ජාත්‍යන්තර වේදිකාවක අපේ රටේ නාමය බබළවමින්, [SICFF ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල] නර්තන තරඟාවලියේ ජාත්‍යන්තර මට්ටමින් දෙවන ස්ථානය නිර්මාණී ශක්ති නර්තන පාසල දිනාගත් මොහොත!

Source: Dhanushka Chathurinda’s facebook
The moment when the “Nirmani Shakthi” Dance School won second place at the international level in the [SICFF Sri Lanka International Folk Festival] dance competition, making our country shine on an international stage!
2026 පෙබරවාරි 13 – 17 පැවැත්වෙන 03වන ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙලේ පළමු වටයෙන් තේරීපත්වූ නර්තනාංග 16කින් සමන්විතව 02 වන වටයත්, ඉන් තේරී පත්වන්නා වූ කණ්ඩායම් 06ක් ජාතික හා තවත් රටවල් 04ක් සබැඳිව ජාත්‍යන්තර තරඟ සඳහා තරඟ වැදීමත් අවසන සම්මාන රාත්‍රියත්, සමඟින් මේ සියළු කර්තව්‍යයන් 16 දින දවස පුරා පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ පැවැත්වුණි.
දේශීයව උඩරට, පහතරට, සමබරගමු නර්තනයන් හා විදේශීයව ආසියානු රාජ්‍යන් ලෙස ඉන්දියාව හා බංගලාදේශයත් යුරෝපියානු රාජ්‍යන් ලෙස එස්තෝනියාව හා පෝලන්තයත් ආරාධිත එක් නර්තනයකින් සැණකෙලිය වර්ණවත් කළහ.
ලොව පුරා රටවල් 167ක සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල වර්ණවත් කිරීමට සපැමිණි සියළු දේශීය හා විදේශීය නර්තන ශිල්පී සැම ආදර ගෞරවයෙන් සිහිපත් කරමූ.
සම්ප්‍රදායී නර්තනයන් හා ජාත්‍යන්තර නීතිරීතීන්ට අනුකූලව විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ සෑම රටකම දේශීය නර්තනය, සජීවී ගායන හා වාදන, රංග වස්ත්‍රාභරණයන් වෙත දැඩි සැලකිල්ලක් යොමු කරන මෙම තරඟ ශීර්ෂයන් හා අවසන් තරඟය දැඩි තරඟකාරී වූ අතර ජාතික හා ජාත්‍යන්තර මෙසේ සටහන් වුණි.
1. 

විල්කොපොලනී නර්තන කණ්ඩායම – (ක්‍රැකෝවියාක් ජන නැටුම – යුධයට යාමට පෙර ඉදිරිපත් කෙරන සමුගැන්ම) පෝලන්තය
2. 

නිර්මාණශක්තී නර්තන කණ්ඩායම – (උඩරට – ගජගා වන්නම) ශ්‍රී ලංකාව
3. 

සංඛ ධනංජය කලායතනය – (උඩරට – කෝල්මුර නර්තනය ) ශ්‍රී ලංකාව
1. 
මදුසංඛ ප්‍රසාද් නර්තන පදනම – සමන්දෙවි මල් අස්න (සබරගමු)
2. 
රවිනේත්‍රා කලායතනය – අත්මිණි උපත ( සබරගමු)
3. 
රවි මව්ලී කලා පදනම – නාථ මල් අස්න නර්තනය (පහතරට)
ජයග්‍රහණය කළ අතර මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ ගරු ආචාර්‍ය රවිබන්දූ විද්‍යාපතී ශූරීන් ප්‍රමුඛ සියළූම විනිශ්ච මණ්ඩලීය සාමාජිකයින් වෙත ද හදපිරි ගෞරවය මෙසේ පුදකර සිටිමු.
ඒ වාගේම IOV SriLanka සංවිධායක මණ්ඩලීය සියළූම සාමාජිකයින්ද ආදරයෙන් මතක් කරමු.









