News & Community eLanka

eLanka

Thursday, 8 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 8, 2023 5:57 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
13 Min Read
SHARE
Views: 31

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

මම ,වසර ගණනාවකට පෙර  රත්නපුර අතිරේක දිසාපති ලෙසින්  රාජකාරියෙහි  නියුක්තව  සිටි කාල වකවානුවේ ,මා ලද අපූර්ව  අත්දැකීමක් පාඨක ඔබගේ ද අත්දැකීමක් බවට  පත් කරලන්නට අදහස් කළෙමි. එදවස  එක්තරා රාජකාරී කටයුත්තක් සඳහා මට ඇඹිලිපිටිය බලා  යෑමට සිදුවිය. ආපසු එන ගමනේ දී බොහෝ රෑ බෝවිය. අතර මගදී  මා ගමන් ගත් රියේ විදුලි පහන්ස ම්පුර්ණයෙන්  අක්‍රියව ගියේය.අලුත්වැඩියා කර ගැනීමට අසල ගරාජයක් සොයා ගැනීමට ද අවකාශයක් නොවීය. පාර වැටී තිබුනේ  මහා ගන වනයක් මැදිනි.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්.

පේනතෙක් මානයක නිවසක් හෝ මිනිසකු දැකිය නොහැකි විය. වෙනත් වාහනයක් ගෙන්වා ගැනීමේ රිසියෙන් ජංගම දුරකථනය ක්‍රියාත්මක කළෙමි. දුරකථන සංඥා ළඟා  නොවන දුරස්ථ ප්‍රදේශයක් වූ හෙයින් එම වෑයම ද අසාර්ථකය. රැය පහන් වන තුරු රථයේ රැදී සිටීමට අප  තීරණය කළෙමු.

නිසල, නිහඬ පරිසරය බිඳිමින් විටින් විට ශ්‍රවණය වූ වන සතුන්ගේ හඬ අප තුළ තිගැස්මක් ඇති නොකළාම නොවේ. අඩ හෝරාවක් පමණ ගතවෙද්දී ඈතින් ඈත කිසියම්  එළියක් දිස් විය.  ආලෝක පුංජය , ගොන් බැඳි කරත්තයක ලන්තෑරුම් එලිය බව අපට පසක් වූයේ ,එය අප ආසන්නයට සේන්දු වෙද්දීය.. එහි සිටි  වයෝවෘර්ධ පුද්ගලයෙක්,  කොලු ගැටයෙක් සමග අප දෙසට පියමන් කළහ.  “මහත්තැන්ලට ඇබැද්දියක් වගේ˜  යනුවෙන් පවසමින් ඔව්හු  අප තොරතුරු විමසූහ. මද කථාබහෙන් පසුව පහන් වන තුරු අප සමඟ රැදීමට ඔවුන් දෙදෙනා කැමැත්ත පළ කළහ. ඇබැද්දියකට පත් වූ කල, පිහිට වීම සඳහා ගැමි සමාජය තුළ පවත්නා උත්තරීතර මානව දයාව එම වයෝවෘද්ධ  පුද්ගලයා ගෙන් මොනවට පැහැදිළි විය. ඔහු සිය  මඩිස්සලෙන් බුලත් විටක් රැගෙන  අප අත තැබී. වයෝවෘද්ධ  පුද්ගලයා අසූවිය ද ඉක්මවූවකු බව දැන ගතිමු. එසේ වුවද කඩිසර හා ශක්තිමත් බව ඔහු කෙරෙන් දිස්විය.ඔහු නමින් ජන්තුය. ගැටයා ඔහුගේ මුණුබුරෙකි. ඔවුහු යමින් සිට ඇත්තේ තම කෙසෙල් කොරටුවේ පීදුන කැන් සති පොළට ගෙන යෑම පිණිසය.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

ලොකු උන්නැහැ, මේ හරියෙ අලි ඇතුන්ගෙන් කරදරයක් නැද්ද ˜ මගේ රියදුරා විමසිය.”  දැන්නම් මෙහෙට අලි ඇත්තු එන්නෙ නැහැ. හැබැයි දිවියා නම් වරදින්නේ නැහැ. ˜   මහත්තයො කිව්වහම මොකෑ අපි පැල් අටවගෙන ඉන්න හරිය ඉස්සර බොහෝ  අලි ඇත්තු රංචු ගැවසිච්ච මංඩියක්.˜  — ඒ කොහෙද ලොකු උන්නැහැ˜ මම විමසීමි.  —මහත්තැන්ට කියන්න අපි පණාමුරේ ඇත්තො˜ ඒ වචනය සවන් වැකුණු සැනින් මා සිහියට නැගුණේ සුප්‍රකට — පනාමුරේ ඇත්ගාලයි.˜ ඒ පිළිබඳව වැඩි තොරතුරු දැන ගැනීමේ කුහුලින් මම ජන්තු දිරි ගැන්වීමි.

”මහත්තයෝ මඩුවන්වෙල හාමුල පනාමුරේ ඇත්ගාල කරන සංදියෙ මම අවුරුදු 15 ක විතර  ගැටයෙක්. අපේ අප්පුච්චත් පනාමුරේ ඇත්ගාලෙ වැඩ කරල තියෙනවා. ˜ ජන්තු සිය පියාගෙන් ඇසූ තොරතුරු හා තමා ළමා වියේ දුටු සිද්ධීන් එකිනෙක අප හමුවේ කදිමට විස්තර කළේය. එම තොරතුරු ත්‍රාසජනකය. අන්ධකාර රාත්‍රියේ ,වන සතු න් ගේ  හඬ පසුබිමින් ශ්‍රවණය වෙද්දී ,වනය ආශ්‍රිත පරිසරයක සිට ,ජන්තු වදනින් සිතුවම් කළ අතීත තොරතුරු,අපව ද එදවස වෙත කැදවා ගෙන යාමට සමත්වූ සෙයක් දැනිණි.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

එවකට පනාමුරේ ඇත්ගාල පවත්වාගෙන ගොස් ඇත්තේ මඩුවන්වෙල රටේ මහතාය. ඔහු පිළිබඳව,සිය පියා කළ විස්තර ඇසුරෙන් , කදිම මතකයක් ජන්තුගේ හිතෙහි රැදී තිබිණි. ජේම්ස් විලියම් මඩුවන්වෙල නම් වූ රටේ මහතා සුදු උඩුරැවුලක් සහිත තේජවන්ත පුද්ගලයෙකු විය. ඔහු වසර 20 ක පමණ කාලයක් ඇත්ගාල පවතවා ඇත. ජන්තුගේ මතකයට අනුව රටේ මහතා අවසන් වතාවට ඇත්ගාල පවත්වා ඇත්තේ 1950 ගණන්වලය. ඈත අතීතයේ මඩුවන්වෙල වලව්වේ ආරක්ෂාව පිණිස  කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට යොදා සිටි බැවි,තම පියා ගෙන් දැනගත් බව  ජන්තු අප හා පැවසීය. ඒ අනුව මුල් කාලයේ  මඩුගල්ලේ වලව්ව, පනහ මුර වලව්ව ලෙස භාවිතා වන්නට  විය. පසුව වලව්ව හා එය හාත්පස  පිහිටි මුළු ප්‍රදේශය ම  ගම්මුන්, (පනහ මුර යන්න )  පනාමුරය  ලෙස හැදින්වීමට හුරුවූ බව පැවසේ.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

මඩුවන්වෙල රටේ මහතා ජීවත්වූ ,මඩුවන්වෙල වලව්ව.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

අතීතයේදී පනාමුරේ ඇත්ගාල් බඳින සමය ප්‍රදේශයට සැණකෙළි සමයක් විය. වසරේ වැඩි කාලයක් හුදකලාව පැවති   මෙම ගම් පියස ඇත් ගාල් බඳින අගෝස්තු මාසයේදී බෙහෙවින්ම ජකාකීර්ණ වෙයි. ඇත්ගාල ඇරඹීමට පූර්වයෙන්  ඉටුකළ යුතු ප්‍රධාන කාර්ය සමුදායක් මඩුවන්වෙල රටේ මහතාගේ  නියෝගයෙන් ක්‍රියාවට නැංවෙයි. තාවකාලික විශාල ගබඩාවක් ඉදි කෙරේ. දෙදහසකට අධික පිරිසකට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගෙන් එම ගබඩාව පිරී යයි. ඒ සමඟම පැමිණෙන සේවක කාරකාදීන්ට හා අමුත්තන්ට ලැගුම් ගැනීම පිණිසද වන මැද තාවකාලික  මඩු ඉදිවෙයි. ඇත්ගාලේ වැඩට දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණෙන පුරුෂයින් තමන්ගේ බරට වේවැල් මිටි කපා ගෙන එනු ලැබුවේ රටේ  මහතාගේ නියෝගයෙනි. වේවැල් ඇත් ගාල් පවුරේ දැවැන්ත කොටන් බැඳීමටය.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

 

ඇත්ගාල් බඳින සමයේ පනාමුරේ වෙත වැටී ඇති පාරවල් ඔස්සේ වැල නොකැඩී ගමන් ගත් පිරිස් කුඩා ජන්තු දුටුවේ පෙරහැරක් විලසිනි. ගාල් බැඳීම අවැසි දැවැන්ත ලී කඳන් රැගත් කරත්ත, කඹ, යකඩ දම්වැල්, අවි ආයුධ ආදිය සපයන වෙළඳුන්, අලි බැඳීමට පළ පුරුදු  හැඩි දැඩි පුද්ගලයින්, හීලෑ ඇතුන්, ඇත්ගොව්වන්, බෙර කරුවන්, පන්දම් බඳින්නන් මේ ආදී විවිධ භාණ්ඩ රැගත් පිරිස් වැල නොකැඩී පනාමුරේ වෙත ඇදී ආහ.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

ජන්තු විස්තර කල පරිදි ඇත්ගාල් බැඳීමට මඩුවන්වෙල දිසාව පනාමුරේ තෝරා ගනු ලැබූවේ දීර්ඝ කාලීනව ඇතුන්ගේ සංක්‍රමණ රටාව හොඳ හැටි නිරීක්‍ෂණය කිරීමෙන් පසුවය. සෑම වසරකම ජූලි මස මැද භාගයේදී වල් අලි රංචු වලවේ  ගංගා නිම්නයේ සිට පනාමුරේ කැලය දෙසට සංක්‍රමණය වීම පුරුද්දක් කොට ගත්හ.අගෝස්තු මාසයේ එළැඹෙන දැඩි නියං සමයේ සියලුම ජල උල්පත් සිඳී ගියද, පනාමුරය කැලය මධ්‍යයේ පිහිටි කිසිදා ජලය නොසිඳෙන —නලියන දිය බුබුල˜  පිළිබඳව අලි ඇතුන් තුළ නොමැකෙන මතකයක් රැදී තිබිණි.

ජන්තුගෙන් ලද තොරතුරු වලින් කුහුලට පත් මම, පසු අවස්ථාවක පනාමුරේ ඇත් ගාල පිලිබදව තොරතුරු පිරික්සා බැලීම පිණිස කෞතුකාගාර පුස්තකාලය ද පරිශීලනය කළෙමි. එහිදී ඉතා අප්‍රකට කරුණු සමුදායක් සටහන් කර ගැනීමට මවෙත කදිම අවස්ථාවක් උදා විය.විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පනාමුර නින්දගම එවකට උඩරට පාලනය කල ‘ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු’ විසින් සන්නස් පත්‍රයකින්   මඩුවන්වෙල දිසාව වෙත ප්‍රදානය කරන ලද්දකි. සබරගමුව පර දේසක්කාරයින්  ගෙන්  ආරක්‍ෂා කර ගැනීම පිණිස කඩවත්  සතරේ යුද සෙබළුන් රඳවා සිටි ස්ථාන අතුරින් පනාමුරයට දිගු ඉතිහාසයක් ඇති බැව් ඉපැරණි ලේඛන සාක්ෂි දරයි.පනාමුරය වන පියස මැද වැවක් පිහිටි බවත්, වැව සිව් කොනෙහි පිහිටි ස්ථූප හතරක නටඹුන් අද ද දැකිය හැකි බවත් වාර්තාවී ඇත.

මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ව්‍යවස්ථාදායක සභාවේ මෙන් ම  ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක ධුරය හොබවන ලද්දේ ද ඔහු විසිනි. ඔහු විසි ද   වාර්ෂිකව ඇත්ගාල් 5ක් පැවැත්වීය. පනාමුරේ ඇතින්නිය වෙඩි තබා ඝාතනය කිරීමේ  ඛේදවාචකය සිදු වූයේ 1950 වසරේ අගෝස්තු 05 දින  පවත්වන ලද ඇත් ගාලේදීය.

රත්නපුරේ රාජකාරි කළ සමයේ,පසු අවස්ථාවක පනාමුරේ සහ එහි නළියන දිය බුබුල දැක බලා ගැනීමට මම  අවස්ථාවක් සලසා ගතිමි. ඇත් ගාල් බඳින සමයේ කැලෑව මැදින් වැටී තිබූ ගුරු පාර වත්මනෙහි තාර පාරක් බවට පත්වී ඇත. ඇත් ගාල පිහිටි ස්ථානය හඳුනා ගැනීම පිණිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිට වූ නාම පුවරුවක් එහි දැකිය හැකිය.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

එම ස්ථානය  හාත්පස ප්‍රදේශය කැලෑවෙන් වැසී තිබුනද, අතරින් පතර නිවාස කිහිපයක්ද පිහිටියේය. ගම්වැසියන්ගෙන් ලද මග පෙන්වීම මත අපට පනාමුරේ නළියන දිය බුබුල අසලට යාමට හැකි විය.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

වන ලැහැබියන් සෙවණ වීම නිසා දිය බුබුල හා ඒ අවට ප්‍රදේශයෙහි අඳුරු ගුප්ත පෙනුමක් දිස් විය. ඇත්ගාල් පවත්වන සමයෙහි සිය ජීවිතය රැක ගැනීමට දිව ගිය ඇතෙකු මෙම දිය බුබුලෙහි එරී මිය ගිය බවද අපට දැන ගන්නට ලැබිණි. දිය බුබුලෙහි පතුල බෙහෙවින් එරෙන සුළු ස්වභාවයක් පවතී. මෙම දිය බුබුලෙහි විශේෂත්වය නම් බැහැරින් කිසියම් අත්පුඩි ගැසීමක් වැනි ශබ්දයක් කළ විට සුවිශාල දිය බුබුලු මතු වීමයි. පැරණියන් මෙය නළියන දිය බුබුල ලෙස නම් කරන්නට ඇත්තේ ද ඉහත හේතුව නිසා විය හැකිය.

ග්‍රීෂ්ම ඍතුව එළඹෙත්ම අලි ඇතුන් නළියන දිය බුබුල සොයා එන බැව් ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැන සිටි මඩුවන්වෙල රටේ මහතා සිය සුපුරුදු වැඩපිළිවෙළ අරඹයි. ඔහු විධානයෙන් මේ වන විට නළියන දිය බුබුල මැදි කොට අක්කර 5 ක ප්‍රමාණයක් දැව කඳන් වලින් ශක්තිමත් වැටක් ඉදි කෙරේ. මෙම දැවැන්ත වැටෙහි අලි ඇතුන් පැමිණෙන දිශාගතව සුවිසල් ඉඳිකඩක් ද නිර්මාණය වෙයි. එම ඉදිකඩ දෙපස අට්ටාල වල හැඩි දැඩි පුරුෂයින් සමූහයක් විධාන ලද සැනින් දොරටුව වැසීමට සූදානම්ව සිටිති. බෙර කරුවෝ කැලෑව මැදියමේ සිට බෙර වයමින් වවිධ ශබ්ද කරමින් වන අලි ඇතුන් ඇත්ගාලේ දොර කඩුල්ල වෙත යොමු කිරීමේ ප්‍රයත්නයක යෙදෙති. කඩුල්ලෙන් අලි 25 ක් පමණ ඇත්ගාලට පිවිසි විගස ඉඳිකඩුලු ශක්තිමත් දොරටුවකින් වසා දැමේ.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

ඇත්ගාල් පවත්වන වකවානුවල ලංකාවේ ප්‍රභූ පවුල් මෙන් ම විදේශීය අමුත්තන් ද විශාල ප්‍රමාණයක් ත්‍රාසජනක සිද්ධීන් නැරඹීමේ අභිලාෂයෙන් මෙහි පැමිණෙන බව ජන්තු අපට විස්තර කර තිබිණි.. එම නරඹන්නන් වෙනුවෙන් පත්තිරිප්පු නමින් ඉතා උස් ප්‍රේක්‍ෂකාගාරයක්ද ඉඳි කළහ.එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටි සෝල්බරි සාමි, හමුදාපති රෝස්, දොස්තර ස්පිටල් ආදී ප්‍රභූන් පිරිසක්ද මෙම සොල්දර නිවසේ පත්තිරිප්පුවේ අසුන්ගෙන ,ඇතුන් බැදීමේ වික්‍රමාන්විතය නැරඹූහ.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

ඇත් ගාල සුවිශාල පන්දම් වලින් ඒකාලෝක විය. අලි බැඳීමට පෙර දින මහා දේව පූජාවක් ද පැවැත්විණි. ගාලට පිවිසෙන ඇතුන්, හීලෑ කර බැඳීම පිණිස පැමිණි , එවකට ප්‍රසිද්ධ අලි බඳින්නන් කිහිප දෙනෙකුගේ නම්ද ජන්තු  අපට විස්තර කළ අයුරු මගේ  මතකයට නැගේ. . කලවානේ පුංචි බණ්ඩා, පලල්ගොඩ ගම්පති සහ මහ ගම්මැද්දේ රාළහාමි එවන් කිහිප දෙනෙකි.අලි රංචුව සූක්ෂමව ඇත් ගාල තුළට ගන්නා අලි අල්ලන්නන්    “පනිත්තිලයන්” ලෙස හඳුන්වනු ලැබිණි.

කලවාන, ඇලපාත, මාකඳුර, ඉද්දමල්ගොඩ,මහවලතැන්න සහ එල්ලාවල යන ප්‍රදේශයන්හි ප්‍රසිද්ධ හීලෑ අලි ද ඇත්ගාලේ සේවයට යොදවා ගත්හ. හීලෑ ඇතුන්ගේ බඩතුරෙහි වේවැල් වලින් තැනූ ආසනයක හෙන්ඩුවක්ද සහිතව ඇත් ගොව්වෝ ගාලට ඇතුළු වූ වල් අලින් මෙල්ල කිරීමට දැඩි උත්සාහයක් ගත් බැව් පැවසේ.. හීලෑ අලි ලවා වල් අලිනට දැඩි ලෙස පහර දෙද්දී, හීලෑ අලින්ගේ බඩතුර සැඟවුණු මිනිස්සු වරපට දමා වල් අලීන් ශක්තිමත්ව ගස්වලට තබා බැඳීමේ කාර්යයෙහි යුහුසුළුව නිරත වූහ. දැඩි ප්‍රහාරයට ලක්වන වල් අලින්ගේ සිරුරු වලින් බොහෝ අවස්ථා වල රුධිරය පිටවෙනු තම පියා දැක ඇති බව ද ජන්තු අප හා පවසා තිබිණි..මෙල්ල කරන ලද අලි ඇතුන් දුර්වල වන තෙක් දින ගණනාවක් නිරාහාරව ගස් බැඳ තැබීම සිදුවිය.

තම පියා සියැසින් දුටු තතු ,තමන්ට විස්තර කළ අයුරු ,ජන්තු අප හමුවූ ඒ පාළු රාත්‍රියේ නිදි වරමින් පැහැදිලි කළ විලාශය  මගේ සිහියට නැගිණි. පනාමුරේ ඇත් රජුන් ලෙස ප්‍රකට හස්තියා පිරිමි සතෙක් නොව අතිනියක බව ද හේ  එම අවස්ථාවේ අපට පැහැදිලි කළේය.  ගාල් කර ගත්  අලි රංචුවම බැද ,මෙල්ල කර  ගැනීමට හැකිවූ නමුත්, එක් දැවැන්ත ඇතින්නක් (කෙනරක් )   පා දැමූ  රැහැන් බිඳ දමමින් ගාල දෙවනත් කරන්නට විය.වන ඇතුන් මෙල්ල කිරීමට යොදා ගැනිනු හීළෑ  ඇතුනට මෙම ඇතින්න පහරදී බිම හෙලද්දී ඉතිරි හීළෑ  අලින් පන බේරා ගන්නට   හිස් ලූ ලූ අත දුවන්නට විය.රංචුවේ සිටි වන  ඇතුන් 26 දෙනෙක් ගස් බැඳ දැමුවද මෙම කෙනරව අල්ලා ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ කල්හී , ගාලේ දොර හැර කැලයට  පලායාමට ඉඩ සැළසීය.

තම රැහේ ඇත් පන්තිය  හැරදමා පලා යාමට නොසිතූ මෙම ප්‍රතාපවත්  ඇතින්න  නැවතත් හැරී ගාල තුළට දිවවිත් ,  ගස් බැද සිටි සිය  සගයන් වෙතට ගොස් ඔවුන් නිදහස් කර ගැනීම උදෙසා දිවි පරදුවට තබා සටන් කළේය.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

පනාමුරේ ඇත් රජ හීලෑ කිරීමට නොහැකි ලෙස ප්‍රචණ්ඩත්වයට පත් වීම නිසා, අවසානයේ ඌ මරා දැමීමට තරම් ගාල් කරුවෝ සැහැසි වූහ. ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ විධානයෙන්, නාවික හමුදා කොමදෝරු අධිනීතීඥ ‘සෑම් කදිරගාමර්’ (ලක්ෂමන් කදිරගාමර් මහතාගේ සොහොයුරු) මහතා රයිෆලයෙන්  ඉලක්කය ගෙන කොකා ගැස්සූවේය.එම උණ්ඩය ඇතින්නියගේ  වම් ඇසට ඉහළින් නළල පසාරු කරගෙන ගියේය. කෙනර බිම ඇද වැටී සැනෙකින්  මරු වැළද ගත්තාය.

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

නළියන දිය බුබුලක් වටකර තැනූ පනාමුරේ ඇත්ගාල - By ආචාර්ය ගාමිණී කාරියවසම්. - eLanka

පසු කළෙක මෙම ඛේදනීය සිදුවීම පසුබිම් කරගෙන රචිත  “පනාමුරේ ඇත් රාජා˜ යන ගුවන් විදුලි ගීතය ශ්‍රාවකයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.මිනිසත් බවට නිගා දෙන ,ඇත් ගාල් පැවැත්වීමේ  කෘර ක්‍රියාව අවසන් වූයේ මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක වූ මොලමුරේ රටේ මහතා ගේ හදිසි අභාවයත් සමගය.1951 ජනවාරි 21 වන දින ඔහු පාර්ලිමේන්තුවේ   කතානායක අසුන මත  හෘදයාබාධයකින් සිහිසුන්ව සිට රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව අනාවරණය විය.           

ආචාර්ය ගාමිණී කාරියවසම්. 

gaminee@gmail.com

 

පනාමුරේ ඇත් රාජිණිය  පිළිබද වෘත්තාන්තය කියවූ ඔබට ,ඇයගේ    තේජස පිලිබදව ගැයෙන  ඉපැරණි ගුවන්විදුලි ගීතය සහ ඇයගේ  සජීවී තොරතුරු පහත දැක්වෙන යොමුවට (Click ) පිවිසීමෙන් දර්ශණය කළ හැකිය

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්පනාමුරේ ඇත් රාජා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article indian cricketer Sachin Tendulkar playing cricket - elanka Video: A Summary History of Cricket in Ceylon & Sri Lanka, 1822-2022-by Michael Roberts
Next Article Books Kandalama – The Untold Story
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

JUST A CLOSER WALK WITH THEE-LIVING ETERNITY ON THIS EARTH-by Lakshman Navaratne

FLH Mapiya Kapakaru

FL Foundation Launches ‘Mapiya Kapakaru’ to Fund the Education of 100 Children from Low-Income Families

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards

Indeewari Chandrasekara Wins the Global Star of WiLAT Award 2026 in Hong Kong

Circul8 Becomes Sri Lanka Tourism’s First Australian Creative Agency for a Six-Month Campaign

City of Dreams Sri Lanka World Travel Awards 2026

City of Dreams Sri Lanka Wins Asia’s Leading New Resort and Sri Lanka’s Leading Luxury Resort at the World Travel Awards 2026

Related News
Articles

Arimac CEO Chamira Jayasinghe Named Sri Lanka’s AI Leader of the Year as Company Takes Three National Honours

A snapshot of Basil D 'Oliveira
Articles

A snapshot of Basil D ‘Oliveira

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status
Articles

Sri Lanka Targets US$5 Billion in Digital Exports by 2030 as It Positions for Regional AI and Data Centre Hub Status

2FORTY2 PADURA attracted around 1,000 music lovers to Crystal Grand in Slough, celebrating Sri Lankan music, culture and community in the UK.
Articles

2FORTY2 – PADURA Draws 1,000 Music Lovers for a Night of Sri Lankan Hits in Slough

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Expolanka Leisure Cluster Wins Seven Awards at the National ICT Awards NBQSA 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.