News & Community eLanka

eLanka

Monday, 13 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මන නන්දණීය,නන්දා මාලිණිය , 80 වන වියට පිය තබන්නී…. By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මන නන්දණීය,නන්දා මාලිණිය , 80 වන වියට පිය තබන්නී…. By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 6, 2023 5:44 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
11 Min Read
SHARE
Views: 31

මන නන්දණීය,නන්දා මාලිණිය , 80 වන වියට පිය තබන්නී…. By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.අලුත්ගම ලෙවන්දූවේ ගැමි පවුලක  මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා සහ  ලියනගේ එමිලි පෙරේරා දම්පතීන් ගේ  නව දෙනකු‍ගෙන් යුත් පවුලේ හතර වැනියා ලෙසින් බිළිදියක ජන්ම ලාභය ලබන්නීය. දින වකවානුව ,1943 අගෝස්තු 23 වැනිදාය.  පියා  සන්නාලි වෘත්තිකයෙකි. මව දරුවන්සු රැකි ආදර්ශමත් ගෘහණියක වුවාය.අලුත උපන් බිළිදිය  නන්දා මාලිනියයි. කුඩා වියේ ඇය හැදී වැඩුනේ සහෝදරයන් හතර දෙනෙක් හා සහෝදරියන් හතර දෙනෙක් ගේ උණුසුම නොඅඩුව ලබමිනි.

නන්දා මාලිනිය ඉකුත් අගෝස්තු  23 වැනි දින ,සිය පරිනත 8 වන දශකය වෙත පියමන් කළාය. සිය සංගීත  කුසලතාවය, ගායන චාතුර්යය   වෙනුවෙන් ,සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් හිමිකර ගන්නට ඇය සමත් වූවාය. ඇය   වෙනුවෙන් හෘදයාංගමවූ   සමරු  සිත්තමක් පෙළ ගස්වන්නට ගත් ,නොතිත් උත්සාහයක් ලෙසින් මෙම ලිපිය සැකසිණි.

මන නන්දණීය,නන්දා මාලිණිය ,

මන නන්දණීය,නන්දා මාලිණිය ,

තම උපන් ගම අලුත්ගම අතැර , කොළඹ කොටහේනට පදිංචියට පැමිණි නන්දා මාලනී ළදැරිය,සිප්සතර හදාළේ  කොටහේනේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙනි.එහි දී ඇය ගේ ආචාර්ය වරිය වූ මාග්‍රට් පෙරේරා මහත්මිය, දැරියගේ කුසලතා හදුනා ගෙන ,ඇගේ දිශානතිය සංගීත ක්ෂේස්ත්‍රය වෙත යොමු කළාය. තම ගුරුතුමිය වෙතින් ලද අනුග්‍රහයෙන් ,නන්දා ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වූ කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ   ‘සරස්වතී මණ්ඩපය’ට සහභාගී වූවාය. එහි දී නන්දාට අසෝක කොළඹගේ විසින් නිර්මාණය කළ    “බුදු සාදු මම සමන් වැලක්වෙ න්නම්” නම් ගීතය ගයනා කිරීමට අවස්ථාව සැලසිණි . එහි මධුර  තනුව නිර්මාණය කලේ  ඩී. ඩී. ඩැනීනම් සංගීතඥයාය . එකල ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ වඩාත් ජනප්‍රිය ළමා ගීතය බවට පත්වූයේ නන්දා ගැයූ “බුදු සාදූ …” ගීතයයි.

නන්දා මාලනී සිය කටුක  පාසල් දිවිය සිහිපත් කරද්දී  අප දෑස් අගින්   කදුළු බිදුවක්   මතු නොවු හොත් එය  අරුමයකි.

මන නන්දණීය,නන්දා මාලිණිය ,

“…ඉස්කෝලේ යන්න හොඳ සපත්තු නැති නිසා එදා මම දාපු කට්ටා සෙරෙප්පු නිසා මට ඉස්කෝලේ ළමයි කිව්වේ කට්ටයා කියලා… මිනිස්සු අපහසුතාවයට ලක් කරන වචන වල වේදනාව පුංචි කාලෙදිම මම අත්වින්දා… කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආපු ගමන ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්… උත්සාහය, ඉවසීම, කැපවීම සහ මගේ තාත්තාගෙන් අම්මගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි මම අද මේ තරම් දුරක් ආවේ… අද මට සල්ලි තියෙනවා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ… අපි හුරුවෙන්න ඕනි, දරුවන් හුරුකරන්න ඕනි පොළොවේ පය ගහලා ජීවත් වෙන්නයි…”

බෞද්ධ, පහළ මධ්‍යම පාන්තික, සහ වාමාංශික පවුලක හැදී වැඩුණු මාලිනී  ඇයගේ ළමා විය පිළිබදව සිහිපත් කරන්නේ අව්‍යාජත්වයෙනි  . “අපි ගොඩක් දුප්පත්, වත්කම්වලින් කිසිම දෙයක්ති බුණේ නැහැ,” ඇය වරක් සමාජ මාධ්‍යන් හී  තම කටුක, උත්සාහවන්ත දිවි ගමනේ අනුස්මරණීය මතකයන් මෙසේ  අවදි කළාය..

“…මම ඉපදුනේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලක… අදටත් දුප්පත් ගමක්… පස්සෙ කාලෙක අපි ආවා කොටහේනට… කොටහේන හැට දෙකේ වත්තට… හුඟක් මිනිස්සු කිව්වෙ කොටහේන මුඩුක්කුවත්ත කියලා… ඉතින් මගේ පවුලෙ සාමාජිකයන් නව දෙනයි… මගේ තාත්තා දුප්පත් නමුත් මනුස්සකම අතින් පෝසත් කෙනෙක්… තාත්තා රැකියාවට අමතරව ගෙදර ඇවිදිනුත් කෝට් මැහුවා… ගෙවල් ගානේ ගිහින් ඒ කෝට් විකුණුවේ මම… කෝට් අරන් ගෙයක් ගෙයක් ගානේ ගියපු මාව එදා සමහර ගෙවල් ඇතුලට ගත්තෙ නෑ… ඒත් අද මම ඒ හැමෝගෙම හදවතේ ඉන්නවා… අද මට ලැබෙන මේ පිළිගැනීම සතුටක්… ඒත් අදටත් මම එදා හිටි මාලනීමයි… කවදාවත් තමන්ගෙ අතීතය අමතක කරන්න එපා…”

මෑතකදී නන්දා මාලිනිය සිය සන්නාලි පියා මතකයට නංවමින් ,මෙවන් අපුර්ව ගීතයක් ගීත සාහිත්‍ යට දායාද කළාය. 

“ මගේ සන්නාලි තාත්තා -ඔබේ අභිජාත දෝණී මා නිම් නාද රාවදී –    උපහාර පාමී මා ….”

ඒ ගීතවත් හඬ තුළ ගැබ්වූ නිහතමානීත්වය සහ කටුකත්වය පිරුණු අත්දැකීම් ඇගේ සංගීත චාරිකාවට  නොමද ආශිර්වාදයක් වූ සෙයකි.

අප වැඩිදුරටත්  නන්දා මාලිනියගේ මුවින් නිකුත්වූ , අවංක,නිර්ව්‍යාජ, නිහතමානී වදන් වෙත දෑස්යොමු කරවමු.

“…මගේ තාත්තා අපිව ජීවත්කරන්න පුදුමාකාර දුකක් වින්ඳා… මම අම්මා එක්ක, එහෙම නැත්නම් ලොකු අක්කා එක්ක තොටලඟ පොළට ගිහින් ගෙදරට ඕනි කරන කලමනා අරන් එනවා… ලාබෙට ත යෙන එළවළු පලා ටිකකින් අපි එදා වේල පිරිමහ ගත්තා…ඉතින් අපි කවදාවත් කෑම අහක දැම්මේනෑ… අදටත් මම මේ සරල ජීවිතයට හුරුවෙන්න ලොකුම හේතුව අගහිගකම්වලින් පිරුණු ඒ අතීතයමයි… කන්න තිබුනේ එක වේලයි… අඳින්න පාට පාට ලස්සන ඇඳුම් තිබ්බෙ නෑ… ඒත් පිරිසිදුවට පිළිවෙළකට අපි තියෙන දේ ඇන්දා…”

“…මගේ ජීවිත කතාව ඇතුලේ තියෙන දුප්පත්කම ගැන කියන්න මම ලැජ්ජා නෑ… ඒත් මම බොරු කියන්න  බයයි… ලැජ්ජයි… මොකද එක බොරුවක් වහන්න අපි බොරු දහයක් කියන්න ඕනි…ඒ දුප්පත්කම සහ මගේ අතීතයට මම අදටත් ආදරෙයි… බොරු නොකියා මම මමම විදියට ආව මේ ගමන මට වටිනවා… .”

දිවියේ  විවිධ කටුක අත්දැකීම් වලට මුහුණ දුන්  දිරිය කාන්තාවක්වූ  නන්දා මාලනී අදටත් ගත කරන්නේ  බෙහෙවින් ම  සරල ගති පැවතුම් වැළද ගත්  දිවියකි .  විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගි වන ඇය , රාජ්‍ය  නායකයින්, ප්‍රභූන්, හමුවට පවා යන්නේ, වරල  තනි කරලට ගොතා ,ශ්වේත වර්ණ සාරියකින් සැරසී බව ඔබට අනන්තවත් නිරීක්ෂණය වන්නට ඇති.

මන නන්දණීය,නන්දා මාලිණිය ,

ඇය යොවුන් වියේදී   බී. වික්ටර් ‍පෙරේරා ගෙන් සංගීතය හැදෑරීය.අනතුරුව  හේවුඩ් ලලිත කලාය නයෙන් ද, 1963 දී ඉන්දියාවේ ලක්නව්හී භාත්කණ්ඩේ සංගීතායතනයෙන් ද සිය සෞන්දර්ය චාරිකාවට අවැසි දැනුමෙන් පෝෂණය ලද්දීය. යොවුන් වියේ සිටම ,නන්දාවන්  සන්තානයේ පවතින්නේ සිය දේශය වෙනුවෙන්වූ අපරිමිත භක්තියකි.එම සනාතන දේශ  භක්තිය ,දේශ වාත්සල්‍ය ,හැගුම්බර ගීතයක් බවට පත්වූ නිමේශයක්…

” ඔබ අපගෙයි ශ්‍රීලංකා………..

ඇය 1984 දී දෙවන වතාවටත් භාත්ඛණ්ඩ  සරසවිය වෙත පිවිස සංගීත විශාරද උපාධිය හිමිකර ගති. ඇයට  ශ්‍රීලංකාවේ  සෞන්දර්ය විශ්ව විද්‍යාලය විසින්  ද  ආචාර්ය උපාධියක්  පිරිනමනු ලැබිණි.

මන නන්දණීය,නන්දා මාලිණිය ,

කුලපති සංගීත නිපුන් සනත් නන්දසිරි ශූරීන් 

අතින්,නන්දා උපාධි සහතිකය ලබමින්.

ගුවන්විදුලියේ . සුනෙත් ගෝකුල හා විවාහ වූ නන්දාවන් ,දියණියන් දෙදෙනෙකුගේ මවක් වීමේ වාසනා මහිමය ලද්දීය. වරුණි සරෝජා හා අමා සාරදා ඇයගේ දියණියන් දෙදෙනාය.

මන නන්දණීය,නන්දා මාලිණිය ,

මන නන්දණීය,නන්දා මාලිණිය ,

නන්දා මාලිනියගේ  ඕනෑම ගීතයක් ශ්‍රවනය කිරීමේදී ,ඇය  අප  සමාජයේ පහලම සහ මධ්‍යම පාන්තික  ස්ථරයන් ගේ හද ගැහෙනා රාවය මැනවි හදුනා ගත් කලාකාරිනියක් බැව් ප්‍රත්‍යක්ෂවේ.  නන්දා මාලිනී රටේ සමාජ හා සංස්කෘතික සන්දර්භයේ සන්නාමය ලෙසින් හැදින්විය හැකිය. මෙම ගීතයේ යථාර්ථය එම ස්වභාවය මැනවින් සනාථ කරනා සුළුය. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක්…

සංගීතඥයන් සහ මානව විද්‍යාඥයන් සිංහල සංගීතයේ විකාශනය ,ලොව අනෙක් සෑම සංස්කෘතියක මෙන්ම, අප දේශයේ ඒ ඒ  යුගයන්හී පැවති සමාජ තත්වයන්ට  අනුගතව  හැඩගැසී ඇති බව අවධාරණය කරයි.. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී, බෞද්ධ පුනරුදයෙන් පසුව සහ සිංහල සුළු ධනේශ්වරයේ නැගීමත් සමඟ, ගීත නිබන්ධකයින්, ගායකයින්, සහ සංගීතඥයන්, තත්කාලීන සමාජ ප්‍රවාහයේ සිතුම් පැතුම් භාවාත්මක සරින් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයක නියැලෙන  බැව් දිසේ.

තම  පවුල් පරිසරයේ පැවති   වාමාංශික  දෘෂ්ටියෙන්,  ඇය ගායන මාධුර්යය ද  මුවහත් වූ සෙයකි. දැඩි ඉතා දැඩි  රැඩිකල් විභවයක් තම ළය තුළ  දරාගෙන ,එම ජීව ගුණය මතුවන ලෙසින් ඇය කළ ගායනයන්, සිංහල සුළු ධනේශ්වර පන්තිය පවා ඇයට  ආදරය කිරීමට,ඇයගේ ගී සරින් මෝහනයට පත් වන්නට,ආකර්ෂණයට පත්වන්නට හේතු වුවා නිසැකි.   ඇයගේ”ගලන ගඟකි  ජීවිතයේ”  ගීතයේ සිට මේ සිංහල අපගෙ රටයි  දක්වා ඇය සමාජයේ  මෙම පිරිසට ආයාචනා කළාය.

ඇයගේ ප්‍රේක්ෂකයින් බවට පත්ව සිටි,1956 විප්ලවයෙන් බිහිවූ  සිංහල මධ්‍යම පාන්තිකයින් 70 දශකයේදී  වෙනත් දේශපාලන ප්‍රවාහයක්  වෙත අවතීර්ණ  වන සෙයක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම  පැරණි වම මූලික වශයෙන් ජවිපෙ වෙත යම් තරමකට   නැඹුරු වන්නට විය. කොමියුනිස්ට් පක්ෂයෙන්, සමසමාජ පක්ෂයෙන් සහ ඔවුන්ගේ ශාඛාවලින් සැදුම් ලත් නව සංයුතීන් වෙත  සිංහල පහළ මධ්‍යම පාන්තිකයින්  ආකර්ෂණය විය. මේ මොහොතේ සමාජ ප්‍රවාහය මැනවින් අවබෝධ කරගත් නන්දාවන්  ගේ ගායන චාතුර්ය තුළින් ද එම වෙනස දිස්වන්නට විය. . නන්දා මාලිනිය ගේ  “පවන “ සංගීත දැහන   ජනගත වන්නේ මෙහි පලයක් ලෙසිනි.

“යදමින් බැඳ විලංගුලා – මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා – දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම – දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරණය – නීතිය හා විනිසුරන්.. කකා බිබී නටන අතර – නරුම…”

සමාජයේ ජන හදවත්හී  කැකෑරෙමින් පවත්නා වේදනාවන් ප්‍රකට කරවන්නට , ජනතාව  වීදි බැසි අවස්ථාවන්හීදී ,නන්දා මාලිනිය ද සිහ    ධජය  අත දරා ඔවුන් හා එක්වුයේ ,ඇය  තුළ පවත්නා එඩිතර ගතිය හා මුසුවූ මානව භක්තිය නිසා බැව් මෙම වීඩියෝව කදිමට පැහැදිලි කරනු නිසැකි.

මන නන්දණීය,නන්දා මාලිණිය ,

නන්දා මාලිනිය තුළ  ආවේනික,අසාධාරණය හමුවේ නැගී සිටීමේ  මෙවන් විරෝධ ආකල්ප නිසා ,බ හෝ අවස්ථාවල පැවතී විවිධ රජයන් ගෙන්  ඇයට විවිධ අතවර  කෙනහිලිකම් වලට මුහුණ පෑමට  සිදුවිය. ඇය  වෙත කරන ලද ,එවන් එක්  දෝෂාරෝපණයක්  මට මෙහිදී සිහිපත්වේ. ප්‍රේමදාස ජනාධිපති තුමාගේ පාලන සමයේ ,මා ස්වාධීන රුපවාහිණී සේවයේ සාමාන්‍යධිකාරී ලෙසින් සේවයේ යෙදී සිටියදී ,එතෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රචාරයවූ “ සීමෝ ස්ට්‍රීට්” ( Seymour Street  )   ළමා වැඩසටහන වෙනුවට “සුවද පද්ම “ නමින්,සතිපතා  සිංහල  ළමා වැඩසටහනක් හදුන්වා දී,එහි මෙහෙයවීම නන්දා මාලිනිය වෙත පැවරීමට ක්‍රියා කළෙමි .ඇය එම වැඩසටහන ළමුන් ගේ සහභාගීත්වයෙන් ,  ඉතා උසස් මට්ටමකින් කරගෙන යාමට සමත් වුවාය.ඒ අතර ,පවත්නා රජයටහිතවත් නොවන නන්දා මාලිනිය ,වහා එම වැඩසටහනෙන් ඉවත් කරන ලෙස ,එවකට හිටි මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ඒ.ජේ.රණසිංහ මහතාගෙන් නියෝගයක් මවෙත  ලැබිණි.එම අසාධාරණ  නියෝගය නොතැකු මම  ,ජනපති ප්‍රේමදාස මැතිතුමා මුණ ගැසී, එතුමන්ට  නිවැරදි කරුණු වටහා දීමට යුහුසුළු වීමි.  නන්දා මාලිනී ඉතාමත් ආකර්ශනීය අන්දමින්  මෙහෙයවන  එම ළමා  වැඩසටහන ළමුන් අතර බෙහෙවින් ම ජනප්‍රියව පවතින බැවින් ,ඇය ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමට එතුමා ගේ එකගතාව ලද හැකි විය.

නන්දා මාලිනිය  චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙසින්,හාපුරා  රිදී තිරය ආලෝකමත් කරන්නේ  1961 වසරේදීය . ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වූ මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ ‘රන්මුතු දූව’ චිත්‍රපටය වෙනුවෙනි. පණ්ඩිත් අමරදේවයන් ගේ සංගීතය මුසුව  නාරද දිසාසේකර සමග නන්දා  ගැයූ  ‘ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ’ නම් ගීතය , සරසවි  සම්මාන උළෙලේ දී  වසරේ ප්‍රශස්තම චිත්‍රපට ගීතය ලෙසින් සම්මානයට පාත්‍ර විය. .

 

ඇයගේ ගීත එකතු අතර,  පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යයයේ  ගීතය, පවන, හේමන්තයේදී, තාරුකා  ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්,කිරිමදුවැල් , ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ, සාරි පොඩිත්තක් සහ පිරිත්පැන් වන් ගීතාවලීන් ශ්‍රාවක හදවත්හී නිබදවම නින්නාද  වන සුළුය.

පණ්ඩිත් අමරදේවයන්ගේ ඉතා ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “මධුවන්තී”  ගී සදැල්ලේ, නන්දා මාලිනිය මුල්වරට ගැයු “සන්නාලියනේ”යන ගීතය අප මතකයේ සදනුස්මරනීයව ලැගුම් ගෙන ඇත. ඉන්දියානු රෙදි වියන්නියන් සමූහයක්  මුල් කොට ගෙන සරෝජනී නායිඳු රචනා කළ පද වැලක් මහගම සේකර ගීතයක් ලෙස ප්‍රතිනිර්මාණය කරමින්, මෙම විශ්ව  යතාර්ථය සාහිත්‍යමය හැඩ රුව මවමින් ඉදිරිපත් කිරීමේදී නන්දා මාලිනිය සිය භාවාත්මක අත්වැල් ගායනයෙන් ලබාදෙන සහය අගනේය .

මන නන්දණීය,නන්දා මාලිණිය ,

නන්දා මාලිනිය සන්තානගත මානව භක්තිය,යුක්තිය අසාධාරණය හමුවේ ඉන්ද්‍රඛීලයක් ලෙසින් න ගී සිටීමේ ජන්මීය ගති සොභාව මැනවින් අවබෝධ කර ගත් වියතෙක් ,ඇගේ සෙවනැල්ල වීම,පෙර සසර පතාගෙන පැමිණි සෙයක් වන්නට ඇත.මහාචාර්ය සුනිල් ආරියරත්න වියතා       ඇයගේ සංගීත ප්‍රාතිහාර්යයේ සෙවනැල්ල ලෙසින් දුට හැකිය.නන්දා මාලිනිය මනෝභාවයන් මැනවින් අවබෝධ කරගෙන ,ඇය  පිය  නගනා සංගීත මාවත ,ඇය වෙත භාව පුර්ණ නෙක පබැදුම්   කුසුමන් විසුරුවන මහාචාර්ය සුනිල් ආරියරත්න වියතානන් ද නිතැතින් ම දැයේ සම්භාවනාවට බදුන්වේ.

80 විය සැපත් නන්දා මාලිණි ,හෙළයේ මහා  ගාන්ධර්ව වරියට,දීර්ඝායු සහිත  නිදුක් නිරෝගී ,සුපසන් දිවියකට ආසිරි පතමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee@gmail.com

TAGGED:Nanda Malaniආචාර්ය ගාමිණී කාරියවසම්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Vernon Forbes, 99th Birthday - JOSEPH VERNON FORBES - celebrates his 100th Birthday - eLanka JOSEPH VERNON FORBES – celebrates his 100th Birthday
Next Article Tharushi and mixed relay team win golds in South Korea - By Dhammika Ratnaweera - eLanka Asian Games: More Medals Secured by Sri Lanka-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
LPL

LPL 2026 Gears Up for Biggest Season Yet , Star Sports to Broadcast Live Globally

Sri Lanka AI data platform

LankaData Adds Official Cabinet Decisions to Sri Lanka’s Open Data Platform

Sri Lanka Tourism 2026

Sri Lanka Tourism Surpasses US$1.5 Billion , 1.2 Million Visitors and Counting

Industrial Battery Energy Storage System , BESS Sri Lanka , Solar Battery Storage Sri Lanka , Renewable Energy Sri Lanka

Sri Lanka’s First Industrial Battery Energy Storage System with Solar Power Launched in Horana

Shameful Bellies Sri Lankans Carry-by Harold Gunatillake

Shameful Bellies Sri Lankans Carry-by Harold Gunatillake

Related News
Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together
Articles

Sydney Bradby Shield Screening Brings Sri Lankan Cricket Fans Together

Sri Lanka’s first industrial-scale Battery Energy Storage System launched in Horana with rooftop solar integration
Articles

A major leap for Sri Lanka’s energy future!

Articles

STRENGTHENING THE PRIDE OF CEYLON TEA

Articles

A gentle voice falls silent – By Maithri Panagoda

Economy
Articles

Sri Lanka Surpasses US$1 Billion in FDI , Strongest Showing Since 2022

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.