News & Community eLanka

eLanka

Wednesday, 29 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අගමැතිවරුන් හත් දෙනෙකුගේ පෙර ගමන්කරු – බ්‍රෑඩ්මන් වීරකෝන්, 93 වන ජන්ම දින සමරයි . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අගමැතිවරුන් හත් දෙනෙකුගේ පෙර ගමන්කරු – බ්‍රෑඩ්මන් වීරකෝන්, 93 වන ජන්ම දින සමරයි . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: October 29, 2023 5:52 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
12 Min Read
SHARE
Views: 8

අගමැතිවරුන් හත් දෙනෙකුගේ පෙර ගමන්කරු – බ්‍රෑඩ්මන් වීරකෝන්, 93 වන ජන්ම දින සමරයි . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

bradman weerasinghe - eLanka

bradman weerasinghe - eLanka

ඔස්ට්‍රේලියානු  ජාතික ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු අළු බඳුන එංගලන්ත සංචාරයේදී වාර්තාගත, ත්‍රිත්ව ශතකයක් ලබා ගනිමින් එංගලන්තයේ සිට ආපසු එන අතරතුර 1930 ඔක්තෝම්බර් 30 වන දින ,කොළඹට පැමිණියේය. 

bradman weerasinghe - eLanka ( ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (1908 – 2001) විශිෂ්ට පිතිකරුවෙකු ලෙස 99.94 සීමාව ඉක්මවා දුර ප්‍රමාණයක සාමාන්‍ය වේගයක් පවත්වා ගෙන ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.) 

එම සැපත්වීම  සැලකිල්ලට ගෙන ,එදින  උපත ලද තම    කුඩා බිළිදාට   එම නම තැබීමට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔහුගේ පියා එඩ්මන්ඩ් ආර්. වීරකෝන් සැලකිලිමත්වූ බව පැවසේ.       

 රයිගම් කෝරළයේ කළු ගංගා නිම්නයේ  පයාගල ආර්.( රොබින් )බ්‍රැඩ්මන් වීරකෝන් ශුරීන්  ගේ නිජ ගම් පියසය. පියාගේ  ගම කළුතර වූ අතර මව නුගේගොඩ පදිංචිකාරියක් වුවාය.  පියා සහකාර පොලිස් අධිකරීවරයෙකි.මව එඩිත් මැතිනිය  මොරටුව  වේල්ස් කුමරි  විදුහලේ ගුරු මාතාවක් ලෙසින් සේවහි නිරතව සිටියාය. දෙමාපියන් ඇන්ග්ලිකන් භක්තිකයන් විය.එනමුදු බ්‍රැඩ්මන්  18 වන වියේදී බුදු සමය වැළද ගත්තේය. ඔහු ඉගෙනුම ලැබුවේ කළුතර ශුද්ධවූ ක්‍රිස්තු  විද්‍යාලයෙනි. පසුව සිප්ස තර හැදෑරීම පිණිස ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ද්විතීයික පාසලට ඇතුළත් විය. දෙවැනි ලෝක සංග්‍රාමයේදී  එම විදුහල හමුදා රෝහලක් ලෙස යොදා  ගැනීම නිසා පසුව, ඌව කඳුකරයේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයට  ඔහු  ඇතුළත්වේ. පාසල් දිවිය අවසානයේ  ඔහු ලංකා විශ්ව විද්‍යාලයට පිවිස  ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ ඉහළ  පන්තියේ ගෞරව උපාධියක් ලබා ගති. අනතුරුව  ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබ විදෙස් ගතව ,  මිචිගන් විශ්ව විද්‍යාලයෙන් 1952 දී  සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා සිය රට පැමිණේ. 

 බ්‍රැඩ්මන් වීරකෝන් 1956 අගෝස්තු 10 වෙනිදා  දමයන්ති ගුණසේකර මෙනෙවිය  සමඟ විවාහප්‍රාප්ත විය. ඇසළ රුවන් වීරකෝන්  එම දෙපළගේ  එකම දරුවාවේ. ඔහු සිය පියා මෙන්ම  ජ්‍යෙෂ්ඨ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර විවාහ වූයේ විදේශ රටවල්  කිහිපයක ශ්‍රී ලංකා තානාපති ධුරයන් ඉසිළු  බර්නාඩ් තිලකරත්නගේ දියණිය ක්‍රිෂාන්ති  සමඟ ය. පසු කලෙක ඇසළ  නොර්වේ සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක  ශ්‍රීලංකා තානාපති තනතුරු හෙබවීය. 

මා විදේශ අමාත්‍යංශයෙහි  රාජකාරියෙහි නිරතව සිටි අවදියේ,ඇසළ  ද එම අමාත්‍යාංශයේ  රාජකාරි කළ , මගේ සමකාලීන හිතවත් නිලධාරියෙක් විය. එම කුළුපගතාවය නිසාම,එවකට පරිපාලන සේවයේ කනිෂ්ඨ නිලධාරියෙක් වූවද  මා හට , පරිපාලන සේවාවේ ඉහළම තලයේ සිටි ඔහුගේ පියා බ්‍රැඩ්මන් මහතා නිතර නිවසේදී  හමුවීමට,එතුමාගේ ශාස්ත්‍රීය පොත්, මතක සටහන් පරිශීලනට   සහ මෙම ලිපියට ද  පාදක වන අප්‍රකට තොරතුරු සමුදායක්  ඔහුගේ පියාගේ  මුවින් ම අසා දැන ගැනීමටත් කදිම අවකාශයක් සැලසිනි.

“1950 අවුරුද්දේ මං  සිවිල් සේවා විභාගයට පෙනී සිටියා. ඒකෙන් තෝරා ගත්තේ  පස් දෙනයි. මට  මුළු ලංකාවෙන්ම දෙවෙනියා වෙන්න පුළුවන් වුණා. ශාන්ති කුමාර් පිල්ප්ස්, චාන්දි චන්මුගම්, ලෙස්ටර් පෙරේරා ,මා එක්ක සිවිල් විභාගේ පාස් වෙච්ච අනෙක් අය. මුලින් ම,දිසාපතිවරුන්දෙ දෙනකු යටතේ යාපනේ හා අනුරාධපුරයේ පුහුණු වෙලා, 1955 දී අගමැති කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස පත් වී එන විට මට වයස අවුරුදු 25 විතර  ඇති. .ඒ කාලේ අගමැති විදියට  හිටියේ සර් ජෝන් කොතලාවල මහත්තය.අගමැති  ලේකම් වූයේ පී. නඩේසන් මහත්තය.“ බ්‍රැඩ්මන්වී රකෝන් මහතා,මා හමුවේ සිය   මතකය අවදි කලේ ඒ අයුරිණි.

bradman weerasinghe - eLanka

  ශ්‍රීලංකා පරිපාලන සේවා සංගමයේ ,මාසික සගරාව

 “සාසා “, එහි සංස්කාරක ලෙසින් මවිසින්  කලකට පෙර , බ්‍රැඩ්මන් වීරකෝන්

මහතා වෙත පිළිගැන්වූ  අවස්ථාව.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී සිටි යුගයේ  අර්ධ ශතකයක් ලද සෙයින්ම, රාජ්‍ය සේවයෙහි ද අර්ධ ශතයකයකට ආසන්න  කාලයක්   පුරා සුවිසල්  ජන මෙහෙවරක නිමග්න විය. ඔහුගේ වෘත්තීය දිවිය තුළ  ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් හත් දෙනෙකුගේ  ලේකම් වරයෙක් ලෙසින් ද, ජනාධිපතිවරුන්දෙ දෙනෙකුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්  ලෙසින් ද සේවයෙහි නිරත වීමට තරම් කාර්යශූර පෞරුෂයක්හේ නිසගයෙන් ම උරුම කර ගෙන සිටියේය.සර් ජෝන් කොතලාවල (1953 – 1956), එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (1956 – 1959), ඩබ්ලිව්. දහනායක (1959-1960), ඩඩ්ලි සේනානායක (1960, 1965, 1970 දක්වා), සිරිමාවෝ බණ්ඩාරනායක (1960 – 1965), ජේ.ආර්. ජයවර්ධන (1977 – 1988), රණසිංහ ප්‍රේමදාස (1978 – 1988, 1989, 93), ඩී. බී. විජේතුංග (1993 – 1994), රනිල් වික්‍රමසිංහ (2001 – 2004) යන අගමැති හා ජනාධිපතිවරුන් පිරිස ඇසුරේ ශ්‍රී ලංකාවේ දසක හතරක දේශපාලන ඉතිහාසයේ පරිපාලන නියමුවා වූයේ බ්‍රැඩ්මන් වීරකෝන් ශුරීන්ය.යාපනයේ රාජකාරි කළ මුල් කාලයේ  ම, දෙමළ භාෂාව මැනවින් ප්‍රගුණ කිරීමට ද හෙතෙම  සමත් විය.            

bradman weerasinghe - eLanka

  බ්‍රැඩ්මන්  තරුණ වියේ ,

සිරිමාවෝ මැතිණියගේ  රජයේ, අග්‍රාමාත්‍ය ලේකම් 

ලෙසින්.                                       

මෙනයනින්  රාජ්‍ය සේවයේ මේසා දීර්ඝ කාලයක් අද්විතීය මෙහෙවරක යෙදුනු  පළමු පුද්ගලයා ලෙසින් ද ඔහු නාමය  ඉතිහාසයේ සනිටුහන්වේ.දේශපාලනයේ  ගැලුණු  විවිධ පෞරුෂයන්  සහිත පාලකයින් රාශියක් සමඟ ගැටුම් වලින් විනිර්මුක්තව වැඩ කිරීමට ඔහු තුළ පැවතී උපේක්ෂා ශීලීත්වය වාර්තාගත වික්‍රමයක් සේ සැලකිය හැකිය.ඔහුගේ මතක සටහන්,Rendering Unto  Caesarනමින් 2004 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔහුගේ අවසන් විශ්‍රාම ගැනීමෙන් පසුවය.

bradman weerasinghe - eLanka

bradman weerasinghe - eLanka

ඔහු ලේකම්වරයෙක් ලෙසින් සේවය ලබා දුන්  නායකයින් නවදෙනා විසින් කරන ලද, බොහෝ විට  මතක නොවන, සුවිශේෂී ක්‍රියා දාමයන් රසාත්මකව  නාට්‍යෝචිත ස්වරුපයෙන් “ Rendering Unto Caesar”  කෘතියට ඇතුළත් කර තිබේ.

බලංගොඩ සිරිමාවන්ගේ  වලව්වට මනාලියක් බැලීමට ඩඩ්ලි සේනානායක  මහතාගේ  දෙමාපියන් ඔහු  කැදවා ගෙන ගිය කතාවක් ද උක්ත කෘතියෙන් අනාවරණය කෙරේ. ඩඩ්ලි ආහාර පාන වලට ප්‍රිය වූ පුද්ගලයෙක් ලෙස ප්‍රකටය. මනමාල යුවතිය විසින් බන්දේසියක තබා ගෙනෙන ලද  සංග්‍රහ ආහාර පාන දුටු විට ඔහුට වෙනත් කිසිවකට අවධානය යොමු කළ නොහැකි මොහොතක් උදාවූ ලෙස පැවසේ.

bradman weerasinghe - eLanka

ආපසු එන ගමනේදී ඔහු ගෑනු ළමයා ගැන සිතන්නේ මොනවාදැයි,ඩඩ්ලි ගෙන්  අම්මා විමසූ  විට, ඔහුපවසා ඇත්තේ “මොන ගෑනු ළමය ද? මම එහෙදි කිසි ගෑනු ළමයෙක් දැක්කේ නෑ“ කියාය.ඔහුගේ දැඩි අවධානයට යොමුවී ඇත්තේ, යුවතිය වෙත  නොව,ඇය අත රැදි  බන්දේසියේ රස කැවිලි වෙත බව මෙමගින් ගම්‍යවේ .

බ්‍රැඩ්මන්  එම කෘතියෙන් ,බණ්‌ඩාරනායක පවුල පිළිබදව  එම නිවසට ආවේණික නිරීක්‍ෂණ කිහිපයක්‌ ඉදිරිපත් කරයි : “චන්ද්‍රිකා, ඇගේ මුද්‍රා නාට්‍ය පාඩම් අවසන් වී නිවසට එයි,  අගමැති පියා ඇයව අමුත්තන් කිහිප දෙනෙකුට හඳුන්වා දුන්නේ: ‘මෙන්න මගේ පැව්ලෝවා’ යනුවෙන්.

“මනා සෞඛ්‍ය තත්වයකින් පසවූ විජයානන්ද  දහනායක මහතා  අරලියගහ මැදුරේ තණ බිස්සේ  පාවහන් නොමැතිව ඇවිදීම “මොළය පිරිසිදු කිරීමට” උපකාරී වන බව විශ්වාස කළ අගමැතිවරයෙකි. තුමා වැටකොලු සහිත  බත් පිඟාන සහ පොල්, ගම්මිරිස් මුසු  අග්ගලා නිතර  ආහාරයට ගැනීමෙන් බර අඩු කර ගත් බව ඔහු සිය ග්‍රන්ථයේ සදහන් කරයි.

bradman weerasinghe - eLanka

“දහනායක මහතා අරලියගහ මන්දිරයට එන විට ගෙන ආවේ සූට් කේසයක් පමණි. විශාල හම් පටි කින් බඳින ලද ඒකෙ ඇතුළේ තිබුනේ  දහනායක මහතාගේ ඇඳුම් පමණි. මම ඒ මහතා අරලිගහ මැදුරේ විසිත්ත කාමර, කෑම කාමරය, අගමැතිගේ නිදන කාමර ආදිය පෙන්වා දුන්නා. ඉහළ මහලේ අගමැති නිදන කාමරයට මා දහනායක මහතා කැඳවාගෙන ගිය විට ඔහු කතා කළේ මවිතයෙන්.

‘මොකක්? මේක නිදන කාමරයක්?‘ මේකෙ නිදා ගත්තොත් පාර හොයා ගන්න බැරිව අතරමං වෙයි. ඇත්තටම බ්‍රැඩ්මන් මීට වඩා පුංචි කාමරයක් හොයා ගන්න බැරිද?”  හේ සිය කෘතියේ එසේ  සදහන් කරයි.

බ්‍රැඩ්මන් මෙම කෘතිය  ලියන්නේ රාජ්‍ය නායකයින්ට සමීප  අභ්‍යන්තරිකයෙකු  ගේ  නිරීක්‍ෂණයන්වි ලාශයෙනි. එහෙත් මෙහිදී  කතුවරයා සිද්ධි දාමයන්  ඉදිරිපත් කරන්නේ   හෙළා දැකීමට නොපෙළඹුණු මිනිසෙකු ලෙසය. ඔහු  පවසන්නේ , “වරදකින් තොරව මිනිස්  දිවියක් පැවතිය නොහැක. එනමුදු  සෑම මිනිසෙකු තුළම අල්ප මාත්‍ර වශයෙන් හෝ කිසියම් යහපත් චර්යාවන් සැගව පවත්නා බවකි.”  

බ්‍රැඩ්මන් යනු මුදු ගති ඇති, කාර්යශීලී , නිහතමානී සොදුරු මිනිසෙකි. කිසියම් අවශ්‍යතාවක් සදහා ඔහු අබියසට යන ඕනෑම තරාතිරමක සේවා ලාභියෙකුට සුළු මොහොතකින්, ඔහු ඔබ සහ ඔබේ අවශ්‍යතා වෙනුවෙන් කැපවන නිලධාරියෙක්ය යන හැගීම  නිරායාසයෙන්ම ඇතිවේ. ඔහුගේ දෑස් නිරන්තරයෙන් ම  අවංකභාවයෙන් සහ මිත්‍රශීලී අවබෝධයෙන් පිරී ඉතිරී යන සෙයක් දිසේ.

bradman weerasinghe - eLanka

1976 දී, ඔහු පවුල් සැලසුම් ක්ෂේත්‍රයේ ,රාජ්‍ය නොවන සංවිධානයක් වන  International Planned Parenthood Federation (IPPF) ආයතනයට සම්බන්ධ වීමට විදේශගත විය.  . “ ගම් මට්ටමේ

1983 ජනවාර්ගික ගැටුම්වලින් පසුව, ඔහු පුළුල් පරාසයක පරිපාලන බලතල සහිත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස පත් කරන ලදී. 1984 දී ඔහු වසරක් සඳහා ලන්ඩනයේ IPPF හි මහලේකම්වරයා ලෙස නැවත සම්බන්ධ විය, ප්‍රේමදාස මහතා  ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ඔහු පත් කර ගනු ලැබිණි.ප්‍රේමදාස  මහතාගේ අභාවයෙන් පසු ඔහු විජේතුංග ජනාධිපතිවරයාගේ  උපදේශකවරයා ලෙස සිටි අතර 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වූ විට, ඔහු උපදේශක  තනතුරෙන් ඉල්ලා අස් විය.2001 දී රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු බ්‍රැඩ්මන්ට ඔහුගේ හුරුපුරුදු අග්‍රාමාත්‍ය ලේකම් තනතුර පිරිනැමූ අතර ඔහු එය අකමැත්තෙන් වුවද පිළිගත්තේය. මෙම කාලය තුළ ඔහු වික්‍රමසිංහ මහතා ගේ පාලනයේ, විශේෂයෙන්ම රජය සහ දෙමළ කොටි සංවිධානය අතර සාම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ  බලගතු චරිතයක් විය.  දිවා රාත්‍රියේ ඕනෑම වේලාවක අසීමිත කැපවීමෙන් තමන් සේවය කළ රාජ්‍ය නායකයින්ගේ   අවශ්‍යතා හා ගැටළු වලට ගැඹුරින් ඇහුම්කන් දීමට, ඒවාට නිසි  උපදේශන සහ විසදුම් ලබා දීමට ඔහු දක්වා ඇත්තේ ප්‍රශංසනීය සාමාර්ථතාවයකි.ඔහු දුෂ්කර ප්‍රදේශවල සේවය කළ අවස්ථාවන්හිදී  සාමාන්‍ය ජනතාවගේ  එදිනෙදා ජීවිතයේ යථාර්ථයන් සහ  ඔවුන්ගේ සියලු දුෂ්කරතා මැනවින් අවබෝධ කර ගැනීම උදෙසා ග්‍රාමීය ප්‍රදේශ වලට ගොස්  මුහුණට මුහුණ ලා ඔවුන් සමග කතා බහ කිරීමේ ක්‍රම වේදයක් අනුගමනය කළේය.ඔහු ඔවුන් දෙස දයාන්විත සැලකිල්ලක් යොමු කළ  අතර ඔවුන්ගේ එක් එක් ප්‍රශ්නවලට මූල හේතු හඳුනා ගනිමින් ඵලදායී විසඳුම් සෙවීමට උත්සුක විය. ඔහුගේ ජනතා සංවේදී දැක්ම බොහෝ දෙනෙකුගේ නොමද  සම්භාවනාවට  පාත්‍ර විය. මානව භක්තියෙන් පිරිපුන්  මෙම පරිපාලකයා පසු කාලයේ කීර්තිමත් ‘ දේශමාන්‍ය‘ යන නාමයෙන් පිදුම් ලැබීය                                                                     

බ්‍රැඩ්මන් ගේ ආදරණීය බිරිය දමයන්ති 2008 වසරේ මිය ගිය අතර ,එය .තමාට දරාගත නොහැකි සිද්ධියක් බව හේ සිය 

හිතවතුන් හා  පැවසුවේය.

තම  බිරිද දමයන්ති මැතිනියගේ  අභාවයෙන් පසු ඔහු තම  මුල් ළමාවිය ගත කළ කළුතර දිස්ත්‍රික්යේ පදිංචියට ගියේ සිය හුදකළා බව මගහැර ගැනීම  සදහා විය හැකිය.එහිදී කළුතර ප්‍රදේශය  ආශ්‍රයෙන් ශාස්ත්‍රීය කෘතියක් නිර්මාණය කෙරෙහි ඔහු සිත් යොමු වෙයි.කළුතර  මෙතෙක් ගවේෂණය නොකළ ඉතිහාසය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සහ  ප්‍රදේශයේ ජනතාව ගේ දෛනික දිවි පෙවෙත පිළිබදව අපුර්ව තොරතුරු මෙම ග්‍රන්ථයට පාදකව ඇත.

bradman weerasinghe - eLanka

සංනිවේදන උපාය මාර්ග “ යන ග්‍රන්ථය ඔහු අතින් ලියවෙන්නේ එම සේවා කාලය තුළය.

ප්‍රේක්ෂකාගාරයක් ආකර්ෂණය කර ගැනීමේ ගැඹුරු, තීක්ෂණ, ලෙන්ගතු,දයාබරිත   වාග් කෞශල්‍යයක් ඔහුට  සහජයෙන්ම උරුමව පැවතිණි. 

1983 කැරැල්ලේදී දෙමළ ජනයා ආරක්ෂා කිරීම සඳහා ඔහු තම ජීවිතය පවා පරදුවට තැබීය. ලේ පිපාසිත කැරලිකරුවන් විශාල පිරිසක් තම නිවස තුළ ආරක්ෂාව පතා  පැමිණ  ජීවත් වූ දෙමළ පවුල ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා ඔහුගේම නිවසේ ගේට්ටුව අසළට  පැමිණ  අරගල කළ  අයුරු බොහෝ දෙනෙක් නොදන්නා අප්‍රකට සිදුවීමකි.  බ්‍රැඩ්මන්  මහතා තම උපශාන්ත  ඉරියව්  පසෙකලා , නිර්භීතව  , තනිව සහ නිරායුධව මැර පිරිසට මුහුණ දීමට ගේට්ටුව අසලට පැමිණ දැඩි වාග් ප්‍රහාරයකින් ඔවුන් පලවා  හැරි අපුර්ව  අතීත සිදුවීමක් ඔහු  වරක් අප හා පැවසුවේ සුපුරුදු සිනා රැල්ල මුවගට නංවාලමිනි. .සිංහල දෙමළ . ගැටුමට  ද්විපාර්ශ්වයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහු උපායශීලී විය. මෙතෙක් භයානක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකූ දෙමළ කොටි සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරුට ඔහු සහ ඔහුගේ පවුලේ අය සමඟ ඔවුන්ගේ කොළඹ නිවසේ දිවා ආහාරය ගන්නා ලෙස ආරාධනා කළේය. මේ අවදානම් සහගත ආරාධනාව පිලිබදව පවුලේ   සමීපතමයන් ඔවුන්ගේ කම්පනය සහ  විරුද්ධතාවය ප්‍රකාශ කළ විට, ඔහු සරලව ප්‍රතිචාර දැක්වූයේ, ‘ඔහුව මගේම නිවසට ආරාධනා කිරීමට තරම් මම ඔහුව විශ්වාස කරන බව ඔහුට පසක් කර ගන්නට, හැඟෙන්නට මට ක්‍රියා කළ  නොහැකි නම්, මම කෙසේද? ඔහු මාව විශ්වාස කරයි කියා බලාපොරොත්තු වෙන්නේ?  අනෙක් අතට ඒ  අයට  මාව විශ්වාස නැත්නම් අපි කොහොමද සාමය ගැන කතා කරන්නේ?’ යනුවෙන් ඔහු දුන් පිළිතුර පවුලේ සමීපතමයන් නිහඩ කරවන සුළු විය. තම උපන්දේශයටත් ,විදේශයන්ටත්  සිවිල් සේවකයකු ලෙසින් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙසින් ද සිය    ජීවිත කාලය පුරාම සාමය හඹා යමින්   සැලසූ හෘදයාංගම  කීර්තිමත් මෙහෙවර යුග යුග ජනතා සිත් සතන්හී නින්නාද වනු නිසැක.

bradman weerasinghe - eLanka

2023 ඔක්තෝම්බර් 30 වන දින ,සිය 93 වන ජන්ම සංවත්සරය සමරණ පරිපාලන සේවා නියමුවාණනි , ධම්ම පදයේ  සුඛ වග්ගයේ පැණෙන  “ ආරෝග්‍යා පරමා ලාභා…” නිරන්තරයෙන් භුක්ති විදීමට ඔබතුමන් දිවිය පුරා   වාසනාව හිමි වනු නියති.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා සජීවීව දැක ගන්න,

ඔහුගේ  මිත්‍රශීලී,ලෙන්ගතු 

හඩ ශ්‍රවණයට, පහත දැක්වෙන යොමුවට 

පිවිසීම මැනවි.  

TAGGED:දමයන්ති ගුණසේකරබ්‍රැඩ්මන් වීරකෝන්රුවන් වීරකෝන්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article SR Creation - SR Creation: Sumane & Rukamli – Sydney Australia – 19/08/2023
Next Article Ajith Abeyratne 01 Sad News – Ajith Abeyratne (1968, Ryde)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Invitation-Press Conference - ACAP Stockbrokers
Articles

Invitation: Press Conference – ACAP Stockbrokers

Victor-Melder-
Articles Victor Melder

Victor Melder turns 90: Railwayman and bibliophile extraordinary-by Victor Melder

australian govement
Articles

Invitation to Information Sessions – Infrastructure for Multicultural Communities [SEC=OFFICIAL]

SriLankan Airlines Melbourne flights, Colombo to Melbourne flights 2026, SriLankan Airlines schedule Melbourne, Melbourne to Colombo flights, Sri Lanka Australia travel news, Sri Lankan diaspora Australia, flights from Sri Lanka to Australia, Bandaranaike International Airport transit hub, Sri Lanka tourism Australia market, Melbourne Sri Lankan community, UL604 UL605 UL608 UL609 schedule, SriLankan Airlines expansion 2026, travel between Colombo and Melbourne, Sri Lanka international students Australia, flights Sri Lanka to Melbourne frequency, Sri Lankan community Victoria Australia, Sri Lanka tourism growth Australia, Colombo transit hub South Asia, Sri Lanka Australia connectivity, eLanka news travel update
Articles

Connecting Cultures: SriLankan Airlines Boosts Melbourne Flights to 10 Weekly!

Sri Lanka's second-largest lagoon
Articles

The Scenic Splendour of Puttalam Lagoon: A Sanctuary of Biodiversity and History

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.