News & Community eLanka

eLanka

Saturday, 5 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි ඔස්ට්‍රේලියාවේ සදහම් චාරිකාවක. By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි ඔස්ට්‍රේලියාවේ සදහම් චාරිකාවක. By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 16, 2025 10:45 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 58

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි ඔස්ට්‍රේලියාවේ සදහම් චාරිකාවක. By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි

Source : facebook

මැද මාවත නිර්මාතෘ,අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද මහා ස්වාමිපාදයානන් වහන්සේ,ඔස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැඩමවන බැව්, ELanka විද්‍යුත් සඟරාව ඔස්සේ ඔබ සැම වෙත සැළකර සිටින්නේ හෘදයාංගමවු   පහන් සිතක් පෙරදැරිවය.

2025 නව වසරේ ජනවාරි 18 සිට මාර්තු 23 දක්වා,උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, වික්ටෝරියා,නිවු සවුත් වේල්ස්,බ්‍රිස්බේන්,කුවීන්ස්ලන්තය,පර්ත්,ඇඩිලේඩ් යන ප්‍රාන්තයන්හි සදහම්චා රිකාවේ යෙදීමට අපේක්ෂිතය. ඔබට අවශ්‍ය වැඩි තොරතුරු,ඒ ඒ ප්‍රාන්තයන්හි සම්බන්ධීකාරක සහෘදයින්ගේ දුරකථනයන්  අමතා ලබා ගැනීමට අවකාශයක් පවතී. මෙම චාරිකා සැලැස්ම ලබා දීමට කාරුණිකවූ, මැද මාවත ප්‍රධාන සම්බන්ධීකාරක තුෂාරි ප්‍රනාන්දු මහත්මියට  අපගේ නොමද කෘතවේදීත්වය හිමිවේ.

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි 3

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි 4

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි 5

මැද මාවත-

මැදමාවත, අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමිපාදයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ස්ථාපිත,බෞද්ධාගමික භාවනා ක්‍රම ප්‍රගුණ කරවීමේ විධිමත් මෙහෙයුමක නිමග්න බෞද්ධාගමික එකමුතුවකි. දිවයිනේ විවිධ ස්ථානවල භාවනාමය දේශනා වැඩමුළු සංවිධානයෙහිලා,මැද මාවත සාමාජික,සාමාජිකා පිරිස මහත් කැපවීමකින් ස්වේච්ඡාවෙන් ලබා  දෙන අනුග්‍රාහකශීලීත්වය පැසසුම් කටයුතුය.  බුදුරජාණන්වහන්සේ ගේ අනුශාසනා අතරින්, නිවැරදි ශික්ෂාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවතීර්ණ වී නිවන සාක්ෂාත්කර ගන්නේ කෙසේද  යන නිවැරදි දැක්ම ඔබ සැමට බෙදා දීම , මැදමාවත පරම අභිප්‍රාය ලෙසින් දිස්වේ.

දේශීය වශයෙන් පමණක් නොව, විදේශීයන්හි  ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සිදුවන්නේද ,අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද මහා ස්වාමිපාදයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ස්ථාපිත මැද මාවත සංවිධානය මගිනි.

අතිපූජ්‍ය  එල්ලාවල විජිතනන්ද මහා ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකාවේ විපස්සනා භාවනාව පිළිබදව පුළුල්, ගැඹුරු දැනුමක් සහිත ප්‍රමුක  පෙළේ ශාස්තෘවරයාණන් කෙනෙකි. මහ තෙරුන් වහන්සේ, සතිපට්ඨාන භාවනාව පැහැදිලි කිරීමෙහිලා දක්වන ගැඹුරු බහුශ්‍රැත භාවය,අනුගාමිකයින්ගේ නිබඳ ගෞරව බහුමානයට පාත්‍ර වේ. උන්වහන්සේ විසින් සතිපට්ඨානය දියුණු කිරීම සඳහා  පවත්වන ලද උත්තරීතර දේශනා රාශියකට, පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන්, සවන් දීමේ භාග්‍ය  ඔබට උදාවේ.

https://www.youtube.com/

අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද  ස්වාමින් වහන්සේ ,බෞද්ධ පාඨකයින්ගේ   දැනුම් නිම් වළලු පුළුල් කරලීමේ පරම අධ්‍යාශයෙන් මුද්‍රිත ග්‍රන්ථ රාශියක් සම්පාදනයෙහිලාද පුරෝගාමී වූ යතිවරයාණන් වහන්සේ කෙනෙක් ලෙසින් දැයේ නොමද  සම්භාවනාවට පාත්‍ර වේ.

 

  • සක්මන් භාවනා දීපනී
  • කායාගතාසතියෙන් සංසාර විමුක්තියට
  • ඉන්ද්‍රිය භාවනා සුත්‍රය
  • වැසුණු නිවන් දොර
  • ආහාර සහ සංසාර විමුක්තිය
  • කළහවිවාද සූත්‍රය
  • සබ්බාවස සුත්‍රය
  • සෝතාපත්තිංග සුත්‍ර
  • සබ්බ පාපස්ස අකරණං
  • කඨින පිංකමේ පරමාර්ථ (v.2)
  • ලොව්තුරු දහම් කැඩපත
  • සම්මාදිට්ඨි සූත්‍ර
  • ධම්මානුපස්සනාව
  • නිබ්බෙධික පරියාය සූත්‍
  • කිංසුකොපම සූත්‍රයDownload
  • Hand Book Of Meditation
  • Path to Nibbana as Lord Buddha Preached
  • Opening the path leading to Nirvana

යන සදහම් ගත් සමුදාය ,උන්වහන්සේගේ මහත් කැපවීමෙන් නිපන් කෘතින්ය. පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන්, යථෝක්ත ග්‍රන්ථ, අන්තර්ජාලයෙන් බාගත කරගෙන පරිශීලනය පිණිස ඔබට  අවකාශය සැලසේ. medamawatha.lk

මෙවන් ලිපියක් පාඨක ඔබ වෙත සංග්‍රහ කරනු ලැබුවේ,අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද මහා ස්වාමිපාදයානන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව  ඔබ සැම  දැනුවත් කිරීමේ පරම අභිලාශයෙනි.සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමෙන් ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් මිනිස් සංහතියට සැලසෙන සෙත අති මහත්ය. සක්මන් භාවනාවේ ප්‍රාතිහාර්ය පිළිබඳව ශාස්ත්‍රීය විමසුමකින් මෙම ලිපිය අවසන් කිරීම මැනවයි හැඟිනි.

අංගුත්තර නිකායේ, “ පංචක නිපාතයේ, චංකමානිශංස්‌ සූත්‍රය” සක්‌මන් කිරීම තුළින්  ආනිශංස පහක් ලද හැකි බව ,බුදුන් වහන්සේ දේශනා කර ඇති බව සදහනි.

යථෝක්ත  පංච මහා ආනිසංසයන් මෙසේ පෙළගස්වා දැක්විය හැකිය.

1 -‘අද්ධානක්‌ඛමෝ හෝති’. දුර ගමන් ඉවසා දරා ගත හැකි පුද්ගලයෙක් වීම.

2 -‘පධානක්‌ඛමෝ හෝති’ වීර්ය වැඩීමට දක්‌ෂයෙක්‌ වීම.මෙහි වීර්ය යන්නෙන් ගම්‍ය වන්නේ නිවන් දැකීමට අත්‍යවශ්‍ය ධර්මතාවක්‌. සම්මා වායාමය, විරිය සම්බොඡ්ජංගය, විරිය ඉන්ද්‍රිය, විරිය බල… ආදී වශයෙන් වීර්ය වැඩීම ගැන බෝධි පාක්‌ෂික ධර්මවල අනිවාර්ය අංගයක්‌ ලෙසින්  දක්‌වා ඇත. වීර්යය හීනවී  නිදිමත, අලස ගති මතුවීම ලෞකික ජීවිතය දියුණු කර ගැනීමටද මහත්ම බාධාවකි . එබැවින් සක්‌මන් භාවනාව වීර්යය දියුණු කරගෙන නිර්වාණාවබෝධයට අතිශය උපකාරී ධර්මයක්‌ ලෙසින් ඇගයීමට බඳුන්වේ.

3.නීරෝගී භාවය සක්‌මන් භාවනාවෙන් ලද හැකි තුන්වැනි ආනිශංසය ලෙස සැලකේ. ඒ බැව් ‘අප්පාබාධෝ’ යනුවෙන් ඉහත සූත්‍රයේ සඳහන්වේ . ගිලන් භාවය ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට මෙන්ම,නිවන් අවබෝධය කරා යන ගමනටත් මහත් බාධාවකි.මෙනයනින්  කායික හා  මානසික යන  දිවිතීය ප්‍රතිලාභයන් භාවනායෝගියාට නිසැක වශයෙන්ම හිමි වේ.

4.සක්‌මන් කිරීමේ මීළඟ  ආනිශංසය , ‘අසිත පිත ඛායිත සායිතං සම්මා පරිනාමං ගච්ඡති’ ලෙසින් දැක්වේ. ආහාර පාන පහසුවෙන් ජීර්ණය වීමට සක්මන උපයෝගී වේ.

5. සක්‌මන් කිරීමේ පස්‌වැනි ආනිශංසය ලෙසින්  චංකමානිශංස සූත්‍රයේ ‘චංකමාධිගතෝ සමාධිස්‌ස චිට්‌ඨිතිකෝ හෝති’,යනුවෙන් දක්වා ඇත. සක්‌මනෙන් ලැබෙන සමාධිය බොහෝ කාලයක්‌ රඳා පවතින බැව් මෙමගින් අවධාරණය කෙරේ. සමාධිය දියුණු කර ගැනීම ධ්‍යාන මගඵල අවබෝධයට අත්‍යවශ්‍ය කරුණකි.

සක්‌මන් කරන අවස්‌ථාවල බොහෝ භික්‌ෂුන් මගඵල නිවන් සාක්‌ෂාත් කරගෙන ඇති අයුරු ශාසන වංශය ගෙනහැර දක්වයි. ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හිමි, බුදුන් වහන්සේ පිරිනිවන් පාන නිමේෂය දක්වා අර්හත් භාවය ලබා ගැනීමට අපොහොසත් වූ සේක. තථාගතයන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී “ආනන්දය ඔබ බොහෝ කුසල් දහම් ඇති කෙනෙකි. කල් නොයවාම අරහත්වයට පත්විය හැකිය ..”යනුවෙන් වදාළේය.

ආනන්ද හිමි, තථාගතයන වහන්සේගේ   පරිනිර්වාණයෙන් අනතුරුව පළමුවැනි ධර්ම සංඝායනාවට පෙර දින රාත්‍රියෙහි අර්හත්වයට පත්වු බැව් පැවසේ. එදින  රාත්‍රියේ බොහෝ වෙලාවක්‌ සක්‌මන් භාවනාවේ නිරත වීමෙන්, කයේ වෙහෙස සංසිඳුවා ගෙන , සැතපීම පිණිස  සයනයට ඇල වෙන අතරතුර සතර ඉරියව්වෙන් තොරව අරිහත්වයට පත්වීමට භාග්‍යවත් විය. බොහෝ වේලාවක්‌ සක්‌මන් භාවනාවේ යෙදීමෙන් ලද සමාධිය ආනන්ද හිමියන්ට අර්හත් භාවය ලැබීමට ආසන්නතම හේතුව වූ වැව් ශාසන වංශයෙහි සඳහනි.

සක්මන් භාවනාව බටහිර විශේෂඥයින්ගේ කෝණයෙන්.

මෑත නවතම විද්‍යාත්මක පර්යේෂණ   අධ්‍යයනයන් මගින්,සක්මන  ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් ලබා දෙන බැව් අනාවරණය කර ඇත.

සක්මන් භාවනාවට චලනය, හුස්ම ගැනීම සහ ශරීරයේ සංවේදනයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිහිකල්පනාවෙන් ඇවිදීම ඇතුළත් වේ.පාදයේ යටි දෙපතුල  බිම ඝර්ෂණය වීමෙන් විශේෂයෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය සුවපත්  කරවන ප්‍රවණතාවයක් පවතී.

නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින්, සක්මන් භාවනාවේ ප්‍රතිලාභ කිහිපයක් සහ මනා  ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයට එය  වක්‍රව සහාය වන අන්දම  අනාවරණය කර ඇත.

1. ස්නායු පද්ධතියේ උත්තේජනය

මිනිස් සිරුරේ ඉහල කොටසේ පිහිටි ඉන්ද්‍රිය බද්ධ ස්නායු ,පාදය පතුලේ පහළ ස්නායු පද්ධතියට සම්බන්ධිතය. සක්මන් භාවනාවේදී පාදයේ පත්ල පොළොවේ ස්පර්ෂිත වීමෙන් ඇතිවන උත්තේජනය,සිරුරේ ඉහළ කොටසේ පිහිටි  ඉන්ද්‍රියන් මැනවින් සක්‍රීයමත් කිරීමට අවකාශය සලසයි.එපමණක් ද නොව සක්මන මගින්   ශරීරයේ පිහිටීම පිළිබඳ ( proprioception )  දැනුවත්භාවය ලබාදෙයි.එමගින්  රුධිර සංසරණය වැඩි දියුණු කෙරෙන අතර රුධිර ප්‍රවාහය සහ පෝෂ්‍ය පදාර්ථ බෙදා හැරීම වැඩි දියුණු කිරීම මගින් අභ්‍යන්තර  ඉන්ද්‍රිය පද්ධතිවලට වක්‍රව ප්‍රතිලාභ සලසයි.

2. වැඩිදියුණු කළ සංසරණය. (Improved Circulation)

සක්මනේ දී පාද සහ බිම අතර මෘදු ඝර්ෂණයෙන් ,සිරුරේ පහළ අන්තයට රුධිර ප්‍රවාහය වැඩි කරවයි. රුධිර සංසරණය වැඩි දියුණු කිරීම මගින් අවයව වලට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දීම, ඒවායේ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාරී වේ.

3. ආතතිය අඩු කිරීම. ( Stress Reduction )

ඇවිදීමේ භාවනාව පැරසයිම්පතටික් ස්නායු පද්ධතිය( parasympathetic nervous system ) සක්‍රීය කරයි, විවේකය ප්‍රවර්ධනය කරයි. ආතති මට්ටම අඩුවීම අභ්‍යන්තර ඉන්ද්‍රියයන්, විශේෂයෙන්ම හදවත, අක්මාව සහ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටද එය  බෙහෙවින්ම ඉවහල් වේ.

4.අවයව උත්තේජනය කිරීම ( Reflexology Effects)

 පාදවල ශරීරයේ විවිධ කොටස්වලට සම්බන්ධ වූ ස්නායු අවසානයන් රාශියක් අඩංගු වේ. මෙම කරුණු මත මෘදු ඝර්ෂණය හෝ පීඩනය, ඇවිදීමේදී සිදුවන පරිදි, reflexology වැනි ප්‍රතිලාභ, අනුරූප අවයව උත්තේජනය කිරීම සහ ශරීරයේ සමබරතාවය ප්‍රවර්ධනය කරයි.

5. හෝර්මෝන සහ පරිවෘත්තීය පද්ධතිවල සමතුලිතතාවය.

ඇවිදීමේ භාවනාව නිතිපතා පුහුණු කිරීමෙන් ආතති හෝමෝන ( cortisol levels,) ) නියාමනය කළ හැකි අතර ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කළ හැකිය, මේ දෙකම නිරෝගී ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

සිහිකල්පනාවෙන් ඇවිදීමෙන් රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය අඩු කළ හැකි අතර,එමගින් හෘද වාහිනී සෞඛ්‍ය වර්ධනය වේ.

මෙපරිද්දෙන්,සක්මන් භාවනාව, ලොව්තුරු සහ භෞතික ප්‍රතිලාභ ඒකාබද්ධ කරන පුහුණුවක් බැව් පර්යේෂකයින් තහවුරුකර ඇත.  සක්මන් භාවනාව දෛනික චර්යාවට අනුගත කර ගැනීම , මානසික සහ ශාරීරික සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහාද  ප්‍රායෝගික ප්‍රවේශයක් විය හැකිය.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

 

ගෞරවනීය එල්ලාවල විජිතනන්ද   ස්වාමින්වහන්සේ, සක්මන් භාවනාව පුහුණු කිරීම පිළිබඳව කළ  සුවිශේෂී දේශනයකට සවන් දීමට ,පහත දැක්වෙන යොමුවට පිවිසීම මැනවි.

 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමිබෞද්ධාගමික භාවනා ක්‍රමමැද මාවත නිර්මාතෘ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article wildfires Relief for victims of Los Angeles Fires Please call SLAASC Committee Members Refuge at Sri Lankan homes and some Buddhist Temples food and clothing – By Jayam Rutnam
Next Article SLC should focus on dwindling viewer curiosity at Test venues - By Sunil Thenabadu SLC should focus on dwindling viewer curiosity at Test venues – By Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Band & Kiara

The Brad & Kiara Show

HCA 1

HCA Newsletter

Bureau of Meteorology

Community Engagement Newsletter – 4 September 2026

Thomian Ball 2026 - eLanka

Thomian Ball 2026 – Another magnificent event proudly organised by STC OBA AUSTRALIA on their 175th Anniversary Celebrations.

Understanding Hindu Funerals

Understanding Hindu Funerals: Traditions, Rituals & the Final Journey – By Vin Govindan | Moksha Funerals – Specialist Hindu Funeral Director

Related News
Skipper's sensational spell puts Sri Lanka on course in the Asia Cup
Articles Trevine Rodrigo

A hat-trick and 7 for 5 puts Chamari Athapaththu in the record books against Indonesia. Skipper’s sensational spell puts Sri Lanka on course in the Asia Cup. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe
Articles Arundathie Abeysinghe

Colombo Port under threat with proposed Galathea Bay Transshipment Port-By Arundathie Abeysinghe

Fine Food Australia
Articles

Consulate General of Sri Lanka in Melbourne – Pleased to visit “Franklands Foods stall” @ Fine Food Australia

Articles

Consulate General of Sri Lanka, Melbourne facilitated the participation of “The Auburn”, an Australian wellness brand offering premium Alba-grade Ceylon Cinnamon @ Fine Food Australia 2026.

CAHM 1
Articles

CAHM at SLIIT Expands Global Training Opportunities Through Partnership with CÉ LA VI Singapore

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.