කළ සාහිත්‍ය වේදියෙක් ,දිවියෙන් සමු ගෙන 2024 ජනවාරි 08  දිනට 27 වසරක් සපිරේ. හේ මඩවල රත්නක අච්චිලාගේ  සිරිසේන  නොහොත් මඩවල එස්.රත්නායක  ප්‍රඥාවන්ත සාහිත්‍යධරයාය.

අපට ඔහු මුලින්ම හමුවන්නේ,60 දශකයේ අග භාගයේදී ,ගුවන්විදුලි මහගෙදර ටිකිරි සිනා රැළි  ළමා වැඩසටහන තුළිනි. ප්‍රියශීලී ,අහිංසක සිනා රැල්ලෙන් සිය නිහතමානීත්වය ප්‍රකට කළ ,වඩා උස නොවූ මේ විශිෂ්ට සුන්දර  මිනිසා ළමුන් අතර මහත් සම්භාවනාවට පත්ව සිටි අයුරු මගේ මතකයට නැගේ.

Image Source : sundayobserver

1950 වසරේදී  ඔහු වෘත්තීය දිවියට පාතබන්නේ ලේක්හවුස් ආයතනයේ, දිනමිණ පත්‍රයේ කතුවරයෙක් ලෙසිනි. අනතුරුව 1952 දී ලංකාදීප පුවත් පතට සම්බන්ධවේ.තමන් වෙත සහජයෙන් උරුමවූ නිර්මානාත්මක හැකියාවන් මුවහත් කර ගැනීම පිණිස,1954 වසරේ ඔහු පත්තර රස්සාවෙන් සමුගන්නේ,.ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් අංශයේ පැවති  පුරප්පාඩුවකට ඔහු තෝරා ගැනීම නිසාය.

ගුවන් විදුලියේ ජන ගී පර්යේෂණ වැඩසටහන් ආරම්භ කිරීමේ ගෞරවය මොහුට හිමිවේ.. 1982 දී රූපවාහිනි සංස්ථාවේ විචිත්‍රාංග අංශයේ ප්‍රධානියා වූ ඔහු, 1985 දී විශ්‍රාම ලැබීය.. ඉන්පසුව දෙවසරක් චීනයේ බෙයිජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ උපදේශකවරයෙක් ලෙස සේවය කිරීමේ භාග්‍ය ඔහු වෙත උදා විය.

මඩවල ජන්ම නිවහන

දඹදෙණිය උඩුකහ දකුණු කෝරළ ඉම  මඩවල ග්‍රාමයෙහි ,මඩවල ජන්ම නිවහන හෙතෙම ,1929 පෙබරවාරි 05වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ,දඹදෙනි උඩුකහ දකුණු කොරලේ,මඩවල නම් ග්‍රාමයෙහි ජන්ම ලාභය ලැබීය.

ඔහු සිප්සතර  අත්පොත් තබන්නේ හම්බුළුව මිශ්‍ර පාසලෙනි..කණිෂ්ඨ අධ්‍යාපනයෙන් ඔහු නෙත් පාදන්නේ  කෑගලු විද්‍යාලයයි.මහනුවර සිල්වෙස්තර විද්‍යාලය ඔහු උසස් සිප් නැණින් පෝෂණය කෙරිණි.

1963 වසරේ ලිලියන් සෝමලතා මෙනෙවිය සමඟ මඩවල යුග දිවියට පිවිසියේය.එම දෙමහල්ලන්ට පුතුන් තිදෙනෙක්  සහ දියණියක් ද  වූහ. වැඩිමහල් පුත් තුෂාර රත්නායක භාරතයේ භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයෙන් උපාධි ධාරී වයලීන් විශාරදයෙකි. ඔහු වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙසින් සේවයෙහි නිරතය.. දෙවැනි පුත් සුලෝචන පශු වෛද්‍යවරයෙකි. තෙවැනි පුත් පූර්ණක අමෙරිකාවේ වෙසෙයි.නිපුණිකා.ඔවුනගේ දියණියයි.

මඩවල එස්.රත්නායක

කාව්‍යකරනයෙහි ඇලුම් කළ  ඔහු 1946 වර්ෂයේ දී තම කුළුදුල්  කාව්‍ය ග්‍රන්ථය පෙම් අමා  ප්‍රකාශයට පත් කළේය.දහසය හැවිරිදි  පාසල් වියේදී තම ප්‍රේම සබදතාවයක් ඇසුරෙන් මෙම කෘතිය නිර්මාණය කළ බව පැවසේ. ඔහු විසින් ලියන ලද “පන්හිඳක ගැමි සුවඳ” කෘතියෙහි  ඔහු සිය කුළුදුල් අත්දැකීම් සිත්තම් කරන්නේ හෘදයාංගම ළබැඳි බස් වහරකිනි.

“ මා සත්‍ය වශයෙන්ම පෙම්වතකු වූවේ මඟුල් උත්සවයක් නිසාය. නන්දා අයිරංගනී දැන හඳුනාගැනීමට ලැබුණේ මෙහිදීය. ඈ රූමත්ය. ගැහැනියකගෙන් මා අපේක්ෂා කරන අහිංසක පෙනුම සම්පූර්ණයෙන්ම ඈ තුළින් දැකිය හැකිය. ඈ සිනාසෙන විට ඒ පෙනුම කිහිප ගුණයකින් වැඩි කෙරෙයි. ඈ සමඟ කතා කිරීමේ ආශාව වැස්සට පෙර අහසේ දැකිය හැකි විදුලි රේඛාවකින් මතුවන ආලෝකයක් මෙන් විය. වැඩි වේලාවක් යන්නට පෙර අකුණු ගසා ධාරාණිපාත වැස්සක් බවට පත්විය.”

වාර නිවාඩුවට දෙතුන් වරක් ඇගේ ගෙදර ගිය ඔහු ඈත සිට සිනාසුණා මිස ඈ ළඟට ගොස් ප්‍රිය සංවාදයක යෙදීමට ඔහුට ශක්තිය තිබී නැත. ඔවුන් දෙදෙනා  පෙම්වතුන් වූයේ ලියුම් මගින් පමණි. හිටි හැටියේ ඇගෙන් එන පෙම්පත් එකවරම නැවතුණි. එක් ප්‍රේම කතාවක් නිම විය.”

මඩවල එස්.රත්නායක

එකල ගුවන්විදුලියේ අධ්‍යක්ෂ  ජනරාල් ලෙසින් සේවය කරමින් සිටි මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා මහතා  මිණිපේ ගොවි ජනපද ජීවිතය පසුබිම් කොට, එහි පදිංචියට ගිය ගොවීන් ගේ  දිවි පෙවෙත  අළලා නවකතාවක් ලියන්නට තමන් පොළඹවනු ලැබු බව,මඩවල සිය “පන් හිඳක ගැමි සුවඳ “ චරිතාපදානයෙහි විස්තර  කරයි.  මඩවලගේ   ප්‍රථම නව කතාව අක්කර පහ ලියැවෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසින් බව ද එහි සදහනි.“පන් හිඳක ගැමි සුවඳ “ කෘතිය අවසන් කිරීමට පෙර මඩවල ජීව්තයෙන් සමු ගති . එම කෘතිය මුද්‍රණ ද්වාරයෙන් බිහිකිරීමේ ගෞරවය සෝමලතා  රත්නායක  මැතිණියට සහ බුද්ධදාස ගලප්පත්ති මා පාසල් මිතුරාට හිමිවේ.

                        මඩවල එස්.රත්නායක 

සෝමලතා රත්නායක මැතිනිය.

1959 දී නිකුත්වූ ,දොන් පේද්‍රික් ත්‍යාගයෙන් සම්මානිත  අක්කර පහ ඔහුගේ ප්‍රථම නවකතාවය.පසු කාලයේ එම කෘතිය ආශ්‍රයෙන්,ලෙස්ටෙර් ජේම්ස් පීරිස් , සම්භාව්‍ය සිනිමා සිත්තමක් නිෂ්පාදනය කළේය.

අක්කර පහ චිත්‍රපටයේ තේමා ගීතය නිර්මාණය වන්නේ ද  මඩවල ශුරීන් අතිනි.

බුදු හිනාව,  ඔහුගේ ප්‍රථම  කෙටි කතා සංග්‍රහයවේ එය. ප්‍රකාශයට පත්වුයේ  1957 වසරේදීය..

මඩවල රත්නායක සාහිත්‍ය ධරයා පන්හිදෙන් නවකතා 9 ක් ,කෙටිකතා 9 ක්, පරිවර්තන දෙකක් සහ කාව්‍ය සංග්‍රහ 4ක්  නිර්මානිතය. පහත  පෙළ ගැස්වීම ඔස්සේ ඔබට ඔහුගේ නිර්මානශීලීත්වයේ මහිම සිහිපත් කරවනු රිසියෙමි.

මඩවල එස්.රත්නායක

image source : mdgunasena 

මඩවල එස්.රත්නායක

image source : facebook

 නවකතා

  • අක්කර පහ
  • පානෙන් අඳුරට
  • අම්බලම් පාලුවෝ
  • දවස් මෙසේ ගෙවී ගියා
  • අක්කයි මායි
  • සිත නැති බඹ ලොව
  • සඳපාන කන්ද කපා
  • අලුත ගෙනා මනමාලී සහ නිල් මල් විල

මඩවල එස්.රත්නායක

image source : abhiru

මඩවල එස්.රත්නායක

image source : abhiru

කෙටි කතා

මඩවල එස්.රත්නායක

image Source : facebook

මඩවල එස්.රත්නායක

image Source : dilanjanathoughts facebook

  • බුදු හිනාව – 1957 (මුල්ම කෙටිකතාව)
  • වැහි වළාකුළු
  • තවලම්කාරයෝ
  • සුවඳ පිරුණු අනාගතයක්
  • නොමළ මල්
  • පහන නිවුවා කටින් පිඹලා
  • මල් මෙන් කඩුපුල්
  • උපන්දා සිට කරපු පව් නැත
  • කුඩප්පා

මඩවල එස්.රත්නායක

image Source : dilanjanathoughts facebook

 කාව්‍ය

  • පෙම් අමා – 1946(කවි කතාවක්)
  • මාර යුද්ධය
  • හීන හතක් මැද
  • මමද  එක්වීමි.

පරිවර්තන    –

 රොබින්සන් කෘසෝ –  රුබයියාට්

1954 වසරේ ගුවන්විදුලියට පා තැබීම , ඔහුගේ නිපුනතා මෙන්ම දේශීය සංගීතය  පිළිබද වූ හසළ කුසලතා ඔප මට්ටම් කරගැනීමට  කදිම තෝතැන්නක් වූවා  නිසැකි .දේශීය සංගීත සම්ප්‍රදායයක් බිහිකිරීමෙහිලා  පණ්ඩිත් අමරදේවයන්ගේ  අපේක්ෂාවන් සාධනයෙහිලා මඩවල රත්නායක නිර්මාණයන් වෙතින් තමන්  ලද පුළුල් අනුග්‍රහය . අමර‍දේවයෝ අවස්ථා කිහිපයකදී ප්‍රශංසාත්මකව ප්‍රකාශ කර තිබිණි.අමරදේවයන්ගේ  සහභාගීතත්වයෙන් මඩවල නිෂ්පාදනය කළ  ‘රස මියුරු’ , ‘ස්වර වර්ණ’ වන්  ගුවන්විදුලි  විචිත්‍රාංග බෙහෙවින් ශ්‍රාවක ප්‍රසාදයට බදුන් විය.

dilanjanathoughts

ගීත රචනා

 “නවක මලිත සීත සුළඟ

දේ රස මා පිනවා
මිහිරි ගීත අති උදාර
ශෝභන මේ මල් මදාර
ලබන මේ වසරේ
නවක මලිත…..
සිහල උළෙල මීරි කරති
මේ ගී මා ගයනා….* – ගායනය පණ්ඩිත්  අමරදේව

1955 දී ‘නවක චලිත සීත සුළඟ…’ නමැති ඉහත  නිර්මාණයෙන් ,හා පුරා ගීත නිබන්ධන පෙළහරට අවතීර්ණ  මඩවල රත්නායකගේ කාව්‍යෝක්ති,ගී පදවැල්  කෙරෙන් උද්වහනය වන්නේ ,හේනේ  විරහ වේදනාව මුසු පැල් කවි, කෙතේ ගොයම් කවි වන් ජනකවි  ආරේ  රිද්ම රටාවන්ය.

   මිහිරියේ ගැමි ළදේ

මඩවල රත්නායකයන්  පන්හිදෙන් නිපන්  ගී තුන්සියකට ආසන්න සංඛ්‍යාවකි. ගැට රයෝ,පටාචාරා,අක්කර පහ චිත්‍රපට පසුබිම් ගීත ලියවෙන්න ද ඔහු අතිනි.1964 “ගැටවරයෝ“ චිත්‍රපටයේ ගීත රචනය වෙනුවෙන් සරසවි සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

හේ ගීත රසික දන මන පුබුදුවාලීය.ඔහුගේ භාවපුර්ණ  හරවත්  ගීතාවලිය ශ්‍රාවක අධ්‍යාත්මය සදා සුගන්දවත් කරනා සුළුය. ඔහු හරවත් පද සංයෝජනයෙන් නිපන් ගී වැල්, සංගීතය මුසුව ගාන්ධර්ව සරින් ,දන මන මන්මත් කළේය. ඔහු අතින් නිර්මාණයවූ ගීත සමුදාය අතරෙන්, ගී මිටක් පහත පෙළ ගස්වන්නේ මෙම අපුර්ව,සුන්දර මිනිසාගේ යශෝරාවය මුර්තිමත් කිරීමේ ප්‍රයත්නයක් ලෙසිනි.

“ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්“

 

  • “බඹරෙකු ආවයි“

  • නිල්  මානෙල් මල් පිපුනා 

  • “නීල නුවන් මහනෙල් මල්

  • “හීන සතක් මැද

  • “සැදෑ කලුවර” 

ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ පුරෝගාමී ගීත රචකයෙක්, කවීන්ද්‍රයෙක්,නව කතාකරුවෙක් සහ මාධ්‍යවේදියෙක් වූ මඩවල එස්. රත්නායක,  1997 ජනවාරි 08 වන දින සජීවී ලොවින් නික්ම යන්නේ මතු පරම්පරාවේ   රසවින්දනය වෙනුවෙන් රසාලිප්ත නිර්මාණ රැසක් දැයට දායාද කරමිණි.

හේ ,බුදු දහමින් ශික්ෂණය ලද,සාහිත්‍ය කරණයේදී අව්‍යාජ ගැමිකම මතු කළ, මිනිස් දිවියේ යථාර්ථය  මැනවින් අවබෝධ කරගෙන සිටි සාහිත්‍ය ධරයෙකි. ඒ බව තවදුරටත්  මැනවින් පසක් කරමින් “පන්හිඳක ගැමි සුවඳ” මැයෙන් ඔහු නිර්මාණය කළ ස්වයං චරිතාපදානයේ  සිය අවසන් ගමන පිලිබදව තබා ඇති  සටහනකින් ,මෙම අනුස්මරණ ලිපිය සමාප්ත කිරීම යෙහෙකැයි හැගිණි.

එපා,

පතුරවන්නට මගේ මළගම.

ඇරයුමක් නොමැති ව, 

රහසින් පැමිණි මා

ඇරයුමක් නොමැති ව යන

මේ ගමන ද

රහසක් විය යුතු ය.

සුදු වැලි, පොරි විලඳ ඉස

සුදු පාවාඩ එළමින්

දෙනෝ දාහක් එක් ව

ඒ මළ කඳ ඔසවාගෙන

වෙඩි හඬින්, බෙර හඬින්

පරිසරය කෙළෙසමින්

අවමන් නොකරන්න

මළ කඳට“

ඔහු නොනිමි මෙහෙවර සපුරා ලන්නට ,යළි ලක් දෙරණේ උපත ලබන්නට හේතු වාසනා වේවායි  අප ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

මඩවල ජීවන තතු රැගත් වාර්තාමය රූපාවලිය

මඩවල ප්‍රණාම පුජා  

මහාචාර්ය ප්‍රනීත් අබයසුන්දර ,මඩවල බිරිද සෝමලතා රත්නායක මහත්මිය ඇතුළු විද්වත් පිරිසක්  මඩවල රත්නායක ශුරී මතක සටහන් සිතුවම් කරන සජීවී දසුන් කිහිපයක්

TAGGED:මඩවල එස්. රත්නායක
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lanka Salvaging MV Goshan – Sri Lanka Guardian Sri Lanka: Salvaging MV Goshan – Sri Lanka Guardian
Next Article old together SUNDAY CHOICE – The Best way to grow old together. – By Charles Schokman
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
HREAT OF FAST UNTO DEATH FOR ANY CAUSE COERCIVE

THREAT OF FAST UNTO DEATH FOR ANY CAUSE COERCIVE-by N.S.Venkataraman

Rampant Wallabies run riot against a hapless Azzuri

Rampant Wallabies run riot against a hapless Azzuri-BY TREVINE RODRIGO IN MELBOURNE (eLanka Sports Editor)

What's new at the Foundation of Goodness! 01

What’s new at the Foundation of Goodness!

Chandan Deepal Wickramaratna

The Nation Bids Farewell to Its Distinguished Archaeological Historian and Former Inspector General of Police-by Gamini Kariyawasam

Colombo Port City Development Sri Lanka waterfront skyline

Colombo Port City Development: Shaping Sri Lanka’s Future as a Global Business and Lifestyle Destination – By Malsha – eLanka

Related News
Carrying LANKA Within You-eLanka
Articles

Leaving Lanka …. Carrying LANKA Within You

Data indicates Sri Lankan’s daily electricity usage insufficient to run an AC-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Data indicates Sri Lankan’s daily electricity usage insufficient to run an AC-By Arundathie Abeysinghe

brad & kiara show
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

Articles Trevine Rodrigo

A Taste of Thailand in Bentleigh – A Labour of Love, Served with Heart-by Trevine Rodrigo

Articles Dr Harold Gunatillake

I’m curious—what were the reasons behind the Burghers leaving the country in the 1980s and before? Understanding their story can offer us some insightful perspectives-by Dr Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.