News & Community eLanka

eLanka

Friday, 14 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුවන්විදුලි මංතලාවේ – කරුණාරත්න අබේසේකර- මතක සුවද…..- By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ගුවන්විදුලි මංතලාවේ – කරුණාරත්න අබේසේකර- මතක සුවද…..- By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: April 17, 2025 4:29 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
14 Min Read
SHARE
Views: 159

ගුවන්විදුලි මංතලාවේ – කරුණාරත්න අබේසේකර – මතක සුවද…..- By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Karunaratne Abeysekera

Image Source : island

80 දශකයේ මුල් භාගයේ එක්තරා සොදුරු සැදෑවකි. මම එවකට ගුවන් විදුලියේ ශබ්ද පරිපාලක වරයෙක් ලෙසින් සේවයේ නිරතව සිටියෙමි. එදින හවස් යාමයේ ගුවන්විදුලියේ 05 වන මැදිරියේ සරස්වතී මණ්ඩපය ළමා වැඩසටහන පටිගත කිරීමේ කාර්ය භාරය මා වෙත පැවරී තිබිණි.( මෑතකදී මෙම මැදිරිය කරුණාරත්න අබේසේකර ශුරීන්ට උපහාර පිණිස ,ඔහුගේ නමින් නම් කරනු ලැබිණි.) වැඩසටහනට සහභාගී වන ළමා ශිල්පීන් සහ වාදක මණ්ඩලය නිෂ්පාදකා ප්‍රභා රණතුංගයන්ගේ මග පෙන්වීම යටතේ පුහුණුවීම් අවසන් කර, සරස්වතී මණ්ඩපය මෙහෙය වන කරු අයියා සපැමිණෙන තෙක් මැදිරිය තුළ තැන තැන අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටියහ.මා අසුන් ගෙන සිටි පටි ගත කිරීමේ පාලක මැදිරියේ වායු සමීකරණයේ දැඩි සිහිලසෙන් මිදීම සදහා ,මම මැදිරියෙන් පිටත කොරිඩෝව වෙත පිය නැගුවෙමි. එතැනට ගුවන් විදුලියේ මැද මිදුල මැනවින් දිස්වේ.එහි නිසල නිහඩ සුන්දරත්වය මසිත පහන් කළේය. සැදෑ හිරු රැස් තැවරී මැද මිදුලේ තුරු ලතා රන් පැහැ ගැන්වී මද සුළගේ ලෙලෙමින් තිබිණි. හැමු මද සුළගත් සමගම සිත් මන්මත් කරවන සුළු ,තීව්ර සුගන්දයක් ගුවන්විදුලියේ කොරිඩෝව දෙසින් වහනයවූ අයුරු මගේ මතකයට නැගේ. හුරු පුරුදු සුවදකි. ඒ සුවද කරු අයියා පිළිගැනීමේ කවුන්ටරය පියමන් කර කොරිඩෝව ඔස්සේ මැදිරිය වෙත පිය නගන බව දන්වන පෙර ගමන් කරු ලෙස වටහා ගැනීමට මම සමත් වීමි. ඒ කරු අයියා නිබදව ම සිය හිස ගල්වන ලැවන්ඩර් බ්‍රිලියන්ට් හෙයා ක්‍රීම් සුගන්දය බව අත්දැකීමෙන් ම මට පසක් විය.එතුමන්ගේ ජීවමාන රූපකාය, ඔහුගේ සමකාලීනයන්ගේ මනසට වඩාත් සමීප වන්නේ,ජේත්තුකාර  ඔහුගේ වතින් නිබදව ම නිකුත් එම ජීවන සුගන්දයත් සමගය.

හෙතෙම ගුවන්විදුලි මැදිරියට පිවිසියේ , සිය මුව රැදී  දුම්වැටිය නිවා දමා, සුපුරුදු පුළුල් සිනා රැල්ලෙන් මුව සරසා ගෙනය. එතුමන් පිළිබදව මෙවන් අතීත මතකයන්  සනිටුහන් කරමින්, මෙවන්  අනුස්මරණ සටහනක් තබන්නේ සුවිශේෂී හේතුවක් නිසාය. ඒ මන්ද යත්,කරුනාරත්න අබේසේකර ශුරීන් අභාවප්‍රාප්තවී , 2025 අප්‍රේල් 20 වන දිනට දිනට වසර 42  යෙදෙන බැව් සිහිපත් වීමෙනි.

මෙම අනුස්මරණීය අවස්ථාවේදී , එතුමන්ගේ  චරිතාපදානය සහ එතුමන් වෙතින් ගුවන් විදුලි හා චිත්‍රපට ගීත කලාවට ඉටුවූ සුවිසල් මෙහෙවර පිලිබදව විමසා බලන්නට මසිත් යොමු වුයේ නිරායාසයෙනි.

මාතර බඹරැන්දේ පෝසතුගොඩ,රත්මලේ ගැමි ගෙදරක ප්‍රේමවතී සහ පොඩිඅප්පුහාමි අබේසේකර යන දෙමහල්ලන්ගේ වැඩිමහල් දරුවා ලෙසින් කරුණාරත්න අබේසේකර ශුරීන්  උපත  ලබන්නේ 1930 වසරේ ජුනි 03 වන දිනය.

මාපියන් විසින් මේ බිළිදාට “කරුණාදාස” යන නාමය උප්පැන්නයට එක් කරනු ලැබිණි. පියා සුළු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය. මාලිගාකන්ද රජයේ පාසල කරුගේ මුල්ම පාසල සේ සැළකේ. අනතුරුව නාලන්ද විද්‍යාලයේ සිප් සතර හැදෑරීමේ භාග්‍ය කරු වෙත උදාවේ. පාසල් වියේදී ඔහු ඉගෙනීමට මෙන් ම කාව්‍ය ප්‍රබන්ධයට හා කථිකත්වයට ද දක්ෂයෙක් විය.

කරු ජන්මයෙන්ම උරුම කරගත් ප්‍රතිභා  ශක්තිය,  ගැඹුරු හඬ පෞරුෂය වඩාත් ඔප් නංවා ගැනීම පිණිස  නාලන්දාවේ සිටියදීම මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගොස් සිංහල , පාලි , සංස්කෘත දැනුම ද ගණදෙවි හෑල්ල , බුද්ධ ගජ්ජය , සකස්කඩය ද හදාළේ ය.

“සිරි අයියා” නමින් ගුවන් විදුලියේ “ළමා තීරය” මෙහෙය වූ,යු.එස්.ඒ.පෙරේරා මහතා මෙම යුගයේ නාලන්දාවේ ගුරු වෘත්තියෙහි නිරත වී සිටීම, කරුගේ ජීවන දිශානතිය වෙනස් කිරීමට බලාත්මකවූ සාධකයක් සේ සැළකේ. කරුණාදාස සිසුවා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයට පිවිසෙන්නේ සිරි අයියාගේ මග පෙන්වීම මතය.එහිදී ඔහුගේ නිර්මාණ ශක්තිය කදිමට ඔප මට්ටම්වේ;1942 වසරේ ,එනම් සිය 12 වන වියේ සිට ඔහු සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කරුණාරත්න අබේසේකර යන නමිනි.

කරු ඉගෙනීමට අති දක්ෂයකු වුවද , පවුලේ අයහපත් ආර්ථික තත්ත්වය ඔහුගේ උසස් අධ්‍යාපන මං පෙත අවුරාලු කඩුල්ලක් විය. දෙමාපියන් මෙන්ම තමාට බාල ගුණරත්න,ගාමිණී,දයා,සුසන්ත,කීර්ති,රංජන යන සහෝදරයන් හය දෙනා සහ සීතා, සුජාතා යන සහෝදරියන් දෙදෙනාත් පෝෂණය කිරීමේ වගකීම කරු වෙත පැවරී තිබිණි. ඔහු යායුතු මග දෛවය විසින් මැනවින් සැලසුම් කර තිබුණු සෙයකි. ඔහුට ගුවන් විදුලියේ දොර විවර වන්නේ, තාවකාලික නිවේදක තනතුරක් ද ලබා දෙමිනි.

ඔහු  ගුවන් විදුලියේ රැකියාව සඳහා කැඳවූ දිනයේදීම ,එවක පැවැති විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සම්මුඛ පරීක්‍ෂණයට ද කැඳවනු ලැබ  තිබිණි. ඔහු ගුවන් විදුලියේ රැකියාව තෝරා ගන්නේ සිය සොහොයුරු  පිරිසගේ අනාගත අභිවෘද්ධිය  සලකාගෙනය.

වරක් කරු අයියා ගුවන්විදුලි භෝජනාගාරයේ තේ පානය කරමින් සුහද පිළිසදරක යෙදී සිටි අවස්ථාවක පැවසූ කරුණක් මෙහිදී මගේ මතකයට නැගේ. “මල්ලි මම සහන නිවේදකයෙක් ලෙස මුලින්ම ගුවන්විදුලියට බැදුණු දවස්වල අපේ වැටුප දිනකට ශත දහයයි ..” යනුවෙන් පැවසුවේ අප මහත් විමතියට පත් කරවමිණි

චතුර කථිකත්වය.

චතුර කථිකත්වය හා ලගන්නා සුළු වදන් හැසිරවීමේ නිපුණතාව නිසා ඉතා කෙටි කලකින් ඔහු ශ්‍රාවකයින් අතර මහත් ප්‍රසාදයට පත් විය. 1952 අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ අවමගුල් විස්තර ප්‍රචාරය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවුයේ ද කරු වෙතය. බණ්ඩාරනායක අගමැතිතුමා ගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර පාර්ලිමේන්තුවේ සිට හොරගොල්ල පරිශ්‍රය තෙක් ගෙන යාමේ අවස්ථාව, කරු කම්පිත සෝබරිත හඬින් නිවේදනය කළේ ගුවන්විදුලි ශ්‍රාවකයන් නෙතග කදුළු බිදු රදවන සුළු තීව්ර සංවේදීතාවයකිනි .ගුවන් විදුලියේ ප්‍රථම සිංහල ක්‍රිකට් විස්තර විචාරකයා වීමේ ගෞරවය ද කරුණාරත්න අබේසේකරයන් ට හිමිවේ. එවකට පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව අසන්නන් සිත්හි වාග් චිත්‍රයක් සිත්තම් කිරීමට ක්‍රිකට් පාරිභාෂික වචන මාලාවක් නොවීය.නව වචන සමුදායක් ක්‍රිකට් විස්තර ප්‍රචාරයට හදුන්වා දීමට කරුණාරත්න අබේසේකරයන් පුරෝගාමී විය.

ගීත නිබන්ධකයෙක් ලෙසින් ප්‍රකට කළ කුසලතා.

කරු අතින් පබැදුණු මුල්ම ගීතය “අනුරාපුරේ මේ නීල ජල ධාරා” තමා හා එකම පන්තියේ අකුරු කළ රවීන්ද්‍ර රුපසේනයන්ට ගායනය පිණිස ලබා දුන් බැව් පැවසේ.

ඔහු ගේ ජීවිත කාලය තුළ,ඔහු ගුවන්විදුලි සහ චිත්‍රපට ගීත පද මාලා 2000 කට අධික ප්‍රමාණයක් නිර්මාණ කර ඇත. සතතාභ්‍යාසය මෙන් ම .බස හා කාව්‍යාලංකාර පිළිබඳ ඔහු තුළ නිසගයෙන් පිහිටි පුළුල් දැනුම කරුගේ ගීත නිර්මාණ ඇසුරෙන් උද්වහනයවේ.

කරු ගීත බොහොමයක් නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපටවලින් ලබා ගත් දෙමළ සහ හින්දි ගීතයන්හී තනුවලට අනුගතවය. අදාළ තනුව සමග මැනවින් ගැලපෙන සුමට, සුගම වදන් මාලාවක් තෝරා ගැනීමට හෙතෙම දක්වා ඇති කුසලතාව අති මහත්ය. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනවාට වඩා හින්දි තනුවකට අනුගතව ,එම ගීතයේ පද මාලාවට බෙහෙවින් ම සමීප සිංහල වදන් මාලාවක් ඉතා සියුම් ලෙස යොදා ගැනීම එතරම් සුගම පහසු කටයුත්තක් නොවේ. නිවේදක රංජිත් පිරිස් මෙහෙයවූ ගුවන්විදුලි වැඩසටහනකදී,කරු ඒ පිළිබඳව සිය අදහස් දක්වමින්.

කරු අනුකාරක ගීත පමණක් නොව ස්වතන්ත්‍ර, ප්‍රතිභා පුර්ණ ගීත රාශියක් ද සිංහල ගීත වංශයට දායාද කළ සාහිත්‍ය වේදියෙකි.“හෙළ ජාතික අභිමානේ..- “ බිළිදා නැලවේ උකුලේ…-“ බුදු සාමිණී …”- වන් භාවපුර්ණ ගීත රාශිය තුළින් ඔහුගේ කුශාග්‍ර ප්‍රතිභා ශක්තිය මැනවින්  ප්‍රකට කෙරේ.

“ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ

අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ…”

කරු අතින් නිර්මාණයවූ භාව පුර්ණ මෙම ගීතයෙන් කරුගේ ප්‍රතිභා ශක්තිය මොනවට ප්‍රකට කෙරේ. එඩ්වින් සමරදිවාකරයන් ගේ තනුවකට ,පණ්ඩිත අමරදේව ශුරීන් ගයන යථෝක්ත ගීතය, කරු නිර්මාණය කළේ දස්කම චිත්‍රපටිය වෙනුවෙනි.

“ඉපිද මැරේ යළි ඉපදේ …”

ඔහුගේ ගීත බොහොමයක් සජීවීමත් කිරීමේ භාග්‍ය හිමිවනේ එච්.ආර්.ජෝතිපාල සහ ජේ.ඒ.මිල්ටන් පෙරේරා සංවේදී ගායකයින් දෙපළ වෙතය.ඔහුගේ ගීතවලින් වැඩි ප්‍රමාණයක් ලියැවී ඇත්තේ, තම හද ස්පර්ශිත ආදරය,දුක,වියෝව සන්තාපය වන් තේමා මුල් කර ගෙනය කරු ගේ පද මාලා තාරුණ්‍යයේ සිත් උමතුවෙන් මන්මත්  කරනා සුළුය .

“ඇස රැදුණු රැදුණු තැන…”- “ දෙතුන් වතාවක්…”- “ හිනැහෙන්න මට ඉගැන්වූ…” – “කියන්න කවුද ඔබ කියා…- “ ඔබ තරමට මා නැලවූ…” – “සුරැකීමට හෝ…” – “ ජීව වේදනා…”- “මධු මල ලෙස මුදු…”වන් කරු අතින් පබැදුණු රසාලිප්ත ගී සමුච්චය, විශේෂයෙන් එවකට යොවුන් වියේ පසුවූ ,වර්තමානයේ වියපත් රසිකයින් සිත් සතන් මහත් අමානන්දනයෙන් ඔද වඩනා සුළුය. කරුගේ සංකල්පමය ප්‍රේම ගීතයන්හි ඇතැම් භාවාත්මක සොදුරු ගී පද පේලි එකල ආදරවන්තයින්ගේ පෙම් හසුන් ආරම්භයේ ලියවෙන සිරස්තල ලෙසින් යොදා ගත් අයුරු අප අත්දැකීමෙන් ම දනිමු.

ජීව වේදනා…

කරු චිත්‍රපට 32 ක් සදහා ගීත දෙසිය ගණනකට ආසන්න පද මාලා නිර්මාණය කර ඇත.මුලින්ම කරු චිත්‍රපටයක් සදහා තම ගීත නිබන්ධන දායකත්වය ලබා දෙන්නේ 1955 වසරේදී තිර ගතවූ “වරද කාගේද” චිත්‍රපටය සදහාය. “දලු ලා ප්‍රේම ගසේ”, වියළී කැඩිලා වැටුණා නෑඹුල් සමන් මලේ” . .වන් ජනප්‍රිය ගීත කිහිපයක් කරු මෙම සිනිමා පටය වෙනුවෙන් නිර්මාණය කළේය. .

 දලු ලා ප්‍රේමගසේ ….

කරු පහත දැක්වෙන චිත්‍රපට සදහා නිර්මාණය කළ ගීත අතිශයින් ම ජනප්‍රියත්වයට පත් විය.”-ඩිංගිරි මැනිකා චිත්‍රපටයේ “ පෙර දිග මුතු ඇටයයි …’- දෙයියන්ගේ රටේ චිත්‍රපටයේ “හිම බිම පාලන සුරිදේ…”- කුරුළු බැද්ද චිත්‍රපටයේ “ඔය බැල්ම ඔය කැල්ම …” වන් කරු නිර්මාණය කළ චිත්‍රපට ගී අද දවසේ පවා රසිකයන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍රවේ .

කරුණාරත්න අබේසේකරයන් අතින් නිර්මාණය වූ ගීතාවලිය, ගගනත පෑයූ දේ දුන්නක නන් පැහැ විසිතුර සේ අප සිත්හි දනවන්නේ ඉමිහිරි චමත්කාරයකි. කරු ආදරය, සෙනෙහස,විප්‍රයෝගය වන් තේමාවන් යටතේ පමණක් නොව හෘදයාංගමවූ විවිධ සංකල්පනාවන්, තේමාවන් ඔස්සේ ගීත නිර්මාණයෙහි ලා සිය පරිකල්පන ශක්තිය මෙහෙය වීය.

“අද පමණක් නොවේ අපට හෙටක් තියනවා…

අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා…”

ඉහත ආත්මය චිත්‍රපටය වෙනුවෙන්,ශ්‍රාවකයින් තුළ ජාතික අභිමානය අවදි කරමින් නන්දා මාලිණිය ගයන මෙම ප්‍රබුද්ධ ගීතයෙහි පද මාලාව ලියවෙන්නේ ද කරු අතිනි..ඔහු විසින් නිර්මාණය කරන ලද මෙවන් ප්‍රතිභා පුර්ණ ගීත වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සරසවි සම්මානයෙන් හේ පිදුම් ලැබීය. 

ළමා ගීත සාහිත්‍යයක් උදෙසා කළ මෙහෙවර.

ළමා ගීත සාහිත්‍ය සම්ප්‍රදායක් බිහි කරන්නට පුරෝගාමී වූ සාහිත්‍ය ධරයෙක් ලෙසින් ද කරු ජාතියේ ඇගයීමට බදුන්වේ. ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘අපේ අම්මා කොළඹ ගිහිල්ලා’, ‘දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ’,‘‘පුංචි මමයි අම්මෙ ඔබේ රත්තරන් පුතා’, ’, ‘සුරතල් අපේ පෙනීලා – වන මල් කැලේ පිපීලා’ ආදී ගීත කරු අයියාගේ අතින් ළමා මණ්ඩපය පටිගත කෙරෙන ගුවන්විදුලි මැදිරිය තුළදීම සැනෙකින් නිර්මාණය කළ ජනප්‍රිය ළමා ගී  ප්‍රබන්ධයන් සේ සැළකේ.

කරු ලියු ,වජිරා බාලසුරිය ගැයූ ,“අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..” අමරණීය ගීතය,වියපත් වුවන් පවා මනසින්  ළමා වියට ගෙන යාමට සමත් වන  සුළුය.

 කරු ඉරාණි ආදර සබැඳියාව.

කරුගේ ලයාන්විත කට හඩට පෙම් කළ රසිකයින් සුවිසාල පිරිස අතර එක් සුවිශේෂී යුවතියක් වුවාය. ඇය කොළඹ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියකවූ ඉරාණි හේරත් නම්වූ රසිකාවියයි.ඔහු ලියු ආදරයේ සුගන්ධය වහනය වන ගීත ශ්‍රවනයෙන්  ඇය මන මෝහනයට පත්වුවාය. ඔහුගේ දයාබරිත වාග් විලාශය කෙරෙහි පෙම් බැදී ඉරාණිය ට, කරු සියැසින් දැක ගැනීමේ නොතිත් ආශාව සපුරා ලන්නට ඇය ගේ යෙහෙළියන් ගේ සහය ලැබිණි. ඇයට කරු මුලින් ම හමු වන්නේ චිත්‍රා සහ පී.එල්.ඒ.සෝමපාලගේ විවාහ මංගල උත්සවයෙදීය. එතැන් පටන් ඇරඹි කරු ඉරාණි ආදර සබැඳියාවට ,ඉරාණිගේ දෙමාපිය පාර්ශවයෙන් කිසිදු එකගතාවයක් නොලැබිණි. ධනවත් පවුල් පසුබිමක් ඇති ඉරාණි , ධනවත් පව්ලක තරුණයෙකුට විවාහ කර දීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පැවතිණි . ඒ අනුව පාසලින් අස් කර ගත් ඇයට දෙමාපියන් ගෙන් තහංචි ගණනාවක් පැනවිණි. ගුවන්විදුලියට සවන් දීම,දුර කථන කථා බහ, යෙහෙලියන් ඇසුර,නිවසින් බැහැරව යාම වන් තහංචි නිසා ඇයට සිය පෙම්වතා පිලිබදව කිසිදු තොරතුරක් දැන ගැනීමට අවකාශයක් නොවීය. ඇය සිය නිවසේ සිරකාරියක් බවට පත් වුවාය. අඩුම තරමින් දුර කථනයෙන් හෝ සිය පෙම්වතිය ගේ කටහඩවත් අසන්නට නොලැබීම නිසා එම කාල වකවානුවේ කරු දිවි ගත කළේ උමතු ස්වරූපයෙනි. ඔහු තම පෙම්වතියට පණිවිඩයක් යැවිය හැකි මගක් පිලිබදව සිතමින් ළතැවුලෙන් පසුවෙයි. මද විරාමයකින් ඔහු සිත්හි අපුර්වතම කාව්‍යමය සංකල්පනාවක් පිළිසිදී , රසාලිප්ත ගීතයක් නිර්මාණය වෙයි .

“ එන්න මද නලේ – ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි- සිර ගෙයට ඇගේ…

තම පෙම්වතිය දැක ගැනීමට නොහැකිවීමෙන් ලතැවුළට පත් සෞන්දර්යවේදියා,තමන් අත් විදි විරහ වේදනාව පොදු අත්දැකීමක් බවට පත් කිරීමට දක්වා ඇති ප්‍රතිභා චතුර්ය අතිශයින් ම ප්‍රශස්තය.තිලකසිරි ප්‍රනාන්දු ගයන මෙම ගීතය තමන් දැඩි විරහ වේදනාවකින් පසුවූ මොහොතක ලියැවුන, තමන් අතිශයින් ම ප්‍රිය කරන ගීතය බැව් කරු අවස්ථා ගණනාවකදී පවසා ඇත.

ඉරාණි ගේ මව ගේ නිලී නම්වූ සහෝදරිය සෘජුව මැදිහත්ව ඉරාණියට කරු හා අතිනත ගන්නට දෙමාපියන්ගේ එකගතාවය ලබා දුන්නාය.පෙම් සබදතාව ආරම්භ්වී වසර ගණනාවකට පසුව,.1959 නොවැම්බර් 30 වන දින ගාලු මුවදොර මහ හෝටලයේදී කරු හා ඉරාණි සියලු බාධක ජය ගනිමින් විවාහ දිවියට ඇතුළත් වූහ.

Karunaratne Abeysekera

Image Source : facebook

විවාහයෙන් වසර කිහිපයක් ඉක්ම ගියද ඔවුනට දරු සුරතල් බැලීමට නොහැකි විය. එම පමාව ඔහු නව්‍ය ගීතයක් නිර්මානයට යොමු කළ සෙයකි.

“අඩකී පිරිලා ඇත්තේ  රස මිහිරි මීවතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ”

කරු යුවලගේ ප්‍රාර්ථනයන් සපුරමින් 1969 ජුනි 30 වෙනිදා , දිලීප ජගදීශ් අබේසේකර පුතු ඔවුනගේ සීගිරි නම් කැදැල්ලෙහි ජන්ම ලාභය ලැබීය.

Karunaratne Abeysekera

Image Source : facebook 

කරු සිය පියා පොඩිඅප්පුහාමි අබේසේකර සහ එකම පුතු දිලීප සමග

“දිලීප පොඩි පුතු සනීපයට නිදි  මවගේ උකුළු යහනේ

කුමාරයාණනි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ…..”

කරු ගේ පුත් දිලීප අබේසේකරයන් ,පොප් සංගීතය පිළිබදව සිය හසළ දැනුම මතු කළ සංවාදයක්

කරු ගී මංපෙත  පිළිබදව ,ප්‍රමුඛ විද්වතුන්ගේ දැක්ම

මෙපරිද්දෙන් සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කෙරෙහි කරු ලබා දුන් අනුපමේය දායකත්වය සුළුපටු නොවේ.සිය  කුසලතාවන් වෙනුවෙන් ඔහු ලද සම්මාන රැසකි. 1966 දී ස්වර්ණ සංඛ සම්මානය ද ,1967 දී හා 1969 දී හොඳම ගීත රචකයා ලෙස සරසවි සම්මානයෙන් ද හේ  පිදුම් ලැබීය.

53 වන වියේදී , හදිසි හෘදයාබාධයකින් කරුණාරත්න අබේසේකර සාහිත්‍යධරයා 1983 අප්‍රේල් 20 දින සිය දැයෙන් සමු ගත්තේ රසික ජනතාහදවත් දැඩි කම්පනයකට පත් කරවමිණි. කරුණාරත්න අබේසේකර ශුරීන් වෙතින් සිංහල ගීත සාහිත්‍යට ඉටුවූ අමිල මෙහෙවර මෙන්ම ඔහුගේ ආකර්ශනීය කට හඩ පිළිබද මතකය රසික සන්තානයන්හි යුග යුග නින්නාද වනු නිසැකි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

 

TAGGED:කරුණාරත්න අබේසේකර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The Gut-Boosting Power of Seed Mucilages: Chia, Flax, Mustard & More Show Prebiotic Potential - By Maneesh Paul. The Gut-Boosting Power of Seed Mucilages: Chia, Flax, Mustard & More Show Prebiotic Potential – By Maneesh Paul.
Next Article Vision Care Turns City Traffic into a Public Awareness Platform for World Optometry Week 2025 01 Vision Care Turns City Traffic into a Public Awareness Platform for World Optometry Week 2025
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Sri Lanka foreign investment, transparent investment in Sri Lanka, long-term investment Sri Lanka, sustainable investment Sri Lanka, responsible investment, foreign direct investment Sri Lanka, Sri Lanka investment opportunities, sustainable business Sri Lanka, ethical investment, Sri Lankan economy, investment opportunities Sri Lanka, international investors Sri Lanka, renewable energy investment Sri Lanka, tourism investment Sri Lanka, digital investment Sri Lanka, Sri Lankan business community, Sri Lankan diaspora investment, economic recovery Sri Lanka

Sri Lanka Welcomes Transparent, Long-Term Investment, Says Prime Minister

Forward Faster Now APAC 2026, Sri Lanka sustainability, Colombo sustainability event, UN Global Compact, sustainable business Sri Lanka, sustainable and inclusive growth, Asia-Pacific sustainability, business sustainability, Sri Lanka business leaders, Global Compact Network Sri Lanka, sustainable finance, climate action Sri Lanka, corporate sustainability, APAC sustainability leaders, sustainable development goals, responsible business, sustainability conference Colombo, Sri Lanka international events, ESG Sri Lanka, UN Global Compact APAC

Sri Lanka Hosts ‘Forward Faster Now APAC 2026’, Convening Business Leaders for Sustainable Growth

Sri Lanka digital analytics, MeasureCamp Sri Lanka 2026, MeasureCamp Sri Lanka, Digital Marketing Association of Sri Lanka, DMASL, digital marketing Sri Lanka, digital analytics Sri Lanka, data analytics Sri Lanka, Sri Lankan technology community, digital marketing professionals, data-driven marketing, artificial intelligence marketing, SEO Sri Lanka, search engine optimisation, marketing technology, People’s Tower Colombo, Sri Lanka technology, analytics professionals, digital economy Sri Lanka, MeasureCamp 199th event

Sri Lanka’s Digital Analytics Community Hosts 199th Global MeasureCamp at People’s Tower

ISF Industries, Sri Lankan Engineering, Coconut Processing, Coconut Industry, Automation, Artificial Intelligence, Food Processing Technology, Sri Lankan Innovation, Manufacturing Sri Lanka, Coconut Machinery, Industrial Automation, Engineering Technology, Export Technology, Anjula Sivakumaran

Sri Lankan Engineering Excellence: ISF Launches World’s First Fully Automated Coconut Dewatering System

Sri Lanka, Australia, Sri Lankan Australians, Dineth Fernando, World Youth Scrabble Championship, World Youth Scrabble Championship 2026, Scrabble Australia, Australian Youth Scrabble Championship, Scrabble champion, Sri Lankan origin Australian, young Scrabble champion, Nairobi Kenya, Melbourne Sri Lankan community, Sri Lankan community Australia, youth achievement, Sri Lankan talent, competitive Scrabble, youth Scrabble, Australian Scrabble, Sri Lankan youth, Dr Prasanna Fernando

Melbourne Teen Dineth Fernando Crowned World Youth Scrabble Champion for Australia

Related News
Sri Lankan Cricket, Sri Lanka vs India, India vs Sri Lanka, Test Cricket, Galle Test, ICC World Test Championship, Dhananjaya De Silva, Kamindu Mendis, Niroshan Dickwella, Dilshan Madushanka, Sri Lanka Test Squad
Articles

Sri Lanka Announce 16-Member Squad for First Test Against India in Galle

Isso Prawn Crazy, Isso Prawn Crazy London, Sri Lankan restaurant London, Sri Lankan food London, Sri Lankan restaurant Canary Wharf, Canary Wharf restaurants, Sri Lankan cuisine UK, Sri Lankan prawns, Sri Lankan seafood, Sri Lankan culinary entrepreneurs, Apinash Sivagumaaran, Sri Lankan business in London, Sri Lankan food abroad, Sri Lankan restaurants UK, Sri Lankan entrepreneurs, Sri Lankan seafood London, Prawn Crazy Canary Wharf, 25 Cabot Square, Canary Wharf Sri Lankan restaurant, Sri Lankan cuisine international expansion
Articles

Sri Lanka’s Isso Prawn Crazy Makes International Debut in London’s Canary Wharf

The Coconut Tree Bristol
Articles

Popular Sri Lankan Restaurant Chain ‘The Coconut Tree’ Announces Opening Date for New Bristol Branch

Articles Dr Harold Gunatillake

Lakshman Kadirgamar: A Life of Intellect, Service, and Quiet Greatness-by Harold Gunatillake

Little Japan-eLanka
Articles Savithri Rodrigo

Today – It’s about Japan, Indigo, Zero-Emission Tourism & More!

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.