News & Community eLanka

eLanka

Monday, 13 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » දැයෙන් සමු ගන්නා ගංගාරාම පොඩි හාමුදුරුවෝ. By Gamini Kariyawasam
ArticlesDr Gamini Goonetilleke

දැයෙන් සමු ගන්නා ගංගාරාම පොඩි හාමුදුරුවෝ. By Gamini Kariyawasam

eLanka admin
Last updated: August 7, 2024 3:32 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 27

දැයෙන් සමු ගන්නා ගංගාරාම පොඩි හාමුදුරුවෝ. By Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

2024 අගෝස්තු 02 දින අපවත් වී වදාළ ගලබඩ ඤාණිස්සර මහා  ස්වාමිපාදයන්, ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාස මං තලාවේ ,   අති ගෞරවයට පාත්‍රවෙමින් ,  යුග යුග නින්නාද වන උත්තරීතර චරිතාපදානයකින් හෙබියේය.  ගංගාරාම පොඩි හාමුදුරුවෝ නමින් ආදරයෙන් හඳුන්වනු ලබන ගලබඩ ඤාණිස්සර  තෙරණුවෝ දැයේ  අනාගත පරපුරේ ප්‍රඥාවේ, දයාවේ, ආධ්‍යාත්මික මඟ පෙන්වීමේ ප්‍රදීප ස්ථම්භයක්‌  විය. උන්වහන්සේගේ ජීවින චර්යාව බෞද්ධ සමාජයට සහ පුළුල් ශ්‍රී ලාංකේය සමාජ   සංතානයෙහි නොමැකෙන සලකුණක් සන්හිටුහන් කළේය .අධ්‍යාපනය, ප්‍රජා සේවය, සර්වාගමික සමගිය උදෙසා  උන්වහන්සේගේ කැපවීම අනාගත භික්‍ෂූන් වහන්සේලාගේ සහ ගිහි සමාජයේ ඉදිරි ගමන කෙරෙහි ලබා දෙන්නේ නොමද  ආලෝකයකි.

අපවත්වීම >

Galboda Gnanissara Thera of Gangaramaya Temple

දෙමාපියන් සමග.

Galboda Gnanissara Thera of Gangaramaya Temple2

 ළමා වියේ

                                    1943 දෙසැම්බර් මස 14 වන දින මාතර ගල්බොඩ ගම්පෙත විසු,  කංකානම්ගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලේනාහාමි යුවළ උන්වහන්සේගේ දෙමාපියන්ය. පවුලේ තුන් වැනි දරුවා ලෙස උපත ලද ,   ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න කුමරු , නිසැක ලෙසින් ම, මතු  සසුන බබළවන්නාවූ ,මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් වන බැව්   ගමේ  ජෝතිෂ්‍යවේදියෙක්   සඳහන්  කළ බැව් පැවසේ.

පුජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමිපාණන්ගේ දිවිපෙවෙත විස්තර කෙරෙන වීඩියෝ පටයක් >

කපුදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලද කරුණාරත්නයන්ට , ගමේ විහාරස්ථානය වූ ගල්බොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ දහම් පාසල, සදහම් දැනුම මුවහත් කරගැනීමට මහෝපකාරී විය.

කුඩා කල සිටම එතුමන් වෙතින් අධ්‍යාත්මික හා ඉගෙනීම කෙරෙහි ගැඹුරු නැඹුරුවක් විද්‍යාමාන විය. එම හැකියාවන් මැනවින් හඳුනාගත් දෙමව්පියන් ,පැවිදි ජීවිතයට සම්බන්ධ වීමට දරුවා ගේ කැමැත්තට සහාය දීමට තරම් බුද්ධි සම්පන්න වූහ.

1957 නොවැම්බර් 08 වැනිදා කරුණාරත්න කුළ දරුවා එවකට ගංගාරාම විහාරධිපති වූ දෙවිනුවර සිරි වාචිස්සර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පිවිසෙන්නේ ගල්බොඩ ඤාණිස්සර නමිනි.

මාතර ශ්‍රී ධර්මාරාම හිමියන්ට විහාරස්ථානයක් ඉදිකිරීම පිණිස, දොන් බස්තියන් ද සිල්වා ජයසූරිය ගුණවර්ධන මුදලි, බේරේ වැව ඉස්මත්තේ මොරගොඩ ඇළට හා පෙට්ටිගල ඇළට මායිම්ව තිබූ වගුරු බිම් පෙත, ගොඩකර 1883 දී තැනු ආරාමය ගංගාරාම විහාරය ලෙස නම් කරන ලදී.රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි අපවත් වීමෙන් අනතුරුව, වස්කඩුව ශ්‍රී සුභූති හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, වැලිවිටියේ ධම්මරතන හිමිපාණන් වැනි අතිශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාට පසුව විහාරස්ථානයෙහි අධිපතිත්වය ලබන්නේ ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේය.

ගංගාරාමයේ නායක ස්වාමින්ද්‍රයන් පසු කලෙක ගිලන්වීම නිසා, විහාර පරිපාලනයේ සම්පූර්ණ වගකීම ද යොවුන් වියේදීම ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වෙත පැවරේ . විවේකයක් ලද හැම විටෙක උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේලාගේ මඟපෙන්වීම යටතේ ධර්ම හා පාලි ග්‍රන්ථ අධ්‍යයනයෙහි නිරත විය.

පිරිවෙන් අධ්‍යාපනයෙන් අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත් ව 1962 දී විශ්විද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍ය උන්වහන්සේ වෙත හිමි වේ . සිංහල, පාලි, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් හැදෑරූ උන්වහන්සේ 1965 දී උපාධිය හිමිකර ගැනීමට සමත්වේ.

2003 දී,මල්වතු පාර්ශ්වයේ සංඝ කාරක සභාව විසින්,ගල්බොඩ ඤාණිස්සර හිමිපාණන් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සංඝනායක ලෙස පත් කරන ලදී. අස්ගිරි පාර්ශ්වයෙන් උන්වහන්සේට ආචාර්ය උපාධියට සමාන දර්ශන විශාරද සම්මානය පිරිනමන ලදී. උන්වහන්සේ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල සංඝනායක ද වූ නමුත් පසුව එම තනතුර අත්හැරියේය.

නිරවුල් ,පැහැදිලි , ගැඹුරු තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව පවත්වන ලද උන්වහන්සේගේ දේශනා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්හ. සංකීර්ණ බෞද්ධ සංකල්ප ගිහියන්ට ගෝචර වන ආකාරයෙන් පැහැදිලි කිරීමට තෙරෙනුවන් විශේෂයෙන් දක්ෂ විය. උන්වහන්සේ සිය ඉගැන්වීම් තුළින් සිහිකල්පනාව, සදාචාරාත්මක හැසිරීම සහ දයානුකම්පාවේ වැදගත්කම අවධාරණය කළසේක.

ගලබඩ ඥානිස්සර හිමිපාණන් විවිධ සමාජ සහන සලසන හා අධ්‍යාපනය යොවුන් පරපුර වෙත ලබාදීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ. තරුණ භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිහි ශිෂ්‍යයින් උදෙසා ,කාලීණ විවිධ නව්‍ය පාඨමාලා සැලසුම් කිරීමට,උන්වහන්සේ පුරෝගාමීව කටයුතු කළහ . මෙම යතිවරයාණන්ගේ දැක්ම වූයේ ආගමික පදනම මත ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සහ දැයේ සංවර්ධනය වෙනුවෙන් කාර්මික විෂය මාලාවක් නිර්මාණය කිරීමයි. මෙම ප්‍රවේශය ශිෂ්‍යයන්ගේ අධ්‍යාත්මික පදනම ශක්තිමත් කළා පමණක් නොව නවීන ලෝකයෙහි සැරිසැරීමට අවශ්‍ය දැනුම හා කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කළේය.

රැකියා විරහිත තරුණයන් තිදෙනෙකුගෙන් ආරම්භ කළ,ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, ඩිජිටල් අධිතාක්ෂණ පුහුණු පාඨමාලා රැසකින් සමන්විතව දැනුම බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පූජ්‍ය ඤාණිස්සර නාහිමිපාණන්,දුරදක්නා නුවණින් යුක්තව පුරෝගාමීව කටයුතු කළ සේක.80 දශකයේ අවසාන භාගයේ මා පුණ්‍ය කොමසාරිස් තනතුරෙහි රාජකාරි කළ සමයේ, පූජ්‍ය ඤාණිස්සර නාහිමිපාණන් සමග පැවැති සමීප ඇසුර නිසා, උන්වහන්සේගේ සමාජ සත්කාරයට අනුග්‍රහය දක්වමින්,ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් දහසකට ආසන්න සංඛ්‍යාවකට දෛනිකව නොමිලයේ දිවා ආහාරය ලබා දීමට කටයුතු කළ අයුරු ද මෙහිදී මට සිහිපත් වේ.

ගංගාරාමය විහාරය යටතේ වැඩිහිටි නිවාස, ළමා නිවාස , ආබාධිත සුරැකුම් මධ්‍යස්ථාන සහ කතරගම වන්දනා නිකේතනය සංවර්ධනය කර මැනවින් පවත්වාගෙන යාමට උන්වහන්සේ ලබා දුන් ක්‍රියාකාරි දායකත්වය සුළු පටු නොවේ.

ඥාණිස්සර ස්වාමීන් වහන්සේ වැඩි දෙනෙක් දකින්නේ,මනා පෞරුෂයකින් හෙබි ගතික නායකයෙක් විලසිනි. ප්‍රජා සංවර්ධනය සහ සමාජ සුබසාධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති රාශියක් හේ අධීක්ෂණය කළේය. තෙරෙනුවන්ගේ නායකත්වය යටතේ, විහාරස්ථානය සංස්කෘතික සංරක්ෂණය, අන්තර් ආගමික සංවාද සහ මානුෂීය ප්‍රයත්නයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ විවිධ ජාතික, ආගමික ප්‍රජාවන් අතර සහජීවනය සහ අවබෝධය වෙනුවෙන් දැඩි ලෙස කැපව සිටි ආගමික නායකයෙක් ලෙසින්ද, උන්වහන්සේ ශ්‍රී ලාංකිකයින්ගේ නොමද ඇගයුමට බඳුන්වේ.

ගංගාරාම විහාරස්ථානය වර්තමානයේ දිස්වන ප්‍රතාපවත් ,ආගමික භක්තිය පුබුදුවන සුළු වූ ආකර්ශනීය ස්වරූපයකට පත් කිරීමේ සුවිසල් ගරුත්වය හිමිවන්නේ පූජ්‍ය ඥාණිස්සර ස්වාමිපාදයන් වෙතය.

Gangaramaya Temple

බේරේ වැව මධ්‍යයේ පිහිටි සීමා මාලකය, සම්ප්‍රදායික ශිල්පීය ක්‍රම උපයෝගී කරගනිමින් සංවර්ධනය කිරීම පිණිස උන්වහන්සේ මහත් උද්යෝගයකින් කටයුතු කළේය.

 

Gangaramaya Temple

Gangaramaya Temple

විහාරස්ථ කෞතුකාගාරයක් සැලසුම් කර,ලොව නන්දෙසින් වඩම්මවන ලද විවිධ ප්‍රමාණයේ,විවිධ සම්ප්‍රදායන්ට අයත් බුද්ධ ප්‍රතිමා එකතුවක් එහි තැන්පත් කිරීමට මුල්වී ඇත්තේ ද පූජ්‍ය ඤාණිස්සර යතිවරයාණන්ය . මෙහි හින්දු දෙවිවරුන්ගේ මූර්ති, පැරණි ඔරලෝසු, ලන්දේසි කාසි,ඇත් දළ, ගජමුතු දක්‍ෂිණාවෘත සංඛ සහ පෞරාණික එකතු කිරීම් රාශියක් ප්‍රදර්ශනයට තබා ඇත.

 

Gangaramaya Temple

බුරුම, සියම්, ලංකා ත්‍රිපිටක ග්‍රන්ථ, පැරැණි පුස්කොළ පොත් , ඇතුළුව 4000 ක පමණ ග්‍රන්ථයන්ගෙන් යුක්ත පුස්තකාලය ,බුදු දහම හදාරන දේශීය විදේශීය විද්වතුන්ට අතිශයින්ම වැදගත් වේ.

ගංගාරාම ධාතු මන්දිරයෙහි ගිහි පැවැදි ප්‍රභූවරුන්ගෙන් මෙන්ම විදේශයන්ගෙන් ලැබුණූ සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතූන්ද තැන්පත්කර තිබේ.

1936 නිෂ්පාදිත,ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පරිහරණය කළ එක්ස් කාණ්ඩයේ පැරැණි බෙන්ස් රථය, 1890 නිෂ්පාදිත ලොව පැරැණි මුද්‍රණ යන්ත්‍රය ද ගංගාරාම කෞතුකාගාරයේදී දුට හැකි දුර්ලභ ප්‍රදර්ශන භාණ්ඩයන්ය,මෙම කෞතුකාගාරය දහම සහ දැනුම එක්කල තක්‍ෂිලාවක් ලෙසින් හැඳින්විය හැකිය.

උන්වහන්සේ කලා ශිල්පීන් සමීපව ඇසුරු කළ යතිවරයාණන් කෙනෙකි. කලාකරුවන් නියෝජනය කරමින්, ගායන ශිල්පී එඩ්වර්ඩ් ජයකොඩි නාහිමි ගුණසුවද සිහිපත් කළ මොහොත >

ශ්‍රී ලාංකේය බුදුදහමේ ආනන්දනීය උරුමය ප්‍රදර්ශනය කරන මහා සංස්කෘතික හා ආගමික පෙරහැරක් වන ගංගාරාමයේ වාර්ෂික නවම් පෙරහැර ආරම්භ කිරීම ඤාණිස්සර තෙරණුවන්ගේ එක් සුවිශේෂී ජයග්‍රහණයකි. අදින් වසර 44 ට පෙර ආරම්භවූ මුල් ම නවම් පෙරහැරෙහි ධාතු කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරන ලද්දේ දිවංගත රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමන් විසිනි. සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය සුහදතාවය ප්‍රවර්ධනය කරමින් ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත සහභාගිවන්නන් සහ ප්‍රේක්ෂකයින් ආකර්ෂණහිලා නවම් මහ පෙරහර දක්වා ඇත්තේ මහත් ප්‍රාතිහාර්යයකි.

නවම් මහා පෙරහැර >


අපවත් වී වදාළ අතිපූජ්‍ය ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ වෙතින් බුදු දහමේ උන්නතිය පිණිස මෙන් ම ,අනන්ත අසරණ, පීඩිත ජන කොටස් වෙනුවෙන් ඉටුවු අනූපමේය සේවාව අති උත්කෘෂ්ඨය.එම අමිල සේවාව අගය කිරීමේ මූලික අපේක්ෂාවෙන් ජනගත කෙරෙන මෙම ලිපිය, උන්වහන්සේ කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක දී හෙළි කළ ,අනුවේදනීය සිදුවීමකින් අවසන් කිරීම මැනවැයි හැඟිනි.

Gangaramaya Temple

“ එදින හිරු බැස යද්දී , ගලබොඩ ඤාණිස්සර නාහිමියෝ ආචාර්ය වල්පොල පියනන්ද යතිවරයාණන් සමඟ දොඩන්දූව ආරණ්‍යය සේනාසනය බලා වැඩම කරමින් සිටි නිමේෂයකි. තත් ආරාණ්‍යය පිහිටියේ කුඩා දූපතක බැවින් එහි යා යුතු වූයේ බෝට්ටුවකය.තමන් එතර කරමින් සිටි, සිය කෘෂ වතින් අන්ත දුගී භාවය ප්‍රකට කළ, බෝට්ටු යාත්‍රිකයා කෙරෙහි ඤාණිස්සර ස්වාමීන් වහන්සේගේ තීක්ෂණීය දෑස් යොමු වූ සෙයකි. නාහිමියෝ ඔහු අමතමින්,

“බෝට්ටුව ඔහේගෙද… ?
“නෑ හාමුදුරුවනේ කුලියට පදින්නේ.”
“කුලිය දවසට කීයක් දෙනවද?
“රුපියල් 300ක් දෙන්න වෙනවා .”
“දවසට කීයක් හොයන්න පුළුවන්ද?
“රුපියල් 500ක් විතර”
“ඇයි බෝට්ටුවක් ගන්න අමාරුද?
“බෝට්ටුවක් ගන්න හයියක් නෑ හාමුදුරුවනේ..”
පොඩි හාමුදුරුවෝ බෝට්ටුවෙන් බැස එතැනම සිට ලියුම් කෑල්ලක් ලියා ඔහු අත තැබීය. එහි යොමුව ගංගරාමවාසී පාලටුවාවේ ජිනරතන හිමියන් වෙතය.

“මේ ලියුම අරන් හෙට ගංගාරාමයට යනවා. පන්සලේ බෝට්ටු 3ක් තියෙනවා. එතැනින් අලුත්ම එක ගන්නවා. පන්සලේ ලොරිය ඇති. ඒකෙ පටවගෙන එනවා. ඒ බෝට්ටුව මෙතන දුවවනවා. හැබැයි කිසිම දවසක හාමුදුරුවන්ගෙන් කුලී ගන්න එපා.”

ගලබඩ ඥානිස්සර හිමියන්ගේ ජීවකාය,

2024 අගෝස්තු 05 වන දින පස්වරුවේ චිතකයේ දැවී දුම් රොටු ලෙසින් අප අතරින් නික්ම ගියද උන්වහන්සේගේ මගපෙන්වීමෙන් නිපන් සමාජ සහ ආගමික මූලයන් ,ආයතන හරහා උන්වහන්සේගේ අපේක්ෂාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් , දැයේ අභිවර්ධනය වෙනුවෙන් සදා දායකත්වය ලබාදෙනු නිසැකි. එම කාර්ය සපත කිරමින් ඉදිරියට මෙහෙයවීම ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි, ආචාර්ය පල්ලේගම රතනසාර වන් කාර්ය ශූර කුළුණුබර යතිවරයාණන් වහන්සේලා ප්‍රමුඛ ඥානිස්සර හිමිපානන් සෙවනේ හැදුණු වැඩුණු සංඝ පීතෘවරුන් වෙතින් සැලසෙනු නියති.

Galboda Gnanissara Thera of Gangaramaya Temple8

ආදාහන පුජෝත්සවය සජීවීව >

 

( මුහුණු පොත අනුග්‍රහයෙනි)

 

අපවත් වී වදාළ ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්,සිය ජීවන කාලය තුළ පූරණ ලද සුවිසල් කුසල් සම්භාරය,උන්වහන්සේ නිත්‍ය ලෙසින් ම, උත්තරීතර නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවායි අප සැම හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Buddhist principlesColomboCommunity empowermentGangaramaya TemplePodi Hamuduruwospiritual growthVen. Galboda Gnanissara Thera
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sri Lanka v Canada SriLanka vs Canada – Over 70’s World Cup – Canada won by 114 Runs
Next Article Leader of The Nationals Transcript – Laura Jayes, AM Agenda – 5 August 2024
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
LPL

LPL 2026 Gears Up for Biggest Season Yet , Star Sports to Broadcast Live Globally

Sri Lanka AI data platform

LankaData Adds Official Cabinet Decisions to Sri Lanka’s Open Data Platform

Sri Lanka Tourism 2026

Sri Lanka Tourism Surpasses US$1.5 Billion , 1.2 Million Visitors and Counting

Industrial Battery Energy Storage System , BESS Sri Lanka , Solar Battery Storage Sri Lanka , Renewable Energy Sri Lanka

Sri Lanka’s First Industrial Battery Energy Storage System with Solar Power Launched in Horana

Shameful Bellies Sri Lankans Carry-by Harold Gunatillake

Shameful Bellies Sri Lankans Carry-by Harold Gunatillake

Related News
Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together
Articles

Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together

Sri Lanka’s first industrial-scale Battery Energy Storage System launched in Horana with rooftop solar integration
Articles

A major leap for Sri Lanka’s energy future!

Articles

STRENGTHENING THE PRIDE OF CEYLON TEA

Articles

A gentle voice falls silent – By Maithri Panagoda

Economy
Articles

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.